Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ዩኑስ   አንቀጽ:
وَاِنْ یَّمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهٗۤ اِلَّا هُوَ ۚ— وَاِنْ یُّرِدْكَ بِخَیْرٍ فَلَا رَآدَّ لِفَضْلِهٖ ؕ— یُصِیْبُ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
අහෝ දූතය! අල්ලාහ් ඔබට යම් විපතක් ඇති කර, පසුව එය නුඹෙන් ඉවත් කිරීමට නුඹ පැතුවේ නම් සුවිශුද්ධ ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නැත. ඔබට යම් සෙතක් ඔහු අභිමත කළේ නම්, ඔහුගේ භාග්යය වළක්වන කිසිවෙකු ද නැත. ඔහු අභිමත කරන ගැත්තන් හට ඔහුගේ භාග්ය ඇති කරයි. එය ප්රතික්ෂේප කරන කිසිවකු නැත. ඔහුගේ ගැත්තන් අතරින් පසුතැවිලි වී පාපක්ෂමාව අයැදි සිටින්නන් හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمُ الْحَقُّ مِنْ رَّبِّكُمْ ۚ— فَمَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ— وَمَنْ ضَلَّ فَاِنَّمَا یَضِلُّ عَلَیْهَا ؕ— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِوَكِیْلٍ ۟ؕ
අහෝ දූතය! නුඹ ජනයාට මෙසේ පවසනු. “අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් වශයෙන් අල් කුර්ආනය පැමිණ ඇත. එහෙයින් කවරෙකු එය විශ්වාස කොට යහමග ලබන්නේ ද එහි යහපත ඔහුටම නැවත හැරී එනු ඇත. ඊට හේතුව සැබැවින්ම තම ගැත්තන්ගේ අවනතභාවය ගැන අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොමැති බැවිණි. කවරෙකු නොමඟ යන්නේ ද ඔහු නොමඟ යෑමේ බලපෑම ඔහුට එරෙහිව පිහිටනු ඇත. අල්ලාහ් වනාහි, තම ගැත්තන්ගේ පිටුපෑම ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම මා නුඹලාගේ ක්රියාවන් ආරක්ෂා කරන හෝ ඒ සඳහා නුඹලා ව ගණන් බලන ආරක්ෂකයකු නොවෙමි.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّبِعْ مَا یُوْحٰۤی اِلَیْكَ وَاصْبِرْ حَتّٰی یَحْكُمَ اللّٰهُ ۚ— وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟۠
අහෝ දූතය! නුඹගේ පරමාධති නුඹ වෙත දන්වා ඇති දෑ පිළිපදිනු. ඒ අනුව ක්රියා කරනු. නුඹේ සමූහයා අතරින් නුඹට විරුද්ධව කටයුතු කරන නුඹ ඇරයුම් කරන දෑට එරෙහි ව ප්රචාරය කරන අය සම්බන්ධයෙන් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් තම ප්රඥාව අනුව මෙලොවෙහි ඔවුනට එරෙහි ව නුඹට ජය ලබා දීමෙන් හා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම ඔවුන් මිය ගියේ නම් මතුලොවෙහි ඔවුන් දඬුවමට භාජනය කිරීමෙන් අල්ලාහ් ඔවුන් අතර තීන්දු ලබා දෙන තෙක් ඒ මත අඛණ්ඩව සිටිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إن الخير والشر والنفع والضر بيد الله دون ما سواه.
•සැබැවින්ම යහපත හා අයහපත, සෙත හා හානිය යන සියල්ල ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඒවා වෙනත් කිසිවෙකු සතු නැත.

• وجوب اتباع الكتاب والسُّنَّة والصبر على الأذى وانتظار الفرج من الله.
•අල් කුර්ආනය හා සුන්නාව පිළිපැඳීම, හිංසා පීඩාවන් මත ඉවසීම හා අල්ලාහ්ගෙන් සහනයක් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීමේ අනිවාර්යයභාවය.

• آيات القرآن محكمة لا يوجد فيها خلل ولا باطل، وقد فُصِّلت الأحكام فيها تفصيلًا تامَّا.
•අල් කුර්ආනයේ පාඨ ස්ථීර ඒවාය. එහි කිසිදු අඩුවක් හෝ නිෂ්ඵල දෙයක් හෝ දකින්නට නොමැත. එහි නීති රීති පූර්ණ ලෙස විස්තර කරනු ලැබ ඇත.

• وجوب المسارعة إلى التوبة والندم على الذنوب لنيل المطلوب والنجاة من المرهوب.
•පතන දෑ ලබා ගන්නටත්, අනතුරු අඟවනු ලැබූ දැයින් මිදෙන්නටත් කළ පාපකම් පිළිබඳ පශ්චාත්තාප වී පාපක්ෂමාව ඇයැද සිටීම සඳහා යුහුසුළුවීමේ අනිවාර්යභාවය.

 
የይዘት ትርጉም ምዕራፍ: ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት