Check out the new design

Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази * - Таржималар мундарижаси

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Маънолар таржимаси Сура: Аъроф   Оят:

අල් අඃරාෆ්

الٓمّٓصٓ ۟ۚ
අලිෆ්, ලාම්, මීම්, සාද්. (මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න).
Арабча тафсирлар:
كِتٰبٌ اُنْزِلَ اِلَیْكَ فَلَا یَكُنْ فِیْ صَدْرِكَ حَرَجٌ مِّنْهُ لِتُنْذِرَ بِهٖ وَذِكْرٰی لِلْمُؤْمِنِیْنَ ۟
(නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයයි. නුඹ එමඟින් අනතුරු අඟවනු පිණිස මේ සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිදු පැකිලීමක් ඇති නො විය යුතු ය. තවද (මෙය) දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසකි.
Арабча тафсирлар:
اِتَّبِعُوْا مَاۤ اُنْزِلَ اِلَیْكُمْ مِّنْ رَّبِّكُمْ وَلَا تَتَّبِعُوْا مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ ؕ— قَلِیْلًا مَّا تَذَكَّرُوْنَ ۟
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නො කරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ.
Арабча тафсирлар:
وَكَمْ مِّنْ قَرْیَةٍ اَهْلَكْنٰهَا فَجَآءَهَا بَاْسُنَا بَیَاتًا اَوْ هُمْ قَآىِٕلُوْنَ ۟
තවද ගම්මාන කොපමණ ප්‍රමාණයක් අප විනාශ කර ඇත්තෙමු ද? අපගේ දඬුවම ඔවුන් රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලයේ මද නින්දක වැටී සිටියදී ඒ වෙත පැමිණියේ ය.
Арабча тафсирлар:
فَمَا كَانَ دَعْوٰىهُمْ اِذْ جَآءَهُمْ بَاْسُنَاۤ اِلَّاۤ اَنْ قَالُوْۤا اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟
තවද අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ "අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු" යැයි පැවසීම මිස ඔවුන්ගේ විලාපය නො වීය.
Арабча тафсирлар:
فَلَنَسْـَٔلَنَّ الَّذِیْنَ اُرْسِلَ اِلَیْهِمْ وَلَنَسْـَٔلَنَّ الْمُرْسَلِیْنَ ۟ۙ
එබැවින් කවුරුන් වෙත (ධර්ම දූතවරුන්) එවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින් ම අපි විමසන්නෙමු. එමෙන් ම එවනු ලැබූවන්ගෙන් ද අපි විමසන්නෙමු.
Арабча тафсирлар:
فَلَنَقُصَّنَّ عَلَیْهِمْ بِعِلْمٍ وَّمَا كُنَّا غَآىِٕبِیْنَ ۟
තවද ඥානාන්විතව අපි ඔවුනට (ඔවුන් කළ දෑ) විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟ වී සිටින්නන් නො වූයෙමු.
Арабча тафсирлар:
وَالْوَزْنُ یَوْمَىِٕذِ ١لْحَقُّ ۚ— فَمَنْ ثَقُلَتْ مَوَازِیْنُهٗ فَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
තුලනය එදින සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්‍රාහකයෝ ඔවුහු ම ය.
Арабча тафсирлар:
وَمَنْ خَفَّتْ مَوَازِیْنُهٗ فَاُولٰٓىِٕكَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ بِمَا كَانُوْا بِاٰیٰتِنَا یَظْلِمُوْنَ ۟
තවද කවරෙකුගේ තුලාවන් බරින් අඩු වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳව අසාධාරණ ලෙස ක්‍රියා කළ හේතුවෙන් ඔවුහු ඔවුන්ට ම අලාභහානි කර ගත්තෝ වූහ.
Арабча тафсирлар:
وَلَقَدْ مَكَّنّٰكُمْ فِی الْاَرْضِ وَجَعَلْنَا لَكُمْ فِیْهَا مَعَایِشَ ؕ— قَلِیْلًا مَّا تَشْكُرُوْنَ ۟۠
තවද සැබැවින් ම අපි නුඹලාට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. එමෙන් ම එහි නුඹලාට ජීවනෝපාය ද ඇති කළෙමු. නුඹලා කෘතඥවනුයේ ස්වල්පයකි.
Арабча тафсирлар:
وَلَقَدْ خَلَقْنٰكُمْ ثُمَّ صَوَّرْنٰكُمْ ثُمَّ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ ۖۗ— فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ— لَمْ یَكُنْ مِّنَ السّٰجِدِیْنَ ۟
තවද සැබැවින් ම අපි නුඹලා මවා පසුව නුඹලා හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා ආදම්ට සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්හට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර සෙස්සෝ සුජූද් කළෝ ය. ඔහු සිරස නමන්නන් අතරින් නො වීය.
Арабча тафсирлар:
 
Маънолар таржимаси Сура: Аъроф
Суралар мундарижаси Бет рақами
 
Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази - Таржималар мундарижаси

Таржимаси Рувод таржима маркази жамоаси томонидан Рубва даъват жамияти ва Исломий мазмунни тилларда хизмат қилиш жамияти билан ҳамкорликда амалга оширилди.

Ёпиш