የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (82) ምዕራፍ: ሱረቱ አል ከህፍ
وَاَمَّا الْجِدَارُ فَكَانَ لِغُلٰمَیْنِ یَتِیْمَیْنِ فِی الْمَدِیْنَةِ وَكَانَ تَحْتَهٗ كَنْزٌ لَّهُمَا وَكَانَ اَبُوْهُمَا صَالِحًا ۚ— فَاَرَادَ رَبُّكَ اَنْ یَّبْلُغَاۤ اَشُدَّهُمَا وَیَسْتَخْرِجَا كَنْزَهُمَا ۖۗ— رَحْمَةً مِّنْ رَّبِّكَ ۚ— وَمَا فَعَلْتُهٗ عَنْ اَمْرِیْ ؕ— ذٰلِكَ تَاْوِیْلُ مَا لَمْ تَسْطِعْ عَّلَیْهِ صَبْرًا ۟ؕ۠
"මා ප්රතිසංස්කරණය කළ එම තාප්පය වනාහි එය මා ප්රතිසංස්කරණය කරන විට නුඹ එය හෙළා දුටුවෙහිය. අප ගිය එම නගරයේ පියා අහිමි කුඩා දරුවන් දෙදෙනෙකු වූහ. ඔවුන් දෙදෙනා වෙනුවෙන් වළ දමන ලද නිධන් වස්තුවක් එම තාප්පය යට විය. එම කුඩා දරුවන් දෙදෙනාගේ පියාණන් දැහැමියෙකු විය. එහෙයින් අහෝ මූසා! ඔබේ පරමාධිපති ඔවුන් දෙදෙනා නිසි වයසට පත් වී වැඩුණු පසු එයට යටින් වලලා ඇති ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව හෙළි කිරීමට සිතුවේය. දැන් ඒ තාප්පය කඩා වැටුණේ නම් ඔවුන් දෙදෙනාගේ නිධන් ධනය මතු වනු ඇත. එය නාස්ති වී යන්නට ඉඩ තිබිණ. මෙම සැළසුම ඔවුන් දෙදෙනාට නුඹේ පරමාධිපති වෙතින් ලැබුණු ආශිර්වාදයක් විය. මේ සියල්ල මා සිදු කළේ මාගේ ස්වයං පරීක්ෂණය තුළින් නොවේ. ඔබ ඉවසීමෙන් බලා නොසිටි දෑහි විස්තරය එය වේ" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب التأني والتثبت وعدم المبادرة إلى الحكم على الشيء.
•කරුණක් සම්බන්ධයෙන් විනිශ්චය කිරීමේදී ඉක්මන් නොවීම, හික්මීම හා ස්ථාවරත්වය පිළිපැදීමේ අනිවාර්යය භාවය.

• أن الأمور تجري أحكامها على ظاهرها، وتُعَلق بها الأحكام الدنيوية في الأموال والدماء وغيرها.
•සියලු කරුණුවල තීන්දු ක්රියාත්මක වනුයේ ඒවායෙහි හෙළිවන දෑ පදනම් කරගෙනය. ධනය ජීවිත හා වෙනත් දෑහී ලෞකික නීති බැඳෙනුයේ ඒ මතය.

• يُدْفَع الشر الكبير بارتكاب الشر الصغير، ويُرَاعَى أكبر المصلحتين بتفويت أدناهما.
• සුළු හානියක් සිදු කිරීමෙන් මහා හානියක් වැළැක්වීම. ඒ දෙකින් වඩාත් පහත් දෑ අතහැර ඒ දෙකින් වඩාත් යහපත දෑ ගැන සැලකිලිමත් වීම.

• ينبغي للصاحب ألا يفارق صاحبه ويترك صحبته حتى يُعْتِبَه ويُعْذِر منه.
•තම මිතුරාට අවවාද දී නිදහසට කරුණු ඉදිරිපත් කරන තෙක් ඔහු ව වෙන් නොකළ යුතුය; අතහැර නොදමිය යුතුය.

• استعمال الأدب مع الله تعالى في الألفاظ بنسبة الخير إليه وعدم نسبة الشر إليه .
•අල්ලාහ් සමග බැඳුණු වචන භාවිතයේ දී යහපත් වචන භාවිතා කිරීම සහ අයහපත බැඳුණු වචන භාවිතයෙන් තොරව ඔහු වෙත විනයානුකූලව කටයුතු කිරීම.

• أن العبد الصالح يحفظه الله في نفسه وفي ذريته.
•සැබැවින්ම දැහැමි ගැත්තා වනාහි අල්ලාහ් ඔහු විෂයයෙහි හා ඔහුගේ පරම්පරාව විෂයයෙහි අරක්ෂා කරනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (82) ምዕራፍ: ሱረቱ አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት