የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (57) ምዕራፍ: ሱረቱ አል ከህፍ
وَمَنْ اَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِاٰیٰتِ رَبِّهٖ فَاَعْرَضَ عَنْهَا وَنَسِیَ مَا قَدَّمَتْ یَدٰهُ ؕ— اِنَّا جَعَلْنَا عَلٰی قُلُوْبِهِمْ اَكِنَّةً اَنْ یَّفْقَهُوْهُ وَفِیْۤ اٰذَانِهِمْ وَقْرًا ؕ— وَاِنْ تَدْعُهُمْ اِلَی الْهُدٰی فَلَنْ یَّهْتَدُوْۤا اِذًا اَبَدًا ۟
තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, එහි ඇති දඬුවම පිළිබඳ අවවාදය නොසළකා හැර, එහි ඇති උපදෙස් හෙළා දැක, තමන් මෙලොව ජීවතයේ සිදු කළ පාපකම් හා දේවත්වය ප්රතික්ෂේප කිරීම ගැන අමතක කර දමා, ඒ සඳහා පාපක්ෂමාව ඉල්ලා නොසිටිය අයට වඩා දරුණු අපරාධකරුවෙකු වෙනත් නැත. මෙසේ විස්තර කළ අයගේ හදවත් මත අල් කුර්ආනය වටහා ගත නොහැකි සේ සැබැවින්ම අපි ආවරණයක් ඇති කළෙමු. ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. එහෙයින් පිළිගන්නා අයුරින් එයට සවන් දීමට ඔවුනට නොහැක. නුඹ ඔවුන් දේව විශ්වාසය වෙත ඇරයුම් කළ ද ඔවුන්ගේ හදවත් මත එම ආවරණය තිබෙන කල්තාක් කිසි විටෙක නුඹේ ඇරයුමට ඔවුන් පිළිතුරු නොදෙන්නේමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظمة القرآن وجلالته وعمومه؛ لأن فيه كل طريق موصل إلى العلوم النافعة، والسعادة الأبدية، وكل طريق يعصم من الشر.
•අල් කුර්ආනයේ මහිමය, එහි කීර්තිය හා එහි පොදුතාවය. සැබැවින්ම එහි ප්රයෝජනවත් දැනුම, සදාතනික සුවය වෙත ළඟා කරවන සියලුම මාර්ග හා උවදුරුවලින් ආරක්ෂා වීමේ සියලුම මාර්ග එහි ඇතුළත්ව තිබීම ඊට හේතුවයි.

• من حكمة الله ورحمته أن تقييضه المبطلين المجادلين الحق بالباطل من أعظم الأسباب إلى وضوح الحق، وتبيُّن الباطل وفساده.
•අල්ලාහ්ගේ ප්රඥාව හා ඔහුගේ කරුණා දයාව නම්, සත්යයට එරෙහිව අසත්යයෙන් තර්ක කරන ව්යාජ පුද්ගලයින් සීමා කිරීම සත්ය පැහැදිලි කිරීමටත් අසත්යය හා එහි අර්බුධ පැහැදිලි කිරීමටත් අතිමහත් සාධකයකි.

• في الآيات من التخويف لمن ترك الحق بعد علمه أن يحال بينه وبين الحق، ولا يتمكن منه بعد ذلك، ما هو أعظم مُرَهِّب وزاجر عن ذلك.
•සත්ය දැනගත් පසු, එය අතහැර දමන්නන්හට ඔවුන් අතර හා ඒ අතර බාධකයක් ඇතිවීම හා ඉන් පසුව එයට කිසිදු ඉඩ ප්රස්ථාවක් නොමැති වීම ගැන බිය ගැන්වීමක් මෙම පාඨවල සඳහන්ව ඇත. එය වඩාත් බිය දන්වන බරපතල කරුණකි. එමෙන්ම හෙළා දැකීමකි.

• فضيلة العلم والرحلة في طلبه، واغتنام لقاء الفضلاء والعلماء وإن بعدت أقطارهم.
•දැනුම හා එය සොයා යෑමේ මහිමය. විශේෂඥයින් හා උගතුන් දුර ප්රදේශවල විසූවද ඔවුන් හමුවීම සඳහා කාලය වෙන්කර ගත යුතුයි.

• الحوت يطلق على السمكة الصغيرة والكبيرة ولم يرد في القرآن لفظ السمك، وإنما ورد الحوت والنون واللحم الطري.
•‘හූත්’ නම් පදය ලොකු කුඩා මත්සයින් සඳහා භාවිත කරන පොදු නාමයකි. අල් කුර්ආනයේ ‘අස්සමක්’ මාළුවා නම් පදයෙන් භාවිතා වී නැත. එහි පැමිණ ඇත්තේ ‘හූත්’ තල්මසා, අන්නූන්- ආදා සහ ‘අල්ලහ්මුත් තරී’ පුෂ්ටිමත් මස් සහිත යනුවෙනි.

 
የይዘት ትርጉም አንቀጽ: (57) ምዕራፍ: ሱረቱ አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት