Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (150) سورت: انعام
قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ الَّذِیْنَ یَشْهَدُوْنَ اَنَّ اللّٰهَ حَرَّمَ هٰذَا ۚ— فَاِنْ شَهِدُوْا فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ— وَلَا تَتَّبِعْ اَهْوَآءَ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَالَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ وَهُمْ بِرَبِّهِمْ یَعْدِلُوْنَ ۟۠
අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එසේ තහනම් කළේ අල්ලාහ් බව තර්ක කරන දේව ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. ඔබ තහනම් කළ කරුණ අල්ලාහ් තහනම් කර ඇති බවට ඔබ සාක්ෂි දරන ඔබේ සාධක ඉදිරිපත් කරනු. සැබැවින්ම අල්ලාහ් එය තහනම් කළ බවට කිසිදු දැනුමකින් තොරව ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් අහෝ දූතය! ඔබ ඔවුන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ඔවුන් සත්ය වාදීන් යැයි නොපවසනු. හේතුව එය සැබවින්ම බොරු සාක්ෂියක් වන බැවිණි. තම ආශාවන්ට වහල් වී තීන්දු පතන්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ඔවුනට අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් විසින් තහනම් කළ අවස්ථාවේ ඔවුහු අපගේ වදන් බොරු කළෝය. මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන අය ව ඔබ අනුගමනය නොකරනු. ඔවුහු තම පරමාධිපතිට ආදේශ කරති. වෙනත් අයට සමාන කරති. තම පරමාධිපති සමග මෙසේ කටයුතු කරන්නන් අනුගමනය කරනු ලබන්නේ කෙසේද?
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• الحذر من الجرائم الموصلة لبأس الله؛ لأنه لا يُرَدُّ بأسه عن القوم المجرمين إذا أراده.
•අල්ලාහ්ගේ දඬුවම් ගෙනදෙන වැරදිවලින් ප්රවේසම් වීම. ඊට හේතුව වැරදිකරන පිරිසකට ඔහු දඬුවම් කරන්නට අභිමත කළේ නම් ඔහුගේ එම දඬුවම කිසිවිටෙක හරවා යවනු නොලැබේ.

• الاحتجاج بالقضاء والقدر بعد أن أعطى الله تعالى كل مخلوق قُدْرة وإرادة يتمكَّن بهما من فعل ما كُلِّف به؛ ظُلْمٌ مَحْض وعناد صرف.
•තමන්ට පවරන ලද දෑ තම හැකියාවේ හා ශක්තියේ තරමට ඉටු කිරීම සඳහා සිතීමේ හැකියාව හා ශක්තිය අල්ලාහ් පිරිනැමුවායින් පසු පෙර නියමය හා න්යාය සාධකයක් ලෙස ගැනීම මහා අපරාධයක් මෙන්ම මහා මුරණ්ඩුකමකි.

• دَلَّتِ الآيات على أنه بحسب عقل العبد يكون قيامه بما أمر الله به.
•සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් අණ කර සිටියේද ඒ අනුව ගැත්තාගේ බුද්ධි මට්ටමේ තරමට ඔහුගේ ක්රියාවන් පිහිටන බව මෙම වදන් පෙන්වා දෙති.

• النهي عن قربان الفواحش أبلغ من النهي عن مجرد فعلها، فإنه يتناول النهي عن مقدماتها ووسائلها الموصلة إليها.
•අශික්ෂිත දෑට ළංවීමෙන් වැළකී සිටීම, එම ක්රියාව සිදු කළ වහාම එයින් වැළකීමට වඩා අති මහත්ය. සැබැවින්ම එය එහි ආරම්භයේදීම වළක්වන අතර ඒ සඳහා කැටුව යන සාධකවලින්ද වළක්වමින් කටයුතු කරනු ඇත.

 
معانی کا ترجمہ آیت: (150) سورت: انعام
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ - ترجمے کی لسٹ

مرکز تفسیر للدراسات القرآنیۃ سے شائع ہوا ہے۔

بند کریں