Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል   አንቀጽ:
ثُمَّ یَوْمَ الْقِیٰمَةِ یُخْزِیْهِمْ وَیَقُوْلُ اَیْنَ شُرَكَآءِیَ الَّذِیْنَ كُنْتُمْ تُشَآقُّوْنَ فِیْهِمْ ؕ— قَالَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ اِنَّ الْخِزْیَ الْیَوْمَ وَالسُّوْٓءَ عَلَی الْكٰفِرِیْنَ ۟ۙ
පසුව, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් අවමානයට හා අපහාසයට ලක් කරමින්, "නැමදුමෙහි මා සමග නුඹලා හවුල්කරගත් නුඹලාගේ ආදේශකයින් කොහේද? නුඹලා ඔවුන් හේතුවෙන් මාගේ නබිවරුන් හා දේව විශ්වාසීන්ට එරෙහි ව කටයුතු කරමින් සිටියෙහුය" යැයි ඔවුනට ඔහු පවසයි. ඥානය දෙනු ලැබූ විද්වතුන් "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අවමානය හා දඬුවම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අත්වන්නේය" යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ تَتَوَفّٰىهُمُ الْمَلٰٓىِٕكَةُ ظَالِمِیْۤ اَنْفُسِهِمْ ۪— فَاَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِنْ سُوْٓءٍ ؕ— بَلٰۤی اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් විසින් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගනු ලබන්නන් වනාහි, ඔවුහු අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් අපරාධවල වෙළී සිටියෝය. ඔවුනට මරණය පහළ වූ කල්හි එයට යටහත් වූවෝය. ඔවුන් සිදුකරමින් ආ දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දුටුවෝය. එසේ හෙළා දැකීම තමන්ට ප්රයෝජනවත් වනු ඇතැයි ඔවුහු සිතූහ. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. "නුඹලා බොරු පවසා ඇත. පාපය ගැන දැන දැනම දේව ප්රතික්ෂේපකයින් ලෙස නුඹලා සිටියෙහුය. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَادْخُلُوْۤا اَبْوَابَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ؕ— فَلَبِئْسَ مَثْوَی الْمُتَكَبِّرِیْنَ ۟
නුඹලාගේ ක්රියාවන්ට සරිලන පරිදි නිරයේ දොරටුවලින් පිවිස, එහි සදා කල් ගත වෙසෙනු. අල්ලාහ් විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් උඩඟුවූවන් හට එම නවාතැන වඩාත් නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقِیْلَ لِلَّذِیْنَ اتَّقَوْا مَاذَاۤ اَنْزَلَ رَبُّكُمْ ؕ— قَالُوْا خَیْرًا ؕ— لِلَّذِیْنَ اَحْسَنُوْا فِیْ هٰذِهِ الدُّنْیَا حَسَنَةٌ ؕ— وَلَدَارُ الْاٰخِرَةِ خَیْرٌ ؕ— وَلَنِعْمَ دَارُ الْمُتَّقِیْنَ ۟ۙ
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්ගෙන්, "නුඹලාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට කවර කරුණක් නුඹලාගේ පරමාධිපති පහළ කළේ දැ?" යි විමසනු ලැබේ. ඔවුහු පිළිතුරු දෙමින් "අල්ලාහ් ඔහුට අති විශිෂ්ට යහපත පහළ කර ඇත" යැයි පවසති. අල්ලාහ්ට විධිමත් අයුරින් නැමදුම් කොට ඔහුගේ මැවීම් සමග අලංකාර අයුරින් ගනුදෙනු කළවුන් වනාහි, ඔවුනට මෙලොව ජීවිතයේ යහපත් තිළිණ ඇත. ඒ අතරින් උපකාරය හා පෝෂණ සම්පත්වල සමෘධිය ද වේ. මතුලොවෙහි අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් ඉක්මණින් පතන දෑට වඩා ඔවුනට යහපත්ය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමතුන් ලෙස කටයුතු කළවුන්ගේ මතුලොව නිවහන යහපත්ම විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ لَهُمْ فِیْهَا مَا یَشَآءُوْنَ ؕ— كَذٰلِكَ یَجْزِی اللّٰهُ الْمُتَّقِیْنَ ۟ۙ
ස්ථාවර වාසස්ථාන හා ස්ථායී ස්වර්ගයේ උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බසියි. එම උයන්හි ඔවුන් ආශා කරන ආහාර පාන මෙන්ම වෙනත් දෑ ද ඔවුනට ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්රජාව අතර බැතිමත් ව කටයුතු කළවුනට මෙවන් ප්රතිඵල පිරිනමනු ලබන්නාක් මෙන්ම පෙර විසූ සමූහයන් අතර බැතිමත් ව කටයුතු කළවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ تَتَوَفّٰىهُمُ الْمَلٰٓىِٕكَةُ طَیِّبِیْنَ ۙ— یَقُوْلُوْنَ سَلٰمٌ عَلَیْكُمُ ۙ— ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
දේව ප්රතික්ෂේපයෙන් තම හදවත් පිරිසිදු කරගත් තත්ත්වයේ මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නන් වනාහි, ඔවුන් සමග මලක්වරු කතා කරමින්, "නුඹලාට ශාන්තිය අත්වේවා! සියලුම උවදුරුවලින් නුඹලා නිදහස් වී ඇත. නිවැරදි විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා මෙලොවෙහි සිදු කරමින් ආ දෑ සමග නුඹලා ස්වර්ග උයනට පිවිසෙනු" යැයි පවසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَلْ یَنْظُرُوْنَ اِلَّاۤ اَنْ تَاْتِیَهُمُ الْمَلٰٓىِٕكَةُ اَوْ یَاْتِیَ اَمْرُ رَبِّكَ ؕ— كَذٰلِكَ فَعَلَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— وَمَا ظَلَمَهُمُ اللّٰهُ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
දෙවියන්ට ආදේශ කරන මෙම බොරුකාරයින්, ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගැනීමටත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ පිටවල්වලට පහර එල්ල කිරීමටත් ඔවුන් වෙත මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් පැමිණීම හෝ මෙලොවෙහි දඬුවම ඔවුනට අත්කර දෙන අල්ලාහ්ගේ නියෝගය පැමිණීම හෝ මිස වෙනෙකක් ඔවුන් බලාපොරොත්තු නොවන්නේද?. මක්කාවේ විසූ මෙම දේව ආදේශකයින් සිදු කළ ක්රියාව හා සමානව ඔවුනට පෙර සිටි දේව ආදේශකයින් ද සිදු කළෝය. එවිට අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් විනාශ කරන මොහොතේ ඔහු ඔවුනට අපරාධ නොකළේය. නමුත් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට විනාශයේ සාධක ගෙන එමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَصَابَهُمْ سَیِّاٰتُ مَا عَمِلُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
ඔවුන් සිදු කරමින් සිටි ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ දඬුවම් ඔවුනට පහළ විය. ඔවුනට එය මෙනෙහි කරනු ලැබූ කල්හි ඒ ගැන සරදම් කරමින් සිටි දඬුවම ඔවුන් වෙළා ගත්තේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فضيلة أهل العلم، وأنهم الناطقون بالحق في الدنيا ويوم يقوم الأشهاد، وأن لقولهم اعتبارًا عند الله وعند خلقه.
•දැනුමැත්තන්ගේ මහිමය. මෙලොවදීත්, සාක්ෂිකරුවන් පෙනී සිටින දිනයේදීත් සැබැවින්ම ඔවුන් සත්යයම කතා කරන්නෝ වෙති. සැබැවින්ම ඔවුන්ගේ ප්රකාශයට අල්ලාහ් අබියස හා ඔහුගේ මැවීම් අබියස සැලකිල්ලක් තිබිණ.

• من أدب الملائكة مع الله أنهم أسندوا العلم إلى الله دون أن يقولوا: إنا نعلم ما كنتم تعملون، وإشعارًا بأنهم ما علموا ذلك إلا بتعليم من الله تعالى.
•අල්ලාහ් සමග මලක්වරුන් කටයුතු කිරීමේදී ඔවුන් සතු විනයක් වනුයේ "නුඹලා නොදන්නා දෑ සැබැවින්ම අපි දනිමු" යැයි පවසා සිටීමෙන් තොර ව සැබැවින්ම දැනුම අල්ලාහ් වෙත එකතු කිරීමයි. එය සැබැවින්ම ඒවා ඔවුන් සිදු කරනුයේ උත්තරීතර අල්ලාහ්ගේ ඉගැන්වීමෙනි යැයි පෙන්වා දීමටයි.

• من كرم الله وجوده أنه يعطي أهل الجنة كل ما تمنوه عليه، حتى إنه يُذَكِّرهم أشياء من النعيم لم تخطر على قلوبهم.
•ස්වර්ගවාසීන්හට ඔවුන් කැමති සියල්ල පිරි නැමීම අල්ලාහ්ගේ උපකාරයෙන් එකකි. ඔවුන් නොසිතූ ප්රීතිමත් දේවල් ඔහු ඔවුනට සිහිපත් කරයි.

• العمل هو السبب والأصل في دخول الجنة والنجاة من النار، وذلك يحصل برحمة الله ومنَّته على المؤمنين لا بحولهم وقوتهم.
•දැහැමි ක්රියාවන්හි නිරත වීම ස්වර්ගයට පිවිසීමෙහි හා නිරයෙන් ආරක්ෂා වීමෙහි ප්රධාන මූල ධර්මයකි. සාධකයකි. එය අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය තුළින් දේව විශ්වාසීන් හට ලැබෙන අතර ඔවුන්ගේ උත්සාහය හා ශක්තිය මත සිදුවන්නක් නොවේ.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት