Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
وَمَاۤ اَصَابَكُمْ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ فَبِاِذْنِ اللّٰهِ وَلِیَعْلَمَ الْمُؤْمِنِیْنَ ۟ۙ
නුඹලාගේ සේනාව හා දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ සේනාව හමු වූ උහද් යුද දිනයේ දී නුඹලාට අත් වූ ඝාතන තුවාල හා පරාජය සැබෑ දේව විශ්වාස කළවුන් කවුරුන්දැයි නිරාවරණය කිරීමේ ගැඹුරු යථාර්ථයෙන් අල්ලාහ්ගේ අනුහසින් හා ඔහුගේ නියමයෙන් සිදු වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِیَعْلَمَ الَّذِیْنَ نَافَقُوْا ۖۚ— وَقِیْلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ اَوِ ادْفَعُوْا ؕ— قَالُوْا لَوْ نَعْلَمُ قِتَالًا لَّاتَّبَعْنٰكُمْ ؕ— هُمْ لِلْكُفْرِ یَوْمَىِٕذٍ اَقْرَبُ مِنْهُمْ لِلْاِیْمَانِ ۚ— یَقُوْلُوْنَ بِاَفْوَاهِهِمْ مَّا لَیْسَ فِیْ قُلُوْبِهِمْ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِمَا یَكْتُمُوْنَ ۟ۚ
‘නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. එසේ නැතහොත් සාමාන්ය මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු’ යැයි කුහකයින්හට පවසනු ලැබූ විට යුද්ධයක් සිදු වන බවට අප දැන සිටියා නම් අපි නුඹලා පසුපසින් නොඑන්නෙමු. නමුත් නුඹලා අතරත් එම පිරිස අතරත් සටනක් ඇති වේවී යැයි අපි නොසිතුවෙමු. ඔවුන් ඔවුන්ගේ දේව විශ්වාසයට වඩා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය වෙත වඩාත් සමීපයෙන් සිටින බව පෙන්වා දෙන තත්ත්වයක ඔවුන් පසු වූහ. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන් ඔවුන්ගේ මුඛ වලින් පවසා සිටියහ. ඔවුන්ගේ සිත අභ්යන්තරයේ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ වෙනුවෙන් අල්ලාහ් ඔවුනට පසු විපාක දෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ قَالُوْا لِاِخْوَانِهِمْ وَقَعَدُوْا لَوْ اَطَاعُوْنَا مَا قُتِلُوْا ؕ— قُلْ فَادْرَءُوْا عَنْ اَنْفُسِكُمُ الْمَوْتَ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
යුද්ධය සඳහා පිටත් ව යෑමෙන් පසුබැස්සා වූ ඔවුන් උහද් යුද දිනයේ විපතට පත් වූ තම හිතමිතුරන් දෙස බලා ‘සැබැවින්ම ඔවුන් අපට අවනත වී යුද්ධය සඳහා පිටත් ව නොගියේ නම් මෙසේ ඝාතනය නොවන්නට තිබුණි’ යැයි පවසා සිටියහ. අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘සැබැවින්ම ඔවුන් නුඹලාට අවනත වී නම් ඔවුන් මරණයට පත් නොවන්නට තිබුණි යැයි ද නුඹලා මරණයෙන් මිදී සිටීමට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොකර රැඳී සිටීම යැයි ද නුඹලා ඉදිරිපත් කරන තර්කයෙහි නුඹලා සත්යවාදීහු නම් නුඹලාට මරණය පැමිණෙන විට නුඹලා නුඹලාගේ ආත්මය හැකිනම් වළක්වා ගනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تَحْسَبَنَّ الَّذِیْنَ قُتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ اَمْوَاتًا ؕ— بَلْ اَحْیَآءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُوْنَ ۟ۙ
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් මියැඳුණැයි නුඹ නොසිතනු. නමුත් ඔවුහු තම පරාධිපති අබියස ඔහුගේ ගෞරවනීය නිවහන තුළ විශේෂ ජීවිතයක් ගත කරන අමරණීය අය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා විවිධ සැප පහසුකම් වලින් යුත් ප්රණීත පෝෂණයන්ගෙන් ඔවුන් පෝෂණය කරනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرِحِیْنَ بِمَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ۙ— وَیَسْتَبْشِرُوْنَ بِالَّذِیْنَ لَمْ یَلْحَقُوْا بِهِمْ مِّنْ خَلْفِهِمْ ۙ— اَلَّا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۘ
සැප පහසුකම් වලින් ඔවුන් ගිලී සිටිති. අල්ලාහ් ඔවුන් වෙත පිරිනමා ඇති ඔහුගේ භාග්යය පිළිබඳ සතුටින් ඉපිල ගොස් සිටිති. මෙලොව ජීවත් වන තම සහෝදරයන් තමන් සමග සේන්දු වනු ඇතැයි ද සැබැවින්ම ඔවුන් දෙවියන් වෙනුවෙන් දිවි පුදා මරණයට පත් වූයේ නම් තමන්ට හිමි වූ භාග්යය ඔවුන්ටත් හිමි වනු ඇතැයි ද ඔවුන් බලාපොරොත්තුවෙන් හා ආශාවෙන් පසුවෙති. මතු ලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට සිදු වන කරුණු වලදී ඔවුනට කිසිදු බියක් ඇතිවන්නේ නැත. මෙලොවෙහි අහිමි වූ දෑ ගැන ඔවුන් දුකට පත්වන්නේද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَسْتَبْشِرُوْنَ بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ ۙ— وَّاَنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُؤْمِنِیْنَ ۟
මේ සමගම ඔවුන් අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වූ මහඟු කුසල් පිළිබඳවත් එම කුසල් වලට අමතර ව දෙනු ලබන දැවැන්ත කුසල් පිළිබඳවත් සතුටු වෙති. තමන් විශ්වාස කළ ගැත්තන්ගේ කුසල් කිසිවක් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතිඵල සම්පූර්ණයෙන්ම දානය කරනු ඇත. ඊටත් වඩා වැඩිපුර කුසල් ප්රමාණයක් ද පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ اسْتَجَابُوْا لِلّٰهِ وَالرَّسُوْلِ مِنْ بَعْدِ مَاۤ اَصَابَهُمُ الْقَرْحُ ۛؕ— لِلَّذِیْنَ اَحْسَنُوْا مِنْهُمْ وَاتَّقَوْا اَجْرٌ عَظِیْمٌ ۟ۚ
උහද් දිනයේ තුවාල ලැබුවායින් පසු සිදු වූ ‘හම්රාඋල් අසද්’ නම් සංග්රාමයේ දී දෙවියන් ආදේශ කළ ද්රෝහීන් හමුවීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමටත් පිටත් වන්නැයි ඇරයුම් කරනු ලබන විට අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දුන් අය වනාහි, ඔවුන්ට අත් වූ තුවාල අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ ඇරයුමට පිළිතුරු දීමෙන් වැළැක්වූයේ නැත. ඔවුන් අතරින් තම ක්රියාවන් යහපත් අයුරින් සිදු කොට, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කළ අයට අල්ලාහ්ගෙන් වූ මහත් ප්රතිලාභ හිමිය. එය ස්වර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ قَالَ لَهُمُ النَّاسُ اِنَّ النَّاسَ قَدْ جَمَعُوْا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ اِیْمَانًا ۖۗ— وَّقَالُوْا حَسْبُنَا اللّٰهُ وَنِعْمَ الْوَكِیْلُ ۟
සැබැවින්ම කුරෙය්ෂ්වරු අබූ සුෆ්යාන්ගේ නායකත්වයෙන් විශාල සේනාවක් නුඹලා සමග සටන් කිරීමටත් නුඹලාට තීන්දු කිරීමටත් රැස් ව ඇත. එහෙයින් ඔවුන් ගැන ප්රවේශම් වන්න. ඔවුන් හමු වීමට බියවන්නැයි දෙවියන් ආදේශ කළ ඇතැම් ද්රෝහීන් විසින් තමන්හට පවසනු ලැබූ විට එම ප්රකාශය හා බියගැන්වීම අල්ලාහ් පිළිබද තහවුරු කර සිටීමත් ඔහුගේ ප්රතිඥාව දැඩි ලෙස විශ්වාස කිරීමත් ඔවුනට වැඩි කළේය. ‘අල්ලාහ් අපට ප්රමාණවත්ය. අපගේ කරුණු ඔහු වෙත පවරන්නට වඩාත් යහපත් අය ඔහුය’ යැයි පවසමින් ඔවුන් හමුවීමට පිටත් ව ගියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من سنن الله تعالى أن يبتلي عباده؛ ليتميز المؤمن الحق من المنافق، وليعلم الصادق من الكاذب.
•ජනයා සැබෑ විශ්වාස කරන්නා කුහකයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් සත්යවාදියා බොරුකාරයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් තම ගැත්තන් පරීක්ෂාවට ලක් කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි.

• عظم منزلة الجهاد والشهادة في سبيل الله وثواب أهله عند الله تعالى حيث ينزلهم الله تعالى بأعلى المنازل.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමෙන් හා දිවි පිදීමෙන් ලැබෙන උසස් නිලය හා ඔවුන්හට උසස් තරාතිරම් පිරිනැමීමෙන් අල්ලාහ් අබියස ඔවුනට සතු වන කුසල්.

• فضل الصحابة وبيان علو منزلتهم في الدنيا والآخرة؛ لما بذلوه من أنفسهم وأموالهم في سبيل الله تعالى.
•සහාබාවරුන් හෙවත් නබි අනුගාමිකයින්ගේ මහිමය. ඔවුන් තම ප්රාණය හා තම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර ඇති බැවින් ඔවුනට මෙලොව හා මතු ලොවෙහි හිමි උසස් නිලතල පිළිබඳ විස්තර කිරීම.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት