Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹዐራእ   አንቀጽ:
وَاتَّقُوا الَّذِیْ خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْاَوَّلِیْنَ ۟ؕ
"නුඹලා මැවූ, එමෙන්ම නුඹලාට පෙර සිටි සමූහයන් මැවූ ඔහු, නුඹලාට දඬුවම පහළ කිරීම සම්බන්ධයෙන් නුඹලා ඔහු ගැන බියෙන් භක්තිමත්ව කටයුතු කරනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مِنَ الْمُسَحَّرِیْنَ ۟ۙ
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ්ට, "නුඹේ බුද්ධියට ඉහළන් හූනියම ඉහවහා යන තරමට වාර ගණනාවක් හූනියමට ලක් ව, පසු ව එය වසන් කළ අය අතරින් කෙනෙකි නුඹ." යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَنْتَ اِلَّا بَشَرٌ مِّثْلُنَا وَاِنْ نَّظُنُّكَ لَمِنَ الْكٰذِبِیْنَ ۟ۚ
"නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. අපට වඩා නුඹට කිසිදු අමතර කරුණක් නැත. එසේ නම් නුඹ දහම් දූතයකු විය හැක්කේ කෙසේ ද? සැබවින් නුඹ දහම් දූතයකු බව කරන වාදයේ නුඹ බොරුකාරයකු වශයෙන් මිස අපි නුඹ ගැන නොසිතන්නෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَسْقِطْ عَلَیْنَا كِسَفًا مِّنَ السَّمَآءِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟ؕ
"නුඹ කරන වාදයේ නුඹ සත්යවාදියෙකු ලෙස සිටින්නෙහි නම් අහසින් කැබැල්ලක් අප මත වට්ටවනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّیْۤ اَعْلَمُ بِمَا تَعْمَلُوْنَ ۟
"ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින් නුඹලා කරන කටයුතු පිළිබඳ මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَذَّبُوْهُ فَاَخَذَهُمْ عَذَابُ یَوْمِ الظُّلَّةِ ؕ— اِنَّهٗ كَانَ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
ඔහු ව බොරු කිරීමෙහි ඔවුහු අඛණ්ඩ ව නිරත වී සිටියෝය. එවිට දැඩි උෂ්ණත්වය සහිත දිනයකින් පසු ව වලාකුලක් ඔවුනට හෙවණ ගෙන දෙන පරිදි බිහිසුණු දඬුවමක් අපි ඔවුනට ඇති කළෙමු. එය ඔවුන් වෙත ගිනි වර්ෂාවක් පහළ කොට ඔවුන් පුලුස්සා දැමීය. සැබවින්ම ඔවුන් විනාශ කළ දිනය බිහිසුණු දිනයක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
සඳහන් කරන ලැබූ ෂුඅයිබ්ගේ ජනයා විනාශ කිරීමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَتَنْزِیْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කරනු ලැබූ අල් කුර්ආනය සියලු මැවීම්හි පරමාධිපතිගෙන් පහළ වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَزَلَ بِهِ الرُّوْحُ الْاَمِیْنُ ۟ۙ
විශ්වසනීය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එය රැගෙන පහළ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلٰی قَلْبِكَ لِتَكُوْنَ مِنَ الْمُنْذِرِیْنَ ۟ۙ
මිනිසුනට අවවාද කරමින් හා අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වමින් සිටි දූතවරුන් අතරින් නුඹ ද වනු පිණිස නුඹේ හදවතට ඔහු එය රැගෙන පහළ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بِلِسَانٍ عَرَبِیٍّ مُّبِیْنٍ ۟ؕ
පැහැදිලි අරාබි බසින් එය රැගෙන පහළ විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَفِیْ زُبُرِ الْاَوَّلِیْنَ ۟
සැබවින්ම මෙම කුර්ආනය මුතුන්මිත්තන්ගේ ග්රන්ථ වල සඳහන් කරනු ලැබූවක් විය. පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ වල ඒ ගැන සුබ පණිවිඩ දන්වා තිබිණ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَكُنْ لَّهُمْ اٰیَةً اَنْ یَّعْلَمَهٗ عُلَمٰٓؤُا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි ඉස්රාඊල් දරුවන් අතර වූ විද්වතුන් නුඹ වෙත පහළ කළ දෑ හි යථාර්ථය දැන සිටීම, නුඹේ සත්යතාව තහවුරු කිරීම සඳහා නුඹ ව බොරු කරන මොවුනට ප්රමාණවත් සංඥාවක් නොවී ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ نَزَّلْنٰهُ عَلٰی بَعْضِ الْاَعْجَمِیْنَ ۟ۙ
අරාබි භාෂාව කතා නොකරන පිටස්තරයින් හට මෙම අල් කුර්ආනය අපි පහළ කළේ නම්,
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَرَاَهٗ عَلَیْهِمْ مَّا كَانُوْا بِهٖ مُؤْمِنِیْنَ ۟ؕ
එවිට එය ඔහු ඔවුන් වෙත පාරායනය කර පෙන් වූ විට, "එය අපට වැටහෙන්නේ නැතැ"යි ඔවුන් පවසන බැවින් ඔවුහු ඒ ගැන විශ්වාස කරන්නන් නොවූහ. එහෙයින් ඔවුන්ගේ භාෂාවෙන්ම එය පහළ වී තිබීම ගැන අල්ලාහ්ට ඔවුන් ප්රශංසා කළ යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ سَلَكْنٰهُ فِیْ قُلُوْبِ الْمُجْرِمِیْنَ ۟ؕ
අපරාධකරුවන්ගේ සිත් තුළ බොරු කිරීම හා දේව ප්රතික්ෂේපය අප ප්රවේශ කළේ එලෙසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یُؤْمِنُوْنَ بِهٖ حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟ۙ
වේදනීය දඬුවම ඔවුන් දකින තුරු ඔවුන් නිරත ව සිටි දේව ප්රතික්ෂේපයෙන් වෙනස් නොවෙති. එමෙන්ම විශ්වාස නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیَاْتِیَهُمْ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟ۙ
එම දඬුවම පැමිණීම ගැන නොදැනුවත් ව සිටියදී ඔවුන් පුදුමයට පත් වන පරිදි ක්ෂණික ව ඔවුන් වෙත එය පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیَقُوْلُوْا هَلْ نَحْنُ مُنْظَرُوْنَ ۟ؕ
ක්ෂණික ව එම දඬුවම ඔවුන් වෙත පහළ වන අවස්ථාවේ දැඩි කනස්සල්ලෙන් යුතු ව ඔවුහු, "අප අවකාශය දෙනු ලබන්නන් වන්නේ නම් එවිට අපි පාප ක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් වෙත යොමු වන්නෙමු" යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَبِعَذَابِنَا یَسْتَعْجِلُوْنَ ۟
"නුඹ කියන පරිදි අහසින් කොටසක් වැටෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු." යැයි පවසමින් මෙම දේව ප්රතික් ෂේපකයෝ අපගේ දඬුවම ඉක්මන් කරන්න පතන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَرَءَیْتَ اِنْ مَّتَّعْنٰهُمْ سِنِیْنَ ۟ۙ
අහෝ දූතය! නුඹ මට දන්වා සිටිනු. නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන විශ්වාස කිරීමට පිටු දැක්කා වූ දේව ප්රතික්ෂේපකයින්හට දිගු කලක් තිස්සේ සැප සම්පත් භුක්ති විඳීමට සලස්වා ...
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ جَآءَهُمْ مَّا كَانُوْا یُوْعَدُوْنَ ۟ۙ
එම සැප සම්පත් ඔවුන් ලබා ගත් කාලයෙන් පසු ව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම ඔවුන් වෙත පැමිණියේ නම්,
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كلما تعمَّق المسلم في اللغة العربية، كان أقدر على فهم القرآن.
•මුස්ලිම්වරයා අරාබි භාෂාව ගැඹුරින් අධ්යයන කරන්නේ නම් එය අල් කුර්ආනය වඩාත් හොඳින් වටහා ගන්නට ශක්තියක් වනු ඇත.

• الاحتجاج على المشركين بما عند المُنْصِفين من أهل الكتاب من الإقرار بأن القرآن من عند الله.
•ආගම් ලත් ජනයා අතර සිටින මධ්යස්ථයන් හමුවේ ඇති දෑ සැබවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වූවක් බව පිළිගැනීමට සාධක වන්නේය.

• ما يناله الكفار من نعم الدنيا استدراج لا كرامة.
•දේව ආදේශකයින් අත් විඳින මෙලොව සැප සම්පත් එය ක්රමානුකූල ව ඔවුන් හසු කර ගැනීමක් විනා පිදූ ගෞරවයක් නොවේ.

 
የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹዐራእ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት