Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ   አንቀጽ:
وَاقْتُلُوْهُمْ حَیْثُ ثَقِفْتُمُوْهُمْ وَاَخْرِجُوْهُمْ مِّنْ حَیْثُ اَخْرَجُوْكُمْ وَالْفِتْنَةُ اَشَدُّ مِنَ الْقَتْلِ ۚ— وَلَا تُقٰتِلُوْهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتّٰی یُقٰتِلُوْكُمْ فِیْهِ ۚ— فَاِنْ قٰتَلُوْكُمْ فَاقْتُلُوْهُمْ ؕ— كَذٰلِكَ جَزَآءُ الْكٰفِرِیْنَ ۟
තවද නුඹලා (යුද බිමේ) ඔවුන්ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදි ම නුඹලා ඔවුන්ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ට ය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නො වදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන්ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ
ප්‍රතිවිපාකය වනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنِ انْتَهَوْا فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
එහෙත් ඔවුන් (යුද්ධයෙන්) වැළකී සිටියේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලීය අසමසම කරුණාන්විත ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقٰتِلُوْهُمْ حَتّٰی لَا تَكُوْنَ فِتْنَةٌ وَّیَكُوْنَ الدِّیْنُ لِلّٰهِ ؕ— فَاِنِ انْتَهَوْا فَلَا عُدْوَانَ اِلَّا عَلَی الظّٰلِمِیْنَ ۟
තවද කලහකම් ඇති නො වී සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා යුද වදිනු. එහෙත් ඔවුන් (කලහකම් කිරීමෙන්) වැළකී සිටියේ නම් එවිට අපරාධකරුවන් කෙරෙහි මිස වෙනත් අය කෙරෙහි කිසිදු සතුරුකමක් නො විය යුතු ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمٰتُ قِصَاصٌ ؕ— فَمَنِ اعْتَدٰی عَلَیْكُمْ فَاعْتَدُوْا عَلَیْهِ بِمِثْلِ مَا اعْتَدٰی عَلَیْكُمْ ۪— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ مَعَ الْمُتَّقِیْنَ ۟
ශුද්ධ මාසය ශුද්ධ මාසයට ම සමාන ය. තවද සියලු තහනම් කරනු ලැබූ දෑ වෙනුවෙන් සමප්‍රතිචාර ඇත. එබැවින් කවරෙකු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ද ඔහු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළා සේම නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනු. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْفِقُوْا فِیْ سَبِیْلِ اللّٰهِ وَلَا تُلْقُوْا بِاَیْدِیْكُمْ اِلَی التَّهْلُكَةِ ۛۚ— وَاَحْسِنُوْا ۛۚ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟
තවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නො කර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නො හෙළනු. තවද නුඹලා උපකාරශීලීව කටයුතු කරනු. සැබැවින් ම අල්ලාහ් උපකාරශීලීව කටයුතු කරන දැහැමියන්ව ප්‍රිය කරන්නේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلّٰهِ ؕ— فَاِنْ اُحْصِرْتُمْ فَمَا اسْتَیْسَرَ مِنَ الْهَدْیِ ۚ— وَلَا تَحْلِقُوْا رُءُوْسَكُمْ حَتّٰی یَبْلُغَ الْهَدْیُ مَحِلَّهٗ ؕ— فَمَنْ كَانَ مِنْكُمْ مَّرِیْضًا اَوْ بِهٖۤ اَذًی مِّنْ رَّاْسِهٖ فَفِدْیَةٌ مِّنْ صِیَامٍ اَوْ صَدَقَةٍ اَوْ نُسُكٍ ۚ— فَاِذَاۤ اَمِنْتُمْ ۥ— فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ اِلَی الْحَجِّ فَمَا اسْتَیْسَرَ مِنَ الْهَدْیِ ۚ— فَمَنْ لَّمْ یَجِدْ فَصِیَامُ ثَلٰثَةِ اَیَّامٍ فِی الْحَجِّ وَسَبْعَةٍ اِذَا رَجَعْتُمْ ؕ— تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ؕ— ذٰلِكَ لِمَنْ لَّمْ یَكُنْ اَهْلُهٗ حَاضِرِی الْمَسْجِدِ الْحَرَامِ ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟۠
තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. එහෙත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතු ය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නො කරනු. එහෙත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතු ය. එහෙත් (හජ් සහ උම්රාව වළක්වන බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වූ විට, යමෙක් උම්රා ඉටු කර (ඉහ්රාමයෙන් තොරව) හජ් දක්වා සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතු ය. එහෙත් ඔහු (එය) නො ලැබුවේ නම් එවිට හජ්හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළිය යුතුය. එය ශුද්ධ මස්ජිදය අවට පදිංචි කරුවන් සඳහා නො වේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින් ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ትርጉም - ሩዋድ የትርጉም ማዕከል - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ ረብዋ የዳዕዋ ማህበር እና ከ የእስልምና ይዘት በተለያዩ ቋንቋዎች አገልግሎት ማህበር ጋር በመተባበር የተተረጎመ

መዝጋት