የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አሽ ሹዐራእ   አንቀጽ:

සූරා අෂ් ෂුඅරාඋ

ከመዕራፉ ዓላማዎች:
بيان آيات الله في تأييد المرسلين وإهلاك المكذبين.
දහම් දූතවරුන් ශක්තිමත් කිරීමෙහි හා බොරුකාරයින් විනාශ කිරීමෙහි දී අල්ලාහ්ගේ සංඥා පැහැදිළි කිරීම.

طٰسٓمّٓ ۟
(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْمُبِیْنِ ۟
ඒවා අසත්යයෙන් සත්ය පැහැදිලි කරන අල් කුර්ආනයේ පැහැදිලි පාඨ වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ اَلَّا یَكُوْنُوْا مُؤْمِنِیْنَ ۟
අහෝ දූතය! ඔවුන්ගේ යහ මග ගැන නුඹ තුළ ඇති දැඩි ආශාව ඔවුන්ගේ යහ මග ගැන දැඩි ආශාවෙන් හා කනස්සල්ලෙන් පෙළමින් ඔබව විනාශ කරන්නට බලනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ نَّشَاْ نُنَزِّلْ عَلَیْهِمْ مِّنَ السَّمَآءِ اٰیَةً فَظَلَّتْ اَعْنَاقُهُمْ لَهَا خٰضِعِیْنَ ۟
අහසින් ඔවුන් වෙත සංඥාවක් පහළ කිරීමට අපි අභිමත කළේ නම්, එය ඔවුන් වෙත අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට පහත් ව යටහත් වනු ඇත. නමුත් ඔවුනට පරීක්ෂණයක් වශයෙන් අපි එය ඔවුනට අභිමත නොකළෙමු. නුඹලා ගුප්ත දෑ විශ්වාස කරන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَاْتِیْهِمْ مِّنْ ذِكْرٍ مِّنَ الرَّحْمٰنِ مُحْدَثٍ اِلَّا كَانُوْا عَنْهُ مُعْرِضِیْنَ ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ නබිවරයාගේ සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධකයක් සමග මහා කරුණාන්විතයාණන්ගෙන් පහළ වූ යම් නව සිදුවීමක මෙනෙහි කිරීමක් මෙම දේවත්වය ආදේශ කළ මොවුන් වෙත පැමිණි විට මොවුන් එයට සවන් දීමට හා එය තහවුරු කිරීමට පිටුපෑවා මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَدْ كَذَّبُوْا فَسَیَاْتِیْهِمْ اَنْۢبٰٓؤُا مَا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද සැබවින්ම ඔවුහු එය බොරු කළෝය. ඔවුන් කවර කරුණක් පිළිබඳ සරදම් කරමින් සිටියේ ද එම පුවත් සහතික කිරීමක් ඔවුන් වෙත පැමිණෙනු ඇත. ඔවුනට දඬුවම අනුමත වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَرَوْا اِلَی الْاَرْضِ كَمْ اَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ زَوْجٍ كَرِیْمٍ ۟
ඔවුහු ඔවුන්ගේ ප්රතික්ෂේපය තුළ ම නිරත වී එහි රැඳී සිටින්නෝ ද? අධික ලෙස ප්රයෝජන ගෙන දෙන දැකුම්කලු විවිධ වර්ගයේ පැළෑටි අතරින් විවිධ පැළෑටි වර්ග කෙතරම් භූමිය තුළ හට ගන්වා ඇත්තේ දැ?යි ඔවුන් ඒ දෙස අධීක්ෂණය කළ යුතු නොවේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
විවිධ වර්ගයෙන් යුත් පැළෑටි මහ පොළොවේ හට ගැන්වීමෙහි ඒවා හට ගන්වන්නාහට, මිය ගිය අය යළි බිහි කිරීමේ බලය ඇති බව පැහැදිලි ව පෙන්වා දෙන සාධකයක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස නොකරන්නන් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති වනාහි කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්ව බලධාරීය. ඔහුගේ ගැත්තන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ نَادٰی رَبُّكَ مُوْسٰۤی اَنِ ائْتِ الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۙ
අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා මූසාගේ සමූහයා වහල්භාවයට ගනිමින් සිටි අපරාධකාරී ජනයා වෙත යන්නැයි නියෝග කරමින් නුඹේ පරමාධිපති මූසා ව කැඳ වූ අවස්ථාව අහෝ දූතය! නුඹ මෙනෙහි කර බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَوْمَ فِرْعَوْنَ ؕ— اَلَا یَتَّقُوْنَ ۟
ඔවුන් ෆිර්අවුන්ගේ සමූහයාය. එහෙයින් අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරන මෙන් ඔවුනට ඉතා සිහින් හා මෘදු ලෙස නියෝග කරනුයැයි ඔහු අණ කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ اِنِّیْۤ اَخَافُ اَنْ یُّكَذِّبُوْنِ ۟ؕ
"නුඹ ගැන මා කවර කරුණක් ඔවුනට දන්වා සිටින්නේ ද එහි ඔවුන් මා බොරු කරනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَضِیْقُ صَدْرِیْ وَلَا یَنْطَلِقُ لِسَانِیْ فَاَرْسِلْ اِلٰی هٰرُوْنَ ۟
"ඔවුන් මා බොරුකරමින් සිටි නිසාවෙන් මාගේ හදවත පීඩනයට පත් ව ඇත. කතා කිරීමෙන් මාගේ දිව හිර වී ඇත. එහෙයින් මාගේ සහෝදර හාරූන් මා හට සහයකයෙකු වශයෙන් වනු පිණිස ඔහු වෙත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ව එවනු මැනව!" යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهُمْ عَلَیَّ ذَنْۢبٌ فَاَخَافُ اَنْ یَّقْتُلُوْنِ ۟ۚۖ
කිබ්තී ගෝත්රිකයකු මා ඝාතනය කිරීමේ වරද හේතුවෙන් ඔවුන් සතු අයිතිය මුල් කර ගනිමින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ كَلَّا ۚ— فَاذْهَبَا بِاٰیٰتِنَاۤ اِنَّا مَعَكُمْ مُّسْتَمِعُوْنَ ۟
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමා අමතා, "එසේ නොව, ඔවුන් කිසිවිටෙක නුඹ ව ඝාතනය කරන්නේ නැත. එහෙයින් නුඹ හා නුඹේ සහෝදර හාරූන් නුඹලා දෙදෙනාගේ සත්යතාව තහවුරු කරන අපගේ සංඥා සමග පිටත් වනු. නුඹලා කවර කරුණක් කතා කරන්නේ ද, නුඹලාට කවර ප්රකාශයක් සිදු කරනු ලබන්නේ ද එයට අප සවන්දෙන්නන් ලෙසින් උදව් කරමින් හා ස්ථාවර කරමින් සැබවින්ම අපි නුඹලා දෙදෙනා සමග සිටින්නෙමු. ඒ කිසිවක් අපට මග හැරෙන්නේ නැත." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاْتِیَا فِرْعَوْنَ فَقُوْلَاۤ اِنَّا رَسُوْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
එහෙයින් නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් ඔහුට, “සැබවින්ම අපි සියලු මැවීම් හි පරමාධිපති වෙතින් නුඹ වෙත එවන ලද දහම් දූතවරුන් දෙදෙනෙකු වෙමු.” යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنْ اَرْسِلْ مَعَنَا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
"අප සමග ඉස්රාඊල් දරුවන් එවනු." (යැයි ද පවසනු.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَلَمْ نُرَبِّكَ فِیْنَا وَلِیْدًا وَّلَبِثْتَ فِیْنَا مِنْ عُمُرِكَ سِنِیْنَ ۟ۙ
ෆිර්අවුන් මූසාට, "කුඩා අවදියේ නුඹ අප ළඟ හැදී වැඩී වසර ගණනාවක ආයු කාලයක් අප සමග රැදී සිටියා නොවේ ද? නබිත්වය ගැන වාද කිරීම සඳහා නුඹට ඇරයුම් කළේ කුමක්දැ?"යි විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِیْ فَعَلْتَ وَاَنْتَ مِنَ الْكٰفِرِیْنَ ۟
නුඹේ සමූහයා අතර සිටි මිනිසෙකුට උපකාරයක් වශයෙන් ‘කිබ්තී’ ගෝත්රිකයකු නුඹ ඝාතනය කිරීම හේතුවෙන් නුඹ බරපතළ වරදක් සිදු කර ඇත්තෙහිය. එමෙන්ම නුඹ, නුඹ වෙත වූ මාගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් අතරින් කෙනෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• حرص الرسول صلى الله عليه وسلم على هداية الناس.
•ජනයා යහ මග ලැබිය යුතු යැයි දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුළ තිබූ උනන්දුව.

• إثبات صفة العزة والرحمة لله.
•අල්ලාහ් සතු කරුණාව හා ගෞරවයේ ගුණංගය තහවුරු කිරීම.

• أهمية سعة الصدر والفصاحة للداعية.
• යහමඟට ඇරයුම් කරන්නෙකු සතු ව තිබිය යුතු හදවතේ පුළුල්භාවය හා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම.

• دعوات الأنبياء تحرير من العبودية لغير الله.
•නබිවරුන්ගේ මග පෙන්වීම වූයේ අල්ලාහ් නොවන වෙනත් අයහට ගැතිකම් කිරීමෙන් ජනයා නිදහස් කිරීමය.

• احتج فرعون على رسالة موسى بوقوع القتل منه عليه السلام فأقر موسى بالفعلة، مما يشعر بأنها ليست حجة لفرعون بالتكذيب.
•මූසා (අලයිහි වසල්ලම්) තුමාගෙන් සිදු වූ ඝාතනය මුල් කර ගනිමින් එතුමාගේ දූත පණිවුඩයට ෆිර්අවුන් විරෝධය දැක්වීය. මූසා (අලයිහිස් සලාම්) තුම එම ක්රියාව පිළිගත්තේය. බොරු කිරීමට එය ෆිර්අවුන්ට සාධකයක් නොවන බව හඟවන්නක් විය.

قَالَ فَعَلْتُهَاۤ اِذًا وَّاَنَا مِنَ الضَّآلِّیْنَ ۟ؕ
මූසා (අලයිහිස් සලාම්) තුමා එය පිළිගනිමින් ෆිර්අවුන්ට, "මා වෙත දේව පණිවුඩ පැමිණීමට පෙර මා අඥානයින් අතරින් සිටියදී මම එම මිනිසා ව ඝාතනය කළෙමි" යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِیْ رَبِّیْ حُكْمًا وَّجَعَلَنِیْ مِنَ الْمُرْسَلِیْنَ ۟
ඔහු ව ඝාතනය කිරීමෙන් පසු ව නුඹලා මා ඝාතනය කරනු ඇතැයි යන බියෙන් මද්යන් නම් ගම්මානය වෙත නුඹලාගෙන් වෙන් ව මම පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්රඥාව පිරිනැමීය. ජනයා වෙත එවනු ලැබූවන් අතරින් මා ද දූතයකු බවට ඔහු මා පත් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَیَّ اَنْ عَبَّدْتَّ بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
නුඹ වහල්භාවයට ගත් ඉස්රාඊල් දරුවන් සමග මාද වහල්භාවයට නොගෙන නුඹ මා හදා වඩාගත් සිදුවීම සැබෑ ලෙසින්ම නුඹ මට පිරිනැමූ භාග්යයකි. නමුත් එය නුඹට කරන ඇරයුමෙන් මා වළක්වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعٰلَمِیْنَ ۟
"සැබවින්ම නුඹ ඔහුගේ දූතයා යැයි විශ්වාස කරන, සියලු මැවීම්හි පරමාධිපති කවුරුන්දැ?"යි ෆිර්අවුන් මූසා (අලයිහිස් සලාම්) තුමාගෙන් විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ؕ— اِنْ كُنْتُمْ مُّوْقِنِیْنَ ۟
ෆිර්අවුන්ට පිළිතුරු වශයෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා, "සියලු මැවීම්හි පරමාධිපති වන ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. සැබවින් ඔහු ඔවුන්ගේ පරමාධිපති බව නුඹලා විශ්වාස කර සිටියෙහු නම් නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لِمَنْ حَوْلَهٗۤ اَلَا تَسْتَمِعُوْنَ ۟
ෆිර්අවුන් ඔහු අවට සිටින ඔහුගේ පිරිසේ නායකයින්හට, "මූසාගේ පිළිතුරට හා එහි ඇති බොරු විශ්වාසයට නුඹලා සවන් දිය යුතු නොවේදැ?යි!" පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبُّكُمْ وَرَبُّ اٰبَآىِٕكُمُ الْاَوَّلِیْنَ ۟
මූසා තුමා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති හා නුඹලාගේ පෙර මුතුන්මිත්තන්ගේ පරමාධිපති අල්ලාහ්ය." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اِنَّ رَسُوْلَكُمُ الَّذِیْۤ اُرْسِلَ اِلَیْكُمْ لَمَجْنُوْنٌ ۟
ෆිර්අවුන්, "සැබවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයා යැයි විශ්වාස කරමින් සිටින්නා උම්මත්තකයෙකි. පිළිතුරු දිය යුත්තේ කෙසේදැ යි ඔහු නොදනී. එමෙන්ම වැටහීමක් නැති දෑ ඔහු කතා කරයි" යනුවෙන් පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَیْنَهُمَا ؕ— اِنْ كُنْتُمْ تَعْقِلُوْنَ ۟
එයට මූසා, "මා කවර අයකු වෙත නුඹලා ව ඇරයුම් කරන්නේ ද ඔහු අල්ලාහ්ය. ඔහු නැගෙනහිරෙහි පරමාධිපතිය. බටහිරෙහි පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. නුඹලාට බුද්ධිය ඇත්නම් ඒ ගැන බුද්ධිමත් ව සිතා බලනු." යැයි කීවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَىِٕنِ اتَّخَذْتَ اِلٰهًا غَیْرِیْ لَاَجْعَلَنَّكَ مِنَ الْمَسْجُوْنِیْنَ ۟
ෆිර්අවුන් ඔහු සමග වාද කිරීමට නොහැකි වූ පසු ඔහු මූසාට, "මා හැර වෙනත් දෙවියෙකු නුඹ නැමදුමට ගත්තෙහි නම් සැබවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَوَلَوْ جِئْتُكَ بِشَیْءٍ مُّبِیْنٍ ۟ۚ
මූසා, "අල්ලාහ් වෙතින් මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාව පැහැදිලි කරන යමක් නුඹ වෙත මා ගෙන ආව ද, නුඹ මා සිරකරුවන් අතරට පත් කරන්නෙහිද" යි ෆිර්අවුන්ගෙන් විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ فَاْتِ بِهٖۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
‘නුඹ වාද කරන දෑ හි නුඹ සත්යවාදීන් අතර කෙනෙකු වී නම්, නුඹේ සත්යතාව පෙන්වා දෙන නුඹ මෙනෙහි කළ කරුණ ගෙන එනු.’ යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَلْقٰی عَصَاهُ فَاِذَا هِیَ ثُعْبَانٌ مُّبِیْنٌ ۟ۚۖ
එවිට මූසා ඔහුගේ සැරයටිය බිම හෙළුවේය. එවිට ක්ෂණික ව දෑසට පැහැදිලි ව පෙනෙන සර්පයකු බවට එය වෙනස් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّنَزَعَ یَدَهٗ فَاِذَا هِیَ بَیْضَآءُ لِلنّٰظِرِیْنَ ۟۠
තවද ඔහු ඔහුගේ සුදුවන් නොවූ අත සාක්කුවට දැමුවේය. සුදු කබර රොගයේ සුදු වර්ණය මෙන් නොව දීප්තිමත් බැබළෙන සුදු වර්ණයකින් යුතු ව ඔහු එය එළියට ගත්තේය. නරඹන්නන් එය එලෙස නැරඹුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لِلْمَلَاِ حَوْلَهٗۤ اِنَّ هٰذَا لَسٰحِرٌ عَلِیْمٌ ۟ۙ
ෆිර්අවුන් ඔහු අවට සිටි ඔහුගේ සමූහයා අතරින් වූ නායකයින්හට, "සැබවින්ම මෙම මිනිසා හූනියම් පිළිබඳ මනා දැනුමක් ඇති මායාකාරයෙකි" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُّرِیْدُ اَنْ یُّخْرِجَكُمْ مِّنْ اَرْضِكُمْ بِسِحْرِهٖ ۖۗ— فَمَاذَا تَاْمُرُوْنَ ۟
"ඔහුගේ මායාවෙන් ඔහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් නෙරපා හරින්නට අපේක්ෂා කරයි. ඔහු විෂයයෙහි අපි ඔහු ව හසු කර ගැනීම ගැන නුඹලාගේ අදහස කුමක්ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَرْجِهْ وَاَخَاهُ وَابْعَثْ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۙ
ඔවුහු ඔහුට මෙසේ පවසා සිටියහ. "ඔහුට කල් දෙනු. ඔහුගේ සහෝදරයාටද කල් දෙනු. ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමට ඔබ ඉක්මන් නොවනු. මායාකරුවන් එක්රැස් කරන්නන් ඔබ මිසරයේ නගර වලට එවනු."යැයි ඔවුහු පැවසුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَاْتُوْكَ بِكُلِّ سَحَّارٍ عَلِیْمٍ ۟
"හූනියම් පිළිබඳ මැනවින් දන්නා සෑම මායාකරුවකුම ඔවුන් ඔබ වෙත රැගෙන එනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَجُمِعَ السَّحَرَةُ لِمِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۙ
නියමිත වේලාවක නියමිත ස්ථානයක මූසා (අලයිහිස් සලාම්) තුමා සමග තරඟ වදින්නට ෆිර්අවුන් ඔහුගේ මායාකාර හූනියම්කරුවන් එක්රැස් කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّقِیْلَ لِلنَّاسِ هَلْ اَنْتُمْ مُّجْتَمِعُوْنَ ۟ۙ
"ජය ලබනුයේ මූසා ද එසේ නැතහොත් එම මායාකරුවන් දැ යි නුඹලා දැක බලා ගනු පිණිස නුඹලාත් එක්රැස් වන්නෙහුදැ?"යි ජනයාගෙන් විමසන ලදී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أخطاء الداعية السابقة والنعم التي عليه لا تعني عدم دعوته لمن أخطأ بحقه أو أنعم عليه.
• යහ මග පෙන්වන්නා කලින් සිදු කළ වැරදි හෝ ඔහු වෙත තිබූ ආශිර්වාදයන් හෝ සත්යයෙන් පෙරළුණු හෝ ආශිර්වාද කර ඇති අයට ඇරයුම් නොකර සිටීමට හේතු කාරකයක් නොවන්නේය.

• اتخاذ الأسباب للحماية من العدو لا ينافي الإيمان والتوكل على الله.
•සතුරාගෙන් ආරක්ෂා වීම සඳහා අවශ්ය හේතු සාධක සූදානම් කර ගැනීම දේව විශ්වාසය හෝ අල්ලාහ් වෙත තබා ඇති පැවරුම නැති කර දමන්නේ නැත.

• دلالة مخلوقات الله على ربوبيته ووحدانيته.
•අල්ලාහ්ගේ මැවීම් ඔහුගේ ඒකීයත්වය හා ඔහුගේ පරිපාලනත්වය පෙන්වා දෙයි.

• ضعف الحجة سبب من أسباب ممارسة العنف.
•තර්කයේ දී බෙලහීනත්වය ප්රචණ්ඩත්වය ක්රියාවට නැංවීමට එක් හේතුවකි.

• إثارة العامة ضد أهل الدين أسلوب الطغاة.
•ආගමික ජනයාට විරුද්ධ ව පොදු ජනයා පොලඹවීම අපරාධකරුවන්ගේ ක්රියාමාර්ග වේ.

لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ اِنْ كَانُوْا هُمُ الْغٰلِبِیْنَ ۟
මායාකරුවන් මූසා අබිබවා ජය ලැබුවේ නම් ඔවුන්ගේ දහම අප පිළිපැදීමේ බලාපොරොත්තුව තිබිය හැකි වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا جَآءَ السَّحَرَةُ قَالُوْا لِفِرْعَوْنَ اَىِٕنَّ لَنَا لَاَجْرًا اِنْ كُنَّا نَحْنُ الْغٰلِبِیْنَ ۟
මූසා ව පරාජය කරනු පිණිස ෆිර්අවුන් වෙත මායාකාර හූනියම් කරුවෝ පැමිණි කල්හි ඔවුහු ඔහුට "මූසා අබිබවා අපට ජය අත් වූයේ නම් භෞතික වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් කවර ප්රතිඵලයක් අපට හිමි වන්නේ දැ?"යි විමසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ نَعَمْ وَاِنَّكُمْ اِذًا لَّمِنَ الْمُقَرَّبِیْنَ ۟
ෆිර්අවුන් ඔවුනට, "නුඹලාගේ ප්රතිඵලය යහපතකි. ඔහු අබිබවා නුඹලා ජය ගත් තත්ත්වයේ පසු වූයෙහු නම් සැබවින්ම නුඹලාට උසස් නිලයන් පිරිනැමිමෙන් නුඹලා මා වෙත සමීපයින් බවට පත් වනු ඇත." ඔහු ඔවුනට පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَهُمْ مُّوْسٰۤی اَلْقُوْا مَاۤ اَنْتُمْ مُّلْقُوْنَ ۟
අල්ලාහ්ගේ ජයග්රහණය පිළිබඳ සහතික කරමින් හා ඔහු අබියස ඇති දෑ මායාවක් නොවන බව පැහැදිලි කරමින් මූසා ඔවුනට, "නුඹලා හෙළන නුඹලාගේ ලණු හා නුඹලාගේ සැරයටි නුඹලා හෙළනු." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَلْقَوْا حِبَالَهُمْ وَعِصِیَّهُمْ وَقَالُوْا بِعِزَّةِ فِرْعَوْنَ اِنَّا لَنَحْنُ الْغٰلِبُوْنَ ۟
එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා යෂ්ටි හෙළූහ. එසේ හෙළන අවස්ථාවේ. ඔවුහු, "ෆිර්අවුන්ගේ බලමහිමයෙන් සැබවින් අපි ජයග්රහකයෝ වෙමු. මූසා පරාජයට පත් කරනු ලැබේ." යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَلْقٰی مُوْسٰی عَصَاهُ فَاِذَا هِیَ تَلْقَفُ مَا یَاْفِكُوْنَ ۟ۚۖ
පසු ව මූසා ඔහුගේ සැරයටිය බිම හෙළූහ. එවිට එය සර්පයෙකු බවට වෙනස් විය. මායා හූනියම හේතුවෙන් මිනිසුන් කවර දෙයක් සැක කරමින් සිටියේ ද ඒවා ඌ ගිල දැමීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاُلْقِیَ السَّحَرَةُ سٰجِدِیْنَ ۟ۙ
මායාකාර හූනියම්කරුවන් විසින් හෙළන ලද මායාවන් මූසාගේ සැරයටිය ගිල ගනු ඔවුන් දුටු කල්හි ඔවුහු සිරිස බිම තබමින් වැටුණෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اٰمَنَّا بِرَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
තවදුරටත් ඔවුහු මෙසේ පැවසූහ. "සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ مُوْسٰی وَهٰرُوْنَ ۟
"මූසාගේ පරමාධිපති හා හාරූන්ගේ පරමාධිපතිය. (අලයිහිමස් සලාම්)."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اٰمَنْتُمْ لَهٗ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ۚ— اِنَّهٗ لَكَبِیْرُكُمُ الَّذِیْ عَلَّمَكُمُ السِّحْرَ ۚ— فَلَسَوْفَ تَعْلَمُوْنَ ؕ۬— لَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ وَّلَاُوصَلِّبَنَّكُمْ اَجْمَعِیْنَ ۟ۚ
මායාකාර හූනියම් කරුවන් දෙවියන් විශ්වාසය කිරීම සම්බන්ධයෙන් ෆිර්අවුන් හෙළා දැක මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දෙන්නට පෙර නුඹලා මූසා ව විශ්වාස කළෙහු ද? සැබවින්ම නුඹලාට හූනියම ඉගැන් වූ මූසා නුඹලාගේ ප්රධානියා වී ඇත. සැබවින්ම මිසර වැසියන් එයින් පිටුවහල් කිරීමට නුඹලා සියලු දෙනාම සැලසුම කර ඇත්තාහ. නුඹලාට අත් වන දඬුවම නුඹලා මතු දැන ගනු ඇත. සෑම කෙනෙකුගේම පාද හා අත් ඒ දෙක අතර එකිනෙක මාරුවෙන් මාරුවට කපා හරිමි. එනම් දකුණු කකුල වම් අත සමග ද එයට ප්රතිවිරුද්ධ ව ද කපා හරිමි. ඉඳි කඳන් මත කුරුසයට බැද නුඹලා සියල්ලන්ට ඇණ ගසමි. නුඹලා අතරින් කිසිවෙකු මා ඉතිරි නොකරමි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا لَا ضَیْرَ ؗ— اِنَّاۤ اِلٰی رَبِّنَا مُنْقَلِبُوْنَ ۟ۚ
මායාකාර හූනියම් කරුවන් ෆිර්අවුන්හට, "නුඹ අපට තර්ජනය කරන පරිදි මෙලොවෙහි කපා දැමීම හා කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් කිසිදු හානියක් අපට නැත. නුඹේ දඬුවම ඉවත් ව යනු ඇත. අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නන් වෙමු. ඔහුගේ සදාතනික කරුණාව තුළට ඔහු අපි ඇතුළත් කරනු ඇත." යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا نَطْمَعُ اَنْ یَّغْفِرَ لَنَا رَبُّنَا خَطٰیٰنَاۤ اَنْ كُنَّاۤ اَوَّلَ الْمُؤْمِنِیْنَ ۟ؕ۠
"මූසා ව විශ්වාස කොට ඔහු ව තහවුරු කළ පළමුවැන්නන් බවට අප පත් ව ඇති බැවින්, අප පෙර සිදුකළ අපගේ පාපයන් අල්ලාහ් අපගෙන් ඉවත් කරනු ඇතැයි සැබවින්ම අපි අපේක්ෂා කරමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنْ اَسْرِ بِعِبَادِیْۤ اِنَّكُمْ مُّتَّبَعُوْنَ ۟
රාත්රියේම ඉස්රාඊල් දරුවන් කැටුව යන මෙන් ද සැබවින්ම ෆිර්අවුන් හා ඔහු සමග වූවන් ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස ඔවුන් ව ලුහුබඳිනු ඇතැයි ද අපි මූසාට නියෝග කරමින් දේව පණිවුඩ පහළ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَرْسَلَ فِرْعَوْنُ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۚ
ඉස්රාඊල් දරුවන් මිසර දේශයෙන් (ඊජිප්තුවෙන්) පිටත් ව ගිය බව ෆිර්අවුන් දැන ගත් කල්හි ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස සේනාවන් රැස් කිරීම සඳහා ඔහුගේ සේනාවෙන් රැස් කරන පිරිසක් එම නගර වලට එවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰۤؤُلَآءِ لَشِرْذِمَةٌ قَلِیْلُوْنَ ۟ۙ
ෆිර්අවුන් ඉස්රාඊල්ගේ කරුණ සුළුකොට සලකා "සැබවින්ම මොවුහු සුළු පිරිසකි." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهُمْ لَنَا لَغَآىِٕظُوْنَ ۟ۙ
"ඔවුන් කෙරෙහි අප කෝප වන දෑ සැබවින්ම ඔවුන් සිදු කරන්නෝ වූහ."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّا لَجَمِیْعٌ حٰذِرُوْنَ ۟ؕ
"නියත වශයෙන්ම අපි ඔවුන් වෙනුවෙන් අවදියෙන් හා සූදානමින් සිටිය යුත්තෝ වෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَخْرَجْنٰهُمْ مِّنْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ
එවිට ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සරුසාරවත් වතු වලින් හා ජලය ගලා යන උල්පත් වලින් යුත් මිසර දේශයෙන් අපි පිටුවහල් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّكُنُوْزٍ وَّمَقَامٍ كَرِیْمٍ ۟ۙ
තවද ධන නිධන් වලින් හා අලංකාර නිවහන්වලින් ද බැහැර කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ ؕ— وَاَوْرَثْنٰهَا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
මෙම සැප සම්පත් වලින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අප බැහැර කළාක් සේම ඔවුන්ගෙන් පසු මෙම සැප සම්පත් වර්ග සිරියා දේශයේ සිටි ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුනිමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَتْبَعُوْهُمْ مُّشْرِقِیْنَ ۟
හිරු උදා වන වේලාවෙහි ඉස්රාඊල් දරුවන් ලුහුබඳිමින් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව ගමන් ගත්තෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• العلاقة بين أهل الباطل هي المصالح المادية.
•අසත්යවාදීන් අතර පවත්වන සම්බන්ධකම් භෞතික යහපත වන්නේය.

• ثقة موسى بالنصر على السحرة تصديقًا لوعد ربه.
•තම පරමාධිපතිගේ ප්රතිඥාව තහවුරු කරන්නක් වශයෙන් හූනියම්කරුවන්ට එරෙහි ව මූසා (අලෙයිහිස් සලාම්) තුමාට ජය තහවරු කරන ලදී.

• إيمان السحرة برهان على أن الله هو مُصَرِّف القلوب يصرفها كيف يشاء.
•මායාකාරුවන් දේවත්වය විශ්වාස කිරීම වනාහි, සැබවින්ම එය අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි හදවත් වෙනස් කරන්නා බව පෙන්වා දෙන පැහැදිලි සාධකයකි.

• الطغيان والظلم من أسباب زوال الملك.
•ප්රචණ්ඩත්වය, අසාධාරණය රාජ්ය පාලනය අහිමි වීමේ හේතූන් අතරින් වන්නේය.

فَلَمَّا تَرَآءَ الْجَمْعٰنِ قَالَ اَصْحٰبُ مُوْسٰۤی اِنَّا لَمُدْرَكُوْنَ ۟ۚ
ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මූසා හා ඔහුගේ සේනාව සමග ඒ සෑම පිරිසක්ම අනෙක් පිරිස දකින තරමට ඔවුන් එකිනෙක දුටු කල්හි මූසාගේ සගයෝ මෙසේ පැවසූහ. "සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ සේනාව අප සමග සේන්දු වනු ඇත. ඔවුන් සම්බන්ධයෙන් අපට කිසිදු ගැලවුමක් නැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ كَلَّا ۚ— اِنَّ مَعِیَ رَبِّیْ سَیَهْدِیْنِ ۟
"නුඹලා කල්පනය කරන පරිදි කරුණ නැත. සැබවින්ම ජය හා ස්ථාවරත්වය සමග මාගේ පරමාධිපති මා සමග සිටියි. ඔහු මට මග පෙන්වනු ඇත. මිදීමේ මගක් ඔහු මට පෙන්වා දෙනු ඇත." යැයි මූසා ජනයාට පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنِ اضْرِبْ بِّعَصَاكَ الْبَحْرَ ؕ— فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِیْمِ ۟ۚ
එවිට තම සැරයටියෙන් මුහුදට ගසන මෙන් නියෝග කරමින් අපි මූසාට දිව්ය පණිවිඩ එව්වෙමු. ඔහු එමගින් එයට ගැසුවේය. මුහුද දෙබෑ විය. ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්ර ප්රමාණයට මාර්ග දොළොසක් බවට එය පරිවර්තනය විය. මුහුදෙන් දෙබෑ වූ සෑම පැත්තක්ම විශාලත්වයෙන් දැවැන්ත කඳු මෙන් විය. ඒවා එයින් ජලය ගලා නොයන පරිදි ස්ථීර ව පැවතිණ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَزْلَفْنَا ثَمَّ الْاٰخَرِیْنَ ۟ۚ
"සැබවින්ම මෙම මාර්ග ගමන් කළ හැක්කකි," යැයි සිතා ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදට පිවිසෙන තරමට අපි සමීප කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْجَیْنَا مُوْسٰی وَمَنْ مَّعَهٗۤ اَجْمَعِیْنَ ۟ۚ
අපි මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන් මුදවා ගත්තෙමු. ඔවුන්ගෙන් කිසිවකු අපි විනාශ නොකළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَغْرَقْنَا الْاٰخَرِیْنَ ۟ؕ
පසු ව ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වමින් අපි විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
සැබවින්ම මූසා වෙනුවෙන් මුහුද පැළී වෙන්වීම, ඔහු ව මුදවා, ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීම යනාදියෙහි මූසාගේ සත්යභාවය ඔප්පු කරන සාධකයක් විය. ෆිර්අවුන් සමග සිටි බහුතරයක් දෙනා විශ්වාසීන් නොවූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ اِبْرٰهِیْمَ ۟ۘ
එමෙන්ම අහෝ දූතය! ඉබ්රාහීම්ගේ කතා වස්තුව ද නුඹ ඔවුනට කියවා පෙන්වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لِاَبِیْهِ وَقَوْمِهٖ مَا تَعْبُدُوْنَ ۟
ඔහු තම පියාණන් ආසර්ට හා ඔහුගේ ජනයාට, "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?"යි විමසා සිටි අවස්ථාවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا نَعْبُدُ اَصْنَامًا فَنَظَلُّ لَهَا عٰكِفِیْنَ ۟
ඔහුගේ ජනයා ඔහුට පිළිතුරු දෙමින්, "අපි පිළිම වලට නමදිමු. ඒවාට බැඳී ඒවා නැමදීමෙහි අපි නිරත ව සිටින්නෙමු." යැයි පැවසුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هَلْ یَسْمَعُوْنَكُمْ اِذْ تَدْعُوْنَ ۟ۙ
ඉබ්රාහීම් ඔවුනට, "නුඹලා එම පිළිම වලට ඇරයුම් කරන විටදී නුඹලාගේ ප්රාර්ථනාවන්ට ඒවා සවන් දෙන්නේ ද?" යැයි ඇසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یَنْفَعُوْنَكُمْ اَوْ یَضُرُّوْنَ ۟
"එසේ නැතහොත් නුඹලා ඒවාට අවනත වූයේ නම් ඒවා නුඹලාට සෙත සලසනු ඇත් ද? එසේත් නැතහොත් නුඹලා ඒවාට පිටුපෑවෙහු නම් නුඹලාට හානියක් කරනු ඇත් දැ?" යි ද තවදුරටත් ඔහු විමසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا بَلْ وَجَدْنَاۤ اٰبَآءَنَا كَذٰلِكَ یَفْعَلُوْنَ ۟
"අපි ඒවාට ඇරයුම් කරන විට ඒවා අපට සවන් දෙන්නේ නැත. අපි ඒවාට අවනත වූ විට ඒවා අපට සෙත සලසන්නේ ද නැත. අපි ඔවුනට පිටු පෑ විට ඒවා අපට හිංසාවක් කරන්නේ ද නැත. නමුත් සිදු ව ඇත්තේ සැබවින්ම අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරමින් සිටිනු අප දැක තිබීමය. එහෙයින් අපි ඔවුන් ව පිළිපදින්නෙමු." යැයි ජනයා කීහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَفَرَءَیْتُمْ مَّا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ
ඉබ්රාහීම්, "අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින එම පිළිම දෙස නුඹලා බැලුවෙහු දැ’යි විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنْتُمْ وَاٰبَآؤُكُمُ الْاَقْدَمُوْنَ ۟ؗ
නූඹලාගේ මුල් මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ ගැන.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنَّهُمْ عَدُوٌّ لِّیْۤ اِلَّا رَبَّ الْعٰلَمِیْنَ ۟ۙ
එහෙයින් ඔවුන් සියලු දෙනාම මාගේ සතුරෝ වෙති. ඊට හේතුව සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ් හැර සෙසු අය ව්යජ වන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْ خَلَقَنِیْ فَهُوَ یَهْدِیْنِ ۟ۙ
ඔහු වනාහි ඔහු මා මැව්වේය. මෙලොව හා මතු ලොව යහපත වෙත ඔහු මට මග පෙන්වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْ هُوَ یُطْعِمُنِیْ وَیَسْقِیْنِ ۟ۙ
මට කුසගිනි ඇති වූ විට මට ආහාර සපයන්නේ ද මම පිපාසිත ව සිටින විට මට ජලය සපයන්නේ ද ඔහු පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا مَرِضْتُ فَهُوَ یَشْفِیْنِ ۟
මා රෝගාතුර වූ විට එම රොගයෙන් මට සුවය ලබා දෙන්නේ ද ඔහුමය. ඔහු හැර වෙනත් කිසිදු සුවපත් කරන්නෙකු මට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْ یُمِیْتُنِیْ ثُمَّ یُحْیِیْنِ ۟ۙ
මාගේ ආයු කාලය අවසන් වූ විට මා මරණයට පත් කරන්නේ ද ඔහුමය. එමෙන්ම මා මිය ගිය පසු ව මට යළි ජීවය ලබා දෙන්නේ ද ඔහුමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْۤ اَطْمَعُ اَنْ یَّغْفِرَ لِیْ خَطِیْٓـَٔتِیْ یَوْمَ الدِّیْنِ ۟ؕ
"එමෙන්ම ප්රතිඵල පිරිනමන දිනයේ මාගේ වැරදි වලට මට සමාව දෙනු ඇතැයි මා අපේක්ෂා කරනුයේ ඔහුවමය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ هَبْ لِیْ حُكْمًا وَّاَلْحِقْنِیْ بِالصّٰلِحِیْنَ ۟ۙ
ඉබ්රාහීම් තුමා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! දහම තුළ මට අවබෝධය පිරිනමනු මැනව! මට පෙර සිටි නබිවරුන් අතරින් වූ දැහැමියන් සමග මා ද ස්වර්ගයට ඇතුළත් කරමින් ඔබ මා ඔවුන් සමග සේන්දු කරනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الله مع عباده المؤمنين بالنصر والتأييد والإنجاء من الشدائد.
•උදව් උපකාරය ස්ථාවර කිරීම හා දුෂ්කරතා වලින් මුදවා ගැනීම යනාදිය සමග අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් සමග සිටී.

• ثبوت صفتي العزة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු සර්ව බලධාරීත්වය හා කාරුණිකත්වය යන ගුණාංග දෙක තහවුරු කිරීම.

• خطر التقليد الأعمى.
•අන්ධානුකරණයේ අවදානම.

• أمل المؤمن في ربه عظيم.
•දේව විශ්වාසියා ඔහුගේ පරමාධිපති තුළ ඇති කර ගන්නා ඉමහත් බලාපොරොත්තුව.

وَاجْعَلْ لِّیْ لِسَانَ صِدْقٍ فِی الْاٰخِرِیْنَ ۟ۙ
මගෙන් පසු එන පරම්පරාවන් අතර දැහැමි ලෙස අගය කිරීමක් හා අලංකාර අයුරින් මෙනෙහි කිරීමක් මා වෙනුවෙන් නුඹ කරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاجْعَلْنِیْ مِنْ وَّرَثَةِ جَنَّةِ النَّعِیْمِ ۟ۙ
සැප පහසුකම් විඳින ස්වර්ගස්ථාන උරුම කර දෙනු ලැබූ ඔබ ව විශ්වාස කළ ඔබේ ගැත්තන් අතරට මා පත් කරනු මැනව. එහි මා වාසය කරවනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاغْفِرْ لِاَبِیْۤ اِنَّهٗ كَانَ مِنَ الضَّآلِّیْنَ ۟ۙ
"මාගේ පියාට සමාව දෙනු මැනව! සැබවින්ම ඔහු දේව ආදේශය හේතුවෙන් සත්යයෙන් පෙරළී නොමග ගිය අය අතරින් කෙනෙකු විය." එසේ ඉබ්රාහීම් තම පියාට ප්රාර්ථනා කර සිටියේ සැබවින්ම ඔහු නිරා වැසියන්ගෙන් කෙනෙකු බව ඔහුට පැහැදිලි වීමට පෙරය. ඒ ගැන ඔහුට පැහැදිලි වූ පසු ඔහුගෙන් ඉවත් වී ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تُخْزِنِیْ یَوْمَ یُبْعَثُوْنَ ۟ۙ
විනිශ්චය සඳහා ජනයා අවදි කරනු ලබන දින, දඬුවම් ලබා දෙමින් නුඹ මා වේදනාවට පත් නොකරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ لَا یَنْفَعُ مَالٌ وَّلَا بَنُوْنَ ۟ۙ
මිනිසාට ඔහුගේ මෙලොව ජීවිතයේ එක් රැස් කළ ධනය හෝ ඔහුට උදව්වට සිටි දරුවන් හෝ ප්රයෝජනවත් නොවන දිනයකි එය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا مَنْ اَتَی اللّٰهَ بِقَلْبٍ سَلِیْمٍ ۟ؕ
කිසිදු ආදේශ කිරීමක් හෝ කුහකත්වයක් හෝ මුණිච්ඡාවක් හෝ හාස්යයක් හෝ නොමැති ව නිර්මල හදවතකින් අල්ලාහ් වෙත පැමිණි අය හැර. ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළ ධනය හා ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරමින් සිටින ඔහුගේ දරුවන් තුළින් සැබවින්ම ඔහු ප්රයෝජන ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِیْنَ ۟ۙ
ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبُرِّزَتِ الْجَحِیْمُ لِلْغٰوِیْنَ ۟ۙ
සත්ය දහමින් මුළා වී නොමග ගියවුන්ටහට මහ්ෂර් නම් එක් රැස් කරන දිනයේ නිරය හෙළි කරනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقِیْلَ لَهُمْ اَیْنَ مَا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ
ඔවුන් හෙළා දකිමින්, "නුඹලා නමදිමින් සිටි පිළිම කොහෝදැ?" යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ دُوْنِ اللّٰهِ ؕ— هَلْ یَنْصُرُوْنَكُمْ اَوْ یَنْتَصِرُوْنَ ۟ؕ
අල්ලාහ් හැර දමා නුඹලා ඔවුනට නැමදුම් කරමින් සිටියෙහුය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ආරක්ෂා කරමින් ඔවුන් නුඹලාට පිහිට වන්නෝ ද එසේ නැතහොත් ඔවුන් ඔවුනට උදව් කර ගන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكُبْكِبُوْا فِیْهَا هُمْ وَالْغَاوٗنَ ۟ۙ
ඔවුන් හා ඔවුන් නොමග හැරියවුන් නිරයේ ඔවුන් එකිනෙකා උඩ වැටෙන සේ හෙළනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجُنُوْدُ اِبْلِیْسَ اَجْمَعُوْنَ ۟ؕ
සියලු නපුරු බලවේගයන් අතරින් වූ ඉබ්ලීස්ගේ උදව්කරුවන් ද හෙළනු ලැබේ. ඔවුන් අතරින් කිසිවෙකු බැහැර කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا وَهُمْ فِیْهَا یَخْتَصِمُوْنَ ۟ۙ
අල්ලාහ් හැර වෙනත් දෑ නැමද ඔහු හැර වෙනත් අය හවුල්කරුවන් ලෙස ගෙන කටයුතු කළ දේව ආදේශකයින් වනාහී ඔවුන් ඔහු හැර දමා නමදිමින් සිටියදීම වාද කරමින් ඔවුහු මෙසේ පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَاللّٰهِ اِنْ كُنَّا لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟ۙ
අල්ලාහ් මත දිවුරා පවසමු. සැබවින්ම අපි සත්යයෙන් දුරස් වූ පැහැදිලි මුළාවෙහි පසුවූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ نُسَوِّیْكُمْ بِرَبِّ الْعٰلَمِیْنَ ۟
සියලු මැවීම්හි පරමාධිපතිට අපි නුඹලාව සමානකම් කළ අවස්ථාවේ අපි ඔහු ව නමදිනවාක් මෙන් නුඹලා ව ද නැමදුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَضَلَّنَاۤ اِلَّا الْمُجْرِمُوْنَ ۟
අල්ලාහ් හැර තමන්ව නැමදීමට අපට ඇරයුම් කරමින් සිටි අපරාධකරුවන් මිස වෙනත් කිසිවකු සත්ය මාර්ගයෙන් අප ව මුළා කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا لَنَا مِنْ شَافِعِیْنَ ۟ۙ
අල්ලාහ්ගේ දඬුවමින් (දැන්) අප මුදවා ගන්නට, ඔහු අබියස අප වෙනුවෙන් මැදිහත් වී කතා කරන මැදිහත්කරුවන් අපට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا صَدِیْقٍ حَمِیْمٍ ۟
එමෙන්ම අප වෙනුවෙන් මැදිහත් වන, අපෙන් දඬුවම වළක්වාලන අවංක සෙනෙහෙවන්ත මිතුරෙකු ද අපට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَوْ اَنَّ لَنَا كَرَّةً فَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
මෙලොව ජීවිතය වෙත හැරී යන්නට අපට අවස්ථාවක් තිබුණා නම්, එවිට අල්ලාහ් විශ්වාස කරන්නන් අතරට අපි පත් වන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
(මෙහි) සඳහන් කරන ලද ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුවෙහි හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඉරණමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ قَوْمُ نُوْحِ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
නූහ්ගේ ජනයා නූහ් ව (එතුමා කෙරහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ نُوْحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩ වලට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ۚ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු දෑහි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ؕ
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْاَرْذَلُوْنَ ۟ؕ
ඔහුගේ ජනයා ඔහුට "අහෝ නූහ්! නුඹ ව පිළිපදින්නන්, ජනයා අතර පහත් අය ලෙස සිටිය දී නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය අපි විශ්වාස කළ යුතු ද? පිළිපැදිය යුතු ද? ඔවුන් අතර නායකයින් හෝ ප්රභූවරුන් හෝ නොමැත." යැයි පැවසුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
•ඊර්ෂ්යාව, මූණිච්චාව, හාස්යය වැනි රෝග වලින් හදවත තැන්පත් ව තබා ගැනීමේ වැදගත්කම.

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
•නොමග යෑම පිළිබඳ වගකීම නොමග හැරියවුන් මත බැඳෙයි. නොමග ගියවුනට එය ප්රයෝනවත් නොවනු ඇත.

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
•අල්ලාහ්ගේ දූතයාණන් ව ප්රතික්ෂේප කර සිටීම සියලුම දූතවරුන් ප්රතික්ෂේප කිරීමකි.

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
•නැවත නැගිටුවනු ලැබීම ගැන සඳහන් කරමින් ඉබ්රාහීම් තුමාගේ කතා වස්තුව අලංකාර අයුරින් අවසන් කර ඇත. පසු ව කතාවේ අවසානය වෙත යොමු වෙයි.

قَالَ وَمَا عِلْمِیْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟ۚ
“මෙම දේව විශ්වාසීන් සිදුකරමින් ආ දෑ පිළිබඳ මට දැනුමක් නැත. ඔවුන්ගේ ක්රියාවන් ගණන් කිරීම සඳහා මාව ඔවුන් මත පවරා නැත” යැයි නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ حِسَابُهُمْ اِلَّا عَلٰی رَبِّیْ لَوْ تَشْعُرُوْنَ ۟ۚ
ඔවුන්ගේ විනිශ්චය වනාහි, එය ඔවුන්ගේ රහස් හා ඔවුන්ගේ විවෘතභාවය දන්නා අල්ලාහ් මත මිස නැත. මා වෙත පැවරී නැත. නුඹලා පවසන දෑ පිළිබඳ නුඹලා වටහා ගන්නේ නම්, නුඹලා එසේ නොපවසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَنَا بِطَارِدِ الْمُؤْمِنِیْنَ ۟ۚ
"නුඹලා දෙවියන් විශ්වාස කරනු වස් නුඹලා කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් මාගේ සභාවෙන් මම දේව විශ්වාසීන් නෙරපා හරින්නෙකු නොවමි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ اَنَا اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟ؕ
ඇත්තෙන්ම මා අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا لَىِٕنْ لَّمْ تَنْتَهِ یٰنُوْحُ لَتَكُوْنَنَّ مِنَ الْمَرْجُوْمِیْنَ ۟ؕ
“නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද එයින් නුඹ වැළකී නොසිටියෙහි නම් දොස් නගනු ලබා ගල් ගසා මරා දමනු ලබන්නන් අතරින් කෙනෙකු බව නුඹ පත් වනු ඇතැ”යි ඔහුගේ ජනයා ඔහුට පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ اِنَّ قَوْمِیْ كَذَّبُوْنِ ۟ۚۖ
නූහ් තම පරමාධිපති අමතා “මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ ජනයා වනාහි, මා කවර දෙයක් නුඹ වෙතින් ගෙන ආවෙම් ද එම විෂයයෙහි ඔවුන් මා සත්ය නොකළෝය. මා බොරු කාරයකු බවට පත් කළෝය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَافْتَحْ بَیْنِیْ وَبَیْنَهُمْ فَتْحًا وَّنَجِّنِیْ وَمَنْ مَّعِیَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
"ඔවුන් අසත්යය මත දිගටම සිටින බැවින්, ඔවුන් විනාශ කර දමන තීන්දුවක් මා අතර හා ඔවුන් අතර නියම කරනු මැනව! මාගේ ජනයා අතර වූ දේව ප්රතික්ෂේපකයින් නුඹ කවර දඬුවමකින් විනාශ කරන්නෙහි ද එයින් මා හා මා සමග සිටින දේව විශ්වාසීන් මුදවනු කරනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَنْجَیْنٰهُ وَمَنْ مَّعَهٗ فِی الْفُلْكِ الْمَشْحُوْنِ ۟ۚ
ඔහුගේ ප්රාර්ථනාවට අපි ඔහුට පිළිතුරු දුනිමු. මිනිසුන්ගෙන් ද සත්වයින්ගෙන් ද පිරුණු නැවෙහි නංවාගෙන ඔහු හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَغْرَقْنَا بَعْدُ الْبٰقِیْنَ ۟ؕ
ඔවුන්ගෙන් පසු ඉතිරි වූ අය දියෙහි ගිල්වූයෙමු. ඔවුන් ද නූහ්ගේ ජනයා විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
මෙනෙහි කරනු ලැබූ නූහ් හා ඔහුගේ ජනයාගේ කතා වස්තුව, නූහ් තුමා හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් මුදවා ගැනීම, ඔහුගේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීම යනාදියෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ عَادُ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
ආද් සමූහයා ඔවුන්ගේ දූත හූද් (අලයිහිස් සලාම්)ව බොර කළ අවස්ථාවේ, "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ هُوْدٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
"අල්ලාහ්ට බියවෙමින් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර හූද් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. දන්වා සිටින මෙන් අල්ලාහ් මට නියෝග කළ දෑ ට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَتَبْنُوْنَ بِكُلِّ رِیْعٍ اٰیَةً تَعْبَثُوْنَ ۟ۙ
සෑම ප්රචලිත උස් ස්ථානයකම නුඹලාගේ මෙලොව ජීවිතයේ මෙන්ම මතු ලොව ජීවිතයේ කිසිදු ප්රයෝජනයක් නොදෙන පුහු සිහිවටනයන් ඉදි කරන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَتَّخِذُوْنَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُوْنَ ۟ۚ
මෙලොව ජීවිතයේ නුඹලා වෙන් නොවී සදාකල් එහි වාසය කරන්නට යනවාක් මෙන් බලකොටු හා මාලිගාවන් තනන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِیْنَ ۟ۚ
ඝාතනය කිරීමෙන් හෝ පහර දීමකින් හෝ නුඹලා ඩැහැ ගන්නා විට කිසිදු කරුණාවක් හෝ දයාවක් හෝ නොමැති දැඩි පාලකයින් ලෙසින් නුඹලා ඩැහැ ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතක සහිතන පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මා අනුගමනය කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّقُوا الَّذِیْۤ اَمَدَّكُمْ بِمَا تَعْلَمُوْنَ ۟ۚ
ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා දන්නා දෑ නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ කෝපය ගැන නුඹලා බිය වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَدَّكُمْ بِاَنْعَامٍ وَّبَنِیْنَ ۟ۚۙ
ඔහු නුඹලාට ගොවිපළ සතුන් පිරිනැමුවේය. එමෙන්ම දරුවන් ද පිරිනැමුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۚ
වතුයායන් හා ගලා යන දිය උල්පත් ද ඔහු නුඹලාට පිරිනැමුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟ؕ
අහෝ මාගේ ජනයිනි! නුඹලාට එරෙහි ව පවතින බිහිසුණු දිනයක දඬුවම ගැන සැබවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا سَوَآءٌ عَلَیْنَاۤ اَوَعَظْتَ اَمْ لَمْ تَكُنْ مِّنَ الْوٰعِظِیْنَ ۟ۙ
ඔහුගේ ජනයා ඔහුට “නුඹ අපට මෙනෙහි කර සිටිය ද එසේ නුඹ මෙනෙහි නොකර සිටිය ද අප ඉදිරියේ එය එක සමානය. එහෙයින් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අප කවර කරුණක් මත සිටින්නේ ද කිසිවිටෙක අපි එයින් නොහැරෙමු.” යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أفضلية أهل السبق للإيمان حتى لو كانوا فقراء أو ضعفاء.
•දිළිඳුන් හෝ දුර්වලයින් හෝ වේවා දේව විශ්වාසය වෙත පෙරටුගාමී වූවන්ගේ උසස් මහිමය.

• إهلاك الظالمين، وإنجاء المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි.

• خطر الركونِ إلى الدنيا.
•මෙලොවට වැටී ඇලී සිටීමේ අවදානම.

• تعنت أهل الباطل، وإصرارهم عليه.
•අසත්යවාදීන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් එහි නිරත ව සිටීම.

اِنْ هٰذَاۤ اِلَّا خُلُقُ الْاَوَّلِیْنَ ۟ۙ
මෙය පැරැණ්නන්ගේ දහම ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන්ගේ ගුණාංග මිස වෙනකක් නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا نَحْنُ بِمُعَذَّبِیْنَ ۟ۚ
අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَذَّبُوْهُ فَاَهْلَكْنٰهُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
ඔවුන්ගේ නබිවරයාණන් වූ හූද් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කිරීමෙහි ඔවුන් අඛණ්ඩ ව සිටියෝය. එවිට ඔවුන් බොරු කර සිටීම හේතුවෙන් විනාශකාරී සැඩ සුළඟකින් අපි ඔවුන් විනාශ කළෙමු. එම විනාශයෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ ثَمُوْدُ الْمُرْسَلِیْنَ ۟ۚۖ
සමූද් ජනයා ඔවුන්ගේ දූත සාලිහ් (අලයිහිස් සලාම්)ව බොරු කළ අවස්ථාවේ "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ صٰلِحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَتُتْرَكُوْنَ فِیْ مَا هٰهُنَاۤ اٰمِنِیْنَ ۟ۙ
"නුඹලා කවර යහපතක හා ආශිර්වාදයක සිටින්නේ ද එහි නුඹලා සුරක්ෂිත ව සිටින්නට ඉඩ දී අතහැර දමනු ඇතැයි නුඹලා ප්රිය කරන්නෙහු ද? නුඹලා බිය නොවන්නෙහු ද?"
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ
"උයන් හා ගලා යන උල්පත් තුළ"
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّزُرُوْعٍ وَّنَخْلٍ طَلْعُهَا هَضِیْمٌ ۟ۚ
පැහුණු සියුම් පලදාවන් සහිත කෙත් වතු හා ඉඳිගස් සමග,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَنْحِتُوْنَ مِنَ الْجِبَالِ بُیُوْتًا فٰرِهِیْنَ ۟ۚ
නුඹලා වාසය කරන නිවෙස් තනා ගනු පිණිස කඳු කපා හාරන්නෙහුය. ඒවා හෑරීමට නුඹලා අතිදක්ෂයින් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تُطِیْعُوْۤا اَمْرَ الْمُسْرِفِیْنَ ۟ۙ
පාපකම් සිදු කොට තමන් මත ම ඉක්මවා කටයුතු කළවුන්ගේ නියෝගයට නුඹලා අවනත නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یُفْسِدُوْنَ فِی الْاَرْضِ وَلَا یُصْلِحُوْنَ ۟
ඔවුන් වනාහි, මහ පොළොවේ පාපකම් ව්යාප්ත කොට එහි ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙති. අල්ලාහ්ට අවනතවීමෙන් ඔවුහු තමන් ව හැඩ ගස්වා නොගනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مِنَ الْمُسَحَّرِیْنَ ۟ۚ
"සැබවින්ම නුඹ වනාහි, ඔවුන්ගේ බුද්ධියට ඉහළින් හූනියම ඉක්මවා යන තරමට වාර ගණනාවක්ම හූනියමට ලක් ව එය පහ කරනු ලැබූවන් අතරින් කෙනෙකි" යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَنْتَ اِلَّا بَشَرٌ مِّثْلُنَا ۖۚ— فَاْتِ بِاٰیَةٍ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
"නුඹ අප මෙන් මිනිසකු මිස නැත. නුඹ දූතයකු වන තරමට අපට වඩා අමතර දෙයක් නුඹට නැත. සැබවින්ම නුඹ දූතයකු යැයි වාද කරන විෂයයෙහි නුඹ සත්යවාදියෙකු නම් එය පෙන්වා දෙන සලකුණක් ගෙන එනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هٰذِهٖ نَاقَةٌ لَّهَا شِرْبٌ وَّلَكُمْ شِرْبُ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۚ
සාලිහ් තුමා (සැබවින්ම අල්ලාහ් ඔහුට සලකුණක් පිරිනැමීය. එය ගල් පර්වතයකින් අල්ලාහ් මතු කළ ඔටු දෙනකි.) ඔවුනට මෙසේ පැවසීය. "මෙය දැකිය හැකි ස්පර්ශ කළ හැකි ඔටු දෙනකි. ඌට ජලයෙන් කොටසක් හිමිය. නුඹලාට හඳුන්වා දුන් කොටස ඇත. නුඹලාගේ කොටස හිමි දිනයේ ඌ ජලය පානය නොකරයි. එමෙන්ම උගේ කොටස හිමි දිනයේ නුඹලා පානය නොකරනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَمَسُّوْهَا بِسُوْٓءٍ فَیَاْخُذَكُمْ عَذَابُ یَوْمٍ عَظِیْمٍ ۟
"ගෙල සිඳීමක් හෝ පහර දීමක් වැනි නපුරක් කරමින් ඌ නුඹලා ස්පර්ශ නොකරනු. එවිට ඒ හේතුකොටගෙන අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත අත් වනු ඇත. බිහිසුණු දිනයෙහි නුඹලා වෙත පහළ වන දුර්භාග්යය හේතුවෙන් නුඹලාව එය විනාශ කරනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَعَقَرُوْهَا فَاَصْبَحُوْا نٰدِمِیْنَ ۟ۙ
උගේ ගෙල නහර කපා දැමීමට ඔවුහු එකඟවූවෝය. ඔවුන් අතර සිටි දුර්භාග්යයා ඌ කපා හැරියේය. සැබවින්ම එම දඬුවම කිසිදු සැකයකින් තොර ව ඔවුනට පහළ වන්නක් බව ඔවුන් දැන ගත් කල්හි ඔවුන් කවර කරුණක් සඳහා ඉදිරිපත් වූවෝද ඒ ගැන ඔවුන් පසුතැවිලිවන්නන් බවට පත් වූවෝය. නමුත් ඔවුන්ගේ පසුතැවිල්ල සිදු වූයේ කිසිදු සෙතක් කළ නොහැකි දඬුවම දකින අවස්ථාවේදීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَخَذَهُمُ الْعَذَابُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
කවර දඬුවමක් ඔවුනට ප්රතිඥා දෙනු ලැබුවේ ද එය ඔවුන් හසු කර ගත්තේය. එය භූ කම්පනයක් හා මහා හඬක් විය. මෙහි සඳහන් කරන ලද සාලිහ් තුමා හා ඔහුගේ ජනයාගේ කතා වස්තුවෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• توالي النعم مع الكفر استدراج للهلاك.
•දේව ප්රතිෂේපය සමග වූ ආශිර්වාදයන් විනාශය වෙනුවෙන් පෙළ ගස්වනු ඇත.

• التذكير بالنعم يُرتجى منه الإيمان والعودة إلى الله من العبد.
•ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කිරීම වනාහි එමගින් දේව විශ්වාසය හා අල්ලාහ් වෙත ගැතිකම් කිරීමට නැවත පැමිණීම අපේක්ෂා කෙරේ.

• المعاصي هي سبب الفساد في الأرض.
•පාපකම් මහ පොළොවේ ප්රචණ්ඩකම් ඇති වීමට හේතුවකි.

كَذَّبَتْ قَوْمُ لُوْطِ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
ලූත්ගේ ජනයා ද ලූත් ව (එතුමා කෙරෙහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ لُوْطٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි පරම්පරාවෙන් ඔවුන්ගේ සහෝදරයකු වූ ලූත් ඔවුන්ගෙන් විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَتَاْتُوْنَ الذُّكْرَانَ مِنَ الْعٰلَمِیْنَ ۟ۙ
ජනයා අතරින් පිරිමින් වෙත ඔවුන්ගේ පශ්චාත් භාගයෙන් ලිංගික අවශ්යතා සපුරා ගැනීමට පැමිණෙන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَذَرُوْنَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِّنْ اَزْوَاجِكُمْ ؕ— بَلْ اَنْتُمْ قَوْمٌ عٰدُوْنَ ۟
නුඹලාගේ ආශාවන් සංසිදුවා ගැනීම සඳහා අල්ලාහ් මවා ඇති නුඹලාගේ බිරියන්ගේ යෝනි මාර්ගය වෙත යෑම නුඹලා අතහැර දමන්නෙහු ද? මෙම පිළිකුල් සහගත විෂම ක්රියාවෙහි නිරතවෙමින් නුඹලා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නන් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا لَىِٕنْ لَّمْ تَنْتَهِ یٰلُوْطُ لَتَكُوْنَنَّ مِنَ الْمُخْرَجِیْنَ ۟
"මෙම ක්රියාවෙන් වැළකී සිටින අපට නියෝග කිරීමෙන් හා එය පිළිකුල් කිරීමෙන් නුඹ නොවැළකුනෙහි නම් නුඹ හා නුඹ සමග වූවන් අපගේ දේශයෙන් අපි බැහැර කරනු ඇතැ"යි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اِنِّیْ لِعَمَلِكُمْ مِّنَ الْقَالِیْنَ ۟ؕ
"සැබවින්ම මම නුඹලා සිදු කරන නුඹලාගේ මෙම ක්රියාව ගැන කෝපවන්නන් හා පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි" යැයි ලූත් ඔවුනට පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ نَجِّنِیْ وَاَهْلِیْ مِمَّا یَعْمَلُوْنَ ۟
තවදුරටත් එතුමා පරමාධිපතිට ප්රාර්ථනා කරමින් "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරමින් ආ ඔවුන්ගේ මේ පිළිකුල් සහගත ක්රියාව හේතුවෙන් ඔවුනට මතු අත්වන දඬුවමින් මා මුදවනු මැනව! මාගේ පවුල ද මුදවනු මැනව!" යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَنَجَّیْنٰهُ وَاَهْلَهٗۤ اَجْمَعِیْنَ ۟ۙ
ඔහුගේ ප්රාර්ථනාවට අපි ප්රතිචාර දක්වමින් ඔහු හා ඔහුගේ පවුලේ සියලු දෙනා මුදවා ගත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا عَجُوْزًا فِی الْغٰبِرِیْنَ ۟ۚ
ඔහුගේ දේව ප්රතික්ෂේපිත බිරිය හැර. ඇය විනාශ වී යන්නන් අතරට පත් වූවාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ دَمَّرْنَا الْاٰخَرِیْنَ ۟ۚ
පසු ව ලූත් හා ඔහුගේ ජනයා ‘සදෝම්' නම් දේශයෙන් පිට ව ගිය පසු ව ඔහුගේ ජනයා අතර ඉතිරි වූ අය අපි දැඩි විනාශයකින් විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمْطَرْنَا عَلَیْهِمْ مَّطَرًا ۚ— فَسَآءَ مَطَرُ الْمُنْذَرِیْنَ ۟
වර්ෂාව පහළ කරනවාක් මෙන් අපි අහසින් ගල් වරුසාවක් ඔවුන් මත පහළ කළෙමු. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ ලූත් තුමා අනතුරු අඟවා අවවාද කළ මොවුන් වෙත පහළ වූ වර්ෂාව අප්රසන්න විය. ඔවුන් කවර අශීලාචාර දෙයක් සිදු කළේ ද ඒ මත ඔවුන් අඛණ්ඩ ව නිරත ව සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
සඳහන් කරනු ලැබූ අශීලාචාර ක්රියාව හේතුවෙන් ලූත්ගේ ජනයා මත පහළ වූ දඬුවම තුළ පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුම ය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි ඔහු මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَ اَصْحٰبُ لْـَٔیْكَةِ الْمُرْسَلِیْنَ ۟ۚۖ
ගහකොළ වලින් එතුනු ගම් වාසීහු ද ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් (අලයිහිස් සලාම්)ව බොරු කරමින් දහම් දූතවරුන් බොරු යැයි පවසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لَهُمْ شُعَیْبٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් ඔවුන්ගෙන් විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවනු ලැබූ ඔහු මට කවර කරුණක් අණ කළේ ද ඒ සම්බන්ධයෙන් විශ්වසනීය වූ දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْفُوا الْكَیْلَ وَلَا تَكُوْنُوْا مِنَ الْمُخْسِرِیْنَ ۟ۚ
නුඹලා ජනයා සමග වෙළඳාම් කරන අවස්ථාවේ නුඹලා ඔවුනට කිරුම් මිනුම් පූර්ණ ව මැන දෙනු. ජනයාට විකුණන විට කිරුම අඩු කරන්නන් අතරට නුඹලා පත් නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَزِنُوْا بِالْقِسْطَاسِ الْمُسْتَقِیْمِ ۟ۚ
නුඹලා නොවන වෙනත් අය වෙනුවෙන් නුඹලා කිරන විට නිවැරදි තුලාවකින් කිරා දෙනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟ۚ
මිනිසුන්ගේ අයිතිවාසිකම් වල නුඹලා අඩුපාඩුකම් ඇති නොකරනු. පාපකම් සිදු කරමින් මහ පොළොවේ අධික ලෙස ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اللواط شذوذ عن الفطرة ومنكر عظيم.
•සමලිංගිකත්වය යනු ස්වභාව ධර්මයාගෙන් වෙනස් වූ විෂමතාවක් මෙන්ම බරපතළ අශීලාචාර ක්රියාවකි.

• من الابتلاء للداعية أن يكون أهل بيته من أصحاب الكفر أو المعاصي.
• යහ මගට ඇරයුම් කරන්නෙකු සතු පරීක්ෂණයක් වන්නේ තම නිවැසියන් දේව ප්රතික්ෂෙපකයින් හෝ පාපකම් කරන්නන් අතරින් වීමය.

• العلاقات الأرضية ما لم يصحبها الإيمان، لا تنفع صاحبها إذا نزل العذاب.
•දේව විශ්වාසය හා නොබැඳුණු මහපොළෝ ජීවිතයේ සම්බන්ධතාව, දඬුවම පහළ වන විට එය සතු පුද්ගලයාට ප්රයෝජනවත් වන්නේ නැත.

• وجوب وفاء الكيل وحرمة التَّطْفِيف.
•කිරුම් මිනුම් පූර්ණ ව කිරා මැන දීමේ අනිවාර්යභාවය හා එහි වංචා කිරීමේ තහනම.

وَاتَّقُوا الَّذِیْ خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْاَوَّلِیْنَ ۟ؕ
"නුඹලා මැවූ, එමෙන්ම නුඹලාට පෙර සිටි සමූහයන් මැවූ ඔහු, නුඹලාට දඬුවම පහළ කිරීම සම්බන්ධයෙන් නුඹලා ඔහු ගැන බියෙන් භක්තිමත්ව කටයුතු කරනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مِنَ الْمُسَحَّرِیْنَ ۟ۙ
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ්ට, "නුඹේ බුද්ධියට ඉහළන් හූනියම ඉහවහා යන තරමට වාර ගණනාවක් හූනියමට ලක් ව, පසු ව එය වසන් කළ අය අතරින් කෙනෙකි නුඹ." යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَنْتَ اِلَّا بَشَرٌ مِّثْلُنَا وَاِنْ نَّظُنُّكَ لَمِنَ الْكٰذِبِیْنَ ۟ۚ
"නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. අපට වඩා නුඹට කිසිදු අමතර කරුණක් නැත. එසේ නම් නුඹ දහම් දූතයකු විය හැක්කේ කෙසේ ද? සැබවින් නුඹ දහම් දූතයකු බව කරන වාදයේ නුඹ බොරුකාරයකු වශයෙන් මිස අපි නුඹ ගැන නොසිතන්නෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَسْقِطْ عَلَیْنَا كِسَفًا مِّنَ السَّمَآءِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟ؕ
"නුඹ කරන වාදයේ නුඹ සත්යවාදියෙකු ලෙස සිටින්නෙහි නම් අහසින් කැබැල්ලක් අප මත වට්ටවනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّیْۤ اَعْلَمُ بِمَا تَعْمَلُوْنَ ۟
"ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින් නුඹලා කරන කටයුතු පිළිබඳ මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَذَّبُوْهُ فَاَخَذَهُمْ عَذَابُ یَوْمِ الظُّلَّةِ ؕ— اِنَّهٗ كَانَ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
ඔහු ව බොරු කිරීමෙහි ඔවුහු අඛණ්ඩ ව නිරත වී සිටියෝය. එවිට දැඩි උෂ්ණත්වය සහිත දිනයකින් පසු ව වලාකුලක් ඔවුනට හෙවණ ගෙන දෙන පරිදි බිහිසුණු දඬුවමක් අපි ඔවුනට ඇති කළෙමු. එය ඔවුන් වෙත ගිනි වර්ෂාවක් පහළ කොට ඔවුන් පුලුස්සා දැමීය. සැබවින්ම ඔවුන් විනාශ කළ දිනය බිහිසුණු දිනයක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
සඳහන් කරන ලැබූ ෂුඅයිබ්ගේ ජනයා විනාශ කිරීමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَتَنْزِیْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කරනු ලැබූ අල් කුර්ආනය සියලු මැවීම්හි පරමාධිපතිගෙන් පහළ වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَزَلَ بِهِ الرُّوْحُ الْاَمِیْنُ ۟ۙ
විශ්වසනීය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එය රැගෙන පහළ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلٰی قَلْبِكَ لِتَكُوْنَ مِنَ الْمُنْذِرِیْنَ ۟ۙ
මිනිසුනට අවවාද කරමින් හා අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වමින් සිටි දූතවරුන් අතරින් නුඹ ද වනු පිණිස නුඹේ හදවතට ඔහු එය රැගෙන පහළ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بِلِسَانٍ عَرَبِیٍّ مُّبِیْنٍ ۟ؕ
පැහැදිලි අරාබි බසින් එය රැගෙන පහළ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَفِیْ زُبُرِ الْاَوَّلِیْنَ ۟
සැබවින්ම මෙම කුර්ආනය මුතුන්මිත්තන්ගේ ග්රන්ථ වල සඳහන් කරනු ලැබූවක් විය. පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ වල ඒ ගැන සුබ පණිවිඩ දන්වා තිබිණ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَكُنْ لَّهُمْ اٰیَةً اَنْ یَّعْلَمَهٗ عُلَمٰٓؤُا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි ඉස්රාඊල් දරුවන් අතර වූ විද්වතුන් නුඹ වෙත පහළ කළ දෑ හි යථාර්ථය දැන සිටීම, නුඹේ සත්යතාව තහවුරු කිරීම සඳහා නුඹ ව බොරු කරන මොවුනට ප්රමාණවත් සංඥාවක් නොවී ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ نَزَّلْنٰهُ عَلٰی بَعْضِ الْاَعْجَمِیْنَ ۟ۙ
අරාබි භාෂාව කතා නොකරන පිටස්තරයින් හට මෙම අල් කුර්ආනය අපි පහළ කළේ නම්,
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَرَاَهٗ عَلَیْهِمْ مَّا كَانُوْا بِهٖ مُؤْمِنِیْنَ ۟ؕ
එවිට එය ඔහු ඔවුන් වෙත පාරායනය කර පෙන් වූ විට, "එය අපට වැටහෙන්නේ නැතැ"යි ඔවුන් පවසන බැවින් ඔවුහු ඒ ගැන විශ්වාස කරන්නන් නොවූහ. එහෙයින් ඔවුන්ගේ භාෂාවෙන්ම එය පහළ වී තිබීම ගැන අල්ලාහ්ට ඔවුන් ප්රශංසා කළ යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ سَلَكْنٰهُ فِیْ قُلُوْبِ الْمُجْرِمِیْنَ ۟ؕ
අපරාධකරුවන්ගේ සිත් තුළ බොරු කිරීම හා දේව ප්රතික්ෂේපය අප ප්රවේශ කළේ එලෙසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یُؤْمِنُوْنَ بِهٖ حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟ۙ
වේදනීය දඬුවම ඔවුන් දකින තුරු ඔවුන් නිරත ව සිටි දේව ප්රතික්ෂේපයෙන් වෙනස් නොවෙති. එමෙන්ම විශ්වාස නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیَاْتِیَهُمْ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟ۙ
එම දඬුවම පැමිණීම ගැන නොදැනුවත් ව සිටියදී ඔවුන් පුදුමයට පත් වන පරිදි ක්ෂණික ව ඔවුන් වෙත එය පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیَقُوْلُوْا هَلْ نَحْنُ مُنْظَرُوْنَ ۟ؕ
ක්ෂණික ව එම දඬුවම ඔවුන් වෙත පහළ වන අවස්ථාවේ දැඩි කනස්සල්ලෙන් යුතු ව ඔවුහු, "අප අවකාශය දෙනු ලබන්නන් වන්නේ නම් එවිට අපි පාප ක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් වෙත යොමු වන්නෙමු" යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَبِعَذَابِنَا یَسْتَعْجِلُوْنَ ۟
"නුඹ කියන පරිදි අහසින් කොටසක් වැටෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු." යැයි පවසමින් මෙම දේව ප්රතික් ෂේපකයෝ අපගේ දඬුවම ඉක්මන් කරන්න පතන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَرَءَیْتَ اِنْ مَّتَّعْنٰهُمْ سِنِیْنَ ۟ۙ
අහෝ දූතය! නුඹ මට දන්වා සිටිනු. නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන විශ්වාස කිරීමට පිටු දැක්කා වූ දේව ප්රතික්ෂේපකයින්හට දිගු කලක් තිස්සේ සැප සම්පත් භුක්ති විඳීමට සලස්වා ...
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ جَآءَهُمْ مَّا كَانُوْا یُوْعَدُوْنَ ۟ۙ
එම සැප සම්පත් ඔවුන් ලබා ගත් කාලයෙන් පසු ව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම ඔවුන් වෙත පැමිණියේ නම්,
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كلما تعمَّق المسلم في اللغة العربية، كان أقدر على فهم القرآن.
•මුස්ලිම්වරයා අරාබි භාෂාව ගැඹුරින් අධ්යයන කරන්නේ නම් එය අල් කුර්ආනය වඩාත් හොඳින් වටහා ගන්නට ශක්තියක් වනු ඇත.

• الاحتجاج على المشركين بما عند المُنْصِفين من أهل الكتاب من الإقرار بأن القرآن من عند الله.
•ආගම් ලත් ජනයා අතර සිටින මධ්යස්ථයන් හමුවේ ඇති දෑ සැබවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වූවක් බව පිළිගැනීමට සාධක වන්නේය.

• ما يناله الكفار من نعم الدنيا استدراج لا كرامة.
•දේව ආදේශකයින් අත් විඳින මෙලොව සැප සම්පත් එය ක්රමානුකූල ව ඔවුන් හසු කර ගැනීමක් විනා පිදූ ගෞරවයක් නොවේ.

مَاۤ اَغْنٰی عَنْهُمْ مَّا كَانُوْا یُمَتَّعُوْنَ ۟ؕ
මෙලොව ජීවිතයේ ඔවුන් භුක්ති විඳිමින් සිටි දැයින් ඔවුනට ප්රයෝජනවත් වූයේ කවර කරුණක් ද? සැබවින්ම එම සැප සම්පත් විසන්ධි වී ගොස් ඇත. ඒ කිසිවක් නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ اِلَّا لَهَا مُنْذِرُوْنَ ۟
සමූහයන් අතරින් යම් කිසි සමූහයක් වේවා, ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් හා දිව්යමය පුස්තක පහළ කිරීමෙන් අවවාද කළ පසු ව මිස අපි ඔවුන් විනාශ නොකළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذِكْرٰی ۛ۫— وَمَا كُنَّا ظٰلِمِیْنَ ۟
මෙය ඔවුනට උපදෙසකි. මෙනෙහි කිරීමකි. දූතවරුන් එවීමෙන් හා දිව්ය පුස්තක පහළ කිරීමෙන් ඔවුන් වෙත නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ව ඔවුන් දඬුවම් කිරීමෙන් අප අපරාධකරුවන් නොවූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا تَنَزَّلَتْ بِهِ الشَّیٰطِیْنُ ۟ۚ
දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ගේ හදවතට මෙම අල් කුර්ආනය සමග ෂෙයිතානුන් පහළ වූයේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَنْۢبَغِیْ لَهُمْ وَمَا یَسْتَطِیْعُوْنَ ۟ؕ
ඔවුන් ඔහුගේ හදවතට ඒ සමග පහළ වීම ඔවුනට සුදුසු කාර්යයක් නොවීය. ඒ සඳහා ඔවුන් ශක්තිය දරන්නේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُوْلُوْنَ ۟ؕ
ඔවුහු එයට ශක්තිය නොදරති. එයට හේතුව අහසෙහි වූ එම ස්ථානයෙන් ඔවුන් ඉවත් කරනු ලැබූවන් බැවිණි. එසේ නම් ඔවුහු ඒ වෙත සේන්දු වී එය පහළ කරනුයේ කෙසේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا تَدْعُ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَتَكُوْنَ مِنَ الْمُعَذَّبِیْنَ ۟ۚ
අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කිසිවකු ආදේශ කොට ඒවාට නොනමදිනු. එවිට ඒ හේතුවෙන් නුඹ දඬුවම් ලබන්නන් අතරින් කෙනෙකු වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْذِرْ عَشِیْرَتَكَ الْاَقْرَبِیْنَ ۟ۙ
අහෝ දූතය! ඥාතීන්ට, නුඹේ සමූහයා අතරින් වූ සමීප ඥාතීන්ට අවවාද කරනු. ඔවුන් බහුදේවවාදය මත රැඳී සිටියේ නම් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම අත් නොවනු පිණිස නුඹ ඔවුනට අවවාද කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِیْنَ ۟ۚ
නුඹ ව අනුගමනය කරන නුඹ අසළින් සිටින දේව විශ්වාසීන්හට කරුණාවෙන් හා සෙනෙහසින් යුතු ව ක්රියාවෙන් හෝ ප්රකාශයෙන් හෝ මෛත්රී ව කටයුතු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ عَصَوْكَ فَقُلْ اِنِّیْ بَرِیْٓءٌ مِّمَّا تَعْمَلُوْنَ ۟ۚ
නුඹ ඔවුනට අණ කර සිටින අල්ලාගේ ඒකදෙවත්වය, ඔහුට අවනත වීම යනාදියට පිළිතුරු නොදී ඔවුන් නුඹ ව පිටුපෑවේ නම්, නුඹ ඔවුනට, "නුඹලා සිදු කරමින් එන බහුදේවවාදය හා පාපයෙන් සැබවින්ම මම ඉවත් වෙමි." යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَوَكَّلْ عَلَی الْعَزِیْزِ الرَّحِیْمِ ۟ۙ
නුඹේ සියලුම කටයුතු වලදී, තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරී, ඔවුන් අතරින් ඔහු වෙත නැඹුවරන්නන්හට මහා කාරුණික අල්ලාහ් මත නුඹ ස්ථාවර ව රැඳී සිටිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْ یَرٰىكَ حِیْنَ تَقُوْمُ ۟ۙ
ඔහු වනාහි, නුඹ සලාතය සඳහා අවදි වී නැගිටින විට නුඹ ව බලා සිටින්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَقَلُّبَكَ فِی السّٰجِدِیْنَ ۟
සලාත් ඉටු කරන්නන් අතර ඉරියව්වකින් තවත් ඉරියව්වකට නුඹගේ හැරීම ද ඔහු බලා සිටින්නාය. නුඹ ඒ සම්බන්ධ කවර කටයුත්තක් සිදු කරන්නේ ද එමෙන්ම ඒ හැර වෙනත් කවර ක්රියාමාර්ගයක් සිදු කරන්නේ ද එය ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
නියත වශයෙන්ම ඔහු නුඹේ සලාතයේදී නුඹ කියවන දික්රයන්ට හා කුර්ආනයට මැනවින් සවන් දෙන්නාය. නුඹේ චේතනාව ගැන මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَلْ اُنَبِّئُكُمْ عَلٰی مَنْ تَنَزَّلُ الشَّیٰطِیْنُ ۟ؕ
මෙම අල් කුර්ආනය පහළ කළේ ෂෙයිතානුන් යැයි නුඹලා විශ්වාස කරන මොවුන් පහළ වනුයේ කවරකු මත දැ යි මම නුඹලාට දැනුම් දෙන්න ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَنَزَّلُ عَلٰی كُلِّ اَفَّاكٍ اَثِیْمٍ ۟ۙ
පාපකම් හා අපරාධ අධික ව සිදු කරන ඉමහත් සේ බොරු කියන සෑම හූනියම්කරුවකු මත ම ෂෙයිතානුන් පහළ වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُّلْقُوْنَ السَّمْعَ وَاَكْثَرُهُمْ كٰذِبُوْنَ ۟ؕ
මෙම ෂෙයිතානුන් ඉහළ සිටින පිරිසට සවන් දී, ඒවා සොරකම් කොට ඔවුන්ගේ හිතමිතුරු හූනියම්කරුවන් වෙත එය ඉදිරිපත් කරති. හූනියම්කරුවන්ගෙන් බහුතරයක් දෙනා බොරුකාරයෝය. වචනයක් ඔවුන් සත්යය පැවසුවේ නම් ඒ සමග වචන සියයක් බොරු පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالشُّعَرَآءُ یَتَّبِعُهُمُ الْغَاوٗنَ ۟ؕ
කවිවරුන් වනාහි සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ඔවුන් අතරින් කෙනෙකු යැයි නුඹලා විශ්වාස කරමින් සිටින ඔවුන් ව, යහ මගින් හා ඍජු මගින් වෙනතකට යොමු වූවෝ අනුගමනය කරති. ඔවුන් පවසන කවි දෙස ඔවුහු බලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ تَرَ اَنَّهُمْ فِیْ كُلِّ وَادٍ یَّهِیْمُوْنَ ۟ۙ
අහෝ දූතය! ඔවුන්ගේ අරමුණු වල විද්යාමානයක් ලෙස සැබවින්ම ඔවුන් විටෙක ප්රශංසා කරමින් ද තවත් විටෙක අපහාස කරමින් ද තවත් විටෙක ඒ දෙකම නොකරමින් ද සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරීම නුඹ නොදුටුවෙහි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنَّهُمْ یَقُوْلُوْنَ مَا لَا یَفْعَلُوْنَ ۟ۙ
"අපි එලෙස සිදු කළෙමු" යැයි කියමින් ඔවුහු බොරු පවසති. නමුත් ඔවුන් එය කිසිවිටෙක සිදු කර නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَذَكَرُوا اللّٰهَ كَثِیْرًا وَّانْتَصَرُوْا مِنْ بَعْدِ مَا ظُلِمُوْا ؕ— وَسَیَعْلَمُ الَّذِیْنَ ظَلَمُوْۤا اَیَّ مُنْقَلَبٍ یَّنْقَلِبُوْنَ ۟۠
නමුත් එම කවිවරුන් අතරින් හස්සාන් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා වැනි අල්ලාහ් ව විශ්වාස කරමින්, දැහැමි ක්රියාවන් සිදු කරමින්, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කරමින්, අල්ලාහ්ගේ සතුරන් ඔවුනට අපරාධ සිදු කළ පසු ව එම අපරාධ කළවුනට එරෙහි ව උදව් ලැබූවන් හැර. අල්ලාහ්ට ආදේශ තබා ඔහුගේ ගැත්තන් මත පමණක් ඉක්මවා කටයුතු කරන්නන් වනාහි ඔවුන් කවර තැනකට වෙත යොමු වන්නේ දැයි මතු දැන ගනු ඇත. ඒ අනුව ඔවුන් ඉතා බිහිසුණු ස්ථානයක් වෙත හා ඉතා තියුණු විනිශ්චයක් වෙත යොමු කරනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම.

• تنزيه القرآن عن قرب الشياطين منه.
•ෂෙයිතාන් අල් කුර්ආනය වෙත සමීප වීමෙන් එහි පාරිශුද්ධත්වය ආරක්ෂා කර තිබීම.

• أهمية اللين والرفق للدعاة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නන් හට තිබිය යුතු මෛත්රිභාවයේ හා කරුණාවේ වැදගත් කම.

• الشعر حَسَنُهُ حَسَن، وقبيحه قبيح.
•කවිය යනු එහි යහපත යහපතකි. එය අප්රසන්නභාවය අප්රසන්නය.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አሽ ሹዐራእ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት