Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (57) سورت: اعراف
وَهُوَ الَّذِیْ یُرْسِلُ الرِّیٰحَ بُشْرًاۢ بَیْنَ یَدَیْ رَحْمَتِهٖ ؕ— حَتّٰۤی اِذَاۤ اَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنٰهُ لِبَلَدٍ مَّیِّتٍ فَاَنْزَلْنَا بِهِ الْمَآءَ فَاَخْرَجْنَا بِهٖ مِنْ كُلِّ الثَّمَرٰتِ ؕ— كَذٰلِكَ نُخْرِجُ الْمَوْتٰی لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
උත්තරීතර අල්ලාහ් වර්ෂාව ගැන ශුභාරංචි දන්වන්නක් ලෙස සුළග එවයි. ජලයෙන් බර වූ වලාකුළු සුළඟ උසුලාගෙන පැමිණි විට නියං ගමකට එම වලාකුළු පහළ කරන්නෙමු. එමගින් ගමට ජලය පතිත වී එම ජලයෙන් සියලුම වර්ගයේ බවභෝග අපි හටගන්වන්නෙමු. මෙයාකාරයෙන් භෝග හට ගන්වන්නාක් මෙන්ම මියගිය ඇත්තන් ඔවුන්ගේ මිණීවලවල්වලින් ජීවමානයන් ලෙස අපි බැහැර කරන්නෙමු. අහෝ ජනයිනි! අපි එසේ කරනුයේ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීමේ ආරම්භය ගැන ඔබ මෙනෙහි කිරීමටත් සැබැවින්ම එසේ කළ හැකි අල්ලාහ්ට මියගියවුන්ට යළි ප්රාණය දීමේ ශක්තිය ඔහු සතු බවත් ඔබ මෙනෙහි කරනු පිණිසය.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• القرآن الكريم كتاب هداية فيه تفصيل ما تحتاج إليه البشرية، رحمة من الله وهداية لمن أقبل عليه بقلب صادق.
ශුද්ධ වූ අල් කුර්ආනය මාර්ගෝපදේශයකි. මිනිස් වර්ගයාට අවශ්ය සියලු දෑ එහි විස්තර කර ඇත. එය අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයක් මෙන්ම හෘද සාක්ෂියට එකඟ ව ඒ වෙත යොමුවන්නන්හට මඟ පෙන්වන්නකි.

• خلق الله السماوات والأرض في ستة أيام لحكمة أرادها سبحانه، ولو شاء لقال لها: كوني فكانت.
අල්ලාහ් අපේක්ෂා කළ යම් ප්රඥාවක් සඳහා අහස් හා මහපොළොව දින සයක් තුළ ඔහු මැව්වේය. අල්ලාහ් අභිමත කළේ නම් එයට "වනු" යැයි පවසා තිබුණ ද එය සිදුවී තිබේ.

• يتعين على المؤمنين دعاء الله تعالى بكل خشوع وتضرع حتى يستجيب لهم بفضله.
බියෙන් හා බැතියෙන් බැගෑපත් ව අල්ලාහ්ගෙන් අයදින ප්රාර්ථනාවන් ඔහුගේ මහිමයෙන් ඔහු ව විශ්වාස කරන්නන්හට පිළිතුරු දෙනු ලබන්නක් බවට පත් වේ.

• الفساد في الأرض بكل صوره وأشكاله منهيٌّ عنه.
සියලුම ආකාරයන්ගෙන් හා ස්වරූපයන්ගෙන් මහපොළොවේ සිදු කරනු ලබන කලහකාරීකම් තහනම් කරනු ලැබ ඇත.

 
معانی کا ترجمہ آیت: (57) سورت: اعراف
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ - ترجمے کی لسٹ

مرکز تفسیر للدراسات القرآنیۃ سے شائع ہوا ہے۔

بند کریں