የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ፉርቃን   አንቀጽ:

සූරා අල් ෆුර්කාන්

ከመዕራፉ ዓላማዎች:
الانتصار للرسول صلى الله عليه وسلم وللقرآن ودفع شبه المشركين.
ධර්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා අල් කුර්ආනය සතු ජයග්රහණය. දේවත්වය ආදේශ කරන්නන්ගේ සැකය දුරු කිරීම.

تَبٰرَكَ الَّذِیْ نَزَّلَ الْفُرْقَانَ عَلٰی عَبْدِهٖ لِیَكُوْنَ لِلْعٰلَمِیْنَ نَذِیْرَا ۟ۙ
තම ගැත්තා හා දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සත්යය හා අසත්යය වෙන්කර දක්වන අල් කුර්ආනය පහළ කළා වූ අල්ලාහ් උත්කෘෂ්ට විය. අධික ශ්රේෂ්ඨත්වයට පත් විය. එය මිනිස් හා ජින් යන දෙවර්ගයාට ඔහු දූතයකු වනු පිණිස හා ඔවුනට අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වද්දනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَمْ یَتَّخِذْ وَلَدًا وَّلَمْ یَكُنْ لَّهٗ شَرِیْكٌ فِی الْمُلْكِ وَخَلَقَ كُلَّ شَیْءٍ فَقَدَّرَهٗ تَقْدِیْرًا ۟
අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. ඔහු කිසිදු දරුවකු ගත්තේ නැත. ඔහුගේ ආධිපත්යය තුළ කිසිදු හවුල්කරුවකු ද නැත. සියලුම දෑ ඔහු මැව්වේය. ඔහුගේ ඥානය හා ප්රඥාව අනුව එම මැවීම්වලට අවශ්ය වන න්යායයන්ට අනුකූලව ප්රමාණයෙන් නිර්ණය කළේය. සෑම දෙයක්ම එයට ගැළපෙන පරිදි පිහිටා ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دين الإسلام دين النظام والآداب، وفي الالتزام بالآداب بركة وخير.
•ඉස්ලාම් දහම පිළිවෙලක් සහිත විනායනුකූල දහමකි. විනයානුකූල දෑ පිළිපැදීමෙහි යහපත හා සමෘද්ධිය ඇත.

• منزلة رسول الله صلى الله عليه وسلم تقتضي توقيره واحترامه أكثر من غيره.
•අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ස්ථාවරය හා නිලය සෙසු අයට වඩා එතුමාණන් ගෞරවයට ලක් කිරීමටත් ගරුබුහුමන් දැක්වීමටත් අවශ්යතාව ඇති කරයි.

• شؤم مخالفة سُنَّة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතට පටහැනිව කටයුතු කිරීමේ අභාග්යය.

• إحاطة ملك الله وعلمه بكل شيء.
•සියලු දෑ මත අල්ලාහ්ගේ ආධිපත්යය හා ඔහුගේ දැනුම සර්වප්රකාරයෙන් ආවරණය වී තිබීම.

وَاتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً لَّا یَخْلُقُوْنَ شَیْـًٔا وَّهُمْ یُخْلَقُوْنَ وَلَا یَمْلِكُوْنَ لِاَنْفُسِهِمْ ضَرًّا وَّلَا نَفْعًا وَّلَا یَمْلِكُوْنَ مَوْتًا وَّلَا حَیٰوةً وَّلَا نُشُوْرًا ۟
දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා නැමදුම් ලබන වෙනත් දෙවිවරුන් තෝරා ගත්තෝය. ඔවුන් පවා මවනු ලැබූවන් ලෙස සිටිය දී කුඩා හෝ විශාල කිසිවක් ඔවුනට මැවිය නොහැක. කිසිවක් නොමැති තත්ත්වයේ සිට අල්ලාහ් ඔවුන් මැව්වේය. තමන්ට අත් වන හානිය වළක්වා ගැනීමට හෝ කිසියම් සෙතක් සලසා ගන්නට පවා ඔවුනට හැකියාවක් නැත. ජීවී ව සිටින්නෙකු මරණයට පත් කිරීමට හෝ මියගිය ඇත්තෙකු ජීවමාන කිරීමට හෝ ඔවුනට හැකියාවක් නැත. එමෙන්ම ඔවුන් මියගිය පසු ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත නැගිටුවීමේ හැකියාවද ඔවුනට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ هٰذَاۤ اِلَّاۤ اِفْكُ ١فْتَرٰىهُ وَاَعَانَهٗ عَلَیْهِ قَوْمٌ اٰخَرُوْنَ ۛۚ— فَقَدْ جَآءُوْ ظُلْمًا وَّزُوْرًا ۟ۚۛ
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන්, "මෙම කුර්ආනය මුහම්මද් ගෙතූ බොරුවක් මිස නැත. ඔහු අල්ලාහ් වෙත අභූත චෝදනාවක් ආරෝපණය කර ඇත. එය ප්රබන්ධ කිරීම සඳහා වෙනත් මිනිසුන් පිරිසක් ඔහුට උදව් කර ඇත." යැයි පැවසූහ. මෙම දේව ප්රතික්ෂේපකයෝ ව්යාජ ප්රකාශයක් ගොතා පවසා ඇත්තෝය. අල් කුර්ආනය අල්ලාහ්ගේ ප්රකාශයයි. ඒ හා සමාන දෙයක් මිනිසෙකුට හෝ ජින්නුවෙකුට හෝ ගෙන ඒමට නොහැකිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْۤا اَسَاطِیْرُ الْاَوَّلِیْنَ اكْتَتَبَهَا فَهِیَ تُمْلٰی عَلَیْهِ بُكْرَةً وَّاَصِیْلًا ۟
අල්-කුර්ආනය පිළිබඳ ප්රතික්ෂේප කරන අය මෙසේ පැවසූහ. "අල්-කුර්ආනය පැරැන්නන්ගේ ප්රකාශ සහ ව්යාජ ලෙස ඔවුන් විසින් ලියන ලද දෑ ය. මුහම්මද් ඒවා පිටපත් කළේය. ඒවා දවසේ ආරම්භයේ සහ දවස අවසානයේදී ඔහුට කියවනු ලැබේ."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَنْزَلَهُ الَّذِیْ یَعْلَمُ السِّرَّ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اِنَّهٗ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟
අහෝ දූතය! මෙම බොරුකාරයින්හට නුඹ මෙසේ පවසනු. "අහස්හි හා මහ පොළොවේ ඇති සෑම දෙයක් පිළිබඳ ව ම මැනවින් දන්නා අල්ලාහ් මෙම අල් කුර්ආනය පහළ කළේය. නුඹලා සිතන පරිදි එය ගොතා පවසනු ලැබූවක් නොවේ." පසු ව ඔහු ඔවුනට පාප ක්ෂමාව පිළිබඳ කැමැත්තක් ඇති කරවමින්, "සැබවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් පාප ක්ෂමා ඇයද සිටින්නන්හට ඔහු අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය." යැයි පැවසුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالُوْا مَالِ هٰذَا الرَّسُوْلِ یَاْكُلُ الطَّعَامَ وَیَمْشِیْ فِی الْاَسْوَاقِ ؕ— لَوْلَاۤ اُنْزِلَ اِلَیْهِ مَلَكٌ فَیَكُوْنَ مَعَهٗ نَذِیْرًا ۟ۙ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව බොරු කළ දේවත්වය ආදේශ කරන්නෝ, "සැබවින්ම තමන් අල්ලාහ් වෙතින් පැමිණි දූතයකු ලෙස සිතන මොහුට කුමක් වී ද? සෙසු ජනයා ආහාර ගන්නාක් මෙන් මොහු ද ආහාර ගනියි. තම ජීවනෝපාය සොයමින් වෙළඳපළේ ගමන් කරයි. ඔහු ව තහවුරු කරන ඔහුට උදව් කරන මිතුරෙකු ලෙසින් ඔහු සමග මලක්වරයකු අල්ලාහ් පහළ කළ යුතු නොවේ ද?" යැයි පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یُلْقٰۤی اِلَیْهِ كَنْزٌ اَوْ تَكُوْنُ لَهٗ جَنَّةٌ یَّاْكُلُ مِنْهَا ؕ— وَقَالَ الظّٰلِمُوْنَ اِنْ تَتَّبِعُوْنَ اِلَّا رَجُلًا مَّسْحُوْرًا ۟
"එසේ නැතහොත් ඔහු වෙත අහසින් නිධානයක් පහළ විය යුතු නොවේ ද? එසේත් නැතහොත් පලතුරු අනුභව කළ හැකි වත්තක් ඔහුට විය යුතු නොවේ ද? එවිට වෙළඳපොළේ ගමන් කිරීමටත් පෝෂණ සම්පත් සෙවීමටත් ඔහුට අවශ්ය වන්නේ නැත." අපරාධකරුවෝ තවදුරටත් "අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා දූතයකු අනුගමනය කරන්නෙහුය. නමුත් නුඹලා අනුගමනය කරනුයේ හූනියම හේතුවෙත් ඔහුගේ බුද්ධිය ඉහවහා ගිය මිනිසෙකි." යැයි කීහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُنْظُرْ كَیْفَ ضَرَبُوْا لَكَ الْاَمْثَالَ فَضَلُّوْا فَلَا یَسْتَطِیْعُوْنَ سَبِیْلًا ۟۠
අහෝ දූතය! නුඹ අවධානයෙන් බලනු. ව්යාජ වර්ණනා වලින් ඔවුන් නුඹ ව කෙසේ නම් වර්ණනය කර සිටින්නේදැයි නුඹ පුදුමයට පත් වනු ඇත. ඔවුහු විටෙක "හූනියම් කරුවෙකි" යැයි පවසති. විටෙක "හූනියම් කරනු ලැබූවෙකි" යැයි පවසති. තවත් විටෙක "උම්මත්තකයෙකු" යැයි පවසති. සත්යයෙන් පෙරළුණු ඒ හේතුවෙන් ඔවුහු මුළා වී ගියෝය. යහ මග වෙත වූ මාර්ගයේ ගමන් කිරීමට ඔවුනට හැකියාවක් නැත. නුඹේ අවංකකම හා නුඹේ විශ්වාසය තක්සේරු කිරීමට ද ඔවුනට හැකියාවක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَبٰرَكَ الَّذِیْۤ اِنْ شَآءَ جَعَلَ لَكَ خَیْرًا مِّنْ ذٰلِكَ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۙ— وَیَجْعَلْ لَّكَ قُصُوْرًا ۟
අල්ලාහ් උත්කෘෂ්ඨ විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම්, ඔවුන් යෝජනා කරන පරිදි නුඹ එහි පලතුරු අනුභව කරනු වස් මෙලොවෙහි මාලිගාවන් හා ගස් වලට පහළින් ගංගාවන් ගලා බස්නා වතු යායන් නුඹට ඇති කිරීමෙන් හා සැප පසුකම් සහිත ව නුඹ එහි වාසය කිරීමට මාලිගාවන් නුඹට ඇති කිරීමෙන් යහපත් දෑ නුඹ වෙනුවෙන් ඔහු සූදානම් කර දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ كَذَّبُوْا بِالسَّاعَةِ وَاَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِیْرًا ۟ۚ
සත්යය සෙවීමෙන් හා සාක්ෂි හා සාධක ගැන සෙවීමෙන් හෙළි වූ ප්රකාශයන් ඔවුන්ගෙන් හෙළි වූයේ නැත. නමුත් සිදු වූයේ සැබවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කරමින් සිටීමය. කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කළේ ද දැඩි ලෙස දැවෙන මහත් ගින්නක් අපි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اتصاف الإله الحق بالخلق والنفع والإماتة والإحياء، وعجز الأصنام عن كل ذلك.
•මැවීම, සෙත සැලසීම, මරණයට පත් කිරීම, ජීවත් කරවීම යනාදී ගුණාංග තුළින් සත්ය දෙවිඳුන් ගැන වර්ණනාව. ඒ සියලු දෑ සිදු කිරීමට පිළිම වලට නොහැකි බව විස්තර කිරීම.

• إثبات صفتي المغفرة والرحمة لله.
•අල්ලාහ් සතු සමාව හා කරුණාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම.

• الرسالة لا تستلزم انتفاء البشرية عن الرسول.
•දූත මෙහෙවර දූතයාණන්ගෙන් මනුෂ්යත්වය නැති කර දැමීමට බල නොකරයි.

• تواضع النبي صلى الله عليه وسلم حيث يعيش كما يعيش الناس.
•සෙසු මිනිසුන් ජීවත් වන අයුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ජීවත් වී පෙන් වූ එතුමාගේ සරලභාවය.

اِذَا رَاَتْهُمْ مِّنْ مَّكَانٍ بَعِیْدٍ سَمِعُوْا لَهَا تَغَیُّظًا وَّزَفِیْرًا ۟
දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇදගෙන යනු ලබමින් සිටිය දී නිරා ගින්න ඔවුන් ව දෑසින් දකින විට ඔවුන් කෙරෙහි එයට ඇති දැඩි කෝපය හේතුවෙන් දුර සිටම දැඩි ලෙස බුර බුරා නගන එහි හඬට හා කරදරකාරී ලෙස නගන එහි හඬට ඔවුන් සවන් දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَاۤ اُلْقُوْا مِنْهَا مَكَانًا ضَیِّقًا مُّقَرَّنِیْنَ دَعَوْا هُنَالِكَ ثُبُوْرًا ۟ؕ
ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග දම්වැල් වලින් බැඳ දමනු ලැබ, නිරා ගින්නේ පටු තැනකට එම දේව ප්රතික්ෂේපකයින් හෙළනු ලැබූ විට, එයින් ඔවුන් මිදීමේ අපේක්ෂාවෙන් ඔවුන් ඔවුනටම විනාශය ඇයද සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَدْعُوا الْیَوْمَ ثُبُوْرًا وَّاحِدًا وَّادْعُوْا ثُبُوْرًا كَثِیْرًا ۟
අහෝ දේව ප්රතික්ෂේපකයිනි! නුඹලා එක් විනාශයක් පමණක් ඇයද නොසිටිනු. විනාශයන් රාශියක්ම ඇයද සිටිනු. නුඹලා පතන දෑ ට කිසිවිටෙක ප්රතිචාර දක්වනු නොලබන්නේමය. ඒ වෙනුවට නුඹලා වේදනා සහගත දඬුවමෙහි සදාකල් වෙසෙන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَذٰلِكَ خَیْرٌ اَمْ جَنَّةُ الْخُلْدِ الَّتِیْ وُعِدَ الْمُتَّقُوْنَ ؕ— كَانَتْ لَهُمْ جَزَآءً وَّمَصِیْرًا ۟
අහෝ දූතය! "නුඹලාට වර්ණනා කරනු ලැබූ දඬුවමින් සඳහන් කරන ලද මෙය නුඹලාට උතුම් ද එසේ නැතහොත් කිසිවිටෙක එහි ඇති සැප පහසුකම් කප්පාදු නොවන, එය එහි අඛණ්ඩ ව පවතින සදාතනික ස්වර්ගය උතුම් ද?" යැයි ඔවුනට පවසනු.එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන භක්තිකයින් හට පිරිනමන තිළිණයක් වනු පිණිසත් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඒ වෙත යොමු වන ස්ථානයක් වනු පිණිසත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ප්රතිඥාවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهُمْ فِیْهَا مَا یَشَآءُوْنَ خٰلِدِیْنَ ؕ— كَانَ عَلٰی رَبِّكَ وَعْدًا مَّسْـُٔوْلًا ۟
මෙම ස්වර්ගයේ ඔවුන් අභිමත කරන සැප පහසුකම් ඔවුනට ඇත. එය අල්ලාහ් වෙත පවරා ගත් ප්රතිඥාවකි. ඔහුගේ බැතිමත් ගැත්තන් ඔහුගෙන් එය ඉල්ලා සිටියි. අල්ලාහ්ගේ ප්රතිඥාව තහවුරුය. ඔහු ප්රතිඥා කඩ නොකරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَحْشُرُهُمْ وَمَا یَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ فَیَقُوْلُ ءَاَنْتُمْ اَضْلَلْتُمْ عِبَادِیْ هٰۤؤُلَآءِ اَمْ هُمْ ضَلُّوا السَّبِیْلَ ۟ؕ
බොරුකාර දේව ආදේශකයින් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දෑ එක් රැස් කරන දිනයේ එසේ නමදිමින් සිටි අය හෙළා දකිමින් නැමදුමට ලක්වුවන්ගෙන් ඔහු මෙසේ විමසා සිටියි. "නුඹලාට නමදින මෙන් මාගේ ගැත්තන්හට නුඹලා නියෝග කොට, ඔවුන් ව නොමග හැරියේ නුඹලා ද? එසේ නැතහොත් ඔවුන් විසින්ම ඔවුන් නොමග ගියෝ ද?" යැයි විමසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا سُبْحٰنَكَ مَا كَانَ یَنْۢبَغِیْ لَنَاۤ اَنْ نَّتَّخِذَ مِنْ دُوْنِكَ مِنْ اَوْلِیَآءَ وَلٰكِنْ مَّتَّعْتَهُمْ وَاٰبَآءَهُمْ حَتّٰی نَسُوا الذِّكْرَ ۚ— وَكَانُوْا قَوْمًا بُوْرًا ۟
නැමදුමට ලක්වූවෝ, "අපගේ පරමාධිපතියාණනි, ඔබට හවුල්කරුවකු වීමෙන් ඔබ පිවිතුරු ය. අපගේ භාරකාරත්වය පැවරීම සඳහා ඔබ හැර අන් කිසිවකු අප ගැනීම සුදුසු කාර්යයක් නොවීය. එසේ තිබියදී ඔබ අතහැර දමා අප නමදින මෙන් ඔබේ ගැත්තන්හට අප ඇරයුම් කර සිටිය හැක්කේ කෙසේද? නමුත් මෙම දේව ආදේශකයින්හට ඔබේ මතකය අමතක වී ඔබ සමග වෙනත් කෙනෙකු ඔවුන් නමදින තුරු ඔවුන් පියවරෙන් පියවර මෙලොව ආශාවන්ගෙන් භුක්ති විඳින්නට ඔබ සැලැස්වූයෙහිය. ඔවුනට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන්හටද භුක්ති විඳින්නට සැලැස්වූයෙහිය. ඔවුන්ගේ අභාග්යවන්තකම නිසා ඔවුහු විනාශ වී ගිය පිරිසක් බවට පත් වූහ." යැයි පවසන්නෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَدْ كَذَّبُوْكُمْ بِمَا تَقُوْلُوْنَ ۙ— فَمَا تَسْتَطِیْعُوْنَ صَرْفًا وَّلَا نَصْرًا ۚ— وَمَنْ یَّظْلِمْ مِّنْكُمْ نُذِقْهُ عَذَابًا كَبِیْرًا ۟
අහෝ දේවත්වය ආදේශ කරන්නනි! අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුන් පිළිබඳ කවර තර්කයක නුඹලා නිරත වූයෙහු ද ඒ ගැන ඔවුහුම නුඹලා බොරු කාරයින් බව ප්රකාශ කර ඇත. එහෙයින් නුඹලාගේ ආත්මාවන් දඬුවමින් වළක්වාගන්නට නුඹලාට නොහැක. නුඹලාගේ නොහැකියාව නිසා ඒවාට උදව් කිරීමට ද නොහැක. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබමින් අපරාධ සිදු කරන්නේ ද එවැන්නන්හට භුක්ති විඳින්නට සලස්වන කවර කරුණක් මෙනෙහි කර ඇත්තේ ද එවැනි අතිමහත් දඬුවමක් විඳින්නට අපි සලස්වමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِیْنَ اِلَّاۤ اِنَّهُمْ لَیَاْكُلُوْنَ الطَّعَامَ وَیَمْشُوْنَ فِی الْاَسْوَاقِ ؕ— وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً ؕ— اَتَصْبِرُوْنَ ۚ— وَكَانَ رَبُّكَ بَصِیْرًا ۟۠
අහෝ දූතය! නුඹට පෙර සිටි දහම් දූතවරුන් අතරින් කිසිදු දූතයකු මිනිසෙකු ලෙසින් මිස නොඑව්වෙමු. ඔවුහු ආහාර අනුභව කරමින් හා වෙළඳපොළවල්වල සැරිසරමින් සිටියහ. එය දහම් දූතවරුන්හට නව කරුණක් නොවීය. අහෝ ජනයිනි! නුඹලා එකිනෙකා අතර පොහොසත්කම දිළිඳුකම, සුවය හා රෝගීබව යනාදියෙහි වෙනස්කම් හේතුවෙන් එය පරීක්ෂාවක් බවට අපි ඇති කළෙමු. නුඹලා කවර කරුණක් මත පරීක්ෂාවට ලක්වන්නේ ද ඒ මත ඉවසීමෙන් කටයුතු කළ යුතු නොවේ ද? එවිට අල්ලාහ් නුඹලාගේ ඉවසීමට ප්රතිඵල පිරිනමනු ඇත. ඉවසීමෙන් කටයුතු කරන්නන් හා එසේ ඉවසීමෙන් කටයුතු නොකරන්නන් කවුරුන් දැ යි ද, ඔහුට අවනත වන්නන් හා ඔහුට පිටුපාන්නන් කවුරුන් දැ යි ද ඔබේ පරමාධිපති නිරීක්ෂා කරමින් සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجمع بين الترهيب من عذاب الله والترغيب في ثوابه.
•අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වැද්දීම හා ඔහුගේ තිළිණ ගැන ආශාව ඇති කිරීම අතර ඒකාබද්ධ කිරීම.

• متع الدنيا مُنْسِية لذكر الله.
•මෙලොව වින්දනය අල්ලාහ් ව පවා මෙනෙහි කිරීම අමතක කර දමන්නකි.

• بشرية الرسل نعمة من الله للناس لسهولة التعامل معهم.
•ජනයා දූතවරුන් සමග කටයුතු කිරීමට පහසු වනු පිණිස එම දූතවරුන්ගේ ශුභාරංචිය ඔවුන් වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි.

• تفاوت الناس في النعم والنقم اختبار إلهي لعباده.
•(සුව පහසුකම්, සැප සම්පත් වැනි) භාග්යයන් හා (දුක් කරදර, අනතුරු ආබාධ වැනි) අභාග්යයන් තුළ මිනිසුන් අතර පවතින වෙනස්කම් ගැත්තන් සඳහා වූ දේව පරීක්ෂණයකි.

وَقَالَ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا لَوْلَاۤ اُنْزِلَ عَلَیْنَا الْمَلٰٓىِٕكَةُ اَوْ نَرٰی رَبَّنَا ؕ— لَقَدِ اسْتَكْبَرُوْا فِیْۤ اَنْفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِیْرًا ۟
අපගේ හමු ව බලාපොරොත්තු නොවන, අපගේ දඬුවම ගැන බිය නොවන දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙසේ පවසා සිටියහ. “අප වෙත අල්ලාහ් මලක්වරුන් පහළ කොට මුහම්මද්ගේ සත්යතාව ගැන ඔවුන් අපට දන්වා සිටිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති ව අපි දෑසින් දැක ඒ ගැන ඔහු අපට තොරතුරු දන්වා සිටිය යුතු නොවේ ද?" ඔවුන් ව දේව විශ්වාසයෙන් වළක්වන තරමට ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම බැරෑරුම් විය. දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි සීමාව ඉක්මවමින් ඔවුන්ගේ ප්රකාශ ඉක්මවා ගොස් තිබිණ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَرَوْنَ الْمَلٰٓىِٕكَةَ لَا بُشْرٰی یَوْمَىِٕذٍ لِّلْمُجْرِمِیْنَ وَیَقُوْلُوْنَ حِجْرًا مَّحْجُوْرًا ۟
එම දේව ප්රතික්ෂේපකයින් ඔවුන්ගේ මරණ අවස්ථාවේද මිනී වළ ජීවිතයේ ද, ඔවුන් යළි අවදි කරනු ලබන අවස්ථාවේද ,විනිශ්චය සඳහා ඔවුන් ඇදගෙන යනු ලබන විට ද, ඔවුන් නිරයට ඇතුළත් කරනු ලබන විට ද මලක්වරුන් ව දෑසින් දකින දින එම ස්ථානයන්හි ඔවුනට කිසිදු ශුභාරංචියක් නොවනු ඇත. දේව විශ්වාසීන්ට හාත්පසින්ම වෙනස් ආකාරයකින් එය පිහිටනු ඇත. මලක්වරු ඔවුනට තහනම්ය. "අල්ලාහ්ගෙන් වූ ශුභාරංචි නුඹලා වෙත තහනම් කරනු ලැබ ඇත!" යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَدِمْنَاۤ اِلٰی مَا عَمِلُوْا مِنْ عَمَلٍ فَجَعَلْنٰهُ هَبَآءً مَّنْثُوْرًا ۟
දේව ප්රතික්ෂේපකයින් මෙලොවෙහි සිදු කළ දැහැමි හා යහපත් ක්රියාවන් දිගු හැර ජනේලයෙන් ඇතුළු වන හිරු එළිය තුළ බලන්නා දකින, වෙන් වෙන් වශයෙන් පවතින දූවිලි මෙන් කිසිදු ප්රයෝජනයක් නොමැති නිෂ්ඵල දෙයක් බවට අපි පත් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَصْحٰبُ الْجَنَّةِ یَوْمَىِٕذٍ خَیْرٌ مُّسْتَقَرًّا وَّاَحْسَنُ مَقِیْلًا ۟
මෙම දේව ප්රතික්ෂේපකයින් මෙලොව ගත කළ කාලයට වඩා එදින දේව විශ්වාසීන් වන ස්වර්ගවාසීහු නිලයෙන් වඩාත් උසස් හා විවේකී ස්ථානයෙන් වඩාත් සුඛෝපභෝගී ස්ථානයක පසු වෙති. එය ඔවුන් අල්ලාහ් ව විශ්වාස කළ බැවින් හා ඔවුන්ගේ දැහැමි කටයුතු හේතුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ تَشَقَّقُ السَّمَآءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلٰٓىِٕكَةُ تَنْزِیْلًا ۟
අහෝ දූතයිනි! තුනී සුදු වලාකුළෙන් අහස පැළී; මහ්ෂර් නම් එක් රැස් කරන භූමිය වෙත අධික වශයෙන් මලක්වරුන් පහළ කරනු ලබන දිනය පිළිබඳ මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْمُلْكُ یَوْمَىِٕذِ ١لْحَقُّ لِلرَّحْمٰنِ ؕ— وَكَانَ یَوْمًا عَلَی الْكٰفِرِیْنَ عَسِیْرًا ۟
සැබෑ ස්ථාවර ආධිපත්යය වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහා කරුණාන්විතයාණන් සතු ආධිපත්යයයි. එදින දේවත්වය විශ්වාස කරන්නන්හට මෙන් නොව දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් වනු ඇත. සැබවින්ම ඔවුනට එය පහසු දිනයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَوْمَ یَعَضُّ الظَّالِمُ عَلٰی یَدَیْهِ یَقُوْلُ یٰلَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُوْلِ سَبِیْلًا ۟
අහෝ දූතය! අපරාධකරුවා දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව පිළිපැදීම අතහැර දැමූ හේතුවෙන් ඒ ගැන ඔහු දැඩි සේ පසුතැවිලි වී, "දහම් දූතයාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපති වෙතින් ගෙන ආවේ ද එය මා පිළිපදිමින් ඒ සමග ජය්රගහණය වෙත වූ මගක් සොයා ගන්නට මට තිබුණා නොවේ ද?" යැයි පවසා ඔහුගේ දෑත් සපා ගන්නා දිනය පිළිබඳ මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰوَیْلَتٰی لَیْتَنِیْ لَمْ اَتَّخِذْ فُلَانًا خَلِیْلًا ۟
ඔහු දැඩි කනස්සල්ලෙන් යුතු ව තමන්ටම විනාශය පතමින් "අහෝ මාගේ විනාශය! දේව ප්රතික්ෂේපකයා ව මා මිතුරෙකු ලෙස නොගන්නට තිබුණා නොවේදැ?" යි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ اَضَلَّنِیْ عَنِ الذِّكْرِ بَعْدَ اِذْ جَآءَنِیْ ؕ— وَكَانَ الشَّیْطٰنُ لِلْاِنْسَانِ خَذُوْلًا ۟
"දූතයාණන්ගේ මාර්ගය පිළිබඳ මට දැනුම්වත් කළ පසු ව මෙම දේව ප්රතික්ෂේපක මිතුරා අල් කුර්ආනයෙන් මා නොමග යැවීය. ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු විය. ඔහුට යම් විපතක් පහළ වූ විට ඔහු ඔහුගෙන් ඉවත් ව යයි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الرَّسُوْلُ یٰرَبِّ اِنَّ قَوْمِی اتَّخَذُوْا هٰذَا الْقُرْاٰنَ مَهْجُوْرًا ۟
එදින දූතයාණන් තම සමූහයාගේ තත්ත්වය පැමිණිලි කරමින් "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා කවර සමූහයක් වෙත එව්වේ ද සැබවින්ම එම සමූහයා මෙම අල් කුර්ආනය අතහැර දැමුවෝය. එයට පිටුපෑවෝය." යැයි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِیٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِیْنَ ؕ— وَكَفٰی بِرَبِّكَ هَادِیًا وَّنَصِیْرًا ۟
අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් නුඹ දුක්වේදනාවන්ට හා නුඹ යන මාර්ගයෙන් වැළැක්වීමට නුඹ මුහුණ දුන්නා සේම නුඹට පෙර සිටි නබිවරුන්ගෙන් සෑම නබිවරයකුටම ඔහුගේ සමූහයා අතර සිටි අපරාධකරුවන්ගෙන් සතුරෙකු ඇති කළෙමු. සත්ය වෙත මග පෙන්වන්නට මග පෙන්වන්නෙකු වශයෙන් නුඹේ පරමාධිපති ප්රමාණවත්ය. එමෙන්ම නුඹේ සතුරාට එරෙහි ව උපකාර කරන උදව් කරුවකු වශයෙන් ද ඔහු ප්රමාණවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَوْلَا نُزِّلَ عَلَیْهِ الْقُرْاٰنُ جُمْلَةً وَّاحِدَةً ۛۚ— كَذٰلِكَ ۛۚ— لِنُثَبِّتَ بِهٖ فُؤَادَكَ وَرَتَّلْنٰهُ تَرْتِیْلًا ۟
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "දූතයා වෙත අල් කුර්ආනය වෙන් වෙන් ව කොටස් වශයෙන් පහළ කරනු නොලැබ, එකවර පහළ කරනු ලැබිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියෝය. අපි අල් කුර්ආනය එලෙස වෙන් වෙන් වශයෙන් පහළ කර ඇත්තෙමු. එසේ වරකට පසු වරක් අප එය පහළ කළේ නුඹේ හදවත ස්ථාවර කරනු පිණිසය. එමෙන්ම කරුණකින් පසු කරුණක් අප පහළ කළේ වටහා ගැනීමට හා ධාරණය කිරීමට නුඹට පහසු වනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الكفر مانع من قبول الأعمال الصالحة.
•දේව ප්රතික්ෂේපය දැහැමි ක්රියාවන් පිළිගැනීමට බාධාවක් වන්නේය.

• خطر قرناء السوء.
•නපුරු මිතුරන් ආශ්රය කිරීමේ අවදානම.

• ضرر هجر القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ හානිය.

• من حِكَمِ تنزيل القرآن مُفَرّقًا طمأنة النبي صلى الله عليه وسلم وتيسير فهمه وحفظه والعمل به.
•අල් කුර්ආනය වෙන් වෙන් වශයෙන් පහළ කරනු ලැබීමේ ප්රඥාව වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සන්සුන් කිරීමට හා එය වටහා ගැනීමටත් ධාරණය කිරීමටත් ඒ අනුව ක්රියා කිරීමටත් පහසු කරනු පිණිසය.

وَلَا یَاْتُوْنَكَ بِمَثَلٍ اِلَّا جِئْنٰكَ بِالْحَقِّ وَاَحْسَنَ تَفْسِیْرًا ۟ؕ
අහෝ දූතය! දේව ආදේශකයින් කවර කරුණක් යෝජනා කරන්නේ ද එවන් දෙයක් අපි නුඹ මත ස්ථාවර සත්ය පිළිතුරක් තුළින් නුඹ වෙත ගෙන ඒමෙන් මිස ඔවුන් නුඹ වෙත ගෙන එන්නේ නැත. ඊටත් වඩා අලංකාර පැහැදිලි කිරීමක් නුඹ වෙත අපි ගෙන එන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ یُحْشَرُوْنَ عَلٰی وُجُوْهِهِمْ اِلٰی جَهَنَّمَ ۙ— اُولٰٓىِٕكَ شَرٌّ مَّكَانًا وَّاَضَلُّ سَبِیْلًا ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණ මත මුණින් ඇද දමනු ලබමින් නිරය වෙත කැටුවා ගෙන යනු ලබන්නන් වනාහි, නවාතැනින් වඩාත් නපුරුම අය ඔවුහු වෙති. සැබවින්ම ඔවුන්ගේ ස්ථානය නිරයයි. එමෙන්ම සත්යය මාර්ගයෙන් වඩාත් දුරස් ව සිටින්නෝද වෙති. එය සැබවින්ම ඔවුන්ගේ එම මාර්ගය දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි මාර්ගය බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَجَعَلْنَا مَعَهٗۤ اَخَاهُ هٰرُوْنَ وَزِیْرًا ۟ۚۖ
සැබවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ඔහුට සහායකයකු වනු පිණිස ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් ව ද දූතයකු බවට පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقُلْنَا اذْهَبَاۤ اِلَی الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ؕ— فَدَمَّرْنٰهُمْ تَدْمِیْرًا ۟ؕ
ඔවුන් දෙදෙනාට, "නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත හා අපගේ සංඥාවන් බොරු කළ ඔහුගේ සමූහයා වෙත යනු" යැයි අපි පැවසුවෙමු. එවිට ඔවුන් දෙදෙනා අපගේ නියෝගය පිළිපදිමින් ඔවුන් වෙත ගොස් අල්ලාගේ ඒකීයත්වය වෙත ඔවුන් ඇරයුම් කළෝය. නමුත් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කර සිටියෝය. එවිට අපි ඔවුන් දැඩි විනාශයකින් විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَوْمَ نُوْحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ اَغْرَقْنٰهُمْ وَجَعَلْنٰهُمْ لِلنَّاسِ اٰیَةً ؕ— وَاَعْتَدْنَا لِلظّٰلِمِیْنَ عَذَابًا اَلِیْمًا ۟ۚۙ
තවද නූහ් ගේ ජනයා දූතවරුන් බොරු යැයි පවසමින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කළ කල්හි අපි ඔවුන් මුහුදේ ගිල්වා විනාශ කළෙමු. ඔවුන්ගේ විනාශය අපරාධකරුවන් මුලිනුපුටා දැමීමේ අපගේ බලය පෙන්වා දෙන සාධකයක් බවට පත් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අපි එම අපරාධකරුවන් සඳහා සූදානම් කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّعَادًا وَّثَمُوْدَاۡ وَاَصْحٰبَ الرَّسِّ وَقُرُوْنًا بَیْنَ ذٰلِكَ كَثِیْرًا ۟
හූද්ගේ ජනයා, ආද් හා සාලිහ්ගේ ජනයා, සමූද් ද අපි විනාශ කළෙමු. එමෙන්ම ළිං වැසියන් ද විනාශ කළෙමු. මෙම තුන්ගොල්ලන් අතර වූ බොහෝ සමූහයන් ද අපි විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكُلًّا ضَرَبْنَا لَهُ الْاَمْثَالَ ؗ— وَكُلًّا تَبَّرْنَا تَتْبِیْرًا ۟
විනාශ කරනු ලැබූ සියලු අය අතරින් පෙර විසූ සමූහයන් විනාශ කිරීම හා ඒ සඳහා වූ සාධක අපි ඔහුට විස්තර කර පෙන්වූයේ ඔවුන් උපදෙස් ලබනු පිණිසය. ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් දැඩි විනාශයක් සහිත ව අපි ඔවුන් සෑම කෙනෙකුවම විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَتَوْا عَلَی الْقَرْیَةِ الَّتِیْۤ اُمْطِرَتْ مَطَرَ السَّوْءِ ؕ— اَفَلَمْ یَكُوْنُوْا یَرَوْنَهَا ۚ— بَلْ كَانُوْا لَا یَرْجُوْنَ نُشُوْرًا ۟
අශිලාචාර සමලිංගික ක්රියාව හේතුවෙන් පාඩම් ලබනු පිණිස දඬුවමක් වශයෙන් ගල් වර්ෂාව හෙළන ලද ලූත්ගේ ජනයා විසූ ගම්මානය වෙත සැබවින්ම නුඹේ සමූහයා අතරින් බොරුකළවුන් -සිරියාවට යන විට-ගමන් කර ඇත. ඔවුහු එම ගම්මානය නොදැක අන්ධ ලෙස කටයුතු කරන්නෝද? නැත, මිය ගොස් යළි අවදි කිරීමෙන් පසු ව විනිශ්චය කරනු ලැබීම ඔවුන් බලාපොරොත්තු නොවී සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا رَاَوْكَ اِنْ یَّتَّخِذُوْنَكَ اِلَّا هُزُوًا ؕ— اَهٰذَا الَّذِیْ بَعَثَ اللّٰهُ رَسُوْلًا ۟
අහෝ දූතය! මෙම බොරුකාරයෝ මුහුණට මුහුණ නුඹ ව මුණ ගැසුණේ නම් නුඹ ව හාස්යයට ලක් කරමින් හෙළා දැක අපහාස කරන අයුරින් මෙසේ පවසති. "අල්ලාහ් අප වෙත දූතයෙකු ලෙස එවිය යුත්තේ මොහු ව ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ كَادَ لَیُضِلُّنَا عَنْ اٰلِهَتِنَا لَوْلَاۤ اَنْ صَبَرْنَا عَلَیْهَا ؕ— وَسَوْفَ یَعْلَمُوْنَ حِیْنَ یَرَوْنَ الْعَذَابَ مَنْ اَضَلُّ سَبِیْلًا ۟
සැබවින්ම අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප වෙනතකට යොමු කරන්නට ඔහු තැත් කරයි. ඒවා නැමදීම මත අපි ඉවසීමෙන් නොසිටියේ නම් ඔහුගේ සාක්ෂි හා සාධක තුළින් අප එයින් වෙනතකට යොමු කරනු ඇත යැයි පවසති. ඔවුන්ගේ මිනීවළ වල් තුළ දී හෝ මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ දී දඬුවම ඔවුන් දෑසින් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගොස් ඇත්තේ ඔවුන් ද එසේ නැතහොත් ඔහු දැ?යි ඔවුන් මතු දැන ගනු ඇත. ඔවුන් අතරින් ද වඩාත් නොමග ගියවුන් කවුරුන්දැ?යි ඔවුන් විමසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ ؕ— اَفَاَنْتَ تَكُوْنُ عَلَیْهِ وَكِیْلًا ۟ۙ
අහෝ දූතය! තම ආශාවන් දෙවියන් බවට පත් කර ගනිමින් එයට අවනත වූ තැනැත්තා දෙස නුඹ නොදුටුවෙහි ද? දේව විශ්වාසය වෙත නුඹ ඔහු නැවත යොමු කරවා, දේව ප්රතික්ෂේපයෙන් ඔහු ව වළක්වන ආරක්ෂකයකු වන්නෙහි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الكفر بالله والتكذيب بآياته سبب إهلاك الأمم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා ඔහුගේ වදන් බොරු කිරීම සමූහයන් විනාශ වීමට හේතුවක් විය.

• غياب الإيمان بالبعث سبب عدم الاتعاظ.
•යළි නැගිටුවනු ලැබීම පිළිබඳ විශ්වාසයේ ගුප්තභාවය උපදෙස් නොලැබීමට හේතුවක් වේ.

• السخرية بأهل الحق شأن الكافرين.
•සත්යවාදීන් අපහාසයට ලක් කිරීම දේව ප්රතික්ෂේපකයින් ගේ ක්රියා මාර්ගයකි.

• خطر اتباع الهوى.
•ආශාවන් පිළිපැදීමේ අවදානම.

اَمْ تَحْسَبُ اَنَّ اَكْثَرَهُمْ یَسْمَعُوْنَ اَوْ یَعْقِلُوْنَ ؕ— اِنْ هُمْ اِلَّا كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ سَبِیْلًا ۟۠
අහෝ දූතය! අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට අවනත වන මෙන් නුඹ ඇරයුම් කරන බොහෝ දෙනා පිළිගන්නා අයුරින් ඔවුන් සවන් දෙනු ඇතැයි හෝ සාධක හා සාක්ෂි වටහා ගනු ඇතැයි හෝ නුඹ සිතන්නෙහි ද? ඔවුන් සවන් දීමෙහි ද වටහා ගැනීමෙහි ද අවබෝධ කර ගැනීමෙහි ද ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, ඔවුහු එම ගොවිපළ සතුන්ටත් වඩා නොමග ගියවුන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اِلٰی رَبِّكَ كَیْفَ مَدَّ الظِّلَّ ۚ— وَلَوْ شَآءَ لَجَعَلَهٗ سَاكِنًا ۚ— ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَیْهِ دَلِیْلًا ۟ۙ
අහෝ දූතය! අල්ලාහ් මහ පොළොව මත හෙවණැල්ල දිගු හරින අවස්ථාවේ අල්ලාහ්ගේ මැවීම්හි සලකුණු දෙස නුඹ නොදුටුවෙහි ද? එය නොසෙල වී එක්තැන් කරන්නට ඔහු අභිමත කළේ නම් ඔහු එලෙස කරනු ඇත. පසු ව හිරු එයට සාධකයක් බවට පත් කළෙමු. එමගින් එය දිගු වෙයි. එමෙන්ම කෙටි වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ قَبَضْنٰهُ اِلَیْنَا قَبْضًا یَّسِیْرًا ۟
පසු ව හිරු ඉහළට නැගීම අනුව වස්තුවෙන් වස්තුවට සුළු වශයෙන් පිය නංවමින් එම හෙවණ අපි හසු කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِبَاسًا وَّالنَّوْمَ سُبَاتًا وَّجَعَلَ النَّهَارَ نُشُوْرًا ۟
නුඹලා ව ආවරණය කරන; වස්තූන් ආවරණය කරන වස්ත්රයක ස්ථානයේ රාත්රිය නුඹලාට පත් කළේ අල්ලාහ්ය. එමෙන්ම නුඹලාගේ කාර්යබහුලතාවෙන් නුඹලා විවේක ගන්නා පරිදි විවේකී අවස්ථාවක් ලෙස ඔහු නුඹලාට නින්ද ඇති කළේය. තවද නුඹලාගේ කටයුතු සඳහා නුඹලා ගමන් කරන වේලාවක් බවට දහවල් කාලය ඔහු නුඹලාට ඇති කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْۤ اَرْسَلَ الرِّیٰحَ بُشْرًاۢ بَیْنَ یَدَیْ رَحْمَتِهٖ ۚ— وَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً طَهُوْرًا ۟ۙ
තවද ඔහු වනාහි, තම ගැත්තන්හට ඔහුගෙන් වූ ආශිර්වාදයක් වශයෙන් වර්ෂාව පහළ කිරීම ගැන සුබාරංචි දන්වන්නක් ලෙස සුළඟ පහළ කළේය. වැසි ජලය මගින් ඔවුන් පිරිසිදු වීම සඳහා එය පිරිසිදු ලෙස අහසින් අපි පහළ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّنُحْیِ بِهٖ بَلْدَةً مَّیْتًا وَّنُسْقِیَهٗ مِمَّا خَلَقْنَاۤ اَنْعَامًا وَّاَنَاسِیَّ كَثِیْرًا ۟
පැළෑටි රහිත වූ වැහිරී ගිය භූමිය පහළ වන එම ජලය මගින් විවිධ පැළෑටි හට ගන්වා එහි සාරවත් බව විහිඳුවා අපි එය ජීවමාන කරනු පිණිස හා අප මැවූ ගොවිපළ සතුන් හා මිනිසුනට අධික වශයෙන් ජලය සපයනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ صَرَّفْنٰهُ بَیْنَهُمْ لِیَذَّكَّرُوْا ۖؗ— فَاَبٰۤی اَكْثَرُ النَّاسِ اِلَّا كُفُوْرًا ۟
අල් කුර්ආනයේ ඇති සාක්ෂි හා සාධක තුළින් ඔවුන් පාඩම් ලබනු පිණිස අපි ඒවා පැහැදිලි කළෙමු. විවිධත්වයට පත් කළෙමු. සත්යය ප්රතික්ෂේප කිරීමෙන් හා එය හෙළා දකිමින් මිස මිනිසුන් බහුතරයක් දෙනා එය පිළිගැනීමට පිටුපෑවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِیْ كُلِّ قَرْیَةٍ نَّذِیْرًا ۟ؗۖ
අප අභිමත කළේ නම් සෑම ගම්මානයක් වෙතම අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන, ඔවුන් බිය ගන්වන දූතයකු අප එවන්නට තිබුණි. නමුත් අපි එය අභිමත නොකළෙමු. සැබවින්ම අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව මුළු මිනිස් සංහතියටම දූතයකු ලෙස එව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا تُطِعِ الْكٰفِرِیْنَ وَجَاهِدْهُمْ بِهٖ جِهَادًا كَبِیْرًا ۟
විනාශ කරන මෙන් කවර කරුණක් දේව ප්රතික්ෂේපකයින් නුඹගෙන් ඉල්ලා සිටින්නේ ද එමෙන්ම කවර යෝජනාවක් ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා ඔවුනට අවනත නොවනු. ඔවුන්ගේ හිංසාවන් මත හා අල්ලාහ් වෙත ඔවුන් ඇරයුම් කිරීමෙහි දරන දුෂ්කරතා මත ඉවසීමෙන් යුතු ව, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය තුළින් ඉමහත් සේ කැප වී කටයුතු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ مَرَجَ الْبَحْرَیْنِ هٰذَا عَذْبٌ فُرَاتٌ وَّهٰذَا مِلْحٌ اُجَاجٌ ۚ— وَجَعَلَ بَیْنَهُمَا بَرْزَخًا وَّحِجْرًا مَّحْجُوْرًا ۟
සුවිශුද්ධයාණන් වන අල්ලාහ් සාගර දෙකෙහි ජලය එකිනෙක ගැටෙන්නට සලස්වන්නාය. ඒ දෙකෙහි කරදිය ජලය මිරිදිය ජලය සමග මුසු කළේය. ඒ දෙක අතර එකිනෙක මිශ්රවීමෙන් වළක්වන බාධකයක් හා ආවරණයක් බවට තිරයක් ඇති කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ خَلَقَ مِنَ الْمَآءِ بَشَرًا فَجَعَلَهٗ نَسَبًا وَّصِهْرًا ؕ— وَكَانَ رَبُّكَ قَدِیْرًا ۟
පිරිමියාගේ ශුක්රාණුව හා කාන්තාවගේ බීජය තුළින් ඔහු මිනිසා මැව්වේය. මිනිසා මැවූ ඔහු ඥාතී සම්බන්ධකම් හා පරම්පරානුගත සම්බන්ධකම් ඇති කළේය. අහෝ දූතය! ඔබේ පරමාධිපති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි බලවත් අයෙකි. ඔහුගේ බලමහිමයෙන් පිරිමියා හා කාන්තාවගේ ශුක්රාණුවෙන් ඔහු මිනිසා ව මැව්වේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُهُمْ وَلَا یَضُرُّهُمْ ؕ— وَكَانَ الْكَافِرُ عَلٰی رَبِّهٖ ظَهِیْرًا ۟
දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ් හැර දමා ඔවුන් ඒවාට අවනත වූයේ නම්, ඒවා ඔවුනට සෙත නොසලසන, ඒවාට පිටුපෑවේ නම් ඔවුනට හිංසාවක් නොකරන පිළිම වලට වන්දනාමාන කරති. දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව කෝපයට පත් කර වන ෂෙයිතාන් අනුගමනය කරන්නෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත.

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි.

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි.

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි.

وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا مُبَشِّرًا وَّنَذِیْرًا ۟
අහෝ දූතය! කවරෙකු දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් අල්ලාහ්ට අවනත වන්නේද එවැන්නන්හට ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා කවරෙකු දේව ප්රතික්ෂේපය හා පිටුපෑම තුළින් පිටු දකින්නේ ද එවැන්නන්හට අවවාද කරන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව නොඑව්වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ اِلَّا مَنْ شَآءَ اَنْ یَّتَّخِذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟
"අහෝ දූතය! වියදම් කිරීමෙන් අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය තෝරා ගැනීමට නුඹලා අතරින් කවරෙකු අභිමත කරන්නේ ද එවැන්නෙකුගෙන් හැර දේව පණිවිඩය ප්රචාරය කිරීම සඳහා මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එහෙයින් එසේ කටයුතු කරත්වා!" යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَوَكَّلْ عَلَی الْحَیِّ الَّذِیْ لَا یَمُوْتُ وَسَبِّحْ بِحَمْدِهٖ ؕ— وَكَفٰی بِهٖ بِذُنُوْبِ عِبَادِهٖ خَبِیْرَا ۟
අහෝ දූතය! නුඹේ සියලු කටයුතු වලදී අමරණීය සදා පැවැත්ම ඇති, ජීවමාන අල්ලාහ් මත භාර කරනු. සුවිශුද්ධයාණන් පැසසුම් කරමින් ඔහු ප්රශංසාවට ලක් කරනු. තම ගැත්තන්ගේ පාපයක ගැන තොරතුරු දැන ගන්නෙකු වශයෙන් ඔහු ප්රමාණවත්ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۛۚ— اَلرَّحْمٰنُ فَسْـَٔلْ بِهٖ خَبِیْرًا ۟
ඔහු වනාහි, දින හයක් තුළ අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද මැව්වේය. පසු ව ඔහු ඉහළට නැග ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි අර්ෂ් හි ඉහළින් ස්ථාපිත විය. ඔහු මහා කාරුණිකය. එහෙයින් අහෝ දූතය! ඒ පිළිබඳ තොරතුරු දන්නාගෙන් විමසා සිටිනු. ඔහු සියලු දෑ දන්නා අල්ලාහ්ය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا قِیْلَ لَهُمُ اسْجُدُوْا لِلرَّحْمٰنِ ۚ— قَالُوْا وَمَا الرَّحْمٰنُ ۗ— اَنَسْجُدُ لِمَا تَاْمُرُنَا وَزَادَهُمْ نُفُوْرًا ۟
"මහා කරුණාන්විතයාණන්ට සුජූද් කරනු" යැයි දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට කියනු ලැබූ විට, ඔවුහු "අපි මහා කරුණාන්විතයාණන්ට සුජූද් නොකරමු. මහා කරුණාන්විතයාණන් කවුරුන්ද? අපි ඔහු නොහඳුනමු. අපි ඔහු ව නොපිළිගන්නෙමු. ඔහුට සුජූද් කරන මෙන් නුඹ නියෝග කරන දෑ පිළිබඳ නොහඳුනන තත්ත්වයේ අප සුජූද් කළ යුතුදැ?"යි ඔවුහු විමසා සිටිති. ඔහුට සුජූද් කරන මෙන් ඔවුනට ඔහු කළ නියෝගය ඔහු ව විශ්වාස කිරීමෙන් ඔවුන් දුරස් කළාක් මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَبٰرَكَ الَّذِیْ جَعَلَ فِی السَّمَآءِ بُرُوْجًا وَّجَعَلَ فِیْهَا سِرٰجًا وَّقَمَرًا مُّنِیْرًا ۟
ග්රහයන් හා තාරකා ගමනය සඳහා අහසේ ස්ථානයන් ස්ථාපිත කළ අල්ලාහ් උත්කෘෂ්ඨ විය. ඔහු ආලෝකය විහිඳුවන සූර්යයා අහසෙහි ඇති කළේය. එමෙන්ම එයට පටහැණිව හිරු ආලෝකයෙන් ආලෝකය ලබා භූමියට අලෝකය ලබා දෙන සඳු ද ඔහු එහි ඇති කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهُوَ الَّذِیْ جَعَلَ الَّیْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ اَرَادَ اَنْ یَّذَّكَّرَ اَوْ اَرَادَ شُكُوْرًا ۟
අල්ලාහ්ගේ සංඥාවන් තුළින් උපදෙස් ලබා යහ මග ලබන්නට අපේක්ෂා කරන්නන්හට හෝ අල්ලාහ්ගේ ආශිර්වාද වලට කෘතවේදී වන්නට අපේක්ෂා කරන්නන්හට එකක් අනෙක පසුපස හඹා යන මාරුවෙන් මාරුව ගමන් කරන රාත්රිය හා දහවල පිළිවෙලින් ඇති කළේ අල්ලාහ්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعِبَادُ الرَّحْمٰنِ الَّذِیْنَ یَمْشُوْنَ عَلَی الْاَرْضِ هَوْنًا وَّاِذَا خَاطَبَهُمُ الْجٰهِلُوْنَ قَالُوْا سَلٰمًا ۟
මහා කරුණාන්විතයාණන්ගේ විශ්වාසී ගැත්තන්, මහ පොළොව මත ඉතා යටහත් පහත් ව, අභිමානයෙන් යුතු ව ගමන් කරති. අඥානයින් ඔවුන් සමග කතා කරන විට ඔවුන් හා සමානව ඔවුනට මුහුණ නොදෙති. ඒ වෙනුවට ඔවුන් වෙත අඥානභාවයෙන් තොර ව ඉතා යහපත් ලෙස ඔවුනට කතා කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَبِیْتُوْنَ لِرَبِّهِمْ سُجَّدًا وَّقِیَامًا ۟
ඔවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති වෙනුවෙන් ඔවුන්ගේ නළල් මත සුජූද් කරමින් හා ඔවුන්ගේ පාද මත සිට ගනිමින් අල්ලාහ්ට නැමදුම් කරමින් රාත්රිය ගත කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖۗ— اِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ۟ۗۖ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් කරන ප්රාර්ථනාවෙහි, "අපගේ පරමාධිපතියාණනි! අප ව නිරයේ දඬුවමින් දුරස් කරනු මැනව! සැබවින්ම නිරයේ දඬුවම දේව ප්රතික්ෂේපකයකු ලෙස මිය යන්නාට අනිවාර්යය මෙන්ම සදා පවතින්නක් විය" යැයි පවසන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهَا سَآءَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟
සැබවින්ම එය එහි රැඳෙන්නන්හට නපුරු වාසස්ථානයක් විය. එමෙන්ම එහි පදිංචි වන්නන්හට නපුරු නවාතැනක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اِذَاۤ اَنْفَقُوْا لَمْ یُسْرِفُوْا وَلَمْ یَقْتُرُوْا وَكَانَ بَیْنَ ذٰلِكَ قَوَامًا ۟
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කරන විට ඔවුන්ගේ එම වියදම අපතේ යන තරමට නාස්ති නොකරති. ඔවුන් මෙන්ම (විය පැහැදම් කිරීම සඳහා) ඔවුන් වෙත පැවරුණු අනිවාර්යයන් හට වියදම් කිරීමෙහි ඔවුහු නාස්ති නොකරති. ඔවුන්ගේ වියදමෙහි නාස්ති කිරීම හා මසුරු වීම යන කරුණු දෙක අතරින් ඔවුන් මධ්යස්ථ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الداعي إلى الله لا يطلب الجزاء من الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුලියක් පතන්නේ නැත.

• ثبوت صفة الاستواء لله بما يليق به سبحانه وتعالى.
•උත්තරීතර සුවිශුද්ධයාණන් ඔහුට ගැළපෙන පරිදි ස්ථාපිත වීමේ ස්වරූපය තහවුරු කිරීම.

• أن الرحمن اسم من أسماء الله لا يشاركه فيه أحد قط، دال على صفة من صفاته وهي الرحمة.
•අර් රහ්මාන් - අපරිමිත දයාන්විතයාණන් යන නාමය අල්ලාහ්ගේ නම් අතරින් එකකි. එහි කිසිවකු කිසි විටෙක හවුල් වන්නේ නැත. ඔහුගේ ගුණාංග අතරින් එක් ගුණාංගයක් පෙන්වා දෙන්නකි. එනම් එය කරුණාව නම් ගුණාංගයයි.

• إعانة العبد بتعاقب الليل والنهار على تدارُكِ ما فاتَهُ من الطاعة في أحدهما.
•රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙන්, අවනතවීම සම්බන්ධයෙන් මග හැරුණු දෑ ළඟා කර ගන්නට ගැත්තාට අනුබල දෙනු ඇත.

• من صفات عباد الرحمن التواضع والحلم، وطاعة الله عند غفلة الناس، والخوف من الله، والتزام التوسط في الإنفاق وفي غيره من الأمور.
•නිහතමානිකම, ඉවසීම, මිනිසුන් අනවධානී ව සිටියදී අල්ලාහ්ට අවනත වීම, අල්ලාහ් පිළිබඳ වූ බිය, වියදම් කිරීමෙහි හා එවන් වෙනත් කටයුතු වලදී මධ්යස්ථභාවය පිළිපැදීම යනාදිය කරුණාන්විතයාණන්ගේ ගැත්තන්ගේ ගුණාංග අතරින් වූ ඇතැම් ගුණාංග වේ.

وَالَّذِیْنَ لَا یَدْعُوْنَ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ وَلَا یَقْتُلُوْنَ النَّفْسَ الَّتِیْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ وَلَا یَزْنُوْنَ ۚؕ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ یَلْقَ اَثَامًا ۟ۙ
තවද ඔවුන් වනාහි, සුවිශුද්ධ අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කෙනෙකු ඇරයුම් නොකරති. ඝාතකයාට, දහම අතහැර දැමූ දහම් විරෝධියෙකුට හා දුරාචාරයෙහි නිරත වූ විවාහකයාට මරණ දඬුවම දියත් කිරීම සඳහා අල්ලාහ් අවසර දුන් මරණ දඬුවමක් හේතුවෙන් මිස අල්ලාහ් තහනම් කළ ජීවිතයක් නොනසති. දුරාචාරයෙහි නොයෙදෙති. කවරෙකු මෙම මහා පාපකම් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ පාපය සඳහා දඬුවමට සුදුස්සන් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُّضٰعَفْ لَهُ الْعَذَابُ یَوْمَ الْقِیٰمَةِ وَیَخْلُدْ فِیْهٖ مُهَانًا ۟ۗۖ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම ඔහුට ගුණ කර දෙනු ලැබේ. ඔහු දඬුවමෙහි නීච අවමානයට පත් වූ අයකු ලෙස සදා කල්ගත කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَاُولٰٓىِٕكَ یُبَدِّلُ اللّٰهُ سَیِّاٰتِهِمْ حَسَنٰتٍ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
නමුත් කවරෙකු පසුතැවිලි වී, අල්ලාහ් වෙත විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුගේ පශ්චාත්තාය සත්ය බව එය පෙන්වා දෙනු ඇත. තම නපුරු ක්රියාවන් කුසල් බවට අල්ලාහ් පරිවර්තනය කර දෙනු ලබන්නෝ ඔවුහු වෙති. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු තම පාපකම් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ تَابَ وَعَمِلَ صَالِحًا فَاِنَّهٗ یَتُوْبُ اِلَی اللّٰهِ مَتَابًا ۟
කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාවෙහි නිරත වී පසු ව අවනත ක්රියාවන් ඉටු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහුගේ පශ්චාත්තාපය ඔහු සහතික කළේ ද සැබවින්ම ඔහුගේ පාප ක්ෂමාව පිළිගනු ලබන්නක් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ لَا یَشْهَدُوْنَ الزُّوْرَ ۙ— وَاِذَا مَرُّوْا بِاللَّغْوِ مَرُّوْا كِرَامًا ۟
තවද ඔවුන් වනාහි, පාපකම් සිදු වන ස්ථාන, තහනම් කරන ලද විනෝද සැණකිළි වලට සහභාගී නොවෙති. පුහු වදන් හා ප්රකාශ ඇති වන ස්ථාන අසලින් ඔවුන් ගමන් ගත් විට එය තරණය කරමින් ගමන් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اِذَا ذُكِّرُوْا بِاٰیٰتِ رَبِّهِمْ لَمْ یَخِرُّوْا عَلَیْهَا صُمًّا وَّعُمْیَانًا ۟
එමෙන්ම අල්ලාහ්ගේ පාඨ සවන් දෙන්නට සැලැස්වීමෙන් හා දකින්නට සැලස්වීමෙන් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සවන් දෙනු ලබන පාඨ වෙත සවන් දෙන විට ඔවුන්ගේ කන් බිහිරි බවින් සවන් නොදෙති. එමෙන්ම දකින්නට සලස්වන ලැබූ පාඨ දෙස බලන විට අන්ධ ලෙස නොබලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا هَبْ لَنَا مِنْ اَزْوَاجِنَا وَذُرِّیّٰتِنَا قُرَّةَ اَعْیُنٍ وَّاجْعَلْنَا لِلْمُتَّقِیْنَ اِمَامًا ۟
ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි ඔවුන්ගේ පරමාධිපතිට “අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන් හා දරුවන් අතරින් භක්තිමත්භාවය හා සත්ය මත පිහිටීමෙන් අපගේ නෙත් පිනවන අයවලුන් අපට පත් කර දෙනු මැනව! අප පිළිපදිනු ලබන බැතිමතුන් සත්යය තුළ මෙහෙයවන නායකයින් බවට අප පත් කරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ یُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوْا وَیُلَقَّوْنَ فِیْهَا تَحِیَّةً وَّسَلٰمًا ۟ۙ
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ, ඔවුන් අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, ස්වර්ගයේ උසස් ෆිර්දවුස් හි උසස් කුටි ඔවුනට පිරිනමනු ලැබේ. එහි ඔවුන් මලක්වරුන් විසින් සුබ පතා සලාම් පවසා පිළිගනු ලබති. සියලු උවදුරු වලින් නිදහස් ව සාමයෙන් එහි සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خٰلِدِیْنَ فِیْهَا ؕ— حَسُنَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟
ඔවුහු එහි සදා රැඳී සිටිති. ඔවුන් වාසය කරන වාසස්ථානය මෙන්ම එහි ඔවුන් නවාතැන් ගන්නා නවාතැන යහපත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ مَا یَعْبَؤُا بِكُمْ رَبِّیْ لَوْلَا دُعَآؤُكُمْ ۚ— فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ یَكُوْنُ لِزَامًا ۟۠
අහෝ දූතය! ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මත ගැලී සිටින දේව ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපති නුඹලා ගැන සැලකිලිමත් වනුයේ නුඹලා අවනත වෙමින් ඔහු වෙත ප්රයෝජනවත් ආකාරයෙන් යොමු වීමෙනි. සැබවින්ම ඔහුට නැමදුම් කරමින් ප්රාර්ථනා කරන කණ්ණලව් කරමින් ප්රාර්ථනා කරන ගැත්තන් නොවී නම් නුඹලා ගැන නොසලකා හරින්නට තිබුණි. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් දූතයාණන් නුඹලා වෙත ගෙන ආ දෑ නුඹලා බොරු කළෙහුය. එසේ බොරු කරමින් සිටීම සඳහා වූ ප්රතිවිපාකය නුඹලාට අනිවාර්යෙන් මතු හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من صفات عباد الرحمن: البعد عن الشرك، وتجنُّب قتل الأنفس بغير حق، والبعد عن الزنى، والبعد عن الباطل، والاعتبار بآيات الله، والدعاء.
• ආදේශ කිරීමෙන් දුරස් වීම, උරුමයක් හේතුවක් මත මිස ප්රාණ ඝාතනයෙන් වැළකී සිටීම, දුරාචාරයෙන් දුරස් වීම, නිෂ්ඵල දැයින් දුරස් වීම, අල්ලාහ්ගේ පාඨ ගැන සැලකිලිමත් වීම, ප්රාර්ථනා කිරීම යනාදී ගුණාංග මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් සතු ගුණාංග වේ.

• التوبة النصوح تقتضي ترك المعصية وفعل الطاعة.
•නිසි අයුරින් පාප ක්ෂමාවෙහි නිරතවීම පාපකම් අතහැර දැමීමටත් අවනත කටයුතු වල නිරත වීමටත් බල කරනු ඇත.

• الصبر سبب في دخول الفردوس الأعلى من الجنة.
•ඉවසීම ප්රගුණ කිරීම ස්වර්ග උයනේ උසස් ෆිර්දවුස් නම් ස්ථායට පිවිසීමට හේතුවක් වන්නේය.

• غنى الله عن إيمان الكفار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ දේව විශ්වාසය පිළිබඳ අවශ්යතාවක් අල්ලාහ්ට නැත.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ፉርቃን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት