Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹዐራእ   አንቀጽ:
فَلَمَّا تَرَآءَ الْجَمْعٰنِ قَالَ اَصْحٰبُ مُوْسٰۤی اِنَّا لَمُدْرَكُوْنَ ۟ۚ
ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මූසා හා ඔහුගේ සේනාව සමග ඒ සෑම පිරිසක්ම අනෙක් පිරිස දකින තරමට ඔවුන් එකිනෙක දුටු කල්හි මූසාගේ සගයෝ මෙසේ පැවසූහ. "සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ සේනාව අප සමග සේන්දු වනු ඇත. ඔවුන් සම්බන්ධයෙන් අපට කිසිදු ගැලවුමක් නැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ كَلَّا ۚ— اِنَّ مَعِیَ رَبِّیْ سَیَهْدِیْنِ ۟
"නුඹලා කල්පනය කරන පරිදි කරුණ නැත. සැබවින්ම ජය හා ස්ථාවරත්වය සමග මාගේ පරමාධිපති මා සමග සිටියි. ඔහු මට මග පෙන්වනු ඇත. මිදීමේ මගක් ඔහු මට පෙන්වා දෙනු ඇත." යැයි මූසා ජනයාට පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنِ اضْرِبْ بِّعَصَاكَ الْبَحْرَ ؕ— فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِیْمِ ۟ۚ
එවිට තම සැරයටියෙන් මුහුදට ගසන මෙන් නියෝග කරමින් අපි මූසාට දිව්ය පණිවිඩ එව්වෙමු. ඔහු එමගින් එයට ගැසුවේය. මුහුද දෙබෑ විය. ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්ර ප්රමාණයට මාර්ග දොළොසක් බවට එය පරිවර්තනය විය. මුහුදෙන් දෙබෑ වූ සෑම පැත්තක්ම විශාලත්වයෙන් දැවැන්ත කඳු මෙන් විය. ඒවා එයින් ජලය ගලා නොයන පරිදි ස්ථීර ව පැවතිණ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَزْلَفْنَا ثَمَّ الْاٰخَرِیْنَ ۟ۚ
"සැබවින්ම මෙම මාර්ග ගමන් කළ හැක්කකි," යැයි සිතා ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදට පිවිසෙන තරමට අපි සමීප කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْجَیْنَا مُوْسٰی وَمَنْ مَّعَهٗۤ اَجْمَعِیْنَ ۟ۚ
අපි මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන් මුදවා ගත්තෙමු. ඔවුන්ගෙන් කිසිවකු අපි විනාශ නොකළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَغْرَقْنَا الْاٰخَرِیْنَ ۟ؕ
පසු ව ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වමින් අපි විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
සැබවින්ම මූසා වෙනුවෙන් මුහුද පැළී වෙන්වීම, ඔහු ව මුදවා, ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීම යනාදියෙහි මූසාගේ සත්යභාවය ඔප්පු කරන සාධකයක් විය. ෆිර්අවුන් සමග සිටි බහුතරයක් දෙනා විශ්වාසීන් නොවූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ اِبْرٰهِیْمَ ۟ۘ
එමෙන්ම අහෝ දූතය! ඉබ්රාහීම්ගේ කතා වස්තුව ද නුඹ ඔවුනට කියවා පෙන්වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لِاَبِیْهِ وَقَوْمِهٖ مَا تَعْبُدُوْنَ ۟
ඔහු තම පියාණන් ආසර්ට හා ඔහුගේ ජනයාට, "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?"යි විමසා සිටි අවස්ථාවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا نَعْبُدُ اَصْنَامًا فَنَظَلُّ لَهَا عٰكِفِیْنَ ۟
ඔහුගේ ජනයා ඔහුට පිළිතුරු දෙමින්, "අපි පිළිම වලට නමදිමු. ඒවාට බැඳී ඒවා නැමදීමෙහි අපි නිරත ව සිටින්නෙමු." යැයි පැවසුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ هَلْ یَسْمَعُوْنَكُمْ اِذْ تَدْعُوْنَ ۟ۙ
ඉබ්රාහීම් ඔවුනට, "නුඹලා එම පිළිම වලට ඇරයුම් කරන විටදී නුඹලාගේ ප්රාර්ථනාවන්ට ඒවා සවන් දෙන්නේ ද?" යැයි ඇසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ یَنْفَعُوْنَكُمْ اَوْ یَضُرُّوْنَ ۟
"එසේ නැතහොත් නුඹලා ඒවාට අවනත වූයේ නම් ඒවා නුඹලාට සෙත සලසනු ඇත් ද? එසේත් නැතහොත් නුඹලා ඒවාට පිටුපෑවෙහු නම් නුඹලාට හානියක් කරනු ඇත් දැ?" යි ද තවදුරටත් ඔහු විමසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا بَلْ وَجَدْنَاۤ اٰبَآءَنَا كَذٰلِكَ یَفْعَلُوْنَ ۟
"අපි ඒවාට ඇරයුම් කරන විට ඒවා අපට සවන් දෙන්නේ නැත. අපි ඒවාට අවනත වූ විට ඒවා අපට සෙත සලසන්නේ ද නැත. අපි ඔවුනට පිටු පෑ විට ඒවා අපට හිංසාවක් කරන්නේ ද නැත. නමුත් සිදු ව ඇත්තේ සැබවින්ම අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරමින් සිටිනු අප දැක තිබීමය. එහෙයින් අපි ඔවුන් ව පිළිපදින්නෙමු." යැයි ජනයා කීහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَفَرَءَیْتُمْ مَّا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ
ඉබ්රාහීම්, "අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින එම පිළිම දෙස නුඹලා බැලුවෙහු දැ’යි විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنْتُمْ وَاٰبَآؤُكُمُ الْاَقْدَمُوْنَ ۟ؗ
නූඹලාගේ මුල් මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ ගැන.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنَّهُمْ عَدُوٌّ لِّیْۤ اِلَّا رَبَّ الْعٰلَمِیْنَ ۟ۙ
එහෙයින් ඔවුන් සියලු දෙනාම මාගේ සතුරෝ වෙති. ඊට හේතුව සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ් හැර සෙසු අය ව්යජ වන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْ خَلَقَنِیْ فَهُوَ یَهْدِیْنِ ۟ۙ
ඔහු වනාහි ඔහු මා මැව්වේය. මෙලොව හා මතු ලොව යහපත වෙත ඔහු මට මග පෙන්වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْ هُوَ یُطْعِمُنِیْ وَیَسْقِیْنِ ۟ۙ
මට කුසගිනි ඇති වූ විට මට ආහාර සපයන්නේ ද මම පිපාසිත ව සිටින විට මට ජලය සපයන්නේ ද ඔහු පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا مَرِضْتُ فَهُوَ یَشْفِیْنِ ۟
මා රෝගාතුර වූ විට එම රොගයෙන් මට සුවය ලබා දෙන්නේ ද ඔහුමය. ඔහු හැර වෙනත් කිසිදු සුවපත් කරන්නෙකු මට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْ یُمِیْتُنِیْ ثُمَّ یُحْیِیْنِ ۟ۙ
මාගේ ආයු කාලය අවසන් වූ විට මා මරණයට පත් කරන්නේ ද ඔහුමය. එමෙන්ම මා මිය ගිය පසු ව මට යළි ජීවය ලබා දෙන්නේ ද ඔහුමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْۤ اَطْمَعُ اَنْ یَّغْفِرَ لِیْ خَطِیْٓـَٔتِیْ یَوْمَ الدِّیْنِ ۟ؕ
"එමෙන්ම ප්රතිඵල පිරිනමන දිනයේ මාගේ වැරදි වලට මට සමාව දෙනු ඇතැයි මා අපේක්ෂා කරනුයේ ඔහුවමය."
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ هَبْ لِیْ حُكْمًا وَّاَلْحِقْنِیْ بِالصّٰلِحِیْنَ ۟ۙ
ඉබ්රාහීම් තුමා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! දහම තුළ මට අවබෝධය පිරිනමනු මැනව! මට පෙර සිටි නබිවරුන් අතරින් වූ දැහැමියන් සමග මා ද ස්වර්ගයට ඇතුළත් කරමින් ඔබ මා ඔවුන් සමග සේන්දු කරනු මැනව!"
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الله مع عباده المؤمنين بالنصر والتأييد والإنجاء من الشدائد.
•උදව් උපකාරය ස්ථාවර කිරීම හා දුෂ්කරතා වලින් මුදවා ගැනීම යනාදිය සමග අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් සමග සිටී.

• ثبوت صفتي العزة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු සර්ව බලධාරීත්වය හා කාරුණිකත්වය යන ගුණාංග දෙක තහවුරු කිරීම.

• خطر التقليد الأعمى.
•අන්ධානුකරණයේ අවදානම.

• أمل المؤمن في ربه عظيم.
•දේව විශ්වාසියා ඔහුගේ පරමාධිපති තුළ ඇති කර ගන්නා ඉමහත් බලාපොරොත්තුව.

 
የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹዐራእ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት