የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ኣሊ-ኢምራን   አንቀጽ:

සූරා ආලු ඉම්රාන්

ከመዕራፉ ዓላማዎች:
إثبات أن دين الإسلام هو الحق ردًّا على شبهات أهل الكتاب، وتثبيتا للمؤمنين.
ආගම් ලත් ජනයා තුළ තිබූ සැකසංකා වලට පිළිතුරු සපයමින් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්හට ස්ථීර කරමින් සැබැවින්ම ඉස්ලාම් දහම වන එයයි සත්යය යන වග තහවුරු කිරීම.

الٓمَّٓ ۟ۙۚ
(අලිෆ්, ලාම්, මීම්) හුරූෆුල් මුකත්තආ නම් මෙම අක්ෂර මාලාවන් පිළිබඳ විමසුමක් සූරා බකරාවෙහි ඉදිරිපත් කෙරිණි. සූරාව ආරම්භ කරනු ලබන හෝ තම ප්රකාශයට සම්බන්ධ කර පවසන මෙවැනි අක්ෂර මාලාවක් සම්පාදනය කොට අල් කුර්ආනයේ ඇති මෙවැනි සූරාවක් ගෙන එන්නට අරාබිවරුන් හට හැකියාවක් නැතැයි යන්න මෙහි නිරූපණය වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَیُّ الْقَیُّوْمُ ۟ؕ
සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහු පූර්ණ ජීවයක් ඇති සදා ජීවමානය. එහි කිසිදු මරණයක් හෝ කිසිදු අඩුවක් හෝ නැත. තමන් විසින්ම ක්රියා කරන සදා පැවැත්මක් ඇත්තාය. ඔහුට කිසිදු මැවීමක අවශ්යතාවක් නැත. ඒ සියලු මැවීම් පිහිටනුයේ ඔහු තුළින් පමණි. සියලුම අවස්ථාවන්හි ඒ කිසිවකට ඔහුගේ අවශ්යතාවන්ගෙන් තොර ව සිටිය නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَزَّلَ عَلَیْكَ الْكِتٰبَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ وَاَنْزَلَ التَّوْرٰىةَ وَالْاِنْجِیْلَ ۟ۙ
අහෝ! නබිවරය, පෙර පහළ වූ සෙසු දේව ග්රන්ථ වලට අනුකූල ව සාධාරණ නීතිරීති සහ සැබෑ තොරතුරු සමග නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. එහෙයින් ඒ ගැන නුඹලා එකිනෙකා විරුද්ධ නොවනු. නුඹ වෙත අල්කුර්ආනය පහළ කිරීමට පෙර මූසා (අලය්හිස් සලාම්) තුමාට තව්රාතයත් -තෝරාව- ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඉන්ජීලයත් -බයිබලය- පහළ කළෙමු. මේ දේව පුස්තක සියල්ල මිනිසුනට ඔවුන්ගේ දහම හා ඔවුන්ගේ මෙලොව කටයුතු විධිමත් කර ගන්නට පෙන්වා දෙන මග පෙන්වීම් හා මාර්ගෝපදේශයන්ය. ඉන්පසු සත්යය අසත්යයෙන් හා යහමග නොමගින් වෙන්කර හඳුන්වා දෙන නිර්ණායකය නොහොත් අල් කුර්ආනය පහළ කරනු ලැබීය. නුඹ වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔවුනට දැඩි වේදනා සහගත දඬුවම ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යන්නේ නැත. ඔහුගේ දූතවරුන් බොරු කොට ඔහුගේ නියෝගයට විරුද්ධ වන්නන්හට ඔහු ප්රතිචාර දක්වන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِنْ قَبْلُ هُدًی لِّلنَّاسِ وَاَنْزَلَ الْفُرْقَانَ ؕ۬— اِنَّ الَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ لَهُمْ عَذَابٌ شَدِیْدٌ ؕ— وَاللّٰهُ عَزِیْزٌ ذُو انْتِقَامٍ ۟ؕ
අහෝ! නබිවරය, පෙර පහළ වූ සෙසු දේව ග්රන්ථ වලට අනුකූල ව සාධාරණ නීතිරීති සහ සැබෑ තොරතුරු සමග නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. එහෙයින් ඒ ගැන නුඹලා එකිනෙකා විරුද්ධ නොවනු. නුඹ වෙත අල්කුර්ආනය පහළ කිරීමට පෙර මූසා (අලය්හිස් සලාම්) තුමාට තව්රාතයත් -තෝරාව- ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඉන්ජීලයත් -බයිබලය- පහළ කළෙමු. මේ දේව පුස්තක සියල්ල මිනිසුනට ඔවුන්ගේ දහම හා ඔවුන්ගේ මෙලොව කටයුතු විධිමත් කර ගන්නට පෙන්වා දෙන මග පෙන්වීම් හා මාර්ගෝපදේශයන්ය. ඉන්පසු සත්යය අසත්යයෙන් හා යහමග නොමගින් වෙන්කර හඳුන්වා දෙන නිර්ණායකය නොහොත් අල් කුර්ආනය පහළ කරනු ලැබීය. නුඹ වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔවුනට දැඩි වේදනා සහගත දඬුවම ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යන්නේ නැත. ඔහුගේ දූතවරුන් බොරු කොට ඔහුගේ නියෝගයට විරුද්ධ වන්නන්හට ඔහු ප්රතිචාර දක්වන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ لَا یَخْفٰی عَلَیْهِ شَیْءٌ فِی الْاَرْضِ وَلَا فِی السَّمَآءِ ۟ؕ
අහස්හි හෝ මහපොළොවෙහි කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සියල්ලෙහි මතුපිට මෙන්ම අභ්යන්තරය ඔහුගේ දැනුමෙන් ආවරණය වී ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ یُصَوِّرُكُمْ فِی الْاَرْحَامِ كَیْفَ یَشَآءُ ؕ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු අභිමත කරන පරිදි පිරිමියෙකු හෝ කාන්තවක ලෙසින් ද ලස්සන හෝ අවලස්සන ලෙසින්ද සුදු හෝ කළු ලෙසින්ද නුඹලා ව හැඩ ගස්වා මැව්වේ ඔහුය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු කිසිවකු විසින් අබිබවා යනු නොලබන සර්ව බලධාරියාය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නීති සම්පාදනය යනාදියේ ඔහු වඩාත් සියුම්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْۤ اَنْزَلَ عَلَیْكَ الْكِتٰبَ مِنْهُ اٰیٰتٌ مُّحْكَمٰتٌ هُنَّ اُمُّ الْكِتٰبِ وَاُخَرُ مُتَشٰبِهٰتٌ ؕ— فَاَمَّا الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ زَیْغٌ فَیَتَّبِعُوْنَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَآءَ الْفِتْنَةِ وَابْتِغَآءَ تَاْوِیْلِهٖ ؔۚ— وَمَا یَعْلَمُ تَاْوِیْلَهٗۤ اِلَّا اللّٰهُ ۘؐ— وَالرّٰسِخُوْنَ فِی الْعِلْمِ یَقُوْلُوْنَ اٰمَنَّا بِهٖ ۙ— كُلٌّ مِّنْ عِنْدِ رَبِّنَا ۚ— وَمَا یَذَّكَّرُ اِلَّاۤ اُولُوا الْاَلْبَابِ ۟
අහෝ! නබිවරය, නුඹ වෙත අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එහි සාධක සහිත පැහැදිලි වදන් ඇත. ඒවායෙහි සැකයට ඉඩක් නැත. ඒවා දේව පුස්තකයේ මූලයයි. එහි ඇති බහුතරයක් වැකි එවැනි වැකිය. මතභේද ඇති වන අවස්ථාවන්හි ඒවා නිවැරදි දෑ වෙතටම යොමු කරනු ඇත. එමෙන්ම විවිධ බහු අර්ථ ඇති තවත් වැකිද ඇත. එහි අර්ථ පිළිබඳ බොහෝ ජනයා අතර විවිධ අදහස් පවතී. තම හදවත් වල සත්යයෙන් නැඹුරුවීමක් ඇති උදවිය වනාහි එම මුහ්කමාත් හෙවත් පැහැදිලි තීන්දු සහිත වදන් අතහැර දමා මුතෂාබිහාත් හෙවත් නිවැරදි අර්ථයක් දිය නොහැකි සමරූපතා ඇති වදන් ගනිති. එමගින් මිනිසා අතර සැකය ඇති කිරීමටත් ඔවුන් නොමග යැවීමටත් අපේක්ෂා කරති. කලහකාරීන්ගේ සංකල්ප වලට අනුකූල ව තමන්ගේ කැමැත්ත පරිදි ඒවා හරවා ගන්නට අපේක්ෂා කරති. එවන් වදන්හි සැබෑ අර්ථය හා ඒවා පෙන්වා දෙන අවසන් තීන්දු පිළිබඳ යථාර්ථය අල්ලාහ් හා ඔහු විසින් ප්රඥාව පිරිනැමූ ගැඹුරු ඥානය ඇති උදවිය හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුහු 'අල් කුර්ආනය අපගේ පරමාධිපති වෙතින් වූවක් බැවින් අපි එය මුළුමණින්ම විශ්වාස කළෙමු.' යැයි පවසති. ඔහු කවර කරුණක් ඔවුන් වෙත තීන්දු වශයෙන් පිරිනැමුවේද එවන් දෑ අනුව මුතෂාබිහ් වදන් විස්තර කරති. මනා බුද්ධිය ඇත්තවුන් මිස වෙනත් කිසිවකු එය මෙනෙහි කර උපදෙස් නොලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَا لَا تُزِغْ قُلُوْبَنَا بَعْدَ اِذْ هَدَیْتَنَا وَهَبْ لَنَا مِنْ لَّدُنْكَ رَحْمَةً ۚ— اِنَّكَ اَنْتَ الْوَهَّابُ ۟
එම ගැඹුරු ඥානය ඇත්තවුන්: ‘අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට යහමග පිරිනැමුවායින් පසුව එම සත්යයෙන් අපගේ හදවත් වෙනතකට යොමු නොකරනු මැනව! එසේ සත්යයෙන් නැඹුරු වී එය විකෘති කරන්නන් සිදුකරන දැයින් අප නිවැරදි කරනු මැනව! අපගේ හදවත් මග ලබන අයුරින් අපහට ඔබේ අතිමහත් ආශිර්වාදය පිරිනමනු මැනව! එයින් ඇතිවන මුළාවෙන් අප ආරක්ෂා කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ අධික ලෙස පිරිනමන දානපතියාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اِنَّكَ جَامِعُ النَّاسِ لِیَوْمٍ لَّا رَیْبَ فِیْهِ ؕ— اِنَّ اللّٰهَ لَا یُخْلِفُ الْمِیْعَادَ ۟۠
අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම සැකයට ඉඩක් නැති විනිශ්චය දිනයේ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම සඳහා ඔබ මිනිසුන් සියල්ල එක්රැස් කරන්නෙහිය. එම දිනය පැමිණේනේමය. ඒ ගැන කිසිදු සැකයක් නැත. අහෝ! පරමාධිපතියාණනි, නියත වශයෙන්ම ඔබ ප්රතිඥා කඩ නොකරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أقام الله الحجة وقطع العذر عن الخلق بإرسال الرسل وإنزال الكتب التي تهدي للحق وتحذر من الباطل.
•දහම් දූතවරු එවීමෙන් හා සත්ය වෙත මග පෙන්වා, අසත්ය දැයින් ආරක්ෂා කරන දේව ග්රන්ථ පහළ කිරීම තුළින් මිනිසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ නොසලසා අල්ලාහ් සාධක ඉදිරිපත් කිරීම.

• كمال علم الله تعالى وإحاطته بخلقه، فلا يغيب عنه شيء في الأرض ولا في السماء، سواء كان ظاهرًا أو خفيًّا.
• අල්ලාහ්ගේ දැනුමෙහි පූර්ණභාවය එය සියලු මැවීම් ආවරණය වන සේ පිහිටා ඇත. මහපොළොවේ හෝ අහසේ හෝ මතුපිටින් හෝ අභ්යන්තරයේ හෝ යමක් තිබුණ ද ඔහුගෙන් එය සැගවෙන්නේ නැත.

• من أصول أهل الإيمان الراسخين في العلم أن يفسروا ما تشابه من الآيات بما أُحْكِم منها.
•අල්ලාහ් කවර තීන්දුවක් දී ඇත්තේද එයම පදනම් කර ගනිමින් නිවැරදි අර්ථයක් දිය නොහැකි සමරූපතා වදන් විග්රහ කිරීම ගැඹුරු ඥානය ඇති දෙවියන් විශ්වාස කරන්නන්ගේ මූලිකාංගයකි.

• مشروعية دعاء الله تعالى وسؤاله الثبات على الحق، والرشد في الأمر، ولا سيما عند الفتن والأهواء.
•සත්යය මත ස්ථාවර ව පිහිටන්නටත් සියලු කරුණු වලදී නිවැරදි මග ලබන්නටත් විශේෂයෙන් අර්බුද හා මනෝ ආශාවන් ඇති වන අවස්ථාවන්හි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම හා කණ්ණලව් කිරීම දහම්ගත කර තිබීම.

اِنَّ الَّذِیْنَ كَفَرُوْا لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— وَاُولٰٓىِٕكَ هُمْ وَقُوْدُ النَّارِ ۟ۙ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා නොකරනු ඇත. මෙවන් ගති ලක්ෂණ වලින් වර්ණනා කරනු ලැබූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවුලනු ලබන ගින්නේ ඉන්ධන වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَدَاْبِ اٰلِ فِرْعَوْنَ ۙ— وَالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ— فَاَخَذَهُمُ اللّٰهُ بِذُنُوْبِهِمْ ؕ— وَاللّٰهُ شَدِیْدُ الْعِقَابِ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්ගේ විෂය ෆිර්අවුන් පැළැන්තියගේ හා ඔවුනට පෙර අල්ලාහ් ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළ අයගේ විෂයයට සමානය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කළේය. ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් ඔවුනට ඵලක් නොවීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළවුනට ඔහු දැඩි ලෙස දඬුවම් කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لِّلَّذِیْنَ كَفَرُوْا سَتُغْلَبُوْنَ وَتُحْشَرُوْنَ اِلٰی جَهَنَّمَ ؕ— وَبِئْسَ الْمِهَادُ ۟
අහෝ! දූතයනි, ඔවුන්ගේ දහම් පිළිබඳ ව ඔවුන් මතභේද ඇති කර ගනිමින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුනට නුඹ මෙසේ පවසනු. ‘දෙවියන් විශ්වාස කරන්නන් නුඹලා අබිබවා යනු ඇත. නුඹලා දේව ප්රතික්ෂේපයේම මරණයට පත් වනු ඇත. අල්ලාහ් නුඹලා නිරා ගින්න වෙතට එක්රැස් කරනු ඇත. නුඹලාට එම යහන වඩාත් නපුරුදායක වනු ඇත.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ كَانَ لَكُمْ اٰیَةٌ فِیْ فِئَتَیْنِ الْتَقَتَا ؕ— فِئَةٌ تُقَاتِلُ فِیْ سَبِیْلِ اللّٰهِ وَاُخْرٰی كَافِرَةٌ یَّرَوْنَهُمْ مِّثْلَیْهِمْ رَاْیَ الْعَیْنِ ؕ— وَاللّٰهُ یُؤَیِّدُ بِنَصْرِهٖ مَنْ یَّشَآءُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّاُولِی الْاَبْصَارِ ۟
බද්ර් යුද දිනයේදී එකිනෙකා හමු වූ කණ්ඩායම් දෙක තුළ නුඹලාට සාධක හා ආදර්ශ ඇත. එම කණ්ඩායම් දෙකින් එක් කණ්ඩායමක් දෙවියන් විශ්වාස කළ උදවියයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන් යුත් පිරිසයි. ඔවුන් අල්ලාහ්ගේ වදන ඉහළින් වැජඹෙනු පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ වදන පහත දමනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අය වෙති. අනෙක් කණ්ඩායම දෙවියන් ප්රතික්ෂේප කළ කණ්ඩායමයි. ඔවුන් උදම් අණමින් හිතුවක්කාර ලෙස පිටත් ව ආ මක්කාහ් ප්රතික්ෂේපකයින් වෙති. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් තම දෑසින්ම තමන්ගේ දුබලකම මැනවින් දුටුවේය. එවිට අල්ලාහ්ට සමීපයෙන් කටයුතු කළ මොවුනට ඔහු උදව් කළේය. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ උපකාරය තහවුරු කරන්නේය. මනා දැක්මක් ඇති උදවියට මෙහි පාඩමක් හා උපදෙසක් ඇත. එනම් දෙවියන් විශ්වාස කරන්නන් සංඛ්යාවෙන් අඩු වුවද ඔවුන්හට සැබැවින්ම ජයග්රහණය හිමි බවත් අපරාධකරුවන් සංඛ්යාවෙන් වැඩි වුව ද ඔවුන් පරාජයට පත්වන බවත් යන සත්යයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
زُیِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوٰتِ مِنَ النِّسَآءِ وَالْبَنِیْنَ وَالْقَنَاطِیْرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَیْلِ الْمُسَوَّمَةِ وَالْاَنْعَامِ وَالْحَرْثِ ؕ— ذٰلِكَ مَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَاللّٰهُ عِنْدَهٗ حُسْنُ الْمَاٰبِ ۟
සැබැවින්ම මිනිසුන් පරීක්ෂාවට භාජනය කරනු පිණිස කාන්තාවන් දරුවන් රන් හා රිදියෙන් ගොඩ ගසා ගත් ධනය සලකුණු තබන ලද අශ්වයින් ඔටු එළු හා ගවයින් යන ගොවිපළ සතුන් මහපොළොවේ වගාවන් යනාදියෙන් ලෞකික ආශාවන් අල්ලාහ් ඔවුන්හට අලංකාරවත් කර ඇත. ඒවා කෙටි කලක් භුක්ති විද පසුව නැති වී යන ලෞකික ජීවිතයේ භුක්ති විදින වස්තු වෙති. එහි එල්ලී සිටීම දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සුදුසු නොවන්නේය. නැවත යොමු වන යහපත් ස්ථානය ඇත්තේ අල්ලාහ් අබියස පමණය. එය අහස් හා පොළොව තරම් වූ උදාර ස්වර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَؤُنَبِّئُكُمْ بِخَیْرٍ مِّنْ ذٰلِكُمْ ؕ— لِلَّذِیْنَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا وَاَزْوَاجٌ مُّطَهَّرَةٌ وَّرِضْوَانٌ مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِالْعِبَادِ ۟ۚ
අහෝ! දූතයනි, මෙම ආශාවන්ට වඩා යහපත් දෑ කුමක් ද යන්න නුඹ ඔවුනට පවසා සිටිනු. අල්ලාහ්ට අවනතභාවය දක්වන ක්රියාවල නිරත වී පාපය රැස් කරන දෑ අතහැර දමා අල්ලාහ්ට බිය බැතිමත්කමින් යුතු ව කටයුතු කරන්නන්හට ස්වර්ග මාලිගාවන් හා ගස් වලට පහළින් ගලා යන ස්වර්ග උයන් ඇත. කිසිදු මරණයක් හෝ විනාශයක් හෝ ඔවුනට ඇති නොවී එහි ඔවුන් සදාකල් වෙසෙනු ඇත. හැඩ අලංකාරයෙන් හා ගතිගුණ වලින් යුත්, සියලුම නපුරුකම්වලින් පිරිසිදු වූ කළත්රයන් ඔවුනට එහි ඇත. ඒ සමගම ඔවුන් වෙත පහළ වන අල්ලාහ්ගේ තෘප්තියද ඇත. ඔහු කිසිවිටෙක ඔවුන් කෙරෙහි කෝප නොවන්නේය. තම ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒවායින් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن غرور الكفار بأموالهم وأولادهم لن يغنيهم يوم القيامة من عذاب الله تعالى إذا نزل بهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම වස්තුවට හා දරුවන්ට වහල් වී රැවටී සිටිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පහළ වන විට ඉන් ආරක්ෂා වන්නට ඒ කිසිවක් ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

• النصر حقيقة لا يتعلق بمجرد العدد والعُدة، وانما بتأييد الله تعالى وعونه.
•ජයග්රහණය යනු යථාර්ථයයි. සංඛ්යාව හෝ කාලය පදනම් කර ගනිමින් එය සිදුවන්නේ නැත. එය අල්ලාහ් තහවුරු කිරීමෙන් හා ඔහුගේ උදව්වෙන් පමණක් සිදුවන්නකි.

• زَيَّن الله تعالى للناس أنواعًا من شهوات الدنيا ليبتليهم، وليعلم تعالى من يقف عند حدوده ممن يتعداها.
•අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා නොගොස් ඒ තුළ රැඳි සිටිනුයේ කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහාත් මිනිසා පරීක්ෂණයට ලක් කිරීම සඳහාත් මෙලොව විවිධ ආශාවන් අල්ලාහ් ඔවුනට අලංකාරවත් කර දී ඇත.

• كل نعيم الدنيا ولذاتها قليل زائل، لا يقاس بما في الآخرة من النعيم العظيم الذي لا يزول.
•මෙලොව ඇති සියලු සැප සම්පත් ඉතා අල්පය, පහත්ය. මතු ලොවෙහි සදා පවතින සැප සම්පත් සමඟ ඒවා සසදා බැලිය නොහැකිය.

اَلَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَاۤ اِنَّنَاۤ اٰمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا وَقِنَا عَذَابَ النَّارِ ۟ۚ
ස්වර්ගවාසීහූ වනාහි තම පරමාධිපති දෙස බලා ඔවුන්ගේ ප්රාර්ථනාවන්හි මෙසේ පවසා සිටිති. “අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කළෙමු. ඔබ ඔබේ දහම් දූතවරුන්හට පහළ කළ දෑ ද විශ්වාස කළෙමු. ඔබේ පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අප විසින් සිදු වන පාපයන් වලට අපට සමාව දෙනු මැනව! නිරයේ දඬුවමින් අප මුදවලනු මැනව!”
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلصّٰبِرِیْنَ وَالصّٰدِقِیْنَ وَالْقٰنِتِیْنَ وَالْمُنْفِقِیْنَ وَالْمُسْتَغْفِرِیْنَ بِالْاَسْحَارِ ۟
අල්ලාහ්ට අවනත වන කටයුතු වලදී හා පාපකම් අතහැර දමන කටයුතු වලදී ඔවුහු ඉවසීමෙන් ඒවා දරා ගෙන කටයුතු කරති. ඔවුනට අත්වන පරීක්ෂණ සඳහා ඔවුන් ඉවසීමෙන් මුහුණ දෙති. ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් සත්යවාදීන් ලෙස ක්රිය කරති. පූර්ණ ලෙස අල්ලාහ්ට අවනත වෙති. අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ ධනය වියදම් කරති. පතන ප්රාර්ථනාවන්ට පිළිතුරු ලබන්නට රාත්රිය අවසාන කාලය වඩාත් යෝග්ය වන බැවින් හා එහි හදවත් කාර්යබහුලත්වයෙන් සන්සුන් ව ඇති බැවින් එම වේලාවෙහි ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
شَهِدَ اللّٰهُ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۙ— وَالْمَلٰٓىِٕكَةُ وَاُولُوا الْعِلْمِ قَآىِٕمًا بِالْقِسْطِ ؕ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟ؕ
සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට තමන් හැර වෙනත් කිසිවකු නොමැති බව අල්ලාහ් ම සාක්ෂි දරයි. එය ඔහුගේ දේවත්වය විදහාපාන භෞතික හා ආධ්යාත්මික සාධකය නගා සිටුවමිනි. ඒ කෙරෙහි මලක්වරු ද සාක්ෂි දරති. විද්වතුන්ද ඒවා විස්තර කරමින් ඔහුගේ ඒකීයත්වය තහවරු කරමින් මිනිසා ඒ වෙත කැඳවමින් සාක්ෂි දරති. ඔහු ගැන සාක්ෂි දරනු ලබන අතිමහත් කරුණ වනුයේ අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් හා ඔහුගේ පිළිවෙත සම්බන්ධයෙන් ඔහු සාධාරණ ලෙසින් නැගී සිටින බවට වූ විශ්වාසයයි. සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු අබිබවා යන කිසිවකු නැත. ඔහුගේ මැවීම් පිළිබඳවත් ඔහුගේ සැලසුම් හා ආගමානුගත කිරීම් පිළිබඳවත් ඔහු සියුම් ඥානීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الدِّیْنَ عِنْدَ اللّٰهِ الْاِسْلَامُ ۫— وَمَا اخْتَلَفَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْ بَعْدِ مَا جَآءَهُمُ الْعِلْمُ بَغْیًا بَیْنَهُمْ ؕ— وَمَنْ یَّكْفُرْ بِاٰیٰتِ اللّٰهِ فَاِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
අල්ලාහ් අබියස පිළිගනු ලැබූ දහම ඉස්ලාම් නොහොත් අවනතභාවයේ දහමයි. එනම් ඔහුට පමණක් අවනත වී ඔහුට නැමදුම් පුද කොට යටහත් වී ඔහුගේ දූත මෙහෙවර සඳහා එවනු ලැබූ අවසාන දූතයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඇතුළු ව සියලු නබිවරුන් විශ්වාස කිරීමය. ඔහුගේ පිළිවෙත මිස වෙනත් කිසිදු පිළිවෙතක් පිළිගනු නොලැබේ. යුදෙව්වන් හා කිතුනුවන් වෙත පැමිණි ඥානය හා දැනුම පූර්ව සාධක ලෙස ඔප්පු කිරීමෙන් පසු ව මිස ඔවුන් ඊර්ෂ්යාව හා ලෞකික ආශාවන් හේතුවෙන් කණ්ඩායම් හා නිකාය වලට බෙදී ඔවුන්ගේ දහම තුළ වෙන් වී නොගියහ. අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ සාධක කවරෙකු ප්රතික්ෂේප කරන්නේද එසේ තම දූතවරු බොරු කොට ප්රතික්ෂේප කළවුන් සඳහා සැබැවින්ම අල්ලාහ් විනිශ්චය ඉක්මන් කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ حَآجُّوْكَ فَقُلْ اَسْلَمْتُ وَجْهِیَ لِلّٰهِ وَمَنِ اتَّبَعَنِ ؕ— وَقُلْ لِّلَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَالْاُمِّیّٖنَ ءَاَسْلَمْتُمْ ؕ— فَاِنْ اَسْلَمُوْا فَقَدِ اهْتَدَوْا ۚ— وَاِنْ تَوَلَّوْا فَاِنَّمَا عَلَیْكَ الْبَلٰغُ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِالْعِبَادِ ۟۠
අහෝ! දූතය, නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් නුඹ සමග වාද කළේ නම් ඔවුනට පිළිතුරු වශයෙන් ‘මා හා මා අනුගමනය කළ දේව විශ්වාස කරන්නන් වන අපි අල්ලාහ්ට යටත් වන්නෙමු’ යැයි පවසනු. අහෝ! දූතය, ‘මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේද එය පිළිපදිමින් අල්ලාහ්ට අවංක ලෙසින් නුඹලා යටහත් වන්නේදැ?’යි තවදුරටත් ආගම් ලත් ජනයා හා දෙවියන් වෙත ආදේශ තබන්නන්ගෙන් නුඹ විමසා සිටිනු. ඔවුන් අල්ලාහ්ට යටහත් වී නුඹගේ පිළිවෙත පිළිපදින්නේ නම් සැබැවින්ම ඔවුහු ඍජු මාර්ගයේ ගමන් කරනු ඇත. නමුත් ඔවුන් ඉස්ලාමය පිටුදකින්නේ නම් නුඹ වෙත එවනු ලැබූ දෑ නුඹ ඔවුනට ප්රචාරය කිරීම මිස වෙනත් කිසිදු ක්රියාමාර්ගයක් නුඹට නැත. ඔවුන්ගේ විෂයය නුඹ අල්ලාහ් වෙත අතහැර දමනු. ඔහුගේ ගැත්තන් පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. ක්රියා කරන සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَیَقْتُلُوْنَ النَّبِیّٖنَ بِغَیْرِ حَقٍّ ۙ— وَّیَقْتُلُوْنَ الَّذِیْنَ یَاْمُرُوْنَ بِالْقِسْطِ مِنَ النَّاسِ ۙ— فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیْمٍ ۟
අල්ලාහ් ඔවුන් වෙත පහළ කළ සාධක ප්රතික්ෂේප කොට කිසිදු යුක්තියකින් තොරව සතුරුකමින් හා අසාධාරණ ලෙසින් ඔහුගේ දූතවරුන් ඝාතනය කොට ජනයා අතර යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් යුක්තිය හා සාධාරණය පිහිටුවාලන්නට නියෝග කර සිටියවුන් ඝාතනය කළවුන් වනාහි එවන් සාහසික ඝාතකයින්හට වේදනීය දඬුවමක් ඇති බව නුඹ දන්වා සිටිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ حَبِطَتْ اَعْمَالُهُمْ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؗ— وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ මෙවන් ගතිගුණ වලින් වර්ණනා කරනු ලැබූවන් වෙති. අල්ලාහ් කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් නොමැති බැවින් මෙලොවට හා මතු ලොවට ඒවා කිසිවක් ඔවුනට ඵල දෙන්නේ නැත. ඔවුනට අත්වන දඬුවමින් ඔවුන් වළක්වාලන්නට උදව්කරුවන්ද ඔවුනට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم ما يُكفِّر الذنوب ويقي عذاب النار الإيمان بالله تعالى واتباع ما جاء به الرسول صلى الله عليه وسلم.
•පාපකම් මකා දමන නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා කරන අතිමහත් සාධකය වනුයේ උත්තරීතර අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය හා ඔහුගේ දූතයාණන් කවර කරුණක් රැගෙන ආවේද එය පිළිපැදීමයි.

• أعظم شهادة وحقيقة هي ألوهية الله تعالى ولهذا شهد الله بها لنفسه، وشهد بها ملائكته، وشهد بها أولو العلم ممن خلق.
•මහත් වූ සාක්ෂිය හා යථාර්ථය වනුයේ අල්ලාහ්ගේ දේවත්වයයි. අල්ලාහ් තමන් පිළිබඳ ව එසේ සාක්ෂි දරන්නේත් ඒ ගැන මලක්වරුන් සාක්ෂි දරන්නේත් මිනිසුන් අතර සිටින බුද්ධිමතුන් සාක්ෂි දරන්නේත් එබැවිණි.

• البغي والحسد من أعظم أسباب النزاع والصرف عن الحق.
•සත්යයෙන් පෙරළීමට හා ඉන් ඉවත් වීමට ක්රෝධය හා ඊර්ෂ්යාව ප්රධාන සාධක වන්නේය.

اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ اُوْتُوْا نَصِیْبًا مِّنَ الْكِتٰبِ یُدْعَوْنَ اِلٰی كِتٰبِ اللّٰهِ لِیَحْكُمَ بَیْنَهُمْ ثُمَّ یَتَوَلّٰی فَرِیْقٌ مِّنْهُمْ وَهُمْ مُّعْرِضُوْنَ ۟
අහෝ! නබිවරය, තව්රාතය පිළිබඳ දැනුම හා නුඹගේ නබිත්වය පිළිබඳ සාධක අතුරින් සමහරක් අල්ලාහ් විසින් යුදෙව්වන්හට පිරිනමා තිබිණ. එම තත්ත්වය මත නුඹ ඔවුන් නොදුටුවෙහිද? ඔවුන් කවර දෙයක් පිළිබඳ මතභේද ඇති කර ගත්තේද එය ඔවුන් අතර විග්රහ කරනු පිණිස ඔවුන් අල්ලාහ්ගේ පුස්තකය වන තව්රාතය වෙත කැඳවනු ලැබුවෝය. පසු ව ඔවුන්ගෙන් විද්වතුන් හා ප්රධානීන් පිරිසක් තම අනුගාමිකයින් ඔවුන් විශ්වාස කරමින් සිටිය දී හා යම් පණිවිඩයක් ලැබුණු විට එය ජනතාව අතරට ඉක්මණින් ගෙන යන ප්රමුඛයින් ලෙස සිටිය දී තමන්ගේ කැමැත්තට එකඟ නොවූ යමක් එහි ඔවුන් දුටු විට එම දැනුම ප්රතික්ෂේප කරමින් ඉන් හැරී ගියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِاَنَّهُمْ قَالُوْا لَنْ تَمَسَّنَا النَّارُ اِلَّاۤ اَیَّامًا مَّعْدُوْدٰتٍ ۪— وَّغَرَّهُمْ فِیْ دِیْنِهِمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟
මෙසේ සත්යයෙන් පෙරළීම හා ප්රතික්ෂේප කිරීම සිදු වූයේ සැබැවින්ම තමන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දින ප්රමාණයක් මිස නිරය තමන් ස්පර්ශ නොකරනු ඇතැයිද පසු ව ඔවුන් ස්වර්ග උයනට සදාකල් පිවිසෙනු ඇතැයිද ඇරයුම් කරමින් සිටියෝය. මෙසේ ව්යාජත්වය හා බොරුවෙන් නිර්මාණය කර ගත් ඔවුන්ගේ සිතුවිලි ඔවුන් මුළා කර දැමුවේය. අල්ලාහ් හා ඔහුගේ දහම වෙත දොස් පැවරුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ اِذَا جَمَعْنٰهُمْ لِیَوْمٍ لَّا رَیْبَ فِیْهِ ۫— وَوُفِّیَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
ඔවුන්ගේ තත්ත්වය හා ඉරණම කෙසේ පිහිටනු ඇත් ද? කිසිදු සැකයකට ඉඩක් නැති දිනයේ විනිශ්චය සඳහා ඔවුන් අපි එක්රැස් කරන විට ඔවුන්ගේ නපුරු ඉරණම ඔවුනට අත්වනු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සෑම ආත්මයක්ම සිදු කළ දෑ සඳහා වූ ප්රතිඵල සුදුසු ප්රමාණයට අනුව පිරිනමනු ලැබේ. එහි කිසිදු අසාධාරණයක් හෝ ප්රතිඵල වල කිසිදු අඩු කිරීමක් හෝ ප්රතිවිපාක වල කිසිදු වැඩිකිරීමක් හෝ සිදු කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ اللّٰهُمَّ مٰلِكَ الْمُلْكِ تُؤْتِی الْمُلْكَ مَنْ تَشَآءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَآءُ ؗ— وَتُعِزُّ مَنْ تَشَآءُ وَتُذِلُّ مَنْ تَشَآءُ ؕ— بِیَدِكَ الْخَیْرُ ؕ— اِنَّكَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ! දූතය, නුඹේ පරමාධිපතිට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් මෙසේ පවසනු: “අහෝ! දෙවිඳුනි, මෙලොව හා මතුලොව සියලු රාජ්යයන්ගේ රජු ඔබය. ඔබ මැවූ අය අතුරින් ඔබ කැමැති අයට බලය පිරිනමන්නෙහිය. ඔබ කැමති අයගෙන් එය ඉවත් කරන්නෙහිය. ඔබ කැමති අය ගෞරවයට පත් කරන්නෙහිය. ඔබ කැමති අය පහත් කරන්නෙහිය. සියල්ල පිහිටා ඇත්තේ ඔබේ අනු දැනුම හා යුක්තිය මතය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබ සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
تُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَتُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ ؗ— وَتُخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَتُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ ؗ— وَتَرْزُقُ مَنْ تَشَآءُ بِغَیْرِ حِسَابٍ ۟
ඔබ දහවල තුළට රාත්රිය ඇතුළු කොට දහවල් කාලය දිගු කිරීමත් රාත්රිය තුළට දහවල ඇතුළු කොට රාත්රි කාලය දිගු කිරීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නාගෙන් දෙවියන් විශ්වාස කරන්නා හෙළි කිරීම බීජයෙන් පැළ මතු කිරීම වැනි පණ නැති දැයින් ජීවමාන දෑ මතු කිරීමත් දෙවියන් විශ්වාස කරන්නාගෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නා බැහැර කිරීම කිකිළියගෙන් බිත්තර මතු කිරීම වැනි ප්රාණය සහිත දැයින් ප්රාණය නැති දෑ බැහැර කිරීමත් ඔබේ ශක්තිය විදහා පාන සාධක වෙති. ඔබ කැමති අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ඇතිතරම් පෝෂණය ලබා දෙන්නෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَتَّخِذِ الْمُؤْمِنُوْنَ الْكٰفِرِیْنَ اَوْلِیَآءَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ۚ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ فَلَیْسَ مِنَ اللّٰهِ فِیْ شَیْءٍ اِلَّاۤ اَنْ تَتَّقُوْا مِنْهُمْ تُقٰىةً ؕ— وَیُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهٗ ؕ— وَاِلَی اللّٰهِ الْمَصِیْرُ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන් විශ්වාස කරන්නන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් ඔබට උදව් කරන, ඔබ ප්රිය කරන භාරකරුවන් බවට පත් කර නොගනු. කවරෙකු එසේ සිදු කරන්නේද අල්ලාහ්ගේ භාරයෙන් ඔහු ඉවත් වන්නේය. අල්ලාහ්ද ඔහුගෙන් ඉවත් වනු ඇත. නමුත් ඔවුන් නුඹලා පාලනය කරන පාලකයින් නම් නුඹලාගේ ජීවිත වලට ඔවුන් තර්ජනයක් නම් ඔවුන්ගේ වේදනාවන්ට බිය වී ඔවුන් සමග වූ සතුරුකම සිත සඟවා ගනිමින් මෘදු කතාවෙන් හා මෘදු ක්රියාවෙන් ඔවුන් සමග කටයුතු කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් නුඹලාට අවවාද කරයි. එබැවින් නුඹලා ඔහුට බිය වනු. පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ලබන්නට නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنْ تُخْفُوْا مَا فِیْ صُدُوْرِكُمْ اَوْ تُبْدُوْهُ یَعْلَمْهُ اللّٰهُ ؕ— وَیَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ දූතය දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් සමග ආශ්රය කිරීම වැනි අල්ලාහ් නුඹලාට තහනම් කළ දෑ නුඹලාගේ සිත් තුළ නුඹලා සඟවා ගත්තද එය නුඹලා හෙළි කළ ද ඒ ගැන අල්ලාහ් දන්නේය. කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ඔහු දන්නේය. සියලු දෑ කෙරෙහි ඔහු සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නැත යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن التوفيق والهداية من الله تعالى، والعلم - وإن كثر وبلغ صاحبه أعلى المراتب - إن لم يصاحبه توفيق الله لم ينتفع به المرء.
•භාග්යය හා යහමග ලැබීම යනු අල්ලාහ්ගෙන් සිදුවන දෙයකි. දැනුම යනු (එය වර්ධනය කරමින් එහි ඉහළම තැනට ළඟා වුවද) අල්ලාහ්ගේ භාග්යය ඒ සමග මුසු නොවූයේ නම් මිනිසා එමගින් ප්රයෝජනය ලබන්නේ නැත.

• أن الملك لله تعالى، فهو المعطي المانع، المعز المذل، بيده الخير كله، وإليه يرجع الأمر كله، فلا يُسأل أحد سواه.
•සියලු රාජ්යයන් අල්ලාහ් සතුය. පිරිනමන්නා මෙන්ම වළක්වන්නාද ඔහුය. සියලු දෑහි යහපත ඇත්තේ ඔහු සතුවය. සියලු කරුණු යොමු වන්නේ ඔහු වෙතමය. එබැවින් ඔහු හැර වෙනත් කිසිවකුගෙන් පැතිය නොයුතුයි.

• خطورة تولي الكافرين، حيث توعَّد الله فاعله بالبراءة منه وبالحساب يوم القيامة.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමීප මිතුරන් හා භාරකරුවන් ලෙස ගැනීමේ අවධානම. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එසේ සිදු කරන්නා අල්ලාහ්ගේ භාරයෙන් හා විනිශ්චයෙන් ඉවත් වන බවට අල්ලාහ් ප්රතිඥා දෙමින් ඒ ගැන අවවාද කරයි.

یَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَیْرٍ مُّحْضَرًا ۖۚۛ— وَّمَا عَمِلَتْ مِنْ سُوْٓءٍ ۛۚ— تَوَدُّ لَوْ اَنَّ بَیْنَهَا وَبَیْنَهٗۤ اَمَدًاۢ بَعِیْدًا ؕ— وَیُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهٗ ؕ— وَاللّٰهُ رَءُوْفٌۢ بِالْعِبَادِ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම ආත්මයක්ම සිදු කළ යහපත් ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු අඩුවකින් තොර ව ඒවා ගෙන එනු ලැබේ. අයහපත සිදු කළ තැනැත්තා එය හා තමන් අතර දිගු කාල පරතරයක් තිබීමට ආශා කරයි. නමුත් එම ආශාවේ කුමන ඵලක් ද? අල්ලාහ් නුඹලාට අවවාද කර ඇත්තේය. එහෙයින් පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. අල්ලාහ් තම ගැත්තන්හට දායලුය. එහෙයින් ඔහු ඔවුනට අවවාද කරයි. ඔවුන් බියවද්දයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنْ كُنْتُمْ تُحِبُّوْنَ اللّٰهَ فَاتَّبِعُوْنِیْ یُحْبِبْكُمُ اللّٰهُ وَیَغْفِرْ لَكُمْ ذُنُوْبَكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
“නුඹලා සැබෑ ලෙසින් අල්ලාහ්ට ආදරය කරන්නේ නම් මා රැගෙන ආ දෑ එළිපිට මෙන්ම ඇතුළාන්තයෙන්ද පිළිපඳිනු. එවිට නුඹලා අල්ලාහ්ගේ ආදරය ලබා ගනු ඇත. නුඹලාගේ පාප වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරින් සමාව අයැද සිටින්නන්හට ක්ෂමාශීලීය. මහා කරුණාභරිතය.” යැයි නබිවරය, නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَطِیْعُوا اللّٰهَ وَالرَّسُوْلَ ۚ— فَاِنْ تَوَلَّوْا فَاِنَّ اللّٰهَ لَا یُحِبُّ الْكٰفِرِیْنَ ۟
අහෝ! දූතය, “නියෝග පිළිපදිමින් තහනම් දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු”යි තවදුරටත් නුඹ ඔවුනට පවසනු. එයින් ඔවුන් වැළකී සිටියේ නම් අල්ලාහ්ගේ අණට හා ඔහුගේ දූතයාණන්ගේ අණට විරුද්ධ වන ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැති බව දැන ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ اصْطَفٰۤی اٰدَمَ وَنُوْحًا وَّاٰلَ اِبْرٰهِیْمَ وَاٰلَ عِمْرٰنَ عَلَی الْعٰلَمِیْنَ ۟ۙ
සැබැවින්ම අල්ලාහ් ආදම් (අලෙයිහිස් සලාම්) තෝරා ඔහුට මලක්වරුන් විසින් සජදා (අචාර) කිරීමට සැලැස්වීය. තවද නූහ් (අලෙයිහිස් සලාම්) තෝරා මිහිතලයේ වැසියන්හට පළමු දූතයා බවට ඔහු පත් කළේය. ඉබ්රාහීම්ගේ කුඩුම්භය තෝරා ඔහුගෙන් පැවතෙන පරම්පරාවට නබිත්වය නොහොත් දේව දූත මෙහවර පිරිනැමුවේය. එමෙන්ම ඉම්රාන්ගේ කුඩුම්භය ද ඔහු තෝරා පත් කළේය. මේ සියලු දෙනා තෝරා ඔවුනොවුන්ගේ කාලයේ විසූ ජනසමූහයා අතර ඔවුන් උසස් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذُرِّیَّةً بَعْضُهَا مِنْ بَعْضٍ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟ۚ
මෙසේ සඳහන් කරනු ලැබූ නබිවරුන් හා ඔවුන්ගේ පියවර මත අනුගමනය කළ ඔවුන්ගේ පරම්පරාව වනාහි අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමේ හා දැහැමි ක්රියාවන් සිදු කිරීමේ ඔවුන් එකිනෙකා සම්බන්ධකම් ඇති උදවිය වෙති. ගතිගුණ හා මහිමයන්ට ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උරුමකම් කියති. අල්ලාහ් තම ගැත්තන් පවසන ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන් අතරින් තමන් කැමති අය තෝරා ගන්නේත් ඔවුන් අතුරින් තමන් කැමති අය උසස් කරන්නේත් එබැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَتِ امْرَاَتُ عِمْرٰنَ رَبِّ اِنِّیْ نَذَرْتُ لَكَ مَا فِیْ بَطْنِیْ مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّیْ ۚ— اِنَّكَ اَنْتَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අහෝ! දූතය, මර්යම්ගේ මව වන ඉම්රාන්ගේ බිරිය කතා කළ අවස්ථාව ඔවුනට මෙනෙහි කරනු. ඇය: ‘මාගේ පරමාධිපතියාණනි, මාගේ කුස තුළ උසුලා ඇති දරුවා ඔබ වෙනුවෙන් අවංක ලෙස පුදන්නට මා මට ම පවරා ගනිමි. සියලු දැයින් දරුවා නිදහස් කොට ඔබේ සේවය පිණිස ඔබේ නිවසේ සේවය පිණිස පත් කරමි. එහෙයින් එය මගෙන් භාර ගනු. සැබැවින්ම ඔබ මාගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය. මාගේ චේතනාව පිළිබඳ මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ اِنِّیْ وَضَعْتُهَاۤ اُ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِمَا وَضَعَتْ ؕ— وَلَیْسَ الذَّكَرُ كَالْاُ ۚ— وَاِنِّیْ سَمَّیْتُهَا مَرْیَمَ وَاِنِّیْۤ اُعِیْذُهَا بِكَ وَذُرِّیَّتَهَا مِنَ الشَّیْطٰنِ الرَّجِیْمِ ۟
ඇය පූර්ණ ගැබ්භාවයට පත් වූ පසු දරුවා ප්රසූත කළ කල්හි (දරුවා පිරිමි දරුවකු විය යුතු යැයි ඇය අපේක්ෂා කළ බැවින්) “අහෝ මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මම ප්රසූත කර ඇත්තේ ගැහැනුු දරුවෙකි.” යැයි කරුණු ඉදිරිපත් කළාය. ඇයට පිරිනමනු ලැබූ ගැහැනුු දරුවා ඇය අපේක්ෂා කලාක් මෙන් හැඩරුවෙන් හා ශක්තියෙන් හෙබි පිරිමි දරුවකු මෙන් නොවීය. තවදුරටත් ඇය: මම ඇයට මර්යම් යනුවෙන් නම් තැබුවෙමි. ඔබේ කරුණාවෙන් නෙරපා හරින ලද ෂාතාන්ගෙන් ආරක්ෂාව ඇය හා ඇයගේ පරපුර වෙනුවෙන් මා ඔබෙන් පතමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُوْلٍ حَسَنٍ وَّاَنْۢبَتَهَا نَبَاتًا حَسَنًا ۙ— وَّكَفَّلَهَا زَكَرِیَّا ؕ— كُلَّمَا دَخَلَ عَلَیْهَا زَكَرِیَّا الْمِحْرَابَ ۙ— وَجَدَ عِنْدَهَا رِزْقًا ۚ— قَالَ یٰمَرْیَمُ اَنّٰی لَكِ هٰذَا ؕ— قَالَتْ هُوَ مِنْ عِنْدِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ یَرْزُقُ مَنْ یَّشَآءُ بِغَیْرِ حِسَابٍ ۟
අල්ලාහ් ඇයගේ භාරය යහපත් අයුරින් පිළි ගත්තේය. ඉතා අලංකාර ලෙස ඇයගේ දැරිය රැක බලා ගත්තේය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ හදවත් ඇය වෙත නැඹුරු කෙරෙව්වේය. ඇයගේ භාරකාරත්වය සකරිය්යා වෙත පැවරුවේය. සකරිය්යා ඇය වෙත පිවිසෙන සෑම අවස්ථාවකම නැමදුම් කරන ස්ථානය අසල සරල ප්රණීත ආහාර දුටුවේය. ඔහු ඇය අමතා: “අහෝ! මර්යම්, මෙම ආහාරය ඔබට ලැබුණේ කොහෙන්දැ?”යි විමසුවේය. ඇය පිළිතුරු වශයෙන්: “මෙම ආහාරය අල්ලාහ් වෙතිනි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ආහාර සපයන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظم مقام الله وشدة عقوبته تجعل العاقل على حذر من مخالفة أمره تعالى.
•අල්ලාහ්ගේ ස්ථාවරත්වයේ විභූතිය හා ඔහුගේ දඬුවමේ බිහිසුණුකම බුද්ධිමත් අයකු ඔහුගේ නියෝග වලට විරුද්ධ වීමෙන් ආරක්ෂා වන්නට ඉඩ සලසනු ඇත.

• برهان المحبة الحقة لله ولرسوله باتباع الشرع أمرًا ونهيًا، وأما دعوى المحبة بلا اتباع فلا تنفع صاحبها.
•දහම්ගත කොට ඇති නියෝග හා තහනම් දෑ පිළිපැදීම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ආදරය කිරීමේ සාධක වන්නේය. යමෙකු එසේ පිළිපැදීමකින් තොර ව දෙවියන් කෙරෙහි ආදරය ඇති බවට වාද කරන්නේ නම් එය ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත.

• أن الله تعالى يختار من يشاء من عباده ويصطفيهم للنبوة والعبادة بحكمته ورحمته، وقد يخصهم بآيات خارقة للعادة.
•අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අය තෝරා ගන්නේය. නබිත්වය නොහොත් දේව මෙහෙවර හා නැමදුම සඳහා ඔහුගේ ප්රඥාවෙන් හා දයාලුභාවයෙන් ඔවුන් තෝරා පත් කරන්නේය. අසාමාන්ය සාධක තුළින් ඔවුන් විශේෂගත කරනු ඇත.

هُنَالِكَ دَعَا زَكَرِیَّا رَبَّهٗ ۚ— قَالَ رَبِّ هَبْ لِیْ مِنْ لَّدُنْكَ ذُرِّیَّةً طَیِّبَةً ۚ— اِنَّكَ سَمِیْعُ الدُّعَآءِ ۟
ආසාමාන්ය ලෙස ඉම්රාන්ගේ දියණිය වූ මර්යම් තුමියට අල්ලාහ් ආහාර සපයා තිබෙනු දුටු සකරිය්යා බිරිය වඳ කාන්තාවක් වූ බැවින් මර්ය තුමියට පිරිනමන ලද එම අසාමාන්ය තත්ත්වය මෙන් තමන්ටත් මෙතෙක් කල් නොතිබුණු දරු සම්පතක් ඉල්ලා අල්ලාහ්ගෙන් මෙසේ ප්රාර්ථනා කළේය. “අහෝ! මාගේ පරමාධිපතියාණනි, මට දැහැමි දරුවකු පිරිනමනු මැනව! නියත වශයෙන් ඔබෙන් ඉල්ලා සිටින ප්රාර්ථනාවන්ට ඔබ සවන් දෙන්නාය. එයට පිළිතුරු දෙන්නාය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَنَادَتْهُ الْمَلٰٓىِٕكَةُ وَهُوَ قَآىِٕمٌ یُّصَلِّیْ فِی الْمِحْرَابِ ۙ— اَنَّ اللّٰهَ یُبَشِّرُكَ بِیَحْیٰی مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّٰهِ وَسَیِّدًا وَّحَصُوْرًا وَّنَبِیًّا مِّنَ الصّٰلِحِیْنَ ۟
එවිට ඔහු නැමදුම් කරන ස්ථානයේ නැමදුම් කරමින් සිටියදී මලක්වරුන් ඔහු අමතා: ‘යහ්යා නමින් වූ දරුවකු නුඹ දාව ඉපදෙන්නට යයි. ඔහු සතු විශේෂ ගුණාංග අතුරින් ඔහු අල්ලාහ්ගේ වදන වූ මර්යම්ගේ පුත් ඊසා (අලය්හිස් සලාම්) තුමා ව තහවුරු කරයි. (ඊට හේතුව ඊසා (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ්ගේ වදනින් වූ සුවිශේෂ මැවීමක් වූ බැවිණි.) තම සමූහයා අතර දැනුම හා නැමදුම මෙහෙයවන නායකයා බවට පත් වෙයි. තම ආත්මය පාලනය කර ගනිමින් ආශාවන්ගෙන් වළක්වා ගනියි. කාන්තාවන්ට සමීප වීම ද ඉන් එකකි. තම පරමාධිපතිට නැමදුම් කිරීම සඳහා තම ආත්මය සියල්ලෙන් නිදහස් කර ගනියි. එමෙන්ම දැහැමියන් අතර නබිවරයකු වෙයි’ යැයි ශුභාරංචි දන්වා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّقَدْ بَلَغَنِیَ الْكِبَرُ وَامْرَاَتِیْ عَاقِرٌ ؕ— قَالَ كَذٰلِكَ اللّٰهُ یَفْعَلُ مَا یَشَآءُ ۟
යහ්යා පිළිබඳ සකරිය්යා වෙත මලක්වරු ශුභාරංචි දන්වා සිටි කල්හි, ඔහු: “මාගේ පරමාධිපතියාණනි, මම වයෝවෘද්ධයකු බවට පත් ව සිටියදී මාගේ බිරිය දරුවන් නොලබන වඳ කාන්තාවක් ලෙස සිටියදී මට දරුවකු හට ගනුයේ කෙසේදැ”යි විමසා සිටියේය. ඔහුගේ ප්රකාශයට පිළිතුරු වශයෙන් අල්ලාහ්: “නුඹේ වයස්ගත කාලයේදී නුඹේ බිරිය වඳ කාන්තාවක් ව සිටියදී යහ්යාගේ මැවීම අසාමාන්ය ලෙස අල්ලාහ් මවන්නට අභිමත කරන දෑ හා සමාන මැවීමකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු අභිමත කරන දෑ ඔහුගේ ප්රඥාවෙන් හා අනුදැනුමෙන් සිදු කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ اجْعَلْ لِّیْۤ اٰیَةً ؕ— قَالَ اٰیَتُكَ اَلَّا تُكَلِّمَ النَّاسَ ثَلٰثَةَ اَیَّامٍ اِلَّا رَمْزًا ؕ— وَاذْكُرْ رَّبَّكَ كَثِیْرًا وَّسَبِّحْ بِالْعَشِیِّ وَالْاِبْكَارِ ۟۠
“මාගේ පරමාධිපතියාණනි, මා විසින් මාගේ බිරිය ගැබ් ගන්නා බවට වූ සලකුණක් මා හට පෙන් වන්නැ”යි සකරිය්යා පවසා සිටියේය. එයට අල්ලාහ්: “නුඹට කිසිදු අඩුවක් සිදු නොවී සංඥා අඟවමින් ජනයා සමඟ සන්නිවේද කළ හැකි නමුත් දහවල හා රාත්රිය ඇතුළු ව පූර්ණ දින තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය. නුඹ අධික ලෙස අල්ලාහ් ව සුවිශුද්ධ කරනු. දහවල් අවසානය හා එහි ආරම්භ කාලයේ එතුමා තස්බීහ් හෙවත් අල්ලාහ් ව සුවිශුද්ධත්වයට පත් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ قَالَتِ الْمَلٰٓىِٕكَةُ یٰمَرْیَمُ اِنَّ اللّٰهَ اصْطَفٰىكِ وَطَهَّرَكِ وَاصْطَفٰىكِ عَلٰی نِسَآءِ الْعٰلَمِیْنَ ۟
අහෝ! දූතය, මලක්වරු මර්යම් දෙස බලා කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු: “ප්රශංසනීය ගතිපැවතුම් වලින් වර්ණනා කරනු ලබන දෑ සඳහා අල්ලාහ් නුඹ ව තෝරා ඇත. අඩුපාඩුකම් වලින් ඔහු නුඹ ව පිවිතුරු කර ඇත. නුඹගේ කාලයේ ලෝවැසි කාන්තාවන්ට ඉහළින් ඔහු නුඹ ව තෝරා ගෙන ඇත.” යැයි මර්ය තුමියට පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰمَرْیَمُ اقْنُتِیْ لِرَبِّكِ وَاسْجُدِیْ وَارْكَعِیْ مَعَ الرّٰكِعِیْنَ ۟
අහෝ! මර්යම්, දීර්ඝ ලෙස නැගිට සිට සලාත් නැමදුම ඉටු කරනු. නුඹේ පරමාධිපතිට හිස නමා සුජූද් (සිරස නමස්කාර) කරනු. ඔහුගේ දැහැමි ගැත්තන් අතරින් රුකූ කරන්නන් (දණහිස අතින් අල්ලා නැවී නමස්කාර කරන්නන්) සමග එක් වී රුකූඋ නමස්කාරය කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ مِنْ اَنْۢبَآءِ الْغَیْبِ نُوْحِیْهِ اِلَیْكَ ؕ— وَمَا كُنْتَ لَدَیْهِمْ اِذْ یُلْقُوْنَ اَقْلَامَهُمْ اَیُّهُمْ یَكْفُلُ مَرْیَمَ ۪— وَمَا كُنْتَ لَدَیْهِمْ اِذْ یَخْتَصِمُوْنَ ۟
සකරිය්යා හා මර්යම් සම්බන්ධයෙන් හෙළි කළ මෙම තොරතුරු ගුප්ත තොරතුරු අතුරිනි. අහෝ! දූතය, අපි එය නුඹට දැනුම් දී ඇත්තෙමු. මර්ය තුමිය හදාවඩා ගන්නට වඩාත් සුදුස්සා කවුරුන්දැ?යි දැහැමි විද්වතුන් වාද කළ අවස්ථාවේ නුඹ එහි නොවීය. ඔවුන් ඒ සඳහා කුසපත් අදින්නට විය. ඔවුන්ගේ පන්හිද වල් බිමට දැමීය. සකරිය්යාගේ පන්හිද ජය ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَتِ الْمَلٰٓىِٕكَةُ یٰمَرْیَمُ اِنَّ اللّٰهَ یُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ ۙۗ— اسْمُهُ الْمَسِیْحُ عِیْسَی ابْنُ مَرْیَمَ وَجِیْهًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ وَمِنَ الْمُقَرَّبِیْنَ ۟ۙ
අහෝ! දූතය, මලක්වරු මර්ය තුමියට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුහු: “අහෝ! මර්යම්, පියකු නොමැති අසාමාන්ය මැවීමකින් නුඹට දරුවකු ඉපදෙන්නට නියමිතය. එය අල්ලාහ්ගෙන් වූ වදනක් පමණය. ‘කුන්’ (වනු) යන ප්රකාශයකින් එය සිදු වනු ඇත. එවිට අල්ලාහ්ගේ අනුමැතියෙක් දරුවකු බිහි වේ. එම දරුවාගේ නම අල්-මසීහ් හෙවත් මර්යම්ගේ පුත් ඊසාය. මෙලොව හා මතු ලොවෙහි මෙන්ම අල්ලාහ් වෙත සමීපවන්නන් අතර ද අතිමහත් ගරුත්වයක් හා නිලයක් ඔහුට හිමිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عناية الله تعالى بأوليائه، فإنه سبحانه يجنبهم السوء، ويستجيب دعاءهم.
•අල්ලාහ්ගේ සමීපතයින් කෙරෙහි ඔහුගේ අවධානය සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ඔවුන් නපුරෙන් ආරක්ෂා කරනු ඇත. ඔවුන්ගේ ප්රාර්ථනාවන්ට පිළිතුරු දෙනු ඇත.

• فَضْل مريم عليها السلام حيث اختارها الله على نساء العالمين، وطهَّرها من النقائص، وجعلها مباركة.
•ලෝවැසි කාන්තාවන්ට ඉහළින් මර්ය තුමිය ව අල්ලාහ් තෝරා ගැනීමෙන් මර්යම් තුමියට හිමි වූ මහිමය. සියලු අඩුපාඩු වලින් අල්ලාහ් ඇය ව පිරිසිදු කළේය. ඇය ව භාග්යවන්ත කාන්තාවක් බවට පත් කළේය.

• كلما عظمت نعمة الله على العبد عَظُم ما يجب عليه من شكره عليها بالقنوت والركوع والسجود وسائر العبادات.
•ගැත්තාහට අල්ලාහ්ගේ ආශිර්වාද බහුල වශයෙන් පිරිනමනු ලබන සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් රුකූඋ සුජූද් හා වෙනත් නැමදුම් ඉටු කොට අවනත වී කෘතඥතාව පුද කර සිටීම අනිවාර්ය වනු ඇත.

• مشروعية القُرْعة عند الاختلاف فيما لا بَيِّنة عليه ولا قرينة تشير إليه.
•මතභේද ඇති වූ අවස්ථාවක එය පැහැදිලි නොමැති විටෙක එය නිසි ලෙස පෙන්වා දෙන්නට සගයකු නොමැති විටෙක කුසපත් ඇදීම ආගමානුගත කොට ඇත.

وَیُكَلِّمُ النَّاسَ فِی الْمَهْدِ وَكَهْلًا وَّمِنَ الصّٰلِحِیْنَ ۟
ඊසා (අලයිහිස් සලාම්) තුමා ළදරුවකු කතා කිරීමේ හැකියාව ලබන නියමිත කාලයට පෙර අසාමාන්ය ලෙස කුඩා අවදියේම මිනිසුන් සමග කතා කරයි. පූර්ණ පෞරුෂත්වයෙන් හා ජවයෙන් හෙබි වැඩහිටි අවදියේ ද ඔහු ඔවුන් සමග කතා කරනු ඇත. එහිදී ඔවුන්ගේ ආගමික කටයුතු හා ඔවුන්ගේ ලෞකික කටයුතු වල යහපත ඔවුන් සමග කතා කරයි. තම ප්රකාශ හා තම ක්රියා වල දැහැමි ලෙස කටයුතු කරන්නන් අතර ඔහු සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَتْ رَبِّ اَنّٰی یَكُوْنُ لِیْ وَلَدٌ وَّلَمْ یَمْسَسْنِیْ بَشَرٌ ؕ— قَالَ كَذٰلِكِ اللّٰهُ یَخْلُقُ مَا یَشَآءُ ؕ— اِذَا قَضٰۤی اَمْرًا فَاِنَّمَا یَقُوْلُ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
සැමියෙකු නොමැති ව දරුවකු පිළිසිද ගැනීම සිදු විය නොහැක්කක් බව අවධාරණය කරමින් ඇය: “නිත්යනුකූල හෝ නිත්යනුකූල නොවන කිසිදු මිනිසෙකු මා සමීපයට නොපැමිණ මට දැරුවකු ලැබෙනුයේ කෙසේදැ?යි විමසා සිටියාය. එවිට මලක්වරයා: පියකු නොමැතිව නුඹ වෙනුවෙන් අල්ලාහ් දරුවකු මැව්වාක් මෙන් ඔහු කැමති දෑ අසාමාන්ය ලෙස මවනු ඇත. එහිදී යම් කටයුත්තක් සිදු කරන්නට ඔහු සිතුවේ නම්, එයට ‘කුන්’ (වනු) යැයි පවසනවාත් සමගම එය සිදුවනු ඇත. නොහැකියාව යනු ඔහු සතු ගුණාංගයක් නොවන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیُعَلِّمُهُ الْكِتٰبَ وَالْحِكْمَةَ وَالتَّوْرٰىةَ وَالْاِنْجِیْلَ ۟ۚ
ලිවීම ක්රියා කිරීම කතාවෙහි හා ක්රියාවෙහි කටයුතු කළ යුතු ආකාරය අල්ලාහ් ඔහුට ඉගැන්වීය. එමෙන්ම මූසා (අලය්හිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයද ඔහුට පහළ වන්නට යන ඉන්ජීලයද අල්ලාහ් ඉගැන්වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَسُوْلًا اِلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ ۙ۬— اَنِّیْ قَدْ جِئْتُكُمْ بِاٰیَةٍ مِّنْ رَّبِّكُمْ ۙۚ— اَنِّیْۤ اَخْلُقُ لَكُمْ مِّنَ الطِّیْنِ كَهَیْـَٔةِ الطَّیْرِ فَاَنْفُخُ فِیْهِ فَیَكُوْنُ طَیْرًا بِاِذْنِ اللّٰهِ ۚ— وَاُبْرِئُ الْاَكْمَهَ وَالْاَبْرَصَ وَاُحْیِ الْمَوْتٰی بِاِذْنِ اللّٰهِ ۚ— وَاُنَبِّئُكُمْ بِمَا تَاْكُلُوْنَ وَمَا تَدَّخِرُوْنَ ۙ— فِیْ بُیُوْتِكُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ
එමෙන්ම අල්ලාහ් ඔහු ව ඉස්රඊල් දරුවන් අතර දහම් දූතයකු බවට පත් කරනු ඇත. ඔහු ඔවුනට: “නියත වශයෙන්ම මම නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. මාගේ මෙම දූත කාර්යය සනාථ කරන සලකුණක් නුඹලා වෙත ගෙන ආවෙමි. එනම්: නුඹලා සඳහා කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් භාණ්ඩයක් මැටියෙන් අඹා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් ජීවමාන පක්ෂියෙකු බවට පත් වනු ඇත. උපතින්ම අන්ධවූවන්හට සුවය ලබා දෙමි. එවිට ඔවුන් පෙනුම ලබනු ඇත. ළාඳුරු වැනි කුෂ්ට රෝග වැලඳ ඇත්තන්ගේ චර්මය යථා තත්ත්වයට සුවපත් කරමි. මිය ගිය අයට ප්රාණය ලබා දෙමි. මේ සියල්ල මා සිදු කරනුයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් පමණි. නුඹලා අනුභව කළ යුත්තේ කුමක් ද? නුඹලාගේ නිවෙස්වල ගබඩා කොට සඟවා තැබිය යුතු ආහාරය කුමක්ද? යනාදී තොරතුරු පිළිබඳ මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාසය ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද සාධක තුළින් සත්යය තහවුරු කරගන්නට අපේක්ෂා කරන්නේ නම් මිනිසා විසින් සිදු කළ නොහැකි මෙවැනි අතිමහත් කරුණු මම නුඹලාට පවසා සිටීමෙන් සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු බවට වූ ප්රමාණවත් සලකුණු නුඹලාට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیَّ مِنَ التَّوْرٰىةِ وَلِاُحِلَّ لَكُمْ بَعْضَ الَّذِیْ حُرِّمَ عَلَیْكُمْ وَجِئْتُكُمْ بِاٰیَةٍ مِّنْ رَّبِّكُمْ ۫— فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟
එමෙන්ම මට පෙර පහළ වූ තව්රාතයේ (තෝරාවේ) ඇති කරුණු තහවුරු කරනු පිණිස මම පැමිණියෙමි. තවද නුඹලාට පහසුවක් හා සහනයක් වනු පිණිස මීට පෙර නුඹලාට තහනම් කරනු ලැබූ දැයින් සමහරක් අනුමත කිරීමට මම පැමිණියෙමි. මා නුඹලාට පවසා සිටි දෑහි සත්යතාව පිළිබඳ පැහැදිලි කරන සාධකයක් සමග පැමිණ ඇත්තෙමි. එහෙයින් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බැතියෙන් කටයුතු කරනු. මා නුඹලා ව කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේද ඒ සම්බන්ධයෙන් මට අවනත වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ رَبِّیْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ— هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
එය සැබැවින්ම අල්ලාහ් මාගේ හා නුඹලාගේ පරමාධිපති වන බැවිණි. යටහත්වන්නටත් බැතිමත් වන්නටත් සුදුස්සා ඔහු පමණය. එහෙයින් නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු. අල්ලාහ් ව නැමදීම සම්බන්ධයෙන් හා ඔහුට බැතිමත්වීම සම්බන්ධයෙන් මම කවර කරුණක් නුඹලා වෙත නියෝග කර ඇත්තේද එයයි ඍජු මාර්ගය වන්නේ. එහි කිසිදු ඇදයක් නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّاۤ اَحَسَّ عِیْسٰی مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ اَنْصَارِیْۤ اِلَی اللّٰهِ ؕ— قَالَ الْحَوَارِیُّوْنَ نَحْنُ اَنْصَارُ اللّٰهِ ۚ— اٰمَنَّا بِاللّٰهِ ۚ— وَاشْهَدْ بِاَنَّا مُسْلِمُوْنَ ۟
ඔවුන් දේව ප්රතික්ෂේපය මත දැඩි ස්ථාවරයෙන් සිටින බව ඊසා (අලය්හිස් සලාම්) තුමා දැනගත් කල්හි ඉස්රාඊල් දරුවන් අමතා: “ජනයා අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සම්බන්ධයෙන් මට උදව් කරන්නේ කවුරුන්දැ”යි විමසා සිටීය. එවිට ඔහු ව අනුගමනය කළ ඔහුගේ අවංක අනුගාමිකයින්: “අල්ලාහ්ගේ දහමට උදව්කරන්නෝ අපමය. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද අපි ඔබ අනුගමනය කළෙමු. සැබැවින්ම අප අල්ලාහ් ඒකීයත්වයට පත් කොට ඔහුට අවනත වෙමින් ඔහු වෙනුවෙන් කැප වී සිටින්නන් බවට නුඹ ම සාක්ෂි දරනු යැයි පවසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• شرف الكتابة والخط وعلو منزلتهما، حيث بدأ الله تعالى بذكرهما قبل غيرهما.
•ලිවීමේ හා සැලසුම් කිරීමේ මහිමය හා ඒ දෙකෙහි පවතින උදාරත්වය පැහැදිලි වනුයේ අල්ලාහ් වෙනත් කිසිවක් පැවසීමට පෙර ඒ දෙක සඳහන් කොට ආරම්භ කර තිබීමය.

• من سنن الله تعالى أن يؤيد رسله بالآيات الدالة على صدقهم، مما لا يقدر عليه البشر.
•මිනිසා විසින් සිදු කළ නොහැකි ප්රතිහාර්යමය පැහැදිලි සාධක හා සංඥා තුළින් තම රසූල්වරයා ශක්තිමත් කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි.

• جاء عيسى بالتخفيف على بني إسرائيل فيما شُدِّد عليهم في بعض شرائع التوراة، وفي هذا دلالة على وقوع النسخ بين الشرائع.
• තව්රරාත් (ග්රන්ථ) යේ සඳහන් දැඩි ආගමික නීතිරීති සමහරක් ඉස්රාඊල් දරුවන්හට සැහැල්ලු කිරීම සඳහා ඊසා (අලය්හිස් සලාම්) තුමා පැමිණියේය. මෙහි ආගමික පිළිවෙත් අතර සංශෝධන හා වෙනස්කම් සිදු වී ඇති බව පෙන්වා දෙන සාක්ෂි ඇත.

رَبَّنَاۤ اٰمَنَّا بِمَاۤ اَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُوْلَ فَاكْتُبْنَا مَعَ الشّٰهِدِیْنَ ۟
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මිතුරු අනුගාමිකයින්ද එලෙසම පවසා සිටියහ. එනම්: ‘අහෝ! අපගේ පරමාධිපතියාණනි, ඉන්ජීලයේ (බයිබලයේ) ඔබ පහළ කර ඇති දෑ අපි විශ්වාස කළෙමු. ඊසා (අලය්හිස් සලාම්) තුමා ව අපි පිළිපදින්නෙමු. ඔබ ව විශ්වාස කළ ඔබේ දූතයාණන් ව විශ්වාස කළ සත්යය පිළිබඳ සාක්ෂිදරන්නන් අතරට අපවද පත් කරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَكَرُوْا وَمَكَرَ اللّٰهُ ؕ— وَاللّٰهُ خَیْرُ الْمٰكِرِیْنَ ۟۠
ඉස්රාඊල්වරුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ඝාතනය කිරීමට කුමන්ත්රණ කළෝය. එවිට අල්ලාහ්ද උපක්රමශීලී ව ඔවුන් සමග කටයුතු කළේය. ඔවුන් නොමග යෑමට ඉඩ හැරියේය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වෙනුවට එතුමාණන්ට සමාන පුද්ගලයකු ඔවුනට ප්රදර්ශනය කර පෙන්වීය. කුමන්ත්රණකරුවන් අතුරින් අති විශිෂ්ට කුමන්ත්රණකරු අල්ලාහ්ය. ඊට හේතුව ඔහුගේ සතුරන් කෙරෙහි පිළියම් යොදන කුමන්ත්රණවලට වඩා දැඩි වෙනත් කුමන්ත්රණයක් නොමැති බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ اللّٰهُ یٰعِیْسٰۤی اِنِّیْ مُتَوَفِّیْكَ وَرَافِعُكَ اِلَیَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِیْنَ كَفَرُوْا وَجَاعِلُ الَّذِیْنَ اتَّبَعُوْكَ فَوْقَ الَّذِیْنَ كَفَرُوْۤا اِلٰی یَوْمِ الْقِیٰمَةِ ۚ— ثُمَّ اِلَیَّ مَرْجِعُكُمْ فَاَحْكُمُ بَیْنَكُمْ فِیْمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟
අල්ලාහ් ඔවුන් මුළාවට පත් කළේය. එය ඔහු ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාවේ දීය. එනම්: “අහෝ! ඊසා, මරණයකින් තොරව මම නුඹ ව අත්පත්කර ගනිමි. නුඹේ ශරීරය හා නුඹේ ප්රාණය මා වෙත ඉහළට ඔසවා ගනිමි. නුඹ ව ප්රතික්ෂේප කළවුන්ගේ කිලිටෙන් පිවිතුරු කරමි. ඔවුන්ගෙන් නුඹ ව දුරස් කරමි. සැබෑ දහම අනුව නුඹ ව පිළිපදින (මුහම්මද් තුමාණන් විශ්වාස කිරීමද ඉන් එකකි) පිරිසක් මම පත් කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ ව ප්රතික්ෂේප කළවුන්ට ඉහළින් සංකේතාත්මක ව හා ගෞරවයෙන් යුතු ව වැජඹෙන්නට හරිමි. අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත පැමිණෙනුයේ මා වෙතමය. නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මතභේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන යුක්ති සහගත ලෙසින් නුඹලා අතර තීන්දු කරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا الَّذِیْنَ كَفَرُوْا فَاُعَذِّبُهُمْ عَذَابًا شَدِیْدًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؗ— وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මෙලොවෙහි මරණ දඬුවමට සිරගත වීමට අවමානයට හා වෙනත් කාරණාවන්ට ලක් කරමින් මම දඬුවම් කරන්නෙමි. මතු ලොවෙහි නිරා ගින්නේ දඬුවම ඔවුනට හිමිය. එම දඬුවමින් ඔවුන් මුදවා ගන්නට ඔවුනට උදව්කරුවන් නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُوَفِّیْهِمْ اُجُوْرَهُمْ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ الظّٰلِمِیْنَ ۟
නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ විශ්වාස කොට සලාතය සකාතය උපවාසය ඥාතී සම්බන්ධකම් රැකීම හා වෙනත් දැහැමි කටයුතු වල නිරතවූවන් වනාහි ඔවුන්ගේ කටයුතු වලට සරිලන පරිදි අල්ලාහ් ඔවුනට කුසල් පිරිනමනු ඇත. ඉන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. මෙම ප්රකාශය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඔහු ගැන ශුභාරංචි දන්වා සිටි ඊසා (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළවුන් ගැන විය. අල්ලාහ් අපරාධකරුවන් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් වෙත ආදේශ කිරීම හා ඔහුගේ දූතවරු බොරු කිරීමට වඩා මහත් අපරාධකරුෙවෝ කවුරුන් විය හැකිද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ نَتْلُوْهُ عَلَیْكَ مِنَ الْاٰیٰتِ وَالذِّكْرِ الْحَكِیْمِ ۟
මෙය නුඹ වෙත කියවා පෙන්වන ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරුය. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑහි සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක හා සංඥා වේ. එය දෙවියන් කෙරෙහි බැතිමත්කම පෙන්වන අයට මෙනෙහි කිරීමක් මෙන්ම කිසිදු ව්යාජත්වයක් නොමැති තීරණාත්මක ප්රකාශයක් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ مَثَلَ عِیْسٰی عِنْدَ اللّٰهِ كَمَثَلِ اٰدَمَ ؕ— خَلَقَهٗ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමේ උපමා ව කිසිදු පියෙක් හා මවක් නොමැති ව මවනු ලැබූ ආදම් (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමට සමානය. අල්ලාහ් ඔහුට: ‘නුඹ මිනිසෙකු වනු’ යැයි පැවසූ වහාම අල්ලාහ් සිතූ පරිදිම එය විය. එසේනම්, සැබැවින්ම ආදම් පියෙකු හා මවක නොමැති ව මවනු ලැබ තිබියදී ඔහු සැබැවින්ම මිනිසෙකු යැයි පවසා සිටින ඔවුන් පියකු නොමැතිව ඊසා මවනු ලැබ තිබීම සාධකයක් ලෙස ගෙන ඔහු දෙවියකු යැයි සිතන්නේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُنْ مِّنَ الْمُمْتَرِیْنَ ۟
ඊසා සම්බන්ධයෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ නුඹේ පරමාධිපති වෙතින් පහළ වූවක් බවට කිසිදු සැකයකට ඉඩක් නැත. එය සැබෑවක්ම වන්නේය. එහෙයින් නුඹ සැක කරන්නන් අතරින් නොවනු. නුඹ කවර කරුණක් මත සිටින්නේද ඒ මත ස්ථාවර ව සිටීම නුඹගේ වගකීමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ حَآجَّكَ فِیْهِ مِنْ بَعْدِ مَا جَآءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ اَبْنَآءَنَا وَاَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَاَنْفُسَنَا وَاَنْفُسَكُمْ ۫— ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَّعْنَتَ اللّٰهِ عَلَی الْكٰذِبِیْنَ ۟
අහෝ! දූතය, ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ නිවැරැදි තොරතුරු නුඹ වෙත පැමිණීමෙන් පසුව ද සැබැවින් ඔහු අල්ලාහ්ගේ ගැත්තකු නොවන බවට සිතා නජ්රාන් වාසී කිතුනුවන් අතුරින් කවරෙකු නුඹ සමග වාද කරන්නේද ඔවුනට නුඹ මෙසේ පවසනු: “එන්න, අප ඉදිරියට අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ බිරියන් හා නුඹලාගේ බිරියන් ද කැඳවා අප හා නුඹලා සියලු දෙනා ද එකට එක් වී අප අතර හා නුඹලා අතර කවරෙකු බොරුකියන්නේ ද ඔවුන්හට ශාපය පහළ වේවා යැයි ප්රාර්ථනා කර ගනිමු.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من كمال قدرته تعالى أنه يعاقب من يمكر بدينه وبأوليائه، فيمكر بهم كما يمكرون.
•අල්ලාහ්ගේ දහමට හා ඔහුගේ සමීපතයින්හට කවරෙකු කුමන්ත්රණ කරන්නේද සැබැවින්ම ඔහු ඔවුනට දඬුවම් දීමෙහි පූර්ණ ශක්තිය ඇත්තාය. එබැවින් ඔවුන් කුමන්ත්රණ කරනවාක් මෙන් ඔහුද ඔවුනට විරුද්ධව කුමන්ත්රණ කරනු ඇත.

• بيان المعتقد الصحيح الواجب في شأن عيسى عليه السلام، وبيان موافقته للعقل فهو ليس بدعًا في الخلقة، فآدم المخلوق من غير أب ولا أم أشد غرابة والجميع يؤمن ببشريته.
•ඊසා (අලය්හිස් සලාම්) තුමා සම්බන්ධයෙන් විශ්වාස කිරීමට අනිවාර්යය නිවැරැදි කරුණු පිළිබඳ විස්තරය හා ඔහුගේ මැවීම නව සිදුවීමක් නොව පියකු හෝ මවක නොමැති ව මවනු ලැබූ ආදම් හා සමාන මැවීමකි. එසේත් නැතහොත් ඊටත් වඩා අසාමාන්යය මැවීමකි. එසේ තිබියදීත් සියලු දෙනා ඔහු මනුෂ්යයකු බව විශ්වාස කරති යැයි අවධාරණය කරමින් බුද්ධියට වැටහෙන පරිදි කෙරෙන ලද විස්තරය.

• مشروعية المُباهلة بين المتنازعين على الصفة التي وردت بها الآية الكريمة.
•අල් කුර්ආන්හි පැමිණි ඇති පාඨ වල අර්ථ ස්වරූපය සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කරන්නන් අතර බැගෑපත් ව එකිනෙකා ශාප කර ගැනීම ආගමානුගත කොට ඇත.

اِنَّ هٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ— وَمَا مِنْ اِلٰهٍ اِلَّا اللّٰهُ ؕ— وَاِنَّ اللّٰهَ لَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
ඊසා (අලය්හිස් සලාම්) පිළිබඳ අප නුඹට මෙනෙහි කළ මෙය කිසිදු ව්යාජත්වයක් හෝ බොරුවක් නැති සත්ය පුවතකි. අල්ලාහ් පමණක් හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නොමැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ රාජ්ය තුළ සර්ව බලධාරීය. ඔහුගේ සැලසුම විධානය හා මැවීම යනාදියෙහි ඔහු සියුම් ඥානය ඇත්තාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ تَوَلَّوْا فَاِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِالْمُفْسِدِیْنَ ۟۠
නුඹ කවර දෙයක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුදකිමින් නුඹ ව අනුගමනය නොකළේ නම් එය ඔවුන්ගේ කලහකාරිත්වයේ විපාකයයි. මහපොළොවේ කලහකාරී ව හැසිරෙන අර්බුදකාරීන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ تَعَالَوْا اِلٰی كَلِمَةٍ سَوَآءٍ بَیْنَنَا وَبَیْنَكُمْ اَلَّا نَعْبُدَ اِلَّا اللّٰهَ وَلَا نُشْرِكَ بِهٖ شَیْـًٔا وَّلَا یَتَّخِذَ بَعْضُنَا بَعْضًا اَرْبَابًا مِّنْ دُوْنِ اللّٰهِ ؕ— فَاِنْ تَوَلَّوْا فَقُوْلُوا اشْهَدُوْا بِاَنَّا مُسْلِمُوْنَ ۟
අහෝ! දූතය,: ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, අප සියලු දෙනාට පොදු වූ සාධාරණ ප්රකාශයක් වෙත අපි එකතු වෙමු. එනම් නැමුදුම් සියල්ල අල්ලාහ්ට පමණක් සිදු කිරීමය. ඔහු එම නිලයේ සිටිය දී ඔහුගේ ස්ථානය උත්තරීතර ව තිබිය දී ඔහු හැර වෙනත් කිසිවකු අපි නොනමදිමු. අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු විසින් වන්දනාවට ලක් කරමින් ඔවුනට යටහත් වෙමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට දේවත්වය පුද නොකරමු” යැයි පවසනු. ‘අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා කවර සත්යයක් හා සාධාරණයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටින්නෙහුද එයින් ඔවුන් හැරී යන්නේ නම් “සැබැවින්ම අපි අල්ලාහ්ට යටහත් වූවන් බවටත් ඔහුට අවනතභාවයෙන් යුතු ව කීකරු වූවන් බවටත් නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් සිටිනු” යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تُحَآجُّوْنَ فِیْۤ اِبْرٰهِیْمَ وَمَاۤ اُنْزِلَتِ التَّوْرٰىةُ وَالْاِنْجِیْلُ اِلَّا مِنْ بَعْدِهٖ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිබඳ තර්ක කරනුයේ මන්ද? සැබැවින්ම ඉබ්රාහීම් තමන්ගේ කෙනෙකු බව යුදෙව්වන් සිතති. එමෙන්ම එතුමා තමන්ගේ කෙනෙකු බව කිතුනුවන් සිතති. එතුමාගේ මරණයෙන් පසු ව දීර්ඝ කාලයක් ගතවූවායින් පසු ව මිස යුදෙව්වන් හා කිතුනුවන් බිහි නොවූ බව නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා පවසන ව්යාජ ප්රකාශ හා නුඹලා සිතන වැරදි අදහස් පිළිබඳ නුඹලා බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰۤاَنْتُمْ هٰۤؤُلَآءِ حَاجَجْتُمْ فِیْمَا لَكُمْ بِهٖ عِلْمٌ فَلِمَ تُحَآجُّوْنَ فِیْمَا لَیْسَ لَكُمْ بِهٖ عِلْمٌ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ හි සඳහන් හා නුඹලාගේ දහම තුළ දැනුවත් කර ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ ව නුඹලා තර්ක කරන්නෙහුය. එසේ තිබියදී ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් පිළිබඳ ව හා ඔහුගේ පිළිවෙත පිළිබඳ ව නුඹලාට කිසිදු දැනුමක් නැති දෑ පිළිබඳ නුඹලා තර්ක කරනුයේ මන්ද? එය නුඹලාගේ පුස්තක වල නැත. එමෙන්ම නුඹලාගේ දූතවරුන් ගෙන ආවේ ද නැත. අල්ලාහ් සියලු කරුණු වල යථාර්ථය හා ඇතුළාන්තය දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا كَانَ اِبْرٰهِیْمُ یَهُوْدِیًّا وَّلَا نَصْرَانِیًّا وَّلٰكِنْ كَانَ حَنِیْفًا مُّسْلِمًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා යුදෙව් හෝ කිතුනු පිළිවෙත් මත සිටියේ නැත. නමුත් ඔහු ව්යාජ දහම් වලින් ඉවත් ව අල්ලාහ්ට පමණක් අවනත ව සිටියේය. සැබැවින්ම එතුමා තමන්ගේ පිළිවෙත මත සිටින බවට දෙවියන්ට ආදේශ තැබූ අරාබිවරුන් සිතනවාක් මෙන් ඔහු ආදේශ තැබූ අය අතුරින් කෙනෙකු ද නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اَوْلَی النَّاسِ بِاِبْرٰهِیْمَ لَلَّذِیْنَ اتَّبَعُوْهُ وَهٰذَا النَّبِیُّ وَالَّذِیْنَ اٰمَنُوْا ؕ— وَاللّٰهُ وَلِیُّ الْمُؤْمِنِیْنَ ۟
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග සම්බන්ධකම් පවසන්නට වඩාත් සුදුස්සන් වනුයේ එතුමාගේ කාලයේ එතුමා ගෙන ආ දෑ පිළිපැද්දා වූ ජනයා වෙති. එසේම මෙම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා හා මෙම සමූහයා අතර එතුමාණන් විශ්වාස කළ ජනයා ද වෙති. තමන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් උදව් කරන්නාය. ඔහු ඔවුන් ආරක්ෂාකරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدَّتْ طَّآىِٕفَةٌ مِّنْ اَهْلِ الْكِتٰبِ لَوْ یُضِلُّوْنَكُمْ ؕ— وَمَا یُضِلُّوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَشْعُرُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ් නුඹලාට මග පෙන්වූ සත්යය දහමින් නුඹලා මුළා කරන්නට ආගම් ලත් යුදෙව් හා කිතුනු ආගමික නායකයන් ආශා කරති. ඔවුන් ඔවුන්වම මිස මුළා කර ගත්තේ නැත. ඊට හේතුව දෙවියන් විශ්වාස කරන්නන් මුළාවට පත් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය ඔවුන්ගේ මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි අවසානය පිළිබඳ ඔවුන් නොදනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَاَنْتُمْ تَشْهَدُوْنَ ۟
අහෝ! ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් හා එහි සඳහන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය තහවුරු කරන සාධක නුඹලාගේ පුස්තක වල තිබියදී එය සැබෑවක් බව නුඹලා සාක්ෂි දරමින්ම නුඹලා එය ප්රතික්ෂේප කරනුයේ මන්ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الرسالات الإلهية كلها اتفقت على كلمة عدل واحدة، وهي: توحيد الله تعالى والنهي عن الشرك.
•දේව පණිවිඩ සියල්ල එකම සාධාරණ ප්රකාශයක් මත එකඟ වන්නේය. එනම් අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුට ආදේශ තැබීමෙන් වැළකීමය.

• أهمية العلم بالتاريخ؛ لأنه قد يكون من الحجج القوية التي تُرَدُّ بها دعوى المبطلين.
•ඉතිහාසය හා සම්බන්ධ දැනුම පිළිබඳ ඇති වැදගත්කම. ඊට හේතුව ව්යාජ මිථ්යා දෘෂ්ටිකයින් සමග වාද කිරීමේදී පිළිතුරු සපයන්නට එය බලවත් සාක්ෂියක් වන බැවිණි.

• أحق الناس بإبراهيم عليه السلام من كان على ملته وعقيدته، وأما مجرد دعوى الانتساب إليه مع مخالفته فلا تنفع.
•ඉබ්රාහීම් තුමාගේ සම්බන්ධකම ඈඳා කතා කිරීමට වඩාත් සුදුසු ජනයා වනුයේ ඔහුගේ පිළිවෙත හා ඔහුගේ ප්රතිපත්ති මත සිටි ජනයාය. ඔහුගේ පිළිවෙතට හා ප්රතිපත්තියට විරුද්ධ ව සිටිමින් ඔහු වෙත සම්බන්ධකම් පමණක් ඈඳා කතා කිරීම කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත.

• دَلَّتِ الآيات على حرص كفرة أهل الكتاب على إضلال المؤمنين من هذه الأمة حسدًا من عند أنفسهم.
•ආගම් ලත් ජනයා අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඊර්ෂ්යාව පදනම් කර ගනිමින් දෙවියන් විශ්වාස කරන්නන් නොමග හැරීමට ආශා කරන බව මෙම පාඨ පෙන්වා දෙයි.

یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَلْبِسُوْنَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوْنَ الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟۠
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලාගේ පුස්තක වල පහළ කරනු ලැබූ සත්යය සමග නුඹලා සතු ව ඇති ව්යාජ කරුණු මුසු කරනුයේ මන්ද? එහි ඇති සත්යය හා මග පෙන්වීම් නුඹලා වසන් කරන්නෙහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වයේ සහතිකය ද ඉන් එකකි. නුඹලා ව්යාජත්වය හා සත්යය කුමක් ද යන්නත් මුළාව හා යහමග කුමක් ද යන්නත් මැනවින් දන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَتْ طَّآىِٕفَةٌ مِّنْ اَهْلِ الْكِتٰبِ اٰمِنُوْا بِالَّذِیْۤ اُنْزِلَ عَلَی الَّذِیْنَ اٰمَنُوْا وَجْهَ النَّهَارِ وَاكْفُرُوْۤا اٰخِرَهٗ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟ۚۖ
යුදෙව් විද්වතුන් පිරිසක් තම අනුගාමිකයින් දෙස බලා "දහවල් කාලය වන විට දෙවියන් විශ්වාස කරන මුුුුඃමින්වරුන්හට පහළ කරන ලද අල් කුර්ආනය මතුපිටින් විශ්වාස කරනු. සවස් කාලය වන විට එය ප්රතික්ෂේප කරනු. නුඹලා එය විශ්වාස කොට පසු ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ දහම තුළ ඔවුනට සැක මතු වී 'අපට වඩා අල්ලාහ්ගේ පුස්තකය පිළිබඳ ඔවුන් මැනවින් දැන දැනත් එයින් හැරී ගොස් ඇත යැයි පවසමින් ඔවුන් ද එයින් හැරෙන්නට ඉඩ ඇත" යැයි පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تُؤْمِنُوْۤا اِلَّا لِمَنْ تَبِعَ دِیْنَكُمْ ؕ— قُلْ اِنَّ الْهُدٰی هُدَی اللّٰهِ ۙ— اَنْ یُّؤْتٰۤی اَحَدٌ مِّثْلَ مَاۤ اُوْتِیْتُمْ اَوْ یُحَآجُّوْكُمْ عِنْدَ رَبِّكُمْ ؕ— قُلْ اِنَّ الْفَضْلَ بِیَدِ اللّٰهِ ۚ— یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟ۚۙ
තවදුරටත් ඔවුහු: ‘නුඹලාගේ දහම පිළිපදින්නන් මිස වෙනත් කිසිවකු නුඹලා විශ්වාස කොට පිළි නොපදිනු’ යැයි පැවසුවෝය. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගය වනුයේ සත්යය වෙත වූ මාර්ගයයි. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා පිළිගත්තේ නම් නුඹලාගේ පරමාධිපති අභියස නුඹලාට එරෙහි ව කිසිවකු තර්ක කරනු ඇතැයි යන බියෙන් හා නුඹලාට පිරිනමනු ලැබුවාක් මෙන් ඔවුනට ද භාග්යය පිරිනමනු ලබනු ඇතැයි යන බියෙන් මිස නුඹලා ඒ ගැන බොරුකරමින් හා හිතුවක්කාරකමින් කටයුතු කළේ නැත. අහෝ! දූතය, නුඹ ඔවුනට තවදුරටත්: සැබැවින්ම භාග්යය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු තම ගැත්තන් අතරින් තමන් ප්රිය කරන්නන්හට එය පිරිනමනු ඇත. ඔහුගේ භාග්යය එක් සමූහයක් අතහැර දමා තවත් සමූහයකට පමණක් සීමා වූවක් නොවේ. අල්ලාහ් අතිමහත් භාග්යය ඇත්තාය. ඒ සඳහා සුදුස්සන් කවුරුන් ද යන්න ඔහු මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّخْتَصُّ بِرَحْمَتِهٖ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
ඔහුගේ මැවීම් අතුරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යය නියම කරනු ඇත. යහමග දූත මෙහෙවර විවිධ ත්යාග වැනි දැයින් ඔහු ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සීමාවක් නැති අති මහත් භාග්යය හිමිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اَهْلِ الْكِتٰبِ مَنْ اِنْ تَاْمَنْهُ بِقِنْطَارٍ یُّؤَدِّهٖۤ اِلَیْكَ ۚ— وَمِنْهُمْ مَّنْ اِنْ تَاْمَنْهُ بِدِیْنَارٍ لَّا یُؤَدِّهٖۤ اِلَیْكَ اِلَّا مَا دُمْتَ عَلَیْهِ قَآىِٕمًا ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَالُوْا لَیْسَ عَلَیْنَا فِی الْاُمِّیّٖنَ سَبِیْلٌ ۚ— وَیَقُوْلُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ وَهُمْ یَعْلَمُوْنَ ۟
ආගම් ලත් ජනයා අතුරින් කිසිවෙකුට නුඹ විශාල ධනස්කන්දයක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එම විශ්වාසය මත නුඹට එය ඉටු කරන්නට කැමැත්තෙන් සිටින උදවිය වෙති. එමෙන්ම සුළු මුදලක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එය නුඹ ඉල්ලීමෙන් හා තීන්දු කිරීමෙන් මිස විශ්වාසය මත නැවත ලබා නොදෙන උදවිය ද වෙති. එය ඔවුන්ගේ නරක ප්රකාශ හා නරක චේතානවන් හේතුවෙනි. ‘අරාබිවරුන් අතර ඔවුන්ගේ ධනය අනුභව කිරීම අප හට පාපයක් නොවන්නේය. අල්ලාහ් අප හට එය අනුමත කොට ඇත’යි පවසමින් එය අල්ලාහ් කෙරෙහි ගෙතූ බොරුවක් බව ඔවුන් දැන දැනම එසේ බොරු පවසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلٰی مَنْ اَوْفٰی بِعَهْدِهٖ وَاتَّقٰی فَاِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَّقِیْنَ ۟
ඔවුන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුනට එය පාපයකි. කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට අල්ලාහ් සමග ඇතිකර ගත් ගිවිසුම ඉටු කොට මිනිසුන් සමග ඇතිකර ගත් ගිවිසුම් ද ඉටු කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ බැතිමත් ව කටයුතු කරන්නේද සැබැවින්ම අල්ලාහ් එවැනි බැතිමතුන් ප්රිය කරනු ඇත. ඒ සඳහා ඔවුනට අති ගෞරවනීය ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یَشْتَرُوْنَ بِعَهْدِ اللّٰهِ وَاَیْمَانِهِمْ ثَمَنًا قَلِیْلًا اُولٰٓىِٕكَ لَا خَلَاقَ لَهُمْ فِی الْاٰخِرَةِ وَلَا یُكَلِّمُهُمُ اللّٰهُ وَلَا یَنْظُرُ اِلَیْهِمْ یَوْمَ الْقِیٰمَةِ وَلَا یُزَكِّیْهِمْ ۪— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ් තම පුස්තකයේ පහළ කරනු ලැබූ දෑ හා ඔහු විසින් එවනු ලැබූ දූතවරුන් පිළිපැදීම සම්බන්ධයෙන් ද ඔවුන් කඩ කළා වූ ඔවුන්ගේ දිව්රීම් සම්බන්ධයෙන් ද ඔහු ඔවුන් සමග ඇතිකර ගත් ගිවිසුම මෙලොව සතුට සඳහා කවරෙකු සුළු මුදලක් වෙනුවෙන් වෙනස් කරන්නේ ද මතු ලොවෙහි ඔවුනට කිසිදු කොටසක් හිමි නොවන්නේය. ඔවුන් සතුටු වන දැයින් ඔවුන් සමග අල්ලාහ් කතා නොකරන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ කරුණා බැල්මෙන් ඔවුන් දෙස නොබලන්නේය. තවද ඔවුනට වේදනීය දඬුවම ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من علماء أهل الكتاب من يخدع أتباع ملتهم، ولا يبين لهم الحق الذي دلت عليه كتبهم، وجاءت به رسلهم.
•ආගම් ලත් විද්වතුන් අතර තම පිළිවෙත අනුගමනය කළවුන් මුළාවට පත් කළවුන්ද සිටියහ. තම පුස්තක වල සඳහන් මෙන්ම ඔවුන්ගේ දූතවරුන් තමන් වෙත ගෙන ආ පණිවිඩය ඔවුහු ඔවුනට පැහැදිලි නොකළහ.

• من وسائل الكفار الدخول في الدين والتشكيك فيه من الداخل.
•දහම තුළට පිවිස එහි අභ්යන්තරයේ සැක ඇති කිරීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ මාධයයකි.

• الله تعالى هو الوهاب المتفضل، يعطي من يشاء بفضله، ويمنع من يشاء بعدله وحكمته، ولا ينال فضله إلا بطاعته.
•උත්තරීතර අල්ලාහ් භාග්යයන් පිරිනමන මහත් ත්යාගශීලීය. අභිමත කරන අයට ඔහුගේ භාග්යය පිරිනමනු ඇත. ඔහුගේ යුක්තිය හා ප්රඥාව තුළින් ඔහු අභිමත කරන අයට එය වළක්වනු ඇත. ඔහුට අවනත වීමෙන් මිස ඔහුගේ භාග්යය කිසිවකු නොලබනු ඇත.

• كل عِوَضٍ في الدنيا عن الإيمان بالله والوفاء بعهده - وإن كان عظيمًا - فهو قليل حقير أمام ثواب الآخرة ومنازلها.
•අල්ලාහ් විශ්වාස කිරීම වෙනුවට ඔහුගේ ගිවිසුම ඉටු කිරීම වෙනුවට මෙලොවෙහි යම් ලාභයක් ලබා ගන්නේ නම් එය කෙතරම් විශාල වුවද මතු ලොවෙහි කුසල් හා තරාතිරම් ඉදිරියේ වඩාත් පහත් මෙන්ම අල්ප වන්නේය.

وَاِنَّ مِنْهُمْ لَفَرِیْقًا یَّلْوٗنَ اَلْسِنَتَهُمْ بِالْكِتٰبِ لِتَحْسَبُوْهُ مِنَ الْكِتٰبِ وَمَا هُوَ مِنَ الْكِتٰبِ ۚ— وَیَقُوْلُوْنَ هُوَ مِنْ عِنْدِ اللّٰهِ وَمَا هُوَ مِنْ عِنْدِ اللّٰهِ ۚ— وَیَقُوْلُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ وَهُمْ یَعْلَمُوْنَ ۟
යුදෙව්වන් අතර අල්ලාහ් වෙතින් පහළ වූ තව්රාතය නොහොත් තෝරාවේ නැති දෑ මෙනෙහි කරමින් තම දිවවල් හරවා පවසන පිරිසක් සිටිති. නියතවශයෙන්ම ඔවුන් කියවනුයේ තව්රාතය යැයි නුඹලා සිතනු ඇත. නමුත් එය තව්රාතය නොවන්නේය. ඒවා ඔවුන් අල්ලාහ් වෙත බොරු ගොත පවසන ඔවුන්ගේ ප්රකාශ පමණක් වෙයි. ඔවුහු: ‘අපි කියවා පෙන්වන දෑ අල්ලාහ් වෙතින් පහළ වූවක්’ යැයි පවසති. නමුත් එය අල්ලාහ් වෙතින් පහළ නොවූවකි. ඔවුන් අල්ලාහ් කෙරෙහි බොරු පවසති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි පවසන ඔවුන්ගේ බොරුව ගැන මැනවින් දනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا كَانَ لِبَشَرٍ اَنْ یُّؤْتِیَهُ اللّٰهُ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ یَقُوْلَ لِلنَّاسِ كُوْنُوْا عِبَادًا لِّیْ مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ كُوْنُوْا رَبّٰنِیّٖنَ بِمَا كُنْتُمْ تُعَلِّمُوْنَ الْكِتٰبَ وَبِمَا كُنْتُمْ تَدْرُسُوْنَ ۟ۙ
අල්ලාහ් වෙතින් පහළ කරන ලද ලේඛනයක් මිනිසෙකුට පිරිනමා දැනුම හා අවබෝධය ද ඔහුට පිරිනමා, ඔහුව නබිවරයකු ලෙස තෝරා පත් කළ පසුව: “අල්ලාහ් හැර නුඹලා මට ගැතිකම් කරනු” යැයි පැවසීම එම මිනිසාට සුදුසු නොවන්නේය. නමුත් ඔහු ඔවුනට: “මිනිසුනට පහළ කරන ලද පුස්තකය නුඹලා ඉගැන්වීම හේතුවෙන් සහ එයින් නුඹලා වටහාගත් දෑ හා ආරක්ෂා කළ දෑ උගන්වන්නන් ලෙස සිටිමින් නුඹලා නැමදුම් ඉටු කරන මිනිසුන් හැඩගස්වන ඔවුන්ගේ කටයුතු විධිමත් කරන විද්වතුන් ලෙස සිටිනු යැයි පැවසිය හැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَاْمُرَكُمْ اَنْ تَتَّخِذُوا الْمَلٰٓىِٕكَةَ وَالنَّبِیّٖنَ اَرْبَابًا ؕ— اَیَاْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ اِذْ اَنْتُمْ مُّسْلِمُوْنَ ۟۠
එලෙසම නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවවරුන් ලෙස ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් ඉටු කරනු යැයි පවසා සිටීම ද සුදුසු නොවන්නේය. නුඹලා අල්ලාහ්ට යටහත් වී ඔහුට අවනත වූවායින් පසු අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමට ඔහු නුඹලාට නියෝග කර සිටීම සුදුසු කටයුත්තක් වන්නේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ اَخَذَ اللّٰهُ مِیْثَاقَ النَّبِیّٖنَ لَمَاۤ اٰتَیْتُكُمْ مِّنْ كِتٰبٍ وَّحِكْمَةٍ ثُمَّ جَآءَكُمْ رَسُوْلٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهٖ وَلَتَنْصُرُنَّهٗ ؕ— قَالَ ءَاَقْرَرْتُمْ وَاَخَذْتُمْ عَلٰی ذٰلِكُمْ اِصْرِیْ ؕ— قَالُوْۤا اَقْرَرْنَا ؕ— قَالَ فَاشْهَدُوْا وَاَنَا مَعَكُمْ مِّنَ الشّٰهِدِیْنَ ۟
අල්ලාහ් නබිවරුන්ගෙන් ස්ථීර ප්රතිඥාවක් ගත් අවස්ථාව අහෝ! දූතය, සිහිපත් කර බලනු. එනම් ‘මේ සමග මම නුඹලාට පුස්තකයක් පිරිනමමි. නුඹලාට ප්රඥාවද උගන්වමින් නුඹලා උසස් තරාතිරම හා නිලයක් ලබනු ඇත. පසු ව මා වෙතින් දූතයකු නුඹලා වෙත පැමිණෙනු ඇත. (ඔහු මුහම්මද්ය) නුඹලා සමග වන පුස්තකය හා ප්රඥාව ඔහු තහවුරු කරයි. ඔහු ගෙන එන දෑ නුඹලා විශ්වාස කරනු. ඔහුව පිළිපදිමින් ඔහුට උදව් කරනු. "අහෝ! නබිවරුනි, නුඹලා මෙම ප්රතිඥාව පිළිගන්නෙහුද? නුඹලා මාගේ ඒ දැඩි ප්රතිඥාව ගෙන ඇත්තෙහුය." එවිට ඔවුහු: ‘එය අපි පිළිගන්නෙමු’ යැයි පැවසූහ. අල්ලාහ්: ‘නුඹලා මත හා නුඹලාගේ සමූහයන් මත නුඹලා සාක්ෂි දරනු. නුඹලාටත් ඔවුන්ටත් සාක්ෂිකරුවන් අතර නුඹලා සමග මම ද සිටිමි.’ යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ تَوَلّٰی بَعْدَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
සාක්ෂිය මගින් තහවුරු කරන ලද ප්රතිඥාව අල්ලාහ් හා ඔහුගේ දූතයා විසින් ගත් පසු ව කවරෙකු එයට පිටුපාන්නේද ඔවුහුය අල්ලාහ්ගේ දහමින් හා ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් වන්නේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَغَیْرَ دِیْنِ اللّٰهِ یَبْغُوْنَ وَلَهٗۤ اَسْلَمَ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ طَوْعًا وَّكَرْهًا وَّاِلَیْهِ یُرْجَعُوْنَ ۟
අල්ලාහ්ගේ දහම (ඉස්ලාමය) හැර ඔහුගේ ගැත්තන්හට ඔහු තෝරා දුන් වෙනත් දහමක් තිබේද? ඔහුගේ දහමින් හා ඔහුගේ අවනතභාවයෙන් බැහැරවූවන් එය හැර වෙනත් දහමක් සොයන්නෝද? අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම් යටහත් වන්නේත් අවනත වන්නේත් සුවිශුද්ධ වූ ඔහුට පමණය. එය මුඃමින් නොහොත් දෙවියන් විශ්වාස කරන්නන් මෙන් කැමැත්තෙන් පිළිගන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මෙන් අකමැත්තෙන් හෝ පිළිගන්නන්ද වෙති. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා සියලු මැවීම් උත්තරීතර ඔහු වෙතම යොමු කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ضلال علماء اليهود ومكرهم في تحريفهم كلام الله، وكذبهم على الناس بنسبة تحريفهم إليه تعالى.
•යුදෙව් විද්වතුන්ගේ මුළා කිරීම අල්ලාහ්ගේ වදන් වෙනස් කිරීමේදී ඔවුන් පිළිපැද්දා වූ කූට උපක්රම උත්තරීතර අල්ලාහ් වෙත ව්යාජ කරුණු ඈඳා ඔවුන් කළ වෙනස් කිරීම් නිවැරදි යැයි පවසමින් ජනයා හට කළ වංචා ව.

• كل من يدعي أنه على دين نبي من أنبياء الله إذا لم يؤمن بمحمد عليه الصلاة والسلام فهو ناقض لعهده مع الله تعالى.
•අල්ලාහ්ගේ නබිවරුන් අතුරින් යම්කිසි නබිවරයකුගේ දහම මත සිටින්නේ යැයි වාද කරන සෑම කෙනෙකුම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව විශ්වාස නොකළේ නම් ඔහු අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම කඩ කළ අයකු වන්නේය.

• أعظم الناس منزلةً العلماءُ الربانيون الذين يجمعون بين العلم والعمل، ويربُّون الناس على ذلك.
•මිනිසුන් අතර තරාතිරමින් වඩාත් උතුම් වනුයේ දැනුම හා ක්රියාව යන දෙකම එකට එක් කරගත් දෙවියන් කෙරෙහි පමණක් විශ්වාස තැබූ විද්වතුන් වෙති. ඔවුහු එලෙසම මිනිසුන්ද පුරුදු පුහුණු කරති.

• أعظم الضلال الإعراض عن دين الله تعالى الذي استسلم له سبحانه الخلائق كلهم بَرُّهم وفاجرهم.
•වඩාත් නොමග ගිය අය වනුයේ මිනිසුන් අතර සිටින දැහැමි හා පාපී යන සියලු මැවීම් යටහත්ව කටයුතු කරන අල්ලාහ්ගේ දහම ප්රතික්ෂේප කරන්නාය.

قُلْ اٰمَنَّا بِاللّٰهِ وَمَاۤ اُنْزِلَ عَلَیْنَا وَمَاۤ اُنْزِلَ عَلٰۤی اِبْرٰهِیْمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطِ وَمَاۤ اُوْتِیَ مُوْسٰی وَعِیْسٰی وَالنَّبِیُّوْنَ مِنْ رَّبِّهِمْ ۪— لَا نُفَرِّقُ بَیْنَ اَحَدٍ مِّنْهُمْ ؗ— وَنَحْنُ لَهٗ مُسْلِمُوْنَ ۟
අහෝ! දූතය, නුඹ මෙසේ පවසනු: ‘අල්ලාහ් අපගේ එකම දෙවියන් බවට විශ්වාස කළෙමු. ඔහු අණ කළ දෑට අපි අවනත වූයෙමු. අප වෙත ඔහු පහළ කළ පණිවිඩ විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් සහ යඃකූබ් යන නබිවරුන් හට පහළ කළ දෑ ද යඃකූබ්ගේ පරපුරින් බිහි වූ නබිවරුන්හට පහළ කළ දෑ ද ඊසා හා මූසා මෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගෙන් පුස්තක හා සාක්ෂි සාධක ලැබූ සියලු නබිවරුන්හට පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන් අතර අපි වෙනසක් දැක, කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. අපි අල්ලාහ්ට පමණක් අවනත වන්නෙමු. උත්තරතර ඔහුට පමණක් යටහත් වන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّبْتَغِ غَیْرَ الْاِسْلَامِ دِیْنًا فَلَنْ یُّقْبَلَ مِنْهُ ۚ— وَهُوَ فِی الْاٰخِرَةِ مِنَ الْخٰسِرِیْنَ ۟
කවරෙකු අල්ලාහ් තෝරා දුන් ඉස්ලාම් දහම හැර වෙනත් දහමක් සොයන්නේ ද එය ඔහුගෙන් අල්ලාහ් පිළිගන්නේ නැත. එවැන්නන් මතු ලොවෙහි නිරා ගින්නට පිවිසීමෙන් අසරණ වූ අලාභවන්තයින් අතරට පත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَیْفَ یَهْدِی اللّٰهُ قَوْمًا كَفَرُوْا بَعْدَ اِیْمَانِهِمْ وَشَهِدُوْۤا اَنَّ الرَّسُوْلَ حَقٌّ وَّجَآءَهُمُ الْبَیِّنٰتُ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟
අල්ලාහ් ව විශ්වාස කළ පසු ව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගෙන ආ දෑ සත්යය බවටත් එහි සත්යතාව තහවුරු කරමින් පැහැදිලි සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණ ඇති බවටත් සාක්ෂි දැරීමෙන් පසු එය ප්රතික්ෂේප කළ පිරිසකට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා ඔහු ආශිර්වාද කරනුයේ කෙසේද? යහමග වෙනුවට නොමග තෝරා ගත් අපරාධකාරී ජනයාට තමන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ جَزَآؤُهُمْ اَنَّ عَلَیْهِمْ لَعْنَةَ اللّٰهِ وَالْمَلٰٓىِٕكَةِ وَالنَّاسِ اَجْمَعِیْنَ ۟ۙ
ව්යාජත්වය තෝරා ගත් මෙම අපරාධකරුවන්ගේ ප්රතිවිපාක වශයෙන් සැබැවින්ම අල්ලාහ්ගේ හා මලක්වරුන් ඇතුළු ව සියලුම මිනිසුන්ගේ ශාපය ඔවුන් වෙත හිමි වනු ඇත. ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබුවෝය. බැහැර කරනු ලැබුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خٰلِدِیْنَ فِیْهَا ۚ— لَا یُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ یُنْظَرُوْنَ ۟ۙ
නිරා ගින්නේ ඔවුන් සදාතනිකයින් වෙති. ඉන් බැහැර නොවෙති. එහි දඬුවම ඔවුනට ලිහිල් නොකරනු ඇත. පසුතැවිලි වී පාප සමාව අයැද සිටින තෙක් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කරන තෙක් ඔවුන් ප්රමාද කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا الَّذِیْنَ تَابُوْا مِنْ بَعْدِ ذٰلِكَ وَاَصْلَحُوْا ۫— فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් සිදු කළ අපරාධ වලින් පසු ව අල්ලාහ් වෙත යොමු වී තම ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර සැබැවින්ම අල්ලාහ්ගේ ගැත්තන් අතරින් පාප සමාව අයැද ඔහු වෙත යොමුවන්නන්හට ඔහු මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا بَعْدَ اِیْمَانِهِمْ ثُمَّ ازْدَادُوْا كُفْرًا لَّنْ تُقْبَلَ تَوْبَتُهُمْ ۚ— وَاُولٰٓىِٕكَ هُمُ الضَّآلُّوْنَ ۟
නමුත් ඔවුන් අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ව නැවතත් ප්රතික්ෂේප කොට මරණය තෙක්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටියවුන්ගෙන් ඔවුන් මරණයට පත්වන අවස්ථාවේ පාප සමාවේ නියමිත කාලය ඉකුත් වී ඇති බැවින් ඔවුන්ගේ පාප සමාව පිළි ගන්නේ නැත. අල්ලාහ් වෙත යා යුතු ඍජුමගින් නොමග ගියවුන් වන්නේ ඔවුන්මය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَمَاتُوْا وَهُمْ كُفَّارٌ فَلَنْ یُّقْبَلَ مِنْ اَحَدِهِمْ مِّلْءُ الْاَرْضِ ذَهَبًا وَّلَوِ افْتَدٰی بِهٖ ؕ— اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ اَلِیْمٌۙ— وَّمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟۠
සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම මියගියවුන් වනාහි නිරයෙන් ආරක්ෂා වනු පිණිස මහපොළොවේ තරමට රත්රන් ඉදිරිපත් කරනු ලැබුවත්, ඔවුන් කිසිවකුගෙන් එය භාර ගනු ලබන්නේ නැත. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයේ දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• يجب الإيمان بجميع الأنبياء الذين أرسلهم الله تعالى، وجميع ما أنزل عليهم من الكتب، دون تفريق بينهم.
•උත්තරීතර අල්ලාහ් විසින් එවනු ලැබූ සියලුම දහම් දූතවරුන් පිළිබඳවත් ඔවුන් වෙත පහළ කරනු ලැබූ සියලු දේව පුස්තක පිළිබඳවත් ඔවුන් අතර කිසිදු වෙනසක් සිදු නොකොට විශ්වාස කිරීම අනිවාර්යය වන්නේය.

• لا يقبل الله تعالى من أحد دينًا أيًّا كان بعد بعثة النبي محمد صلى الله عليه وسلم إلا الإسلام الذي جاء به.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ පැමිණීමෙන් පසු ව කවර දහමක් පැවතුණ ද අල්ලාහ් එය පිළිගන්නේ නැත. එසේ පිළිගනු ලබනුයේ එතුමාණන් ගෙන ආ දෑ පමණය.

• مَنْ أصر على الضلال، واستمر عليه، فقد يعاقبه الله بعدم توفيقه إلى التوبة والهداية.
•නොමගෙහි ගැලී එහි දිගටම සිටින්නන්හට පශ්චාත්තාප වී පාප සමාව අයැද සිටීමට හෝ යහමඟ ගමන් කිරීමට හෝ අල්ලාහ් ආශිර්වාද නොකරන අතරම එය සඳහා ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත.

• باب التوبة مفتوح للعبد ما لم يحضره الموت، أو تشرق الشمس من مغربها، فعندئذ لا تُقْبل منه التوبة.
•ගැත්තාට මරණය ඇති නොවන තාක්කල් හෝ හිරු බටහිරෙන් උදාවන තාක්කල් හෝ පාප සමාවේ දොරටුව විවෘතව තිබේ. එම අවස්ථාවේදී ඔහුගෙන් පාප සමාව පිළිගන්නේ නැත.

• لا ينجي المرء يوم القيامة من عذاب النار إلا عمله الصالح، وأما المال فلو كان ملء الأرض لم ينفعه شيئًا.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැහැමි ක්රියාවන් සිදු කළ අය හැර නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂාව නොලබනු ඇත. වස්තුව වනාහි එය මහපොළොව පිරෙන්නට තරම් තිබුණත් එය ඔහුට කිසිදු සෙතක් සලසන්නේ නැත.

لَنْ تَنَالُوا الْبِرَّ حَتّٰی تُنْفِقُوْا مِمَّا تُحِبُّوْنَ ؕ۬— وَمَا تُنْفِقُوْا مِنْ شَیْءٍ فَاِنَّ اللّٰهَ بِهٖ عَلِیْمٌ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා ප්රිය කරන වස්තුවෙන් යමක් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන තෙන් දැහැමියන් සතු කුසල් හෝ ඔවුන්ගේ නිලය ඔබ කිසිසේත් නොලබනු ඇත. නුඹලා සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ යමක් වියදම් කළ ද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ චේතනාවන් හා නුඹලාගේ ක්රිියාවන් පිළිබඳ මැනවින් දැන සිටියි. සෑම කෙනෙකුටම ඔහුගේ ක්රියාවන් අනුව ප්රතිඵල දෙනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِّبَنِیْۤ اِسْرَآءِیْلَ اِلَّا مَا حَرَّمَ اِسْرَآءِیْلُ عَلٰی نَفْسِهٖ مِنْ قَبْلِ اَنْ تُنَزَّلَ التَّوْرٰىةُ ؕ— قُلْ فَاْتُوْا بِالتَّوْرٰىةِ فَاتْلُوْهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
ප්රණීත ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්හට අනුමත විය. තව්රාතය පහළ වීමට පෙර යඃකූබ් තමන් මත කවර දෙයක් තහනම් කර ගත්තේද ඒ හැර වෙනත් කිසිවක් ඔවුන් වෙත තහනම් නොවීය. සැබැවින්ම එය තව්රාතයේ තහනම් කර ඇතැයි යුදෙව්වන් සිතනවාක් මෙන් නැත. අහෝ! නබිවරය, ඔවුනට මෙසේ පවසනු ‘නුඹලා තර්ක කරන දෑ ගැන නුඹලා සත්යවාදීන් ලෙස සිටින්නෙහු නම් නුඹලා තව්රාතය ගෙන කියවා බලනු.’ එවිට ඔවුන් වික්ෂිප්ත වූහ. එය ගෙන ආවේ නැත. යුදෙව්වන් තව්රාතයේ නාමයෙන් ගොතා පවසා ඇති බවටත් එහි අන්තර්ගත දෑ විකෘති කර ඇති බවටත් සාක්ෂි වශයෙන් මෙම උදාහරණය පෙන්වා දෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنِ افْتَرٰی عَلَی اللّٰهِ الْكَذِبَ مِنْ بَعْدِ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟ؔ
අල්ලාහ් විසින් වූ තහනම් කිරීමක් නොව යඃකූබ් තුමාණන් තමන්හට තහනම් කර ගත් දෑ යන්නට සාක්ෂි සාධක හෙළි වූ පසු කවරෙකු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේද ඔවුන් අපරාධකරුවෝ වෙති. ඊට හේතුව ඔවුන්හට සාක්ෂි සාධක හෙළි වූ පසු ව සත්යය අතහැර දැමූ බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ صَدَقَ اللّٰهُ ۫— فَاتَّبِعُوْا مِلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
අහෝ! නබිවරය, යඃකූබ් තුමාණන් ගැන කවර තොරතුරක් දන්වා සිටියේ ද ඒ ගැනත් අල්ලාහ් පහළ කළ එමෙන්ම ආගමානුගත කළ සියල්ල ගැනත් අල්ලාහ් සත්යයම පවසා ඇත. එහෙයින් නුඹලා ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාගේ දහම අනුගමනය කරනු. එතුමාණන් අන් සියලු දහම්වලින් දුරස් වී ඉස්ලාම් දහම වෙත නැඹුරු වූහ. කිසිවිටෙක එතුමාණන් අල්ලාහ් සමග කිසිවකු ආදේශ නොකළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اَوَّلَ بَیْتٍ وُّضِعَ لِلنَّاسِ لَلَّذِیْ بِبَكَّةَ مُبٰرَكًا وَّهُدًی لِّلْعٰلَمِیْنَ ۟ۚ
අල්ලාහ් ව නැමදීම සඳහා මුළු මිනිස් සංහතියටම මහපොළොවේ ඉදි කරනු ලැබූ ප්රථම නිවස මක්කාහ්වේ පිහිටි ‘බයිත් අල්ලාහ් අල්-හරාම්’ හෙවත් අල්ලාහ්ගේ ශුද්ධ නිවසයි. එය අභිවෘද්ධිමත්කමින් පිරුණු නිවසකි. ආගමික වශයෙන් හා ලෞකික වශයෙන් ප්රයෝජන බොහෝමයක් එහි ඇත. ලෝ වැසියන් සියල්ලටම ඒහි මගපෙන්වීම් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهِ اٰیٰتٌۢ بَیِّنٰتٌ مَّقَامُ اِبْرٰهِیْمَ ۚ۬— وَمَنْ دَخَلَهٗ كَانَ اٰمِنًا ؕ— وَلِلّٰهِ عَلَی النَّاسِ حِجُّ الْبَیْتِ مَنِ اسْتَطَاعَ اِلَیْهِ سَبِیْلًا ؕ— وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِیٌّ عَنِ الْعٰلَمِیْنَ ۟
මෙම නිවස තුළ එහි ගෞරවය හා එහි මහිමය විදහාපාන වන්දනා ස්ථාන හා නටඹුන් වැනි මතුපිටින් පෙනෙන බාහිර සංඥා ඇත. කඃබා හෙවත් සමචතුරස්රාකාර හැඩයෙන් පිහිටා ඇති ගොඩනැගිල්ලේ බිත්තිය ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඉදි කිරීම සඳහා එතුමාණන් ඒ මත සිටගත් ගල ද එම සංඥා අතුරින් එකකි. එමෙන්ම කවරෙකු ඒ තුළට පිවිසෙන්නේද අභයදානය ලබනු ඇත. කිසිදු පීඩාවක් ඇති නොවෙයි. හජ් වන්දනාව ඉටු කිරීම සඳහා එම නිවස වෙත යාමට හැකියාව ඇත්තවුන් ඒ වෙත පිය නැගීම අල්ලාහ් අනිවාර්ය කොට ඇත. හජ් වගකීම කවුරුන් හෝ පැහර හරින්නේද එසේ පැහැර හරින්නා පිළිබඳ කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. සියලු ලෝවැසියන්ගෙන් ඔහු පොහොසයත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ ۖۗ— وَاللّٰهُ شَهِیْدٌ عَلٰی مَا تَعْمَلُوْنَ ۟
අහෝ! නබිවරය, ඔබ මෙසේ පවසනු. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නබි තුමාණන්ගේ සත්යභාවය ගැන සඳහන් පැහැදිලි සාධක සම්බන්ධයෙන් නුඹලා තර්ක කරනුයේ මන්ද? එම සාධක තව්රාතය හෙවත් තෝරාවේ පැහැදිලි ව සඳහන් නොවන්නේද? එසේ සාක්ෂි සාධක තිබියදීත් නුඹලා ඒ ගැන කටයුතු කරන ආකාරය පිළිබඳ අල්ලාහ් අධීක්ෂණයෙන් සිටියි. ඒ අනුව නුඹලාට ප්රතිවිපාක දෙනු ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ مَنْ اٰمَنَ تَبْغُوْنَهَا عِوَجًا وَّاَنْتُمْ شُهَدَآءُ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
අහෝ! නබිවරය, නුඹ මෙසේ අසනු. ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලාගේ පුස්තකයේ මෙම දහම සත්යය යැයි තහවුරු කර තිබියදී ඒ ගැන නුඹලා සාක්ෂිකරුවන් ව සිටිය දී අල්ලාහ්ගේ දහමින් ඔහුව විශ්වාස කළ ජනයා නුඹලා වළක්වනුයේ ඇයි? අල්ලාහ්ගේ දහමට සත්යයෙන් දුරස් වී අසත්ය වෙත වෙනත් නැඹුරුවක් සොයනුයේ ඇයි? එමෙන්ම ඔහු ව විශ්වාස කළ ජනයා සඳහා යහමග වෙනුවට නොමගක් සොයනුයේ ඇයි? දැනගනු, එය ප්රතික්ෂේප කරමින් ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් නොසැලකිල්ලෙන් සිටින්නෙකු නොවෙයි. සැබැවින්ම ඒ සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تُطِیْعُوْا فَرِیْقًا مِّنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ یَرُدُّوْكُمْ بَعْدَ اِیْمَانِكُمْ كٰفِرِیْنَ ۟
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, ආගම් ලත් යුදෙව් හා කිතුනු පිරිසක් පවසන පරිදි ඔබ ඔවුන්ට අවනත වී ඔවුන් සිතන පරිදි ඔවුන්ගේ අදහස පිළිගන්නේ නම් නුඹලා විශ්වාසය තුළට පැමිණි පසු ව නැවත දේව ප්රතික්ෂේපය වෙතට යොමු කරනු ඇත. එය ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන් යහමගින් මුළා වී ඇති බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كَذِبُ اليهود على الله تعالى وأنبيائه، ومن كذبهم زعمهم أن تحريم يعقوب عليه السلام لبعض الأطعمة نزلت به التوراة.
•යුදෙව්වන් අල්ලාහ් හා ඔහුගේ නබිවරුන් කෙරෙහි බොරු පැවසීම, ඇතැම් ආහාර යඃකූබ් තුමාට තහනම් කර තිබීම තව්රාතයේ පහළ කර ඇතැයි යන ඔවුන්ගේ සිතුවිල්ල එම බොරුවලින් එකකි.

• أعظم أماكن العبادة وأشرفها البيت الحرام، فهو أول بيت وضع لعبادة الله، وفيه من الخصائص ما ليس في سواه.
•නැමදුම් කරන ස්ථාන අතුරින් වඩාත් උසස් මෙන්ම වඩාත් ශ්රේෂ්ඨ වනුයේ බයිතුල් හරම් වේ. එය අල්ලාහ් ව නැමදුම් කිරීම සඳහා ඉදි කරන ලද මුල්ම දේවස්ථානයයි. වෙනත් දේවස්ථානවල නොමැති විශේෂයන් බොහෝමයක් එහි දක්නට ඇත.

• ذَكَرَ الله وجوب الحج بأوكد ألفاظ الوجوب تأكيدًا لوجوبه.
•‘වුජූබ්’ යන අරාබි පදයෙන් අර්ථවත් වන ‘අනිවාර්යය’ යන පද යෙදුමෙන් හජ් ඉටු කිරීම අනිවාර්යය කටයුත්තක් බව මෙහිදී අල්ලාහ් සිහිපත් කර ඇත.

وَكَیْفَ تَكْفُرُوْنَ وَاَنْتُمْ تُتْلٰی عَلَیْكُمْ اٰیٰتُ اللّٰهِ وَفِیْكُمْ رَسُوْلُهٗ ؕ— وَمَنْ یَّعْتَصِمْ بِاللّٰهِ فَقَدْ هُدِیَ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟۠
නුඹලා අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු එම විශ්වාසය ගැන තහවුරු කරන මහත් සාධක නුඹලා සමග තිබිය දී නුඹලා ඔහු ව ප්රතික්ෂේප කළ හැක්කේ කෙසේද? අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වා ඇත. එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් නුඹලාට පැහැදිලි කර ඇත. කවරෙකු අල්ලාගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත තදින් පිළිපදින්නේද අල්ලාහ් ඔහුට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු ඇදයක් හෝ අඩුපාඩුවක් දක්නට නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ حَقَّ تُقٰتِهٖ وَلَا تَمُوْتُنَّ اِلَّا وَاَنْتُمْ مُّسْلِمُوْنَ ۟
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, නුඹලාගේ පරමාධිපතිට බිය විය යුතු නියම අයුරින් බිය වී කටයුතු කරන්න. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් හා ඔහුගේ ආශිර්වාද සඳහා කෘතඥ වීමෙනි. නුඹලා වෙත මරණය පැමිණෙන තෙක්ම නුඹලා මෙම දහම මත රැඳී සිටිමින් එය තදින් ග්රහණය කර ගත යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاعْتَصِمُوْا بِحَبْلِ اللّٰهِ جَمِیْعًا وَّلَا تَفَرَّقُوْا ۪— وَاذْكُرُوْا نِعْمَتَ اللّٰهِ عَلَیْكُمْ اِذْ كُنْتُمْ اَعْدَآءً فَاَلَّفَ بَیْنَ قُلُوْبِكُمْ فَاَصْبَحْتُمْ بِنِعْمَتِهٖۤ اِخْوَانًا ۚ— وَكُنْتُمْ عَلٰی شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَاَنْقَذَكُمْ مِّنْهَا ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمْ اٰیٰتِهٖ لَعَلَّكُمْ تَهْتَدُوْنَ ۟
අහෝ! විශ්වාස කළවුනි, නුඹලා කුර්ආනය හා සුන්නාහ් හෙවත් නබි පිළිවෙත තදින් පිළිපදිනු. නුඹලා අතර බෙදීම් ඇති වන තරමට නුඹලා ගැටුම් අති කර නොගනු. නුඹලා ඉස්ලාමය තුළට පිවිසීමට පෙර සුළු කාරණාවන් සඳහා එකිනෙකා මරාගනිමින් සතුරන් ලෙස සිටියදී අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. ඔහුගේ භාග්යයෙන් දහම තුළ නුඹලා සහෝදරයින් බවට පත් වූහ. එකිනෙකාට ආදරය කරන්නන් හා උදව් කරන්නන් බවට පත්වූහ. මීට පෙර නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නිරයට පිවිසීමට සමීප ව සිටියෙහුය. ඉස්ලාමය පිරිනැමීම තුළින් අල්ලාහ් නුඹලා ව එයින් මුදවා ගත්තේය. දේව විශ්වාසය වෙත ඔහු නුඹලාට මග පෙන්වීය. අල්ලාහ් නුඹලාට මෙය පැහැදිලි කළාක් මෙන්ම මෙලොව හා මතු ලොව නුඹලාගේ තත්ත්වයන් විධිමත් කර ගැනීමේ කරුණුු ද නුඹලාට පැහැදිලි කර ඇත. එය නුඹලා නිවැරදි මාර්ගය වෙත මග පෙන්වනු ලබනු පිණිස හා ඍජු මාවත මත ගමන් කරනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلْتَكُنْ مِّنْكُمْ اُمَّةٌ یَّدْعُوْنَ اِلَی الْخَیْرِ وَیَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَیَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ؕ— وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ් ප්රිය කරනන්නා වූ යහපත් කටයුතු වෙත මිනිසා ඇරයුම් කරන ෂරීආ ව පෙන්වා දී ඇති බුද්ධියට ප්රසන්න වූ යහපත් කරුණු මිනිසාට විධානය කොට ෂරීආ ව තහනම් කළ බුද්ධියට අප්රසන්න වූ පිළිකුල් සහගත දැයින් වළක්වාලන පිරිසක් නුඹලා අතර සිටිය යුතුය. මෙම වර්ණනාවලින් වර්ණනා කරනු ලැබූවන් මෙලොව හා මතු ලොව පූර්ණ ජයග්රහණය ලැබූවන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَكُوْنُوْا كَالَّذِیْنَ تَفَرَّقُوْا وَاخْتَلَفُوْا مِنْ بَعْدِ مَا جَآءَهُمُ الْبَیِّنٰتُ ؕ— وَاُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟ۙ
අහෝ! විශ්වාස කළවුනි, බෙදී වෙන් වී කණ්ඩායම් හා නිකායන් බවට පත් වූ ආගම් ලත් ජනයා මෙන් නුඹලා නොවනු. ඔවුන් අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක පැමිණි පසු ඔවුනට හිමි වූ දහමෙහි ඔවුහු භේදබින්න වූහ. ඉහත ගතිගුණ සඳහන් කරන ලැබූ අය වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّوْمَ تَبْیَضُّ وُجُوْهٌ وَّتَسْوَدُّ وُجُوْهٌ ۚ— فَاَمَّا الَّذِیْنَ اسْوَدَّتْ وُجُوْهُهُمْ ۫— اَكَفَرْتُمْ بَعْدَ اِیْمَانِكُمْ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
මෙම මහත් දඬුවම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට හිමිවනු ඇත. එවිට දෙවියන් විශ්වාස කළවුන්ගේ මුහුණු සතුටින් හා සොම්නසින් ප්රසන්න ව පවතී. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු දුකින් හා දොම්නසින් අප්රසන්න ව පවතී. තම මුහුණු අඳුරින් වෙළී අප්රසන්න ව සිටින අය වනාහි පිළිකුල් සහගත ලෙසින් ඔවුන්ගෙන් මෙසේ විමසනු ලැබේ. නුඹලා අල්ලාහ්ගේ ඒකීයත්වය හා කිසිවක් ඔහුට සමාන නොකරන බවට එකඟ වී එය තහවුරු කොට ඉන් පසු ඔහු සමග ඇති කර ගත් ගිවිසුම නුඹලා ප්රතික්ෂේප කළෙහුද? එසේ නම් නුඹලාගේ ප්රතික්ෂේපය හේතුවෙන් නුඹලාහට අල්ලාහ් සූදානම් කර ඇති දඬුවම දැන් භුක්ති විඳිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الَّذِیْنَ ابْیَضَّتْ وُجُوْهُهُمْ فَفِیْ رَحْمَةِ اللّٰهِ ؕ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
මුහුණු පැහැපත් හා ප්රසන්නභාවයෙන් යුත් අය වනාහි ඔවුන්ගේ නවාතැන් සැප පහසුකම් සහිත ස්වර්ග උයන් වෙති. ඔවුහු එහි කිසිවිටෙක නිමා නොවන වෙනස් නොවන සදාතනික සැපයෙහි සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تِلْكَ اٰیٰتُ اللّٰهِ نَتْلُوْهَا عَلَیْكَ بِالْحَقِّ ؕ— وَمَا اللّٰهُ یُرِیْدُ ظُلْمًا لِّلْعٰلَمِیْنَ ۟
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ ප්රතිඥා හා අවවාද ඇතුළත් සත්යය තොරතුරු හා සාධාරණ නීතිරීති සහිත අල් කුර්ආන් වැකි නුඹට අපි කියවා පෙන්වමු. ලෝවැසියන් කිසිවෙකුට ඔහු උපයා ගත් දෑ හේතුවෙන් මිස ඔහුට අසාධාරණයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම කිසිවෙකු දඬුවමට ලක් කරන්නේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• متابعة أهل الكتاب في أهوائهم تقود إلى الضلال والبعد عن دين الله تعالى.
•ආගම් ලත් ජනයා තම ආශාවන් අනුගමනය කිරීම නොමග වෙත හා අල්ලාහ්ගේ දහමින් දුරස් වීමට නායකත්වය දෙයි.

• الاعتصام بالكتاب والسُّنَّة والاستمساك بهديهما أعظم وسيلة للثبات على الحق، والعصمة من الضلال والافتراق.
•අල් කුර්ආනය හා සුන්නා ව තදින් ග්රහණය කොට පිළිපැදීම. ඒ දෙකින් ලැබෙන මාර්ගෝපදේශය සත්යය තහවුරු කර ගැනීමට ඉමහත් මාධ්යයක් වන්නේය. එමෙන්ම නොමග යෑම හා බෙදී වෙන්වීම යනාදී කරුණු වලට ආරක්ෂාවක් ද වන්නේය.

• الافتراق والاختلاف الواقع في هذه الأمة في قضايا الاعتقاد فيه مشابهة لمن سبق من أهل الكتاب.
•ප්රතිපත්තිමය තීන්දු තීරණ සම්බන්ධයෙන් සමාජය තුළ ඇති මතභේද හා වෙන්වීම් පෙර සිටි අගම් ලත් ජනයාට සමානය.

• وجوب الأمر بالمعروف والنهي عن المنكر؛ لأن به فلاح الأمة وسبب تميزها.
•යහපත විධානය කොට අයහපතින් වැළැක්වීමේ අනිවාර්යභාවය. ඊට හේතුව එමගින් සමාජයේ සාර්ථකත්වය පිහටන අතරම හොද නරක වෙන් කර දක්වන සාධකද පිහිටන බැවිණි.

وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠
මැවීම හා විධානය යනාදියෙහි සියලු බලය අල්ලාහ්ට පමණක් සතුය. සෑම මැවීමකම කරුණු යොමු වනුයේ උත්තරීතර ඔහු වෙතමය. ඔවුනොවුන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සෑම කෙනෙකුටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُنْتُمْ خَیْرَ اُمَّةٍ اُخْرِجَتْ لِلنَّاسِ تَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُوْنَ بِاللّٰهِ ؕ— وَلَوْ اٰمَنَ اَهْلُ الْكِتٰبِ لَكَانَ خَیْرًا لَّهُمْ ؕ— مِنْهُمُ الْمُؤْمِنُوْنَ وَاَكْثَرُهُمُ الْفٰسِقُوْنَ ۟
අහෝ! මුහම්මද්ගේ ජන සමූහයනි, දේව විශ්වාසය හා ගරු කටයුතු සම්බන්ධයෙන් මිනිසුන් අතරට අල්ලාහ් බිහි කළ ශ්රේෂ්ඨතම ජනසමාජය නුඹලාය. එමෙන්ම මිනිස් සමාජයට වඩාත් ප්රයෝජනවත් අයද නුඹලාමය. බුද්ධිය පිළිගන්නා සුළු කවර යහපත් කරුණක් වෙත ෂරීආ හෙවත් දහම මග පෙන්වන්නේද එය නුඹලා ජනයාට අණ කර සිටින්නෙහුය. එමෙන්ම බුද්ධිය පිළිකුල් කරන සුළු කවර පිළිකුල් සහගත කරුණක් ෂරීආ ව තහනම් කර ඇත්තේද එයින් නුඹලා ජනයා වළක්වාලන්නෙහුය. නුඹලා කරන ක්රියාවන් නුඹලාගේ විශ්වාසය තහවුරු කරන තරමට තරයේම නුඹලා අල්ලාහ් විශ්වාස කරන්නෙහුුය. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනතාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පිළිබඳ විශ්වාස කළේ නම් එය ඔවුනට මෙලොවට මෙන්ම මතු ලොවටද යහපත් වනු ඇත. නමුත් ආගම් ලත් ජනයා අතරින් කිහිප දෙනෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය විශ්වාස කළ අතර ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ගේ දහමින් හා පිළිවෙතින් දුරස් වූවෝ වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَنْ یَّضُرُّوْكُمْ اِلَّاۤ اَذًی ؕ— وَاِنْ یُّقَاتِلُوْكُمْ یُوَلُّوْكُمُ الْاَدْبَارَ ۫— ثُمَّ لَا یُنْصَرُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, ඔවුන් තුළ සතුරුකම් තිබුණ ද ඔවුන් දහමට බැණ වැදීම අපහාස කිරීම වැනි කටින් කරන ලද සුළු අපහාස හැර නුඹලාගේ දහමට හෝ නුඹලාගේ ජීවිත වලට හානියක් සිදු කිරීමට ඔවුනට නුපුළුවන. ඔවුන් නුඹලා සමග සටන් වදින්නේ නම් නුඹලා ඉදිරියේ පරාජයට පත් ව ඔවුන් පලා යනු ඇත. නුඹලාට එරෙහි ව කිසිවිටෙක ඔවුන් උදව් නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ضُرِبَتْ عَلَیْهِمُ الذِّلَّةُ اَیْنَ مَا ثُقِفُوْۤا اِلَّا بِحَبْلٍ مِّنَ اللّٰهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآءُوْ بِغَضَبٍ مِّنَ اللّٰهِ وَضُرِبَتْ عَلَیْهِمُ الْمَسْكَنَةُ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَانُوْا یَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَیَقْتُلُوْنَ الْاَنْۢبِیَآءَ بِغَیْرِ حَقٍّ ؕ— ذٰلِكَ بِمَا عَصَوْا وَّكَانُوْا یَعْتَدُوْنَ ۟ۗ
යුදෙව්වන් කොතැනක දුටුව ද අවමානය හා අවනම්බුව ඔවුන් වෙළා ගෙන තිබිණ. කිසියම් හෝ ගිවිසුමකින් මිස එසේත් නැතහොත් උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ මිනිසුන්ගෙන් ලැබෙන ආරක්ෂාවකින් මිස වෙනත් ආරක්ෂාවක් ඔවුනට නොවීය. අල්ලාහ්ගේ කෝපයට ලක් ව ඔවුන් හැරී ගියහ. අවශ්යතා හා දිළිඳුකම ඔවුන් වෙළාගන්නට සැලැස්වීය. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ නබිවරුන් අපරාධකාරී ව ඝාතනය කළ බැවින්ය. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගොස් පිටුපාමින් සිටි හේතුවෙන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسُوْا سَوَآءً ؕ— مِنْ اَهْلِ الْكِتٰبِ اُمَّةٌ قَآىِٕمَةٌ یَّتْلُوْنَ اٰیٰتِ اللّٰهِ اٰنَآءَ الَّیْلِ وَهُمْ یَسْجُدُوْنَ ۟
ආගම්ලත් ජනයාගේ තත්ත්වයන් එකිනෙකාට සමාන නොවීය. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ නියෝග පිළිපැද්දාහ. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටියහ. රාත්රී කාලයේ අල්ලාහ්ට සලාත් නැමදුම් ඉටු කරමින් ඔහුගේ වදන් පාරායනය කළහ. මුහම්මද් නබි තුමාණන්ගේ පැමිණීමට පෙර මෙසේ කටයුතු කළ පිරිස එතුමාණන්ගේ පණිවිඩය ලැබුණු විට එය පිළිගෙන ඉස්ලාම ය වැලඳ ගත්හ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَیَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَیَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَیُسَارِعُوْنَ فِی الْخَیْرٰتِ ؕ— وَاُولٰٓىِٕكَ مِنَ الصّٰلِحِیْنَ ۟
ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَفْعَلُوْا مِنْ خَیْرٍ فَلَنْ یُّكْفَرُوْهُ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالْمُتَّقِیْنَ ۟
ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أعظم ما يميز هذه الأمة وبه كانت خيريتها - بعد الإيمان بالله - الأمر بالمعروف والنهي عن المنكر.
•අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ව මෙම සමාජයේ යහපත හා එය අනෙකුත් සමාජ අතර වෙන් කර පෙන්වන මහත් සාධකය වනුයේ යහපත විධානය කොට අයහපතින් වැළැක්වීමයි.

• قضى الله تعالى بالذل على أهل الكتاب لفسقهم وإعراضهم عن دين الله، وعدم وفائهم بما أُخذ عليهم من العهد.
•ආගම් ලත් ජනයා අල්ලාහ්ගේ දහම ප්රතික්ෂේප කළ බැවින් ද නපුරුකම් කළ බැවින් ද ඔවුන් සමග ඇති කරගත් ගිවිසුම ඔවුන් ඉටු නොකළ බැවින් ද අල්ලාහ් ඔවුනට අවමානය තීන්දු කළේය.

• أهل الكتاب ليسوا على حال واحدة؛ فمنهم القائم بأمر الله، المتبع لدينه، الواقف عند حدوده، وهؤلاء لهم أعظم الأجر والثواب. وهذا قبل بعثة النبي محمد صلى الله عليه وسلم.
•ආගම් ලත් ජනයා එකම තත්ත්වයක පසු නොවූහ. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ නියෝග ඉටු කළෝය. ඔහුගේ දහම පිළිපැද්දෝය. ඔහු පැන වූ සීමාවන් තුළ සිටියහ. ඔවුනට අතිමහත් ප්රතිඵල හා කුසල් හිමි වන්නේය. මෙය දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර වූ ස්ථාවරයයි.

اِنَّ الَّذِیْنَ كَفَرُوْا لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— وَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට අල්ලාහ්ගෙන් හිමිවීමට නියමිත කිසිදු දඩුවමක් ඔවුන්ගේ ධනය හෝ දරුවන් ඉදිරිපත් වී වළක්වන්නේ නැත. ඔහුගේ දඩුවම ඉවත් කළ ද නොහැක. එමෙන්ම ඔහුගේ කරුණාව ඔවුනට ගෙන දෙන්නට ද නොහැක. එනමුත් ඔවුනට දඬුවම හා අලාභය වැඩි කර දෙනු ඇත. නිරයට අනිවාර්යය වූවෝ මොවුහු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَثَلُ مَا یُنْفِقُوْنَ فِیْ هٰذِهِ الْحَیٰوةِ الدُّنْیَا كَمَثَلِ رِیْحٍ فِیْهَا صِرٌّ اَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوْۤا اَنْفُسَهُمْ فَاَهْلَكَتْهُ ؕ— وَمَا ظَلَمَهُمُ اللّٰهُ وَلٰكِنْ اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
මෙවන් ප්රතික්ෂේපකයින් විසින් යහපත අපේක්ෂාවෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් විය පැහැදම් කරන දෑ දැඩී සීතල සහිත සුළගට සමානය. එය පාපකම් හා වෙනත් අපරාධ සිදු කරමින් තමන්හටම අපරාධ කරගත් පිරිසකගේ වගා භූමි දෙසට හැමීය. එය ඔවුන්ගේ භෝග වගාවන් විනාශ කර දැමීය. ඔවුන් එයින් දැඩි සේ යහපත අපේක්ෂා කළෝය. නමුත් මේ සුළග වගාවන් විනාශ කර දමන සෑම විටෙකම එය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දෙවියන් ප්රත්ක්ෂේප කිරීම ද එලෙසමය. එය ඔවුන් කුසල් බලාපොරොත්තු වෙන් සිදු කරන ක්රියාවන්හි කුසල් නිෂ්ඵල කරනු ඇත. අල්ලාහ් ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කර නැත. ඔවුන් ඔහු ප්රතික්ෂේප කළ බැවින්ද ඔහුගේ දූතයින් බොරු කළ බැවින්ද ඔවුහු ඔවුනටම අපාරධ කර ගත්තෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوْا بِطَانَةً مِّنْ دُوْنِكُمْ لَا یَاْلُوْنَكُمْ خَبَالًا ؕ— وَدُّوْا مَا عَنِتُّمْ ۚ— قَدْ بَدَتِ الْبَغْضَآءُ مِنْ اَفْوَاهِهِمْ ۖۚ— وَمَا تُخْفِیْ صُدُوْرُهُمْ اَكْبَرُ ؕ— قَدْ بَیَّنَّا لَكُمُ الْاٰیٰتِ اِنْ كُنْتُمْ تَعْقِلُوْنَ ۟
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි, දෙවියන් කෙරෙහි විශ්වාස කළවුන් හැර එය ප්රතික්ෂේප කරන්නන් නුඹලාගේ හිතමිතුරන් ලෙස හෝ සුදනන් ලෙස හෝ නොගනු. නුඹලාගේ රහසිගත දෑ හා නුඹලාගේ විශේෂ තත්ත්වයන් නුඹලා ඔවුනට දැන ගැනීමට ඉඩ දෙන්නෙහුය. නමුත් නුඹලාට හිංසා කිරීමෙහි හා නුඹලා තුළ කලහකම් ඇති කිරීමෙහි කිසිදු අඩුවක් ඔවුන් සිදු කරන්නේ නැත. නුඹලාට හානි පමුණුවන්නටත් පීඩා කිරීමටත් ඔවුන් අපේක්ෂා කරති. ඔවුන්ගේ අකමැත්ත හා සතුරුකම ඔවුන්ගේ මුඛවල් වලින් හෙළි වී ඇත. නුඹලාගේ දහමට අපහාස කරමින්, නුඹලා අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරමින් නුඹලාගේ රහස් හෙළි කරමින් ඔවුන් කටයුතු කරති. ඔවුන්ගේ සිත් තුළ සඟවා ඇති පිළිකුල් සහගත දෑ අතිභයානකය. අහෝ! විශ්වාසකළවුනි, මෙලොවෙහි හා මතු ලොවෙහි යහපත ගෙන දෙන කරුණු පිළිබඳ පැහැදිලි සාධක අපි නුඹලාට විස්තර කර ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලා වෙත පහළ කර ඇති දෑ ගැන නුඹලා වටහා ගන්නේ නම් එය නුඹලාට යහපත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰۤاَنْتُمْ اُولَآءِ تُحِبُّوْنَهُمْ وَلَا یُحِبُّوْنَكُمْ وَتُؤْمِنُوْنَ بِالْكِتٰبِ كُلِّهٖ ۚ— وَاِذَا لَقُوْكُمْ قَالُوْۤا اٰمَنَّا ۖۗۚ— وَاِذَا خَلَوْا عَضُّوْا عَلَیْكُمُ الْاَنَامِلَ مِنَ الْغَیْظِ ؕ— قُلْ مُوْتُوْا بِغَیْظِكُمْ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, මෙන්න නුඹලා එම ජනයා හිතමිතුරන් ලෙස පත් කරගෙන ඇත. ඔවුන් නුඹලා ව පිළිකුල් කරන තත්ත්වයේ නුඹලාට යහපතක් සිදු වීම ගැන ඔවුන් අකමැත්තෙන් සිටියදී නුඹලා ඔවුනට යහපත කරන්නෙහුය. නමුත් ඔවුන් නුඹලාට සතුරුකම් කරති. නුඹලා දෙවියන් විසින් පහළ කරන ලද පුස්තක සියල්ල විශ්වාස කරන්නෙහුය. ඔවුන්ගේ පුස්තකය ද ඉන් එකකි. නමුත් නුඹලාගේ නබිවරයා වෙත අල්ලාහ් පහළ කළ ග්රන්ථය ඔවුන් විශ්වවාස නොකරති. ඔවුන් නුඹලා ව මුණගැසුණු විට ‘අපි සත්යයම විශ්වාස කරන්නෙමු’ යැයි වචනයට පමණක් පවසති. නමුත් ඔවුනොවුන් එකතු වුණු විට ඔවුන්ගේ ඇඟිලි තුඩු නමා ගනිමින් නුඹලාගේ ඒකීය විශ්වාසය ඒකමතික ව කළ ප්රකාශය හා ඉස්ලාමයේ ගෞරවය කෙරෙහි ඇති කෝපය පිට කරති. එමෙන්ම ඔවුනට අත් වූ අවමානය ගැනද කතා කරති. අහෝ! නබිවරය, ඔබ එම පිරිසට මෙසේ පවසන්න. ‘නුඹලා කවර කරුණක් මත කෝපයෙන් හා වෛරයෙන් සිටින්නේද ඒ අයුරින්ම නුඹලා මරණයට පත්වහු. හදවත් තුළ ඇති දේව විශ්වාසය හා ප්රතික්ෂේපය ගැනත් යහපත හා අයහපත ගැනත් සැබැවින්ම අල්ලාහ් මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ ؗ— وَاِنْ تُصِبْكُمْ سَیِّئَةٌ یَّفْرَحُوْا بِهَا ؕ— وَاِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا لَا یَضُرُّكُمْ كَیْدُهُمْ شَیْـًٔا ؕ— اِنَّ اللّٰهَ بِمَا یَعْمَلُوْنَ مُحِیْطٌ ۟۠
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, සතුරන්ට එරෙහි ව යම් ජයග්රහණයක් නුඹලාට ලැබුණු විට හෝ ධනය හා දරුවන්ගේ වර්ධනයක් දුටු විට ඔවුන් දුකට හා ශෝකයට පත් වෙති. නමුත් නුඹලාට එරෙහි ව සතුරන් විසින් යම් ජයක් අත්පත් කර ගෙන නුඹලාට යම් අභාග්යයක් සිදු වූ විට හෝ ධනය හා දරුවන් අහිමිවීමෙන් යම් අභාග්යයක් ඇති වූ විටෙක ඒගැන ඔවුන් සතුටු වෙති. නුඹලාට අත් වූ ඉරණම ගැන ප්රීති වෙති. අල්ලාහ්ගේ නියෝග හා ඔහු තීන්දු කළ දෑ නුඹලා ඉවසීමෙන් යුතු ව භාර ගෙන ඔහුගේ කෝපයට බිය වී නුඹලා බැතිමත් ව කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්රණ හෝ ඔවුන්ගේ තාඩන පීඩන කිසිවක් නුඹලාට හානියක් ඇති නොකරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන කුමන්ත්රණ ගැන සර්වප්රකාරයෙන්ම දන්නේය. ඔහු ඔවුන් පරාජිතයින් බවට පත් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذْ غَدَوْتَ مِنْ اَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِیْنَ مَقَاعِدَ لِلْقِتَالِ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟ۙ
අහෝ! නබිරවය, දහවල් කාලයේ ආරම්භයේදීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීම සඳහා මදීනාවේ සිට උහද් යුද පිටියට පිටත් ව ගිය අවස්ථාව මෙනෙහි කර බලනු. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් යුද පිටියේ සීරුවෙන් පෙළ ගස්වා ඔවුන් සෑම කෙනෙකුගේම ස්ථානය ඔබ ඔවුනට පැහැදිලි කළෙහිය. අල්ලාහ් නුඹලා කරන ප්රකාශයන්ට සවන් දෙන්නාය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• نَهْي المؤمنين عن موالاة الكافرين وجَعْلهم أَخِلّاء وأصفياء يُفْضَى إليهم بأحوال المؤمنين وأسرارهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීම ඔවුන් හිතමිතුරන් ලෙස හා සුදනන් ලෙස ගැනීම දෙවියන් විශ්වාස කරන්නන්ගේ තත්ත්වයන් හා ඔවුන්ගේ රහස් ඔවුන් වෙත ගෙන යෑම දෙවියන් විශ්වාස කරන්නන්හට තහනම් කිරීම.

• من صور عداوة الكافرين للمؤمنين فرحهم بما يصيب المؤمنين من بلاء ونقص، وغيظهم إن أصابهم خير.
•දෙවියන් විශ්වාස කරන්නන්හට යම් අභාග්යයක් හෝ යම් දොසක් ඇති වූ විටෙක තමන් සතුටු වීමත් ඔවුනට යම් යහපතක් ඇති වූ විටෙක තමන් කෝප වීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් දෙවියන් විශ්වාස කරන්නන්හට දක්වන සතුරුකමෙහි ස්වරූපයකි.

• الوقاية من كيد الكفار ومكرهم تكون بالصبر وعدم إظهار الخوف، ثم تقوى الله والأخذ بأسباب القوة والنصر.
• ඉවසීම ප්රගුණ කිරීමෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට භීතිය හෙළි නොකිරීමෙන් ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ කූට උපක්රම වලින් ආරක්ෂාව ලබන්නේය. පසු ව අල්ලාහ් කෙරෙහි හැඟීමෙන් යුතු ව කටයුතු කරමින් බලය හා උපකාරය සාධක ලෙස භාවිත කළ යුතු වේ.

اِذْ هَمَّتْ طَّآىِٕفَتٰنِ مِنْكُمْ اَنْ تَفْشَلَا ۙ— وَاللّٰهُ وَلِیُّهُمَا ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
අහෝ! නබිවරය, බනූ සලිමා හා බනූ හාරිසා යන දෙවියන් විශ්වාස කළ කණ්ඩායම් දෙක දුර්වලතාවට පත් වූ අවස්ථාවේ ඇති වූ සිදුවීම ගැන මෙනෙහි කර බලනු. කුහකයින් හැරී යන මොහොතේ මොවුන්ද හැරී යන්නට තැත් කළෝය. යුද පිටිය මත ඔවුන් ස්ථාවරව සිටීමෙන් හා ඔවුන් කවර දෙයක් සිතුවේ ද එයින් හැරීමෙන් අල්ලාහ් ඔවුනට උදව් කරනු ඇත. එය අල්ලාහ්ට පමණක් හැකිය. එහෙයින් සියලු තත්ත්වයන් තුළ දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර ව සිටිය යුතුයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ نَصَرَكُمُ اللّٰهُ بِبَدْرٍ وَّاَنْتُمْ اَذِلَّةٌ ۚ— فَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
නුඹලා දුර්වල ව සිටියදී බද්ර් සටනෙහි දෙවියන්ට ආදේශ කළවුන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උදව් කළේය. එවිට නුඹලා මිනිස් බලයෙන් හා අයුධ බලයෙන් ඉතා අඩු ප්රමාණයකින් සිටියහ. එහෙයින් නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයට නුඹලා කෘතගුණ සලකනු පිණිස නුඹලා අල්ලාහ්ට බැතිමත් ව ඔහු ගැන මතකයෙන් කටයුතු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ تَقُوْلُ لِلْمُؤْمِنِیْنَ اَلَنْ یَّكْفِیَكُمْ اَنْ یُّمِدَّكُمْ رَبُّكُمْ بِثَلٰثَةِ اٰلٰفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُنْزَلِیْنَ ۟ؕ
ආදේශ කරන්නන්ගේ උදව්වට අමතර කණ්ඩයමක් පැමිණෙන බවට තමන් සවන් දුන් පසු ව බද්ර් පිටියේ දෙවියන් විශ්වාස කරන්නන් ශක්තිමත් කරමින් ‘යුදපිටියේ නුඹලා ව ශක්තිමත් කරනු පිණිස අල්ලාහ් අබියසින් පහළ වූ මලක්වරුන් තුන්දහසක පිරිසක් මගින් නුඹලාට උදව් කර තිබීම ප්රමාණවත් නොවේදැයි අහෝ! නබිවරය, ඔබ දෙවියන් විශ්වාස කරන්නන්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلٰۤی ۙ— اِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا وَیَاْتُوْكُمْ مِّنْ فَوْرِهِمْ هٰذَا یُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ اٰلٰفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُسَوِّمِیْنَ ۟
එසේය. සැබැවින්ම එය නුඹලාට ප්රමාණවත් විය. අල්ලාහ්ගෙන් වූ තවත් උපකාරයක ශුභාරංචියක් නුඹලාට විය. නුඹලා යුද පිටියේ ඉවසීමෙන් යුතු ව අල්ලාහ් පිළිබඳ බැතිමත් ව කටයුතු කර තිබුණු අවස්ථාවක සතුරන් නුඹලා වෙත කඩා පනින වේලාවේ ඔවුන් වෙත අමතර පිරිසක් පැමිණියේ නම් සැබැවින්ම සලකුණු තබන ලද ඔවුන් ව හඳුනා ගත හැකි මලක්වරුන් පන්දහසක පිරිසක් මගින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی لَكُمْ وَلِتَطْمَىِٕنَّ قُلُوْبُكُمْ بِهٖ ؕ— وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟ۙ
මෙම උපකාරය හා මලක්වරුන්ගේ සහය නුඹලාගේ සතුට හා යහපත වෙනුවෙන් මිස අල්ලාහ් පිරිනැමුවේ නැත. එමගින් නුඹලාගේ හදවත් සන්සුන් විය. එසේ නොමැති ව සැබෑ ජයග්රහණය මතුපිටින් දකින සාධකවලින් පමණක් සිදු නොවීය. සැබෑ ජයග්රහණය පැමිණියේ සර්ව බලධාරී අල්ලාහ් අබියසිනි. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමේ හා නීතිගත කිරීමේ මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیَقْطَعَ طَرَفًا مِّنَ الَّذِیْنَ كَفَرُوْۤا اَوْ یَكْبِتَهُمْ فَیَنْقَلِبُوْا خَآىِٕبِیْنَ ۟
මෙම උපකාරය බද්ර් යුද්ධයේදී අල්ලාහ් නුඹලාට තහවුරු කළේය. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් එහි දී මරුමුවට පත් කොට ඔවුන් විනාශ කිරීමටත් තවත් පිරිසක් අවමානයට පත් කරන්නටත් ඔවුන්ගේ පරාජය හේතුවෙන් ඔවුනට කෝපය ඇති කරන්නටත් අල්ලාහ් අභිමත කළේය. එවිට ඔවුන් පරාජයට පත් ව අවමානයෙන් යුතු ව හැරී ගියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ لَكَ مِنَ الْاَمْرِ شَیْءٌ اَوْ یَتُوْبَ عَلَیْهِمْ اَوْ یُعَذِّبَهُمْ فَاِنَّهُمْ ظٰلِمُوْنَ ۟
උහද් යුද්ධයේදී සිදුවුණු සිදුවීමෙන් පසු විනාශයට පත් වූ දේව ආදේශකයින්ගේ නායකයින්ට එරෙහි ව අල්ලාහ්ගේ දූතයාණෝ ප්රාර්ථාන කළ අවස්ථාවේ අල්ලාහ් එතුමාට මෙසේ පැවසීය: ඔවුන් ගැන කිසිදු අයිතියක් ඔබට නැත. සියලු කරුණු අල්ලාහ් සතුය. නුඹලා අතර අල්ලාහ් තීන්දු කිරීම හෝ ඔවුනට සමාව දී ඔවුන් ඉස්ලාමය තුළට පිවිසීම හෝ ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේප මත රැදී සිට ඔහු ඔවුන්ට දඬුවම් දීම යනාදී කරුණු මත ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. හේතුව සැබැවින්ම ඔවුන් දඩුවම් ලැබීමට සුදුසු අපරාධකරුවෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— یَغْفِرُ لِمَنْ یَّشَآءُ وَیُعَذِّبُ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමත්, ඒවා සැලසුම් කිරීමත් අල්ලාහ් සතු කාර්යයකි. ඔහු කැමැති ගැත්තන්හට ඔහුගේ කරුණාව තුළින්, කළ පාපයන් සඳහා සමාව දෙනු ඇත. ඔහු අභිමත කළ අයට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතුරින් කවරෙකු පශ්චාත්තාප වී සමාව අයැද සිටින්නේද ඔවුනට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් විෂයයෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَاْكُلُوا الرِّبٰۤوا اَضْعَافًا مُّضٰعَفَةً ۪— وَّاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟ۚ
අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි! අඥාන ජනයා සිදු කළාක් මෙන් නුඹලා දුන් ණය මුදලට අමතර ව ඊට වඩා වැඩියෙන් පොලී ගැනීමෙන් වැළකෙනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බියවනු. මෙලොව හා මතු ලොව කවර යහපතක් නුඹලා පතන්නේද එය නුඹලාට හිමි විය හැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّقُوا النَّارَ الَّتِیْۤ اُعِدَّتْ لِلْكٰفِرِیْنَ ۟ۚ
නුඹලා හා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති නිරා ගින්න අතර ආරක්ෂාවක් සලසා ගනු. එය දැහැමි ක්රියාවන් සිදු කිරීමෙන් හා තහනම් දෑ අතහැරීමෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَطِیْعُوا اللّٰهَ وَالرَّسُوْلَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟ۚ
නියෝග පිළිපැද තහනම් දැයින් වැළකී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු. නුඹලා මෙලොව හා මතු ලොව කරුණාව ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية التذكير بالنعم والنقم التي تنزل بالناس حتى يعتبر بها المرء.
•පුද්ගලයකු ඒ ගැන අවධානය යොමු කරන තෙක් මිනිසාට හිමි වූ ආශිර්වාද හා අත් වූ විනාශය පිළිබඳ සිහිපත් කිරීම ආගමානුගත කටයුත්තක් බවට පත් කිරීම.

• من أعظم أسباب تَنَزُّل نصر الله على عباده ورحمته ولطفه بهم: التزامُ التقوى، والصبر على شدائد القتال.
•අල්ලාහ්ගේ ගැත්තන්හට ඔහුගේ උපකාරය, ඔහුගේ කරුණාව හා ඔහුගේ ආදරය ඇති වීමට මුල් වූ ප්රධානතම හේතු සාධක වනුයේ තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ මතකයේ රැඳීම හා දරුණු යුදමය වාතාරණයකදී ඉවසීමෙන් යුතු ව කටයුතු කිරීම වේ.

• الأمر كله لله تعالى، فيحكم بما يشاء، ويقضي بما أراد، والمؤمن الحق يُسَلم لله تعالى أمره، وينقاد لحكمه.
•සියලු කරුණු අල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ නීතිගත කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. සැබෑ දේව විශ්වාස කරන්නා ඔහුගේ සියලු කරුණු අල්ලාහ් වෙත භාර කරයි. ඔහුගේ තීන්දු තීරණ පිළිපදියි.

• الذنوب - ومنها الربا - من أعظم أسباب خِذلان العبد، ولا سيما في مواطن الشدائد والصعاب.
•පාපකම් වනාහි පොලිය ද ඉන් එකකි. එය ගැත්තෙකු පසුබෑමට බලපාන මහත් සාධකයකි. විශේෂයෙන්ම දුෂ්කරතා හා අවශ්යතා වැඩියෙන් දැනෙන අවස්ථාවන්වලදී මහත් සේ බලපානු ඇත.

• مجيء النهي عن الربا بين آيات غزوة أُحد يشعر بشمول الإسلام في شرائعه وترابطها بحيث يشير إلى بعضها في وسط الحديث عن بعض.
•උහද් යුද්ධය පිළිබඳ සඳහන් කරන පාඨ අතරවාරයේ පොලිය පිළිබඳ තහනම පැමිණ ඇත. එය ආගමානුගත කිරීමෙහි දී ඉස්ලාමය සියල්ල අන්තර්ගත වන අයුරින් ආගමානුගත කර ඇති බව වටහා දෙනු පිණිසය. කතාවක් අතරවාරයේ කරුණක් තවත් කරුණක් සමග සම්බන්ධ කොට පවසා තිබීමෙන් එය මනා ලෙස වැටහෙන්නේය.

وَسَارِعُوْۤا اِلٰی مَغْفِرَةٍ مِّنْ رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمٰوٰتُ وَالْاَرْضُ ۙ— اُعِدَّتْ لِلْمُتَّقِیْنَ ۟ۙ
අල්ලාහ්ගෙන් වූ අතිමත් සමාව නුඹලා ලබනු පිණිස දැහැමි දෑ සිදු කිරීමට යුහසුලු ව පෙරට එනු. දෙවිඳුන්ට අවනතභාවය පෙන්වන විවිධ කටයුතු වල නිරත වී ඔහු වෙත සමීප වනු. අහස් හා මහපොළොව තරම් වූ ස්වර්ගයට නුඹලා ඇතුළු වනු ඇත. එය අල්ලාහ් කෙරෙහි බැතියෙන් කටයුතු කරන තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یُنْفِقُوْنَ فِی السَّرَّآءِ وَالضَّرَّآءِ وَالْكٰظِمِیْنَ الْغَیْظَ وَالْعَافِیْنَ عَنِ النَّاسِ ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟ۚ
මුත්තකූන් හෙවත් දෙවියන් පිළිබඳ බියෙන් හා සිහියෙන් පසුවන්නන් වනාහි, ඔවුන් තම ධනය වත්පොහොසත් කම් ඇති අවස්ථාවන්හි පමණක් නොව අගහිඟකම් ඇති අවස්ථාවන්හි ද අල්ලාහ්ගේ මාර්ගයේ වියපැහැදම් කරති. ප්රතිප්රහාර දීමට බලය ඇතත් ඔවුන් ඔවුන්ගේ කෝපය පාලනය කර ගනිති. ඔවුනට අපරාධ කළවුනට සමාව දෙති. මෙම ගුණාංග වලින් පැසසුමට ලක් වූ දැහැමියන් කෙරෙහි අල්ලාහ් ආදරය කරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اِذَا فَعَلُوْا فَاحِشَةً اَوْ ظَلَمُوْۤا اَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهَ فَاسْتَغْفَرُوْا لِذُنُوْبِهِمْ۫— وَمَنْ یَّغْفِرُ الذُّنُوْبَ اِلَّا اللّٰهُ ۪۫— وَلَمْ یُصِرُّوْا عَلٰی مَا فَعَلُوْا وَهُمْ یَعْلَمُوْنَ ۟
ඔවුන් මහා පාපයක් සිදු කළ විට හෝ ඒ හැර තමන් විසින් තමන්හටම යම් වරදක් සිදු කරගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. පිටුපාන්නන්හට කළ අවවාද හා බැතිමතුන් හට කළ ප්රතිඥාවන් පිළිබඳ සිහිපත් කරති. ඔවුන් පසුතැවිලි වී තම පාපයන් සඟවන මෙන් ද ඒ කළ වරද හේතුවෙන් තමන් වරදකරුවන් බවට නොගන්නා මෙන්ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් අයැද සිටිති. ඊට හේතුව අල්ලාහ් හැර වෙනත් කිසිවකු එම පාපයන්ට සමාව දිය නොහැකි බැවිණි. ඔවුන්ගේ පාපය මත ඔවුන් එල්බගෙන නොසිටිති. තමන් පාපයක් සිදු කර ඇති බව ඔවුන් මැනවින්ම දැන සිටිති. අල්ලාහ් ඒ සියලු පාපයන්හට සමාව දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ جَزَآؤُهُمْ مَّغْفِرَةٌ مِّنْ رَّبِّهِمْ وَجَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— وَنِعْمَ اَجْرُ الْعٰمِلِیْنَ ۟ؕ
ප්රශංසා සහගත මෙම ගුණාංග හා තමන්ගේ කීර්තිමත් කටයුතු සම්බන්ධයෙන් මෙසේ වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුන්හට හිමි වන කුසල් වශයෙන් අල්ලාහ් ඔවුන්ගේ පාපකම් මකා දමනු ඇත. ඒ සඳහා සමාව දෙනු ඇත. මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට මතු ලොවෙහි ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. අල්ලාහ්ට අවනත වීම හේතුවෙන් ලෝවැසියන්ට පිරිනමනු ලබන එම ප්රතිඵල යහපතකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ ۙ— فَسِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟
උහද් දිනයේදී දෙවියන් විශ්වාස කළවුන් පරීක්ෂාවට භාජනය කරනු ලැබූ කල්හි අල්ලාහ් ඔවුනට සැනසිලි බස් පවසා සිටියේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කළවුන් විනාශ කිරීමේ දේව න්යායය නුඹලාට පෙර විසූ ජන සමූහයන් අතර ද පැවතිණි. දෙවියන් විශ්වාස කලවුන් පරීක්ෂාවට ලක් වූ පසු අවසානය ඔවුන්හට යහපතක් විය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹලා මහපොළොවේ සැරිසරා අවධානයෙන් බලනු. ඔවුන්ගේ නිවාස විනාශ වී ගියේය. ඔවුන්ගේ රජවරු ඉකුත් ව ගියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا بَیَانٌ لِّلنَّاسِ وَهُدًی وَّمَوْعِظَةٌ لِّلْمُتَّقِیْنَ ۟
ශුද්ධ වූ මෙම කුර්ආනය මුළු මිනිස් සංහතියට සත්යය පැහැදිලි කරන්නකි. අසත්යය පිළිබඳ අවවාද කරන්නකි. යහමග වෙත යොමු වීමට සාධකයකි. දෙවියන් පිළිබද මතකයේ පසුවන්නන්හට නිවාරණයකි. හේතුව ඔවුන් එහි ඇති යහමග හා මගපෙන්වීම තුළින් ප්රයෝජන ලබන්නන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَهِنُوْا وَلَا تَحْزَنُوْا وَاَنْتُمُ الْاَعْلَوْنَ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා අධෛර්යමත් නොවනු. උහද් දිනයේ නුඹලාට අත් වූ තත්ත්වය ගැන දුක් නොවනු. එසේ දුක්වීම නුඹලාට අවශ්ය නැත. නුඹලා අල්ලාහ් හා ඔහුගේ භක්තික ගැත්තන්හට දී ඇති ප්රතිඥා පිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැනගනු, නුඹලා දෙවියන් මත තබා ඇති විශ්වාසයෙන් උසස් අය වන්නෙහුය. එමෙන්ම අල්ලාහ්ගේ උදව් ලැබීම හා ඔහුගේ උදව් නුඹලා අපේක්ෂා කිරීම යනාදියෙන් ද නුඹලා උසස් අය වන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ یَّمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهٗ ؕ— وَتِلْكَ الْاَیَّامُ نُدَاوِلُهَا بَیْنَ النَّاسِ ۚ— وَلِیَعْلَمَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَیَتَّخِذَ مِنْكُمْ شُهَدَآءَ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ الظّٰلِمِیْنَ ۟ۙ
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, උහද් දිනයේ යම් තුවාලයක් හෝ ඝාතනයක් හෝ නුඹලාට විදින්නට සිදු වූයේ නම්, දැනගනු, නුඹලා වින්දා වූ දෑට සමාන තුවාල හා ඝාතන දෙවියන් ප්රතික්ෂේප කළවුන් ද විඳ ඇත. ජනයා අතර සිටින දේව විශ්වාසි කරන්නන් හා දේව ප්රතික්ෂේපකයින් යන දෙපාර්ශවයෙන් තමන් අභිමත කරන අයට අල්ලාහ් එම දිනයන්හි ජයග්රහණය හා පරාජය මාරුවෙන් මාරුවට පිරිනමන්නේය. එහි පැහැදිලි යථාර්ථයක් විය. සැබෑ විශ්වාස කරන්නන් කුහකයින්ගෙන් වෙන්කර ප්රසිද්ධියට පත් කිරීම අල්ලාහ්ගේ අභිමතය පරිදි තම මාර්ගයේ දිවිපිදූ අයට ගෞරව කිරීම යනාදිය ඒවායින් කිහිපයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ඇපකැප නොවී තමන්ටම අපරාධ සිදුකරගත් අයට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الترغيب في المسارعة إلى عمل الصالحات اغتنامًا للأوقات، ومبادرة للطاعات قبل فواتها.
•කාලවේලාවන් ප්රයෝජනයට ගෙන දැහැමි ක්රියාවන් යුහුසුලුවෙන් සිදු කිරීමට හා ඒවා අහිමි වීමට පෙර අවනතවීමේ කටයුතු වල පෙරටුගාමී ව ක්රියා කරන්නට ආශාව ඇති කිරීම.

• من صفات المتقين التي يستحقون بها دخول الجنة: الإنفاق في كل حال، وكظم الغيظ، والعفو عن الناس، والإحسان إلى الخلق.
•ස්වර්ගයට පිවිසීමට සුදුසුකම් ලබන බැතිමතුන්ගේ ගුණාංග වන්නේ සෑම තත්ත්වයකදීම වියපැහැදම් කිරීම කෝපය පාලනය කිරීම මිනිසුනට සමාව දීම හා මැවීම් වෙත යහපත සැලසීමය.

• النظر في أحوال الأمم السابقة من أعظم ما يورث العبرة والعظة لمن كان له قلب يعقل به.
•වටහා ගන්නා හදවතක් ඇති කෙනෙකු උපදෙස් ලබන්නට හා පාඩම් ලබන්නට ඇති ප්රධානතම කරුණක් වනුයේ පෙර විසූ ජනසමූහයන්ගේ තත්ත්වයන් දෙස අවධානයෙන් යුතු ව බැලීමය.

وَلِیُمَحِّصَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَیَمْحَقَ الْكٰفِرِیْنَ ۟
දෙවියන් විශ්වාස කරන්නන් සිදු කළ පාපකම්වලින් ඔවුන් පිරිසිදු කිරීම කුහකයින්ගේ පෙළගැස්ම ව්යාකූල කිරීම හා සත්යය ප්රතික්ෂේප කරන්නන් විනාශ කොට ඔවුන් ඉවත් කිරීම යනාදිය ද එහි ගම්ය වන යථාර්තයන් වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ حَسِبْتُمْ اَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا یَعْلَمِ اللّٰهُ الَّذِیْنَ جٰهَدُوْا مِنْكُمْ وَیَعْلَمَ الصّٰبِرِیْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, පරීක්ෂණයකින් තොරව හෝ අල්ලාහ්ගේ මාර්ගයේ කැපවුවන් තුළ හෙළි වූ සැබෑ ඉවසීම හා ඔවුන්ට අත් වූ කරදර මත ඔවුන් දරා සිටියාක් මෙන් අත්දැකීම් ඔබත් අත් නොවිඳ නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි දැයි නුඹලා සිතන්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ اَنْ تَلْقَوْهُ ۪— فَقَدْ رَاَیْتُمُوْهُ وَاَنْتُمْ تَنْظُرُوْنَ ۟۠
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, බද්ර් දිනයේ නුඹලාගේ සහෝදරවරුන් අත්වින්දා හා සමාන ව ෂහීද් නම් නිලය අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් නුඹලා මරණයට හේතු වන කරුණු හා එහි දරුණුකම නුඹලා එකිනෙකා අත්වීඳීමට පෙර අල්ලාහ්ගේ මාර්ගයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හමු වීමට ප්රිය කරන්නන් ලෙස සිටියෙහුය. මෙන්න ඔබ ප්රිය කළාක් මෙන් නුඹලා උහද් දිනයේ දෑසින්ම දකින්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا مُحَمَّدٌ اِلَّا رَسُوْلٌ ۚ— قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ؕ— اَفَاۡىِٕنْ مَّاتَ اَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلٰۤی اَعْقَابِكُمْ ؕ— وَمَنْ یَّنْقَلِبْ عَلٰی عَقِبَیْهِ فَلَنْ یَّضُرَّ اللّٰهَ شَیْـًٔا ؕ— وَسَیَجْزِی اللّٰهُ الشّٰكِرِیْنَ ۟
මුහම්මද් තුමාණන් මීට පෙර මිය ගිය හෝ මරුමුවට පත් වූ අල්ලාහ්ගේ දූත වර්ගයා අතුරින් වූ දූතයකු මිස වෙනත් කිසිවකු නොවේ. ඔහු මිය ගියේ නම් හෝ මරුමුවට පත් වූයේ නම් නුඹලාගේ දහමින් නුඹලා ඉවත් ව යන්නෙහුද? යුද්ධය අතහැර දමන්නෙහුද? කවරෙකු තම දහම අතහැර දමා යන්නේද ඉන් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු සර්ව බලධාරීය. අති බලසම්පන්නය. එසේ හානියක් සිදු වනුයේ දහම අතහැර ගිය අයටම ය. මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද ඒ හේතුවෙන් ඔහු පරාජය අත් කර ගනු ඇත. අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව රැදී සිටිමින් ඔහුගේ මාර්ගයේ කැපවෙමින් ඔහුට කෘතඥවන්නන්හට ඉමහත් ප්රතිඵල ඔහු පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ لِنَفْسٍ اَنْ تَمُوْتَ اِلَّا بِاِذْنِ اللّٰهِ كِتٰبًا مُّؤَجَّلًا ؕ— وَمَنْ یُّرِدْ ثَوَابَ الدُّنْیَا نُؤْتِهٖ مِنْهَا ۚ— وَمَنْ یُّرِدْ ثَوَابَ الْاٰخِرَةِ نُؤْتِهٖ مِنْهَا ؕ— وَسَنَجْزِی الشّٰكِرِیْنَ ۟
අල්ලාහ් යම් ආත්මයකට තීන්දු කළ නියමිත ආයුෂ කාලය සම්පූර්ණ වීමෙන් පසු ඔහුගේ තීරණය අනුව මිස කිසිදු ආත්මයක් මරණයට පත් වන්නේ නැත. එම ආයුෂ කාලයෙන් කිසිදු වැඩි වීමක් හෝ අඩු වීමක් හෝ සිදු නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවන් තුළින් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේ ද ඔහු වෙනුවෙන් නිර්ණය කරනු ලැබූ ප්රමාණය අපි ඔහුට පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවෙන් මතු ලොවේ අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නේ ද එහි කුසල් අපි ඔහුට පිරිනමන්නෙමු. තම පරමාධිපතිට කෘතවේදී ව කටයුතු කරන්නන්හට අතිමහත් ප්රතිඵල අපි පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَاَیِّنْ مِّنْ نَّبِیٍّ قٰتَلَ ۙ— مَعَهٗ رِبِّیُّوْنَ كَثِیْرٌ ۚ— فَمَا وَهَنُوْا لِمَاۤ اَصَابَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ وَمَا ضَعُفُوْا وَمَا اسْتَكَانُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الصّٰبِرِیْنَ ۟
තමන් සමග එක් ව තම අනුගාමකයින් තම පරමාධිපති වෙනුවෙන් සටන් කළ අල්ලාහ්ගේ නබිවරුන් කොපමණ දෙනෙක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ තමන්හට අත් වූ මරණ හා තුවාල හේතුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් ඉවත් නොවූහ. සතුරන් සමග සටන් කිරීමට අධෛර්යමත් නොවූහ. සතුරන්ට යටත් නොවූහ. ඔවුහු ඉවසීමෙන් හා ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ මාර්ගයේ දැඩි දුෂ්කරතා හා පීඩා විදිමින් ඉවසීමෙන් කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ قَوْلَهُمْ اِلَّاۤ اَنْ قَالُوْا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوْبَنَا وَاِسْرَافَنَا فِیْۤ اَمْرِنَا وَثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَی الْقَوْمِ الْكٰفِرِیْنَ ۟
ඔවුන්හට දුෂ්කරතා හා පීඩාවන් ඇති වූ කල්හි ඒ ගැන ඉවසීමෙන් කටයුතු කළවුන්ගේ ප්රකාශය වූයේ: “අපගේ පරමාධිපතියාණනි, අප කළ පාපකම් වලටත් අපගේ කරුණු වලදී අප සීමාව ඉක්මවා කළ කටුයුතු වලටත් අපහට සමාව දෙනු මැනව! අපගේ සතුරන් අප මුණ ගැසෙන අවස්ථාවේ අපගේ පාද ස්ථාවර ව තබනු මැනව! ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපහට උදව් කරනු මැනව!” යන පැතුමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاٰتٰىهُمُ اللّٰهُ ثَوَابَ الدُّنْیَا وَحُسْنَ ثَوَابِ الْاٰخِرَةِ ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟۠
ඔවුනට උදව් උපකාර කොට පහසුකම් සලසා දෙමින් මෙලොව යහපත අල්ලාහ් ඔවුනට පිරිනැමීය. එමෙන්ම මතු ලොවෙහි ඔවුන් පිළිගැනීමට ලක් කොට සැප පහසුකම් සහිත ස්වර්ග උයන්හි සැපත ලබා දෙමින් මතු ලොවෙහි ඔහු යහපත් කුසල් ඔවුනට පිරිනැමීය. ඔවුන්ගේ වත්පිළිවෙත් හා ගනුදෙනු වලදී යහපත් අයුරින් කටයුත් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الابتلاء سُنَّة إلهية يتميز بها المجاهدون الصادقون الصابرون من غيرهم.
•පරීක්ෂාවට ලක් කිරීම දේව න්යායකි. එමගින් දෙවියන් වෙනුවෙන් කැප වන සැබෑ ලෙස කටයුතු කරන ඉවසීමෙන් කටයුතු කරන ජනයා සෙසු අයගෙන් වෙන්කොට හඳුනා ගත හැකි වන්නේය.

• يجب ألا يرتبط الجهاد في سبيل الله والدعوة إليه بأحد من البشر مهما علا قدره ومقامه.
•කෙනෙකුගේ හැකියාව හා ඔහුගේ නිලයේ උසස්භාවය සලකා අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම හෝ ජනයාට ඇරයුම් කිරීම යනාදිය ඔහු සමග සම්බන්ධ නොකර සිටීම අනිවාර්යය වන්නේය.

• أعمار الناس وآجالهم ثابتة عند الله تعالى، لا يزيدها الحرص على الحياة، ولا ينقصها الإقدام والشجاعة.
•මිනිසුන්ගේ වයස හා ආයුෂ පිළිබඳ තීන්දුව උත්තරීතර අල්ලාහ් අබියස ඇත්තකි. ජීවත් වීමට ඇති ආශාව එය වර්ධනය කරන්නේ නැත. එමෙන්ම වීරත්වය හා පෙරටුගාමී වීමෙන් එය අඩුකළ ද නොහැක.

• تختلف مقاصد الناس ونياتهم، فمنهم من يريد ثواب الله، ومنهم من يريد الدنيا، وكلٌّ سيُجازَى على نيَّته وعمله.
•මිනිසුන්ගේ අරමුණු හා චේතනා විවිධය. ඔවුන්ගෙන් ඇතැමෙක් අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තු වෙයි. තවත් ඇතැමෙකු මෙලොව අපේක්ෂා කරයි. ඔවුනොවුන්ගේ චේතනාවන් හා ක්රියාවන් අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تُطِیْعُوا الَّذِیْنَ كَفَرُوْا یَرُدُّوْكُمْ عَلٰۤی اَعْقَابِكُمْ فَتَنْقَلِبُوْا خٰسِرِیْنَ ۟
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, නුඹලා නොමග යැවීමට යුදෙව් කිතුනු හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන් කවර කරුණක් නුඹලාට අණ කර සිටින්නේද එවන් කරුණු වලදී නුඹලා ඔවුනට අවනත වන්නෙහු නම් නුඹලා විශ්වාස කළ පසු නැවතත් නුඹලා ප්රතික්ෂේපකයින් බවට ඔවුන් හරවනු ඇත. එවිට නුඹලා මෙලොව පමණක් නොව මතු ලොවෙහි ද පරාජිතයින් වන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلِ اللّٰهُ مَوْلٰىكُمْ ۚ— وَهُوَ خَیْرُ النّٰصِرِیْنَ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්හට නුඹලා අවනත වුවද කවරදාකවත් ඔවුන් නුඹලාට උදව් කරන්නේ නැත. නමුත් නුඹලාගේ සතුරන්ට එරෙහි ව උදව් කරන්නා අල්ලාහ්ය. එහෙයින් නුඹලා අල්ලාහ්ට අවනත වන්න. ඔහු සුවිශුද්ධය. උදව්කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිවෙක් නුඹලාට අවශ්ය වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَنُلْقِیْ فِیْ قُلُوْبِ الَّذِیْنَ كَفَرُوا الرُّعْبَ بِمَاۤ اَشْرَكُوْا بِاللّٰهِ مَا لَمْ یُنَزِّلْ بِهٖ سُلْطٰنًا ۚ— وَمَاْوٰىهُمُ النَّارُ ؕ— وَبِئْسَ مَثْوَی الظّٰلِمِیْنَ ۟
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට අපි දැඩි බිය හෙළන්නෙමු. ඔවුන් අල්ලාහ් වෙනුවට වෙනත් දෙවියන් ආදේශ කළ බැවින් ස්ථාවර ව සිට නුඹලා සමග සටන් කිරීමට ශක්තිය නොදරනු ඇත. ඔවුහු තමන්ගේ ආශාවන්ට වහල් වී ඒවාට නැමදුම් ඉටු කළහ. ඒවාට කිසිදු වරමක් අල්ලාහ් පහළ කර තිබුණේ ද නැත. මතු ලොවෙහි ඔවුන් හැරී ගොස් නවතිනුයේ නිරා ගින්නෙහිය. අපරාධකරුවන්ට හිමිවන නිරා ගින්න අති බිහිසුණුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ صَدَقَكُمُ اللّٰهُ وَعْدَهٗۤ اِذْ تَحُسُّوْنَهُمْ بِاِذْنِهٖ ۚ— حَتّٰۤی اِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِی الْاَمْرِ وَعَصَیْتُمْ مِّنْ بَعْدِ مَاۤ اَرٰىكُمْ مَّا تُحِبُّوْنَ ؕ— مِنْكُمْ مَّنْ یُّرِیْدُ الدُّنْیَا وَمِنْكُمْ مَّنْ یُّرِیْدُ الْاٰخِرَةَ ۚ— ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِیَبْتَلِیَكُمْ ۚ— وَلَقَدْ عَفَا عَنْكُمْ ؕ— وَاللّٰهُ ذُوْ فَضْلٍ عَلَی الْمُؤْمِنِیْنَ ۟
නුඹලාගේ සතුරන්ට එරෙහි ව කවර ජයග්රහණයක් අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී තිබුණේද එය ඔහු උහද් දිනයේ නුඹලාට පිරිනැමුවේය. උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් නුඹලා ඔවුන් සමග දැඩි ලෙස සටන් කළ නමුත් කවර කරුණක් මත ස්ථාවරව සිටින්නැයි අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට නියෝග කර සිටියේ ද නුඹලා එය පිළිපැදීමට අධෛර්යමත් වූහ. රැඳී සිටින්නැයි නියෝග කළ නියමිත ස්ථානයේ රැදී සිටීම සම්බන්ධයෙන් නුඹලා අතර මත ගැටුම් ඇති කරගනිමින් එය අතහැර දමා සතුරන් විසින් දමා ගිය යුදමය භාණ්ඩ රැස් කරන්නට පටන් ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලාට රැඳී සිටින්නැයි කළ නියෝගයට නුඹලා පිටුපෑවෝය. එසේ සිදු වූයේ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලා කවර දෙයක් ප්රිය කළේද එම ජයග්රහණය නුඹලාට පිරිනැමීම සඳහා අල්ලාහ් අභිමත කිරීමෙන් පසුවය. නමුත් නුඹලාගෙන් පිරිසක් මෙලොව වස්තුවට ප්රිය කොට තමන්ගේ නියමිත ස්ථාන අතහැර දැමුවෝය. තවත් පිරිසක් මතු ලොවෙහි ප්රතිඵල අපේක්ෂාවෙන් සිටියෝය. එවැන්නන් දූතයාණන්ගේ නියෝගයට අවනත වී ඔවුන්ගේ නියමිත ස්ථානවල රැඳී සිටියෝය. පසු ව අල්ලාහ් නුඹලාගේ තත්ත්වය වෙනස් කළේය. නුඹලාට එරෙහි ව ඔවුනට බලය පිරිනැමීය. එය නුඹලා පරීක්ෂණයට ලක් කිරීම පිණිසය. ඉන් ලිස්සා ගැල වී ගොස් අධෛර්යයට පත් වූ අය අතුරින් ඒ මත ඉවසීමෙන් කටයුතු කරන දේව විශ්වාස කළවුන් කවුරුන්දැ?යි හෙළි කරනු පිණිසය. පසු ව අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝගයට විරුද්ධ වී නුඹලා කවර වරදක් සිදු කළේ ද අල්ලාහ් එයට සමාව දුන්නේය. දෙවියන් විශ්වාස කළවුන්හට අල්ලාහ් මගපෙන්වමින් අතිමහත් භාග්යය පිරිනැමීය. ඔවුන්ගේ වැරදි වලට සමාව දී ඔවුන් මුහුණ දුන් පරීක්ෂණ සඳහා කුසල් පිරිනැමීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ تُصْعِدُوْنَ وَلَا تَلْوٗنَ عَلٰۤی اَحَدٍ وَّالرَّسُوْلُ یَدْعُوْكُمْ فِیْۤ اُخْرٰىكُمْ فَاَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِّكَیْلَا تَحْزَنُوْا عَلٰی مَا فَاتَكُمْ وَلَا مَاۤ اَصَابَكُمْ ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලා දූතයාණන්හට විරුද්ධ වීම හේතුවෙන් නුඹලාට අත් වූ ව්යසනය නිසාවෙන් මහපොළොවෙන් ඈතට නුඹලා පලා ගිය අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා අතුරින් කිසිවෙක් කිසිවකු පිළිබඳ සොයා නොබැලුවේය. රසූල්වරයාණන් නුඹලා හා දේව ආදේශකයින් අතර සිට නුඹලාගේ පසුපසින් නුඹලාට මෙසේ පවසා ඇරයුම් කළේය: “අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. අල්ලාහ්ගේ ගැත්තනි, මා වෙත එන්න. නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුදමය භාණ්ඩ හේතුවෙන් නුඹලා දරන පීඩාව හා වේදනාව සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.” වේදනාව හා පීඩාව ඔහු පසුපස හඹා ආවේය. නුඹලා අතර නබි තුමාණන් මියගිය බවට ආරංචිය පැතිර ගියේය. නබි තුමාණන් ඝාතනය කරනු නොලැබුවේ යැයි නුඹලා දැනගත් පසු නුඹලාට අහිමි වූ ජයග්රහණය හා යුධමය භාණ්ඩ පිළිබඳවත් නුඹලාට අත් වූ ඝාතන හා තුවාල පිළිබඳවත් නුඹලා දුක් නොවනු පිණිස නුඹලාට මෙය පහළ කළේය. සියලුම විපත් හා වේදනාවන් නුඹලාට පහසු විය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ සිත් තුළ ඇති සියලුම තත්ත්වයන් හා නුඹලාගේ අවයව වලින් සිදු කරන ක්රියාවන් අල්ලාහ්ට සැගවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التحذير من طاعة الكفار والسير في أهوائهم، فعاقبة ذلك الخسران في الدنيا والآخرة.
•දෙවියන් ප්රතික්ෂේප කරන අත්තනෝමතික ජනයාට අවනත වීමෙන් හා ඔවුන්ගේ ආශාවන් මත හඹා යෑමෙන් ප්රවේශම් වීම. එවන් තත්ත්වයක අවසන් ප්රතිඵල වනුයේ මෙලොව හා මතු ලොව පරාජය අත්වීමය.

• إلقاء الرعب في قلوب أعداء الله صورةٌ من صور نصر الله لأوليائه المؤمنين.
•අල්ලාහ්ගේ සතුරන්ගේ සිත් තුළ බිය ඇති කිරීම ඔහු ව විශ්වාස කරන ඔහුට සමීපවූවන් සඳහා අල්ලාහ් පිරිනමන ඔහුගේ උදව් ස්වරූපයන්ගෙන් එක් ස්වරූපයකි.

• من أعظم أسباب الهزيمة في المعركة التعلق بالدنيا والطمع في مغانمها، ومخالفة أمر قائد الجيش.
•ලෞකික බැඳියාව යුද පිටියේ සතුරන් විසින් දමා යන වස්තු කෙරෙහි ඇති තණ්හාව සේනාධිපතිගේ නියෝගයට විරුද්ධ වීම යනාදිය සංග්රාමයක දී පරාජයට තුඩු දෙන දැවැන්ත හේතු කාරණා වෙයි.

• من دلائل فضل الصحابة أن الله يعقب بالمغفرة بعد ذكر خطئهم.
•ඔවුන්ගේ වරද මෙනෙහි කිරීමෙන් පසු අවසානයේ අල්ලාහ් ඔවුනට සමාව පිරිනැමීම සහායකයින්ගේ මහිමය පෙන්වාදෙන සාධකයකි.

ثُمَّ اَنْزَلَ عَلَیْكُمْ مِّنْ بَعْدِ الْغَمِّ اَمَنَةً نُّعَاسًا یَّغْشٰی طَآىِٕفَةً مِّنْكُمْ ۙ— وَطَآىِٕفَةٌ قَدْ اَهَمَّتْهُمْ اَنْفُسُهُمْ یَظُنُّوْنَ بِاللّٰهِ غَیْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِیَّةِ ؕ— یَقُوْلُوْنَ هَلْ لَّنَا مِنَ الْاَمْرِ مِنْ شَیْءٍ ؕ— قُلْ اِنَّ الْاَمْرَ كُلَّهٗ لِلّٰهِ ؕ— یُخْفُوْنَ فِیْۤ اَنْفُسِهِمْ مَّا لَا یُبْدُوْنَ لَكَ ؕ— یَقُوْلُوْنَ لَوْ كَانَ لَنَا مِنَ الْاَمْرِ شَیْءٌ مَّا قُتِلْنَا هٰهُنَا ؕ— قُلْ لَّوْ كُنْتُمْ فِیْ بُیُوْتِكُمْ لَبَرَزَ الَّذِیْنَ كُتِبَ عَلَیْهِمُ الْقَتْلُ اِلٰی مَضَاجِعِهِمْ ۚ— وَلِیَبْتَلِیَ اللّٰهُ مَا فِیْ صُدُوْرِكُمْ وَلِیُمَحِّصَ مَا فِیْ قُلُوْبِكُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
වේදනා හා පීඩා විඳීමෙන් පසු ව සැනසුම හා ස්ථාවරභාවය ඔහු නුඹලා වෙත පහළ කළේය. නුඹලා අතුරින් අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසු වූ පිරිසකට ඔවුන්ගේ හදවත් තුළ තැවෙමින් පැවති දෑ අභයදායී හා සැනසුමට පත් වන අයුරින් මද නින්දෙන් ආවරණය කළේය. තවත් පිරිසකගේ හදවත් අභයදායී තත්වයට පත් වන තරමට මද නින්ද හිමි වූයේ නැත. ඔවුන් තමන්ගේ වාසිය තකා මිස වෙනත් කිසිවකු පිළිබඳ වැදගත්කමක් නොදුන් කුහකයෝ වූහ. එහෙයින් ඔවුන් බියෙන් හා සැකයෙන් පසු වූහ. අල්ලාහ් පිළිබඳ නිවැරැදි ව තක්සේරු කර නොගත් අඥාන ජනයා සිතුවාක් මෙන් සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්හට උදව් නොකරනු ඇතැයි ද ඔහුගේ ගැත්තන්හට පිහිට නොවනු ඇතැයිද ඔවුහු අල්ලාහ් පිළිබඳ වැරදි ලෙස සිතුවිලි ඇති කර ගත්හ. අල්ලාහ් පිළිබඳ අනවබෝධයෙන් පසු වූ කුහකයෝ මෙසේ පැවසූහ: ‘යුද්ධය සඳහා පිටවීම විෂයයෙහි අප දෙස බලන කිසිවකු නොසිටියි. එසේ අපට වී නම් පිටත් ව යන්නෙමු.’ නබිවරය, ඔබ ඔවුනට මෙසේ පිළිතුරු දෙනු: ‘සියලුම කරුණු පිහිටනුයේ අල්ලාහ් වෙනුවෙනි. ඔහු අභිමත දෑ සැලසුම් කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. නුඹලාට පිටත් වන්නට සැලැස්වූයේද ඔහු ය.’ නමුත් මෙම කුහකයෝ සැකය හා නරක සිතුවිලි තමන්ගේ සිත් තුළ සඟවා ගෙන සිටියහ. එය ඔබට හෙළි නොකර මෙසේ පවසා සිටියහ: ‘පිටත් ව යෑමේ අපට යම් කරුණක් පිහිටනුයේ නම් මෙම ස්ථානයේ අපි මරුමුවට පත් නොවන්නට තිබුණි.’ අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. ‘මරණයට පත් වන හෝ ඝාතනයට ලක් වන ස්ථානයෙන් දුරස් ව නුඹලාගේ නිවෙස් වල නුඹලා සිටියද නුඹලා අතරින් කවරෙකු වෙත මරණය අල්ලාහ් තීන්දු කර ඇත්තේද ඔවුන්ගේ මරණය ඔවුනට සිදු වනු ඇත. අල්ලාහ් එය නියම කළේ නුඹලාගේ සිත් තුළ ඇති චේතනාවන් හා අරමුණු පරීක්ෂා කරනු පිණිසත් ඒ තුළ ඇති දේව විශ්වාසය හා කුහකත්වය වෙන් කර පෙන්වනු පිණිසත්ය. අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ تَوَلَّوْا مِنْكُمْ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ ۙ— اِنَّمَا اسْتَزَلَّهُمُ الشَّیْطٰنُ بِبَعْضِ مَا كَسَبُوْا ۚ— وَلَقَدْ عَفَا اللّٰهُ عَنْهُمْ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ حَلِیْمٌ ۟۠
අහෝ! මුහම්මද්(සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)ගේ සගයිනි, උහද් පිටියේ දෙවියන්ට ආදේශ කළ සතුරු පාර්ශවය මුස්ලිම් සේනාව හමු වූ දිනයේ නුඹලාගෙන් ඇතැමෙකු පරාජයට පත් වූහ. ඔවුන් උපයාගත් පාපකම හේතුවෙන් එවන් තත්ත්වයකට ඇද දැමුවේ ෂෙයිතාන්ය. අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. වරදකරුවන් බවට හසුකර ගත්තේ නැත. එය ඔහුගෙන් වූ භාග්යයක් හා කරුණාවක් ලෙසිනි. කවරෙකු පාප ක්ෂමාව ඉල්ලා සිටියේ ද අල්ලාහ් ඔවුන්ගේ පාපයට ක්ෂමාව දෙන්නාය. දඬුවම් දීමට ඉක්මන් නොවන ඉවසලිවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَكُوْنُوْا كَالَّذِیْنَ كَفَرُوْا وَقَالُوْا لِاِخْوَانِهِمْ اِذَا ضَرَبُوْا فِی الْاَرْضِ اَوْ كَانُوْا غُزًّی لَّوْ كَانُوْا عِنْدَنَا مَا مَاتُوْا وَمَا قُتِلُوْا ۚ— لِیَجْعَلَ اللّٰهُ ذٰلِكَ حَسْرَةً فِیْ قُلُوْبِهِمْ ؕ— وَاللّٰهُ یُحْیٖ وَیُمِیْتُ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුමගනය කළවුනි, දෙවියන් ප්රතික්ෂේප කරන කුහකයින් මෙන් නොවනු. තම හිතමිතුරන් දෙස බලා ඔවුන් ජීවනෝපාය සොයා ගිය විට හෝ යුද්ධයක නිරත ව මිය ගිය විට හෝ ඝාතනය කරනු ලැබූ විට මෙසේ පවසා සිටියහ. ‘ඔවුන් අප සමග සිටියා නම් එසේ පිටත් නොවනු ඇත. යුද්ධ නොකරනු ඇත. මිය යන්නේ ද නැත. ඝාතනයට ලක් වන්නේ ද නැත. මෙම ප්රතිපත්තිය අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් කළේ ඔවුන්ගේ සිත් තුළ දුක හා පසුතැවිල්ල වර්ධනය වනු පිණිසය. අල්ලාහ් ඒකීයය. ජීවත් කරවන්නේත් මරණයට පත් කරවන්නේත් තම අභිමතය පරිදිය. රැඳී සිටීමෙන් ඔහුගේ නියමය වැළැක්විය නොහැක. එමෙන්ම එසේ පිටත්වීමෙන් එය ඔහු ඉක්මන් කරන්නේද නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් ඔහු වෙතින් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ قُتِلْتُمْ فِیْ سَبِیْلِ اللّٰهِ اَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّٰهِ وَرَحْمَةٌ خَیْرٌ مِّمَّا یَجْمَعُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ මියැදුණේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ සැබැවින්ම අල්ලාහ් නුඹලාට මහත් සේ සමාව දානය කරනු ඇත. ඔහුගේ කරුණාවෙන් ඔහු නුඹලාට දායාද කරනු ඇත. එය මෙලොව හා ලෝවාසීන් මෙලොවෙහි රැස් කරන අල්ප සැපතට වඩා උතුම් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجهل بالله تعالى وصفاته يُورث سوء الاعتقاد وفساد الأعمال.
•අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ ගුණාංග පිළිබඳ නිවැරැදි වැටහීමක් නොතිබීම. අයහපත් විශ්වාස හා අයහපත් ක්රියාවන් උරුම කර දෙනු ඇත.

• آجال العباد مضروبة محدودة، لا يُعجلها الإقدام والشجاعة، ولايؤخرها الجبن والحرص.
•ගැත්තන්ගේ ආයුෂ කාලය සීමා කොට ඇත. පෙරටුගාමීත්වය හා වීරත්වය එය ඉක්මන් නොකරනු ඇත. එමෙන්ම ආශාවන් හා අධෛර්යය එය ප්රමාද කරන්නේද නැත.

• من سُنَّة الله تعالى الجارية ابتلاء عباده؛ ليميز الخبيث من الطيب.
•යහපත් අයගෙන් අයහපත් අය වෙන් කර හඳුන්වා දීම සඳහා තම ගැත්තන්හට පරීක්ෂණ ඇති කිරීම අල්ලාහ්ගේ න්යායයකි.

• من أعظم المنازل وأكرمها عند الله تعالى منازل الشهداء في سبيله.
•නිලයන් අතුරින් අල්ලාහ් අබියස උසස්තම හා ගෞරවනීය නිලය වන්නේ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන්ගේ නිලයයි.

وَلَىِٕنْ مُّتُّمْ اَوْ قُتِلْتُمْ لَاۡاِلَی اللّٰهِ تُحْشَرُوْنَ ۟
නුඹලාගේ මරණය කවර තත්ත්වයකින් සිදු වුවද එය මියැඳීමෙන් හෝ ඝාතනය කරනු ලැබීමෙන් හෝ සිදු වුවද නුඹලා සිදු කළ ක්රියාවන්ට කුසල් පිරිනැමීම සඳහා නුඹලා සියලු දෙනා යා යුත්තේ අල්ලාහ් වෙත පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِمَا رَحْمَةٍ مِّنَ اللّٰهِ لِنْتَ لَهُمْ ۚ— وَلَوْ كُنْتَ فَظًّا غَلِیْظَ الْقَلْبِ لَانْفَضُّوْا مِنْ حَوْلِكَ ۪— فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِی الْاَمْرِ ۚ— فَاِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَوَكِّلِیْنَ ۟
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ අතිමහත් කරුණාව හේතුවෙන් ඔබේ ගුණදම් ඔබගේ සගයින් සමග පහසුවෙන් කටයුතු කරන අයුරින් පිහිටුවා ඇත. ඔබේ ප්රකාශයේ හෝ ක්රියාවේ දැඩි බවක් හෝ හදවතේ දෘඪ බවක් පැවතුණේ නම් ඔවුන් ඔබගෙන් වෙන් ව යනු ඇත. ඔවුන් ඔබේ අයිතියේ යම් අඩුවක් සිදු කර ඇත්නම් ඔබ ඔවුනට සමාව දෙන්න. ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාව අයැද සිටින්න. සාකච්ඡාවට අවශ්ය ඔවුන්ගේ අදහස් පතන්න. සාකච්ඡාවෙන් පසු ඔබ යම් ගිවිසුමකට එළැඹුණේ නම් එම කරුණ මත විශ්වාසයෙන් සිට ඒ අනුව කටයුතු කරන්න. අල්ලාහ් වෙත සියල්ල භාරකරන්න. සැබැවින් තමන් වෙත සියල්ල භාරකරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය. ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන් ස්ථාවර ව කටයුතු කිරීමට ඉඩ සලසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ یَّنْصُرْكُمُ اللّٰهُ فَلَا غَالِبَ لَكُمْ ۚ— وَاِنْ یَّخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِیْ یَنْصُرُكُمْ مِّنْ بَعْدِهٖ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
අල්ලාහ් තම උදව් හා උපකාරය නුඹලා වෙත පිරිනැමීම ස්ථීර කළේ නම් පොළෝවාසීන් සියලු දෙනා එක් ව නුඹලාට එරෙහි ව කටයුතු කළද නුඹලා අබිබවා යන්නට කිසිවකු හැකියාව නොදරනු ඇත. එමෙන්ම නුඹලාට උදව් කිරීමට හෝ වගකීම් භාර ගැනීමට නුඹලාටම පවරා ඔහු නුඹලා ව අතහැරියේ නම් ඔහුගෙන් පසු ව නුඹලාට උදව් කිරීමට වෙනත් කිසිවකු හැකියාව නොලබනු ඇත. උදව් උපකාරය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ් කෙරෙහිම තම විශ්වාස තැබිය යුතුය. ඔහු හැර වෙනත් කිසිවකු වෙත තම වගකීම් පැවරිය නොයුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ لِنَبِیٍّ اَنْ یَّغُلَّ ؕ— وَمَنْ یَّغْلُلْ یَاْتِ بِمَا غَلَّ یَوْمَ الْقِیٰمَةِ ۚ— ثُمَّ تُوَفّٰی كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
යුද්ධයේදී සතුරන් විසින් දමා ගිය භාණ්ඩ විෂයයෙහි අල්ලාහ් කවර කරුණක් විශේෂ කොට පෙන්වා දුන්නේද ඒ හැර වංචා සහගත ලෙස ඒවා තමන් සතු කර ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. එම භාණ්ඩ කිසිවක් ලබා ගැනීමේදී නුඹලා අතර කවරෙකු හෝ වංචාවක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය ප්රසිද්ධියට පත් කොට ඔහු දඬුවමට ලක් කරනු ඇත. තමන් වංචා සහගව ලබා ගත් දෑ උසුලා ගෙන ඔහු මිනිසුන් අතරට එනු ඇත. පසු ව සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් දෑ සඳහා කිසිදු අඩුවක් සිදු නොකොට සම්පූර්ණ වශයෙන් ප්රතිඵල පිරිනමනු ඇත. ඔවුන්ගේ පාපකම් වැඩි කිරීමෙන් හෝ ඔවුන්ගේ කුසල් අඩු කිරීමෙන් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට සිදු නොකරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّٰهِ كَمَنْ بَآءَ بِسَخَطٍ مِّنَ اللّٰهِ وَمَاْوٰىهُ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන්ගෙන් කවර කරුණක් ගැත්තෙකු ලබා එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා අනුගමනය කරන්නා හා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට නපුරු කියාවන් සිදු කොට ඒ හේතුවන් අල්ලාහ්ගේ දැඩි කෝපයට ලක් ව නිරය තම නවාතැන බවට පත් වූ අය හා සමාන වන්නේ නැත. එසේ ඔහු හැරී ගොස් නවතින තැන ඉතා නපුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُمْ دَرَجٰتٌ عِنْدَ اللّٰهِ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا یَعْمَلُوْنَ ۟
මෙලොව හා මතු ලොව නිලයන් හි අල්ලාහ් අභියස ඔවුන් විවිධ තරාතිරම් වලට අයත් වූවෝ වෙති. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. සෑම කෙනෙකුටම ඔවුන් කළ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ مَنَّ اللّٰهُ عَلَی الْمُؤْمِنِیْنَ اِذْ بَعَثَ فِیْهِمْ رَسُوْلًا مِّنْ اَنْفُسِهِمْ یَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِهٖ وَیُزَكِّیْهِمْ وَیُعَلِّمُهُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ ۚ— وَاِنْ كَانُوْا مِنْ قَبْلُ لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් ආශිර්වාද කළේය. ඔවුන් වෙත යහපත සැලසුවේය. එය ඔවුන් අතරට ඔවුන්ගේම ජාතියේ දූතයකු එවීමෙනි. ඔහු ඔවුන්හට අල්කුර්ආනය කියවා පෙන්වයි. ආදේශ කිරීමෙන් හා නින්දිත ගතිපැවතුම් වලින් ඔවුන් පිරිසිදු කරයි. කුර්ආනය හා තම පිළිවෙත ඔවුනට උගන්වයි. මෙම දූතයාණන් පැමිණීමට පෙර නුඹලා යහමගින් ඉවත් ව පැහැදිලි නොමගෙහි පසු වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمَّاۤ اَصَابَتْكُمْ مُّصِیْبَةٌ قَدْ اَصَبْتُمْ مِّثْلَیْهَا ۙ— قُلْتُمْ اَنّٰی هٰذَا ؕ— قُلْ هُوَ مِنْ عِنْدِ اَنْفُسِكُمْ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඝාතනය කරනු ලැබ නුඹලා පරාජයට පත් වූහ. එසේම බද්ර් දිනයේ නුඹලා විසින් මීට වඩා දෙගුණයකින් නුඹලාගේ සතුරන් ඝාතනය කරනු ලැබ සිරභාරයට ගනු ලැබීය. නමුත් නුඹලා මේ ගැන නොසිතා "අපි මුස්ලිම්වරුන් ලෙස සිටියදීත් නබිවරයාණන් අප අතර සිටියදීත් අපට මේ විපත්තිය සිදු වූයේ කොහින්දැ?"යි විමසා සිටියෙහුය. අහෝ! නබිවරය, නුඹලාට මෙම විපත්තිය අත් වූයේ නුඹලා දූතයාණන්ට පිටුපා නුඹලා අතර මත ගැටුම් ඇති කරගත් බැවිණි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහු අභිමත කරන අයට උදව් කරනු ඇත. ඔහු අභිමත කරන අය අවමානයට පත් කරනු ඇත. යැයි පවසන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• النصر الحقيقي من الله تعالى، فهو القوي الذي لا يحارب، والعزيز الذي لا يغالب.
•සැබෑ උදව් උපකාරය යනු අල්ලාහ් වෙතින් පැමිණෙන්නකි. ඔහු සටන් නොකරන බලවතාය. පරාජයට පත් නොවන සර්ව බලධාරීය.

• لا تستوي في الدنيا حال من اتبع هدى الله وعمل به وحال من أعرض وكذب به، كما لا تستوي منازلهم في الآخرة.
•අල්ලාහ්ගේ මාර්ගය අනුගමනය කරමින් ඒ අනුව කටයුතු කරන්නාගේ තත්ත්වයත් ඔහුට පිටුපා බොරුකරන්නන්ගේ තත්ත්වයත් මෙලොවෙහි එක සමාන නොවන්නේය. එය ඔවුන්ගේ තරාතිරම් මතු ලොවෙහි එක හා සමාන නොවන්නාක් මෙනි.

• ما ينزل بالعبد من البلاء والمحن هو بسبب ذنوبه، وقد يكون ابتلاء ورفع درجات، والله يعفو ويتجاوز عن كثير منها.
•ගැත්තාහට විභාගයක් හා පරීක්ෂණයක් පහළ වනුයේ ඔහුගේම පාපකම් හේතුවෙනි. පරීක්ෂණ ඇති වනවාක් මෙන්ම තරාතිරම් ද උසස් වනු ඇත. එමෙන්ම අල්ලාහ් සමාව දෙන්නේය. පාපකම් බොහෝමයක් මකා දමන්නේය.

وَمَاۤ اَصَابَكُمْ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ فَبِاِذْنِ اللّٰهِ وَلِیَعْلَمَ الْمُؤْمِنِیْنَ ۟ۙ
නුඹලාගේ සේනාව හා දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ සේනාව හමු වූ උහද් යුද දිනයේ දී නුඹලාට අත් වූ ඝාතන තුවාල හා පරාජය සැබෑ දේව විශ්වාස කළවුන් කවුරුන්දැයි නිරාවරණය කිරීමේ ගැඹුරු යථාර්ථයෙන් අල්ලාහ්ගේ අනුහසින් හා ඔහුගේ නියමයෙන් සිදු වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِیَعْلَمَ الَّذِیْنَ نَافَقُوْا ۖۚ— وَقِیْلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ اَوِ ادْفَعُوْا ؕ— قَالُوْا لَوْ نَعْلَمُ قِتَالًا لَّاتَّبَعْنٰكُمْ ؕ— هُمْ لِلْكُفْرِ یَوْمَىِٕذٍ اَقْرَبُ مِنْهُمْ لِلْاِیْمَانِ ۚ— یَقُوْلُوْنَ بِاَفْوَاهِهِمْ مَّا لَیْسَ فِیْ قُلُوْبِهِمْ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِمَا یَكْتُمُوْنَ ۟ۚ
‘නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. එසේ නැතහොත් සාමාන්ය මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු’ යැයි කුහකයින්හට පවසනු ලැබූ විට යුද්ධයක් සිදු වන බවට අප දැන සිටියා නම් අපි නුඹලා පසුපසින් නොඑන්නෙමු. නමුත් නුඹලා අතරත් එම පිරිස අතරත් සටනක් ඇති වේවී යැයි අපි නොසිතුවෙමු. ඔවුන් ඔවුන්ගේ දේව විශ්වාසයට වඩා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය වෙත වඩාත් සමීපයෙන් සිටින බව පෙන්වා දෙන තත්ත්වයක ඔවුන් පසු වූහ. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන් ඔවුන්ගේ මුඛ වලින් පවසා සිටියහ. ඔවුන්ගේ සිත අභ්යන්තරයේ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ වෙනුවෙන් අල්ලාහ් ඔවුනට පසු විපාක දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ قَالُوْا لِاِخْوَانِهِمْ وَقَعَدُوْا لَوْ اَطَاعُوْنَا مَا قُتِلُوْا ؕ— قُلْ فَادْرَءُوْا عَنْ اَنْفُسِكُمُ الْمَوْتَ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
යුද්ධය සඳහා පිටත් ව යෑමෙන් පසුබැස්සා වූ ඔවුන් උහද් යුද දිනයේ විපතට පත් වූ තම හිතමිතුරන් දෙස බලා ‘සැබැවින්ම ඔවුන් අපට අවනත වී යුද්ධය සඳහා පිටත් ව නොගියේ නම් මෙසේ ඝාතනය නොවන්නට තිබුණි’ යැයි පවසා සිටියහ. අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘සැබැවින්ම ඔවුන් නුඹලාට අවනත වී නම් ඔවුන් මරණයට පත් නොවන්නට තිබුණි යැයි ද නුඹලා මරණයෙන් මිදී සිටීමට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොකර රැඳී සිටීම යැයි ද නුඹලා ඉදිරිපත් කරන තර්කයෙහි නුඹලා සත්යවාදීහු නම් නුඹලාට මරණය පැමිණෙන විට නුඹලා නුඹලාගේ ආත්මය හැකිනම් වළක්වා ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَحْسَبَنَّ الَّذِیْنَ قُتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ اَمْوَاتًا ؕ— بَلْ اَحْیَآءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُوْنَ ۟ۙ
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් මියැඳුණැයි නුඹ නොසිතනු. නමුත් ඔවුහු තම පරාධිපති අබියස ඔහුගේ ගෞරවනීය නිවහන තුළ විශේෂ ජීවිතයක් ගත කරන අමරණීය අය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා විවිධ සැප පහසුකම් වලින් යුත් ප්රණීත පෝෂණයන්ගෙන් ඔවුන් පෝෂණය කරනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرِحِیْنَ بِمَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ۙ— وَیَسْتَبْشِرُوْنَ بِالَّذِیْنَ لَمْ یَلْحَقُوْا بِهِمْ مِّنْ خَلْفِهِمْ ۙ— اَلَّا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۘ
සැප පහසුකම් වලින් ඔවුන් ගිලී සිටිති. අල්ලාහ් ඔවුන් වෙත පිරිනමා ඇති ඔහුගේ භාග්යය පිළිබඳ සතුටින් ඉපිල ගොස් සිටිති. මෙලොව ජීවත් වන තම සහෝදරයන් තමන් සමග සේන්දු වනු ඇතැයි ද සැබැවින්ම ඔවුන් දෙවියන් වෙනුවෙන් දිවි පුදා මරණයට පත් වූයේ නම් තමන්ට හිමි වූ භාග්යය ඔවුන්ටත් හිමි වනු ඇතැයි ද ඔවුන් බලාපොරොත්තුවෙන් හා ආශාවෙන් පසුවෙති. මතු ලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට සිදු වන කරුණු වලදී ඔවුනට කිසිදු බියක් ඇතිවන්නේ නැත. මෙලොවෙහි අහිමි වූ දෑ ගැන ඔවුන් දුකට පත්වන්නේද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَسْتَبْشِرُوْنَ بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ ۙ— وَّاَنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُؤْمِنِیْنَ ۟
මේ සමගම ඔවුන් අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වූ මහඟු කුසල් පිළිබඳවත් එම කුසල් වලට අමතර ව දෙනු ලබන දැවැන්ත කුසල් පිළිබඳවත් සතුටු වෙති. තමන් විශ්වාස කළ ගැත්තන්ගේ කුසල් කිසිවක් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතිඵල සම්පූර්ණයෙන්ම දානය කරනු ඇත. ඊටත් වඩා වැඩිපුර කුසල් ප්රමාණයක් ද පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ اسْتَجَابُوْا لِلّٰهِ وَالرَّسُوْلِ مِنْ بَعْدِ مَاۤ اَصَابَهُمُ الْقَرْحُ ۛؕ— لِلَّذِیْنَ اَحْسَنُوْا مِنْهُمْ وَاتَّقَوْا اَجْرٌ عَظِیْمٌ ۟ۚ
උහද් දිනයේ තුවාල ලැබුවායින් පසු සිදු වූ ‘හම්රාඋල් අසද්’ නම් සංග්රාමයේ දී දෙවියන් ආදේශ කළ ද්රෝහීන් හමුවීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමටත් පිටත් වන්නැයි ඇරයුම් කරනු ලබන විට අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දුන් අය වනාහි, ඔවුන්ට අත් වූ තුවාල අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ ඇරයුමට පිළිතුරු දීමෙන් වැළැක්වූයේ නැත. ඔවුන් අතරින් තම ක්රියාවන් යහපත් අයුරින් සිදු කොට, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කළ අයට අල්ලාහ්ගෙන් වූ මහත් ප්රතිලාභ හිමිය. එය ස්වර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ قَالَ لَهُمُ النَّاسُ اِنَّ النَّاسَ قَدْ جَمَعُوْا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ اِیْمَانًا ۖۗ— وَّقَالُوْا حَسْبُنَا اللّٰهُ وَنِعْمَ الْوَكِیْلُ ۟
සැබැවින්ම කුරෙය්ෂ්වරු අබූ සුෆ්යාන්ගේ නායකත්වයෙන් විශාල සේනාවක් නුඹලා සමග සටන් කිරීමටත් නුඹලාට තීන්දු කිරීමටත් රැස් ව ඇත. එහෙයින් ඔවුන් ගැන ප්රවේශම් වන්න. ඔවුන් හමු වීමට බියවන්නැයි දෙවියන් ආදේශ කළ ඇතැම් ද්රෝහීන් විසින් තමන්හට පවසනු ලැබූ විට එම ප්රකාශය හා බියගැන්වීම අල්ලාහ් පිළිබද තහවුරු කර සිටීමත් ඔහුගේ ප්රතිඥාව දැඩි ලෙස විශ්වාස කිරීමත් ඔවුනට වැඩි කළේය. ‘අල්ලාහ් අපට ප්රමාණවත්ය. අපගේ කරුණු ඔහු වෙත පවරන්නට වඩාත් යහපත් අය ඔහුය’ යැයි පවසමින් ඔවුන් හමුවීමට පිටත් ව ගියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من سنن الله تعالى أن يبتلي عباده؛ ليتميز المؤمن الحق من المنافق، وليعلم الصادق من الكاذب.
•ජනයා සැබෑ විශ්වාස කරන්නා කුහකයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් සත්යවාදියා බොරුකාරයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් තම ගැත්තන් පරීක්ෂාවට ලක් කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි.

• عظم منزلة الجهاد والشهادة في سبيل الله وثواب أهله عند الله تعالى حيث ينزلهم الله تعالى بأعلى المنازل.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමෙන් හා දිවි පිදීමෙන් ලැබෙන උසස් නිලය හා ඔවුන්හට උසස් තරාතිරම් පිරිනැමීමෙන් අල්ලාහ් අබියස ඔවුනට සතු වන කුසල්.

• فضل الصحابة وبيان علو منزلتهم في الدنيا والآخرة؛ لما بذلوه من أنفسهم وأموالهم في سبيل الله تعالى.
•සහාබාවරුන් හෙවත් නබි අනුගාමිකයින්ගේ මහිමය. ඔවුන් තම ප්රාණය හා තම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර ඇති බැවින් ඔවුනට මෙලොව හා මතු ලොවෙහි හිමි උසස් නිලතල පිළිබඳ විස්තර කිරීම.

فَانْقَلَبُوْا بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ لَّمْ یَمْسَسْهُمْ سُوْٓءٌ ۙ— وَّاتَّبَعُوْا رِضْوَانَ اللّٰهِ ؕ— وَاللّٰهُ ذُوْ فَضْلٍ عَظِیْمٍ ۟
ඔවුන් පිටත් ව ගිය පසු හම්රාඋල් අසද් වෙත තම සතුරන්ගෙන් සුරක්ෂිත ව තම තරාතිරම් අධික ව ලබා අල්ලාහ්ගෙන් වූ අතිමහත් ප්රතිඵල සමග ඔවුහු හැරී ගියහ. කිසිදු මරණයක් හෝ තුවාලයක් ඔවුනට සිදු නොවීය. අල්ලාහ්ට අවනත වී පාපකම් වලින් වැළකී ඔහු ඔවුන් පිළිබඳ තෘප්තිමත් වන දෑ ඔවුහු පිළිපැද්දාහ. අල්ලාහ් තමන් විශ්වාස කරන ඔහුගේ ගැත්තන්හට ඉමහත් සේ භාග්ය පිරිනමන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا ذٰلِكُمُ الشَّیْطٰنُ یُخَوِّفُ اَوْلِیَآءَهٗ ۪— فَلَا تَخَافُوْهُمْ وَخَافُوْنِ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
නුඹලා බිය ගන්වනුයේ ෂෙයිතාන්ය. ඔහුගේ උදව්කරුවන් හා සගයින් ලවා ඔහු නුඹලා ව බිය ගන්වයි. එහෙයින් නුඹලා ඔවුන් ගැන බිය නොවනු. ඔවුනට කිසිම වෙනසක් කිරීමේ බලයක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත. නුඹලා අල්ලාහ් පිළිබඳ සැබෑ ලෙස විශ්වාස කරන්නන් වී නම් අල්ලාහ්ට පමණක් අවනත වී බියභක්තියෙන් යුතු ව කටයුතු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحْزُنْكَ الَّذِیْنَ یُسَارِعُوْنَ فِی الْكُفْرِ ۚ— اِنَّهُمْ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ؕ— یُرِیْدُ اللّٰهُ اَلَّا یَجْعَلَ لَهُمْ حَظًّا فِی الْاٰخِرَةِ ۚ— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟
අහෝ! දූතය, කුහකයින් අතුරින් නැවතත් තම පැරණි දහම මත හැරී යමින් දේව ප්රතික්ෂේපය තුළ යුහුසුළු ව කටයුතු කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුන් ශක්තිය නොලබති. අල්ලාහ් ව විශ්වාස කිරීම ඔහුට අවනත වීම යනාදියෙන් ඔවුන් දුරස් වීමෙන් ඔවුන් ඔවුන්ටම හානිපමුණුවා ගනිති. මතු ලොව සැපසම්පත් වලින් හිමි කොටස ඔවුනට හිමිකර නොදී ඔවුන්හට ආශිර්වාද ලබා නොදී ඔවුන් අවමානයට පත් කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. ඔවුනට නිරා ගින්නේ මහත් වූ දඬුවම් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اشْتَرَوُا الْكُفْرَ بِالْاِیْمَانِ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
දෙවියන් කෙරෙහි තැබිය යුතු විශ්වාසය වෙනුවට දෙවියන් ප්රතික්ෂේප කිරීම හුවමාරු කර ගත් අය වනාහී ඔවුන් විසින් අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කළ නොහැක්කේමය. ඔවුන් හානි කරගනුයේ ඔවුන්ටමය. මතු ලොවෙහි වේදනා සහගත දඩුවමක් ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحْسَبَنَّ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّمَا نُمْلِیْ لَهُمْ خَیْرٌ لِّاَنْفُسِهِمْ ؕ— اِنَّمَا نُمْلِیْ لَهُمْ لِیَزْدَادُوْۤا اِثْمًا ۚ— وَلَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟
තම පරමාධිපතියාණන් ප්රතික්ෂේප කොට ඔහුගේ පිළිවෙත ප්රතික්ෂේප කළවුන් වනාහි, තමන්හට දඬුවම් නොදී අතහැර දමා තමන් කවර කරුණක් මත දේව ප්රතික්ෂේයෙන් යුතු ව කටයුතු කළේ ද එහි නිරත වීමට තම ආයුෂ දීර්ඝ කර තිබීම තමන්හට යහපත් යැයි ඔවුන් නොසිතිය යුතුයි. එසේ අප ඔවුන් අතහැර දමා ඉඩ දී ඇත්තේ ඔවුන්ගේ පාපයට අමතර ව තව තවත් අධික ව පාපකම් ඔවුන් සිදු කිරීම සඳහා ය. ඔවුනට නින්දනීය දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا كَانَ اللّٰهُ لِیَذَرَ الْمُؤْمِنِیْنَ عَلٰی مَاۤ اَنْتُمْ عَلَیْهِ حَتّٰی یَمِیْزَ الْخَبِیْثَ مِنَ الطَّیِّبِ ؕ— وَمَا كَانَ اللّٰهُ لِیُطْلِعَكُمْ عَلَی الْغَیْبِ وَلٰكِنَّ اللّٰهَ یَجْتَبِیْ مِنْ رُّسُلِهٖ مَنْ یَّشَآءُ ۪— فَاٰمِنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ ۚ— وَاِنْ تُؤْمِنُوْا وَتَتَّقُوْا فَلَكُمْ اَجْرٌ عَظِیْمٌ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, සැබෑ දේව විශ්වාස කරන්නන් කවුරුන්දැයි පැහැදිලි නොකර නුඹලා එකිනෙකා අතර වෙන් නොකර කුහකහයින් සමගම මිශ්ර වී කටයුතු කරන්නට නුඹලා ව අතහැර දැමීම අල්ලාහ්ගේ අරමුණ නොවන්නේය. විවිධ දුෂ්කරතා හා පරීක්ෂණ වලට ලක් කරමින් නපුරු කුහකයාගෙන් දැහැමි විශ්වාසවන්තයා හෙළි කොට නුඹලා ඔවුන් වෙන් කර හඳුනා ගන්නා තෙක් තත්ත්වය එසේ පවතිනු ඇත. නුඹලා ගුප්ත දෑ යොමු වී ඒ ගැන සොයා බලා කුහකයා හා දේව විශ්වාසිකයා අතර වෙන් කර හඳුනා ගැනීමට සැලැස්වීම අල්ලාහ්ගේ ප්රඥාව නොවීය. නමුත් අල්ලාහ් තමන් කැමති දූතයකු ඒ සඳහා තෝරා ගෙන ඇතැම් ගුප්ත දෑ වෙත අවධානය යොමු කරන්නට සලස්වයි. ඔහුගේ නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට කුහකයින්ගේ තත්ත්වය දෙස බලන්නට සැලැස්වීම ද එවැන්නකි. එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැබෑ කරනු. නුඹලා සැබෑ ලෙසින්ම විශ්වාස කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නේ නම් නුඹලාට අල්ලාහ් අබියස අතිමහත් කුසල් හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحْسَبَنَّ الَّذِیْنَ یَبْخَلُوْنَ بِمَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ هُوَ خَیْرًا لَّهُمْ ؕ— بَلْ هُوَ شَرٌّ لَّهُمْ ؕ— سَیُطَوَّقُوْنَ مَا بَخِلُوْا بِهٖ یَوْمَ الْقِیٰمَةِ ؕ— وَلِلّٰهِ مِیْرَاثُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟۠
භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔවුන්හට පිරිනැමූ ආශිර්වාද සම්බන්ධයෙන් ඔවුන් මසුරුකම් පා, ඒවා තුළින් අල්ලාහ්ට කළ යුතු යුතුකම් නොකොට ඉන් වැළකී සිටින්නන් එය තමන්හට යහපත් යැයි නොසිතිය යුතුයි. එය ඔවුනට හානිදායකය. ඔවුන් කවර කරුණක් පිළිබඳ මසුරු වූයේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා මාල බවට පත් කර ඔවුන්ගේ ගෙල වටා පළඳුවනු ලැබ එමගින් ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. අහස් හි හා මහපොළොවේ ඇති දෑ උරුම වනුයේ අල්ලාහ්ට පමණය. සියලුම මැවීම් විනාශ වී ගිය පසු අමරණීය වන්නේ ඔහු පමණය. නුඹලා කරන දෑහි සෑම සියුම් දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඒ සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ينبغي للمؤمن ألا يلتفت إلى تخويف الشيطان له بأعوانه وأنصاره من الكافرين، فإن الأمر كله لله تعالى.
•දෙවියන් විශ්වාස කරන්නා ෂෙයිතාන්ගේ බිය ගැන්වීමට බිය නොවිය යුතුය. ඒ දෙස හැරී නොබැලිය යුතුය. දේව ප්රතික්ෂේප කරන්නන් අතරින් ඔහුට උදව් උපකාර කරන ඔහුගේ ගෝලයින් සිටිති. සියලු කරුණු සතුවන්නේ උත්තරීතර අල්ලාහ්ට පමණක් බව දැන ගත යුතු වේ.

• لا ينبغي للعبد أن يغتر بإمهال الله له، بل عليه المبادرة إلى التوبة، ما دام في زمن المهلة قبل فواتها.
•ගැත්තාට අල්ලාහ් දුන් කාල අවකාශය තමන්ටම රැවටීමක් බවට පත් කර ගැනීම සුදුසු නොවන්නේය. එම කාල අවකාශය අවසන් වීමට මත්තෙන් එම කාලය පිහිටනා තුරු පාප ක්ෂමාව අයැද සිටීම සඳහා ඔහු පෙරටුගාමී විය යුතුය.

• البخيل الذي يمنع فضل الله عليه إنما يضر نفسه بحرمانها المتاجرة مع الله الكريم الوهاب، وتعريضها للعقوبة يوم القيامة.
•තමන්ට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද වළක්වා ගන්නා මසුරා ඔහු හානි කර ගනුයේ ඔහුටමය. මහා දානපති ගෞරවනීය අල්ලාහ් තිළිණ වශයෙන් පිරිනමා ඇති ඒවා ඔහු තහනම් කර ගනියි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම සඳහා ඒවා ඉදිරිපත් කරනු ලැබේ.

لَقَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ فَقِیْرٌ وَّنَحْنُ اَغْنِیَآءُ ۘ— سَنَكْتُبُ مَا قَالُوْا وَقَتْلَهُمُ الْاَنْۢبِیَآءَ بِغَیْرِ حَقٍّ ۙۚ— وَّنَقُوْلُ ذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟
“සැබැවින්ම අල්ලාහ් අපගෙන් ණය ඉල්ලා සිටීමෙන් පැහැදිලි වනුයේ ඔහු දිළිඳු බවය. අප ළඟ ඇති ධනය හා වස්තුව හේතුවෙන් අපි පොහොසතුන් වෙමු” යැයි යුදෙව්වන් පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ එම ප්රකාශයට අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් ගෙතූ බොරුව හා අසත්යය ගැනත් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නබිවරුන් ඔවුන් ඝාතනය කිරීම ගැනත් අපි සටහන් කරගෙන ඇත්තෙමු. ‘දැවෙන ගින්නේ දඬුවම නුඹලා විදිනු’ යැයි අපි ඔවුනට පවසන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِمَا قَدَّمَتْ اَیْدِیْكُمْ وَاَنَّ اللّٰهَ لَیْسَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟ۚ
අහෝ! යුදෙව්වනි, මෙම දඬුවම නුඹලාගේ දෑත් ඉදිරිපත් කළ පාපකම් හා ද්රෝහිකම් හේතුවෙනි. එසේ පැවසීමට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කිසිදු ගැත්තෙකුට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ عَهِدَ اِلَیْنَاۤ اَلَّا نُؤْمِنَ لِرَسُوْلٍ حَتّٰی یَاْتِیَنَا بِقُرْبَانٍ تَاْكُلُهُ النَّارُ ؕ— قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌ مِّنْ قَبْلِیْ بِالْبَیِّنٰتِ وَبِالَّذِیْ قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوْهُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පුස්තකයේ මෙන්ම ඔහුගේ නබිවරුන්ගේ කටින් ඔහු පවසන දෑ තහවුරු කරන යමක් අප වෙත පැමිණෙන තෙක් කිසිදු දූතයකු අප විශ්වාස නොකළ යුතු යැයි ද එය අල්ලාහ් වෙත සමීප කරවන අහසින් පහළ වන ගින්නක් තුළින් පිළිගනු ලබන දානයක් වැනි දෙයක් විය යුතු යැයි ද අපට උපදෙස් දී ඇතැයි ව්යාජ ලෙස පවසා සිටියෝය. ඔවුහු එය අල්ලාහ් දුන් උපදෙසක් යැයි ඔහු සමග සම්බන්ධ කරමින් ඔහු කෙරෙහි බොරු පවසති. ඔවුන් සඳහන් කළ අයුරින් රසූල්වරුන් තහවුරු කරන සාධක මීට පෙර පැමිණ තිබිණ. එබැවින් අල්ලාහ්, තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට මෙසේ පවසන මෙන් අණ කර සිටියේය: ‘මට පෙර ද තම සත්යය භාවය තහවුරු කරන පහැදිලි සාධක සමගත් නුඹලා පවසන පරිදි අහසින් ගින්නක් පහළ වී එය දවාලමින් දෙවිඳුන්ගේ පිළිගැනීමට ලක්වන ආකාරයේ සාධක සමගත් දූතවරුන් නුඹලා වෙත පැමිණියහ. නමුත් නුඹලා පවසන දෑහි නුඹලා සත්යවාදීහු නම් නුඹලා ඔවුන් බොරු කරමින් ඝාතනය කළේ මන්ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ كَذَّبُوْكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّنْ قَبْلِكَ جَآءُوْ بِالْبَیِّنٰتِ وَالزُّبُرِ وَالْكِتٰبِ الْمُنِیْرِ ۟
අහෝ! නබිවරය, ඔවුන් නුඹ ව බොරු කර සිටියේ නම් ඒ ගැන නුඹ දුක් නොවන්න. එසේ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ සිරිතකි. පැහැදිලි සාධක උපදෙස් හා සියුම් කරුණු ඇතුළත් පුස්තක හා නීතිරීති හා ආගමික පිළිවෙත් සහිත මාර්ගෝපදේශන සමග නුඹට පෙර පැමිණි දහම් දූතවරු බොහෝමයක් ද බොරු කරනු ලැබූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُّ نَفْسٍ ذَآىِٕقَةُ الْمَوْتِ ؕ— وَاِنَّمَا تُوَفَّوْنَ اُجُوْرَكُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَاُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ؕ— وَمَا الْحَیٰوةُ الدُّنْیَاۤ اِلَّا مَتَاعُ الْغُرُوْرِ ۟
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳිය යුතුමය. මෙලොව පවතින කිසිදු මැවීමක් මුළාවට පත් නොවිය යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ කම් සඳහා කිසිදු අඩුවකින් තොර ව නුඹලාට පූර්ණ ලෙස ප්රතිඵල පිරිනමනු ලැබේ. එහෙයින් අල්ලාහ් කවරෙකු නිරයෙන් දුරස් කොට ස්වර්ගයට ඇතුළත් කළේ ද එවැන්නන් කවර යහපතක් බලාපොරොත්තු වූයේද එය හිමි කර ගනු ඇත. කවර නපුරක් පිළිබඳ බියෙන් සිටියේ ද එයින් ජය ලබනු ඇත. මෙලොව ජීවිතය ඉතා අල්ප භුක්ති විඳීමක් මිස වෙනෙකක් නොවේ. ඒ සමග බැඳී ඇත්තේ රැවටීම පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَتُبْلَوُنَّ فِیْۤ اَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ ۫— وَلَتَسْمَعُنَّ مِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِیْنَ اَشْرَكُوْۤا اَذًی كَثِیْرًا ؕ— وَاِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا فَاِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُوْرِ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාගේ වස්තුවෙහි නුඹලා අනිවාර්යයෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ද එමගින් ඇති වන පරීක්ෂණ සම්බන්ධයෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. එමෙන්ම, ආගමික වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලාට විවිධාකාරයේ දුෂ්කරතා පහළ කිරීමෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. නුඹට පෙර ආගම් දෙනු ලැබූවන්ගෙන් ද දෙවියන්හට ආදේශ තැබූවන්ගෙන්ද නුඹලාටත් නුඹලාගේ දහමටත් දොස් නගා නුඹලා වේදනාවට පත් කරන බොහේ දෑට නුඹලාට සවන් දෙන්නට සිදු වනු ඇත. නමුත් නුඹලාට අත්වන එවන් විවිධ පරීක්ෂණ හා දුෂ්කරතා මත නුඹලා ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ් අණ කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දෑ අතහැර දමමින් ඔහු ගැන මතකයෙන් කටයුතු කළේ නම් සැබැවින් එය ස්ථාවරභාවයට අවශ්ය වන තරඟ වදින්නන් තරඟ වැදිය යුතු කරුණු අතුරින් එකක් බව දැන ගත යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من سوء فعال اليهود وقبيح أخلاقهم اعتداؤهم على أنبياء الله بالتكذيب والقتل.
•අල්ලාහ්ගේ නබිවරුන් කෙරෙහි බොරු ගෙතීමත් ඔවුන් ඝාතනය කිරීමත් යුදෙව්වන්ගෙන් නපුරු ක්රියාවන් හා ඔවුන්ගේ පිළිකුල් සහගත ගතිපැවතුම් වලින් එකකි.

• كل فوز في الدنيا فهو ناقص، وإنما الفوز التام في الآخرة، بالنجاة من النار ودخول الجنة.
•මෙලොව පවතින සෑම ජයග්රහණයකම කිසියම් හෝ අඩුපාඩුවක් ඇත. පූර්ණ ජයග්රහණය ඇත්තේ මතු ලොවෙහිය. එනම් නිරයෙන් ආරක්ෂා වී ස්වර්ගයට ඇතුළත් වීමෙනි.

• من أنواع الابتلاء الأذى الذي ينال المؤمنين في دينهم وأنفسهم من قِبَل أهل الكتاب والمشركين، والواجب حينئذ الصبر وتقوى الله تعالى.
•ආගම් ලත් ජනයින් හා දෙවියන්ට ආදේශ තබන්නන් විසින් දෙවියන් විශ්වාස කරන මුඃමින්වරුන්හට ඔවුන් සම්බන්ධයෙන්ද ඔවුන්ගේ දහම සම්බන්ධයෙන්ද සිදු වන විවිධ පරීක්ෂණ හා පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වන්නේය. එවන් අවස්ථාවක ඉවසීමෙන් කටයුතු කිරීමත් අල්ලාහ් පිළිබඳ බැතියෙන් කටයුතු කිරීමත් අනිවාර්යය වන්නේය.

وَاِذْ اَخَذَ اللّٰهُ مِیْثَاقَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ لَتُبَیِّنُنَّهٗ لِلنَّاسِ وَلَا تَكْتُمُوْنَهٗ ؗۗ— فَنَبَذُوْهُ وَرَآءَ ظُهُوْرِهِمْ وَاشْتَرَوْا بِهٖ ثَمَنًا قَلِیْلًا ؕ— فَبِئْسَ مَا یَشْتَرُوْنَ ۟
ජනයා වෙත අල්ලාහ්ගේ පුස්තකය තමන් පැහැදිලි කරන බවටත් එහි ඇති මගපෙන්වීම් කිසිවක් නොසඟවන බවටත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පිළිබඳ සඳහන් කවර මගපෙන්වීමක් හෝ නොසඟවන බවටත් ආගම් ලත් යුදෙව් හා කිතුනු විද්වතුන්ගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගත් අවස්ථාව නබිතුමනි, ඔබ මෙනෙහි කර බලන්න. නමුත් ඔවුහු ඒ දෙස නොබලා එම ප්රතිඥාව අතහැර දැමූහ. සත්යය වසන් කළහ. අසත්යය මතු කර පෙන්වූහ. අල්ලාහ්ගේ ගිවිසුම තමන්ට ලැබෙන අල්ප ගෞරවය හා මුදල් වැනි අල්ප වටිනාකමක් සඳහා හුවමාරු කර ගත්හ. අල්ලාහ්ගේ ගිවිසුම වෙනුවට එසේ ඔවුන් හුවමාරු කරගත් අල්ප වටිනාකම අයහපත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَحْسَبَنَّ الَّذِیْنَ یَفْرَحُوْنَ بِمَاۤ اَتَوْا وَّیُحِبُّوْنَ اَنْ یُّحْمَدُوْا بِمَا لَمْ یَفْعَلُوْا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අහෝ! නබිවරය, නපුරුකම් සිදු කොට ඔවුන් නොකළ යහපතක් පිළිබඳ ජනප්රසාදය අපේක්ෂා කරන්නන් ඔවුනට හිමි දඬුවමින් මිදෙනු ඇතැයි හෝ ඔවුන් නිදහසේ සිටිනු ඇතැයි නුඹ නොසිතනු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එහි ඔවුනට වේදනා ගෙන දෙන දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟۠
අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද මැවීමේ හා සැලසුම් කිරීමේ බලය හා ආධිපත්යය අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවකුට හිමි නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ لَاٰیٰتٍ لِّاُولِی الْاَلْبَابِ ۟ۚۖ
පූර්වාදර්ශයකින් තොරව ශුන්ය තත්ත්වයේ සිට අහස් හා මහපොළොව බිහි කිරීමෙහිද රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් පැමිණීමෙහි ද එකක් දිගු ලෙසත් අනෙක කෙටි ලෙසත් එකිනෙක වෙනස් වෙමින් තිබීමෙහි ද මනා බුද්ධියක් ඇති අයට පැහැදිලි සාධක ඇත. එය නැමදුමට සුදුස්සා ලොවේ මැවුම්කරු ඒකීය යැයි ඔවුනට පෙන්වා දෙන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یَذْكُرُوْنَ اللّٰهَ قِیٰمًا وَّقُعُوْدًا وَّعَلٰی جُنُوْبِهِمْ وَیَتَفَكَّرُوْنَ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلًا ۚ— سُبْحٰنَكَ فَقِنَا عَذَابَ النَّارِ ۟
ඔවුන් වනාහි ඔවුන්ගේ සෑම තත්ත්වයකම ඔවුහු අල්ලාහ් ව මෙනෙහි කරති. ඔවුන් සිට ගෙන සිටිය ද වාඩි වී සිටියද හාන්සි වී සිටියද ඒ සෑම අවස්ථාවකම ඔහුව මෙනෙහි කරති. අහස් හා මහපොළොව මැවීම පිළිබඳ කල්පනාව මෙසේ පවසමින් ක්රියාවට නංවති. ‘අපගේ පරමාධිපතියාණනි, මෙම දැවැන්ත මැවීම ඔබ නිකරුණේ මැව්වේ නැත. පුහුභාවයෙන් ඒ සියල්ල පිරිසිදුය. එහෙයින් දැහැමි කටයුතු කිරීමට අපට ආශිර්වාද කොට නපුරුකම් කිරීමෙන් අප ව ආරක්ෂා කොට නිරයේ දඬුවමින් අප මුදවා ගනු මැනව’!
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ اَخْزَیْتَهٗ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟
එහෙයින් අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ ඔබේ මැවීම් අතුරින් කවරෙකු නිරයට ඇතුළත් කරන්නේද ඔහු ව නිරාවරණය කොට අවමානයට පත් කරන්නෙහිය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්ට හිමි අල්ලාහ්ගේ දඬුවමින් හා වද වේදනාවන්ගෙන් ඔවුන් වළක්වන්නට කිසිදු උදව්කරුවෙකු ඔවුනට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اِنَّنَا سَمِعْنَا مُنَادِیًا یُّنَادِیْ لِلْاِیْمَانِ اَنْ اٰمِنُوْا بِرَبِّكُمْ فَاٰمَنَّا ۖۗ— رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا وَكَفِّرْ عَنَّا سَیِّاٰتِنَا وَتَوَفَّنَا مَعَ الْاَبْرَارِ ۟ۚ
අපගේ පරමාධිපතියාණනි, විශ්වාසය වෙත ඇරයුම් කරන්නාගේ ඇරයුමට සැබැවින්ම අපි සවන් දුනිමු. ඔහු ඔබේ නබිවරයාණන් වූ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාය. එතුමා ‘නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් එක දෙවියෙකු පමණක් බව නුඹලා විශ්වාස කරනු’ යැයි ඇරයුම් කර සිටියහ. එවිට ඔහු කවර දෙයක් වෙත ඇරයුම් කර සිටියේද අපි එය විශ්වාස කළෙමු. ඔහු පෙන්වා දුන් පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අපගේ පාපයන් නිරාවරණය නොකොට ඒවා සඟවනු මැනව ! අපගේ පාපකම් අපගෙන් ඉවත් කරනු මැනව ! ඒ හේතුවෙන් අප වරදකරුවන් බවට පත් නොකරනු මැනව ! යහපත් දෑ සිදු කිරීමටත් අයහපත් දෑ අතහැරීමටත් අපහට ආශිර්වාද කොට අප ව දැහැමියන් සමගම මරණයට පත් කරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَا وَاٰتِنَا مَا وَعَدْتَّنَا عَلٰی رُسُلِكَ وَلَا تُخْزِنَا یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّكَ لَا تُخْلِفُ الْمِیْعَادَ ۟
අපගේ පරමාධිපතියාණනි, ඔබේ දූතවරුන්ගේ කටින් ඔබ අප වෙත ප්රතිඥා දුන් මෙලොවෙහි ජයග්රහණය හා යහමග අපට පිරිනමනු මැනව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට අප ඇතුළත් කරමින් අපව ප්රසිද්ධියට පත් නොකරනු මැනව! අහෝ අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ මහා කාරුණිකය. ඔබ ඔබේ ප්රතිඥාවන් කිසිවිටෙක කඩ කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من صفات علماء السوء من أهل الكتاب: كتم العلم، واتباع الهوى، والفرح بمدح الناس مع سوء سرائرهم وأفعالهم.
•දැනුම සැඟවීම ආශාවන් අනුගමනය කිරීම තමන් සිදු කළ රහසිගත දුෂ්ටකම් හා ඔවුන්ගේ ක්රියාකාරකම් තිබියදීත් ඒ සමගම මිනිසුන් ඔවුන් ප්රශංසා කර සිටීම ගැන සතුටු වීම ආගම් ලත් ජනයා අතර සිටින ඇතැම් නපුරු විද්වතුන්ගේ ගුණාංග වන්නේය.

• التفكر في خلق الله تعالى في السماوات والأرض وتعاقب الأزمان يورث اليقين بعظمة الله وكمال الخضوع له عز وجل.
•අහස් හා මහපහපොළොවේ පවතින අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් හා කාලය එකිනෙක වෙනස් වීම සම්බන්ධයෙන් කල්පනා කර බැලීම අල්ලාහ්ගේ බලය හා ඔහුට පූර්ණ ලෙස යටහත් වීමේ ස්ථාවරත්වය උරුම කර දෙනු ඇත.

• دعاء الله وخضوع القلب له تعالى من أكمل مظاهر العبودية.
•අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම හා සිත ඔහු වෙනුවෙන් යටහත් කිරීම ගැතිකම පූර්ණ ලෙස විදහා පාන කරුණු අතුරිනි.

فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ اَنِّیْ لَاۤ اُضِیْعُ عَمَلَ عَامِلٍ مِّنْكُمْ مِّنْ ذَكَرٍ اَوْ اُ ۚ— بَعْضُكُمْ مِّنْ بَعْضٍ ۚ— فَالَّذِیْنَ هَاجَرُوْا وَاُخْرِجُوْا مِنْ دِیَارِهِمْ وَاُوْذُوْا فِیْ سَبِیْلِیْ وَقٰتَلُوْا وَقُتِلُوْا لَاُكَفِّرَنَّ عَنْهُمْ سَیِّاٰتِهِمْ وَلَاُدْخِلَنَّهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۚ— ثَوَابًا مِّنْ عِنْدِ اللّٰهِ ؕ— وَاللّٰهُ عِنْدَهٗ حُسْنُ الثَّوَابِ ۟
ඔවුන්ගේ ප්රාර්ථනාවට ඔවුන්ගේ පරමාධිපති මෙසේ පිළිතුරු දුන්නේය.: "නුඹලා සිදු කළ ක්රියාවන් සුළු වුවද අධික වුවද සිදු කළ තැනැත්තා පිරිමියකු වුවද කාන්තාවක වුවද ඒ කිසිවක කුසල් මම නිෂ්ඵල නොකරමි. ආගමික පිළිවෙත් සම්බන්ධයෙන් නුඹලා එකිනෙකාගේ නීතිය එකමය. පිරිමියාට වැඩියෙන් ගැහැනියට අඩුවෙන් යන අනුපාතයෙන් පිරිනමා නැත. එහෙයින් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් හෙවත් දේශතරණය කළවුන් වනාහි දේව ප්රතික්ෂෙපකයින් විසින් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කරන ලදී. ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වූ බැවින් ඔවුනට වද වේදනාවන් දෙන ලදී. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ මරණයට පත් විය. ඝානය කරනු ලැබීය. එය අල්ලාහ්ගේ වදන උසස් විය යුතුයි යන එකම අරමුණිනින් ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මම ඔවුන්ගේ පාපකම්වලට සමාව දෙමි. ඒවා මම පහ කරමි. මා වෙතින් වූ ත්යාගයක් වශයෙන් මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට ඇතුළත් කරමි." අල්ලාහ් අබියස ඇති යහපත් ප්රතිඵලට සමාන කිසිවක් නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِیْنَ كَفَرُوْا فِی الْبِلَادِ ۟ؕ
අහෝ නබිවරය, නරගය තුළ දේව ප්රතික්ෂේපකයින් එහා මෙහා ගමන් කිරීම, එහි ඔවුන් තැනක් ලබා තිබීම හා ඔවුන්ගේ ව්යාපර හා ආදායම් මාර්ග මහා පරිමාණයෙන් පවත්වාගෙන යෑම යනාදිය පිළිබඳ නුඹ බිය වී ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පසුතැවිලි වී ඔබ ඔබවම රටවා නොගත යුතුයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَتَاعٌ قَلِیْلٌ ۫— ثُمَّ مَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمِهَادُ ۟
මෙලොව සදා පැවැත්මක් නොමැති, ස්වල්ප විඳීමක් පමණි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හැරීයන නවාතැන නිරයයි. ඔවුන්ටට හිමි නිවහන අති බිහිසුණුය. එය ගින්නෙන් යුක්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لٰكِنِ الَّذِیْنَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا نُزُلًا مِّنْ عِنْدِ اللّٰهِ ؕ— وَمَا عِنْدَ اللّٰهِ خَیْرٌ لِّلْاَبْرَارِ ۟
නමුත් අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී තම පරාමාධිපතිට බිය බැතියෙන් කටයුතු කරන්නන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. එහි ඔවුන් සදාතනිකව වෙසෙති. එය අල්ලාහ් අබියසින් ඔවුනට හිමි ප්රතිඵලයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූවකි. අල්ලාහ් තම දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇති දෑ මෙලොව දේව ප්රතික්ෂේපකයින් භුක්ති විඳ සැරසරන දෑට වඩා ශ්රේෂ්ටය උතුම්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ مِنْ اَهْلِ الْكِتٰبِ لَمَنْ یُّؤْمِنُ بِاللّٰهِ وَمَاۤ اُنْزِلَ اِلَیْكُمْ وَمَاۤ اُنْزِلَ اِلَیْهِمْ خٰشِعِیْنَ لِلّٰهِ ۙ— لَا یَشْتَرُوْنَ بِاٰیٰتِ اللّٰهِ ثَمَنًا قَلِیْلًا ؕ— اُولٰٓىِٕكَ لَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ؕ— اِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
ආගම් ලත් ජනයා එක සමාන නොවෙති. ඊට හේතුව ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ් හා නුඹලා වෙත පහළ කරනු ලැබූ සත්යය හා මඟ පෙන්වීම විශ්වාස කරති. තවද ඔවුන්ගේ පුස්තක වල ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. අල්ලාහ්ගේ දූතවරු අතර වෙනස්කම් නොකරති. අල්ලාහ් අබියස ඇති දෑට ප්රිය කරමින් ඔහුට යටහත් පහත් ව අවනත වෙති. මෙලොව සුළු සැපත වෙනුවෙන් අල්ලාහ්ගේ වදන් මිල කොට හුවමාරු නොකරති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස අතිමහත් කුසල් ඇත. සැබැවින්ම අල්ලාහ් සියලුම ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය. එමෙන්ම ඒ සඳහා කුසල් පිරිනැමීමේ දී ද ඉතා වේගවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اصْبِرُوْا وَصَابِرُوْا وَرَابِطُوْا ۫— وَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟۠
අහෝ! අල්ලාහ් විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුණි, ආගමික කටයුතු වගකීමෙන් ඉටු කිරීමෙහි ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම මෙලොවෙහි නුඹලාට අත්වන දුෂ්කරතාවන් මත ද ඉවසනු. ඉවසීම විෂයෙහි දේව ප්රතික්ෂේපකයින් නුඹලා අබිබවා ගොස් ඇත. ඔවුන් නුඹලාට වඩා ඉවසිලිවන්තයින් නොවන්නේය. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් නම් කැපවීමේ කටයුතු වල නිරත වනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බියෙන් බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ඉල්ලීම පරිදි නිරා ගින්නෙන් සුරක්ෂිතභාවත් ස්වර්ගයට පිවිසීමටත් නුඹලාට හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأذى الذي ينال المؤمن في سبيل الله فيضطره إلى الهجرة والخروج والجهاد من أعظم أسباب تكفير الذنوب ومضاعفة الأجور.
•අල්ලාහ්ගේ මාර්ගයේ සිටින මුඃමින් හෙවත් දේව විශ්වාස කරන්නාට අත්වන වේදනාවන් තම පදිංචි ස්ථානයෙන් බැහැර කරවා තවත් දේශයකට යෑමේ තත්ත්වයක් ඔහුට උදා කරනු ඇත. පාප ක්ෂමා වීමටත් ප්රතිඵල ගුණ වී ලැබීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම අතිමහත් සාධකයක් වන්නේය.

• ليست العبرة بما قد ينعم به الكافر في الدنيا من المال والمتاع وإن عظم؛ لأن الدنيا زائلة، وإنما العبرة بحقيقة مصيره في الآخرة في دار الخلود.
•දේව ප්රතික්ෂේපකයාට මෙලොව පිරිනමා ඇති ධනය හා සම්පත අධික ව තිබුණ ද ඒවා පදනම් කරගෙන ආදර්ශය පිහිටන්නේ නැත. සැබැවින්ම මෙලොව ඉතා පහත්ය. සැබෑ ආදර්ශය වනුයේ මතු ලොවෙහි සදාතනික නිවහනෙහි ඔහුගේ නවාතැන වීමය.

• من أهل الكتاب من يشهدون بالحق الذي في كتبهم، فيؤمنون بما أنزل إليهم وبما أنزل على المؤمنين، فهؤلاء لهم أجرهم مرتين.
•ආගම් ලත් ජනයා අතුරින් ඔවුන්ගේ පුස්තක වල සඳහන් සත්යයට සාක්ෂි දරන ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ හා දෙවියන් විශ්වාස කරන්නන්හට පහළ කරනු ලැබූ දෑ විශ්වාස කරන අය ද වෙති. ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට දෙවතාවක් හිමි වනු ඇත.

• الصبر على الحق، ومغالبة المكذبين به، والجهاد في سبيله، هو سبيل الفلاح في الآخرة.
•සත්යය මත ඉවසීම සත්යය බොරු කරන්නන් අබිබවා යෑම එම මාර්ගයේ අරගල කිරීම වැනි දෑ මතුලොව ජයග්රහණයේ මාර්ග වෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት