የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ኑህ   አንቀጽ:

සූරා නූහ්

اِنَّاۤ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖۤ اَنْ اَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින් ම එව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ یٰقَوْمِ اِنِّیْ لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۙ
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنِ اعْبُدُوا اللّٰهَ وَاتَّقُوْهُ وَاَطِیْعُوْنِ ۟ۙ
“නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَیُؤَخِّرْكُمْ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ؕ— اِنَّ اَجَلَ اللّٰهِ اِذَا جَآءَ لَا یُؤَخَّرُ ۘ— لَوْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලාව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නො ලැබේ. නුඹලා දැන සිටියාහු නම්.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ اِنِّیْ دَعَوْتُ قَوْمِیْ لَیْلًا وَّنَهَارًا ۟ۙ
“මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන් ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمْ یَزِدْهُمْ دُعَآءِیْۤ اِلَّا فِرَارًا ۟
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නො කළේ ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنِّیْ كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوْۤا اَصَابِعَهُمْ فِیْۤ اٰذَانِهِمْ وَاسْتَغْشَوْا ثِیَابَهُمْ وَاَصَرُّوْا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ۟ۚ
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන් ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝ ය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝ ය. තවද පාපකම්හි නිරත වූවෝ ය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِنِّیْ دَعَوْتُهُمْ جِهَارًا ۟ۙ
“පසුව නියත වශයෙන් ම මම ඔවුනට විවෘතව ඇරයුම් කළෙමි.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِنِّیْۤ اَعْلَنْتُ لَهُمْ وَاَسْرَرْتُ لَهُمْ اِسْرَارًا ۟ۙ
“පසුව නියත වශයෙන් ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහසිගතවද ඔවුනට දැනුම් දුනිමි.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقُلْتُ اسْتَغْفِرُوْا رَبَّكُمْ ۫— اِنَّهٗ كَانَ غَفَّارًا ۟ۙ
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය යැයි මම පැවසුවෙමි.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُّرْسِلِ السَّمَآءَ عَلَیْكُمْ مِّدْرَارًا ۟ۙ
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරුව එවනු ඇත.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّیُمْدِدْكُمْ بِاَمْوَالٍ وَّبَنِیْنَ وَیَجْعَلْ لَّكُمْ جَنّٰتٍ وَّیَجْعَلْ لَّكُمْ اَنْهٰرًا ۟ؕ
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا لَكُمْ لَا تَرْجُوْنَ لِلّٰهِ وَقَارًا ۟ۚ
“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නො කරන්නෙහු ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدْ خَلَقَكُمْ اَطْوَارًا ۟
“තවද සැබැවින් ම ඔහු නුඹලාව විවිධ අදියරයන්ගෙන් මැව්වේ ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَوْا كَیْفَ خَلَقَ اللّٰهُ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ۟ۙ
“ස්ථර වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේ දැ? යි නුඹලා නො දුටුවෙහු ද?”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَعَلَ الْقَمَرَ فِیْهِنَّ نُوْرًا وَّجَعَلَ الشَّمْسَ سِرَاجًا ۟
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේ ය. තවද හිරු පහනක් බවට පත් කළේ ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ اَنْۢبَتَكُمْ مِّنَ الْاَرْضِ نَبَاتًا ۟ۙ
“තවද අල්ලාහ් නුඹලාව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වී ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ یُعِیْدُكُمْ فِیْهَا وَیُخْرِجُكُمْ اِخْرَاجًا ۟
“පසුව ඒ තුළට ඔහු නුඹලාව නැවතත් එවන්නේ ය. තවද නුඹලාව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේ ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ جَعَلَ لَكُمُ الْاَرْضَ بِسَاطًا ۟ۙ
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّتَسْلُكُوْا مِنْهَا سُبُلًا فِجَاجًا ۟۠
නුඹලා එහි විවෘත මංමාවත්වල ගමන් කිරීම පිණිස.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ نُوْحٌ رَّبِّ اِنَّهُمْ عَصَوْنِیْ وَاتَّبَعُوْا مَنْ لَّمْ یَزِدْهُ مَالُهٗ وَوَلَدُهٗۤ اِلَّا خَسَارًا ۟ۚ
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම ඔවුන් මට පිටුපෑවෝ ය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නො කළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَكَرُوْا مَكْرًا كُبَّارًا ۟ۚ
“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝ ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا لَا تَذَرُنَّ اٰلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَّلَا سُوَاعًا ۙ۬— وَّلَا یَغُوْثَ وَیَعُوْقَ وَنَسْرًا ۟ۚ
“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නො හරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නො හරිනු යැයි ඔවුහු පැවසුවෝ ය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدْ اَضَلُّوْا كَثِیْرًا ۚ۬— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا ضَلٰلًا ۟
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝ ය. අපරාධකරුවන්ට මුළාව මිස වෙනත් කිසිවක් ඔබ අධික නො කරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِمَّا خَطِیْٓـٰٔتِهِمْ اُغْرِقُوْا فَاُدْخِلُوْا نَارًا ۙ۬— فَلَمْ یَجِدُوْا لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَنْصَارًا ۟
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝ ය. පසුව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝ ය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නො ලැබුවෝ ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ نُوْحٌ رَّبِّ لَا تَذَرْ عَلَی الْاَرْضِ مِنَ الْكٰفِرِیْنَ دَیَّارًا ۟
“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නො හරිනු මැනව!” යැයි නූහ් පැවසී ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّكَ اِنْ تَذَرْهُمْ یُضِلُّوْا عِبَادَكَ وَلَا یَلِدُوْۤا اِلَّا فَاجِرًا كَفَّارًا ۟
“නියත වශයෙන් ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන්ව ඔවුන් නොමග යවනු ඇත. තවද ඔවුන් ගුණමකු පාපතරයකු හැර බිහි නො කරනු ඇත.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ اغْفِرْ لِیْ وَلِوَالِدَیَّ وَلِمَنْ دَخَلَ بَیْتِیَ مُؤْمِنًا وَّلِلْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ؕ— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا تَبَارًا ۟۠
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නො කරනු මැනව!”
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ኑህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የሲንሀልኛ ቋንቋ ትርጉም - የትርጉሞች ማዉጫ

ሩዋድ የትርጉም ማዕከል ከ Islamhouse.com ድህረ ገፅ ጋር በመተባበር ወደ ሲንሀልኛ የተረጎሙት የቁርአን መልዕክተ ትርጉም።

መዝጋት