Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
وَلَنْ تَرْضٰی عَنْكَ الْیَهُوْدُ وَلَا النَّصٰرٰی حَتّٰی تَتَّبِعَ مِلَّتَهُمْ ؕ— قُلْ اِنَّ هُدَی اللّٰهِ هُوَ الْهُدٰی ؕ— وَلَىِٕنِ اتَّبَعْتَ اَهْوَآءَهُمْ بَعْدَ الَّذِیْ جَآءَكَ مِنَ الْعِلْمِ ۙ— مَا لَكَ مِنَ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟ؔ
යුදෙව්වෝ ද, කිතුනුවෝ ද ඔවුන්ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තියට පත් නො වෙති. (නබිවරය) පවසනු. "සැබැවින් ම අල්ලාහ්ගේ යහ මග, එය මය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙහි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹට නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یَتْلُوْنَهٗ حَقَّ تِلَاوَتِهٖ ؕ— اُولٰٓىِٕكَ یُؤْمِنُوْنَ بِهٖ ؕ— وَمَنْ یَّكْفُرْ بِهٖ فَاُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟۠
කවරෙකුට අප දේව ග්‍රන්ථය පිරිනැමුවේ ද ඔවුන් එය පාරායනය කළ යුතු නියම අයුරින් පාරායනය කරති. ඔවුහු එය විශ්වාස කරති. තවද කවරෙක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවැන්නන් වන ඔවුහු මය අලාභවන්තයෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اذْكُرُوْا نِعْمَتِیَ الَّتِیْۤ اَنْعَمْتُ عَلَیْكُمْ وَاَنِّیْ فَضَّلْتُكُمْ عَلَی الْعٰلَمِیْنَ ۟
අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය මෙනෙහි කරනු. තවද සැබැවින් ම මම නුඹලාව ලෝ වැසියන්ට වඩා උසස් කළෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّقُوْا یَوْمًا لَّا تَجْزِیْ نَفْسٌ عَنْ نَّفْسٍ شَیْـًٔا وَّلَا یُقْبَلُ مِنْهَا عَدْلٌ وَّلَا تَنْفَعُهَا شَفَاعَةٌ وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟
තවද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති, එයින් කිසිදු වන්දියක් පිළිගනු නො ලබන, එයින් කිසිදු මැදිහත් වීමක් ප්‍රයෝජනවත් නො වන ඔවුන් (එදින) උදව් කරනු නො ලබන දිනයකට නුඹලා බිය වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذِ ابْتَلٰۤی اِبْرٰهٖمَ رَبُّهٗ بِكَلِمٰتٍ فَاَتَمَّهُنَّ ؕ— قَالَ اِنِّیْ جَاعِلُكَ لِلنَّاسِ اِمَامًا ؕ— قَالَ وَمِنْ ذُرِّیَّتِیْ ؕ— قَالَ لَا یَنَالُ عَهْدِی الظّٰلِمِیْنَ ۟
ඉබ්‍රාහීම් ව ඔහු ගේ පරමාධිපති වදන් කිහිපයකින් පිරික්සුම ට ලක් කළ අවස්ථා ව (සිහිපත් කරනු.) එවිට ඔහු ඒවා සම්පූර්ණ කළේ ය. සැබැවින් ම මම නුඹ ව ජනයා ට මෙහෙයුම් කරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය. මාගේ පරපුරින් ද (එසේ පත් කරනු මැනව!) යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය. අපරාධකරුවන් ට මාගේ ප්‍රතිඥාව හිමි නොවන්නේ යැයි ඔහු පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ جَعَلْنَا الْبَیْتَ مَثَابَةً لِّلنَّاسِ وَاَمْنًا ؕ— وَاتَّخِذُوْا مِنْ مَّقَامِ اِبْرٰهٖمَ مُصَلًّی ؕ— وَعَهِدْنَاۤ اِلٰۤی اِبْرٰهٖمَ وَاِسْمٰعِیْلَ اَنْ طَهِّرَا بَیْتِیَ لِلطَّآىِٕفِیْنَ وَالْعٰكِفِیْنَ وَالرُّكَّعِ السُّجُوْدِ ۟
තවද සිහිපත් කරනු. එම නිවස (මක්කාවේ පිහිටි කඃබාව) ජනයාට සක්මන් කරන ස්ථානයක් ලෙස ද, අභයදායී ලෙස ද අපි පත් කළෙමු. තවද නුඹලා ඉබ්රාහීම්ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. මාගේ නිවස තවාෆ් (කඃබාව වටා ගමන්) කරන්නන්ට ද, ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන්ට ද, රුකූඋ කරන්නන්ට ද, සුජූද් කරන්නන්ට ද පවිත්‍ර කර තබන මෙන් ඉබ්රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනාගෙන් අපි පොරොන්දු ලබා ගත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّ اجْعَلْ هٰذَا بَلَدًا اٰمِنًا وَّارْزُقْ اَهْلَهٗ مِنَ الثَّمَرٰتِ مَنْ اٰمَنَ مِنْهُمْ بِاللّٰهِ وَالْیَوْمِ الْاَخِرِ ؕ— قَالَ وَمَنْ كَفَرَ فَاُمَتِّعُهٗ قَلِیْلًا ثُمَّ اَضْطَرُّهٗۤ اِلٰی عَذَابِ النَّارِ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
“මාගේ පරමාධිපතියාණනි! මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ්ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන්ට බවභෝගවලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු (අල්ලාහ් මෙසේ) පැවසී ය. “තවද කවරෙකු
ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලකට ඔහුට බුක්ති විඳින්නට ඉඩ හරිමි. පසුව ඔහුව මම නිරා ගින්නේ දඬුවමට යොමු කරන්නෙමි." එම පිවිසුම් ස්ථානය නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ ረቦዋ የዳዋ ማህበር እና ከ እስላማዊ ይዘት አገልግሎት ማህበር ጋር በመተባበር የተረጎመ።

መዝጋት