Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል   አንቀጽ:
وَاَلْقٰی فِی الْاَرْضِ رَوَاسِیَ اَنْ تَمِیْدَ بِكُمْ وَاَنْهٰرًا وَّسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۙ
නුඹලාට මහපොළොව කම්පනය නොවන සේ එය ඇළ නොවන සේ ඒ මත කඳු හෙළා එය ශක්තිමත් කළේය. නුඹලා ජලය පානය කිරීම පිණිසත් නුඹලාගේ ගොවිපල සතුන් හා ගොයමට ජලය පවහනය කිරීම පිණිසත් ඔහු එහි ගංගාවන් ගලා යන්නට සැලසීය. නුඹලා ගමන් කරනු පිණිස මාර්ග ඇති කළේය. එහෙයින් නුඹලා අතරමං නොවී නුඹලා අපේක්ෂා කරන ස්ථානයට නුඹලා සේන්දු වන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعَلٰمٰتٍ ؕ— وَبِالنَّجْمِ هُمْ یَهْتَدُوْنَ ۟
දහවල් කාලයේ ගමනෙහි දී නුඹලා මග හඳුනාගත හැකි පරිදි මතුපිටින් පිහිටන සළකුණු නුඹලා වෙනුවෙන් ඔහු මහපොළොවේ ඇති කළේය. එමෙන්ම රාත්රී කාලයේ මග හඳුනාගැනීමේ බලාපොරොත්තුවෙන් අහස්හි තාරකාවන් නුඹලා වෙනුවෙන් ඇති කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَمَنْ یَّخْلُقُ كَمَنْ لَّا یَخْلُقُ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
මෙම වස්තූන් මෙන්ම වෙනත් දෑ මවන්නා, කිසිවක් මැවිය නොහැකි අය මෙන් සමාන විය හැකි ද? සියලු දේ මවන අල්ලාහ්ගේ බලමහිමය නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද? ඔහුට පමණක් නැමදුම් කළ යුතු නොවේ ද? කිසිවක් මැවිය නොහැකි දෑ, ඔහුට ආදේශ කිරීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ تَعُدُّوْا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوْهَا ؕ— اِنَّ اللّٰهَ لَغَفُوْرٌ رَّحِیْمٌ ۟
අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති, අති බහුල ආශිර්වාදයන් ගණන් කර බැලීමට හා ඒවා සටහන් කිරීමට නුඹලා උත්සාහ දැරුව ද එහි ඇති අධිකත්වය හා විවිධත්වය හේතුවෙන් එසේ ගණන් කිරීමට හෝ සටහන් කිරීමට හෝ නුඹලාට නොහැකිය. කතෘඥ වීමට අමතක කිරීම නිසාවෙන් ඔහු නුඹලා ව ග්රහණය නොකරන තරමට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. පාපකම් හා ඔහුට කෘතවේදී වීමේ දී අඩපාඩුකම් ඇති කිරීම හේතුවෙන් ඒවා කපා නොහරින තරමට ඔහු මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ یَعْلَمُ مَا تُسِرُّوْنَ وَمَا تُعْلِنُوْنَ ۟
අහෝ ගැත්තනි! නුඹලාගේ ක්රියාදාමයන් අතරින් නුඹලා සඟවන දෑ අල්ලාහ් දනී. එමෙන්ම ඒවායින් ප්රසිද්ධියට පත් කරන දෑ ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ لَا یَخْلُقُوْنَ شَیْـًٔا وَّهُمْ یُخْلَقُوْنَ ۟ؕ
අල්ලාහ්ගෙන් තොර ව ඔහුට ආදේශ තබන්නන් නමදිමින් සිටින අය වනාහි ඔවුන් කිසිවක් හෝ සුළු වශයෙන් හෝ මවන්නට හැකි අය නොවෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින අය ඔවුන් විසින්ම තැනූ අය වෙති. එසේ තිබිය දී අල්ලාහ්ගෙන් තොර ව ඔවුන්ගේ අත්වලින් නිමැයුම් කළ පිළිමවලට ඔවුන් වන්දනාමාන කරනුයේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْوَاتٌ غَیْرُ اَحْیَآءٍ ؕۚ— وَمَا یَشْعُرُوْنَ ۙ— اَیَّانَ یُبْعَثُوْنَ ۟۠
ඔවුන්ගේ අත්වලින්ම ඒවා තනා, ඒවාට නැමදුම් කරමින් සිටිය ද, ඒවා කිසිදු ජීවයක් හෝ ප්රඥාවක් හෝ නොමැති භෞතික වස්තු වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට වන්දනාමාන කළවුන් සමග ඒවා නිරා ගින්නට හෙළනු ලබනු පිණිස ඒවා යළි අවදි කරනු ලබනුයේ කවදාදැයි ඒවා නොදනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَالَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ قُلُوْبُهُمْ مُّنْكِرَةٌ وَّهُمْ مُّسْتَكْبِرُوْنَ ۟
සැබෑ ලෙස නුඹලාගේ වන්දනාවට පාත්ර විය යුත්තේ, ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැති, නැදුමට සුදසු එකම දෙවිඳුන් අල්ලාහ් පමණය. විනිශ්චය සඳහා යළි අවදි කරනු ලැබීම විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුනට ඒ ගැන බියක් නොමැති බැවින් අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුන්ගේ හදවත් ප්රතික්ෂේප කරති. එම හදවත් කිසිදු විනිශ්චයක් ගැන හෝ දඬුවමක් ගැන විශ්වාස නොකරති. ඔවුහු අහංකාරයෙන් පෙළෙති. සත්ය පිළි නොගනිති. එයට යටහත් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا جَرَمَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْمُسْتَكْبِرِیْنَ ۟
සැබෑ ලෙසින්ම ඔවුන් සඟවන ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. එමෙන්ම ඔවුන් ඒවායින් හෙළි කරන දෑ ද ඔහු දනී. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම ශුද්ධවන්තයාණන් තමන්ට නැමදුම් කිරීමෙන් හා තමන්ට යටත් වීමෙන් අහංකාරකම් පාන්නන් ප්රිය නොකරයි. ඔවුන් ව දැඩි ලෙස පිළිකුල් කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا قِیْلَ لَهُمْ مَّاذَاۤ اَنْزَلَ رَبُّكُمْ ۙ— قَالُوْۤا اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟ۙ
මැවුම්කරුගේ ඒකීයත්වය ප්රතික්ෂේප කරන යළි නැගිටුවනු ලැබීම බොරු කරන මොවුන්ගෙන් "මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කර ඇත්තේ කුමක් දැ?’යි විමසා සිටින විට ඔවුහු, "එතුමා කෙරෙහි කිසිවක් පහළ කර නැත. පැරැණ්නන්ගේ කතා හා ප්රබන්ධයන් ගෙන ආවේ ඔහු විසින්මය" යැයි පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیَحْمِلُوْۤا اَوْزَارَهُمْ كَامِلَةً یَّوْمَ الْقِیٰمَةِ ۙ— وَمِنْ اَوْزَارِ الَّذِیْنَ یُضِلُّوْنَهُمْ بِغَیْرِ عِلْمٍ ؕ— اَلَا سَآءَ مَا یَزِرُوْنَ ۟۠
කිසිදු අඩුවකින් තොර ව ඔවුන්ගේ පාපකම් ඉසිලීමත්, අඥානකම හා අනුකරණය හේතුවෙන් ඉස්ලාමයෙන් ඔවුන් නොමඟ යැවූ අයගේ පාපකම් ද ඉසිලීමත් ඔවුන්ගේ ඉරණම වනු පිණිසය. ඔවුන්ගේ පාපකම් හා ඔවුන් අනුගමනය කළ අයගේ පාපකම් ඔවුන් ඉසිලීම කෙතරම් දැඩි පිළිකුල් සහගත කරුණක් ද!
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ مَكَرَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَاَتَی اللّٰهُ بُنْیَانَهُمْ مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَیْهِمُ السَّقْفُ مِنْ فَوْقِهِمْ وَاَتٰىهُمُ الْعَذَابُ مِنْ حَیْثُ لَا یَشْعُرُوْنَ ۟
මොවුනට පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ දූතයින්ට කුමන්ත්රණ කරමින් පැමිණියෝය. ඔවුන් තනාගත් ගොඩනැගිලි මුලිනුපුටා දමා අල්ලාහ් විනාශ කළේය. ඔවුනට ඉහළින් ඇති ඔවුන්ගේ වහලවල් ඔවුන් මත කඩා වැටිණ. ඔවුන් බලාපොරොත්තු නොවූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ ගොඩනැගිලි ඔවුන්ව ආරක්ෂා කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළෝය. නමුත් ඔවුන් ඒවා මගින් විනාශ කරනු ලැබුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات من أصناف نعم الله على العباد شيء عظيم، مجمل ومفصل، يدعو الله به العباد إلى القيام بشكره وذكره ودعائه.
•අල්ලාහ් තම ගැත්තන් හට කළ විවිධ ආශිර්වාද වර්ග අතරින් පවතින සංඥාවන් තුළ අති වැදගත් පූර්ණවත් පැහැදිලි කරුණක් ඇත. එමගින් ඔහුට කෘතඥ වීමටත් ඔහුව මෙනෙහි කිරීමටත්, ඔහුගෙන් ප්රාර්ථනා කිරීමටත් අල්ලාහ් තම ගැත්තන්ට ඇරයුම් කරයි.

• طبيعة الإنسان الظلم والتجرُّؤ على المعاصي والتقصير في حقوق ربه، كَفَّار لنعم الله، لا يشكرها ولا يعترف بها إلا من هداه الله.
• අයුක්තිය, නිර්භීත ව පාපකම් සිදු කිරීම, තම පරමාධිපතිගේ වගකීම් වල අඩුපාඩු සිදු කිරීම, ඔහුගේ ආශිර්වාද දැඩි සේ ප්රතික්ෂේප කිරීම යනාදිය මිනිස් ස්වභාවයයි. අල්ලාහ් කවරෙකුට මග පෙන්වූයේ ද එවන් අය හැර වෙනත් කිසිවෙකු ඒ සඳහා ඔහුට කෘතඥ වන්නේ නැත. ඒවා පිළිගන්නේ නැත.

• مساواة المُضِلِّ للضال في جريمة الضلال؛ إذ لولا إضلاله إياه لاهتدى بنظره أو بسؤال الناصحين.
•නොමග යෑම යන වරදෙහි නොමග යන්නා මෙන්ම නොමග යවන්නා ද සමාන තත්ත්වයේ පසුවෙයි. ඔහු ඔහු ව නොමග නොයැව්වේ නම් ඔහුගේ දැක්මෙන් හෝ උපදේශකවරුන්ගෙන් විමසීමෙන් හෝ ඔහු යහමග ලබනු ඇත.

• أَخْذ الله للمجرمين فجأة أشد نكاية؛ لما يصحبه من الرعب الشديد، بخلاف الشيء الوارد تدريجيًّا.
•පියවරෙන් පියවර පැමිණෙන දඬුවමට විරුද්ධ ව දැඩි ලෙස භීතියෙන් ඔවුන් වෙළා ඇති බැවින් ක්ෂණිකව වැරදිකරුවන් අල්ලාහ්ගේ ග්රහණයට හසුවීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት