Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹዐራእ   አንቀጽ:
وَاجْعَلْ لِّیْ لِسَانَ صِدْقٍ فِی الْاٰخِرِیْنَ ۟ۙ
මගෙන් පසු එන පරම්පරාවන් අතර දැහැමි ලෙස අගය කිරීමක් හා අලංකාර අයුරින් මෙනෙහි කිරීමක් මා වෙනුවෙන් නුඹ කරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاجْعَلْنِیْ مِنْ وَّرَثَةِ جَنَّةِ النَّعِیْمِ ۟ۙ
සැප පහසුකම් විඳින ස්වර්ගස්ථාන උරුම කර දෙනු ලැබූ ඔබ ව විශ්වාස කළ ඔබේ ගැත්තන් අතරට මා පත් කරනු මැනව. එහි මා වාසය කරවනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاغْفِرْ لِاَبِیْۤ اِنَّهٗ كَانَ مِنَ الضَّآلِّیْنَ ۟ۙ
"මාගේ පියාට සමාව දෙනු මැනව! සැබවින්ම ඔහු දේව ආදේශය හේතුවෙන් සත්යයෙන් පෙරළී නොමග ගිය අය අතරින් කෙනෙකු විය." එසේ ඉබ්රාහීම් තම පියාට ප්රාර්ථනා කර සිටියේ සැබවින්ම ඔහු නිරා වැසියන්ගෙන් කෙනෙකු බව ඔහුට පැහැදිලි වීමට පෙරය. ඒ ගැන ඔහුට පැහැදිලි වූ පසු ඔහුගෙන් ඉවත් වී ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تُخْزِنِیْ یَوْمَ یُبْعَثُوْنَ ۟ۙ
විනිශ්චය සඳහා ජනයා අවදි කරනු ලබන දින, දඬුවම් ලබා දෙමින් නුඹ මා වේදනාවට පත් නොකරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ لَا یَنْفَعُ مَالٌ وَّلَا بَنُوْنَ ۟ۙ
මිනිසාට ඔහුගේ මෙලොව ජීවිතයේ එක් රැස් කළ ධනය හෝ ඔහුට උදව්වට සිටි දරුවන් හෝ ප්රයෝජනවත් නොවන දිනයකි එය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا مَنْ اَتَی اللّٰهَ بِقَلْبٍ سَلِیْمٍ ۟ؕ
කිසිදු ආදේශ කිරීමක් හෝ කුහකත්වයක් හෝ මුණිච්ඡාවක් හෝ හාස්යයක් හෝ නොමැති ව නිර්මල හදවතකින් අල්ලාහ් වෙත පැමිණි අය හැර. ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළ ධනය හා ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරමින් සිටින ඔහුගේ දරුවන් තුළින් සැබවින්ම ඔහු ප්රයෝජන ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِیْنَ ۟ۙ
ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبُرِّزَتِ الْجَحِیْمُ لِلْغٰوِیْنَ ۟ۙ
සත්ය දහමින් මුළා වී නොමග ගියවුන්ටහට මහ්ෂර් නම් එක් රැස් කරන දිනයේ නිරය හෙළි කරනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقِیْلَ لَهُمْ اَیْنَ مَا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ
ඔවුන් හෙළා දකිමින්, "නුඹලා නමදිමින් සිටි පිළිම කොහෝදැ?" යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ دُوْنِ اللّٰهِ ؕ— هَلْ یَنْصُرُوْنَكُمْ اَوْ یَنْتَصِرُوْنَ ۟ؕ
අල්ලාහ් හැර දමා නුඹලා ඔවුනට නැමදුම් කරමින් සිටියෙහුය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ආරක්ෂා කරමින් ඔවුන් නුඹලාට පිහිට වන්නෝ ද එසේ නැතහොත් ඔවුන් ඔවුනට උදව් කර ගන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكُبْكِبُوْا فِیْهَا هُمْ وَالْغَاوٗنَ ۟ۙ
ඔවුන් හා ඔවුන් නොමග හැරියවුන් නිරයේ ඔවුන් එකිනෙකා උඩ වැටෙන සේ හෙළනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجُنُوْدُ اِبْلِیْسَ اَجْمَعُوْنَ ۟ؕ
සියලු නපුරු බලවේගයන් අතරින් වූ ඉබ්ලීස්ගේ උදව්කරුවන් ද හෙළනු ලැබේ. ඔවුන් අතරින් කිසිවෙකු බැහැර කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا وَهُمْ فِیْهَا یَخْتَصِمُوْنَ ۟ۙ
අල්ලාහ් හැර වෙනත් දෑ නැමද ඔහු හැර වෙනත් අය හවුල්කරුවන් ලෙස ගෙන කටයුතු කළ දේව ආදේශකයින් වනාහී ඔවුන් ඔහු හැර දමා නමදිමින් සිටියදීම වාද කරමින් ඔවුහු මෙසේ පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَاللّٰهِ اِنْ كُنَّا لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟ۙ
අල්ලාහ් මත දිවුරා පවසමු. සැබවින්ම අපි සත්යයෙන් දුරස් වූ පැහැදිලි මුළාවෙහි පසුවූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ نُسَوِّیْكُمْ بِرَبِّ الْعٰلَمِیْنَ ۟
සියලු මැවීම්හි පරමාධිපතිට අපි නුඹලාව සමානකම් කළ අවස්ථාවේ අපි ඔහු ව නමදිනවාක් මෙන් නුඹලා ව ද නැමදුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَضَلَّنَاۤ اِلَّا الْمُجْرِمُوْنَ ۟
අල්ලාහ් හැර තමන්ව නැමදීමට අපට ඇරයුම් කරමින් සිටි අපරාධකරුවන් මිස වෙනත් කිසිවකු සත්ය මාර්ගයෙන් අප ව මුළා කළේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا لَنَا مِنْ شَافِعِیْنَ ۟ۙ
අල්ලාහ්ගේ දඬුවමින් (දැන්) අප මුදවා ගන්නට, ඔහු අබියස අප වෙනුවෙන් මැදිහත් වී කතා කරන මැදිහත්කරුවන් අපට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا صَدِیْقٍ حَمِیْمٍ ۟
එමෙන්ම අප වෙනුවෙන් මැදිහත් වන, අපෙන් දඬුවම වළක්වාලන අවංක සෙනෙහෙවන්ත මිතුරෙකු ද අපට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَوْ اَنَّ لَنَا كَرَّةً فَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
මෙලොව ජීවිතය වෙත හැරී යන්නට අපට අවස්ථාවක් තිබුණා නම්, එවිට අල්ලාහ් විශ්වාස කරන්නන් අතරට අපි පත් වන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
(මෙහි) සඳහන් කරන ලද ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුවෙහි හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඉරණමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ قَوْمُ نُوْحِ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
නූහ්ගේ ජනයා නූහ් ව (එතුමා කෙරහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ نُوْحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩ වලට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ۚ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු දෑහි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ؕ
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْاَرْذَلُوْنَ ۟ؕ
ඔහුගේ ජනයා ඔහුට "අහෝ නූහ්! නුඹ ව පිළිපදින්නන්, ජනයා අතර පහත් අය ලෙස සිටිය දී නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය අපි විශ්වාස කළ යුතු ද? පිළිපැදිය යුතු ද? ඔවුන් අතර නායකයින් හෝ ප්රභූවරුන් හෝ නොමැත." යැයි පැවසුහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
•ඊර්ෂ්යාව, මූණිච්චාව, හාස්යය වැනි රෝග වලින් හදවත තැන්පත් ව තබා ගැනීමේ වැදගත්කම.

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
•නොමග යෑම පිළිබඳ වගකීම නොමග හැරියවුන් මත බැඳෙයි. නොමග ගියවුනට එය ප්රයෝනවත් නොවනු ඇත.

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
•අල්ලාහ්ගේ දූතයාණන් ව ප්රතික්ෂේප කර සිටීම සියලුම දූතවරුන් ප්රතික්ෂේප කිරීමකි.

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
•නැවත නැගිටුවනු ලැබීම ගැන සඳහන් කරමින් ඉබ්රාහීම් තුමාගේ කතා වස්තුව අලංකාර අයුරින් අවසන් කර ඇත. පසු ව කතාවේ අවසානය වෙත යොමු වෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹዐራእ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት