Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ اُوْتُوْا نَصِیْبًا مِّنَ الْكِتٰبِ یُدْعَوْنَ اِلٰی كِتٰبِ اللّٰهِ لِیَحْكُمَ بَیْنَهُمْ ثُمَّ یَتَوَلّٰی فَرِیْقٌ مِّنْهُمْ وَهُمْ مُّعْرِضُوْنَ ۟
අහෝ! නබිවරය, තව්රාතය පිළිබඳ දැනුම හා නුඹගේ නබිත්වය පිළිබඳ සාධක අතුරින් සමහරක් අල්ලාහ් විසින් යුදෙව්වන්හට පිරිනමා තිබිණ. එම තත්ත්වය මත නුඹ ඔවුන් නොදුටුවෙහිද? ඔවුන් කවර දෙයක් පිළිබඳ මතභේද ඇති කර ගත්තේද එය ඔවුන් අතර විග්රහ කරනු පිණිස ඔවුන් අල්ලාහ්ගේ පුස්තකය වන තව්රාතය වෙත කැඳවනු ලැබුවෝය. පසු ව ඔවුන්ගෙන් විද්වතුන් හා ප්රධානීන් පිරිසක් තම අනුගාමිකයින් ඔවුන් විශ්වාස කරමින් සිටිය දී හා යම් පණිවිඩයක් ලැබුණු විට එය ජනතාව අතරට ඉක්මණින් ගෙන යන ප්රමුඛයින් ලෙස සිටිය දී තමන්ගේ කැමැත්තට එකඟ නොවූ යමක් එහි ඔවුන් දුටු විට එම දැනුම ප්රතික්ෂේප කරමින් ඉන් හැරී ගියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِاَنَّهُمْ قَالُوْا لَنْ تَمَسَّنَا النَّارُ اِلَّاۤ اَیَّامًا مَّعْدُوْدٰتٍ ۪— وَّغَرَّهُمْ فِیْ دِیْنِهِمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟
මෙසේ සත්යයෙන් පෙරළීම හා ප්රතික්ෂේප කිරීම සිදු වූයේ සැබැවින්ම තමන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දින ප්රමාණයක් මිස නිරය තමන් ස්පර්ශ නොකරනු ඇතැයිද පසු ව ඔවුන් ස්වර්ග උයනට සදාකල් පිවිසෙනු ඇතැයිද ඇරයුම් කරමින් සිටියෝය. මෙසේ ව්යාජත්වය හා බොරුවෙන් නිර්මාණය කර ගත් ඔවුන්ගේ සිතුවිලි ඔවුන් මුළා කර දැමුවේය. අල්ලාහ් හා ඔහුගේ දහම වෙත දොස් පැවරුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ اِذَا جَمَعْنٰهُمْ لِیَوْمٍ لَّا رَیْبَ فِیْهِ ۫— وَوُفِّیَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
ඔවුන්ගේ තත්ත්වය හා ඉරණම කෙසේ පිහිටනු ඇත් ද? කිසිදු සැකයකට ඉඩක් නැති දිනයේ විනිශ්චය සඳහා ඔවුන් අපි එක්රැස් කරන විට ඔවුන්ගේ නපුරු ඉරණම ඔවුනට අත්වනු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සෑම ආත්මයක්ම සිදු කළ දෑ සඳහා වූ ප්රතිඵල සුදුසු ප්රමාණයට අනුව පිරිනමනු ලැබේ. එහි කිසිදු අසාධාරණයක් හෝ ප්රතිඵල වල කිසිදු අඩු කිරීමක් හෝ ප්රතිවිපාක වල කිසිදු වැඩිකිරීමක් හෝ සිදු කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلِ اللّٰهُمَّ مٰلِكَ الْمُلْكِ تُؤْتِی الْمُلْكَ مَنْ تَشَآءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَآءُ ؗ— وَتُعِزُّ مَنْ تَشَآءُ وَتُذِلُّ مَنْ تَشَآءُ ؕ— بِیَدِكَ الْخَیْرُ ؕ— اِنَّكَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ! දූතය, නුඹේ පරමාධිපතිට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් මෙසේ පවසනු: “අහෝ! දෙවිඳුනි, මෙලොව හා මතුලොව සියලු රාජ්යයන්ගේ රජු ඔබය. ඔබ මැවූ අය අතුරින් ඔබ කැමැති අයට බලය පිරිනමන්නෙහිය. ඔබ කැමති අයගෙන් එය ඉවත් කරන්නෙහිය. ඔබ කැමති අය ගෞරවයට පත් කරන්නෙහිය. ඔබ කැමති අය පහත් කරන්නෙහිය. සියල්ල පිහිටා ඇත්තේ ඔබේ අනු දැනුම හා යුක්තිය මතය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබ සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
تُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَتُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ ؗ— وَتُخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَتُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ ؗ— وَتَرْزُقُ مَنْ تَشَآءُ بِغَیْرِ حِسَابٍ ۟
ඔබ දහවල තුළට රාත්රිය ඇතුළු කොට දහවල් කාලය දිගු කිරීමත් රාත්රිය තුළට දහවල ඇතුළු කොට රාත්රි කාලය දිගු කිරීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නාගෙන් දෙවියන් විශ්වාස කරන්නා හෙළි කිරීම බීජයෙන් පැළ මතු කිරීම වැනි පණ නැති දැයින් ජීවමාන දෑ මතු කිරීමත් දෙවියන් විශ්වාස කරන්නාගෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නා බැහැර කිරීම කිකිළියගෙන් බිත්තර මතු කිරීම වැනි ප්රාණය සහිත දැයින් ප්රාණය නැති දෑ බැහැර කිරීමත් ඔබේ ශක්තිය විදහා පාන සාධක වෙති. ඔබ කැමති අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ඇතිතරම් පෝෂණය ලබා දෙන්නෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَتَّخِذِ الْمُؤْمِنُوْنَ الْكٰفِرِیْنَ اَوْلِیَآءَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ۚ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ فَلَیْسَ مِنَ اللّٰهِ فِیْ شَیْءٍ اِلَّاۤ اَنْ تَتَّقُوْا مِنْهُمْ تُقٰىةً ؕ— وَیُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهٗ ؕ— وَاِلَی اللّٰهِ الْمَصِیْرُ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන් විශ්වාස කරන්නන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් ඔබට උදව් කරන, ඔබ ප්රිය කරන භාරකරුවන් බවට පත් කර නොගනු. කවරෙකු එසේ සිදු කරන්නේද අල්ලාහ්ගේ භාරයෙන් ඔහු ඉවත් වන්නේය. අල්ලාහ්ද ඔහුගෙන් ඉවත් වනු ඇත. නමුත් ඔවුන් නුඹලා පාලනය කරන පාලකයින් නම් නුඹලාගේ ජීවිත වලට ඔවුන් තර්ජනයක් නම් ඔවුන්ගේ වේදනාවන්ට බිය වී ඔවුන් සමග වූ සතුරුකම සිත සඟවා ගනිමින් මෘදු කතාවෙන් හා මෘදු ක්රියාවෙන් ඔවුන් සමග කටයුතු කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් නුඹලාට අවවාද කරයි. එබැවින් නුඹලා ඔහුට බිය වනු. පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ලබන්නට නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنْ تُخْفُوْا مَا فِیْ صُدُوْرِكُمْ اَوْ تُبْدُوْهُ یَعْلَمْهُ اللّٰهُ ؕ— وَیَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ දූතය දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් සමග ආශ්රය කිරීම වැනි අල්ලාහ් නුඹලාට තහනම් කළ දෑ නුඹලාගේ සිත් තුළ නුඹලා සඟවා ගත්තද එය නුඹලා හෙළි කළ ද ඒ ගැන අල්ලාහ් දන්නේය. කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ඔහු දන්නේය. සියලු දෑ කෙරෙහි ඔහු සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නැත යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن التوفيق والهداية من الله تعالى، والعلم - وإن كثر وبلغ صاحبه أعلى المراتب - إن لم يصاحبه توفيق الله لم ينتفع به المرء.
•භාග්යය හා යහමග ලැබීම යනු අල්ලාහ්ගෙන් සිදුවන දෙයකි. දැනුම යනු (එය වර්ධනය කරමින් එහි ඉහළම තැනට ළඟා වුවද) අල්ලාහ්ගේ භාග්යය ඒ සමග මුසු නොවූයේ නම් මිනිසා එමගින් ප්රයෝජනය ලබන්නේ නැත.

• أن الملك لله تعالى، فهو المعطي المانع، المعز المذل، بيده الخير كله، وإليه يرجع الأمر كله، فلا يُسأل أحد سواه.
•සියලු රාජ්යයන් අල්ලාහ් සතුය. පිරිනමන්නා මෙන්ම වළක්වන්නාද ඔහුය. සියලු දෑහි යහපත ඇත්තේ ඔහු සතුවය. සියලු කරුණු යොමු වන්නේ ඔහු වෙතමය. එබැවින් ඔහු හැර වෙනත් කිසිවකුගෙන් පැතිය නොයුතුයි.

• خطورة تولي الكافرين، حيث توعَّد الله فاعله بالبراءة منه وبالحساب يوم القيامة.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමීප මිතුරන් හා භාරකරුවන් ලෙස ගැනීමේ අවධානම. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එසේ සිදු කරන්නා අල්ලාහ්ගේ භාරයෙන් හා විනිශ්චයෙන් ඉවත් වන බවට අල්ලාහ් ප්රතිඥා දෙමින් ඒ ගැන අවවාද කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት