Check out the new design

Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази * - Таржималар мундарижаси

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Маънолар таржимаси Сура: Анъом   Оят:
فَمَنْ یُّرِدِ اللّٰهُ اَنْ یَّهْدِیَهٗ یَشْرَحْ صَدْرَهٗ لِلْاِسْلَامِ ۚ— وَمَنْ یُّرِدْ اَنْ یُّضِلَّهٗ یَجْعَلْ صَدْرَهٗ ضَیِّقًا حَرَجًا كَاَنَّمَا یَصَّعَّدُ فِی السَّمَآءِ ؕ— كَذٰلِكَ یَجْعَلُ اللّٰهُ الرِّجْسَ عَلَی الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ ۟
අල්ලාහ් කවරෙකුට මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද කවරෙකුව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේ ද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නො කරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙස ය.
Арабча тафсирлар:
وَهٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِیْمًا ؕ— قَدْ فَصَّلْنَا الْاٰیٰتِ لِقَوْمٍ یَّذَّكَّرُوْنَ ۟
මෙය නුඹගේ පරමාධිපතිගේ ඍජු මාර්ගය වේ. උපදෙස් ලබන ජනයාට සැබැවින් ම අපි මෙම සාධක පැහැදිලි කළෙමු.
Арабча тафсирлар:
لَهُمْ دَارُ السَّلٰمِ عِنْدَ رَبِّهِمْ وَهُوَ وَلِیُّهُمْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුනට අල්ලාහ් වෙතින් වූ (ස්වර්ගය හෙවත්) ශාන්තියේ නිවහන ඇත. ඔවුහු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරු ඔහුම විය.
Арабча тафсирлар:
وَیَوْمَ یَحْشُرُهُمْ جَمِیْعًا ۚ— یٰمَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِّنَ الْاِنْسِ ۚ— وَقَالَ اَوْلِیٰٓؤُهُمْ مِّنَ الْاِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَّبَلَغْنَاۤ اَجَلَنَا الَّذِیْۤ اَجَّلْتَ لَنَا ؕ— قَالَ النَّارُ مَثْوٰىكُمْ خٰلِدِیْنَ فِیْهَاۤ اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— اِنَّ رَبَّكَ حَكِیْمٌ عَلِیْمٌ ۟
ඔවුන් සියල්ල ඔහු එක්රැස් කරන දින අහෝ ජින් සමූහයනි! මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනා (නොමඟ යවා) නුඹලා අධික කර ගත්තෙහු ය. මිනිසුන් අතුරින් වූ ඔවුන්ගේ සමීපතයින් "අපගේ පරමාධිපතියාණනි! අපගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් ඵල ප්‍රයෝජන ලබා ගත්හ". තවද "අප වෙත නුඹ නියම කළ කාල සීමාව ළඟා විය" යැයි පවසති. (එවිට) නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. අල්ලාහ් අභිමත කළ (ඇතැම්) අය හැර ඔවුහු එහි සදාතනිකයින් වෙති. සැබැවින් ම නුඹගේ පරමාධිපති ප්‍රඥාවන්ත ය. සර්ව ඥානීය යැයි (ඔහු) පවසයි.
Арабча тафсирлар:
وَكَذٰلِكَ نُوَلِّیْ بَعْضَ الظّٰلِمِیْنَ بَعْضًا بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟۠
තවද එ ලෙස අපරාධ කරුවන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි හිතමිතුරන් බවට පත් කරමු.
Арабча тафсирлар:
یٰمَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اَلَمْ یَاْتِكُمْ رُسُلٌ مِّنْكُمْ یَقُصُّوْنَ عَلَیْكُمْ اٰیٰتِیْ وَیُنْذِرُوْنَكُمْ لِقَآءَ یَوْمِكُمْ هٰذَا ؕ— قَالُوْا شَهِدْنَا عَلٰۤی اَنْفُسِنَا وَغَرَّتْهُمُ الْحَیٰوةُ الدُّنْیَا وَشَهِدُوْا عَلٰۤی اَنْفُسِهِمْ اَنَّهُمْ كَانُوْا كٰفِرِیْنَ ۟
අහෝ ජින් හා මිනිස් සමූහයනි! මාගේ වදන් නුඹලාට කියා පා නුඹලාගේ මෙදින හමු වීම ගැන නුඹලාට අනතුරු අඟවමින් නුඹලා අතුරින් ම වූ රසූල්වරු (ධර්ම දූතයින්) නුඹලා වෙත නො පැමිණියේ ද? (එවිට) ඔවුහු එසේ ය "අපට එරෙහිව අපි ම සාක්ෂි දරන්නෙමු" යැයි පවසති. මෙලොව ජීවිතය ඔවුන්ව රවටා දැමී ය. සැබැවින් ම ඔවුන් ප්‍රතික්ෂේපකයින් ලෙස සිටි බව ඔවුන් ඔවුන්ට ම එරෙහිව සාක්ෂි දරනු ඇත.
Арабча тафсирлар:
 
Маънолар таржимаси Сура: Анъом
Суралар мундарижаси Бет рақами
 
Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази - Таржималар мундарижаси

Таржимаси Рувод таржима маркази жамоаси томонидан Рубва даъват жамияти ва Исломий мазмунни тилларда хизмат қилиш жамияти билан ҳамкорликда амалга оширилди.

Ёпиш