Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
ثُمَّ اَنْزَلَ عَلَیْكُمْ مِّنْ بَعْدِ الْغَمِّ اَمَنَةً نُّعَاسًا یَّغْشٰی طَآىِٕفَةً مِّنْكُمْ ۙ— وَطَآىِٕفَةٌ قَدْ اَهَمَّتْهُمْ اَنْفُسُهُمْ یَظُنُّوْنَ بِاللّٰهِ غَیْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِیَّةِ ؕ— یَقُوْلُوْنَ هَلْ لَّنَا مِنَ الْاَمْرِ مِنْ شَیْءٍ ؕ— قُلْ اِنَّ الْاَمْرَ كُلَّهٗ لِلّٰهِ ؕ— یُخْفُوْنَ فِیْۤ اَنْفُسِهِمْ مَّا لَا یُبْدُوْنَ لَكَ ؕ— یَقُوْلُوْنَ لَوْ كَانَ لَنَا مِنَ الْاَمْرِ شَیْءٌ مَّا قُتِلْنَا هٰهُنَا ؕ— قُلْ لَّوْ كُنْتُمْ فِیْ بُیُوْتِكُمْ لَبَرَزَ الَّذِیْنَ كُتِبَ عَلَیْهِمُ الْقَتْلُ اِلٰی مَضَاجِعِهِمْ ۚ— وَلِیَبْتَلِیَ اللّٰهُ مَا فِیْ صُدُوْرِكُمْ وَلِیُمَحِّصَ مَا فِیْ قُلُوْبِكُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
වේදනා හා පීඩා විඳීමෙන් පසු ව සැනසුම හා ස්ථාවරභාවය ඔහු නුඹලා වෙත පහළ කළේය. නුඹලා අතුරින් අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසු වූ පිරිසකට ඔවුන්ගේ හදවත් තුළ තැවෙමින් පැවති දෑ අභයදායී හා සැනසුමට පත් වන අයුරින් මද නින්දෙන් ආවරණය කළේය. තවත් පිරිසකගේ හදවත් අභයදායී තත්වයට පත් වන තරමට මද නින්ද හිමි වූයේ නැත. ඔවුන් තමන්ගේ වාසිය තකා මිස වෙනත් කිසිවකු පිළිබඳ වැදගත්කමක් නොදුන් කුහකයෝ වූහ. එහෙයින් ඔවුන් බියෙන් හා සැකයෙන් පසු වූහ. අල්ලාහ් පිළිබඳ නිවැරැදි ව තක්සේරු කර නොගත් අඥාන ජනයා සිතුවාක් මෙන් සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්හට උදව් නොකරනු ඇතැයි ද ඔහුගේ ගැත්තන්හට පිහිට නොවනු ඇතැයිද ඔවුහු අල්ලාහ් පිළිබඳ වැරදි ලෙස සිතුවිලි ඇති කර ගත්හ. අල්ලාහ් පිළිබඳ අනවබෝධයෙන් පසු වූ කුහකයෝ මෙසේ පැවසූහ: ‘යුද්ධය සඳහා පිටවීම විෂයයෙහි අප දෙස බලන කිසිවකු නොසිටියි. එසේ අපට වී නම් පිටත් ව යන්නෙමු.’ නබිවරය, ඔබ ඔවුනට මෙසේ පිළිතුරු දෙනු: ‘සියලුම කරුණු පිහිටනුයේ අල්ලාහ් වෙනුවෙනි. ඔහු අභිමත දෑ සැලසුම් කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. නුඹලාට පිටත් වන්නට සැලැස්වූයේද ඔහු ය.’ නමුත් මෙම කුහකයෝ සැකය හා නරක සිතුවිලි තමන්ගේ සිත් තුළ සඟවා ගෙන සිටියහ. එය ඔබට හෙළි නොකර මෙසේ පවසා සිටියහ: ‘පිටත් ව යෑමේ අපට යම් කරුණක් පිහිටනුයේ නම් මෙම ස්ථානයේ අපි මරුමුවට පත් නොවන්නට තිබුණි.’ අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. ‘මරණයට පත් වන හෝ ඝාතනයට ලක් වන ස්ථානයෙන් දුරස් ව නුඹලාගේ නිවෙස් වල නුඹලා සිටියද නුඹලා අතරින් කවරෙකු වෙත මරණය අල්ලාහ් තීන්දු කර ඇත්තේද ඔවුන්ගේ මරණය ඔවුනට සිදු වනු ඇත. අල්ලාහ් එය නියම කළේ නුඹලාගේ සිත් තුළ ඇති චේතනාවන් හා අරමුණු පරීක්ෂා කරනු පිණිසත් ඒ තුළ ඇති දේව විශ්වාසය හා කුහකත්වය වෙන් කර පෙන්වනු පිණිසත්ය. අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ تَوَلَّوْا مِنْكُمْ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ ۙ— اِنَّمَا اسْتَزَلَّهُمُ الشَّیْطٰنُ بِبَعْضِ مَا كَسَبُوْا ۚ— وَلَقَدْ عَفَا اللّٰهُ عَنْهُمْ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ حَلِیْمٌ ۟۠
අහෝ! මුහම්මද්(සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)ගේ සගයිනි, උහද් පිටියේ දෙවියන්ට ආදේශ කළ සතුරු පාර්ශවය මුස්ලිම් සේනාව හමු වූ දිනයේ නුඹලාගෙන් ඇතැමෙකු පරාජයට පත් වූහ. ඔවුන් උපයාගත් පාපකම හේතුවෙන් එවන් තත්ත්වයකට ඇද දැමුවේ ෂෙයිතාන්ය. අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. වරදකරුවන් බවට හසුකර ගත්තේ නැත. එය ඔහුගෙන් වූ භාග්යයක් හා කරුණාවක් ලෙසිනි. කවරෙකු පාප ක්ෂමාව ඉල්ලා සිටියේ ද අල්ලාහ් ඔවුන්ගේ පාපයට ක්ෂමාව දෙන්නාය. දඬුවම් දීමට ඉක්මන් නොවන ඉවසලිවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَكُوْنُوْا كَالَّذِیْنَ كَفَرُوْا وَقَالُوْا لِاِخْوَانِهِمْ اِذَا ضَرَبُوْا فِی الْاَرْضِ اَوْ كَانُوْا غُزًّی لَّوْ كَانُوْا عِنْدَنَا مَا مَاتُوْا وَمَا قُتِلُوْا ۚ— لِیَجْعَلَ اللّٰهُ ذٰلِكَ حَسْرَةً فِیْ قُلُوْبِهِمْ ؕ— وَاللّٰهُ یُحْیٖ وَیُمِیْتُ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුමගනය කළවුනි, දෙවියන් ප්රතික්ෂේප කරන කුහකයින් මෙන් නොවනු. තම හිතමිතුරන් දෙස බලා ඔවුන් ජීවනෝපාය සොයා ගිය විට හෝ යුද්ධයක නිරත ව මිය ගිය විට හෝ ඝාතනය කරනු ලැබූ විට මෙසේ පවසා සිටියහ. ‘ඔවුන් අප සමග සිටියා නම් එසේ පිටත් නොවනු ඇත. යුද්ධ නොකරනු ඇත. මිය යන්නේ ද නැත. ඝාතනයට ලක් වන්නේ ද නැත. මෙම ප්රතිපත්තිය අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් කළේ ඔවුන්ගේ සිත් තුළ දුක හා පසුතැවිල්ල වර්ධනය වනු පිණිසය. අල්ලාහ් ඒකීයය. ජීවත් කරවන්නේත් මරණයට පත් කරවන්නේත් තම අභිමතය පරිදිය. රැඳී සිටීමෙන් ඔහුගේ නියමය වැළැක්විය නොහැක. එමෙන්ම එසේ පිටත්වීමෙන් එය ඔහු ඉක්මන් කරන්නේද නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් ඔහු වෙතින් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ قُتِلْتُمْ فِیْ سَبِیْلِ اللّٰهِ اَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّٰهِ وَرَحْمَةٌ خَیْرٌ مِّمَّا یَجْمَعُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ මියැදුණේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ සැබැවින්ම අල්ලාහ් නුඹලාට මහත් සේ සමාව දානය කරනු ඇත. ඔහුගේ කරුණාවෙන් ඔහු නුඹලාට දායාද කරනු ඇත. එය මෙලොව හා ලෝවාසීන් මෙලොවෙහි රැස් කරන අල්ප සැපතට වඩා උතුම් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجهل بالله تعالى وصفاته يُورث سوء الاعتقاد وفساد الأعمال.
•අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ ගුණාංග පිළිබඳ නිවැරැදි වැටහීමක් නොතිබීම. අයහපත් විශ්වාස හා අයහපත් ක්රියාවන් උරුම කර දෙනු ඇත.

• آجال العباد مضروبة محدودة، لا يُعجلها الإقدام والشجاعة، ولايؤخرها الجبن والحرص.
•ගැත්තන්ගේ ආයුෂ කාලය සීමා කොට ඇත. පෙරටුගාමීත්වය හා වීරත්වය එය ඉක්මන් නොකරනු ඇත. එමෙන්ම ආශාවන් හා අධෛර්යය එය ප්රමාද කරන්නේද නැත.

• من سُنَّة الله تعالى الجارية ابتلاء عباده؛ ليميز الخبيث من الطيب.
•යහපත් අයගෙන් අයහපත් අය වෙන් කර හඳුන්වා දීම සඳහා තම ගැත්තන්හට පරීක්ෂණ ඇති කිරීම අල්ලාහ්ගේ න්යායයකි.

• من أعظم المنازل وأكرمها عند الله تعالى منازل الشهداء في سبيله.
•නිලයන් අතුරින් අල්ලාහ් අබියස උසස්තම හා ගෞරවනීය නිලය වන්නේ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන්ගේ නිලයයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት