Check out the new design

Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази * - Таржималар мундарижаси

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Маънолар таржимаси Сура: Фажр   Оят:

අල් ෆජ්ර්

وَالْفَجْرِ ۟ۙ
අරුණෝදය මත ද දිවුරමින්.
Арабча тафсирлар:
وَلَیَالٍ عَشْرٍ ۟ۙ
දස රාත්‍රියන් මත ද දිවුරමින්.
Арабча тафсирлар:
وَّالشَّفْعِ وَالْوَتْرِ ۟ۙ
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
Арабча тафсирлар:
وَالَّیْلِ اِذَا یَسْرِ ۟ۚ
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
Арабча тафсирлар:
هَلْ فِیْ ذٰلِكَ قَسَمٌ لِّذِیْ حِجْرٍ ۟ؕ
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
Арабча тафсирлар:
اَلَمْ تَرَ كَیْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ۟
ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?
Арабча тафсирлар:
اِرَمَ ذَاتِ الْعِمَادِ ۟
(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
Арабча тафсирлар:
الَّتِیْ لَمْ یُخْلَقْ مِثْلُهَا فِی الْبِلَادِ ۟
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය.
Арабча тафсирлар:
وَثَمُوْدَ الَّذِیْنَ جَابُوا الصَّخْرَ بِالْوَادِ ۟
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
Арабча тафсирлар:
وَفِرْعَوْنَ ذِی الْاَوْتَادِ ۟
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?)
Арабча тафсирлар:
الَّذِیْنَ طَغَوْا فِی الْبِلَادِ ۟
ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.
Арабча тафсирлар:
فَاَكْثَرُوْا فِیْهَا الْفَسَادَ ۟
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය.
Арабча тафсирлар:
فَصَبَّ عَلَیْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ۟ۚۙ
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය.
Арабча тафсирлар:
اِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ ۟ؕ
සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය.
Арабча тафсирлар:
فَاَمَّا الْاِنْسَانُ اِذَا مَا ابْتَلٰىهُ رَبُّهٗ فَاَكْرَمَهٗ وَنَعَّمَهٗ ۙ۬— فَیَقُوْلُ رَبِّیْۤ اَكْرَمَنِ ۟ؕ
එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
Арабча тафсирлар:
وَاَمَّاۤ اِذَا مَا ابْتَلٰىهُ فَقَدَرَ عَلَیْهِ رِزْقَهٗ ۙ۬— فَیَقُوْلُ رَبِّیْۤ اَهَانَنِ ۟ۚ
තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
Арабча тафсирлар:
كَلَّا بَلْ لَّا تُكْرِمُوْنَ الْیَتِیْمَ ۟ۙ
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය.
Арабча тафсирлар:
وَلَا تَحٰٓضُّوْنَ عَلٰی طَعَامِ الْمِسْكِیْنِ ۟ۙ
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය.
Арабча тафсирлар:
وَتَاْكُلُوْنَ التُّرَاثَ اَكْلًا لَّمًّا ۟ۙ
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය.
Арабча тафсирлар:
وَّتُحِبُّوْنَ الْمَالَ حُبًّا جَمًّا ۟ؕ
එමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය.
Арабча тафсирлар:
كَلَّاۤ اِذَا دُكَّتِ الْاَرْضُ دَكًّا دَكًّا ۟ۙ
එසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
Арабча тафсирлар:
وَّجَآءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۟ۚ
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය.
Арабча тафсирлар:
 
Маънолар таржимаси Сура: Фажр
Суралар мундарижаси Бет рақами
 
Қуръони Карим маъноларининг таржимаси - Синҳолийча таржима - Таржимонлар маркази - Таржималар мундарижаси

Таржимаси Рувод таржима маркази жамоаси томонидан Рубва даъват жамияти ва Исломий мазмунни тилларда хизмат қилиш жамияти билан ҳамкорликда амалга оширилди.

Ёпиш