የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (13) ምዕራፍ: ሱረቱ ኣሊ-ኢምራን
قَدْ كَانَ لَكُمْ اٰیَةٌ فِیْ فِئَتَیْنِ الْتَقَتَا ؕ— فِئَةٌ تُقَاتِلُ فِیْ سَبِیْلِ اللّٰهِ وَاُخْرٰی كَافِرَةٌ یَّرَوْنَهُمْ مِّثْلَیْهِمْ رَاْیَ الْعَیْنِ ؕ— وَاللّٰهُ یُؤَیِّدُ بِنَصْرِهٖ مَنْ یَّشَآءُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّاُولِی الْاَبْصَارِ ۟
බද්ර් යුද දිනයේදී එකිනෙකා හමු වූ කණ්ඩායම් දෙක තුළ නුඹලාට සාධක හා ආදර්ශ ඇත. එම කණ්ඩායම් දෙකින් එක් කණ්ඩායමක් දෙවියන් විශ්වාස කළ උදවියයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන් යුත් පිරිසයි. ඔවුන් අල්ලාහ්ගේ වදන ඉහළින් වැජඹෙනු පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ වදන පහත දමනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අය වෙති. අනෙක් කණ්ඩායම දෙවියන් ප්රතික්ෂේප කළ කණ්ඩායමයි. ඔවුන් උදම් අණමින් හිතුවක්කාර ලෙස පිටත් ව ආ මක්කාහ් ප්රතික්ෂේපකයින් වෙති. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් තම දෑසින්ම තමන්ගේ දුබලකම මැනවින් දුටුවේය. එවිට අල්ලාහ්ට සමීපයෙන් කටයුතු කළ මොවුනට ඔහු උදව් කළේය. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ උපකාරය තහවුරු කරන්නේය. මනා දැක්මක් ඇති උදවියට මෙහි පාඩමක් හා උපදෙසක් ඇත. එනම් දෙවියන් විශ්වාස කරන්නන් සංඛ්යාවෙන් අඩු වුවද ඔවුන්හට සැබැවින්ම ජයග්රහණය හිමි බවත් අපරාධකරුවන් සංඛ්යාවෙන් වැඩි වුව ද ඔවුන් පරාජයට පත්වන බවත් යන සත්යයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن غرور الكفار بأموالهم وأولادهم لن يغنيهم يوم القيامة من عذاب الله تعالى إذا نزل بهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම වස්තුවට හා දරුවන්ට වහල් වී රැවටී සිටිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පහළ වන විට ඉන් ආරක්ෂා වන්නට ඒ කිසිවක් ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

• النصر حقيقة لا يتعلق بمجرد العدد والعُدة، وانما بتأييد الله تعالى وعونه.
•ජයග්රහණය යනු යථාර්ථයයි. සංඛ්යාව හෝ කාලය පදනම් කර ගනිමින් එය සිදුවන්නේ නැත. එය අල්ලාහ් තහවුරු කිරීමෙන් හා ඔහුගේ උදව්වෙන් පමණක් සිදුවන්නකි.

• زَيَّن الله تعالى للناس أنواعًا من شهوات الدنيا ليبتليهم، وليعلم تعالى من يقف عند حدوده ممن يتعداها.
•අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා නොගොස් ඒ තුළ රැඳි සිටිනුයේ කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහාත් මිනිසා පරීක්ෂණයට ලක් කිරීම සඳහාත් මෙලොව විවිධ ආශාවන් අල්ලාහ් ඔවුනට අලංකාරවත් කර දී ඇත.

• كل نعيم الدنيا ولذاتها قليل زائل، لا يقاس بما في الآخرة من النعيم العظيم الذي لا يزول.
•මෙලොව ඇති සියලු සැප සම්පත් ඉතා අල්පය, පහත්ය. මතු ලොවෙහි සදා පවතින සැප සම්පත් සමඟ ඒවා සසදා බැලිය නොහැකිය.

 
የይዘት ትርጉም አንቀጽ: (13) ምዕራፍ: ሱረቱ ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት