የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ኢብራሂም   አንቀጽ:

සූරා ඉබ්රාහීම්

ከመዕራፉ ዓላማዎች:
إثبات قيام الرسل بالبيان والبلاغ، وتهديد المعرضين عن اتباعهم بالعذاب.
පැහැදිලි කිරීම හා ප්රචාරය කිරීම ධර්ම දූතවරුන්ගේ කාර්යභාරය බව තහවුරු කිරීම. ඔවුන් අනුගමනය කිරීම හෙළා දකින්නන්හට දඬුවම ඇති බවට අවවාද කිරීම.

الٓرٰ ۫— كِتٰبٌ اَنْزَلْنٰهُ اِلَیْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ ۙ۬— بِاِذْنِ رَبِّهِمْ اِلٰی صِرَاطِ الْعَزِیْزِ الْحَمِیْدِ ۟ۙ
(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. අහෝ දූතය! අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اللّٰهِ الَّذِیْ لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَوَیْلٌ لِّلْكٰفِرِیْنَ مِنْ عَذَابٍ شَدِیْدِ ۟ۙ
අහස්හි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ආධිපත්යය ද ඔහුට පමණක් සතුය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහුගේ මැවීම් අතුරින් ඔහුට කිසිවෙකු සමාන කළ නොහැක. ප්රතික්ෂේප කළවුන් බලවත් දඬුවමක් ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْنَ یَسْتَحِبُّوْنَ الْحَیٰوةَ الدُّنْیَا عَلَی الْاٰخِرَةِ وَیَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ وَیَبْغُوْنَهَا عِوَجًا ؕ— اُولٰٓىِٕكَ فِیْ ضَلٰلٍۢ بَعِیْدٍ ۟
මතුලොව ජීවිතය හා එහි ඇති සදාතනික සුවපහසුකම් වලට වඩා මෙලොව ජීවිතය හා එහි ඇති පහත් සුව පහසුකම් තෝරා ගන්නා, අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වෙනතකට යොමු කරවන, කිසිවෙකුට ඒ මත ගමන් කළ නොහැකි සේ ඍජු භාවයෙන් නැඹුරු වී, සත්යයෙන් හැරී එම මාර්ගය විකෘති කිරීමට බලන දෙවියන් ප්රතික්ෂේප කළවුන් වනාහි, මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් සත්යයෙන් හා නිවැරදි භාවයෙන් අන්ත මුළාවෙහි පසුවන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا مِنْ رَّسُوْلٍ اِلَّا بِلِسَانِ قَوْمِهٖ لِیُبَیِّنَ لَهُمْ ؕ— فَیُضِلُّ اللّٰهُ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
අල්ලාහ් වෙතින් දහම් දූතයකු ගෙන ආ දෑ ඔහුගේ ම සමාජයට පහසුවෙන් වටහා ගත හැකි වනු පිණිස ඔහුගේම ප්රජාවේ භාෂාවෙන් කතා කරන්නෙකු ලෙස මිස කිසිදු දහම් දූතයෙකු ඔවුන් අතරට අපි නොඑව්වෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔවුනට බල කිරීම සඳහා අපි ඔහු නොඑව්වෙමු. අල්ලාහ්ගේ යුක්ති ධර්මය මත ඔහු අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් යහමග වෙත ආශිර්වාද කරයි. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැළසුමෙහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَاۤ اَنْ اَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ ۙ۬— وَذَكِّرْهُمْ بِاَیّٰىمِ اللّٰهِ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟
සැබැවින්ම අපි මූසා ව දහම් දූතයෙකු සේ එව්වෙමු. ඔහුගේ සත්යතාවයත් සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපති වෙතින් එවන ලද දූතයෙකු බවත් තහවුරු කරන ප්රාතිහාර්යයන් තුළින් අපි ඔහු ශක්තිමත් කළෙමු. දේව ප්රතික්ෂේපයෙන් හා අඥාන කමින් දේව විශ්වාසය හා දැනුම වෙත ඔහුගේ සමූහයාව යොමු කරන මෙන් අපි ඔහුට නියම කළෙමු. ඔවුනට අල්ලාහ් අශිර්වාද කළ දිනයන් පිළිබඳත් ඔවුනට මතක් කරන මෙන් නියම කළෙමු. එම දිනයන්හි අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ අතිමහත් ශක්තිය පැහැදිළි ව පෙන්වා දෙන සාධක තිබිණි. දේව විශ්වාසීන්හට ඔහු ආශිර්වාද කළේය. අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කරන ඔහුගේ ආශිර්වාදයන් හා පක්ෂපාතිත්වය සඳහා කෘතගුණ සැලකීමෙහි අඛණ්ඩ ව නිරතවන්නන්හට එමගින් ප්රයෝජන ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن المقصد من إنزال القرآن هو الهداية بإخراج الناس من ظلمات الباطل إلى نور الحق.
•අල් කුර්ආනය පහළ කිරීමේ අරමුණ ව්යාජ අන්ධකාරයේ සිට සත්ය අලෝකය වෙත මිනිසුන් බැහැර කරමින් ඔවුන් යහමග යොමු කිරීමය.

• إرسال الرسل يكون بلسان أقوامهم ولغتهم؛ لأنه أبلغ في الفهم عنهم، فيكون أدعى للقبول والامتثال.
•දහම් දූතවරුන් ඔවුන්ගේ ම භාෂාවෙන් හා ඔවුන්ගේ ම ප්රජා භාෂාවෙන් එවීම. එය ඔවුනට ගැඹුරින් වටහා ගෙන පිළිගැනීමටත් පිළිපැදීමටත් ඉල්ලා සිටියි.

• وظيفة الرسل تتلخص في إرشاد الناس وقيادتهم للخروج من الظلمات إلى النور.
•දහම් දූතවරුන්ගේ රාජකාරිය වනුයේ මිනිසුන්හට මග පෙන්වීමේදී හා අන්ධකාරයෙන් ආලෝකය වෙත ඔවුන් බැහැර කිරීමට නායකත්ව දීමෙහි අවංකව කටයුතු කිරීමයි.

وَاِذْ قَالَ مُوْسٰی لِقَوْمِهِ اذْكُرُوْا نِعْمَةَ اللّٰهِ عَلَیْكُمْ اِذْ اَنْجٰىكُمْ مِّنْ اٰلِ فِرْعَوْنَ یَسُوْمُوْنَكُمْ سُوْٓءَ الْعَذَابِ وَیُذَبِّحُوْنَ اَبْنَآءَكُمْ وَیَسْتَحْیُوْنَ نِسَآءَكُمْ ؕ— وَفِیْ ذٰلِكُمْ بَلَآءٌ مِّنْ رَّبِّكُمْ عَظِیْمٌ ۟۠
අහෝ දූතය! මූසා තුමා ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපදින්නට ගත් අවස්ථාව මෙනෙහි කරනු. එවිට එතුමා ඉස්රාඊල් දරුවන් අතරින් වූ ඔහුගේ ජනතාවට අල්ලාහ් ඔවුන් වෙත පිරිනැමූ ආශිර්වාදයන් මතක් කර දෙමින් "මාගේ ජනයිනි! ෆිර්අවුන්ගේ රාජ්යය පාලනය භාරගන්නා කිසිවෙකු නුඹලා අතර බිහි නොවනු වස් නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින්, කාන්තාවන්ට ජීවිත දානය දී, ඔවුන් රඳවාගෙන හෑල්ලුවට හා අවමානයට ලක් කරමින් නුඹලාට දැඩි සේ දඬුවම් පමුණුවා, ප්රචණ්ඩ ක්රියාවන් සිදු කළ ෆිර්අවුන් පැළැන්තියෙන් නුඹලා මුදවා ආරක්ෂා කරමින් නුඹලාට අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කරනු. ඔවුන්ගේ ක්රියාවන්හි ඉවසීම මත පදනම් වූ අතිමහත් පරීක්ෂණයක් නුඹලාට විය. මෙම පරීක්ෂණය මත නුඹලා ඉවසා දරාගත් හේතුවෙන් විපාක වශයෙන් ෆිර්අවුන් පැළැන්තියේ විනාශකාරී ක්රියාවෙන් අල්ලාහ් නුඹලා බේරා ගත්තේය." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ تَاَذَّنَ رَبُّكُمْ لَىِٕنْ شَكَرْتُمْ لَاَزِیْدَنَّكُمْ وَلَىِٕنْ كَفَرْتُمْ اِنَّ عَذَابِیْ لَشَدِیْدٌ ۟
මූසා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති නුඹලාට මනා ලෙස දැනුම් දෙමින් ඉගැන් වූ අවස්ථාව මෙනෙහි කරනු. සඳහන් කරන ලද එම ආශිර්වාද තුළින් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා කෘතවේදී වූයෙහු නම් ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ ආශිර්වාද පිරිනැමීමත් භාග්යයන් ලබා දීමත් නුඹලාට අධික කරනු ඇත. නුඹලාට පිරිනැමූ ආශිර්වාද ප්රතික්ෂේප කොට නුඹලා කෘතඥ නොවූයේ නම් එසේ ඔහුගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට ඒ සඳහා කෘතඥ නොවූවන් හට සැබැවින්ම ඉතා දරුණු දඬුවම් ඇත්තේය." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ مُوْسٰۤی اِنْ تَكْفُرُوْۤا اَنْتُمْ وَمَنْ فِی الْاَرْضِ جَمِیْعًا ۙ— فَاِنَّ اللّٰهَ لَغَنِیٌّ حَمِیْدٌ ۟
මූසා තම ජනයාට, "මාගේ ජනයිනි! නුඹලා ප්රතික්ෂේප කළේ නම් ද, නුඹලා සමගම මහපොළොවේ වෙසෙන සියලු දෙනා ප්රතික්ෂේප කළේ නම් ද දැනගනු. නුඹලා ප්රතික්ෂේප කිරිමේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගුණාංගයෙන්ම ඔහු අනිවාර්යය ප්රශංසාවට ලක්වන්නාය. දේව විශ්වාසීන්ගේ විශ්වාසය ඔහුට කිසිදු ප්රයෝජනයක් ලබා නොදෙන අතරම දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රතික්ෂේපය ඔහුට කිසිදු හානියක් ඇති නොකරන්නේය." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ یَاْتِكُمْ نَبَؤُا الَّذِیْنَ مِنْ قَبْلِكُمْ قَوْمِ نُوْحٍ وَّعَادٍ وَّثَمُوْدَ ۛؕ۬— وَالَّذِیْنَ مِنْ بَعْدِهِمْ ۛؕ— لَا یَعْلَمُهُمْ اِلَّا اللّٰهُ ؕ— جَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ فَرَدُّوْۤا اَیْدِیَهُمْ فِیْۤ اَفْوَاهِهِمْ وَقَالُوْۤا اِنَّا كَفَرْنَا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ وَاِنَّا لَفِیْ شَكٍّ مِّمَّا تَدْعُوْنَنَاۤ اِلَیْهِ مُرِیْبٍ ۟
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාට පෙර විසූ නූහ්ගේ සමූහයා, හූද්ගේ සමූහයා වන ආද්, සාලිහ්ගේ සමූහයා වන සමූද් මෙන්ම ඔවුනට පසු පැමිණි බොරුකාර ජන සමූහයන් විනාශ කිරීමේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ඉතා අධිකය. අල්ලාහ් හැර ඔවුන්ගේ සංඛ්යාව කිසිවෙකු ගණනය කර නැත. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක රැගෙන ආවෝය. එම දූතවරුන් පිළිබඳ ඔවුනට තිබූ ක්රෝධය හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ අත් ඔවුන්ගේ කටවල් තුළට දමා සපා කෑවෝය. ඔවුහු ඔවුන්ගේ දූතවරුන්ට, "නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද සැබැවින්ම අපි ඒවා ප්රතික්ෂේප කළෙමු. නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නෙහු ද ඒ ගැන දැඩි ලෙස සැකයෙහි පසුවන්නෙමු" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَتْ رُسُلُهُمْ اَفِی اللّٰهِ شَكٌّ فَاطِرِ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یَدْعُوْكُمْ لِیَغْفِرَ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَیُؤَخِّرَكُمْ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ؕ— قَالُوْۤا اِنْ اَنْتُمْ اِلَّا بَشَرٌ مِّثْلُنَا ؕ— تُرِیْدُوْنَ اَنْ تَصُدُّوْنَا عَمَّا كَانَ یَعْبُدُ اٰبَآؤُنَا فَاْتُوْنَا بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟
ඔවුන්ගේ දූතවරුන් ඔවුනට පිළිතුරු වශයෙන් "අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට පමණක් නැමදුම් කිරීමෙහි සැකයක් තිබේ ද? ඔහු අහස් හි මැවුම්කරුය. මහපොළොවේ මැවුම්කරුය. කිසිදු පූර්ව උදාහරණයකින් තොර ව ඔහු ඒ දෙක ඇති කළේය. එමගින් නුඹලාගේ පෙර පාපකම් නුඹලාගෙන් මකා දමනු පිණිස ඔහු දේව විශ්වාසය වෙත නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ මෙලොව ජීවිතයේ නියමිත කාලය අවසන් වන තෙක් නුඹලාව ප්රමාද කරයි." යැයි පැවසූහ. ඔවුන්ගේ සමූහයා ඔවුනට "නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා අමතර දෙයක් නුඹලාට නැත. අපගේ මුතුන් මිත්තන් කවර දැයකට නමදිමින් සිටියේ ද ඉන් අප හරවන්නට නුඹලා අපේක්ෂා කරන්නෙහුය. සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙතින් අප වෙත පැමිණි දූතවරුන් යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා ව තහවුරු කරන පැහැදිලි සාධක අප වෙත ගෙන එනු" යැයි පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من وسائل الدعوة تذكير المدعوين بنعم الله تعالى عليهم، خاصة إن كان ذلك مرتبطًا بنعمة كبيرة، مثل نصر على عدوه أو نجاة منه.
• යහමගට ඇරයුම් කිරීමේ මාධ්යයක් වන්නේ අල්ලාහ් ඔවුන් වෙත පිරිනමා ඇති ආශිර්වාදයන් මෙනෙහි කිරීමය. එය සතුරන්ට එරෙහිව උපකාර කිරීම හෝ ඉන් ජය ලැබීම මෙන් විශාල ආශිර්වාදයන් සමඟ බැඳුණු එකක් නම් විශේෂයෙන් එය මෙනෙහි කර සිටීම වැදගත් වන්නේය.

• من فضل الله تعالى أنه وعد عباده مقابلة شكرهم بمزيد الإنعام، وفي المقابل فإن وعيده شديد لمن يكفر به.
•ඔහුගේ ගැත්තන්ගේ කෘතඥපූර්වක භාවය හමුවේ තම ගැත්තන්හට අමතර ආශිර්වාදයන් පිරිනමන බවට වූ අල්ලාහ්ගේ ප්රතිඥාව ඔහුගෙන් වූ භාග්යයකි. එමෙන්ම සැබැවින්ම ඒය ප්රතික්ෂේප කරන්නන් හට ඒ හමුවේ ඉතා දැඩි අවවාදයකි.

• كفر العباد لا يضر اللهَ البتة، كما أن إيمانهم لا يضيف له شيئًا، فهو غني حميد بذاته.
•ගැත්තන්ගේ දේව විශ්වාසය අල්ලාහ් වෙත කිසිදු කරුණක් එකතු නොකරනවාක් මෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය ද අල්ලාහ්ට කිසිදු හානියක් ඇති කරන්නේ නැත. ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ පැවැත්මෙන් ඔහු ප්රශංසාලාභීය.

قَالَتْ لَهُمْ رُسُلُهُمْ اِنْ نَّحْنُ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَلٰكِنَّ اللّٰهَ یَمُنُّ عَلٰی مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَمَا كَانَ لَنَاۤ اَنْ نَّاْتِیَكُمْ بِسُلْطٰنٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
ඔවුන්ගේ දූතවරු ඔවුනට පිළිතුරු වශයෙන්, "අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එහිදී නුඹලා සමානකම් දක්වන උපමාව අපි හෙළා නොදකිමු. නමුත් මෙම සමානකම් දක්වන උපමා කිරීම සියලු දෑහි අනිවාර්යය වන්නේ නැත. නමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට විශේෂ ආශිර්වාදයන් පිරිනමා උසස් කරවයි. ජනයා වෙත දහම් දූතයින් ලෙස ඔවුන් තෝරා ගනියි. අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලා ඉල්ලන සාක්ෂි සාධක නුඹලා වෙත ගෙන ඒමට අපට කිසිදු සුදුසුකමක් නැත. ඒවා ගෙන ඒම අප සමග සම්බන්ධ වූවක් නොවේ. ඒ සඳහා බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය." යැයි පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا لَنَاۤ اَلَّا نَتَوَكَّلَ عَلَی اللّٰهِ وَقَدْ هَدٰىنَا سُبُلَنَا ؕ— وَلَنَصْبِرَنَّ عَلٰی مَاۤ اٰذَیْتُمُوْنَا ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُتَوَكِّلُوْنَ ۟۠
අප අතර හා ඔහු කෙරෙහි භාර කිරීම අතර වළක්වන්නා කවරෙකු ද? එයට හේතු ව කුමක් ද? සැබැවින්ම ඔහු ඉතා බලවත් හා පැහැදිලි මාර්ග සඳහා අපට මග පෙන්වීය. බොරු කරමින් හා අවමන් කරමින් නුඹලා අපහට කළ වේදනාවන් මත අපි ඉවසිල්ලෙන් කටයුතු කර ඇත්තෙමු. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُمْ مِّنْ اَرْضِنَاۤ اَوْ لَتَعُوْدُنَّ فِیْ مِلَّتِنَا ؕ— فَاَوْحٰۤی اِلَیْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظّٰلِمِیْنَ ۟ۙ
එම රසූල්වරුන්ගේ ජන සමූහයන් අතර සිටි ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතවරුන් සමග වාද කිරීමෙන් අසමත් වූ කල්හි, "සැබැවින්ම අපි නුඹලා ව අපගේ ගම්මානයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලාගේ දහම අතහැර අපගේ දහමට නුඹලා නැවත හැරෙනු." යැයි පැවසූහ. එවිට එම දූතවරුන් ස්ථාවර කරමින්, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ අපරාධකරුවන් සැබැවින්ම අපි විනාශ කරන්නෙමු" යැයි අල්ලාහ් ඔවුනට දේව පණිවිඩ දන්වා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَنُسْكِنَنَّكُمُ الْاَرْضَ مِنْ بَعْدِهِمْ ؕ— ذٰلِكَ لِمَنْ خَافَ مَقَامِیْ وَخَافَ وَعِیْدِ ۟
අහෝ දූතවරුනි, ඔවුන් විනාශ කිරීමෙන් පසුව නුඹලා හා නුඹලාව අනුගමනය කළවුන් අපි එම භූමියේ පදිංචි කරවන්නෙමු. බොරුකාර දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම, ඔවුන්ගේ විනාශයෙන් පසු ව ඔවුන්ගේ දූතවරුන් හා දේව විශ්වාසීන් එම භූමියේ පදිංචි කරවීම යනාදී වශයෙන් සඳහන් කළ එම කරුණු මාගේ ශ්රේෂ්ඨත්වය සහ ඔහු කෙරෙහි මා සෝදිසියෙන් සිටින අය හා වධහිංසා ගැන මාගේ අනතුරු ඇඟවීමට බිය වන අය සතු වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاسْتَفْتَحُوْا وَخَابَ كُلُّ جَبَّارٍ عَنِیْدٍ ۟ۙ
එම දහම් දූතවරු ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන්ට උපකාර කරන මෙන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටියේය. සත්යය හෙළිවීමත් සමග එය පිළිගැනීමට මුරණ්ඩු වූ අහංකාර සෑම කෙනෙකුම විනාශයට පත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِّنْ وَّرَآىِٕهٖ جَهَنَّمُ وَیُسْقٰی مِنْ مَّآءٍ صَدِیْدٍ ۟ۙ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම අහංකාරයා ඉදිරියේ අපාය පිහිටා තිබේ. එය ඔහු ව බලාපොරොත්තුවේ සිටියේය. නිරා වාසීන්ගෙන් වහනය වන සැරව එහි දී ඔහුට පොවනු ලැබෙයි. ඔහුගේ තිබහ ව සංසිදු නොවෙයි. පිපාසය මෙන්ම වෙනත් දඬුවම් තුළින් ඔහු වේදනාවට භාජනය කරනු ලබයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّتَجَرَّعُهٗ وَلَا یَكَادُ یُسِیْغُهٗ وَیَاْتِیْهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَّمَا هُوَ بِمَیِّتٍ ؕ— وَمِنْ وَّرَآىِٕهٖ عَذَابٌ غَلِیْظٌ ۟
එහි පවතින තිත්තකම, උණුසුම හා දුර්ගන්ධය නිසා එය නැවත නැවතත් පානය කිරීමට උත්සාහ කරයි. නමුත් එය ගිලීමට නොහැකි වෙයි. නියමිත දඬුවමට ගැළපෙන පරිදි දරුණු ආකාරයෙන් මරණය ඔහු වෙත ළඟා වෙයි. නමුත් ඔහු මරණයට පත් නොවී විවේකයක් ලබයි. පසුව දඬුවමට අවශ්ය පරිදි යළි ජීවමානව රැඳෙයි. තවත් පැත්තකින් දැඩි දඬුවමක් ඔහු ඉදිරියේ බලාපොරොත්තුවෙන් සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَثَلُ الَّذِیْنَ كَفَرُوْا بِرَبِّهِمْ اَعْمَالُهُمْ كَرَمَادِ ١شْتَدَّتْ بِهِ الرِّیْحُ فِیْ یَوْمٍ عَاصِفٍ ؕ— لَا یَقْدِرُوْنَ مِمَّا كَسَبُوْا عَلٰی شَیْءٍ ؕ— ذٰلِكَ هُوَ الضَّلٰلُ الْبَعِیْدُ ۟
දුබලයින් හට දානමාන කිරීම, උපකාර කිරීම හා කරුණාව දැක්වීම යනාදී ලෙස දේව ප්රතික්ෂේපකයින් විසින් ඉදිරිපත් කරන යහපත් ක්රියාවන්ට උපමාව සුළඟ දැඩි ලෙස හමන චන්ඩමාරුතයක් පවතින දිනක සුළගේ දැඩි භාවය හේතුවෙන් එය බලවත් ලෙස උසුලාගෙන ගොස් කිසිදු සළකුණක් ඉතිරි නොවන සේ සෑම තැනකම විසුරුවා හරින ලද අළු බඳුය. දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රියාවන් ද එලෙසය. දේව ප්රතික්ෂේපය ඒවා හමා යන්නට සලස්වයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා අයත් උදවියට ඒවායින් කිසිදු පලක් ඇති වන්නේ නැත. එය දේව විශ්වාසය මත පදනම් නොවූ ක්රියාවකි. සත්ය මාර්ගයෙන් දුරස් වූ නොමඟ යෑමකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الأنبياء والرسل بشرٌ من بني آدم، غير أن الله تعالى فضلهم بحمل الرسالة واصطفاهم لها من بين بني آدم.
•සැබැවින්ම නබිවරුන් හා දහම් දූතවරුන් ආදම්ගේ දරුවන් අතරින් වූ මිනිසුන්ය. ඒ අතරම සැබැවින්ම අල්ලාහ් ඒ සඳහා ආදම්ගේ දරුවන් අතරින් කෙනෙකු තෝරාගෙන එම දේව දූත මෙහෙය උසුලන්නට සළස්වා අල්ලාහ් ඔවුන් ගෞරවයට පත් කර ඇත්තේය.

• على الداعية الذي يريد التغيير أن يتوقع أن هناك صعوبات جَمَّة سوف تقابله، ومنها الطرد والنفي والإيذاء القولي والفعلي.
•වෙනස් කිරීමට අපේක්ෂා කරන (යහමගට) ඇරයුම් කරන්නා, තමන්හට මුහුණ දෙන්නට සිදුවන නෙරපා හැරීම්, නැතිකර දැමීම් හා වචනයෙන් හෝ ක්රියාවෙන් හිංසා කරනු ලැබීම වැනි දුෂ්කරතා හමුවේ නොසැලී සිටිය යුතුය.

• أن الدعاة والصالحين موعودون بالنصر والاستخلاف في الأرض.
•සැබැවින්ම යමගට ඇරයුම් කරන්නන් සහ දැහැමියන් වනාහි ඔවුහු ජයග්රහණය හා මහපොළොවේ නියෝජනය ලබා දෙන බවට පොරොන්දු දෙනු ලැබූවෝ වෙති.

• بيان إبطال أعمال الكافرين الصالحة، وعدم اعتبارها بسبب كفرهم.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැහැමි ක්රියාවන් නිෂ්ඵල බවත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒවා නොසලකා හරිනු ලබන බවත් පැහැදිලි කිරීම.

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— اِنْ یَّشَاْ یُذْهِبْكُمْ وَیَاْتِ بِخَلْقٍ جَدِیْدٍ ۟ۙ
අහෝ මිනිස! සැබැවින්ම අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවූ බවත් මහපොළොව මැවූ බවත් ඔබ නොදන්නෙහි ද? ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! නුඹලා ව පහකොට, නුඹලා වෙනුවට ඔහුට නමදින, ඔහුට අවනත වන තවත් මැවීමක් ගෙන එන්නට ඔහු අභිමත කරන්නේ නම්, නුඹලා ව පහ කොට ඔහුට නමදින හා අවනත වන තවත් මැවීමක් ගෙන එනු ඇත. එය ඔහුට පහසු මෙන්ම සුළු කාර්යයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّمَا ذٰلِكَ عَلَی اللّٰهِ بِعَزِیْزٍ ۟
නුඹලා ව විනාශ කොට නුඹලා නොවන වෙනත් මැවීමක් ගෙන එන්නට අල්ලාහ් නොහැක්කෙකු නොවේ. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبَرَزُوْا لِلّٰهِ جَمِیْعًا فَقَالَ الضُّعَفٰٓؤُا لِلَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ اَنْتُمْ مُّغْنُوْنَ عَنَّا مِنْ عَذَابِ اللّٰهِ مِنْ شَیْءٍ ؕ— قَالُوْا لَوْ هَدٰىنَا اللّٰهُ لَهَدَیْنٰكُمْ ؕ— سَوَآءٌ عَلَیْنَاۤ اَجَزِعْنَاۤ اَمْ صَبَرْنَا مَا لَنَا مِنْ مَّحِیْصٍ ۟۠
නැවත ගෙන්වා ගනු ලබන දිනයේ සියලු මැවීම් ඔවුන්ගේ මිණීවලවල් සිට බැහැර වී අල්ලාහ් වෙත එනු ඇත. නායකත්වය දරන ප්රධානීන්හට දුර්වල අනුගාමිකයින්, "අහෝ ප්රධානියනි! සැබැවින්ම අපි නුඹලාව අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. නුඹලාගේ නියෝග අපි පිළිපැද්දෙමු. නුඹලා තහනම් කළ දැයින් වැළකී සිටියෙමු. එහෙයින් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් පැමිණි විට එයින් අප ව වළක්වාලීමට නුඹලාට හැකි දැ?"යි විමසා සිටිති. එයට නායකත්වය දැරූ ප්රධානීහු "යහමග වෙත අල්ලාහ් අපට ආශිර්වාද කළේ නම් අපි නුඹලාව ඒ වෙත මග පෙන්වා ඔහුගේ දඬුවමින් සියල්ලන් අපි මුදවා ගන්නෙමු. නමුත් අප ද නොමග ගොස් නුඹලා ද නොමග හැර ඇත. දඬුවම ඉසිලීමේදී අප දුර්වලවීම හෝ ඉවසීමෙන් දරා සිටීම අප හා නුඹලා වෙත සමාන වන්නේය. දඬුවමින් පළා යන ස්ථානයක් අපට නැත" යැයි පවසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الشَّیْطٰنُ لَمَّا قُضِیَ الْاَمْرُ اِنَّ اللّٰهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُّكُمْ فَاَخْلَفْتُكُمْ ؕ— وَمَا كَانَ لِیَ عَلَیْكُمْ مِّنْ سُلْطٰنٍ اِلَّاۤ اَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِیْ ۚ— فَلَا تَلُوْمُوْنِیْ وَلُوْمُوْۤا اَنْفُسَكُمْ ؕ— مَاۤ اَنَا بِمُصْرِخِكُمْ وَمَاۤ اَنْتُمْ بِمُصْرِخِیَّ ؕ— اِنِّیْ كَفَرْتُ بِمَاۤ اَشْرَكْتُمُوْنِ مِنْ قَبْلُ ؕ— اِنَّ الظّٰلِمِیْنَ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
ස්වර්ග වාසීන් ස්වර්ගයට පිවිස නිරාවාසීන් නිරා ගින්නට පිවිසෙන කල්හි ෂෙයිතාන්, "සැබැවින්ම අල්ලාහ් නුඹලාට ලබා දී ඇති ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. නුඹලාට ප්රතිඥා දුන් දෑ ඔහු නුඹලාට ඉෂ්ඨ කර ඇත. නමුත් මම නුඹලාට දුන් ප්රතිඥාව ව්යාජ ප්රතිඥාවකි. මා නුඹලාට කවර ප්රතිඥාවක් දුන්නේ ද එය මා ඉටු කළේ නැත. මෙලොවෙහි දේව ප්රතික්ෂේපය හා මුළාව නුඹලා මත බලාත්මක කිරීමට කිසිදු අයිතියක් මට නොවීය. නමුත් නුඹලා මාගේ අනුගාමිකයින් වෙත යුහුසුළුව ගියේය. නුඹලාට අත් වූ මුළාව සම්බන්ධයෙන් නුඹලා මට දොස් නොනගනු. නුඹලා නුඹලාටම දොස් නගනු. දොස් නැගීමට වඩාත් සුදුසු වනුයේ එයයි. නුඹලාගෙන් දඬුවම වළක්වා නුඹලාට උදව් කරන්නෙකු ලෙස මා නැත. මගෙන් එය වළක්වා මට උදව් කරන්නන් ලෙස නුඹලා නැත. නැමදුමෙහි අල්ලාහ්ට ආදේශ තබමින් නුඹලා මා පත් කර ගැනීම සැබැවින්ම මම ප්රතික්ෂේප කරමි." මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තබමින් ඔහු ව ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අපේක්ෂාවෙන් බලා සිටින වේදනීය දඬුවමක් ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُدْخِلَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا بِاِذْنِ رَبِّهِمْ ؕ— تَحِیَّتُهُمْ فِیْهَا سَلٰمٌ ۟
අපරාධකරුවන් යොමු වන ස්ථානයට ප්රතිවිරුද්ධව, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් ස්වර්ග මාලිගාවන් හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුල් කරවයි. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් හා අනුමැතියෙන් ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සුබ පතයි. මලක්වරුන් ඔවුනට සුබ පතන අතරම ඔවුන්ගේ පරමාධිපති ද ඔවුනට -සලාම්- ශාන්තිය යන වදනින් සුබ පතනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ كَیْفَ ضَرَبَ اللّٰهُ مَثَلًا كَلِمَةً طَیِّبَةً كَشَجَرَةٍ طَیِّبَةٍ اَصْلُهَا ثَابِتٌ وَّفَرْعُهَا فِی السَّمَآءِ ۟ۙ
අහෝ දූතය! ලා ඉලාහ ඉල්ලල්ලාහු -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත- යන දේව ඒකීයභාවයේ ප්රකාශයට අල්ලාහ් උපමා ගෙන හැර පානුයේ කෙසේදැ?යි නුඹ නොදුටුවෙහිද? ඔහු එය දැහැමි ගසකට උපමා කළේය. එය ඉඳි ගසකි. එහි මුදුන් මුල භූමියේ ස්ථිවර පවතී. එහි මුල්වලින් එය ජලය උරා ගනියි. අහස දෙසට එසවී ඇති එහි අතු රිකිලි වලින් එය පිණි දිය උරා ගනියි. පසුව එය නැවුම් වාතය ආශ්වාස කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان سوء عاقبة التابع والمتبوع إن اجتمعا على الباطل.
•අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා යන දෙදෙනාම ව්යාජ දෙයක් මත එකතු වූයේ නම්, ඔවුනට හිමිවන නපුරු අවසානය පැහැදිලි කිරීම.

• بيان أن الشيطان أكبر عدو لبني آدم، وأنه كاذب مخذول ضعيف، لا يملك لنفسه ولا لأتباعه شيئًا يوم القيامة.
•ආදම්ගේ දරුවන්ගේ මහා සතුරා ෂෙයිතාන් බවත් සැබැවින්ම ඔහු දුර්වල මෙන්ම නීච බොරු කාරයෙකු බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හෝ ඔහු ව අනුගමනය කළවුනට හෝ කිසිවක් අයිති නොවන බවත් පැහැදිලි කිරීම.

• اعتراف إبليس أن وعد الله تعالى هو الحق، وأن وعد الشيطان إنما هو محض الكذب.
•සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සත්ය බවත් ෂෙයිතාන්ගේ ප්රතිඥාව ශුද්ධ බොරුවක් බවත් ඉබ්ලීස් පිළිගැනීම.

• تشبيه كلمة التوحيد بالشجرة الطيبة الثمر، العالية الأغصان، الثابتة الجذور.
•ඉහලට අතු විහිදී ඇති පහළට ඉතා ශක්තිමත්ව මුල් ඇඳී ඇති පල දෙන නැවුම් ගසකට තව්හීද් හෙවත් දේව ඒකීයත්වයේ ප්රතිපත්තිමය ප්රකාශය උපමා කිරීම.

تُؤْتِیْۤ اُكُلَهَا كُلَّ حِیْنٍ بِاِذْنِ رَبِّهَا ؕ— وَیَضْرِبُ اللّٰهُ الْاَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟
මෙම නැවුම් ගස එහි පරමාධිපතිගේ නියෝගය මත සෑම වේලාවකම එහි නැවුම් පළතුරු පිරි නමයි. ජනයා මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් උත්තරීතර අල්ලාහ් මෙම උදාහරණ ගෙන හැර දක්වයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَثَلُ كَلِمَةٍ خَبِیْثَةٍ كَشَجَرَةٍ خَبِیْثَةِ ١جْتُثَّتْ مِنْ فَوْقِ الْاَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ ۟
ෂිර්ක් හෙවත් කිලිටි ආදේශයේ වදනට උපමාව අස්ථාවර ගසක උපමාවය. එය කැකිරි ගසකි. එය මුල සමගම උගලනු ලැබේ. මහපොළොවෙහි ශක්තිමත්ව ස්ථාවර ව සිටිය හැකි මුල් එයට නැත. අහසට එසවී යන අතු ද නැත. එය දිරාපත් වී සුළඟට ගසාගෙන යයි. එසේම දේව ප්රතික්ෂේපයේ ප්රකාශය විනාශය වෙත නැඹුරු කරවයි. එවන් පුද්ගලයින් සතු කිසිදු යහපත් ක්රියාවක් අල්ලාහ් වෙත ආරෝහණය වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُثَبِّتُ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا بِالْقَوْلِ الثَّابِتِ فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ۚ— وَیُضِلُّ اللّٰهُ الظّٰلِمِیْنَ ۙ۫— وَیَفْعَلُ اللّٰهُ مَا یَشَآءُ ۟۠
ස්ථාවර ඒකීයත්වයේ ප්රකාශ තුළින් දෙවියන් විශ්වාස කරන්නන් එම විශ්වාසය මතම මිය යන තෙක් අල්ලාහ් ඔවුන් මෙලොව ජීවිතයේ පරිපූර්ණ දේව විශ්වාසයෙන් ස්ථාවර කරනු ඇත. එමෙන්ම බර්සක් ජීවිතයේ ඔවුන්ගේ මිනීවලවල් තුළ ප්රශ්න විමසන විට ද ඔහු ඔවුන් ස්ථාවර කරනු ඇත. අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා නිවැරදි හා ඍජු මාර්ගයෙන් පෙරළී ඔහුව ප්රතික්ෂේප කරන අපරාධකරුවන් ඔහු නොමග යන්නට ඉඩ හරිනු ඇත. ඔහුගේ යුක්ති ධර්මය අනුව කෙනෙකු නොමග යන්නට අපේක්ෂා කළේ නම් ඔහුගේ අභිමතය ඔහු සිදු කරන්නේය. ඔහුගේ භාග්යයෙන් යමෙකු යහමග යන්නට ඔහු අපේක්ෂා කළේ නම් එය වළක්වන කිසිවෙකු නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ بَدَّلُوْا نِعْمَتَ اللّٰهِ كُفْرًا وَّاَحَلُّوْا قَوْمَهُمْ دَارَ الْبَوَارِ ۟ۙ
ශුද්ධ භූමිය තුළ රැකවරණය පිදීමෙන් හා ඔවුන් අතර මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවා සිටීමෙන් ඔවුනට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන විරෝධය දැක් වූ අවස්ථාවේ ඒවා පිළිබඳ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරමින් සිටි කුරෙයිෂ්වරුන්ගේ තත්ත්වය සැබැවින්ම නුඹ දැක ඇත. එනම් එතුමාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ගෙන ආවේ ද එවන් දෑ බොරු කිරීමෙන් ඔහුගේ ආශිර්වාදය ප්රතික්ෂේප කිරීමෙනි. ඔවුහු ඔවුන්ගේ සමාජය අතරින් දේව ප්රතික්ෂේපය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළවුන් විනාශයේ නිවහන වෙත ඇද දැමුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
جَهَنَّمَ ۚ— یَصْلَوْنَهَا ؕ— وَبِئْسَ الْقَرَارُ ۟
විනාශයේ නිවහන අපාය වේ. ඔවුහු එහි පිවිස එහි උෂ්ණත්වය විඳවති. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා අයහපත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَعَلُوْا لِلّٰهِ اَنْدَادًا لِّیُضِلُّوْا عَنْ سَبِیْلِهٖ ؕ— قُلْ تَمَتَّعُوْا فَاِنَّ مَصِیْرَكُمْ اِلَی النَّارِ ۟
දෙවියන්ට ආදේශ තබන්නෝ අල්ලාහ්ට සමානයන් හා ආදේශයන් ඇති කළෝය. එය ඔවුන් එයින් මුළාවීමෙන් පසු ඔවුන් අනුගමනය කළවුන් ව ද අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග හරිනු පිණිසය. "අහෝ දූතය! ඔවුනට ‘නුඹලා කවර ආශාවන් තුළ සිටින්නෙහු ද ඒවා භුක්ති විඳිනු. මෙලොව ජීවිතයේ සැක හා කුතුහලයන් පතුරුවා හරිනු. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ නිරා ගින්න වෙතය. (බව දැනගනු) එසේ යොමු වන්නට ඒ හැර වෙනත් තැනැක් නුඹලාට නැත." යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لِّعِبَادِیَ الَّذِیْنَ اٰمَنُوْا یُقِیْمُوا الصَّلٰوةَ وَیُنْفِقُوْا مِمَّا رَزَقْنٰهُمْ سِرًّا وَّعَلَانِیَةً مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ یَوْمٌ لَّا بَیْعٌ فِیْهِ وَلَا خِلٰلٌ ۟
අහෝ දූතය! දේව විශ්වාසී මුඃමින්වරුන්ට මෙසේ පවසනු. "නුඹලා සලාතය පරිපූර්ණ ලෙස ඉටු කරනු. අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනිවාර්යය මෙන්ම සතුටු දායක කටයුතු සඳහා වියදම් කරනු. එවිට මුහුණිච්ඡාවට බියෙන් සඟවමින් ද වෙනත් අය නුඹලාව පිළිපදිනු පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරනු. ගනුදෙනු කරන කිසිදු ව්යාපාරයක් හෝ අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නට කිසිදු වන්දියෙක් හෝ මිතුරෙකු තම මිතුරාට මැදිහත් වීම තරම් මිතු දමක් හෝ නොපවතින දිනයක් පැමිණීමට පෙර නුඹලා වියදම් කරනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَاَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً فَاَخْرَجَ بِهٖ مِنَ الثَّمَرٰتِ رِزْقًا لَّكُمْ ۚ— وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِیَ فِی الْبَحْرِ بِاَمْرِهٖ ۚ— وَسَخَّرَ لَكُمُ الْاَنْهٰرَ ۟ۚ
කිසිදු පූර්වාදර්ණයකින් තොර ව අහස් උත්පාදනය කළේත්, මහපොළොව උත්පාදනය කළේත් අල්ලාහ්ය. එමෙන්ම, අහෝ ජනයිනි! ඔහු අහසින් වැසි ජලය පහළ කොට එම පහළ වූ ජලයෙන් නුඹලාට පෝෂණ සම්පත් වශයෙන් විවිධ වර්ගයේ බවභෝග ඔහු හට ගැන්වීය. ඔහුගේ නියමයට අනුකූලව ජලය මත යාත්රා කරන නැව් ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. එමෙන්ම නුඹලා පානය කරනු පිණිසත්, නුඹලාගේ ගොවිපළ සතුන් හා නුඹලාගේ ගොවිබිම්වලට ජලය සැපයීම පිණිසත් ඔහු නුඹලාට ගංගාවන් වසග කර දුන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَآىِٕبَیْنِ ۚ— وَسَخَّرَ لَكُمُ الَّیْلَ وَالنَّهَارَ ۟ۚ
අඛණ්ඩ ව ගමන් කරන හිරු හා සඳු ද ඔහු වසඟ කර දුන්නේය. එකින් පසු එකක් ලෙස පැමිණෙන රාත්රිය හා දහවල ද නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. රාත්රිය නුඹලාගේ නින්ද හා නුඹලාගේ විවේකය සඳහාය. දහවල නුඹලා දිරියෙන් හා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීම සඳහාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تشبيه كلمة الكفر بشجرة الحَنْظل الزاحفة، فهي لا ترتفع، ولا تنتج طيبًا، ولا تدوم.
•දේව ප්රතික්ෂේපයේ වදන විහිඳී ගිය කටුක කැකිරි ගසකට සමාන කිරීම. එය ඉහළට වැඩෙන්නේ නැත. එමෙන්ම යහපතක් උපදවන්නේ ද නැත. අඛණ්ඩ ව පවතින්නේ ද නැත.

• الرابط بين الأمر بالصلاة والزكاة مع ذكر الآخرة هو الإشعار بأنهما مما تكون به النجاة يومئذ.
•සලාතය හා සකාතය ඉටු කරන මෙන් වූ නියෝගය මතුලොව මෙනෙහි කිරීමත් සමග සම්බන්ධ කොට පවසා තිබීම සැබැවින්ම ඒ දෙක එදින ජය ලබන්නට හේතුවන බව සංඛේතවත් කිරීමකි.

• تعداد بعض النعم العظيمة إشارة لعظم كفر بعض بني آدم وجحدهم نعمه سبحانه وتعالى .
•මහත් ආශිර්වාදයන් කිහිපයක් ලැයිස්තු ගත කර තිබීම ආදම්ගේ දරුවන් අතරින් ඇතැමෙකු විසින් දරණ දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැකීමේ බරපතල කම පෙන්වා දෙන සංඛේතයකි.

وَاٰتٰىكُمْ مِّنْ كُلِّ مَا سَاَلْتُمُوْهُ ؕ— وَاِنْ تَعُدُّوْا نِعْمَتَ اللّٰهِ لَا تُحْصُوْهَا ؕ— اِنَّ الْاِنْسَانَ لَظَلُوْمٌ كَفَّارٌ ۟۠
නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටි සියලු දෑ ද, නුඹලා ඔහුගෙන් ඉල්ලා නොසිටි දෑ ද ඔහු නුඹලාට පිරිනැමීය. අල්ලාහ්ගේ සම්පත් නුඹලා ගණනය කරන්නේ නම් ඒවායෙහි අධිකත්වය හා ප්රමාණය බහුලව නිසා ඒවා ගණන් කිරීමට නුඹලාට නොහැකිය. ඒවායින් උදාහරණ කිහිපයක් නුඹලාට මෙනෙහි කර ඇත්තේය. සැබැවින්ම මිනිසා උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අධික ලෙස හෙළා දකිමින් ඔහු ඔහුටම අරපාධ කර ගෙන ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالَ اِبْرٰهِیْمُ رَبِّ اجْعَلْ هٰذَا الْبَلَدَ اٰمِنًا وَّاجْنُبْنِیْ وَبَنِیَّ اَنْ نَّعْبُدَ الْاَصْنَامَ ۟ؕ
අහෝ දූතය! "යා අල්ලාහ්! මාගේ පවුලේ අය පදිංචි කළාවූ මෙම නගරය එනම් මක්කා පුරවරය ආරක්ෂිත නගරයක් බවට පත් කරනු මැනව. එහි කිසිවෙකු අපරාධයට ලක් නොකරනු. මා හා මාගේ දරුවන් පිලිම වන්දනාවෙන් දුරස්ථ කරනු" යැයි ඉබ්රාහීම් ඔහුගේ පුත් ඉස්මාඊල් සහ ඔහුගේ (ඉස්මාඊල්ගේ) මව හාජරා මක්කා නිම්නයෙහි පදිංචි කළ අවස්ථාවේදී පැවැසූ කරුණු ගැන මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ اِنَّهُنَّ اَضْلَلْنَ كَثِیْرًا مِّنَ النَّاسِ ۚ— فَمَنْ تَبِعَنِیْ فَاِنَّهٗ مِنِّیْ ۚ— وَمَنْ عَصَانِیْ فَاِنَّكَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
"මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම එම පිළිමවල් තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි ජනයා සිතන තරමට බොහෝ දෙනා නොමග යවා ඇත. එමගින් ඔවුන් අර්බුදයට ලක්ව ඇත. අල්ලාහ් හැර දමා ඔවුහු ඒවාට නැමදුම් කළෝය. අල්ලාහ් ඒකීයත්වයට පත්කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි කවරෙකු මා අනුගමනය කළේ ද සැබැවින්ම ඔහු මගේ පාර්ශවයේ හා මා අනුගමනය කළවුන්ගෙන් කෙනෙකි. එමෙන්ම කවරෙකු මට පිටුපා ඔබ ව ඒකීයත්වයට පත් කිරීමෙහි හා ඔබට අවනත වීමෙහි මා අනුගමනය නො කළේ ද එවිට අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ සමාව දීමට අභිමත කළ අයගේ පව් වලට ඔබ සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اِنِّیْۤ اَسْكَنْتُ مِنْ ذُرِّیَّتِیْ بِوَادٍ غَیْرِ ذِیْ زَرْعٍ عِنْدَ بَیْتِكَ الْمُحَرَّمِ ۙ— رَبَّنَا لِیُقِیْمُوا الصَّلٰوةَ فَاجْعَلْ اَفْىِٕدَةً مِّنَ النَّاسِ تَهْوِیْۤ اِلَیْهِمْ وَارْزُقْهُمْ مِّنَ الثَّمَرٰتِ لَعَلَّهُمْ یَشْكُرُوْنَ ۟
"මාගේ පරමාධිපතියාණනි! මාගේ පරම්පරාවෙන් පිරිසක් - එනම් ඉස්මාඊල් හා ඔහුගේ දරුපරපුර - කිසිඳු ගහක් කොළක් නොමැති, ජලය නොමැති මක්කා මිටියාවතෙහි ඔබේ ශුද්ධ වූ නිවස අසළ මම පදිංචි කළෙමි. ඔවුන් එසේ ඒ අසල මා පදිංචි කළේ ඔවුහු එහි සලාතය විධිමත්ව ඉටු කරනු පිණිසය. මාගේ පරමාධිපතියාණනි! ඒ වෙතත් එම දේශය වෙතත් මිනිස් හදවත් ප්රිය කරන්නන් බවට පත් කර දෙනු. ඔවුන් වෙත ඔබ පිරිනැමූ ආශිර්වාදයන් සඳහා ඔබ කෘතඥවීමේ යහපත් බලාපොරොත්තු ඇති කර ගනු වස් ඔබ ඔවුනට (නානා ප්රකාර) පෝෂණ සම්පත් ලබා දෙනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اِنَّكَ تَعْلَمُ مَا نُخْفِیْ وَمَا نُعْلِنُ ؕ— وَمَا یَخْفٰی عَلَی اللّٰهِ مِنْ شَیْءٍ فِی الْاَرْضِ وَلَا فِی السَّمَآءِ ۟
"අපගේ පරමාධිපතියාණෙනි! අප රහසින් සිදු කරන දෑ සැබැවින්ම ඔබ දන්නෙහිය. එමෙන්ම අප ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔබ දන්නෙහිය. මහපොළොවේ හා අහසේ හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ ගැන ඔහු දන්නේය. එහෙයින් අපගේ අවශ්යතාවන් හා අසරණකම ඔහුට සැඟවී යන්නේ නැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْ وَهَبَ لِیْ عَلَی الْكِبَرِ اِسْمٰعِیْلَ وَاِسْحٰقَ ؕ— اِنَّ رَبِّیْ لَسَمِیْعُ الدُّعَآءِ ۟
"කෘතඥතාව හා ප්රශංසාව මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී මට දැහැමියන් දායාද කළ ශුද්ධවන්ත අල්ලාහ්ටම සතුය. මාගේ වයස්ගත කාලයේ හාජර් විසින් ඉස්මාඊල් ද සාරා විසින් ඉස්හාක්ද ඔබ මට පිරිනැමුවේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්ගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ اجْعَلْنِیْ مُقِیْمَ الصَّلٰوةِ وَمِنْ ذُرِّیَّتِیْ ۖۗ— رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ ۟
"මාගේ පමරධිපතියාණනි! පූර්ණ අයුරින් සලාතය ඉටු කරන්නෙකු බවට මා පත් කරනු මැනව! තවද එලෙසම මාගේ පරපුරද එය ඉටු කරන්නන් බවට පත් කරනු මැනව! මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔබ අබියස එය පිළිගැනීමට ලක් කරනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَا اغْفِرْ لِیْ وَلِوَالِدَیَّ وَلِلْمُؤْمِنِیْنَ یَوْمَ یَقُوْمُ الْحِسَابُ ۟۠
"මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමාපියන්ගේ පව්වලට ද සමාව දෙනු මැනව! (එතුමා එය ප්රකාශ කළේ එතුමාගේ පියා අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගන්නට පෙරය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැනගත් කල්හි එතුමා එයින් ඉවත් වූහ.) මිනිසුන් විනිශ්චය සඳහා ඔහුගේ පරමාධිපති අබියස නැගී සිටින දිනයේ දේව විශ්වාසීන්ගේ පව්වලටත් ඔබ සමාව දෙනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّا یَعْمَلُ الظّٰلِمُوْنَ ؕ۬— اِنَّمَا یُؤَخِّرُهُمْ لِیَوْمٍ تَشْخَصُ فِیْهِ الْاَبْصَارُ ۟ۙ
අපරාධකරුවන්ට අල්ලාහ් දඬුවම ප්රමාද කරන විට, ඔවුන්ගේ බොරු කීම ගැන හෝ අල්ලාහ්ගේ මාර්ග අවහිර කිරීම ගැන හෝ ඔවුන් සිදු කළ වෙනත් අපරාධ ගැන හෝ ඔහු අනවධානයෙන් සිටින බව නොසිතනු. ඔහු ඒ ගැන දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. එසේ ඔවුන්ගේ දඬුවම ප්රමාද කරනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පමණය. එදින ඔවුන් දෑසින් දකින ව්යසනයන්ට බියෙන් ඔවුන්ගේ බැල්ම ඉහළට එසවී තිබෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان فضيلة مكة التي دعا لها نبي الله إبراهيم عليه الصلاة والسلام.
•අල්ලාහ්ගේ නබිවරයාණන් වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන් ප්රාර්ථනා කර සිටි මක්කාවේ මහිමය විස්තර කිරීම.

• أن الإنسان مهما ارتفع شأنه في مراتب الطاعة والعبودية ينبغي له أن يخاف على نفسه وذريته من جليل الشرك ودقيقه.
•අවනතභාවයෙහි හා නැමදුමෙහි මිනිසාගේ තත්ත්වය කොතරම් උසස් වූවත් අදේශ තැබීමෙන් හා එහි සියුම්භාවයෙන් තමන් හා තම පරපුර ගැන බියවීම ඔහුට අවශ්ය වේ.

• دعاء إبراهيم عليه الصلاة والسلام يدل على أن العبد مهما ارتفع شأنه يظل مفتقرًا إلى الله تعالى ومحتاجًا إليه.
•සැබැවින්ම ගැත්තාගේ කටයුතු කෙතරම් උසස් වූවත් ඔහු උත්තරීතර අල්ලාහ් වෙත බැගෑපත් විය යුතු බවත්, තම අවශ්යතාවන් ඔහු වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දෙන සේ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාව පිහිටා ඇත.

• من أساليب التربية: الدعاء للأبناء بالصلاح وحسن المعتقد والتوفيق في إقامة شعائر الدين.
•දැහැමිකම, යහපත් ප්රතිපත්තිය හා ආගමික සංඛේත ඉටු කිරීම සඳහා ආශිර්වාදය දරුවන් වෙනුවෙන් පැතීම ඔවුන් පුහුණු කිරීමේ දී අනුගමනය කළ යුතු එක් මාධ්යයක් වන්නේය.

مُهْطِعِیْنَ مُقْنِعِیْ رُءُوْسِهِمْ لَا یَرْتَدُّ اِلَیْهِمْ طَرْفُهُمْ ۚ— وَاَفْـِٕدَتُهُمْ هَوَآءٌ ۟ؕ
ජනයා ඔවුන්ගේ මිනීවලවල් වලින් අවදි වී, නිවේදනය කරන්නා වෙත සීඝ්රයෙන් දිව යන විට ඔවුන්ගේ හිස් අහස දෙසට කණස්සල්ලෙන් එසවී පවතී. ඔවුන්ගේ බැල්ම ඔවුන් වෙත නැවත හැරී එන්නේ නැත. ඔවුන් එකිනෙකා දකින අර්බුද හේතුවෙන් ඒවා සළකුණක් වශයෙන් රුඳී පවතී. ඔවුන්ගේ හදවත් දෑසින් දකින බිහිසුණු කම හේතුවෙන් කිසිදු වැටහීමක් හෝ බුද්ධියක් හෝ නොමැතිව හිස් ව පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْذِرِ النَّاسَ یَوْمَ یَاْتِیْهِمُ الْعَذَابُ فَیَقُوْلُ الَّذِیْنَ ظَلَمُوْا رَبَّنَاۤ اَخِّرْنَاۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ۙ— نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ؕ— اَوَلَمْ تَكُوْنُوْۤا اَقْسَمْتُمْ مِّنْ قَبْلُ مَا لَكُمْ مِّنْ زَوَالٍ ۟ۙ
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබේ සමූහයාට බිය ගන්වනු. (දඬුවම හිමි වන) එම අවස්ථාවේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුට ආදේශයන් තබා ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තවුන් වනාහි "අපගේ පරමාධිපතියාණනි, අපට අවකාශය දෙනු. අපගෙන් දඬුවම ප්රමාද කරනු. ටික කලකට මෙලොවට අප හරවා එවනු. අපි නුඹ ව විශ්වාස කරන්නෙමු. නුඹ අප වෙත එවූ එම දූතයින් අපි පිළිපදින්නෙමු." යැයි පවසති. එවිට ඔවුන් හෙළා දකිමින් "සැබැවින්ම නුඹලා මරණයෙන් පසු යළි නැගිටුවනු ලැබීම හෙළා දැක මෙලොව ජීවිතයෙන් මතුලොව ජීවිතය වෙත නොයන බව දිවුරා නොසිටියෙහුදැ?"යි පිළිතුරු වශයෙන් විමසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّسَكَنْتُمْ فِیْ مَسٰكِنِ الَّذِیْنَ ظَلَمُوْۤا اَنْفُسَهُمْ وَتَبَیَّنَ لَكُمْ كَیْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْاَمْثَالَ ۟
"අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් හූද්ගේ ජනයා සහ සාලිහ්ගේ ජනයා වැනි නුඹලාට පෙර විසූ සමූහයන්ගේ වාසස්ථාන වලට නුඹලා ගොඩ බැස ඇත. ඔවුන්ට අත් වූ විනාශය නුඹලාට ඉතා පැහැදිලිය. නුඹලා උපදෙස් ලබනු පිණිස අල්ලාහ්ගේ පුස්තකයේ අපි ඒවා නුඹලාට උදාහරණ වශයෙන් ඉදිරිපත් කර ඇත්තෙමු. නමුත් නුඹලා එමගින් උපදෙස් නොලැබුවෙහුය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدْ مَكَرُوْا مَكْرَهُمْ وَعِنْدَ اللّٰهِ مَكْرُهُمْ ؕ— وَاِنْ كَانَ مَكْرُهُمْ لِتَزُوْلَ مِنْهُ الْجِبَالُ ۟
එම කූට අපරාධකාරී සමූහයා විසූ වාසස්ථානවල ගොඩ බැස්ස මොවූහු ද, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඝාතනය කිරීමටත් ඔහුගේ ප්රචාරය නවතාලීමටත් කුමන්ත්රණ කළෝය. ඔවුන්ගේ කුමන්ත්රණය ගැන අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ කූට සැලසුම් දුර්වලය. එය අල්ලාහ් ඔවුන් වෙත යොදා ඇති සැලසුම මෙන් නොව එහි දුර්වලභාවය නිසා කන්දක් හෝ වෙනත් දෙයක් හෝ ඉන් ඉවත් කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا تَحْسَبَنَّ اللّٰهَ مُخْلِفَ وَعْدِهٖ رُسُلَهٗ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ ذُو انْتِقَامٍ ۟ؕ
අහෝ දූතය! උදව් උපකාර කරන බවටත් දහම ප්රකාශනයට පත් කරන බවටත් තම දූතවරුන්ට ප්රතිඥා දුන් අල්ලාහ්, එසේ ඔහුගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ කඩ කරන්නෙකු යැයි නුඹ නොසිතනු. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔහුගේ සමීපතයින් ඔහු ගෞරව කරනු ඇත. එමෙන්ම ඔහු ඔහුගේ සතුරන්ගෙන් හා ඔහුගේ දූතවරුන්ගේ සතුරන්ගෙන් පළිගන්නාද වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ تُبَدَّلُ الْاَرْضُ غَیْرَ الْاَرْضِ وَالسَّمٰوٰتُ وَبَرَزُوْا لِلّٰهِ الْوَاحِدِ الْقَهَّارِ ۟
දෙවියන් ප්රතික්ෂේප කළ ජනයාට සමප්රතිචාර දැක්වීම සිදුවනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදීය. එදින මෙම පොළෝතලය සුදුවන් පිවිතුරු වෙනත් භූමියක් බවට වෙනස් කරනු ලැබේ. පවතින අහස් වෙනත් අහස් බවට පත් කරනු ලැබේ. ජනයා ඔවුන්ගේ මිනීවලවල් තුළින් ඔවුන්ගේම ශරීර සමග ඔවුන්ගේ සිදු කළ ක්රියාවන් රැගෙන ආධිපත්යයෙන් හා බලයෙන් ඒකාධිපති වූ අල්ලාහ් අබියස සිටගෙන සිටිනු ඇත. ඔහු මැඩලන්නාය. ඔහු මැඩලන්නාක් මෙන් කිසිවෙකු මැඩලන්නේ නැත. ඔහු අබිබවා යන මෙන් කිසිවෙකු අබිබවා යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَی الْمُجْرِمِیْنَ یَوْمَىِٕذٍ مُّقَرَّنِیْنَ فِی الْاَصْفَادِ ۟ۚ
අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළඳින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَرَابِیْلُهُمْ مِّنْ قَطِرَانٍ وَّتَغْشٰی وُجُوْهَهُمُ النَّارُ ۟ۙ
අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළදින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیَجْزِیَ اللّٰهُ كُلَّ نَفْسٍ مَّا كَسَبَتْ ؕ— اِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
එය සෑම ආත්මයක්ම ඔවුනොවුන් කළ යහපත් හෝ අයහපත් ක්රියාවන් සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ක්රියාවන් සඳහා ඉතා සීග්රයෙන් විනිශ්චය කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا بَلٰغٌ لِّلنَّاسِ وَلِیُنْذَرُوْا بِهٖ وَلِیَعْلَمُوْۤا اَنَّمَا هُوَ اِلٰهٌ وَّاحِدٌ وَّلِیَذَّكَّرَ اُولُوا الْاَلْبَابِ ۟۠
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද මෙම කුර්ආනය අල්ලාහ් වෙතින් ජනයාට දන්වා ඇති නිවේදනයකි. එය එහි ඇති දැඩි අවවාදයන් හා බිය ගැන්වීම් තුළින් ඔවුන් බිය කරවනු පිණිසය. තවද නැමදුමට සුදුස්සා සැබැවින්ම අල්ලාහ් පමණක් බව දැනගෙන, ඔවුන් ඔහුට නමැද කිසිවක් ඔහුට ආදේශ නොකරනු පිණිසය. තවද එමගින් උපදෙස් ලබා, මනා බුද්ධිය ඇත්තවුන් පාඩම් ලබනු පිණිසය. සැබැවින්ම මෙහි ඇති උපදෙස් හා පාඩම්වලින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تصوير مشاهد يوم القيامة وجزع الخلق وخوفهم وضعفهم ورهبتهم، وتبديل الأرض والسماوات.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශනය, මැවිම් තුළ පවතින බිය, ඔවුන්ගේ ත්රාසය ඔවුන්ගේ දුර්වලභාවය හා ඔවුන්ගේ ත්රස්ථය විචිත්රවත් කිරීම. අහස් හා පොළොව පෙරළීම.

• وصف شدة العذاب والذل الذي يلحق بأهل المعصية والكفر يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේප කළවුන් හා පාපතරයින් හට අත් වන අවමානය හා දැඩි දඬුවම විස්තර කිරීම.

• أن العبد في سعة من أمره في حياته في الدنيا، فعليه أن يجتهد في الطاعة، فإن الله تعالى لا يتيح له فرصة أخرى إذا بعثه يوم القيامة.
•ගැත්තා තම මෙලොව ජීවිතයේ තම කටයුතුවලදී සමෘධිය ලැබිය යුතු නම් අල්ලාහ්ට අවනතවීමේ කටයුතු වලදී ඔහු කැප විය යුතුය. සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ව යළි අවදි කරන විට තවත් අවකාශයක් ඔහු ඔහුට පිරි නමන්නේ නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ኢብራሂም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት