የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አልን ኑር   አንቀጽ:

සූරා අන් නූර්

ከመዕራፉ ዓላማዎች:
الدعوة إلى العفاف وحماية الأعراض.
නිර්මලකම වෙත ඇරයුම් කිරීම හා ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම.

سُوْرَةٌ اَنْزَلْنٰهَا وَفَرَضْنٰهَا وَاَنْزَلْنَا فِیْهَاۤ اٰیٰتٍۢ بَیِّنٰتٍ لَّعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. එහි නීති ක්රියාත්මක කරන මෙන් අපි බලාත්මක කළෙමු. එහි පැහැදිළි වදන් අපි පහළ කළෙමු. එය එහි ඇති නීති පිළිබඳ නුඹලා මෙනෙහි කොට ඒ අනුව ක්රියා කරනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلزَّانِیَةُ وَالزَّانِیْ فَاجْلِدُوْا كُلَّ وَاحِدٍ مِّنْهُمَا مِائَةَ جَلْدَةٍ ۪— وَّلَا تَاْخُذْكُمْ بِهِمَا رَاْفَةٌ فِیْ دِیْنِ اللّٰهِ اِنْ كُنْتُمْ تُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ۚ— وَلْیَشْهَدْ عَذَابَهُمَا طَآىِٕفَةٌ مِّنَ الْمُؤْمِنِیْنَ ۟
කන්යා තත්ත්වයේ පසුවන කාම මිථ්යාචාරයේ නියැළෙන කාන්තාවන් හා පිරිමින් වනාහි, ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කසපහරවල් සියයක් බැගින් දෙනු. නුඹලා අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නෙහු නම්, ඔවුන් දෙදෙනාට දඬුවම් ක්රියාත්මක කළ නොහැකි පරිදි හෝ ඔවුන් දෙදෙනාට එම දඬුවම ලිහිල් කරන පරිදි කරුණාවක් හෝ අනුකම්පාවක් හෝ නුඹලාව ග්රහණය නොකළ යුතු වේ. ඔවුන් දෙදෙනාට දඬුවම ක්රියාත්මක කිරීම සඳහා දේව විශ්වාසීන් අතරින් පිරිසික් ඉදිරිපත් විය යුතුය. ඒ සමගම එය ඔවුන් දෙදෙනාට ප්රසිද්ධියේ අපහාසයක් වනු ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනාටත් ඔවුන් නොවන සෙසු ජනයාටත් එය වැළැක්වීමක් වනු ඇත
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلزَّانِیْ لَا یَنْكِحُ اِلَّا زَانِیَةً اَوْ مُشْرِكَةً ؗ— وَّالزَّانِیَةُ لَا یَنْكِحُهَاۤ اِلَّا زَانٍ اَوْ مُشْرِكٌ ۚ— وَحُرِّمَ ذٰلِكَ عَلَی الْمُؤْمِنِیْنَ ۟
කාමයේ වරදවා හැසිරීම ගැන දොස් නගමින්, සැබැවින්ම කවරෙකු එය පුරුද්දක් ලෙස ගත්තේ ද ඔහු මෙන් ගණිකාවක් හෝ දේව ආදේශකයෙක් හෝ මිස විවාහ වීමට අකමැති වෙයි. ඇයව විවාහ කර ගැනීමට අවසර නොමැති විට ඇය වේශ්යාකමට බිය නොවේ. එමෙන්ම කාමයේ වරදවා හැසිරීම පුරුද්දක් කරගත් කාන්තාවක් ඇය මෙන් කාම මිථ්යාදාරියකු හෝ දෙවියන්ට ආදේශ තබන්නෙකු හෝ මිස විවාහ වීමට අකමැති වෙයි. ඔහු සමඟ ඇයගේ විවාහයේ පාරිශුද්ධ භාවය ගැන ඔහු ආශා නොකරයි. කාම අපචාරයේ යෙදුණු කාන්තාවක් විවාහ කර ගැනීම හෝ කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු දේව විශ්වාසීන්හට විවාහ කර දීම හෝ තහනම් කරනු ලැබූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَرْمُوْنَ الْمُحْصَنٰتِ ثُمَّ لَمْ یَاْتُوْا بِاَرْبَعَةِ شُهَدَآءَ فَاجْلِدُوْهُمْ ثَمٰنِیْنَ جَلْدَةً وَّلَا تَقْبَلُوْا لَهُمْ شَهَادَةً اَبَدًا ۚ— وَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟ۙ
කවරෙකු නිර්මල කාන්තාවන්හට (එමෙන්ම ඔවුන් හා සමාන නිර්මල පිරිමින්හට) අශීලාචාර (කාමයේ වරදවා හැසිරීමක්) ගැන බොරු චෝදනා එල්ල කොට පසු ව එසේ ඔවුන් කවර චෝදනාවක් එල්ල කළේ ද ඒ සඳහා සාක්ෂි හතරක් ඉදිරිපත් නොකළේ නම්, අහෝ බලධාරීනී! ඔවුනට කසපහරවල් අසූවක් දෙනු. කිසිවිටෙක ඔවුන් වෙනුවෙන් සාක්ෂි පිළිනොගනු. කවරෙකු නිර්මලයන්හට කාමයේ වරදවා හැසිරීමක් සම්බන්ධයෙන් බොරු චෝදනා එල්ල කරන්නේ ද ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا الَّذِیْنَ تَابُوْا مِنْ بَعْدِ ذٰلِكَ وَاَصْلَحُوْا ۚ— فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
නමුත් ඔවුන් එසේ චෝදනා ඉදිරිපත් කළ පසු ව අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔවුන්ගේ ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර. සැබැවින්ම ඔවුන්ගේ පාපක්ෂමාව හා ඔවුන්ගේ සාක්ෂිය අල්ලාහ් පිළිගන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමා අයැද සිටින්නේ ද ඔහුට ක්ෂමාව පිරිනමන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَرْمُوْنَ اَزْوَاجَهُمْ وَلَمْ یَكُنْ لَّهُمْ شُهَدَآءُ اِلَّاۤ اَنْفُسُهُمْ فَشَهَادَةُ اَحَدِهِمْ اَرْبَعُ شَهٰدٰتٍۢ بِاللّٰهِ ۙ— اِنَّهٗ لَمِنَ الصّٰدِقِیْنَ ۟
ස්වාමිපුරුෂයින් විසින් තමන්ගේ බිරින්ඳෑවරුන්ට කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එසේ ඔවුන් එල්ල කළ අපවාදයේ නිවැරදිතාව ඔප්පු කිරීම සඳහා තමන් හැර වෙනත් සාක්ෂිකරුවන් ඔවුනට නොමැති වී නම්, ඔවුන් අතරින් එක් අයකු තම බිරියට සිදු කළ අපවාදය සම්බන්ධයෙන් තමන් සත්යවාදියෙකු යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි ප්රකාශ කළ යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْخَامِسَةُ اَنَّ لَعْنَتَ اللّٰهِ عَلَیْهِ اِنْ كَانَ مِنَ الْكٰذِبِیْنَ ۟
ඔහුගේ පස්වැනි සාක්ෂියේ ඔහු කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එහි ඔහු බොරුකාරයකු වී නම් ඔහුට ශාපය උරුම කර දෙන මෙන් ඔහුට එරෙහි ව අමතර වශයෙන් ප්රාර්ථනා කර සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَدْرَؤُا عَنْهَا الْعَذَابَ اَنْ تَشْهَدَ اَرْبَعَ شَهٰدٰتٍۢ بِاللّٰهِ ۙ— اِنَّهٗ لَمِنَ الْكٰذِبِیْنَ ۟ۙ
ඒ අනුව ඇයට දුරාචාරය සඳහා වන දඬුවමට නියම වනු ඇත. ඇය ද "ඔහු එල්ල කළ අපවාදයේ සැබැවින්ම ඔහු(සැමියා) බොරුකාරයකු" යැයි අල්ලාහ් මත සිව්වරක් සාක්ෂි දැරීම තුළින් එම දඬුවම ඇයගෙන් ඉවත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْخَامِسَةَ اَنَّ غَضَبَ اللّٰهِ عَلَیْهَاۤ اِنْ كَانَ مِنَ الصّٰدِقِیْنَ ۟
ඇයගේ පස්වැනි සාක්ෂියේ ඔහු කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එහි ඔහු සත්යවාදියෙකු වී නම් තමන් මත අල්ලාහ්ගේ කෝපය අත්වේවා යැයි ඇයට එරෙහි ව අමතර වශයෙන් ප්රාර්ථනා කර සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ وَاَنَّ اللّٰهَ تَوَّابٌ حَكِیْمٌ ۟۠
අහෝ ජනයිනි! නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව නොවී නම් සැබැවින්ම ඔහු නුඹලාගේ පාපකම්වලට දඬුවම ඉක්මන් කරනු ඇත. එමගින් නුඹලා හෑල්ලුවට ලක් කරනු ඇත. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට අති ක්ෂමාශීලීය. ඔහුගේ සැලසුම් කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التمهيد للحديث عن الأمور العظام بما يؤذن بعظمها.
•වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි වැදගත්කම පෙන්වා දෙන කරුණුවලින් ආරම්භ කිරීම.

• الزاني يفقد الاحترام والرحمة في المجتمع المسلم.
•දුරාචාරයේ යෙදෙන්නා මුස්ලිම් සමාජය තුළ ආදරය, කරුණාව හා ගෞරවය අහිමි කර ගනී.

• الحصار الاجتماعي على الزناة وسيلة لتحصين المجتمع منهم، ووسيلة لردعهم عن الزنى.
•දුරාචාරයේ යෙදෙන්නන් සමාජීය වශයෙන් වැටලීම, ඔවුන් අතර සිටින සමාජය ආරක්ෂා කිරීම සඳහා වූ ක්රියාමාර්ගයක් මෙන්ම දුරාචායෙන් ඔවුන් වළක්වා ගැනීමේ ක්රියාමාර්ගයක් වන්නේය.

• تنويع عقوبة القاذف إلى عقوبة مادية (الحد)، ومعنوية (رد شهادته، والحكم عليه بالفسق) دليل على خطورة هذا الفعل.
•අවලාද නගන්නාගේ දඬුවම භෞතිකමය දඬුවමක් (දණ්ඩ නීතිය ක්රියාත්මක කිරීමක්) ලෙස හා ආධ්යාත්මික දඬුවමක් (ඔහුගේ සාක්ෂිය හෙළා දැක ඔහු කෙරෙහි දූෂිතයෙකු ලෙස තීන්දු කිරීමක්) ලෙස වර්ග කර තිබීම එම ක්රියාවේ බරපතලකම පෙන්වා දෙන සාධකයකි.

• لا يثبت الزنى إلا ببينة، وادعاؤه دونها قذف.
•දුරාචාරයේ දඬුවම පැහැදිලි සාක්ෂියක් මගින් මිස ස්ථීර කරනු නොලැබේ. සාක්ෂිය නොමැති ව ඒ ගැන වාද කිරීම අවලාද නැගීමකි.

اِنَّ الَّذِیْنَ جَآءُوْ بِالْاِفْكِ عُصْبَةٌ مِّنْكُمْ ؕ— لَا تَحْسَبُوْهُ شَرًّا لَّكُمْ ؕ— بَلْ هُوَ خَیْرٌ لَّكُمْ ؕ— لِكُلِّ امْرِئٍ مِّنْهُمْ مَّا اكْتَسَبَ مِنَ الْاِثْمِ ۚ— وَالَّذِیْ تَوَلّٰی كِبْرَهٗ مِنْهُمْ لَهٗ عَذَابٌ عَظِیْمٌ ۟
සැබැවින්ම බරපතල චෝදනාව ගෙන ආ අය වනාහි, (එනම් දේව විශ්වාසීන්ගේ මව්තුමිය වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය පිළිබඳ අවලාද පවසා සිටි අය වනාහි,) අහෝ දේව විශ්වාසියනි! ඔවුහු නුඹලාට ආවේනික වූූ පිරිසකි. ඔවුන් කළ අවලාදය නුඹලාට නපුරක් යැයි නොසිතනු. එහි කුසල් හා දේව විශ්වාසීන්ව පරීක්ෂා කිරීම ඇතුළත් ව ඇති බැවින් හා දේව විශ්වාසීන්ගේ මෑණියන් නිරපරාධී බව එයට එකතු වී ඇති බැවින් එය නුඹලාට යහපත් වනු ඇත. ඇයට අවලාද නගමින් ඒ සඳහා හවුල් වූ සෑම කෙනෙකුටම ඔහු බොරුගොතා ඒ ගැන කතා කළ බැවින් එයින් උපයාගත් පාපය සඳහා වූ ප්රතිවිපාකය ඇත. එයින් බරපතල වරද පැටවෙන්නේ එය ආරම්භ කළ තැනැත්තාටය. ඔහුට බරපතල දඬුවමක් ඇත. මින් අදහස් කරනු ලබනුයේ කුහකයින්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْلَاۤ اِذْ سَمِعْتُمُوْهُ ظَنَّ الْمُؤْمِنُوْنَ وَالْمُؤْمِنٰتُ بِاَنْفُسِهِمْ خَیْرًا ۙ— وَّقَالُوْا هٰذَاۤ اِفْكٌ مُّبِیْنٌ ۟
දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් මෙම මහා අවලාදයට සවන් දුන් කල්හි, ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේවත්වය විශ්වාස කළ සෙසු තැනැත්තන්ගේ ආරක්ෂාව ගැන ඔවුන් සිතූ අතර මෙය පැහැදිලි බොරුවක් බව ඔවුන් පවසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْلَا جَآءُوْ عَلَیْهِ بِاَرْبَعَةِ شُهَدَآءَ ۚ— فَاِذْ لَمْ یَاْتُوْا بِالشُّهَدَآءِ فَاُولٰٓىِٕكَ عِنْدَ اللّٰهِ هُمُ الْكٰذِبُوْنَ ۟
දේවත්වය විශ්වාස කරන තැනැත්තන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සම්බන්ධයෙන් බොරු ගෙතූවන් ඔවුන්ගේ එම අපහාස චෝදනාවට ඇය වෙත ආරෝපණය කළ දෑහි නිවැරැදිතාව ඔප්පු කිරීම සඳහා ඒ ගැන සාක්ෂි දරණ සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ගෙන ආ යුතු නොවේ ද? ඒ සඳහා සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුන් නොගෙනාවේ නම් - ඔවුන් කිසිවිටෙක එසේ ගෙන එන්නේ නැත.- අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුහු මුසාවාදීහු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ لَمَسَّكُمْ فِیْ مَاۤ اَفَضْتُمْ فِیْهِ عَذَابٌ عَظِیْمٌ ۟ۚ
නුඹලාට දඬුවම ඉක්මන් නොකර නුඹලා අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන් හට පාපක්ෂමාව පිරිනමන අයුරින් අල්ලාහ් නුඹලා වෙත අනුග්රහය නොදැක්වූයේ නම්, ඔහුගේ කරුණාව නුඹලාට දායාද නොකළේ නම් දේව විශ්වාසීන්ගේ මැණියන් මත ගෙතූ බොරුව හා මුසාව තුළ ඔවුන් නිරත වී සිටි හේතුවෙන් අතිමහත් දඬුවමක් ඔවුනට අත්වන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ تَلَقَّوْنَهٗ بِاَلْسِنَتِكُمْ وَتَقُوْلُوْنَ بِاَفْوَاهِكُمْ مَّا لَیْسَ لَكُمْ بِهٖ عِلْمٌ وَّتَحْسَبُوْنَهٗ هَیِّنًا ۖۗ— وَّهُوَ عِنْدَ اللّٰهِ عَظِیْمٌ ۟
නුඹලා එකිනෙකා ඒ ගැන දන්වමින්, නුඹලාගේ කටින් ඒ ගැන ව්යාජ දෑ එකිනෙකා අතර වචන හුවමාරු කරගත් අවස්ථාව මෙනෙහි කරනු. නමුත් නුඹලාට ඒ ගැන දැනුමක් නොවීය. සැබැවින්ම එය සුළු හා සැහැල්ලු කාර්යයක් බව නුඹලා සිතන්නෙහුය. නමුත් එහි බොරුව හා නිදොස් පුද්ගලයකුට කෙරෙන චෝදනාව ඇති බැවින් අල්ලාහ් අබියස එය බරපතළ කරුණකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَاۤ اِذْ سَمِعْتُمُوْهُ قُلْتُمْ مَّا یَكُوْنُ لَنَاۤ اَنْ نَّتَكَلَّمَ بِهٰذَا ۖۗ— سُبْحٰنَكَ هٰذَا بُهْتَانٌ عَظِیْمٌ ۟
මෙම බරපතල අවලාදයට නුඹලා සවන් දුන් අවස්ථාවේ, "අපගේ පරමාධිපතියාණන් වන ඔබ උදෙසා මෙම බැරෑරුම් කරුණ පිළිබඳ අප කතා කිරීම අපට නිවැරදි නොවීය. දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවන්හට ඔවුන් නැගූ අවලාදය බරපතල මුසාවකි." යැයි නුඹලා පවසා සිටිය යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَعِظُكُمُ اللّٰهُ اَنْ تَعُوْدُوْا لِمِثْلِهٖۤ اَبَدًا اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ
නුඹලා අල්ලාහ්ව විශ්වාසකරන්නන් ලෙස සිටියෙහු නම් මෙවන් බොරුවක් වෙත නැවත යොමු වී නිරපරාධියෙකුහට කාම මිත්යාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් අවලාද නැගීම ගැන අල්ලාහ් නුඹලාට මෙනෙහි කර උපදෙස් දෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
ඔහුගේ නීති හා ඔහුගේ උපදෙස් ඇතුළත් වදන් අල්ලාහ් නුඹලාට පැහැදිළි කරයි. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. ඔහු සැලසුම් යෙදීමෙහි හා දහම්ගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یُحِبُّوْنَ اَنْ تَشِیْعَ الْفَاحِشَةُ فِی الَّذِیْنَ اٰمَنُوْا لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۙ— فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
සැබැවින්ම දේව විශ්වාසීන් අතර පිළිකුල් සහගත දෑ ව්යාප්ත කිරීමට - දුරාචාරය පිළිබඳ අවලාද නැගීම ද ඒවායින් එකකි - ප්රිය කරන්නන් වනාහි, ඔවුනට අවලාද නැගීම සඳහා මෙලොවෙහි දඬුවම ක්රියාත්මක කිරීමෙන් ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එමෙන්ම මතුලොවෙහි ද අපාගින්නේ දඬුවමක් ඇත. ඔවුන්ගේ මුසාව පිළිබඳ අල්ලාහ් දනී. තම ගැත්තන්ගේ කටයුතු කවර කරුණක් වෙත යොමු වන්නේ ද ඒ ගැන ද ඔහු දනී. ඔවුන්ගේ යහපත ගැන ද ඔහු දනී. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ وَاَنَّ اللّٰهَ رَءُوْفٌ رَّحِیْمٌ ۟۠
අභූත චෝදනාව තුළ වැටී සිටින්නනි! නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නොවී නම්, එමෙන්ම සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාවන්ත හා දයාලුවන්ත නොවී නම් නුඹලාට දඬුවම ඉක්මන් කරන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تركيز المنافقين على هدم مراكز الثقة في المجتمع المسلم بإشاعة الاتهامات الباطلة.
•ව්යාජ චෝදනා පතුරවමින් මුස්ලිම් ප්රජාව කෙරෙහි විශ්වාසයේ මධ්යස්ථාන කඩා බිඳ දැමීම කෙරෙහි කුහකයන් අවධානය යොමු කිරීම.

• المنافقون قد يستدرجون بعض المؤمنين لمشاركتهم في أعمالهم.
•කුහකයින් විසින් ඇතැම් දේව විශ්වාසීන් හට තමන්ගේ කටයුතුවල සහභාගී වීම සඳහා පොළඹවීම.

• تكريم أم المؤمنين عائشة رضي الله عنها بتبرئتها من فوق سبع سماوات.
•දේව විශ්වාසීන්ගේ මාතාවක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නිරපරාධි කාන්තාවක් බව දන්වමින් අහස් හතට ඉහළින් ඇය ව ගරුත්වයට ලක් කිරීම.

• ضرورة التثبت تجاه الشائعات.
•කටකතා තහවුරු කර ගැනීමේ අවශ්යතාව

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّیْطٰنِ ؕ— وَمَنْ یَّتَّبِعْ خُطُوٰتِ الشَّیْطٰنِ فَاِنَّهٗ یَاْمُرُ بِالْفَحْشَآءِ وَالْمُنْكَرِ ؕ— وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ مَا زَكٰی مِنْكُمْ مِّنْ اَحَدٍ اَبَدًا ۙ— وَّلٰكِنَّ اللّٰهَ یُزَكِّیْ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු පෙන්වා දුන් පිළිවෙතට අනුව කටයුතු කරන්නනි! ව්යාජ දෑ අලංකාරවත් කර පෙන්වීමෙහි ෂෙයිතාන්ගේ මාර්ග නුඹලා අනුගමනය නොකරනු. කවරෙකු ඔහුගේ මාර්ග පිළිපදින්නේ ද සැබැවින්ම ඔහු පිළිකුල් සහගත ක්රියාවන් හා ප්රකාශ ද, ෂරීආව හෙළා දුටු දෑ ද අණ කර සිටියි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය නොවී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පාපක්ෂමාවේ නිරත වුව ද, කිසිවිටෙක ඔහු ව පිරිසිදු නොකරන්නට තිබුණි. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයගේ පාපක්ෂමාව පිළිගෙන පිරිසිදු කරයි. අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَاْتَلِ اُولُوا الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ اَنْ یُّؤْتُوْۤا اُولِی الْقُرْبٰی وَالْمَسٰكِیْنَ وَالْمُهٰجِرِیْنَ فِیْ سَبِیْلِ اللّٰهِ ۪ۖ— وَلْیَعْفُوْا وَلْیَصْفَحُوْا ؕ— اَلَا تُحِبُّوْنَ اَنْ یَّغْفِرَ اللّٰهُ لَكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
දහමෙහි භාග්යය ලත් හා ධනයෙන් පොහොසත් උදවිය -අල්ලාහ්ගේ මාර්ගයේ නික්මයෑමෙන් දිළිඳුභාවයට පත්- අවශ්යතාවෙන් පෙළෙන ඔවුන්ගේ ඥාතීන්හට ඔවුන් කළ යම් වරදක් හේතුවෙන් ඔවුනට පිහිට වීම අතහැර දමන මෙන් දිවුරිය නොයුතුය. එය නොසලකා හැර සමාව දිය යුතුය. නුඹලාගේ පාපකම්වලට අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්රිය නොකරන්නෙහු ද? එසේ නම් ඔවුන්ගෙන් එය නොසලකා හැර සමාව දෙන්න. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරතව ඔහු වෙත යොමු වන්නන් කෙරෙහි අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහුගේ ගැත්තන් ඔහු ගැන බලාපොරොත්තු තැබිය යුතුය. මෙම පාඨය පහළ වූයේ අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා සම්බන්ධයෙනි. නැගූ එම අභූත චෝදනාවට මිස්තහ් නම් පුද්ගලයා හවුල් වූ බැවින් ඔහුට වියදම් නොකර සිටීමට එතුමා දිවුරා සිටි අවස්ථාවේදීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یَرْمُوْنَ الْمُحْصَنٰتِ الْغٰفِلٰتِ الْمُؤْمِنٰتِ لُعِنُوْا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۪— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟ۙ
දුරාචාරය පිළිබඳ සැලකිල්ලක් නැති, ඒ ගැන නොදන්නා පතිවත රකින දේව විශ්වාසී කාන්තාවන් හට දූෂිත චොදනා එල්ල කළවුන් වනාහි, ඔවුන් මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් වෙති. ඔවුනට මතුලොවෙහි බරපතල දඬුවම් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّوْمَ تَشْهَدُ عَلَیْهِمْ اَلْسِنَتُهُمْ وَاَیْدِیْهِمْ وَاَرْجُلُهُمْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
කවර ව්යාජ කරුණක් පිළිබඳ ඔවුන් කතා කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන්ගේ දිවවල් සාක්ෂි දරණ; එමෙන්ම ඔවුන් කවර ක්රියාවක් සිදු කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද සාක්ෂි දරණ; මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔවුනට අත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَىِٕذٍ یُّوَفِّیْهِمُ اللّٰهُ دِیْنَهُمُ الْحَقَّ وَیَعْلَمُوْنَ اَنَّ اللّٰهَ هُوَ الْحَقُّ الْمُبِیْنُ ۟
එදින අල්ලාහ් ඔවුනට ඔවුන්ගේ ප්රතිඵල සාධාරණනීය ලෙසින් පිරිනමනු ඇත. සැබැවින්ම ශුද්ධවන්තයාණන් අල්ලාහ් සත්යය බව දැන සිටිති. එහෙයින් ඔහු විසින් ප්රකාශනය කරන ලද තොරතුරු, ප්රතිඥා, අවවාද යනාදිය කිසිදු සැකයක් නැති පැහැදිලි සත්යය වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْخَبِیْثٰتُ لِلْخَبِیْثِیْنَ وَالْخَبِیْثُوْنَ لِلْخَبِیْثٰتِ ۚ— وَالطَّیِّبٰتُ لِلطَّیِّبِیْنَ وَالطَّیِّبُوْنَ لِلطَّیِّبٰتِ ۚ— اُولٰٓىِٕكَ مُبَرَّءُوْنَ مِمَّا یَقُوْلُوْنَ ؕ— لَهُمْ مَّغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟۠
අසත් පුරුෂයින් හා කාන්තාවන් ද අසභ්ය ප්රකාශ හා ක්රියාවන් ද අසභ්ය දෑට එකඟව හා අනුකූලව පිහිටනු ඇත. එමෙන්ම එවායින් දැහැමි දෑ දැහැමිව පවතින දෑට එකඟව හා අනුකූලව පිහිටනු ඇත. මෙම සත් පුරුෂයෝ හා කාන්තාවෝ අසත් පුරුෂ පිරිමින් හා කාන්තාවන් පවසන දැයින් නිර්දෝෂී අය වෙති. ඔවුනට අල්ලාහ්ගේ සමාව ඇත. එමගින් ඔහු ඔවුන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත. එමෙන්ම ඔවුනට ගෞරවණීය පෝෂණයක් ද ඇත. එය ස්වර්ග උයන වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَدْخُلُوْا بُیُوْتًا غَیْرَ بُیُوْتِكُمْ حَتّٰی تَسْتَاْنِسُوْا وَتُسَلِّمُوْا عَلٰۤی اَهْلِهَا ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ පිළිවෙත අනුව කටුයුතු කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන වෙනත් නිවෙස්වලට එහි නිවැසියන් අතරට පිවසීමට පෙර, "අස්සලාමු අලයිකුම්! මම ඇතුලු වන්නදැ?"යි පවසමින් නුඹලා ඔවුන් වෙත සලාම් පවසා ඔවුන්ගෙන් අවසර පතන තුරු නුඹලා ඇතුලු නොවනු. නුඹලාට අණ කරන ලද දෑ මෙනෙහි කරමින් එය පිළිපැදිය හැකිවනු පිණිස නුඹලාට නියෝග කරන ලද එම අවසර පැතීම එකවර ඇතුලු වීමට වඩා නුඹලාට උතුම්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إغراءات الشيطان ووساوسه داعية إلى ارتكاب المعاصي، فليحذرها المؤمن.
•ෂෙයිතාන්ගේ පෙළඹවීම් හා ඔහුගේ කුකුස් පාපකම් කිරීම සඳහා ඇරයුම් කරනු ඇත. එහෙයින් දේව විශ්වාසියා එයින් ප්රවේශම් විය යුතුයි.

• التوفيق للتوبة والعمل الصالح من الله لا من العبد.
•තව්බාව නොහොත් පාපක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා ආශිර්වාදය හිමි වනුයේ අල්ලාහ්ගෙනි. ගැත්තන්ගෙන් නොවෙයි.

• العفو والصفح عن المسيء سبب لغفران الذنوب.
•නපුරා ගැන නොතකා ඔහුට සමාව දීම තම පාපකම්වලට සමාව ලැබීමට හේතුවක් වන්නේය.

• قذف العفائف من كبائر الذنوب.
•පතිවත රකින නිරිමල කාන්තාවන්හට අවලාද නැගීම මහා පාපයකි.

• مشروعية الاستئذان لحماية النظر، والحفاظ على حرمة البيوت.
•බැල්ම ආරක්ෂා කිරීම සඳහාත් නිවසේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත් අවසර පැතීම දහම්ගත කොට ඇත.

فَاِنْ لَّمْ تَجِدُوْا فِیْهَاۤ اَحَدًا فَلَا تَدْخُلُوْهَا حَتّٰی یُؤْذَنَ لَكُمْ ۚ— وَاِنْ قِیْلَ لَكُمُ ارْجِعُوْا فَارْجِعُوْا هُوَ اَزْكٰی لَكُمْ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ عَلِیْمٌ ۟
නුඹලාට එම නිවෙස් තුළ කිසිවෙකු දැක ගත නොහැකි වී නම් නිවසට ඇතුලු වීමට අවසර දීමේ අයිතිය ඇත්තන්ගෙන් කෙනෙකු අවසර දෙන තුරු නුඹලා එහි නොපිවිසෙනු. එහි හිමිකරුවන් නුඹලාට නැවත හැරී යන්නැයි පවසා සිටියේ නම් එහි නොපිවිස හැරී යනු. සැබැවින්ම අල්ලාහ් අබියස එය නුඹලාට වඩාත් පිවිතුරුය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ عَلَیْكُمْ جُنَاحٌ اَنْ تَدْخُلُوْا بُیُوْتًا غَیْرَ مَسْكُوْنَةٍ فِیْهَا مَتَاعٌ لَّكُمْ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا تُبْدُوْنَ وَمَا تَكْتُمُوْنَ ۟
වෙළඳපොළේ පුස්තකාල හා සාප්පු වැනි කිසිවෙකුට විශේෂිත නොවූ පොදු ප්රයෝජන සඳහා සූදානම් කර ඇති පොදු ස්ථානයකට අවසරයෙන් තොරව නුඹලා පිවිසීමෙහි නුඹලාට වරදක් නැත. නුඹලා හෙළි කරන නුඹලාගේ ක්රියාවන් හා නුඹලාගේ තත්ත්වයන් ද ඉන් සඟවන දෑ ද අල්ලාහ් දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لِّلْمُؤْمِنِیْنَ یَغُضُّوْا مِنْ اَبْصَارِهِمْ وَیَحْفَظُوْا فُرُوْجَهُمْ ؕ— ذٰلِكَ اَزْكٰی لَهُمْ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا یَصْنَعُوْنَ ۟
අහෝ දූතය! ඔවුනට අනුමත නොවන කාන්තාවන් දෙස හා රහසඟ දෙස බැලීමෙන් ඔවුන්ගේ බැල්ම ඔවුන් ආරක්ෂා කරන මෙන් ද තහනම් කරන ලද කරුණක වැටීමෙන් හා රහස්ය පෙදෙස් නිරාවරණය කිරීමෙන් ආරක්ෂා කරන මෙන් ද ඔවුනට පවසනු. එසේ අල්ලාහ් තහනම් කළ දෑ දෙස බැල්ම හෙළීමෙන් වැළකී සිටීමත් ලිංගේන්ද්රියන් ආරක්ෂා කර ගැනීමත් ඔහු අබියස ඔවුනට වඩාත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقُلْ لِّلْمُؤْمِنٰتِ یَغْضُضْنَ مِنْ اَبْصَارِهِنَّ وَیَحْفَظْنَ فُرُوْجَهُنَّ وَلَا یُبْدِیْنَ زِیْنَتَهُنَّ اِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْیَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلٰی جُیُوْبِهِنَّ ۪— وَلَا یُبْدِیْنَ زِیْنَتَهُنَّ اِلَّا لِبُعُوْلَتِهِنَّ اَوْ اٰبَآىِٕهِنَّ اَوْ اٰبَآءِ بُعُوْلَتِهِنَّ اَوْ اَبْنَآىِٕهِنَّ اَوْ اَبْنَآءِ بُعُوْلَتِهِنَّ اَوْ اِخْوَانِهِنَّ اَوْ بَنِیْۤ اِخْوَانِهِنَّ اَوْ بَنِیْۤ اَخَوٰتِهِنَّ اَوْ نِسَآىِٕهِنَّ اَوْ مَا مَلَكَتْ اَیْمَانُهُنَّ اَوِ التّٰبِعِیْنَ غَیْرِ اُولِی الْاِرْبَةِ مِنَ الرِّجَالِ اَوِ الطِّفْلِ الَّذِیْنَ لَمْ یَظْهَرُوْا عَلٰی عَوْرٰتِ النِّسَآءِ ۪— وَلَا یَضْرِبْنَ بِاَرْجُلِهِنَّ لِیُعْلَمَ مَا یُخْفِیْنَ مِنْ زِیْنَتِهِنَّ ؕ— وَتُوْبُوْۤا اِلَی اللّٰهِ جَمِیْعًا اَیُّهَ الْمُؤْمِنُوْنَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
අහෝ දූතය! දේව විශ්වාසී කාන්තාවන්හට, 'රහස්ය පෙදෙස් අතරින් බැල්ම හෙළීමට ඔවුනට අනුමත නොවන දෑ වෙත බැල්ම හෙළීමෙන් ඔවුන්ගේ බැල්ම වළක්වා ගන්නා මෙන් ද, ඔවුන්ගේ ලිංගේන්ද්රියන් දුරාචාරයෙන් දුරස් කිරීමෙන් හා අවරණය කිරීමෙන් ආරක්ෂා කරන මෙන් ද, ඇඳ සිටින වස්ත්රය වැනි සැඟවීමට නොහැකි මතු පිටින් පෙනෙන දෑ හැර පිටස්තරයින්ට ඔවුන්ගේ අලංකාරය ප්රදර්ශනය නොකරන මෙන් ද, ඔවුන්ගේ සළුවෙන් ඔවුන්ගේ වස්ත්රවලට ඉහළින් විවෘතව පවතින දෑ මත ඔවුන්ගේ හිසකෙස් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ගෙලවල් ආවරණය වන පරිදි වසා ගන්නා මෙන් ද ඔවුන්ගේ රහස්ය අලංකාරයන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන් ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන්, ඔවුන්ගේ සහෝදරයින්ගේ පුතුන්, මුස්ලිම්වරුන් වුවද මුස්ලිම් නොවන්නන් වුව ද ඔවුන් අතර වූ විශ්වසනීය කාන්තාවන් ඔවුන් සතු කරගත් පිරිමි හෝ කාන්තා වහලුන්, කාන්තාවන් සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් හෝ අරමුණක් නැති අනුගමනය කරන්නන්. කුඩා අවදිය හේතුවෙන් කාන්තාවන්ගෙන් රහස්ය පෙදෙස් වෙත එබී නොලබන දරුවන් යනාදී අය වෙත මිස වෙනත් කිසිවකුට ප්රදර්ශනය නොකරන මෙන් ද ඔවුන් සඟවමින් සිටින ඔවුන්ගේ අලංකාරය හඳුන්වා දීමේ අටියෙන් පාද සලම් හා එයට සමාන දෑ තුළින් ඔවුන්ගේ පාද නොසැලිය යුතු මෙන් ද නුඹ පවසනු. අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා පතන දෑ ලබා එයින් ජය ලැබීමේ හා බියවන දැයින් මිදීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව නුඹලාගේ බැල්ම හෙළීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් නුඹලාට අත් වූ පාපය සඳහා නුඹලා සියලු දෙනා අල්ලාහ් වෙත පාපක්ෂමාවේ නිරත වී ඔහු වෙත යොමු වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• جواز دخول المباني العامة دون استئذان.
•පොදු ගොඩනැගිලිවලට අවසරයෙන් තොර ව පිවිසීමේ අනුමැතිය.

• وجوب غض البصر على الرجال والنساء عما لا يحلّ لهم.
•පිරිමින් හා කාන්තාවන් ඔවුනට අනුමත නොවන දෑ බැලීමෙන් ඔවුන්ගේ බැල්ම පහත හෙළීමේ අනිවාර්යයභාවය.

• وجوب الحجاب على المرأة.
•කාන්තාව හිජාබ් පැළදීමේ අනිවාර්යය භාවය.

• منع استخدام وسائل الإثارة.
•පෙළඹවීමේ හා උද්දීපනය කිරීමේ මාධ්ය සාධක භාවිතා කිරීමෙන් වැළකීම.

وَاَنْكِحُوا الْاَیَامٰی مِنْكُمْ وَالصّٰلِحِیْنَ مِنْ عِبَادِكُمْ وَاِمَآىِٕكُمْ ؕ— اِنْ یَّكُوْنُوْا فُقَرَآءَ یُغْنِهِمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
අහෝ දේව විශ්වාසී ජනයිනි! බිරියන් නොමැති අවිවාහක පිරිමින් හා ස්වාමිපුරුෂයන් නොමැති නිදහස් කාන්තාවන් විවාහ කර දෙනු. නුඹලාගේ වහලුන් හා වහලියන් අතරින් දේව විශ්වාසීන්ද විවාහ කරන දෙනු. ඔවුන් දිළිඳුන් වී නම් අල්ලාහ්ගේ විශාල භාග්යයෙන් අල්ලාහ් ඔවුන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් පෝෂණ සම්පත් ව්යාප්ත කරන්නාය. ඔහු කිසිවෙකු පොහොසත් කිරීම තුළින් ඔහුගේ පෝෂණ සම්පත්වල හිඟයක් ඇති වන්නේ නැත. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබද ඔහු සර්වඥානීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلْیَسْتَعْفِفِ الَّذِیْنَ لَا یَجِدُوْنَ نِكَاحًا حَتّٰی یُغْنِیَهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ؕ— وَالَّذِیْنَ یَبْتَغُوْنَ الْكِتٰبَ مِمَّا مَلَكَتْ اَیْمَانُكُمْ فَكَاتِبُوْهُمْ اِنْ عَلِمْتُمْ فِیْهِمْ خَیْرًا ۖۗ— وَّاٰتُوْهُمْ مِّنْ مَّالِ اللّٰهِ الَّذِیْۤ اٰتٰىكُمْ ؕ— وَلَا تُكْرِهُوْا فَتَیٰتِكُمْ عَلَی الْبِغَآءِ اِنْ اَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوْا عَرَضَ الْحَیٰوةِ الدُّنْیَا ؕ— وَمَنْ یُّكْرِهْهُّنَّ فَاِنَّ اللّٰهَ مِنْ بَعْدِ اِكْرَاهِهِنَّ غَفُوْرٌ رَّحِیْمٌ ۟
දිළිඳුභාවය හේතුවෙන් විවාහ වීමට නොහැකි උදවිය, අල්ලාහ් ඔහුගේ මහත් භාග්යයෙන් ඔවුන් පොහොසත් කරන තෙක් කාමයේ වරදවා හැසිරීමෙන් ඈත් වී නිර්මලව සිටිය යුතුය. මුදල් ගෙවා වහල්බවින් නිදහස් වීමට තම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නන් වනාහි, ඔවුන් දහම තුළ කටයුතු කිරීමට හා දැහැමි ලෙස ක්රියා කිරීමට ඔවුන් තුළ හැකියාව ඇති බව දන්නේ නම් ඔවුන්ගෙන් එම ඉල්ලීම පිළිගැනීම ඔවුන්ගේ හිමිකරුවන් වෙත පැවරේ. එමෙන්ම ඔවුන් නිදහස් කිරීම සඳහා නියම කරන ලද මුදලින් කොටසක් ඔවුන්ගෙන් ඉවත් කර අල්ලාහ් ඔවුනට ලබා දුන් ධනයෙන් ඔවුනට පිරිනැමිය යුතුය. - අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි තම වහලියන් දෙදෙනා පතිවත ආරක්ෂා කිරීමටත් දුරාචාරයෙන් දුරස් වීමටත් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කටයුතු කළාක් මෙන් - ධන සම්පත් සොයමින් කාමයේ වරදවා හැසිරීම සඳහා නුඹලා අතර සිටින අවිවාහක තරුණියන් ඔවුන්ගේ රහස්ය අවයව තුළින් උපයන මුදල් සෙවීම සඳහා ඔවුනට බල නොකරනු. නුඹලා අතරින් කවරෙකු ඒ සඳහා එම තරුණියන්ට බල කරන්නේ ද එසේ බල කිරීමෙන් පසු එම තරුණියන්ගේ පාපකම් සඳහා සැබැවින්ම අල්ලාහ් ඔවුනට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය. එය සැබැවින්ම ඔවුන් බලහත්කාරයට ලක්වූවන් බැවිණි. පාපය ළඟා වනුයේ ඔවුන් බල කළ තැනැත්තන් හටය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكُمْ اٰیٰتٍ مُّبَیِّنٰتٍ وَّمَثَلًا مِّنَ الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِیْنَ ۟۠
අහෝ ජනයිනි! සැබැවින්ම අපි නුඹලා වෙත ව්යාජ දැයින් සත්ය දෑ වෙන් කර දක්වන පැහැදිළි වදන් පහළ කර ඇත්තෙමු. තවද, නුඹලාට පෙර ඉකුත්ව ගිය දේවත්වය විශ්වාස කළවුන් හා දේවත්වය ප්රතික්ෂේප කළවුන් ගැන වූ උදාහරණ ද නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එමෙන්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන් එමගින් උපදෙස් ලබනු පිණිස උපදෙසක් ද අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَللّٰهُ نُوْرُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— مَثَلُ نُوْرِهٖ كَمِشْكٰوةٍ فِیْهَا مِصْبَاحٌ ؕ— اَلْمِصْبَاحُ فِیْ زُجَاجَةٍ ؕ— اَلزُّجَاجَةُ كَاَنَّهَا كَوْكَبٌ دُرِّیٌّ یُّوْقَدُ مِنْ شَجَرَةٍ مُّبٰرَكَةٍ زَیْتُوْنَةٍ لَّا شَرْقِیَّةٍ وَّلَا غَرْبِیَّةٍ ۙ— یَّكَادُ زَیْتُهَا یُضِیْٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ؕ— نُوْرٌ عَلٰی نُوْرٍ ؕ— یَهْدِی اللّٰهُ لِنُوْرِهٖ مَنْ یَّشَآءُ ؕ— وَیَضْرِبُ اللّٰهُ الْاَمْثَالَ لِلنَّاسِ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟ۙ
අහස් හි හා මහපොළොවේ ආලෝකය අල්ලාහ්ය. ඒ දෙකෙහි සිටින්නන්හට මඟ පෙන්වන්නාය. දේව විශ්වාසියකුගේ හදවත තුළ සුවිශුද්ධයාණන් වන ඔහුගේ ආලෝකය ජනේලයක් නැති බිත්තියක කවුලුවක් මෙනි. එහි පහනක් පවතී. පහන දිළිසෙන පළිඟුවක් තුළය. එය මුතු මෙන් අලෝකය ගෙන දෙන තාරකාවක් මෙනි. එම පහන ආශිර්වාද ලත් ගසක තෙලින් දල්වන ලැබේ. එය ඔලිව් ගසයි. උදෑසන හෝ සන්ද්යා කාලයේ කිසිවක් එම ගස හිරුගෙන් ආවරණය නොකරනු ඇත. එහි තෙලෙහි පිරිසිදුභාවය හේතුවෙන් එයට ගින්දර ස්පර්ශ නොවූව ද එය බැබලෙන්නට බලති. එසේ නම් එය ස්පර්ශවූ විට කෙසේ නම් වේවිද? පහනේ අලෝකය පලිඟුවේ ආලෝකය මතය. දේව විශ්වාසියාගේ හදවත හිදායත් හෙවත් යහමාර්ගයේ ආලෝකය දැල්වෙන විට එලෙස පවතී. අල්ලාහ් තම ගැත්තන් අතරින් අභිමත කරන්නන් හට අල් කුර්ආනය අනුගමනය කිරීම සඳහා ආශිර්වාද කරනු ඇත. උදාහරණ දක්වමින් උපමා කරමින් අල්ලාහ් කරුණු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ بُیُوْتٍ اَذِنَ اللّٰهُ اَنْ تُرْفَعَ وَیُذْكَرَ فِیْهَا اسْمُهٗ ۙ— یُسَبِّحُ لَهٗ فِیْهَا بِالْغُدُوِّ وَالْاٰصَالِ ۟ۙ
මෙම පහන දේවස්ථානවල දැල්වෙයි. එහි ප්රමාණය හා එහි ගොඩනැගිල්ල උසස් කරන මෙන් ද අදාන් දික්ර් සලාත් වැනි ක්රියාදාමයන් තුළින් ඔහුගේ නාමය එහි මෙනෙහි කරන මෙන් ද, දහවල ආරම්භයේ හා එහි අවසානයේ අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා එහි සලාත් නැමදුම් කරන මෙන් ද අල්ලාහ් නියෝග කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الله عز وجل ضيق أسباب الرق (بالحرب) ووسع أسباب العتق وحض عليه .
(යුද්ධය වැනි හේතු මත) වහල් භාවයට පත්වන හේතු සාධක අල්ලාහ් සීමා කර ඇති අතර නිදහස් කිරීමේ හේතු සාධක පුළුල් කොට ඇත. ඒ සඳහා දිරි ගන්වා ඇත.

• التخلص من الرِّق عن طريق المكاتبة وإعانة الرقيق بالمال ليعتق حتى لا يشكل الرقيق طبقة مُسْتَرْذَلة تمتهن الفاحشة.
•ලිඛිත ප්රකාශනයකින් වහලා වහල්භාවයෙන් නිදහස වීමෙන් හා මුදලින් ඔහුට උපකාර කිරීමෙන් දුරාචාරයේ පීඩා විඳින, යටත් කරගත් පන්තියක වහලෙකු නොවන අයුරින් ඔහු නිදහස් වනු ඇත.

• قلب المؤمن نَيِّر بنور الفطرة، ونور الهداية الربانية.
•දේව විශ්වාසියාගේ හදවත සහජ බුද්ධියේ ආලෝකයෙන් හා දිව්ය මග පෙන්වීමේ ආලෝකයෙන් අලෝකමත් වනු ඇත.

• المساجد بيوت الله في الأرض أنشأها ليعبد فيها، فيجب إبعادها عن الأقذار الحسية والمعنوية.
•දේවස්ථාන යනු නැමදීම සඳහා මහපොළොවේ ඉදි කරන ලද අල්ලාහ්ගේ නිවෙස් වෙති. එහෙයින් ආධ්යාත්මික හා භෞතික කිලිටිලිවලින් එය දුරස් කිරීම අනිවාර්යය වේ.

• من أسماء الله الحسنى (النور) وهو يتضمن صفة النور له سبحانه.
•අස්මාඋල් හුස්නා නම් අල්ලාහ්ගේ අලංකාර නම්වලින් එකකි ‘අන්-නූර්’ -අලෝකය. ඔහු සතු විශේෂ අලෝකයේ ලක්ෂණවලින් ඔහු සමන්විතය.

رِجَالٌ ۙ— لَّا تُلْهِیْهِمْ تِجَارَةٌ وَّلَا بَیْعٌ عَنْ ذِكْرِ اللّٰهِ وَاِقَامِ الصَّلٰوةِ وَاِیْتَآءِ الزَّكٰوةِ— یَخَافُوْنَ یَوْمًا تَتَقَلَّبُ فِیْهِ الْقُلُوْبُ وَالْاَبْصَارُ ۟ۙ
මිනිසුන් පිරිසකි. ඔවුන් ශුවිශුද්ධයාණන් වන අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හෝ සලාතය පූර්ණ අයුරින් විධිමත්ව ඉටු කිරීමෙන් හෝ සකාතය එයට අදාළ ස්ථාන වෙත පිරිනැමීමෙන් හෝ ඔවුන්ගේ ව්යාපාරික ගනුදෙනු ඔවුන් වෙනතකට යොමු නොකළ පිරිසකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන ඔවුහු බියවෙති. දඬුවමින් මිදීමේ ආශාව හා ඒ ගැන වූ බිය අතර හදවත් දෝළනය වෙමින් පවතින; එහිදී කුමන දිශාවකට බැල්ම හෙළිය යුතු දැයි පෙරළෙමින් පවතින දිනයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیَجْزِیَهُمُ اللّٰهُ اَحْسَنَ مَا عَمِلُوْا وَیَزِیْدَهُمْ مِّنْ فَضْلِهٖ ؕ— وَاللّٰهُ یَرْزُقُ مَنْ یَّشَآءُ بِغَیْرِ حِسَابٍ ۟
ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔවුන් කළ දෑට වඩා යහපත් තිළිණ අල්ලාහ් ඔවුනට පිරිනැමීම උදෙසාත් ඒ සඳහා ලැබෙන ප්රතිඵල ඔහුගේ භාග්යයෙන් ඔවුනට වර්ධනය කිරීම උදෙසාත් ඔවුහු එසේ ඉටු කළෝය. අල්ලාහ් අභිමත කරන්නන් හට ඔවුන්ගේ ක්රියාවන්හි ප්රමාණයට වඩා අධික සම්පත් කිසිදු ගණනයකින් තොරව පිරිනමනු ඇත. එය ඔවුන් කළ ක්රියාවන් ගුණ කරමින් ඔවුනට ඔහු පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ كَفَرُوْۤا اَعْمَالُهُمْ كَسَرَابٍۭ بِقِیْعَةٍ یَّحْسَبُهُ الظَّمْاٰنُ مَآءً ؕ— حَتّٰۤی اِذَا جَآءَهٗ لَمْ یَجِدْهُ شَیْـًٔا وَّوَجَدَ اللّٰهَ عِنْدَهٗ فَوَفّٰىهُ حِسَابَهٗ ؕ— وَاللّٰهُ سَرِیْعُ الْحِسَابِ ۟ۙ
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් සිදු කළ ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු කුසලක් නැත. එය පහත් පොළොවෙහි පවතින මිරිඟුවකට සමානය. පිපාසිතයා එය දැක එය ජලය යැයි සිතයි. ඒ වෙත පැමිණෙන තෙක් ඔහු ගමන් කර එහි නතර වෙයි. නමුත් ඔහු ජලය නොලබයි. දේව ප්රතික්ෂේපකයා ද එලෙසය. සැබැවින්ම ඔහු මරණයට පත්ව යළි අවදි කරනු ලබන තෙක් ඔහුගේ ක්රියාවන් ඔහුට සෙත සලසනු ඇතැයි සිතයි. නමුත් එහි කුසල් ඔහු හිමි කර ගන්නේ නැත. ඔහු ඉදිරියේ ඔහුගේ පරමාධිපති දැක ගනී. ඔහුගේ ක්රියාවන්හි සම්පූර්ණ විනිශ්චය පූර්ණවත් කරයි. අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ كَظُلُمٰتٍ فِیْ بَحْرٍ لُّجِّیٍّ یَّغْشٰىهُ مَوْجٌ مِّنْ فَوْقِهٖ مَوْجٌ مِّنْ فَوْقِهٖ سَحَابٌ ؕ— ظُلُمٰتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ ؕ— اِذَاۤ اَخْرَجَ یَدَهٗ لَمْ یَكَدْ یَرٰىهَا ؕ— وَمَنْ لَّمْ یَجْعَلِ اللّٰهُ لَهٗ نُوْرًا فَمَا لَهٗ مِنْ نُّوْرٍ ۟۠
එසේ නැතහොත් ගැඹුරු මුහුදේ අන්ධකාරයන් මෙනි, රළ පහර ඊට උඩින් පවතී. එම රළ පහළට ඉහළින් තවත් රළ පහරය. ඊටත් උඩින් මඟ පෙන්වන තාරකාවන් වැසී ඇති වළාකුලකි. එකින් උඩ එක බැඳුණු අන්ධකාරයන්ය. එම අන්ධකාරයෙහි වැටුණු අයෙකු ඔහුගේ අත බැහැරට ගත්ත ද දැඩි අන්ධකාරය හේතුවෙන් එය දකින්නට ඔහු සමත් වන්නේ නැත. දේව ප්රතික්ෂේපකයා ද එලෙසමය. අඥානකම, සැකය, ව්යාකූලත්වය ඔහුගේ හදවත මත පවතින මුද්රාව වැනි අන්ධකාරයන් ඔහු මත එකිනෙක ඇමිණී පවතී. අල්ලාහ් කවරෙකුට නොමගින් යහමග හා ඔහුගේ පුස්තකයේ දැනුම ප්රදානය නොකළේ ද ඔහුට මඟපෙන්වන වෙනත් කිසිදු යහමගක් ඔහුට නොවන අතරමට අලෝකය සෙවිය හැකි පුස්තකයක් ද නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یُسَبِّحُ لَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَالطَّیْرُ صٰٓفّٰتٍ ؕ— كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهٗ وَتَسْبِیْحَهٗ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِمَا یَفْعَلُوْنَ ۟
අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් අතරින් අහස්හි ඇති දෑ ඔහු ව සුවිශුද්ධ කරන බවත් මහපොළොවේ ඇති දෑ ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් ආකාශයේ පියාපත් විහිදුවා පියාසර කරන පක්ෂීන් ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් නුඹ නොදන්නෙහි ද? ඒ සෑම මැවීමක් අතරින්ම මිනිසා මෙන් ඔහුට නැමදුම් කරන අයගේ නැමදුම පිළිබඳව ද පක්ෂීන් මෙන් සුවිශුද්ධ කරන දෑහි සුවිශුද්ධ කිරීම ද අල්ලාහ් දනී. ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَاِلَی اللّٰهِ الْمَصِیْرُ ۟
අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یُزْجِیْ سَحَابًا ثُمَّ یُؤَلِّفُ بَیْنَهٗ ثُمَّ یَجْعَلُهٗ رُكَامًا فَتَرَی الْوَدْقَ یَخْرُجُ مِنْ خِلٰلِهٖ ۚ— وَیُنَزِّلُ مِنَ السَّمَآءِ مِنْ جِبَالٍ فِیْهَا مِنْ بَرَدٍ فَیُصِیْبُ بِهٖ مَنْ یَّشَآءُ وَیَصْرِفُهٗ عَنْ مَّنْ یَّشَآءُ ؕ— یَكَادُ سَنَا بَرْقِهٖ یَذْهَبُ بِالْاَبْصَارِ ۟ؕ
අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් වළාකුළු ගමන් කරවයි. පසුව කොටස් වශයෙන් වූ ඒවා එනිනෙක සම්බන්ධ කරයි. පසුව එකිනෙක ඇමුණුනු වළාකුලක් බවට පත් කරයි. වළාකුළු ඇතුළතින් වර්ෂාව බැහැර වනු නුඹ දකින්නෙහිය. එමෙන්ම ප්රමාණයෙන් කඳු මෙන් පවතින ඝණ වළාකුළු අතරින් කුඩා ගල්කැට මෙන් හිමකැට ද අහස දෙසින් පහළ වනු ඇත. තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එම සීතල හට ගන්වයි. ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයගෙන් එය වෙනතකට යොමු කරයි. වළාකුළු අතරින් හටගන්නා අකුණු එළිය වනාහි, එහි දීප්තිය හේතුවෙන් බැල්ම ඉවත් කරන්නාක් මෙන් පවතියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• موازنة المؤمن بين المشاغل الدنيوية والأعمال الأخروية أمر لازم.
•මෙලොව කාර්යබහුලතාවය හා මතුලොව ක්රියාවන් අතර දේව විශ්වාසියා සමබරතාව රැකීම අනිවාර්යය කරුණකි.

• بطلان عمل الكافر لفقد شرط الإيمان.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය යන කොන්දේසිය නොමැති වීම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයා සිදු කරන ක්රියාවන්හි නිෂ්ඵලභාවය.

• أن الكافر نشاز من مخلوقات الله المسبِّحة المطيعة.
•අල්ලාහ්ට අවනත වන ඔහු ව සුවිශුද්ධ කරන ඔහුගේ මැවීම් පිළිබඳ සැබැවින්ම දේව ආදේශකයා ගැටලුකාරී තත්ත්වයක පසුවෙයි.

• جميع مراحل المطر من خلق الله وتقديره.
•වර්ෂාවේ පවතින සියලුම අදියරයන් අල්ලාහ්ගේ මැවීම් හා ඔහුගේ සැලසුම් අතරින් වන දෑය.

یُقَلِّبُ اللّٰهُ الَّیْلَ وَالنَّهَارَ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّاُولِی الْاَبْصَارِ ۟
රාත්රිය හා දහවල අතර විටෙක දිගුවෙන් ද විටෙක කෙටියෙන් ද යන එන්නක් ලෙස අල්ලාහ් එකිනෙක හඹා යන්නට සළස්වයි. දේව පරිපාලනය පිළිබඳ පෙන්වා දෙන සාධක අතරින් මෙනෙහි කරනු ලැබූ මෙම සංඥාවන් තුළ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය අධීක්ෂණය කරන්නන්හට උපදෙසක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّنْ مَّآءٍ ۚ— فَمِنْهُمْ مَّنْ یَّمْشِیْ عَلٰی بَطْنِهٖ ۚ— وَمِنْهُمْ مَّنْ یَّمْشِیْ عَلٰی رِجْلَیْنِ ۚ— وَمِنْهُمْ مَّنْ یَّمْشِیْ عَلٰۤی اَرْبَعٍ ؕ— یَخْلُقُ اللّٰهُ مَا یَشَآءُ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
මහපොළොවේ ඇවිද යන සියලුම සත්වයින් ශුක්රාණු බිඳුවෙන් අල්ලාහ් මැව්වේය. ඒ අතරින් සර්පයින් වැනි උදරය මත ගමන් කරමින් බඩගා යන සතුන් ද වෙති. මිනිසුන් පක්ෂීන් මෙන් දෙපා මත ගමන් කරන සතුන් ද වෙති. එමෙන්ම ගොවිපළ සතුන් මෙන් පාද හතරින් ගමන් කරන සිවුපාවුන් ද වෙති. සඳහන් කරන ලද හා සඳහන් කරනු නොලැබූ දැයින් අල්ලාහ් අභිමත කරන දෑ ඔහු මවයි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහු ව පරාජය කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ اَنْزَلْنَاۤ اٰیٰتٍ مُّبَیِّنٰتٍ ؕ— وَاللّٰهُ یَهْدِیْ مَنْ یَّشَآءُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
සැබැවින්ම අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත සත්යය මාර්ගය පෙන්වා දෙන පැහැදිළි වදන් අපි පහළ කළෙමු. අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත ආශිර්වාද කරයි. එම මාර්ගය ඔහු ව ස්වර්ගය වෙත ළඟා කරවයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُوْنَ اٰمَنَّا بِاللّٰهِ وَبِالرَّسُوْلِ وَاَطَعْنَا ثُمَّ یَتَوَلّٰی فَرِیْقٌ مِّنْهُمْ مِّنْ بَعْدِ ذٰلِكَ ؕ— وَمَاۤ اُولٰٓىِٕكَ بِالْمُؤْمِنِیْنَ ۟
කුහකයෝ, "සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු. තවද අපි දූතයාණන් ද විශ්වාස කළෙමු. එමෙන්ම අල්ලාහ්ට අපි අවනත වූයෙමු. දූතයාණන්ට ද අවනත වූයෙමු" යැයි පවසති. පසු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියෝ ය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන බවටත් ඔවුන් දෙදෙනාට අවනත වන බවටත් ඔවුහු අධිෂ්ඨාන කළ පසු ව, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා වෙනත් කටයුතුවලදී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත නොවෙති. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමට පිටුපෑ ඔවුන් සැබැවින්ම තමන් දේව විශ්වාසීන් යැයි පැවසුව ද ඔවුහු එසේ දේව විශ්වාසීහු නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا دُعُوْۤا اِلَی اللّٰهِ وَرَسُوْلِهٖ لِیَحْكُمَ بَیْنَهُمْ اِذَا فَرِیْقٌ مِّنْهُمْ مُّعْرِضُوْنَ ۟
කුහකයින් කවර කරුණක් පිළිබඳ වාද කරමින් සිටින්නේ ද ඒ ගැන ඔවුන් අතර දූතයාණන් තීන්දු දෙනු පිණිස අල්ලාහ් වෙත හා දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට, ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් එතුමාගේ තීන්දුවට ඔවුහු පිටුපාන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ یَّكُنْ لَّهُمُ الْحَقُّ یَاْتُوْۤا اِلَیْهِ مُذْعِنِیْنَ ۟ؕ
සැබැවින්ම සත්යය ඔවුන් සතු බවත් සැබැවින්ම ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔහු තීන්දු දෙන බවත් ඔවුන් දැනගත්තේ නම් ඔහු වෙත අවනත වන්නන් ලෙසින් හා යටහත් වන්නන් ලෙසින් ඔවුන් ඔහු වෙත පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفِیْ قُلُوْبِهِمْ مَّرَضٌ اَمِ ارْتَابُوْۤا اَمْ یَخَافُوْنَ اَنْ یَّحِیْفَ اللّٰهُ عَلَیْهِمْ وَرَسُوْلُهٗ ؕ— بَلْ اُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟۠
මොවුන්ගේ හදවත් තුළ ඒ හා බැඳුණු රෝගයක් වී ද? එසේ නැතහොත් සැබැවින්ම එතුමා අල්ලාහ්ගේ දූතයාණන් යන්නෙහි සැක කළෝ ද? එසේ නැතහොත් තීන්දුවෙහි අල්ලාහ් ඔවුන් වෙත වරදක් කරනු ඇතැයි බිය වන්නෝ ද. සඳහන් කරනු ලැබූ ඒ කිසිවක් නොවීය. ඔහුගේ තීන්දුවට ඔවුන් පිටුපෑම හා ඒ ගැන වූ ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන්ගේ සිතු තුළ ඇති වූ අඩුපාඩුකම් නිසාවෙන් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِیْنَ اِذَا دُعُوْۤا اِلَی اللّٰهِ وَرَسُوْلِهٖ لِیَحْكُمَ بَیْنَهُمْ اَنْ یَّقُوْلُوْا سَمِعْنَا وَاَطَعْنَا ؕ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
දේව විශ්වාසීන් අතර දූතයාණන් තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් වෙත හා දූතයාණන් වෙත ඇරයුම් කරනු ලැබූ විට දේව විශ්වාසීන්ගේ ප්රකාශය වූයේ, "අපි එතුමාගේ ප්රකාශයට සවන් දුනිමු. එතුමාගේ නියෝගයට අපි අවනත වූයෙමුඃ යන්නය. මෙ ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජයග්රහණය ලැබූවෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ وَیَخْشَ اللّٰهَ وَیَتَّقْهِ فَاُولٰٓىِٕكَ هُمُ الْفَآىِٕزُوْنَ ۟
කවරෙකු අල්ලාහ්ට අවනත වී, ඔහුගේ දූතයාණන්ට ද අවනත වී, ඔවුන් දෙදෙනාගේ නීතියට යටත් වී, පාපය ගෙන දෙන කරුණුවලට බිය වී, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නේ ද ඔවුහු පමණය මෙලොව හා මතුලොව යහපත තුළින් ජය ලබන්නන් වන්නෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَقْسَمُوْا بِاللّٰهِ جَهْدَ اَیْمَانِهِمْ لَىِٕنْ اَمَرْتَهُمْ لَیَخْرُجُنَّ ؕ— قُلْ لَّا تُقْسِمُوْا ۚ— طَاعَةٌ مَّعْرُوْفَةٌ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
කුහකයෝ: ඔවුනට නුඹ ජිහාද්-යුක්ති ධර්මය වෙනුවෙන් සටන්- කිරීමට නියෝග කළෙහි නම් ඔවුන් ඒ සඳහා පිටත් ව යන බවට ඔවුනට හැකි පමණින් බලවත් ලෙස අල්ලාහ් මත දිවුරා පොරොන්දු වෙති. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. "නුඹලා එසේ දිවුරා නොසිටිනු. නුඹලාගේ බොරුව කවුරුත් දන්නා කරුණකි. නුඹලාගේ ව්යාජ අවනතභාවය ද දන්නා කරුණකි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් අභිඥානීය. නුඹලාගේ ක්රියාවන් නුඹලා සැඟවුව ද ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تنوّع المخلوقات دليل على قدرة الله.
•මැවීම්වල විවිධත්වය අල්ලාහ්ගේ බලය පෙන්වා දෙයි.

• من صفات المنافقين الإعراض عن حكم الله إلا إن كان الحكم في صالحهم، ومن صفاتهم مرض القلب والشك، وسوء الظن بالله.
•අල්ලාහ්ගේ නීතිය තමන්ට වාසිදායක වූවා නම් මිස එය හෙළා දැකීම කුහකයින්ගේ ගුණාංගයකි. එමෙන්ම හදවතෙහි බැඳී ඇති රෝගය, සැකය, අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ද ඔවුන්ගේ ගුණාංග අතරින් සමහරකි.

• طاعة الله ورسوله والخوف من الله من أسباب الفوز في الدارين.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීම මෙලොව හා මතුලොව ජයග්රහණයට හේතු කාරණා වනු ඇත.

• الحلف على الكذب سلوك معروف عند المنافقين.
•බොරුව මත දිවුරා සිටීම කුහකයින් ළඟ පවතින ප්රසිද්ධ මාධ්යයකි.

قُلْ اَطِیْعُوا اللّٰهَ وَاَطِیْعُوا الرَّسُوْلَ ۚ— فَاِنْ تَوَلَّوْا فَاِنَّمَا عَلَیْهِ مَا حُمِّلَ وَعَلَیْكُمْ مَّا حُمِّلْتُمْ ؕ— وَاِنْ تُطِیْعُوْهُ تَهْتَدُوْا ؕ— وَمَا عَلَی الرَّسُوْلِ اِلَّا الْبَلٰغُ الْمُبِیْنُ ۟
අහෝ දූතය! මෙම කුහකයින්හට නුඹ මෙසේ පවසනු. "බාහිර ක්රියාවන්හි මෙන්ම අභ්යන්තර ක්රියාවන්හි ද නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද දූතයාණන්ට ද අවනත වනු. ඔවුන් දෙදෙනාට අවනත වීම සම්බන්ධයෙන් නියෝග කර ඇති නියමයන්ගෙන් නුඹලා හැරුණේ නම්, සැබැවින්ම ඔහු මත පැවරෙනුයේ දන්වා සිටීම පමණක් බවත්, නුඹලා කෙරෙහි අවනත වීමේ හා ඔහු ගෙන ආ දෑ ක්රියාකිරීමේ වගකීම සතු බවත් දැනගනු. ක්රියා කරන මෙන් නුඹලාට නියෝග කළ දෑ නුඹලා ක්රියාත්මක කිරීමෙන් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට අවනත වන්නේ නම් සත්යය වෙත නුඹලා මඟ ලබනු ඇත. දූතවරයාණන් වෙත පැවරුණු වගකීම වනුයේ පැහැදිලි ලෙස දන්වා සිටීම පමණි. නුඹලාට යහමග පිරිනැමීමේ බර හෝ ඒ සඳහා නුඹලාට බලකිරීම හෝ එතුමා වෙත පවරා නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعَدَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ وَعَمِلُوا الصّٰلِحٰتِ لَیَسْتَخْلِفَنَّهُمْ فِی الْاَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ۪— وَلَیُمَكِّنَنَّ لَهُمْ دِیْنَهُمُ الَّذِی ارْتَضٰی لَهُمْ وَلَیُبَدِّلَنَّهُمْ مِّنْ بَعْدِ خَوْفِهِمْ اَمْنًا ؕ— یَعْبُدُوْنَنِیْ لَا یُشْرِكُوْنَ بِیْ شَیْـًٔا ؕ— وَمَنْ كَفَرَ بَعْدَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට උදව් ලබා දෙන බවත් ඔවුනට පෙර වූ දේව විශ්වාසීන් මහපොළොවේ පාලකයින් බවට පත් කළාක් මෙන් ඔවුන් ව ද මහපොළොවේ පාලකයින් බවට පත් කරන බවත් අල්ලාහ් ප්රතිඥා දුන්නේය. එමෙන්ම ඔවුන් වෙනුවෙන් තෝරා දුන් ඔවුන්ගේ දහමට - එනම් ඉස්ලාම් දහමට - ගෞරවණීය ස්ථානයක් ලබා දෙන බවත් ඔවුනට ප්රතිඥා දුන්නේය. තවද ඔවුන්ගේ බියකරු තත්ත්වයෙන් පසු ඔවුනට සුරක්ෂිත තත්ත්වයක් පෙරළා දෙන බවත් ප්රතිඥා දුන්නේය. ඔවුහු මට පමණක් නැමදුම් කරති. කිසිවක් මට ආදේශ නොකරති. මෙම ආශිර්වාදයන්ට පසු ව කවරෙකු ප්රතික්ෂේප කළේද ඔවුහුමය අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَاَطِیْعُوا الرَّسُوْلَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟
අල්ලාහ්ගේ කරුණාව ලැබීමේ යහපත් අපෙක්ෂාවෙන් යුතුව සලාතය පූර්ණවත් ලෙස විධිමත්ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. දූතයාණන් කවර නියෝගයක් කර ඇත්තේ ද එය ක්රියාවට නංවමින් හා ඔහු කවර කරුණක් තහනම් කළේ ද එය අතහැර දමමින් එතුමාණන්ට අවනත වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَحْسَبَنَّ الَّذِیْنَ كَفَرُوْا مُعْجِزِیْنَ فِی الْاَرْضِ ۚ— وَمَاْوٰىهُمُ النَّارُ ؕ— وَلَبِئْسَ الْمَصِیْرُ ۟۠
අහෝ දූතය! අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් හට මා දඬුවම පහළ කිරීමට සිතූ විට ඔවුන් මට මග හැරී ඇතැයි නුඹ නොසිතනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නවාතැන අපා ගින්නය. තම නවාතැන අපා ගින්න බවට පත් කර ගත් අයගේ නවාතැන ඉතා නපුරු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لِیَسْتَاْذِنْكُمُ الَّذِیْنَ مَلَكَتْ اَیْمَانُكُمْ وَالَّذِیْنَ لَمْ یَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلٰثَ مَرّٰتٍ ؕ— مِنْ قَبْلِ صَلٰوةِ الْفَجْرِ وَحِیْنَ تَضَعُوْنَ ثِیَابَكُمْ مِّنَ الظَّهِیْرَةِ وَمِنْ بَعْدِ صَلٰوةِ الْعِشَآءِ ۫ؕ— ثَلٰثُ عَوْرٰتٍ لَّكُمْ ؕ— لَیْسَ عَلَیْكُمْ وَلَا عَلَیْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ ؕ— طَوّٰفُوْنَ عَلَیْكُمْ بَعْضُكُمْ عَلٰی بَعْضٍ ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔවුනට ඔහු ආගමානුගත කළ දෑ අනුව කටයුතු කරන්නනි! නුඹලාගේ වහලුන්, වහලියන්, වැඩිවියට පත් නොවූ නිදහස් දරුවන් වේලාවන් තුනකදී නුඹලාගෙන් අවසර පැතිය යුතුය. එනම් සුබ්හු සලාතයට පෙර: රාත්රී වස්ත්රය ලිහා, අවදි ව සිටියදී අඳින ඇඳුම මාරු කරන වේලාව. මධ්යහ්න වේලාව, සුළු නින්ද සඳහා නුඹලාගේ වස්ත්ර ලිහා දමන විට, ඉෂා සලාතයෙන් පසු, සැබැවින්ම එය නුඹලා නින්දට යන වේලාවයි. අවදිව සිටිය දී අඳින වස්ත්රය ගලවා රාත්රී ඇඳුම අඳින වේලාවයි. මෙම වේලාවන් තුන නුඹලාගේ පිටස්තරයින්ට නොපෙන්විය යුතු පෞද්ගලික වේලාවන්ය. නුඹලාගෙන් අවසර පැතීමෙන් පසු ව මිස නුඹලා අතරට එම වේලාවන්හි ඔවුන් නොපිවිසිය යුතුය. එම වේලාවන්හි හැර වෙනත් වේලාවන්හි ඔවුන් අවසර පැතීමෙන් තොරව පිවිසීමෙහි නුඹලාට හෝ ඔවුනට හෝ වරදක් නැත. ඔවුන් නිරන්තරයෙන්ම අධික ලෙස ගැවසෙන්නන් වෙති. එකිනෙකො මාරුවෙන් මාරුවට ආශ්රය කරන්නන් වෙති. අවසරයකින් තොරව සෑම වේලාවකම ඔවුන් නුඹලා වෙත පිවිසීම වැළැක්විය නොහැක්කකි. අවසර පැතීමේ නීති නුඹලාට අල්ලාහ් පැහැදිළි කළා සේම නුඹලාට ආගමානුගත කළ නීතී පෙන්වා දෙන වදන් ද ඔහු නුඹලාට පැහැදිලි කර සිටියි. අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට යහපත් දෑ කුමක්දැ යි මැනවින් දන්නාය. ඔහු ඔවුනට ආගමානුගත කළ නීති පිළිබඳ ද ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اتباع الرسول صلى الله عليه وسلم علامة الاهتداء.
•දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ව අනුගමනය කිරීම යහමඟ ලැබූ බවට වූ සළකුණකි.

• على الداعية بذل الجهد في الدعوة، والنتائج بيد الله.
• මග පෙන්වීමේදී කැපවීමෙන් කටයුතු කිරීම මග පෙන්වීම් කරන්නා මත පැවරෙන වගකීමක් වන අතර ප්රතිඵල ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය.

• الإيمان والعمل الصالح سبب التمكين في الأرض والأمن.
•දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මහපොළොවේ පහසුකම් ලැබීමටත් සුරක්ෂිතව ජීවත් වීමටත් හේතුවක් වන්නේය.

• تأديب العبيد والأطفال على الاستئذان في أوقات ظهور عورات الناس.
•ජනයාගේ රහස්ය පෙදෙස් හෙළි කරන වේලාවන්හි වහලුන් හා දරුවන් අවසර පැතීමේ විනය පුහුණව

وَاِذَا بَلَغَ الْاَطْفَالُ مِنْكُمُ الْحُلُمَ فَلْیَسْتَاْذِنُوْا كَمَا اسْتَاْذَنَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمْ اٰیٰتِهٖ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
නුඹලාගේ දරුවන් වැඩිවියට පත් වූ විට, වැඩිහිටියන්ගේ කරුණු සම්බන්ධයෙන් පෙර සඳහන් කළාක් මෙන්ම සෑම වේලාවකම නිවසට පිවිසෙන අවස්ථාවේ ඔවුන් ද අවසර පැතිය යුතු වේ. අවසර පැතීමේ නීති අල්ලාහ් නුඹලාට පැහැදිළි කළාක් මෙන්ම අල්ලාහ් ඔහුගේ වදන් ඔහු නුඹලාට පැහැදිලි කරයි. අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට යහපත් වන්නේ කුමක්දැයි මැනවින් දන්නාය. ඔහු ඔවුනට ආගමානුගත කළ දෑහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْقَوَاعِدُ مِنَ النِّسَآءِ الّٰتِیْ لَا یَرْجُوْنَ نِكَاحًا فَلَیْسَ عَلَیْهِنَّ جُنَاحٌ اَنْ یَّضَعْنَ ثِیَابَهُنَّ غَیْرَ مُتَبَرِّجٰتٍ بِزِیْنَةٍ ؕ— وَاَنْ یَّسْتَعْفِفْنَ خَیْرٌ لَّهُنَّ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟
වයස්ගත හේතුවෙන් ඔසප් හෝ ගර්භනී තත්ත්වයට පත්වීමෙන් ආයාසයට පත් වූ, විවාහ වීමේ ආශාවක් නොමැති වයෝවෘද්ධ කාන්තාවන් වනාහි, ආවරණය කිරීමට නියෝග කරනු ලැබූ රහස්ය අලංකාරය හෙළි නොදක්වන පරිදි ඔවුන්ගේ උඩු සළුව, හිස් ආවරණය වැනි ඇතැම් වස්ත්ර ගලවා තැබීමෙහි වරදක් නැත. ආවරණය කිරීමක් හා තැන්පත්කම ආරක්ෂා කිරීමක් වශයෙන් එසේ එය නොගලවා, එම ඇඳුම ගැලවීම අතහැර දැමීම ඔවුනට උතුම් වන්නේය. අල්ලාහ් නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ عَلَی الْاَعْمٰی حَرَجٌ وَّلَا عَلَی الْاَعْرَجِ حَرَجٌ وَّلَا عَلَی الْمَرِیْضِ حَرَجٌ وَّلَا عَلٰۤی اَنْفُسِكُمْ اَنْ تَاْكُلُوْا مِنْ بُیُوْتِكُمْ اَوْ بُیُوْتِ اٰبَآىِٕكُمْ اَوْ بُیُوْتِ اُمَّهٰتِكُمْ اَوْ بُیُوْتِ اِخْوَانِكُمْ اَوْ بُیُوْتِ اَخَوٰتِكُمْ اَوْ بُیُوْتِ اَعْمَامِكُمْ اَوْ بُیُوْتِ عَمّٰتِكُمْ اَوْ بُیُوْتِ اَخْوَالِكُمْ اَوْ بُیُوْتِ خٰلٰتِكُمْ اَوْ مَا مَلَكْتُمْ مَّفَاتِحَهٗۤ اَوْ صَدِیْقِكُمْ ؕ— لَیْسَ عَلَیْكُمْ جُنَاحٌ اَنْ تَاْكُلُوْا جَمِیْعًا اَوْ اَشْتَاتًا ؕ— فَاِذَا دَخَلْتُمْ بُیُوْتًا فَسَلِّمُوْا عَلٰۤی اَنْفُسِكُمْ تَحِیَّةً مِّنْ عِنْدِ اللّٰهِ مُبٰرَكَةً طَیِّبَةً ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟۠
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම වැනි පවරන ලද වගකීම් ඉටු කිරීමට හැකියාවක් නැති වගකීම් අතහැර දැමීම, බැල්ම අහිමි වූ අන්ධයා මත ද අබාධිතයා මත ද රෝගියා මත ද පාපයක් නැත. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ නිවෙස්වල නුඹලා අනුභව කිරීමෙහි නුඹලාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ගේ නිවෙස් ද ඒ අතරින් වන්නේය. එමෙන්ම නුඹලාගේ පියවරුන්ගේ හෝ නුඹලාගේ මව්වරුන්ගේ හෝ නුඹලාගේ සහෝදරයන්ගේ හෝ නුඹලාගේ සහෝදරයින්ගේ හෝ නුඹලාගේ මාමාවරුන්ගේ හෝ නුඹලාගේ නැන්දාවරුන්ගේ හෝ නුඹලාගේ පිය සහෝරදවරුන්ගේ හෝ නුඹලාගේ පිය සහෝදරියන්ගේ හෝ නිවසේ කටයුතු ආරක්ෂා කිරීම සඳහා නුඹලා භාර කළ වතු ආරක්ෂකයින්ගේ හෝ නිවෙස්වල අනුභව කිරීම වරදක් නැත. පුරුද්දක් ලෙස නුඹලාට හිතවත් නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල අනුභව කිරීමෙහි ද වරදක් නැත. නුඹලා සාමුහිකව හෝ වෙන් වෙන්ව අනුභව කිරීමෙහි ද වරදක් නැත. නමුත් සඳහන් කරන ලද නිවෙස් අතරින් නිවසකට හෝ ඒ හැර වෙනත් නිවෙස්වලට හෝ නුඹලා පිවිසෙන විට එහි සිටින නිවැසියන්ට ‘අස්සලාමු අලයිකුම්’ යන පද භාවිතයෙන් සලාම් පවසනු. එහි කිසිවෙක් නොවී නම් නුඹලා මතම ‘අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්’ යැයි සලාම් පවසනු. එය අල්ලාහ්ගෙන් වූ සුබ පැතුමක් වශයෙනි. නුඹලා අතර එහි විහිදී ඇති ආදරය සෙනෙහස හේතුවෙන් එය සවන් දෙන්නාගේ ආත්මයට සතුටු දන්වන පරිදි නුඹලාට එය භාග්යවන්ත ලෙස ආගමානුගත කොට ඇත. සූරාවේ පෙර පැහැදිළි කළ පරිදි අල්ලාහ්ගේ වදන් නුඹලාට වටහා ගැනීමේ හා එහි ඇති දෑ අනුව නුඹලා කටයුතු කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතුව අල්ලාහ් මෙම වදන් ද පැහැදිලි කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• جواز وضع العجائز بعض ثيابهنّ لانتفاء الريبة من ذلك.
•වයෝවෘද්ධ කාන්තාවන් ඔවුන්ගේ ඇතැම් ඇඳුම් ගලවා තැබීමෙන් ඒ ගැන සැකයක් ඇනි නොවන බැවින් එසේ ගලවා තැබීමේ අවසරය.

• الاحتياط في الدين شأن المتقين.
•දහම තුළ ඉතා ප්රවේසම් සහගතව කටයුතු කිරීම දේව භක්තිය ඇත්තන්ගේ කටයුත්තකි.

• الأعذار سبب في تخفيف التكليف.
•නිදහසට කරුණු දැක්වීම වගකීම් සැහැල්ලු වීමට හේතුවක් වේ.

• المجتمع المسلم مجتمع التكافل والتآزر والتآخي.
•මුස්ලිම් සමාජය එකිනෙකා සහයෝගීතාවයෙන්, සහජීවනයෙන් හා වගකීම් සහගතව කටයුතු කරන සමාජයකි.

اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَاِذَا كَانُوْا مَعَهٗ عَلٰۤی اَمْرٍ جَامِعٍ لَّمْ یَذْهَبُوْا حَتّٰی یَسْتَاْذِنُوْهُ ؕ— اِنَّ الَّذِیْنَ یَسْتَاْذِنُوْنَكَ اُولٰٓىِٕكَ الَّذِیْنَ یُؤْمِنُوْنَ بِاللّٰهِ وَرَسُوْلِهٖ ۚ— فَاِذَا اسْتَاْذَنُوْكَ لِبَعْضِ شَاْنِهِمْ فَاْذَنْ لِّمَنْ شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
ඔවුන්ගේ විශ්වාසය තුළ සැබෑ දේව විශ්වාසීන් වනාහි, අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළවුන්ය. යම් කටයුත්තක ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග සිටින විට මුස්ලිම්වරුන්ගේ යහපත සඳහා එතුමා ඔවුන් එක්රැස් කරයි. එවිට හැරී යන්නට එතුමාගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු හැරී නොගියෝය. අහෝ දූතය! හැරී යන අවස්ථාවේ අවසරය පැතූ ඔවුහු සැබෑ ලෙස අල්ලාහ්ව විශ්වාස කරන්නෝ වෙති. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ගේ වැදගත් කටයුතු සඳහා ඔබෙන් ඔවුන් අවසර පැතූ විට ඔවුන්ගෙන් ඔබ අවසර දෙන්නට අභිමත කරන අයට අවසර දෙනු. ඔවුන්ගේ පාපකම්වලට නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَجْعَلُوْا دُعَآءَ الرَّسُوْلِ بَیْنَكُمْ كَدُعَآءِ بَعْضِكُمْ بَعْضًا ؕ— قَدْ یَعْلَمُ اللّٰهُ الَّذِیْنَ یَتَسَلَّلُوْنَ مِنْكُمْ لِوَاذًا ۚ— فَلْیَحْذَرِ الَّذِیْنَ یُخَالِفُوْنَ عَنْ اَمْرِهٖۤ اَنْ تُصِیْبَهُمْ فِتْنَةٌ اَوْ یُصِیْبَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්ට ගරු කරනු. නුඹලා එතුමා අමතන විට, එකිනෙකා සමග නුඹලා කටයුතු කරන්නාක් මෙන් "ඕ මුහම්මද්!" යනුවෙන් එතුමාගේ නාමයෙන් හෝ "අබ්දුල්ලාහ්ගේ පුතණුවනි!" යැයි එතුමාගේ පියාගේ නමින් හෝ නොඅමතනු. ඒ වෙනුවට නුඹලා එතුමාණන්ට, "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ නබිවරයාණනි!" යනුවෙන් පවසා අමතනු. පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමා නුඹලාට ඇරයුම් කරන විට එතුමාගේ එම ඇරයුම නුඹලා එකිනෙකා පොදුවේ නිෂ්ඵල කාර්යයන් සඳහා ඇරයුම් කරන්නාක් මෙන් පත් කර නොගනු. ඒ සඳහා පිළිතුරු දෙන්නට යුහුසුළු වනු. කිසිදු අවසරයකින් තොරව රහසිගතව නුඹලාගෙන් හැරී යන්නන් ගැන අල්ලාහ් සැබැවින්ම දනී. එහෙයින් අල්ලාහ්ගේ දූතයාණන්ගේ අණට විරුද්ධවන්නන් වනාහි, ව්යසනයක් හෝ අභාග්යයක් හෝ අල්ලාහ් ඔවුනට හට ගැන්වීම සම්බන්ධයෙන් හා ඔවුනට ඉවසිය නොහැකි වේදනීය දඬුවමක් ඔහු ඔවුනට ලබා දීම සම්බන්ධයෙන් ප්රවේසම් විය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَاۤ اِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— قَدْ یَعْلَمُ مَاۤ اَنْتُمْ عَلَیْهِ ؕ— وَیَوْمَ یُرْجَعُوْنَ اِلَیْهِ فَیُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟۠
මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. අහෝ මිනිසුනි! නුඹලා කවර තත්ත්වයන් මත සිටින්නෙහු ද ඒ ගැන ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ - මිය ගිය පසු යළි නැගිටුවන ලැබ ඔහු වෙත නැවත හැරී යන අවස්ථාවේ - මෙලොවෙහි ඔවුන් සිදු කළ ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. අහස්හි හා මහපොළොවේ ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دين الإسلام دين النظام والآداب، وفي الالتزام بالآداب بركة وخير.
•ඉස්ලාම් දහම පිළිවෙලක් සහිත විනායනුකූල දහමකි. විනයානුකූල දෑ පිළිපැදීමෙහි යහපත හා සමෘද්ධිය ඇත.

• منزلة رسول الله صلى الله عليه وسلم تقتضي توقيره واحترامه أكثر من غيره.
•අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ස්ථාවරය හා නිලය සෙසු අයට වඩා එතුමාණන් ගෞරවයට ලක් කිරීමටත් ගරුබුහුමන් දැක්වීමටත් අවශ්යතාව ඇති කරයි.

• شؤم مخالفة سُنَّة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතට පටහැනිව කටයුතු කිරීමේ අභාග්යය.

• إحاطة ملك الله وعلمه بكل شيء.
•සියලු දෑ මත අල්ලාහ්ගේ ආධිපත්යය හා ඔහුගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አልን ኑር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት