Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ዩኑስ   አንቀጽ:
وَمِنْهُمْ مَّنْ یَّنْظُرُ اِلَیْكَ ؕ— اَفَاَنْتَ تَهْدِی الْعُمْیَ وَلَوْ كَانُوْا لَا یُبْصِرُوْنَ ۟
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් මනා අධීක්ෂණයෙන් නොව, බාහිර බැල්මෙන් ඔබ වෙත බලන අය ද සිටිති. හොර බැල්මෙන් බලන අය වෙත පෙන්වීමට නුඹට හැකි වන්නේ ද? සැබැවින්ම ඔබ එයට හැකියාව නොදරනු ඇත. දැක්මක් නැත්තන්ට මඟ පෙන්වීමට ඔබට කිසිසේත් හැකිවන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ لَا یَظْلِمُ النَّاسَ شَیْـًٔا وَّلٰكِنَّ النَّاسَ اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්හට අපරාධ කිරීමෙන් ඉවත් වූවෙකි. අනු ප්රමාණයක් හෝ ඔහු ඔවුනට අසාධාරණ යක් හෝ අපරාධයක් නොකරයි. නමුත් ඔවුන්මය ඔවුන්ටම ව්යාජ දෑ සඳහා වූ නොහික්මීම, අහංකාරකම හා මුරණ්ඩුකම යනාදී හේතූන් මත විනාශකාරී කටයුතු ගෙන එමින් අපාරාධ කර ගත්තෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَحْشُرُهُمْ كَاَنْ لَّمْ یَلْبَثُوْۤا اِلَّا سَاعَةً مِّنَ النَّهَارِ یَتَعَارَفُوْنَ بَیْنَهُمْ ؕ— قَدْ خَسِرَ الَّذِیْنَ كَذَّبُوْا بِلِقَآءِ اللّٰهِ وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟
ජනයා විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් එක්රැස් කරන දින ඔවුන්ගේ මෙලොව ජීවිතයේ හා මිනීවල ජීවිතයේ දිවා කාලයේ හෝරාවක් මිස ඊට අමතර වේලාවක් රැඳී නොසිටියාක් මෙන් ඔවුනට හැඟෙනු ඇත. එහිදී ඇතෙමෙක් ඇතැමෙකුව දැන හඳුන ගනිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින ව්යසනයන් දැක එහි ඇති බිහිසුණුකම හේතුවෙන් ඔවුන් හඳුනාගත්තද වෙන්ව යයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමුව බොරු කළවුනට අලාභය අත් විය. ඔවුන් අලාභය අත්වන තුරුම මළවුන් කෙරෙන් යළි අවදි කරවනු ලැබීම මෙලොවෙහි විශ්වාස කරන්නන් ලෙස නොසිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِمَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ اللّٰهُ شَهِیْدٌ عَلٰی مَا یَفْعَلُوْنَ ۟
අහෝ දූතය! ඔවුනට ප්රතිඥා දුන් දඬුවමින් කොටසක් නුඹගේ මරණයට පෙර අපි නුඹට පෙන්නුව ද ඊට පෙර අපි නුඹව මරණයට පත් කළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ තත්ත්වයන් දෙකෙහිම ඔවුන් සියලු දෙනා නැවත පැමිණෙනුයේ අප වෙතමය. අනතුරුව අල්ලාහ් ඔවුන් සිදු කරමින් ආ දෑ දෙස බලයි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِكُلِّ اُمَّةٍ رَّسُوْلٌ ۚ— فَاِذَا جَآءَ رَسُوْلُهُمْ قُضِیَ بَیْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
පෙර විසූ සෑම සමූහයකටම ඔවුන් වෙත එවනු ලැබූ දහම් දූතයෙකු විය. තමන්ට ප්රතිචාරය කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ඔහු ඔවුන් වෙත දන්වා, ඔවුන් ඔහු බොරු කළ විට ඔවුන් අතර හා ඔහු අතර සාධාරණ ව තීන්දු කරනු ලැබීය. අල්ලාහ්ගේ භාග්යයෙන් අල්ලාහ් ඔහු මුදවා ගෙන ඔහුගේ සාධාරණත්වය හේතුවෙන් ඔවුන් ව විනාශ කර දැමීය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල කිසිවකට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන මෙම මුරණ්ඩු හා නොහොබිනා ජනයා නුඹලා කවර කරුණක් වාද කරමින් සිටින්නෙහු ද ඒ සම්බන්ධයෙන් නුඹලා සත්යවාදීහු නම් අපට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම පැමිණෙනුයේ කවර කාලයක දැ?යි විමසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لَّاۤ اَمْلِكُ لِنَفْسِیْ ضَرًّا وَّلَا نَفْعًا اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— لِكُلِّ اُمَّةٍ اَجَلٌ ؕ— اِذَا جَآءَ اَجَلُهُمْ فَلَا یَسْتَاْخِرُوْنَ سَاعَةً وَّلَا یَسْتَقْدِمُوْنَ ۟
අහෝ දූතය! "මට හානියක් කිරීමට හෝ එයින් මා ආරක්ෂා කිරීමට හෝ කිසිදු හානියක් කිරීමේ බලයක් මා සතුව නැත. එමෙන්ම මටම සෙත සලසා ගැනීමට හෝ කිසිදු සෙතක බලයක් මා සතුව නැත. එසේ තිබිය දී ඒ සඳහා අල්ලාහ් අභිමත කර ඇත්නම් මිස මා නොවන වෙනත් අය වෙත මා සෙත සලසනුයේ කෙසේද? ඔහුගේ ගුත්ප දෑ මා දැන ගත හැක්කේ කෙසේද? සෑම සමූහයකටම ඔවුන් විනාශ කිරීම සඳහා වූ නියමිත විනාශ කාලයක් අල්ලාහ් ඔවුනට ප්රතිඥා කර තිබිණ. එය අල්ලාහ් මිස වෙන කිසිවකු නොදන්නේය. ඔවුන්ගේ විනාශ කාලය පැමිණි විට ඉන් කිසිදු කාලයක් ප්රමාද නොකරනු ඇත. එමෙන්ම ඉක්මන් ද නොකරනු ඇත යැයි නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَرَءَیْتُمْ اِنْ اَتٰىكُمْ عَذَابُهٗ بَیَاتًا اَوْ نَهَارًا مَّاذَا یَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُوْنَ ۟
අහෝ දූතය! “දඬුවම ඉක්මනින් පතන මොවුනට, "දහවලක හෝ රාත්රියක හෝ කවර වේලාවක හෝ වේවා අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණීමෙන් පසු නුඹලා ඉක්මණින් පැතූ දඬුවම ගැන නුඹලා මා වෙත දන්වා සිටිනු” යැයි නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَثُمَّ اِذَا مَا وَقَعَ اٰمَنْتُمْ بِهٖ ؕ— آٰلْـٰٔنَ وَقَدْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ ۟
නුඹලාට ප්රතිඥා දුන් දඬුවම නුඹලාට අත් වූ පසු ද නුඹලා එය විශ්වාස කරනුයේ? මීට පෙර විශ්වාස නොකළ විශ්වාසයෙන් කිසිදු ආත්මයකට සෙතක් ලැබෙන්නේ නැත. නුඹලා දැන් විශ්වාස කරනුයේ ද?. දඬුවම බොරු යැයි පවසමින් එය නුඹලා ඉක්මන් කරන මෙන් පැතුවෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ قِیْلَ لِلَّذِیْنَ ظَلَمُوْا ذُوْقُوْا عَذَابَ الْخُلْدِ ۚ— هَلْ تُجْزَوْنَ اِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُوْنَ ۟
ඔවුන් දඬුවමට ලක් කිරීමෙන් පසු ව ඉන් පිට වන්නට ඔවුහු ඉල්ලා සිටිති. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මතුලොවෙහි සදා දඬුවම නුඹලා භුක්ති විඳිනු. පාපකම් හා දේව ප්රතික්ෂේපය පදනම් කර ගෙන නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා මිස නුඹලාට කුසල් පිරිනමන ලබන්නෙහු ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَسْتَنْۢبِـُٔوْنَكَ اَحَقٌّ هُوَ ؔؕ— قُلْ اِیْ وَرَبِّیْۤ اِنَّهٗ لَحَقٌّ ؔؕ— وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟۠
අහෝ දූතය! “අපට ප්රතිඥා දුන් මෙම දඬුවම සැබෑවක් දැ?"යි දේව ප්රතික්ෂේපකයෝ නුඹගෙන් තොරතුරු විමසති. "එසේය" යැයි නුඹ ඔවුනට පවසනු. අල්ලාහ් මත (දිවුරමි) එය සත්යයකි. නුඹලා ඔහුගෙන් මිදෙන්නන් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الإنسان هو الذي يورد نفسه موارد الهلاك، فالله مُنَزَّه عن الظلم.
•විනාශයේ කරුණු මිනිසා වෙත ගෙන එනුයේ ඔහු විසින්මය. අල්ලාහ් අපරාධ කිරීමෙන් පිවිතුරුය.

• مهمة الرسول هي التبليغ للمرسل إليهم، والله يتولى حسابهم وعقابهم بحكمته، فقد يعجله في حياة الرسول أو يؤخره بعد وفاته.
•දහම් දූතයාගේ ප්රධානතම කාර්යභාරය වූයේ කවර පිරිසක් වෙත එතුමා එවනු ලැබුවේ ද ඔවුනට සත්යය දැනුම් දීමය. ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හා ඔවුනට දඬුවම් කිරීම අල්ලාහ් තම භාරයට ගෙන ඇත. (ඇතැම් විට) එය දහම් දූතයාණන්ගේ ජීවිත කාලය තුළ කල් ඇතිව සිදු කරනු ඇත. එසේ නොමැති නම් එතුමාණන්ගේ මරණයෙන් පසු ප්රමාද වී සිදු කරනු ඇත.

• النفع والضر بيد الله عز وجل، فلا أحد من الخلق يملك لنفسه أو لغيره ضرًّا ولا نفعًا.
•සෙත සැලසීම හා හිංසා කිරීම සර්ව බලධාරී අල්ලාහ් සතු කාර්යයකි. තමන්ට හෝ වෙනත් කිසිවකුට හෝ හානියක් කිරීමට හෝ සෙත සැලසීමට හෝ මැවීම් අතරින් කිසිවකු සමත් වන්නේ නැත.

• لا ينفع الإيمان صاحبه عند معاينة الموت.
•මරණය දෑසින් දකින අවස්ථාවේ දෙවියන් විශ්වාස කරන පුද්ගලයාට ඔහුගේ විශ්වාසය ප්රයෝජනවත් වන්නේ නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት