የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል-ሙዕሚኑን   አንቀጽ:

සූරා අල් මුඃමිනූන්

ከመዕራፉ ዓላማዎች:
بيان فلاح المؤمنين وخسران الكافرين.
දේවත්වය විශ්වාස කරන්නන් සතු ජය හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සතු පරාජය පැහැදිලි කිරීම.

قَدْ اَفْلَحَ الْمُؤْمِنُوْنَ ۟ۙ
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දහම අනුව කටයුතු කළවුන් වනාහි, ඔවුන් පතන දෑ හිමි කර ගෙන, ඔවුන් බියට පත් වූ දැයින් මිදී සැබැවින්ම ඔවුන් ජය ලැබුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ هُمْ فِیْ صَلَاتِهِمْ خٰشِعُوْنَ ۟ۙ
ඔවුන්ගේ සලාතයේ දී ඉතා යටහත් පහත්ව කටයුතු කරන්නෝ වෙති. එහිදී ඔවුන්ගේ අවයව තැන්පත්ව තබා ගනිති. ඔවුන්ගේ සිත් කාර්යබහුලත්වයෙන් හිස් කර ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, නිෂ්ඵල දැයින්, පුහු දැයින් හා පාපය ඇති කරන ක්රියාවන් හා ප්රකාශවලින් වැළකී සිටින්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ لِلزَّكٰوةِ فٰعِلُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, ඔවුන්ගේ ආත්මාවන් පහත් ගතිගුණවලින් පිවිතුරු කිරීම සඳහාත් ඔවුන්ගේ ධනය පිරිසිදු කිරීම සඳහා ඒ සඳහා දිය යුතු සකාත් නිකුත් කරමින් කටයුතු කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ لِفُرُوْجِهِمْ حٰفِظُوْنَ ۟ۙ
දුරාචාරය, සමලිංගික සේවනය හා අශීලාචාර කාමුක හැසිරීම් වැනි දැයින් ඔවුන්ගේ ලිංගේන්ද්රියන් දුරස් කරමින් ඒවා ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුන් පතිවත රකින පිවිතුරුවූවන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا عَلٰۤی اَزْوَاجِهِمْ اَوْ مَا مَلَكَتْ اَیْمَانُهُمْ فَاِنَّهُمْ غَیْرُ مَلُوْمِیْنَ ۟ۚ
ඔවුන්ගේ බිරියන් කෙරෙහි හෝ ඔවුන් සතු කරගත් වහලියන් කෙරෙහි හෝ හැර. ඔවුන් සමග සංසර්ගයේ නිරත වෙමින් හෝ වෙනත් අයුරකින් හෝ පහස විඳීමෙහි ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنِ ابْتَغٰی وَرَآءَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْعٰدُوْنَ ۟ۚ
එහෙයින් කවරෙකු බිරියන් හෝ ඔවුන් සතු වූ වහලියන් හෝ සමග හැර වෙනත් ආකාරයකින් පහස විඳීමට සොයන්නේ ද ඔහු අනුමත කළ පහස විඳීම් ඉක්මවා තහනම් කළ දෑ වෙත යමින් අල්ලාහ්ගේ සීමාවන් අබිබවා ගිය අයකු වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ لِاَمٰنٰتِهِمْ وَعَهْدِهِمْ رٰعُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, අල්ලාහ් ඔවුනට යමක් පැවරූ කල්හි හෝ ඔහුගේ ගැත්තන් ඔවුනට යමක් පැවරූ කල්හි ඔවුන්ගේ ගිවිසුම් කඩ නොකර ඒවා නිසි අයුරින් ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුහු ඒවා ඉටු කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ عَلٰی صَلَوٰتِهِمْ یُحَافِظُوْنَ ۟ۘ
ඔවුන්ගේ සලාතය අඛණ්ඩ ව ඉටු කරමින් එය ආරක්ෂා කරති. නියමිත වේලාවන්හි එහි මූලිකාංගයන් අනිවාර්යය ක්රියාවන් හා සතුටුදායක ක්රියාවන් පිළිපදිමින් ඉටු කිරීමට වගබලා ගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ هُمُ الْوٰرِثُوْنَ ۟ۙ
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහුමය උරුමක්කරුවෝ වනුයේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یَرِثُوْنَ الْفِرْدَوْسَ ؕ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
ඔවුහු උසස් ස්වර්ගය උරුම කර ගනිති. ඔවුහු එහි සදා රැඳී සිටිති. එහි ඔවුනට හිමි සැප පහසුකම් කිසිවිටෙක කප්පාදු කරනු නොලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سُلٰلَةٍ مِّنْ طِیْنٍ ۟ۚ
මිනිස් පියාණන් වන ආදම් ව සැබැවින්ම අපි පසින් මැව්වෙමු. එය පොළොවේ පස් සමග මිශ්ර වූ ජලයෙන් මතු කර ගන්නා ලද පිරිසිදු පසින් ගන්නා ලද්දක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ جَعَلْنٰهُ نُطْفَةً فِیْ قَرَارٍ مَّكِیْنٍ ۪۟
ඉන්පසු අපි ඔහුගේ පරපුර පරම්පරාවෙන් පරම්පරාවට, ප්රසූත වන අවස්ථාව දක්වාම ගර්භාෂයේ රැඳී පවතින ශුක්රාණුවෙන් මැව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظٰمًا فَكَسَوْنَا الْعِظٰمَ لَحْمًا ۗ— ثُمَّ اَنْشَاْنٰهُ خَلْقًا اٰخَرَ ؕ— فَتَبٰرَكَ اللّٰهُ اَحْسَنُ الْخٰلِقِیْنَ ۟ؕ
එම ශුක්රාණවෙන් පසුව ගර්භාෂයේ රැඳී පවතින රතු පැහැති ලේ කැටියක් මැව්වෙමු. පසුව එම රතු පැහැති ලේ කැටිය විකා දමන ලද මස් කැබැල්ලක් මෙන් මැව්වෙමු. පසුව එම මස් කැබැල්ලට එකිනෙකට බැඳුණු අස්ථි මැව්වෙමු. පසුව එම අස්ථි මසින් ඇන්ඳෙව්වෙමු. පසුව ඒ තුළට ප්රාණය පිඹිමින් එය ජීවී ව බැහැර කරමින් වෙනත් මැවීමක් ලෙස අපි නිර්මාණය කළෙමු. නිර්මාණකරුවන්ගෙන් වඩාත් අලංකාර මැවුම්කරු වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِنَّكُمْ بَعْدَ ذٰلِكَ لَمَیِّتُوْنَ ۟ؕ
අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලා මෙම අදියරයන් පසු කළ පසු ව, නුඹලාගේ ආයු කාලය අවසන් වන අවස්ථාවේ නුඹලා මරණයට පත්වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اِنَّكُمْ یَوْمَ الْقِیٰمَةِ تُبْعَثُوْنَ ۟
අනතුරුව සැබැවින්ම නුඹලා මරණයට පත්වීමෙන් පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා මෙලොව කළ ක්රියාවන් සඳහා විනිශ්චය කරනු පිණිස නුඹලාගේ මිණිවලවල්වලින් නුඹලා යළි අවදි කරනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآىِٕقَ ۖۗ— وَمَا كُنَّا عَنِ الْخَلْقِ غٰفِلِیْنَ ۟
අහෝ ජනයිනි! නුඹලාට ඉහළින් අහස් හතක් ඉකිනෙකට ඉහළින් පිහිටන සේ මැව්වෙමු. අපගේ මැවීම් පිළිබඳ අපි අනවධානීන් ලෙස නොසිටියෙමු. එමෙන්ම ඒවා අමතක කරන්නන් ලෙස නොසිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• للفلاح أسباب متنوعة يحسن معرفتها والحرص عليها.
•ජයග්රහණය සඳහා විවිධ හේතූන් ඇත. ඒවා හදුනා ගැනීමත් ඒ ගැන ආශාව ඇති කර ගැනීමත් යහපත් වනු ඇත.

• التدرج في الخلق والشرع سُنَّة إلهية.
•මැවීම්හි පියවරෙන් පියවර මැවීමත් ආගමික පිළිවෙත් පියවරෙන් පියවර නියම කිරීමත් දේව න්යායයකි.

• إحاطة علم الله بمخلوقاته.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ ඔහුගේ දැනුම සර්ව ප්රකාරයෙන් ආවරණය වන්නකි.

وَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً بِقَدَرٍ فَاَسْكَنّٰهُ فِی الْاَرْضِ ۖۗ— وَاِنَّا عَلٰی ذَهَابٍ بِهٖ لَقٰدِرُوْنَ ۟ۚ
වර්ෂා ජලය වැඩි වී විනාශ කරන ආකාරයෙන් හෝ එය හිඟ වී ප්රමාණවත් නොවන තරමට පත් නොවන ආකාරයෙන් අවශ්ය ප්රමාණයට පමණක් අපි අහසින් පහළ කළෙමු. මිනිසුන්ට හා සතුන් එමගින් ප්රයෝජන ලබන පරිදි මහපොළොවේ රැඳෙන්නට සැලැස්වූයෙමු. සැබැවින්ම අපි එය පහ කරන්නටත් බලය ඇත්තෝ වෙමු. එවිට නුඹලාට ප්රයෝජන නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْشَاْنَا لَكُمْ بِهٖ جَنّٰتٍ مِّنْ نَّخِیْلٍ وَّاَعْنَابٍ ۘ— لَكُمْ فِیْهَا فَوَاكِهُ كَثِیْرَةٌ وَّمِنْهَا تَاْكُلُوْنَ ۟ۙ
එම ජලය මගින් ඉඳි හා මිදි උයන් නුඹලා වෙනුවෙන් අපි හට ගැන්වූයෙමු. අත්තික්කා, දෙළුම් හා ඇපල් වැනි එහි විවිධ වර්ණයෙන් හා හැඩයෙන් යුත් විවිධ පළතුරු නුඹලාට එහි ඇත. නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَشَجَرَةً تَخْرُجُ مِنْ طُوْرِ سَیْنَآءَ تَنْۢبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْاٰكِلِیْنَ ۟
එමගින් සයිනා කඳු ප්රදේශයේ හට ගන්නා ඔලිව් ගස් ද අපි නුඹලාට මතු කළෙමු. ආලේප කිරීමටත් ව්යාංජන ලෙස පරිභෝජනය කිරීමටත් එය තෙල් උත්පාදනය කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ لَكُمْ فِی الْاَنْعَامِ لَعِبْرَةً ؕ— نُسْقِیْكُمْ مِّمَّا فِیْ بُطُوْنِهَا وَلَكُمْ فِیْهَا مَنَافِعُ كَثِیْرَةٌ وَّمِنْهَا تَاْكُلُوْنَ ۟ۙ
අහෝ ජනයිනි! (ඔටුවන් ගවයින් හා එළුවන් වැනි) ගොවිපල සතුන් තුළ නුඹලාට පාඩමක් හා අල්ලාහ්ගේ ශක්තිය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව පෙන්වා දෙන සාධක ඇත. උන්ගේ උදරවල තිබෙන දැයින් පානය කරන්නන්හට ප්රණීත පිරිසිදු කිරි අපි නුඹලා වෙනුවෙන් පානය සඳහා සපයන්නෙමු. එමෙන්ම ඒ මත ප්රවාහනය කිරීම, එවායෙහි ලෝම, කෙස් වැනි නුඹලා ප්රයෝජන ලැබිය හැකි වෙනත් බොහෝ ප්රයෝජන ද නුඹලාට ඇත. නුඹලා ඒවායෙහි මාංශ අනුභව කරන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعَلَیْهَا وَعَلَی الْفُلْكِ تُحْمَلُوْنَ ۟۠
ගොඩබිමේ ගොවිපළ සතුන් අතර තිබෙන ඔටුවන් මත ද සාගරයේ නැව් මත ද නුඹලා උසුලා ගෙන ප්රවාහනය කරනු ලබන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖ فَقَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— اَفَلَا تَتَّقُوْنَ ۟
නූහ්ගේ ජනයාව අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සඳහා ඔවුන් වෙත අපි නූහ්ව එව්වෙමු. එවිට ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ශුද්ධවන්තයාණන් වන ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙක් නුඹලාට නැත. එහෙයින් අල්ලාහ්ගේ නියෝග අනුගමනය කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්යට බැතිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَالَ الْمَلَؤُا الَّذِیْنَ كَفَرُوْا مِنْ قَوْمِهٖ مَا هٰذَاۤ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۙ— یُرِیْدُ اَنْ یَّتَفَضَّلَ عَلَیْكُمْ ؕ— وَلَوْ شَآءَ اللّٰهُ لَاَنْزَلَ مَلٰٓىِٕكَةً ۖۚ— مَّا سَمِعْنَا بِهٰذَا فِیْۤ اٰبَآىِٕنَا الْاَوَّلِیْنَ ۟ۚۖ
ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කළ නායකයින් හා ප්රභූවරුන් ඔවුන්ගේ අනුගාමිකයින් හා පොදු ජනයා වෙත, “සැබැවින්ම දූතයෙකු යැයි විශ්වාස කරමින් සිටින ඔහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා මත නායකත්වය දරන්නට ඔහු අපේක්ෂා කරයි. අප වෙත දූතයකු එවීමට අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින්ම ඔහු මිනිසුන් අතරින් දූතයකු නොඑවා මලක්වරුන්ගෙන් කෙනෙකු එවන්නට තිබුණි. ඔහු වාද කරමින් සිටින දෑ මෙන් යමක් අපට පෙර සිටි අපගේ මුතුන් මිත්තන්ගෙන් අපි අසා නැත්තෙමු." යැයි කීහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ هُوَ اِلَّا رَجُلٌۢ بِهٖ جِنَّةٌ فَتَرَبَّصُوْا بِهٖ حَتّٰی حِیْنٍ ۟
ඔහු උමතු වූ මිනිසෙකු මිස නැත. ඔහු පවසන දෑ ඔහුට වැටහෙන්නේ නැත. එහෙයින් එම කරුණ ජනයාට පැහැදිළි වන තෙක් නුඹලා ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ انْصُرْنِیْ بِمَا كَذَّبُوْنِ ۟
නූහ් (අලයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَوْحَیْنَاۤ اِلَیْهِ اَنِ اصْنَعِ الْفُلْكَ بِاَعْیُنِنَا وَوَحْیِنَا فَاِذَا جَآءَ اَمْرُنَا وَفَارَ التَّنُّوْرُ ۙ— فَاسْلُكْ فِیْهَا مِنْ كُلٍّ زَوْجَیْنِ اثْنَیْنِ وَاَهْلَكَ اِلَّا مَنْ سَبَقَ عَلَیْهِ الْقَوْلُ مِنْهُمْ ۚ— وَلَا تُخَاطِبْنِیْ فِی الَّذِیْنَ ظَلَمُوْا ۚ— اِنَّهُمْ مُّغْرَقُوْنَ ۟
අපගේ අධීක්ෂණය යටතේ හා එය තැනිය යුත්තේ කෙසේ දැයි අපි නුඹට ඉගැන් වූ පරිදි නුඹ නැව තනනු යැයි අපි ඔහුට දේව පණිවිඩ පහළ කළෙමු. ඔවුන් විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණි විට පුළුස්සා දමනු ලැබූ ස්ථානයෙන් ප්රබල ලෙස ජලය ගලනු ඇත. පරම්පරාවේ පැවැත්ම සඳහා සෑම ජීවියකුගෙන්ම පිරිමි ගැහැණු ජීවියකුම නුඹ ඒ තුළට ඇතුළත් කරනු. ඔබේ බිරිය ඔබේ දරුවා වැනි විනාශ විය යුතු යැයි අල්ලාහ්ගෙන් නියමය පෙරටු වූ අය හැර නුඹගේ සෙසු පවුලේ සාමාජිකයන් ද ඇතුළත් කරනු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කළ ජනයා අතර ඔවුන්ගේ ජයග්රහණය වෙනුවෙන් හෝ ඔවුන් විනාශ කිරිම අතහැර දමන මෙන් හෝ නුඹ මා සමග කතා නොකරනු. සැබැවින්ම ඔවුන් මහා ජල ගැල්මෙන් ගිලී විනාශ වන්නෝමය. - එහි කිසිදු සැකයක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لطف الله بعباده ظاهر بإنزال المطر وتيسير الانتفاع به.
•වර්ෂාව පහළ කිරීමෙන් හා එමගින් ප්රයෝජන ලබන්නට පහසු කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට වූ දයාලුභාවය විදහා පාන්නක් වන්නේය.

• التنويه بمنزلة شجرة الزيتون.
•ඔලිව් ගසේ තත්ත්වය දන්වා සිටීම.

• اعتقاد المشركين ألوهية الحجر، وتكذيبهم بنبوة البشر، دليل على سخف عقولهم.
•ගලෙන් නිම වූ වස්තු මත වූ දේවත්වය ගැන දේව ආදේශකයින්ගේ විශ්වාසය හා මිනිස් නබිත්වය ඔවුන් බොරු කිරීම ඔවුන්ගේ විකෘති වූ බුද්ධියට සාධකයකි.

• نصر الله لرسله ثابت عندما تكذبهم أممهم.
•දහම් දූතවරුන් ඔවුන්ගේ සමූහයා විසින් බොරු කරනු ලබන අවස්ථාවේ ඔවුන්හට අල්ලාහ්ගේ උපකාරය ස්ථීර විය.

فَاِذَا اسْتَوَیْتَ اَنْتَ وَمَنْ مَّعَكَ عَلَی الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلّٰهِ الَّذِیْ نَجّٰىنَا مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟
නැව මත හිදිමින් ඔබ හා ඔබ සමග සිටි ජයග්රාහී දේව විශ්වාසීන් ඉහළට නැංවෙන විට නුඹ, "දේව ප්රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවාගෙන ඔවුන් විනාශ කළ අල්ලාහ්ට සියලු ප්රශංසා" යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلْ رَّبِّ اَنْزِلْنِیْ مُنْزَلًا مُّبٰرَكًا وَّاَنْتَ خَیْرُ الْمُنْزِلِیْنَ ۟
"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා සමෘධිමත් පහළ කිරීමකින් යුතුව ගොඩබිමකට බස්සවනු මැනව! ගොඩ බස්වන්නන් අතර ශ්රේෂ්ඨ වන්නේ ඔබය." යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ وَّاِنْ كُنَّا لَمُبْتَلِیْنَ ۟
සඳහන් කරන ලද නූහ් හා ඔහු සමග වූ දේවවිශ්වාසීන් මුදවා ගැනීම, දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම යනාදියෙහි අපගේ දූතවරුන්ට ජය ලබා දීමේ හා ඔවුන් බොරුකරන්නන් විනාශ කිරීමේ අපගේ බලය පෙන්වා දෙන ඉතා පැහැදිළි සාධක ඇත්තේය. නූහ්ගේ ජනයා වෙත ඔහුව එවීමෙන් අපි ඔවුන් පරීක්ෂා කරන්නන් වූයෙමු. එවිට දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා ද පාපියාගෙන් දෙවියන්ට අවනත වන්නා ද පැහැදිළි වන්නට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَنْشَاْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا اٰخَرِیْنَ ۟ۚ
අනතුරුව නූහ්ගේ ජනයා අපි විනාශ කළ පසු ව තවත් සමූහයක් අපි බිහි කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَرْسَلْنَا فِیْهِمْ رَسُوْلًا مِّنْهُمْ اَنِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— اَفَلَا تَتَّقُوْنَ ۟۠
එවිට ඔවුන් අතර ද අල්ලාහ් වෙත ඇරයුම් කරන ඔවුන්ගෙන්ම වූ දූතයෙකු යැව්වෙමු. ඔහු ඔවුනට, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුසු සුවිශුද්ධයාණන් වන අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් නුඹලා අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී ඔහුගේ නියෝග ඉටු කරමින් ඔහුට භක්තිමත්ව කටයුතු කළ නොවේ ද?" යැයි කීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الْمَلَاُ مِنْ قَوْمِهِ الَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِلِقَآءِ الْاٰخِرَةِ وَاَتْرَفْنٰهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا ۙ— مَا هٰذَاۤ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۙ— یَاْكُلُ مِمَّا تَاْكُلُوْنَ مِنْهُ وَیَشْرَبُ مِمَّا تَشْرَبُوْنَ ۟ۙ
ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට; මතුලොව හා එහි ඇති තිළිණ හා දඬුවම බොරු කළ, මෙලොව ජීවිතයේ අපි ඔවුනට පුළුල් ලෙස පිරිනැමූ ආශිර්වාදවලට වහල් වූ ප්රධානීන් හා ප්රභූවරු තම අනුගාමිකයින් හා පොදු ජනතාව අමතා මෙසේ පැවසූහ. "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි. නුඹලා වෙත දූතයකු ලෙස එවනු ලබන තාක් කල් නුඹලා සඳහා වූ කිසිදු භාග්යයක් ඔහු සතුව නොවීය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ اَطَعْتُمْ بَشَرًا مِّثْلَكُمْ ۙ— اِنَّكُمْ اِذًا لَّخٰسِرُوْنَ ۟ۙ
නුඹලා මෙන් මිනිසෙකුට නුඹලා අවනත වූයෙහු නම් සැබැවින්ම නුඹලා එවිට නුඹලාගේ දෙවිවරුන් අතහැර දමා ඔහුට අවනත වීම හේතුවෙන් හා නුඹලා සඳහා වූ කිසිදු භාග්යයක් තමන් සතුව නැති අයකු පිළිපැදීම හේතුවෙන් නුඹලා කිසිදු ප්රයෝජනයක් නොලබන බැවින් නුඹලා අලාභවන්තයෝ වන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَعِدُكُمْ اَنَّكُمْ اِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَّعِظَامًا اَنَّكُمْ مُّخْرَجُوْنَ ۟
සැබැවින්ම තමන් දූතයකු යැයි විශ්වාස කරමින් සිටින්නා, සැබැවින්ම නුඹලා මිය ගොස් පස් හා දිරා ගිය අස්ථි බවට පත් වූ විට සැබැවින්ම නුඹලා නුඹලාගේ මිණිවලවල්වලින් ජීවීව බැහැර කරනු ඇතැයි නුඹලාට අවවාද කරන්නේ ද? එය වටහා දෙන්නේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَیْهَاتَ هَیْهَاتَ لِمَا تُوْعَدُوْنَ ۟
නුඹලා මිය ගොස් පස් හා දිරා ගිය අස්ථි බවට පත් වූවායින් පසු නුඹලාගේ මිණීවල්වල්වලින් නැවත නුඹලාව ජීවීව බැහැර කිරීම ගැන නුඹලාට කවර අවවාදයක් දෙනු ලැබුවේ ද එය වඩාත් දුරින් පිහිටා ඇත්තකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ هِیَ اِلَّا حَیَاتُنَا الدُّنْیَا نَمُوْتُ وَنَحْیَا وَمَا نَحْنُ بِمَبْعُوْثِیْنَ ۟
මෙලොව ජීවිතය හැර ජීවිතයක් නැත. මතුලොව ජීවිතයක් ද නැත. අප අතර ජීවත් වන අය මිය යති. නමුත් ජීවය ලබන්නේ නැත. වෙනත් අය බිහි වී ඔවුහු ජීවත් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා අපගේ මරණින් පසු අපි බැහැර කරනු ලබන්නන් නොවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ هُوَ اِلَّا رَجُلُ ١فْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا وَّمَا نَحْنُ لَهٗ بِمُؤْمِنِیْنَ ۟
සැබැවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයකු යැයි තමන් ගැන වාද කරන මොහු අල්ලාහ් මත බොරු ගොතා ඒ ගැන වාද කරන මිනිසෙකු මිස නැත. අප ඔහු විශ්වාස කරන්නන් ලෙස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ انْصُرْنِیْ بِمَا كَذَّبُوْنِ ۟
එම දූතයා: ‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!’ යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ عَمَّا قَلِیْلٍ لَّیُصْبِحُنَّ نٰدِمِیْنَ ۟ۚ
අල්ලාහ් ඔහුට ප්රතිචාර වශයෙන්: සුළු කාලයකට පසු නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ බොරු කිරීම හේතුවෙන් ඔවුනට අත් වන විපාකය ගැන පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَخَذَتْهُمُ الصَّیْحَةُ بِالْحَقِّ فَجَعَلْنٰهُمْ غُثَآءً ۚ— فَبُعْدًا لِّلْقَوْمِ الظّٰلِمِیْنَ ۟
ඔවුන්ගේ මුරණ්ඩුකම නිසාවෙන් ඔවුනට සුදුසු දඬුවම ලෙස විනාශ කාරී දැඩි හඬක් ඔවුන් ග්රහණය කළේය. දියේ පාවී යන රොඩු මෙන් එය ඔවුන් පත් කළේය. අපරාධකාරී ජනයාට විනාශයම වේවා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَنْشَاْنَا مِنْ بَعْدِهِمْ قُرُوْنًا اٰخَرِیْنَ ۟ؕ
ඔවුන් විනාශ කිරීමෙන් පසු අපි ප්රජාවන් හා ලූත්ගේ සමූහයා, ෂුඅයිබ්ගේ සමූහයා හා යූනුස්ගේ සමූහයා වැනි වෙනත් සමූහයන් බිහි කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب حمد الله على النعم.
•ආශිර්වාද සඳහා අල්ලාහ්ට ප්රශංසා කිරීමේ අනිවාර්යය භාවය.

• الترف في الدنيا من أسباب الغفلة أو الاستكبار عن الحق.
•මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය සත්ය පිළිබඳව නොසැලකිලිමත් කමට හා එයින් දුරස්ව අහංකාර පෑමට හේතු වන්නේය.

• عاقبة الكافر الندامة والخسران.
•දේව ප්රතික්ෂේපකයාගේ අවසානය පසුතැවිලිවීම හා පරාජයයි.

• الظلم سبب في البعد عن رحمة الله.
•අපරාධකම් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් වීමට හේතු වනු ඇත.

مَا تَسْبِقُ مِنْ اُمَّةٍ اَجَلَهَا وَمَا یَسْتَاْخِرُوْنَ ۟ؕ
මෙම බොරුකාර සමූහයා අතරින් කිසිදු සමූහයක් ඔවුනට විනාශය පැමිණීමේ නියමිත කාලය පැමිණි විට අබිබවා ඉදිරියට නොයනු ඇත. එමෙන්ම ප්රමාද කරනු ලබන්නේ ද ඇත. ඒ සමගම ඒයට අදාළ මාධ්යයන් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَرْسَلْنَا رُسُلَنَا تَتْرَا ؕ— كُلَّ مَا جَآءَ اُمَّةً رَّسُوْلُهَا كَذَّبُوْهُ فَاَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَّجَعَلْنٰهُمْ اَحَادِیْثَ ۚ— فَبُعْدًا لِّقَوْمٍ لَّا یُؤْمِنُوْنَ ۟
පසුව අපි අපගේ දූතවරුන් පිළිවෙලට දූතවරයකුට පසු දූතවරයකු වශයෙන් අඛණ්ඩව එව්වෙමු. ඒ ඒ සමූහයන් අතරට එවනු ලබන දූතවරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන් එකිනෙකා පසුපස විනාශය ලුහු බදින්නට අපි සැලැස්වූයෙමු. ඔවුන් ගැන ජනයා කතා කරන ප්රකාශ මිස වෙනත් කිසිවක් ඔවුනට ඉතිරි වූයේ නැත. ඔවුන්ගේ දූතවරුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් කවර කරුණක් ගෙනආවේ ද එය විශ්වාස නොකරන ජනයාට විනාශයක්ම වේවා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَرْسَلْنَا مُوْسٰی وَاَخَاهُ هٰرُوْنَ ۙ۬— بِاٰیٰتِنَا وَسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۙ
පසු ව අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන් ප්රාතිහාර්යයන් නවයක් (සැරයටිය, අත, පළගැටියන්, උකුණන්, ගෙම්බන්, රුධිරය, ගංවතුර, වසර ගණනාවක නියගය හා බවභෝග හිඟවිම) හා පැහැදිළි සාධක සමග එව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا عَالِیْنَ ۟ۚ
ඔවුන් දෙදෙනාව ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් වෙත එව්වෙමු. නමුත් ඔවුන් උඩඟු වූවෝය. ඔවුන් දෙදෙනා සතු දේව විශ්වාසය සඳහා ඔවුහු යටත් නොවූහ. අපරාධකම් හා බලහත්කාරකම් තුළින් ජනයාට ඉහළින් අහංකාරකම් පාන පිරිසක් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَالُوْۤا اَنُؤْمِنُ لِبَشَرَیْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عٰبِدُوْنَ ۟ۚ
අප මෙන් වූ මිනිසුන් දෙදෙනෙකුගේ ප්රජාව (ඉස්රාඊල් දරුවන්) අපට යටහත් පහත්ව අවනතව කටයුතු කරන්නන් ලෙස සිටියදී ඔවුන් දෙදෙනා අප විශ්වාස කරන්නෙමු ද? අපට වඩා ඔවුන් දෙදෙනාට කිසිදු භාග්යයක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَذَّبُوْهُمَا فَكَانُوْا مِنَ الْمُهْلَكِیْنَ ۟
කවර කරුණක් අල්ලාහ් වෙතින් පැමිණියේ ද එම විෂයයෙහි ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. ඔවුන් බොරු කරමින් සිටි හේතුවෙන් දියේ ගිලෙන්නන් අතරට ඔවුහු පත් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ لَعَلَّهُمْ یَهْتَدُوْنَ ۟
මූසා ඔහුගේ සමූහයාට සත්ය වෙත මඟපෙන්වා ඔවුන් එය දැන ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَعَلْنَا ابْنَ مَرْیَمَ وَاُمَّهٗۤ اٰیَةً وَّاٰوَیْنٰهُمَاۤ اِلٰی رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَّمَعِیْنٍ ۟۠
මර්යම්ගේ පුත් ඊසා හා ඔහුගේ මව මර්යම් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අපගේ බලය පෙන්වා දෙන සාධකයක් බවට අපි පත් කළෙමු. ඇය ඔහුව කිසිදු පියෙකුගෙන් තොරව පිළිසිඳ ගත්තාය. පදිංචි වීමට සුදුසු තැනිතලා සහිත පොළොවේ උස් ස්ථානයක් වෙත අපි ඔවුන් දෙදෙනා ගෙනාවෙමු. එහි නැවුම්ව ගලා යන ජලය විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الرُّسُلُ كُلُوْا مِنَ الطَّیِّبٰتِ وَاعْمَلُوْا صَالِحًا ؕ— اِنِّیْ بِمَا تَعْمَلُوْنَ عَلِیْمٌ ۟ؕ
අහෝ දූතවරුනි! මම නුඹලාට අනුමත කළ දැයින් අනුභව කිරීමට සුදුසු පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. දහමට අනුකූලව දැහැමි ක්රියාවන් ඉටු කරනු. නුඹලා කවර ක්රියාවක් ඉටු කරන්නේ ද ඒ ගැන සැබැවින්ම මම මැනවින් දනිමි. නුඹලාගේ කිසිදු ක්රියාවක් මට සැඟවී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ هٰذِهٖۤ اُمَّتُكُمْ اُمَّةً وَّاحِدَةً وَّاَنَا رَبُّكُمْ فَاتَّقُوْنِ ۟
අහෝ දූතවරුනි! සැබැවින්ම නුඹලාගේ දහම එකම දහමකි. එය අවනතභාවයේ (ඉස්ලාම්) දහමයි. මම නුඹලාගේ පරමාධිපති වෙමි. මා හැර නුඹලාට වෙනත් පරමාධිපතියකු නැත. එහෙයින් මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා මට පමණක් භක්තිමත්ව කටයුතු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَقَطَّعُوْۤا اَمْرَهُمْ بَیْنَهُمْ زُبُرًا ؕ— كُلُّ حِزْبٍۭ بِمَا لَدَیْهِمْ فَرِحُوْنَ ۟
ඔවුන්ගෙන් පසුව ඔවුන්ගේ අනුගාමිකයින් දහම තුළ විසිරී ගියහ. පසුව ඔවුන් විවිධ කණ්ඩායම් හා නිකායන් බවට පත් වූහ. සෑම කණ්ඩයමක්ම තමන් විශ්වාස කළ දේ සැබැවින්ම අල්ලාහ් වෙතින් පිළගනු ලැබුණු දහම බව අගය කරන්නට ගත් අතර ඔහුගෙන් හැර අනෙක් අය සතු දේ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذَرْهُمْ فِیْ غَمْرَتِهِمْ حَتّٰی حِیْنٍ ۟
අහෝ දූතය! ඔවුන් කවර අඥානකමක හා ව්යාකූලත්වයක පසු වන්නේ ද ඔවුනට දඬුවම පහළ වන අවස්ථාව දක්වා එහි ගිලී සිටින්නට නුඹ ඔවුන් අතහැර දමනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَیَحْسَبُوْنَ اَنَّمَا نُمِدُّهُمْ بِهٖ مِنْ مَّالٍ وَّبَنِیْنَ ۟ۙ
සැබැවින්ම අපි ඔවුනට මෙලොව ජීවිතයේ පිරිනැමූ ඔවුන් සතු ධනය හා දරුවන් ගැන සතුටට පත් වන පිරිස් ඔවුන් ලැබිය යුතු යහපත ඔවුනට කල් ඇති ව හිමි වී ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එය ඔවුන් සිතන පරිදි නැත. අපි එසේ ඒවා ඔවුනට පිරිනමා ඇත්තේ ඔවුන් පියවරෙන් පියවර ග්රහණය කිරීමට කල්දීමක් වශයෙනි. නමුත් ඔවුහු ඒ ගැන නොහඟති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نُسَارِعُ لَهُمْ فِی الْخَیْرٰتِ ؕ— بَلْ لَّا یَشْعُرُوْنَ ۟
සැබැවින්ම අපි ඔවුනට මෙලොව ජීවිතයේ පිරිනැමූ ඔවුන් සතු ධනය හා දරුවන් ගැන සතුටට පත් වන පිරිස් ඔවුන් ලැබිය යුතු යහපත ඔවුනට කල් ඇති ව හිමි වී ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එය ඔවුන් සිතන පරිදි නැත. අපි එසේ ඒවා ඔවුනට පිරිනමා ඇත්තේ ඔවුන් පියවරෙන් පියවර ග්රහණය කිරීමට කල්දීමක් වශයෙනි. නමුත් ඔවුහු ඒ ගැන නොහඟති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ هُمْ مِّنْ خَشْیَةِ رَبِّهِمْ مُّشْفِقُوْنَ ۟ۙ
සැබැවින්ම ඔවුන්ගේ දේව විශ්වාසය හා ඔවුන්ගේ යහකම් සමග පසුවන්නන් වනාහි ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ගැන බියෙන් සිටින්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ بِاٰیٰتِ رَبِّهِمْ یُؤْمِنُوْنَ ۟ۙ
තවද ඔවුහු වනාහි ඔහුගේ ග්රන්ථයේ ඇති පාඨ විශ්වාස කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ هُمْ بِرَبِّهِمْ لَا یُشْرِكُوْنَ ۟ۙ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපති ඒකීයත්වයට පත් කරන අතරම ඔහුට කිසිසේත් ආදේශ කරන්නෝ නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاستكبار مانع من التوفيق للحق.
•උඩඟුකම සත්ය වෙත ආශිර්වාද ලබන්නට බාධාවක් වන්නේය.

• إطابة المأكل له أثر في صلاح القلب وصلاح العمل.
•පිවිතුරු දෑ අනුභව කිරීම, හදවතේ දැහැමි භාවයටත් ක්රියාවන්හි දැහැමි භාවයටත් යහපත් බලපෑම් ඇති කරනු ඇත.

• التوحيد ملة جميع الأنبياء ودعوتهم.
•තව්හීද් හෙවත් ඒකදේවත්වය සියලු නබිවරුන්ගේ හා ඔවුන්ගේ ඇරයුමේ පිළිවෙත (ධර්මය) විය.

• الإنعام على الفاجر ليس إكرامًا له، وإنما هو استدراج.
•පාපියා වෙත ආශිර්වාද පිරිනමා තිබීම ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් නොව සැබැවින්ම එය ඔහුව පියවරෙන් පියවර හසු කිරීමක් වශයෙනි.

وَالَّذِیْنَ یُؤْتُوْنَ مَاۤ اٰتَوْا وَّقُلُوْبُهُمْ وَجِلَةٌ اَنَّهُمْ اِلٰی رَبِّهِمْ رٰجِعُوْنَ ۟ۙ
තවද ඔවුහු වනාහි දැහැමි ක්රියාවන්හි කැපවී කටයුතු කරති. යහපත් ක්රියාවන් තුළින් අල්ලාහ් වෙත සමීප වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කළ වියහියදම් හා ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අල්ලාහ් ඔවුන්ගෙන් පිළිගන නොලබනු ඇත්දැයි බියෙන් පසුවන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ یُسٰرِعُوْنَ فِی الْخَیْرٰتِ وَهُمْ لَهَا سٰبِقُوْنَ ۟
මෙම මහඟු ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා යුහුසුලු වෙති. ඒ සඳහා තරඟ වදිති. ඒ හේතුවෙන්ම ඔවුහු සෙසු අයට වඩා ඉදිරියට යන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا نُكَلِّفُ نَفْسًا اِلَّا وُسْعَهَا وَلَدَیْنَا كِتٰبٌ یَّنْطِقُ بِالْحَقِّ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
කිසිදු ආත්මයකට එයට ක්රියා කළ හැකි ප්රමාණයට මිස අමතර කිසිවක් අපි නොපවරන්නෙමු. අප වෙත පුස්තකයක් ඇත. සෑම ක්රියා කරන්නෙකුගේම ක්රියාවන් අපි එහි ස්ථීරව සඳහන් කර ඇත. එය කිසිදු සැකයක් නොමැති සත්යය ගැන පමණක් කතා කරයි. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම් කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ قُلُوْبُهُمْ فِیْ غَمْرَةٍ مِّنْ هٰذَا وَلَهُمْ اَعْمَالٌ مِّنْ دُوْنِ ذٰلِكَ هُمْ لَهَا عٰمِلُوْنَ ۟
නමුත් දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් සත්යය කතා කරන මෙම පුස්තකය හා ඔවුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකය පිළිබඳ අවධානයෙන් තොරව පසුවෙයි. දේව ප්රතික්ෂේපය මත සිටීම පමණක් නොව වෙනත් (අයහපත්) ක්රියාදාමයන් ද ඔවුනට ඇත. ඔවුහු ඒ වෙනුවෙන් කටයුතු කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَاۤ اَخَذْنَا مُتْرَفِیْهِمْ بِالْعَذَابِ اِذَا هُمْ یَجْـَٔرُوْنَ ۟ؕ
මෙලොවෙහි ඔවුන් අහංකාරයෙන් විඳිමින් සිටි දෑ සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් අප ඔවුන් දඬුවම් කරන අවස්ථාව දක්වාම ඒවා එසේ පසුවෙති. එවිට ඔවුහු උපකාර ඉල්ලා ඔවුන් හඬ නගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَجْـَٔرُوا الْیَوْمَ ۫— اِنَّكُمْ مِّنَّا لَا تُنْصَرُوْنَ ۟
අල්ලාහ්ගේ කරුණාව ගැන ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුහු,"මෙදින නුඹලා කෑ නොගසනු. උදව් නොපතනු. සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් නුඹලාව වළක්වන්නට කිසිදු උදව්කරුවකු නුඹලාට නැත" යැයි ඔවුනට ප්රකාශ කර සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ كَانَتْ اٰیٰتِیْ تُتْلٰی عَلَیْكُمْ فَكُنْتُمْ عَلٰۤی اَعْقَابِكُمْ تَنْكِصُوْنَ ۟ۙ
මෙලොවෙහි නුඹලා වෙත අල්ලාහ්ගේ පුස්තකයේ පාඨ පාරායනය කරනු ලබමින් තිබිණ. නමුත් නුඹලා එයට පිළිකුලෙන් යුතු ව සවන් දුන් අවස්ථාවේ නුඹලා එයට පිටුපා හැරී යමින් සිටියෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُسْتَكْبِرِیْنَ ۖۚۗ— بِهٖ سٰمِرًا تَهْجُرُوْنَ ۟
සැබැවින්ම නුඹලා ගෞරවණීය අය වෙතැයි සිතමින් මිනිසුන් කෙරෙහි උඩඟු ලීලාවෙන් කටයුතු කරන්නෙහුය. නමුත් නුඹලා එවන් අය නොවන්නෙහුය. සැබැවින්ම එවන් අය වනුයේ දේව බිය බැතිමතුන්ය. නුඹලා රොක් වී ඔහු ගැන නරක ලෙස කතා කරන්නෙහුය. සැබැවින් නුඹලා ඔහුට පිවිතුරු නොකරන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَلَمْ یَدَّبَّرُوا الْقَوْلَ اَمْ جَآءَهُمْ مَّا لَمْ یَاْتِ اٰبَآءَهُمُ الْاَوَّلِیْنَ ۟ؗ
දේව ආදේශකයින් අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කොට එහි ඇති දෑ අනුව ක්රියා කිරීම සඳහා ඒ ගැන පරිශීලනය කළ යුතු නොවේ ද? එසේ නැතහොත් ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙත නොපැමිණි දෙයක් ඔවුන් වෙත පැමිණ තිබේ ද? නමුත් ඔවුහු ඒ ගැන පිටු පා එය බොරු කරමින් සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَمْ یَعْرِفُوْا رَسُوْلَهُمْ فَهُمْ لَهٗ مُنْكِرُوْنَ ۟ؗ
අල්ලාහ් ඔවුන් වෙත එවූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව හඳුනා නොගත්තෝද? නමුත් ඔවුහු ඔහු හෙළා දකිති. සැබැවින්ම ඔවුහු ඔහුව දැන සිටියෝය. ඔහුගේ සත්යභාවයත් විශ්වසනීයභාවයත් දැන සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ یَقُوْلُوْنَ بِهٖ جِنَّةٌ ؕ— بَلْ جَآءَهُمْ بِالْحَقِّ وَاَكْثَرُهُمْ لِلْحَقِّ كٰرِهُوْنَ ۟
නමුත් ඔවුහු, ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි පවසති. සැබැවින්ම ඔවුන් බොරු පැවසුවෝය. එසේ නොව කිසිදු සැකයක් නැති සත්යය ඔවුන් වෙත පැමිණ ඇත. සැබැවින් එය අල්ලාහ් වෙතින් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්යය පිළිකුල් කරන්නෝ වෙති. ඔවුන්ගේ සිත් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන්ගේ ව්යාජ දෑහි උමතුව හේතුවෙන් ඔවුහු වෛරයෙන් පෙළුණහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوِ اتَّبَعَ الْحَقُّ اَهْوَآءَهُمْ لَفَسَدَتِ السَّمٰوٰتُ وَالْاَرْضُ وَمَنْ فِیْهِنَّ ؕ— بَلْ اَتَیْنٰهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُّعْرِضُوْنَ ۟ؕ
අල්ලාහ් කටයුතු ක්රියාත්මක කොට ඔවුන් ආශා කරන දෑට අනුකූලව ඒවා ඔහු සැලසුම් කළේ නම්, අහස් හා මහපොලොව දූෂිත වනු ඇත. එමෙන්ම එම කරුණුවල අවසානය ගැන හා සැලසුමෙහි යහපත් දෑ හා දූෂිත දෑ කුමක් ද? යන්න වග නොදන්නා බැවින් එහි සිටින අය ද දූෂිත වනු ඇත. නමුත් ඔවුනට ගෞරවය හා ශ්රේෂ්ඨත්වය ඇතුළත් දෑ අපි ඔවුනට පිරිනැමුවෙමු. එය අල් කුර්ආනයයි. නමුත් ඔවුහු එයට පිටුපාන්නෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ تَسْـَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَیْرٌ ۖۗ— وَّهُوَ خَیْرُ الرّٰزِقِیْنَ ۟
අහෝ දූතය! ඔවුන් වෙත නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ සඳහා නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලා එය ඇරයුම ප්රතික්ෂේප කිරීමට හේතුවක් කර ගත්තේ ද? එය නුඹෙන් කිසි විටෙක සිදු නොවීය. නුඹේ පරමාධිපතිගේ තිළිණ හා ප්රතිඵල ඔවුන් හා වෙනත් අය සතු ප්රතිඵල වලට වඩා උතුම්ය. ඔහු - සුවිශුද්ධයාණන් - පෝෂකයින් අතරින් අති ශ්රේෂ්ඨය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّكَ لَتَدْعُوْهُمْ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
අහෝ දූතය! සැබැවින්ම නුඹ ඔවුන් හා සෙසු අය ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහිය. එහි කිසිදු ඇදයක් නැත. එය ඉස්ලාමයේ මාර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ عَنِ الصِّرَاطِ لَنٰكِبُوْنَ ۟
ඉස්ලාම් මාර්ගයට අනුව මතුලොව පිළිබඳ ව ද එහි ඇති විනිශ්චය, දඬුවම හා කුසල් පිළිබඳ ව ද විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු නිරා ගින්න වෙත ළඟා කරවනු ලබන දෝෂ සහිත වෙනත් මාර්ග වෙත නැඹුරු වන්නට බලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම.

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි.

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි.

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම.

وَلَوْ رَحِمْنٰهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِّنْ ضُرٍّ لَّلَجُّوْا فِیْ طُغْیَانِهِمْ یَعْمَهُوْنَ ۟
අපි ඔවුනට අනුකම්පා කොට ඔවුනට අත් වූ දරිද්රතාවයෙන් හා සාගින්නෙන් ඔවුන් මුදවා ගත්ත ද ඔවුන් සත්යයෙන් දුරස් ව ඔවුන්ගේ මුළාවෙහි පිහිටා පසුබට වෙති. පැකිලෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَخَذْنٰهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوْا لِرَبِّهِمْ وَمَا یَتَضَرَّعُوْنَ ۟
විවිධ ව්යසනයන් තුළින් සැබැවින්ම අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටත් නොවූහ. පහත් නොවූහ. ඔවුනට පහළ වූ දුක්කරදර ඔවුන්ගෙන් ඉවත් කරන මෙන් බියෙන් යුතු ව ඔහුගෙන් ප්රාර්ථනා නොකළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا فَتَحْنَا عَلَیْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِیْدٍ اِذَا هُمْ فِیْهِ مُبْلِسُوْنَ ۟۠
බිහිසුණු දඬුවමේ දොරටුවක් ඔවුන් වෙත අපි විවෘත කරන තෙක් ඔවුහු එසේ පසුවූහ. එවිට සෑම සහනයක් හා යහපතක් ගැනම ඔවුන් බලාපොරොත්තු සුන්වූවන් බවට පත් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْۤ اَنْشَاَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٕدَةَ ؕ— قَلِیْلًا مَّا تَشْكُرُوْنَ ۟
අහෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සවන් දීම සඳහා ශ්රවණ ශක්තිය ද නුඹලා බැලීම සඳහා බැල්ම ද නුඹලා සිතීම සඳහා හදවත් ද නුඹලා වෙනුවෙන් මවා ඇත්තේ සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එසේ තිබියදීත් නුඹලා එම ආශිර්වාදවලට කෘතඥතාව පුද කරනුයේ ස්වල්පයක් පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ ذَرَاَكُمْ فِی الْاَرْضِ وَاِلَیْهِ تُحْشَرُوْنَ ۟
අහෝ ජනයිනි! මහපොළොවේ නුඹලාව මැව්වේ ඔහුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා රැස් කරනු ලබනුයේ ඔහු වෙත පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ یُحْیٖ وَیُمِیْتُ وَلَهُ اخْتِلَافُ الَّیْلِ وَالنَّهَارِ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
ඔහු ඒකීයය. ජීවය ලබා දෙන ඔහු සුවිශුද්ධය. ඔහු හැර ජීවය ලබා දෙන වෙනත් කෙනෙකු නැත. මරණයට පත් කරන්නේ ද ඔහුය. ඔහු හැර මරණයට පත් කරන වෙනත් කෙනෙකු නැත. දහවල හා රාත්රිය අන්ධකාරයෙන් ද ආලෝකයෙන් ද දීර්ගව ද කෙටියෙන් ද යනාදී වෙනස්වීම් ප්රමාණ කිරීමේ බලය ඇත්තේ ඔහු සතු ව පමණි. එහෙයින් නුඹලා ඔහුගේ බලය වටහා ගතයුතු නොවේ ද? මැවීම හා සැලසුම් කිරීමෙහි දී ඔහු ඛේවලය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ قَالُوْا مِثْلَ مَا قَالَ الْاَوَّلُوْنَ ۟
එසේ නොව, දේව ප්රතික්ෂේපයේ සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන් හා පෙර සිටියවුන් පවසා සිටියාක් සේම ඔවුහු ද ප්රකාශ කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟
එයින් දුරස් වන හා හෙළා දකින අයුරින් ඔවුහු, "අප මිය ගොස් පස් හා දිරාගිය අස්ථි බවට පත් වූ විට විනිශ්චය සඳහා අප ජීවමානව අවදි කරනු ලබන්නෙමු දැ"?යි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ وُعِدْنَا نَحْنُ وَاٰبَآؤُنَا هٰذَا مِنْ قَبْلُ اِنْ هٰذَاۤ اِلَّاۤ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
සැබැවින්ම මෙම ප්රතිඥාව - මිය ගිය පසු යළි අවදි කිරීම- අපට දෙනු ලැබීය. මේ ගැන මීට පෙර ද අපගේ මුතුන් මිත්තන්හටද මෙම ප්රතිඥාව දෙන ලදී. නමුත් එම ප්රතිඥාව ස්ථීර බව අපි නොදුටුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්රබන්ධයන් හා ඔවුන්ගේ බොරු කියමන් මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لِّمَنِ الْاَرْضُ وَمَنْ فِیْهَاۤ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින මෙම ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මහපොලොව හා ඒ මත සිටින අය කවුරුන් සතු වන්නේ ද? ඒ ගැන නුඹලාට දැනුමක් ඇත්නම් පවසනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَیَقُوْلُوْنَ لِلّٰهِ ؕ— قُلْ اَفَلَا تَذَكَّرُوْنَ ۟
"මහපොළොව හා ඒ මත සිටින්නන් අල්ලාහ්ට සතු වන්නේ යැ" යි ඔවුහු පවසනු ඇත. එහෙයින් නුඹ ඔවුනට මෙසේ පවසනු. "මහපොළොව හා ඒ මත සිටින්නන් කවරෙකු සතු වන්නේ ද , සැබැවින්ම ඔහු නුඹලා මිය ගිය පසු නුඹලාව යළි නැගිටුවීමට බලය ඇත්තා බව නුඹලා මෙනෙහි කර බැලිය යුතු නොවේ ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَنْ رَّبُّ السَّمٰوٰتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِیْمِ ۟
"අහස් හතෙහි පරමාධිපති කවුරුන් ද? ඒ හැර වෙනත් කිසිදු මැවීමක් අතිමහත් ලෙස නොදකින අතිමහත් සර්ව රාජ්යයේ පරමාධිපති කවුරුන් දැ?"යි ඔවුන්ගෙන් විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَیَقُوْلُوْنَ لِلّٰهِ ؕ— قُلْ اَفَلَا تَتَّقُوْنَ ۟
"අහස් හත හා අතිමහත් සර්ව රාජ්යය අල්ලාහ් සතු යැ"යි ඔවුහු පවසනු ඇත. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් වනු පිණිස ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَنْ بِیَدِهٖ مَلَكُوْتُ كُلِّ شَیْءٍ وَّهُوَ یُجِیْرُ وَلَا یُجَارُ عَلَیْهِ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
"සියලු දෑහි ආධිපත්යය කවුරුන් සතු දැ?"යි ඔවුන්ගෙන් විමසනු. ඔහුගේ ආධිපත්යයෙන් කිසිවක් ගිලිහී යන්නේ නැත. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට උදව් කරන්නාය. ඔහු කෙනෙකුට යම් නපුරක් අපේක්ෂා කළේ නම් එය වළක්වා දඬුවම ඔහුගෙන් ඉවත් කිරීමට කිසිවකු සමත් වන්නේ නැත. ඒ ගැන නුඹලාට දැනුමක් තිබේ නම්?
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَیَقُوْلُوْنَ لِلّٰهِ ؕ— قُلْ فَاَنّٰی تُسْحَرُوْنَ ۟
"සියලු දෑහි ආධිපත්යය සුවිශුද්ධයාණන් සතු යැ"යි ඔවුහු පවසති. එසේ නම් නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාගේ බුද්ධිය පහව ගොස් ඇත්තේ කෙසේ ද? ඒ ගැන නුඹලා පිළිගනිමින් වෙනත් අය නමදින්නෙහුද?."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم اعتبار الكفار بالنعم أو النقم التي تقع عليهم دليل على فساد فطرهم.
•ආශිර්වාද හා ඔවුනට අත්වන විනාශය පිළිබඳ නොසැලකිලිමත් වීම ඔවුන්ගේ සහජ බුද්ධිය දූෂිත වී ඇති බවට වූ සාධකයකි.

• كفران النعم صفة من صفات الكفار.
•ආශිර්වාදවලට ගුණමකු වීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංගවලින් එකකි.

• التمسك بالتقليد الأعمى يمنع من الوصول للحق.
•අන්ධානුකරණය සත්යය වෙත පිවිසීම වළක්වාලයි.

• الإقرار بالربوبية ما لم يصحبه إقرار بالألوهية لا ينجي صاحبه.
•දේව පරිපාලනත්වය ගැන පිළිගැනීම එයට දේවත්වය ගැන පිළිගැනීම සම්බන්ධ නොවන තාක් කල් අදාළ පුද්ගලයාට ජයග්රහණයක් නැත.

بَلْ اَتَیْنٰهُمْ بِالْحَقِّ وَاِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
ඔවුන් වාද කරන්නාක් මෙන් කරුණ පිහිටා නැත. සැබැවින්ම කිසිදු සැකයක් නැත. සත්යය අපි ගෙනැවිත් ඇත්තෙමු. නමුත් ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් හා දරුවන් ආරොප්ණය කරමින් කරන වාදයෙහි සැබැවින්ම ඔවුන් මුසාවාදීහුය. ඔවුන් කළ ප්රකාශයෙන් උත්තරීතර අල්ලාහ් අති උසස්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا اتَّخَذَ اللّٰهُ مِنْ وَّلَدٍ وَّمَا كَانَ مَعَهٗ مِنْ اِلٰهٍ اِذًا لَّذَهَبَ كُلُّ اِلٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلٰی بَعْضٍ ؕ— سُبْحٰنَ اللّٰهِ عَمَّا یَصِفُوْنَ ۟ۙ
දේව ප්රතික්ෂේපකයින් විශ්වාස කරන්නාක් මෙන් අල්ලාහ් දරුවකු ගත්තේ නැත. එමෙන්ම ඔහු සමග සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු හෝ ගත්තේ නැත. සැබැවින්ම ඔහු සමග නැමදුම් ලබන කිසිවකු හෝ සිටින්නේ නම් එවන් සෑම නැමදුම් ලබන්නෙක්ම ඔහු මැවූ මැවීම් අතරින් තම කොටස සමග ගමන් කරනු ඇත. ඔවුන් එකිනෙකා අබිබවා යනු ඇත. එවිට විශ්ව සැලැස්ම දූෂිත වේ. යථාර්ථය නම් සැබැවින් මේ කිසිවක් සිදු වන්නේ නැත. එහෙයින් සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඒකීය අල්ලාහ් වන ඔහු පමණක් බව පෙන්වා දෙයි. දරුවකු හා හවුල්කරුවකු සම්බන්ධ කරමින් මෙම දේව ආදේශකයින් ඔහු ගැන කරන වර්ණනාවෙන් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عٰلِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟۠
ඔහුගේ මැවීම් අතරින් ගුප්ත ව පවතින සියලු දෑ ඔහු මැනවින් දන්නාය. එමෙන්ම දෘශ්යමාන ඉන්ද්රියන්ට හසුවන සියලු දෑ ද මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහුට හවුල්කරුවකු වීමෙන් සුවිශුද්ධයාණන් වන අල්ලාහ් උත්තරීතර විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ رَّبِّ اِمَّا تُرِیَنِّیْ مَا یُوْعَدُوْنَ ۟ۙ
"අහෝ දූතය! මෙම දේව ආදේශකයින් සම්බන්ධයෙන් නුඹ ඔවුනට ප්රතිඥා දුන් දෑ මට පෙන්වා දෙන්නේ නම්!" යැයි නුඹ පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ فَلَا تَجْعَلْنِیْ فِی الْقَوْمِ الظّٰلِمِیْنَ ۟
"මාගේ පරමාධිපතියාණනි! මම බලා සිටියදීම නුඹ ඔවුනට දඬුවම් දුන්නේ නම්! නුඹ මා ඔවුන් අතරට පත් කොට ඔවුනට අත් වූ දඬුවම මට ද අත් කර නොදෙනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّا عَلٰۤی اَنْ نُّرِیَكَ مَا نَعِدُهُمْ لَقٰدِرُوْنَ ۟
ඔවුනට ප්රතිඥා දුන් දඬුවම නුඹ දකින්නට හා එය බලන්නට සැලැස්වීම සඳහා අපි බලය ඇත්තෝ වෙමු. එය ද එය නොවන වෙනත් දෑ ද අපට නොහැකි කාර්යයක් නොවන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِدْفَعْ بِالَّتِیْ هِیَ اَحْسَنُ السَّیِّئَةَ ؕ— نَحْنُ اَعْلَمُ بِمَا یَصِفُوْنَ ۟
අහෝ දූතය! නුඹට නපුරක් කරන්නාට සමාව දීම, ඔහුගේ වේදනාවන් මත ඉවසා දරා ගැනීම වැනි වඩාත් යහපත් කරුණුවලින් ඔහුව වළක්වාලනු. ඔවුන් විස්තර කරන ආදේශය හා බොරුව ගැන ද, නුඹ ගැන විස්තර කරන නුඹට අදාළ නොවන හූනියම හා උමතුව වැනි දෑ ගැන ද සැබැවින්ම අපි මැනවින් දන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلْ رَّبِّ اَعُوْذُ بِكَ مِنْ هَمَزٰتِ الشَّیٰطِیْنِ ۟ۙ
"ෂෙයිතාන්ගේ පෙලඹවීම් හා ඔවුන්ගේ කුකුසෙන් මම නුඹෙන් ආරක්ෂාව පතමි" යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَعُوْذُ بِكَ رَبِّ اَنْ یَّحْضُرُوْنِ ۟
"මාගේ පරමාධිපතියාණනි! මාගේ කරුණු අතරින් කිසිවක් හෝ ඔවුන් මා ඉදිරියට පැමිණීමෙන් මම නුඹෙන් ආරක්ෂාව පතමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اِذَا جَآءَ اَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُوْنِ ۟ۙ
එම දේව ආදේශකයින් අතරින් කෙනෙකුට මරණය පැමිණෙන තෙක්ම, ඔවුන්ට පහළ වන දෑ ඔවුන් දෑසින් දකින තෙක්ම එසේ පසුවෙති. එවිට මඟහැරුණු ඔහුගේ ආයුකාලය ගැනත් අල්ලාහ්ගේ පැත්තෙන් තමන්ට අතපසු වූ දෑ ගැනත් පසුතැවිලි වී "මාගේ පරමාධිපතියාණනි! මෙලොව ජීවිතයට නුඹ මා නැවත හරවා යවනු මැනව" යැයි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَعَلِّیْۤ اَعْمَلُ صَالِحًا فِیْمَا تَرَكْتُ كَلَّا ؕ— اِنَّهَا كَلِمَةٌ هُوَ قَآىِٕلُهَا ؕ— وَمِنْ وَّرَآىِٕهِمْ بَرْزَخٌ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟
"ඒ වෙත මා නැවත හරවා යවනු ලැබුවේ නම් මම දැහැමි ක්රියාවන් සිදු කරමි." එසේ නොව, ඔහු පතන පරිදි කරුණ නැත. සැබැවින්ම එය ඔහු මුවින් දොඩවන ප්රකාශයක් පමණි. මෙලොව ජීවිතයට නැවත හරවා යවනු ලැබුවේ නම් ඔහු පොරොන්දු දුන් පරිදි එය ඉටු නොකරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබ එක්රැස් කරනු ලබන තෙක්ම මෙලොව හා මතුලොව අතර වූ බාධකයක් මත මියගිය මොවුන් රැඳී සිටිති. ඔවුනට මඟහැරුනු දෑ ලබන්නටත් ඔවුන් විනාශ කර ගත් දෑ නිවැරැදි කර ගන්නටත් එහි සිට ඔවුන් නැවත මෙලොවට හරවා යවනු නොලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا نُفِخَ فِی الصُّوْرِ فَلَاۤ اَنْسَابَ بَیْنَهُمْ یَوْمَىِٕذٍ وَّلَا یَتَسَآءَلُوْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන දන්වමින් දෙවන පිඹුම හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයා එහි පිඹින විට මතුලොව ඇති අර්බුධවල ඔවුන් කාර්යබහුලව සිටින බැවින් ඔවුන් අහංකාරකම් පාමින් සිටි ඔවුන් අතර පැවති සම්බන්ධකම් නැතිවී යනු ඇත. ඔවුන් වැදගත් කටයුතුවලදී කාර්යබහුලව යෙදී සිටින බැවින් ඔවුන් එකිනෙකා ගැන නොවිමසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ ثَقُلَتْ مَوَازِیْنُهٗ فَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
කවරෙකුගේ පාපයට වඩා පෙර සූදානම් කළ ඔහුගේ යහකම් තුලාවෙහි බරින් වැඩි වූයේ ද එවැන්නෝ ඔවුන් පතන දෑ හිමි කරගනිමින් ඔවුන් බිය වූ දැයින් මිදිමින් ජය ලබන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ خَفَّتْ مَوَازِیْنُهٗ فَاُولٰٓىِٕكَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ فِیْ جَهَنَّمَ خٰلِدُوْنَ ۟ۚ
කවරෙකුගේ පාපයට වඩා පෙර සූදානම් කළ ඔහුගේ යහකම් තුලාවෙහි බරින් අඩු වූයේ ද එවැන්නන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ආත්මාවන්ට හානි කරමින් එයට ප්රයෝජනවත් වන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මඟ හරිමින් ඒවා විනාශ කර ගත්තෝ වෙති. එහෙයින් ඔවුන් නිරා ගින්නේ සදා රැඳෙන්නෝ වෙති. එයින් ඔවුන් බැහැර නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَلْفَحُ وُجُوْهَهُمُ النَّارُ وَهُمْ فِیْهَا كٰلِحُوْنَ ۟
ඔවුන්ගේ මුහුණු එම ගින්න දවාලයි. කෝපයේ බරපතලකම හේතුවෙන් ඔවුන්ගේ දත්වලට පහළින් හා ඉහළින් ඇති ඔවුන්ගේ තොල්පෙති හැකිලී යයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاستدلال باستقرار نظام الكون على وحدانية الله.
•විශ්ව සැලැස්මේ ස්ථායීතාව අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙයි.

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම.

• معاملة المسيء بالإحسان أدب إسلامي رفيع له تأثيره البالغ في الخصم.
•නපුරු පුද්ගලයින් සමග යහපත් ලෙස කටයුතු කිරීම ප්රතිවාදියාට විශාල බලපෑමක් ඇති කරන උසස් ඉස්ලාමීය විනයකි.

• ضرورة الاستعاذة بالله من وساوس الشيطان وإغراءاته.
•ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් හා ඔහුගේ කුකුසෙන් අල්ලාහ් වෙතින් ආරක්ෂාව පැතීමේ අවශ්යතාව.

اَلَمْ تَكُنْ اٰیٰتِیْ تُتْلٰی عَلَیْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ ۟
ඔවුන් හෙළා දකිමින් "මෙලොවෙහි නුඹලා වෙත පාරායනය කරන අල් කුර්ආනීය පාඨ නුඹලාට නොවී ද? නමුත් නුඹලා ඒවා බොරු කරමින් සිටියෙහුය." යැයි ඔවුනට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا رَبَّنَا غَلَبَتْ عَلَیْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَآلِّیْنَ ۟
ඔවුහු, "අපගේ පරමාධිපතියාණනි! නුඹේ දැනුමෙහි පෙර නියම වූ අපගේ අභාග්යය අප ඉක්මවා ගොස් ඇත. එමෙන්ම අපි සත්යයෙන් මුළා වූ පිරිසක් වූයෙමු" යැයි පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اَخْرِجْنَا مِنْهَا فَاِنْ عُدْنَا فَاِنَّا ظٰلِمُوْنَ ۟
"අපගේ පරමාධිපතියාණනි! අප ව නිරා ගින්නෙන් බැහැර කරනු මැනව! අප කවර ප්රතික්ෂේපයක හා මුළාවක පසු වූයේද ඒ වෙත අපි නැවත හැරී ගියේ නම් එවිට අපි අපටම අරපාධ කරගත්තවුන් වෙමු. එවිට අපගේ නිදහසට කරුණු දැක්වීම අවසන් වනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اخْسَـُٔوْا فِیْهَا وَلَا تُكَلِّمُوْنِ ۟
අල්ලාහ් මෙසේ පවසයි. "නුඹලා ඉතා පහත් අවමානයට පත්වූවන් ලෙස නිරාගින්නේ කල්ගත කරනු. මා සමග නුඹලා කතා නොකරනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ كَانَ فَرِیْقٌ مِّنْ عِبَادِیْ یَقُوْلُوْنَ رَبَّنَاۤ اٰمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَاَنْتَ خَیْرُ الرّٰحِمِیْنَ ۟ۚۖ
සැබැවින්ම මා විශ්වාස කළ මාගේ ගැත්තන්ගෙන් පිරිසක් විය. ඔවුහු මෙසේ පවසති. "අපගේ පරමාධිපතියාණනි! අපි ඔබ ව විශ්වාස කළෙමු. එහෙයින් අපගේ පාපකම් සඳහා අපට සමාව දෙනු මැනව. ඔබේ කරුණාවෙන් අපට ආශිර්වාද කරනු මැනව! ඔබ කරුණාකරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّخَذْتُمُوْهُمْ سِخْرِیًّا حَتّٰۤی اَنْسَوْكُمْ ذِكْرِیْ وَكُنْتُمْ مِّنْهُمْ تَضْحَكُوْنَ ۟
තම පරමාධිපති වෙත ඇරයුම් කරන දේව විශ්වාසීන් හාස්යයට හා අවමානයට ලක් කරන්නට අවස්ථාවක් බවට නුඹලා පත් කර ගත්තෙහුය. අවසානයේ නුඹලා ඔවුන් හාස්යයට ලක් කිරීමෙහි කාර්යබහුල වූ බැවින් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔහු නුඹලාට අමතක කර දැමීය. තවද නුඹලා ඔවුන් හාස්යයට හා අපහාසයට ලක් කරමින් සිනහසෙමින් සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ جَزَیْتُهُمُ الْیَوْمَ بِمَا صَبَرُوْۤا ۙ— اَنَّهُمْ هُمُ الْفَآىِٕزُوْنَ ۟
මෙම දේව විශ්වාසීන් අල්ලාහ්ට අවනත වීමෙහි හා නුඹලා විසින් ඔවුනට මුහුණ දීමට සිදු වූ හිංසාවන් මත ඉවසීමෙන් කටයුතු කළ බැවින්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය වශයෙන් සැබැවින්ම මම ඔවුනට ස්වර්ගය පිරිනැමුවෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قٰلَ كَمْ لَبِثْتُمْ فِی الْاَرْضِ عَدَدَ سِنِیْنَ ۟
"නුඹලා කොපමණ වසර කාලයක් මිහිතලයේ රැඳී සිටියෙහු ද? කොපමණ වේලාවක් එහි නුඹලා නාස්ති කළෙහු ද?" යැයි ඔහු විමසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا لَبِثْنَا یَوْمًا اَوْ بَعْضَ یَوْمٍ فَسْـَٔلِ الْعَآدِّیْنَ ۟
"අපි දිනක් හෝ දිනක කොටසක් රැඳී සිටියෙමු. එහෙයින් දින හා මාස ගණන් ගණනය කරන්නන්ගෙන් ඒ ගැන විමසනු."යැයි පවසමින් ඔවුහු පිළිතුරු දෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قٰلَ اِنْ لَّبِثْتُمْ اِلَّا قَلِیْلًا لَّوْ اَنَّكُمْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
"අපි මෙලොවෙහි ටික කලක් මිස රැඳී නොසිටියෙමු" යැයි පවසති. "නුඹලා රැඳී සිටි කාල ප්රමාණය සැබැවින්ම නුඹලා දැන සිටියෙහු නම් අවනත වීම ගැන ඉවසීමෙන් කටයුතු කිරීම පහසු වනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَحَسِبْتُمْ اَنَّمَا خَلَقْنٰكُمْ عَبَثًا وَّاَنَّكُمْ اِلَیْنَا لَا تُرْجَعُوْنَ ۟
"අහෝ ජනයිනි! කිසිදු ප්රඥාවකින් තොරව සතුන් මෙන් කිසිදු කුසලක් හෝ දඬුවමක් හෝ නොමැතිව සෙල්ලමට අපි නුඹලාව මවා ඇති බවත් සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා අප වෙත නැවත නොපැමිණෙන බවත් නුඹලා සිතන්නෙහු ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَعٰلَی اللّٰهُ الْمَلِكُ الْحَقُّ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— رَبُّ الْعَرْشِ الْكَرِیْمِ ۟
ඔහුගේ මැවීම් අතර ඔහු අභිමත කරන පරිදි කටයුතු කරන මහා පාලකයාණන් වන අල්ලාහ් සුවිශුද්ධය. ඔහු වනාහි සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. ඔහුගේ ප්රකාශය ද සත්යයකි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත. ගෞරවණීය අර්ෂ් හෙවත් සර්වරාජ්යයේ හිමිපාණන් වනුයේ සියලු මැවීම්වලට වඩා අති ගෞරවණීය ඔහුය. ඔහු සියලු දෑහි පරමාධිපති ලෙස සිටියදී එම මැවීම්වලට වඩා ඉහළින් තවත් පරමාධිපතියෙකු විය හැකි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّدْعُ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ ۙ— لَا بُرْهَانَ لَهٗ بِهٖ ۙ— فَاِنَّمَا حِسَابُهٗ عِنْدَ رَبِّهٖ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الْكٰفِرُوْنَ ۟
කවරෙකු විසින් අල්ලාහ් සමග වෙනත් නැමදුම් ලබන්නෙකු ඇරයුම් කරන්නේ ද ඔහුට නැමදීම සඳහා කිසිදු අයිතියක සාධකයක් එයට නැත. (මෙය අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දෙනාගේම කරුණකි.) ඔහුගේ නපුරු ක්රියාවෙහි ප්රතිඵලය සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපති අබියස වේ. ඔහු වෙත දඬුවම පිරිනමනුයේ ඔහු ය. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයෝ ඔවුන් පතන දෑ ලබා ගැනීමෙන් ජය නොලබති. ඔවුන් බියවන දැයින් මිදීමක් ද ඔවුනට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلْ رَّبِّ اغْفِرْ وَارْحَمْ وَاَنْتَ خَیْرُ الرّٰحِمِیْنَ ۟۠
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපකම්වලට මට සමාව දෙනු මැනව! නුඹේ කරුණාවෙන් මට කරුණා කරනු මැනව! පාපියාට කරුණා කොට ඔහුගේ පාපක්ෂමාව පිළි ගන්නන් අතරින් නුඹ අති ශ්රේෂ්ඨය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الكافر حقير مهان عند الله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නා අල්ලාහ් අබියස ඉතා පහත් නීච කෙනෙකු වේ.

• الاستهزاء بالصالحين ذنب عظيم يستحق صاحبه العذاب.
•දැහැමියන් හෑල්ලුවට ලක් කිරීම මහත් පාපයකි. එසේ කටයුතු කරන්නාට දඬුවම නියම වන්නේය.

• تضييع العمر لازم من لوازم الكفر.
•ආයුකාලය නාස්ති කිරීම දේව ප්රතික්ෂේපය අනිවාර්යය කරන්නකි.

• الثناء على الله مظهر من مظاهر الأدب في الدعاء.
•අල්ලාහ්ට ප්රශංසා කිරීම ප්රාර්ථනාවෙහි ආචාර ධර්ම අතරින් කරුණකි.

• لما افتتح الله سبحانه السورة بذكر صفات فلاح المؤمنين ناسب أن تختم السورة بذكر خسارة الكافرين وعدم فلاحهم.
දේව විශ්වාසීන්ගේ ජයග්රහණයේ ලක්ෂණ සඳහන් කරමින් මෙම සූරාව ආරම්භ කොට අවසාන වශයෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ පරාජයත්, ඔවුන් ජයග්රහණය නොලබන බවත් සිහිපත් කරමින් අල්ලාහ් ඒ සමග සම්බන්ධ කළේය.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል-ሙዕሚኑን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት