Check out the new design

قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (34) سورت: انفال
وَمَا لَهُمْ اَلَّا یُعَذِّبَهُمُ اللّٰهُ وَهُمْ یَصُدُّوْنَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوْۤا اَوْلِیَآءَهٗ ؕ— اِنْ اَوْلِیَآؤُهٗۤ اِلَّا الْمُتَّقُوْنَ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
මස්ජිදුල් හරාම් දේවස්ථානයේ ජනයා සලාතය ඉටු කිරීමෙන් හා එහි තවාෆ් කිරීමෙන් වැළැක්වීම හේතුවෙන් ඔවුන් දඬුවම අනිවාර්යය කරන තරමින් පාපයන් කරමින් සිටියදී ඔවුනට අත්වන දඬුවමින් වළක්වනුයේ කුමක් ද? දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ගේ සමීපතයින් නොවීය. අල්ලාහ්ගේ නියෝග ඉටු කරමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කළ දැහැමියන් මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ සමීපතයින් වන්නේ නැත. නමුත් දේව ආදේශකයින් තමන් අල්ලාහ්ගේ සමීපතයින් බවට වාද කළ අවස්ථාවේ ඔවුන් බහුතරයක් දෙනා ඔහුගේ සමීපතයින් නොවන බව ඔවුහු නොදනිති.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• الصد عن المسجد الحرام جريمة عظيمة يستحق فاعلوه عذاب الدنيا قبل عذاب الآخرة.
•හරාම් දේවස්ථානයෙන් ජනයා වැළැක්වීම අතිමහත් වරදකි. එවන් කටයුත්තක් සිදු කරන්නාහට මතු ලොව හිමි වන දඬුවමට පෙර මෙලොව දඬුවම උරුමවනු ඇත.

• عمارة المسجد الحرام وولايته شرف لا يستحقه إلّا أولياء الله المتقون.
•හරාම් දේවස්ථානය නඩත්තු කිරීම හා එහි වගකීම් දැරීම ඉමහත් ගෞරවයකි. අල්ලාහ්ගේ හිතවත්, භක්තිමත් අය මිස වෙනත් කිසිවකු ඒ සඳහා සුදුසු නැත.

• في الآيات إنذار للكافرين بأنهم لا يحصلون من إنفاقهم أموالهم في الباطل على طائل، وسوف تصيبهم الحسرة وشدة الندامة.
•සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ඔවුන් ව්යාජ දෑහි වියදම් කරන ඔවුන්ගේ ධනය දිගු වාසියක් නොලැබෙන බවට හා ඔවුන් මතුවට අලාභය හා දැඩි කණස්සල්ලට පත්වනු ඇති බවට වූ අවවාදයක් මෙම පාඨ වල සඳහන් වී ඇත.

• دعوة الله تعالى للكافرين للتوبة والإيمان دعوة مفتوحة لهم على الرغم من استمرار عنادهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට, තව්බාව හෙවත් පාප ක්ෂමාව හා ඊමාන් හෙවත් දේව විශ්වාසය වෙත කළ අල්ලාහ්ගේ ඇරයුම, දිගටම පැවතුණු ඔවුන්ගේ දඬබ්බරකම පවා නොතකා ඔවුනට විවෘත ව කෙරුණු ඇරයුමකි.

• من كان الله مولاه وناصره فلا خوف عليه، ومن كان الله عدوًّا له فلا عِزَّ له.
•අල්ලාහ් කවරෙකුගේ භාරකරු හා උදව් කරු වූයේ ද ඔහුට කිසිදු බියක් නැත. අල්ලාහ් කවරෙකුට සතුරෙකු වූයේ ද ඔහුට කිසිදු ගෞරවයක් නැත.

 
معانی کا ترجمہ آیت: (34) سورت: انفال
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - المختصر فی تفسیر القرآن الکریم کا سنہالی ترجمہ - ترجمے کی لسٹ

مرکز تفسیر للدراسات القرآنیۃ سے شائع ہوا ہے۔

بند کریں