Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (285) سورت: بقرہ
اٰمَنَ الرَّسُوْلُ بِمَاۤ اُنْزِلَ اِلَیْهِ مِنْ رَّبِّهٖ وَالْمُؤْمِنُوْنَ ؕ— كُلٌّ اٰمَنَ بِاللّٰهِ وَمَلٰٓىِٕكَتِهٖ وَكُتُبِهٖ وَرُسُلِهٖ ۫— لَا نُفَرِّقُ بَیْنَ اَحَدٍ مِّنْ رُّسُلِهٖ ۫— وَقَالُوْا سَمِعْنَا وَاَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَاِلَیْكَ الْمَصِیْرُ ۟
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති වෙතින් තමන් වෙත පහළ කරනු ලැබූ සියලු දෑ විශ්වාස කළහ. එසේම සත්යය විශ්වාස කළ දේව විශ්වාසවන්තයෝද විශ්වාස කළෝය. ඔවුන් සියල්ලෝම විශ්වාස කළෝය. අල්ලාහ්ගේ සියලුම මලක්වරුන් පිළිබඳවත් ඔහු නබිවරුන්ට පහළ කළ ඔහුගේ සියලුම පුස්තක පිළිබඳවත් ඔහු එවූ සියලුම දහම් දූතවරුන් පිළිබඳවත් විශ්වාස කළෝය. එසේ විශ්වාස කරමින්: “අල්ලාහ්ගේ රසූල්වරුන් අතුරින් කිසිවකු අපි වෙන් කොට නොසලකමු” යැයි පැවසුවෝය. තවදුරටත් “ඔබ අපට කවර දෙයක් අණ කර සිටියේද අපි එයට සවන් දුනිමු. කවර දෙයක් අපට තහනම් කර සිටියේද එයින් අපි වැළකී සිටියෙමු. ඔබ කවර දෙයක් අණ කර සිටියේද එය ක්රියාවට නංවමින්ද ඔබ කවර දෙයකින් අප වැළැක්වූයේද එයින් වැළකී සිටිමින් අපි ඔබට අවනත වූයෙමු. අහෝ! අපගේ පරමාධිපතියාණනි, අපහට සමාව දෙනු මැනව! සැබැවින්ම අපගේ අවසන් නවාතැන ඔබ වෙත පමණය. අපගේ සියලු කටයුතු වලදී අපි යොමු විය යුත්තේ ඔබ වෙත පමණය.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• جواز أخذ الرهن لضمان الحقوق في حال عدم القدرة على توثيق الحق، إلا إذا وَثِقَ المتعاملون بعضهم ببعض.
•සත්යය තහවුරු කරගන්නට නොහැකි වාතාවරණයක් උදා වූ විට වගකීමට ඇපයක් වශයෙන් උකසක් ලබා ගැනීමේ අනුමැතිය. නමුත් ගනුදෙනුකරුවන් එකිනෙකා පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසුවන්නේ නම් එසේ අවශ්යතාවක් නැත.

• حرمة كتمان الشهادة وإثم من يكتمها ولا يؤديها.
සාක්ෂි සැඟවීමේ තහනම හා එය සඟවන්නාට හා ඒ අනුව කටයුතු නොකරන්නාට අත්වන පාපය.

• كمال علم الله تعالى واطلاعه على خلقه، وقدرته التامة على حسابهم على ما اكتسبوا من أعمال.
•අල්ලාහ්ගේ පූර්ණ දැනුම ඔහු තම මැවීම් කෙරෙහි නිරීක්ෂණය කිරීම, මිනිසා ඉපැයූ ක්රියාවන් විභාග කිරීමේ ඔහුගේ සම්පූර්ණ බලය විදහා පෑම.

• تقرير أركان الإيمان وبيان أصوله.
•විශ්වාසයේ මූලිකාංග සඳහා වූ දැනුම්දීමක් හා එහි මූලධර්ම පිළිබඳ විස්තරයක්.

• قام هذا الدين على اليسر ورفع الحرج والمشقة عن العباد، فلا يكلفهم الله إلا ما يطيقون، ولا يحاسبهم على ما لا يستطيعون.
•මෙම දහම පහසු ව මත පදනම් වූවකි. අතපසුවීම් වැරදි හා දුෂ්කරතා ගැත්තන්ගෙන් ඉවත් කර ඇත. එහෙයින් මිනිසාට දැරිය හැකි ප්රමාණයට මිස කිසිවක් ඔවුන් මත පටවන්නේ නැත. ඔවුනට දැරිය නොහැකි දෑ පිළිබඳ ඔවුන්ගෙන් ප්රශ්න කරනු ලබන්නේද නැත.

 
معانی کا ترجمہ آیت: (285) سورت: بقرہ
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ - ترجمے کی لسٹ

مرکز تفسیر للدراسات القرآنیۃ سے شائع ہوا ہے۔

بند کریں