Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
یَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَیْرٍ مُّحْضَرًا ۖۚۛ— وَّمَا عَمِلَتْ مِنْ سُوْٓءٍ ۛۚ— تَوَدُّ لَوْ اَنَّ بَیْنَهَا وَبَیْنَهٗۤ اَمَدًاۢ بَعِیْدًا ؕ— وَیُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهٗ ؕ— وَاللّٰهُ رَءُوْفٌۢ بِالْعِبَادِ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම ආත්මයක්ම සිදු කළ යහපත් ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු අඩුවකින් තොර ව ඒවා ගෙන එනු ලැබේ. අයහපත සිදු කළ තැනැත්තා එය හා තමන් අතර දිගු කාල පරතරයක් තිබීමට ආශා කරයි. නමුත් එම ආශාවේ කුමන ඵලක් ද? අල්ලාහ් නුඹලාට අවවාද කර ඇත්තේය. එහෙයින් පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. අල්ලාහ් තම ගැත්තන්හට දායලුය. එහෙයින් ඔහු ඔවුනට අවවාද කරයි. ඔවුන් බියවද්දයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنْ كُنْتُمْ تُحِبُّوْنَ اللّٰهَ فَاتَّبِعُوْنِیْ یُحْبِبْكُمُ اللّٰهُ وَیَغْفِرْ لَكُمْ ذُنُوْبَكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
“නුඹලා සැබෑ ලෙසින් අල්ලාහ්ට ආදරය කරන්නේ නම් මා රැගෙන ආ දෑ එළිපිට මෙන්ම ඇතුළාන්තයෙන්ද පිළිපඳිනු. එවිට නුඹලා අල්ලාහ්ගේ ආදරය ලබා ගනු ඇත. නුඹලාගේ පාප වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරින් සමාව අයැද සිටින්නන්හට ක්ෂමාශීලීය. මහා කරුණාභරිතය.” යැයි නබිවරය, නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَطِیْعُوا اللّٰهَ وَالرَّسُوْلَ ۚ— فَاِنْ تَوَلَّوْا فَاِنَّ اللّٰهَ لَا یُحِبُّ الْكٰفِرِیْنَ ۟
අහෝ! දූතය, “නියෝග පිළිපදිමින් තහනම් දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු”යි තවදුරටත් නුඹ ඔවුනට පවසනු. එයින් ඔවුන් වැළකී සිටියේ නම් අල්ලාහ්ගේ අණට හා ඔහුගේ දූතයාණන්ගේ අණට විරුද්ධ වන ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැති බව දැන ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اللّٰهَ اصْطَفٰۤی اٰدَمَ وَنُوْحًا وَّاٰلَ اِبْرٰهِیْمَ وَاٰلَ عِمْرٰنَ عَلَی الْعٰلَمِیْنَ ۟ۙ
සැබැවින්ම අල්ලාහ් ආදම් (අලෙයිහිස් සලාම්) තෝරා ඔහුට මලක්වරුන් විසින් සජදා (අචාර) කිරීමට සැලැස්වීය. තවද නූහ් (අලෙයිහිස් සලාම්) තෝරා මිහිතලයේ වැසියන්හට පළමු දූතයා බවට ඔහු පත් කළේය. ඉබ්රාහීම්ගේ කුඩුම්භය තෝරා ඔහුගෙන් පැවතෙන පරම්පරාවට නබිත්වය නොහොත් දේව දූත මෙහවර පිරිනැමුවේය. එමෙන්ම ඉම්රාන්ගේ කුඩුම්භය ද ඔහු තෝරා පත් කළේය. මේ සියලු දෙනා තෝරා ඔවුනොවුන්ගේ කාලයේ විසූ ජනසමූහයා අතර ඔවුන් උසස් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذُرِّیَّةً بَعْضُهَا مِنْ بَعْضٍ ؕ— وَاللّٰهُ سَمِیْعٌ عَلِیْمٌ ۟ۚ
මෙසේ සඳහන් කරනු ලැබූ නබිවරුන් හා ඔවුන්ගේ පියවර මත අනුගමනය කළ ඔවුන්ගේ පරම්පරාව වනාහි අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමේ හා දැහැමි ක්රියාවන් සිදු කිරීමේ ඔවුන් එකිනෙකා සම්බන්ධකම් ඇති උදවිය වෙති. ගතිගුණ හා මහිමයන්ට ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උරුමකම් කියති. අල්ලාහ් තම ගැත්තන් පවසන ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන් අතරින් තමන් කැමති අය තෝරා ගන්නේත් ඔවුන් අතුරින් තමන් කැමති අය උසස් කරන්නේත් එබැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَتِ امْرَاَتُ عِمْرٰنَ رَبِّ اِنِّیْ نَذَرْتُ لَكَ مَا فِیْ بَطْنِیْ مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّیْ ۚ— اِنَّكَ اَنْتَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අහෝ! දූතය, මර්යම්ගේ මව වන ඉම්රාන්ගේ බිරිය කතා කළ අවස්ථාව ඔවුනට මෙනෙහි කරනු. ඇය: ‘මාගේ පරමාධිපතියාණනි, මාගේ කුස තුළ උසුලා ඇති දරුවා ඔබ වෙනුවෙන් අවංක ලෙස පුදන්නට මා මට ම පවරා ගනිමි. සියලු දැයින් දරුවා නිදහස් කොට ඔබේ සේවය පිණිස ඔබේ නිවසේ සේවය පිණිස පත් කරමි. එහෙයින් එය මගෙන් භාර ගනු. සැබැවින්ම ඔබ මාගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය. මාගේ චේතනාව පිළිබඳ මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ اِنِّیْ وَضَعْتُهَاۤ اُ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِمَا وَضَعَتْ ؕ— وَلَیْسَ الذَّكَرُ كَالْاُ ۚ— وَاِنِّیْ سَمَّیْتُهَا مَرْیَمَ وَاِنِّیْۤ اُعِیْذُهَا بِكَ وَذُرِّیَّتَهَا مِنَ الشَّیْطٰنِ الرَّجِیْمِ ۟
ඇය පූර්ණ ගැබ්භාවයට පත් වූ පසු දරුවා ප්රසූත කළ කල්හි (දරුවා පිරිමි දරුවකු විය යුතු යැයි ඇය අපේක්ෂා කළ බැවින්) “අහෝ මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මම ප්රසූත කර ඇත්තේ ගැහැනුු දරුවෙකි.” යැයි කරුණු ඉදිරිපත් කළාය. ඇයට පිරිනමනු ලැබූ ගැහැනුු දරුවා ඇය අපේක්ෂා කලාක් මෙන් හැඩරුවෙන් හා ශක්තියෙන් හෙබි පිරිමි දරුවකු මෙන් නොවීය. තවදුරටත් ඇය: මම ඇයට මර්යම් යනුවෙන් නම් තැබුවෙමි. ඔබේ කරුණාවෙන් නෙරපා හරින ලද ෂාතාන්ගෙන් ආරක්ෂාව ඇය හා ඇයගේ පරපුර වෙනුවෙන් මා ඔබෙන් පතමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُوْلٍ حَسَنٍ وَّاَنْۢبَتَهَا نَبَاتًا حَسَنًا ۙ— وَّكَفَّلَهَا زَكَرِیَّا ؕ— كُلَّمَا دَخَلَ عَلَیْهَا زَكَرِیَّا الْمِحْرَابَ ۙ— وَجَدَ عِنْدَهَا رِزْقًا ۚ— قَالَ یٰمَرْیَمُ اَنّٰی لَكِ هٰذَا ؕ— قَالَتْ هُوَ مِنْ عِنْدِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ یَرْزُقُ مَنْ یَّشَآءُ بِغَیْرِ حِسَابٍ ۟
අල්ලාහ් ඇයගේ භාරය යහපත් අයුරින් පිළි ගත්තේය. ඉතා අලංකාර ලෙස ඇයගේ දැරිය රැක බලා ගත්තේය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ හදවත් ඇය වෙත නැඹුරු කෙරෙව්වේය. ඇයගේ භාරකාරත්වය සකරිය්යා වෙත පැවරුවේය. සකරිය්යා ඇය වෙත පිවිසෙන සෑම අවස්ථාවකම නැමදුම් කරන ස්ථානය අසල සරල ප්රණීත ආහාර දුටුවේය. ඔහු ඇය අමතා: “අහෝ! මර්යම්, මෙම ආහාරය ඔබට ලැබුණේ කොහෙන්දැ?”යි විමසුවේය. ඇය පිළිතුරු වශයෙන්: “මෙම ආහාරය අල්ලාහ් වෙතිනි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ආහාර සපයන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظم مقام الله وشدة عقوبته تجعل العاقل على حذر من مخالفة أمره تعالى.
•අල්ලාහ්ගේ ස්ථාවරත්වයේ විභූතිය හා ඔහුගේ දඬුවමේ බිහිසුණුකම බුද්ධිමත් අයකු ඔහුගේ නියෝග වලට විරුද්ධ වීමෙන් ආරක්ෂා වන්නට ඉඩ සලසනු ඇත.

• برهان المحبة الحقة لله ولرسوله باتباع الشرع أمرًا ونهيًا، وأما دعوى المحبة بلا اتباع فلا تنفع صاحبها.
•දහම්ගත කොට ඇති නියෝග හා තහනම් දෑ පිළිපැදීම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ආදරය කිරීමේ සාධක වන්නේය. යමෙකු එසේ පිළිපැදීමකින් තොර ව දෙවියන් කෙරෙහි ආදරය ඇති බවට වාද කරන්නේ නම් එය ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත.

• أن الله تعالى يختار من يشاء من عباده ويصطفيهم للنبوة والعبادة بحكمته ورحمته، وقد يخصهم بآيات خارقة للعادة.
•අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අය තෝරා ගන්නේය. නබිත්වය නොහොත් දේව මෙහෙවර හා නැමදුම සඳහා ඔහුගේ ප්රඥාවෙන් හා දයාලුභාවයෙන් ඔවුන් තෝරා පත් කරන්නේය. අසාමාන්ය සාධක තුළින් ඔවුන් විශේෂගත කරනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት