Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 哈格   段:
وَّلَا طَعَامٌ اِلَّا مِنْ غِسْلِیْنٍ ۟ۙ
නිරා වැසියන්ගේ ශරීරවලින් ගලනා සැරව හැර අනුභව කරන වෙනත් කිසිදු අහරක් ඔහුට නැත.
阿拉伯语经注:
لَّا یَاْكُلُهٗۤ اِلَّا الْخَاطِـُٔوْنَ ۟۠
පාපකම් හා වැරදි කළ ජනයා මිස වෙනත් කිසිවකු එම ආහාර අනුභව කරන්නේ නැත.
阿拉伯语经注:
فَلَاۤ اُقْسِمُ بِمَا تُبْصِرُوْنَ ۟ۙ
නුඹලා දෑසින් දකින දෑ මත අල්ලාහ් දිවුරා සිටියි.
阿拉伯语经注:
وَمَا لَا تُبْصِرُوْنَ ۟ۙ
එමෙන්ම නුඹලා දෑසින් නොදකින දෑ මත ද දිවුරා සිටියි.
阿拉伯语经注:
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۚۙ
සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදනයි. ඔහුගේ ගෞරවයනීය දූතයා එය ජනයාට කියවා පෙන්වයි.
阿拉伯语经注:
وَّمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ؕ— قَلِیْلًا مَّا تُؤْمِنُوْنَ ۟ۙ
එය කවියෙකුගේ ප්රකාශයක් නොවේ. හේතුව එයට කවියක පෙළගැස්මක් නැති බැවිනි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයක් පමණි.
阿拉伯语经注:
وَلَا بِقَوْلِ كَاهِنٍ ؕ— قَلِیْلًا مَّا تَذَكَّرُوْنَ ۟ؕ
එය හූනියම් කරුවකුගේ ප්රකාශයක් ද නොවේ. හූනියම් කරුවන්ගේ ප්රකාශය මෙම කුර්ආනයට අතිශයින් වෙනස් කරුණකි. නුඹලා මෙනෙහි කරනුයේ ස්වල්පයක් පමණි.
阿拉伯语经注:
تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
එනමුත් එය සියලුම මැවීම් හි පරමාධිපතිගෙන් පහළ වූවකි.
阿拉伯语经注:
وَلَوْ تَقَوَّلَ عَلَیْنَا بَعْضَ الْاَقَاوِیْلِ ۟ۙ
අප සඳහන් නොකළා වූ ඇතැම් ප්රකාශ මුහම්මද් අප මත ගොතා පැවසුවේ නම්,
阿拉伯语经注:
لَاَخَذْنَا مِنْهُ بِالْیَمِیْنِ ۟ۙ
ඔහුට අපි සමසේ ප්රතිචාර දක්වමු. ඉතා තදින් හා බලවත් ලෙස අපි ඔහුව ග්රහණය කරන්නෙමු.
阿拉伯语经注:
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِیْنَ ۟ؗۖ
පසුව අපි හදවත හා බැඳී පවතින නහර ඔහුගෙන් කපා හරින්නෙමු.
阿拉伯语经注:
فَمَا مِنْكُمْ مِّنْ اَحَدٍ عَنْهُ حٰجِزِیْنَ ۟
ඔහු සම්බන්ධයෙන් අප ව වළක්වන කිසිවකු නුඹලා අතර නොසිටිනු ඇත. නුඹලා හේතු කර ගනිමින් අප මත ප්රබන්ධයන් ගොතා පැවසීම ඉතා දුරස් විය.
阿拉伯语经注:
وَاِنَّهٗ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِیْنَ ۟
ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින්, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරනුන් හට සැබැවින්ම අල් කුර්ආනය උපදෙසකි.
阿拉伯语经注:
وَاِنَّا لَنَعْلَمُ اَنَّ مِنْكُمْ مُّكَذِّبِیْنَ ۟
නුඹලා අතර අල් කුර්ආනය බොරු කරන මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
阿拉伯语经注:
وَاِنَّهٗ لَحَسْرَةٌ عَلَی الْكٰفِرِیْنَ ۟
සැබැවින්ම අල් කුර්ආනය බොරු කිරීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පසු තැවීමට ලක් කෙරේ.
阿拉伯语经注:
وَاِنَّهٗ لَحَقُّ الْیَقِیْنِ ۟
සැබැවින්ම අල් කුර්ආනය සැබෑ යථාර්ථයකි. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවට කිසිදු සැකයක් හෝ කිසිදු කුතුහලයක් හෝ නැත.
阿拉伯语经注:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠
අහෝ දූතය, ඔබේ පරමාධිපතිට නොඈදුණු දැයින් ඔහුව පිවිතුරු කරනු. එමෙන්ම ඔබේ සර්වබලධාරී පරමාධිපතිගේ නාමය මෙනෙහි කරනු.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تنزيه القرآن عن الشعر والكهانة.
•අල් කුර්ආනය කවි හා හූනියමින් තොර වූවක් බව පවසා පිවිතුරු කරයි.

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
•සුවිශුද්ධ වූ අල්ලාහ් කෙරෙහි පද ගෙතීමේ හා ප්රබන්ධයන් පැවසීමේ වරද පෙන්වාදීම.

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
•අල්ලාහ්ගෙන් වූ ප්රතිඵල අපේක්ෂා කරන, වෙනත් කිසිවකුට පැමිණිලි නො කරන අලංකාර ඉවසීම.

 
含义的翻译 章: 哈格
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭