Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَلْبِسُوْنَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوْنَ الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟۠
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලාගේ පුස්තක වල පහළ කරනු ලැබූ සත්යය සමග නුඹලා සතු ව ඇති ව්යාජ කරුණු මුසු කරනුයේ මන්ද? එහි ඇති සත්යය හා මග පෙන්වීම් නුඹලා වසන් කරන්නෙහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වයේ සහතිකය ද ඉන් එකකි. නුඹලා ව්යාජත්වය හා සත්යය කුමක් ද යන්නත් මුළාව හා යහමග කුමක් ද යන්නත් මැනවින් දන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَتْ طَّآىِٕفَةٌ مِّنْ اَهْلِ الْكِتٰبِ اٰمِنُوْا بِالَّذِیْۤ اُنْزِلَ عَلَی الَّذِیْنَ اٰمَنُوْا وَجْهَ النَّهَارِ وَاكْفُرُوْۤا اٰخِرَهٗ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟ۚۖ
යුදෙව් විද්වතුන් පිරිසක් තම අනුගාමිකයින් දෙස බලා "දහවල් කාලය වන විට දෙවියන් විශ්වාස කරන මුුුුඃමින්වරුන්හට පහළ කරන ලද අල් කුර්ආනය මතුපිටින් විශ්වාස කරනු. සවස් කාලය වන විට එය ප්රතික්ෂේප කරනු. නුඹලා එය විශ්වාස කොට පසු ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ දහම තුළ ඔවුනට සැක මතු වී 'අපට වඩා අල්ලාහ්ගේ පුස්තකය පිළිබඳ ඔවුන් මැනවින් දැන දැනත් එයින් හැරී ගොස් ඇත යැයි පවසමින් ඔවුන් ද එයින් හැරෙන්නට ඉඩ ඇත" යැයි පවසා සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تُؤْمِنُوْۤا اِلَّا لِمَنْ تَبِعَ دِیْنَكُمْ ؕ— قُلْ اِنَّ الْهُدٰی هُدَی اللّٰهِ ۙ— اَنْ یُّؤْتٰۤی اَحَدٌ مِّثْلَ مَاۤ اُوْتِیْتُمْ اَوْ یُحَآجُّوْكُمْ عِنْدَ رَبِّكُمْ ؕ— قُلْ اِنَّ الْفَضْلَ بِیَدِ اللّٰهِ ۚ— یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟ۚۙ
තවදුරටත් ඔවුහු: ‘නුඹලාගේ දහම පිළිපදින්නන් මිස වෙනත් කිසිවකු නුඹලා විශ්වාස කොට පිළි නොපදිනු’ යැයි පැවසුවෝය. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගය වනුයේ සත්යය වෙත වූ මාර්ගයයි. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා පිළිගත්තේ නම් නුඹලාගේ පරමාධිපති අභියස නුඹලාට එරෙහි ව කිසිවකු තර්ක කරනු ඇතැයි යන බියෙන් හා නුඹලාට පිරිනමනු ලැබුවාක් මෙන් ඔවුනට ද භාග්යය පිරිනමනු ලබනු ඇතැයි යන බියෙන් මිස නුඹලා ඒ ගැන බොරුකරමින් හා හිතුවක්කාරකමින් කටයුතු කළේ නැත. අහෝ! දූතය, නුඹ ඔවුනට තවදුරටත්: සැබැවින්ම භාග්යය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු තම ගැත්තන් අතරින් තමන් ප්රිය කරන්නන්හට එය පිරිනමනු ඇත. ඔහුගේ භාග්යය එක් සමූහයක් අතහැර දමා තවත් සමූහයකට පමණක් සීමා වූවක් නොවේ. අල්ලාහ් අතිමහත් භාග්යය ඇත්තාය. ඒ සඳහා සුදුස්සන් කවුරුන් ද යන්න ඔහු මැනවින් දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّخْتَصُّ بِرَحْمَتِهٖ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
ඔහුගේ මැවීම් අතුරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යය නියම කරනු ඇත. යහමග දූත මෙහෙවර විවිධ ත්යාග වැනි දැයින් ඔහු ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සීමාවක් නැති අති මහත් භාග්යය හිමිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ اَهْلِ الْكِتٰبِ مَنْ اِنْ تَاْمَنْهُ بِقِنْطَارٍ یُّؤَدِّهٖۤ اِلَیْكَ ۚ— وَمِنْهُمْ مَّنْ اِنْ تَاْمَنْهُ بِدِیْنَارٍ لَّا یُؤَدِّهٖۤ اِلَیْكَ اِلَّا مَا دُمْتَ عَلَیْهِ قَآىِٕمًا ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَالُوْا لَیْسَ عَلَیْنَا فِی الْاُمِّیّٖنَ سَبِیْلٌ ۚ— وَیَقُوْلُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ وَهُمْ یَعْلَمُوْنَ ۟
ආගම් ලත් ජනයා අතුරින් කිසිවෙකුට නුඹ විශාල ධනස්කන්දයක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එම විශ්වාසය මත නුඹට එය ඉටු කරන්නට කැමැත්තෙන් සිටින උදවිය වෙති. එමෙන්ම සුළු මුදලක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එය නුඹ ඉල්ලීමෙන් හා තීන්දු කිරීමෙන් මිස විශ්වාසය මත නැවත ලබා නොදෙන උදවිය ද වෙති. එය ඔවුන්ගේ නරක ප්රකාශ හා නරක චේතානවන් හේතුවෙනි. ‘අරාබිවරුන් අතර ඔවුන්ගේ ධනය අනුභව කිරීම අප හට පාපයක් නොවන්නේය. අල්ලාහ් අප හට එය අනුමත කොට ඇත’යි පවසමින් එය අල්ලාහ් කෙරෙහි ගෙතූ බොරුවක් බව ඔවුන් දැන දැනම එසේ බොරු පවසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلٰی مَنْ اَوْفٰی بِعَهْدِهٖ وَاتَّقٰی فَاِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَّقِیْنَ ۟
ඔවුන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුනට එය පාපයකි. කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට අල්ලාහ් සමග ඇතිකර ගත් ගිවිසුම ඉටු කොට මිනිසුන් සමග ඇතිකර ගත් ගිවිසුම් ද ඉටු කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ බැතිමත් ව කටයුතු කරන්නේද සැබැවින්ම අල්ලාහ් එවැනි බැතිමතුන් ප්රිය කරනු ඇත. ඒ සඳහා ඔවුනට අති ගෞරවනීය ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یَشْتَرُوْنَ بِعَهْدِ اللّٰهِ وَاَیْمَانِهِمْ ثَمَنًا قَلِیْلًا اُولٰٓىِٕكَ لَا خَلَاقَ لَهُمْ فِی الْاٰخِرَةِ وَلَا یُكَلِّمُهُمُ اللّٰهُ وَلَا یَنْظُرُ اِلَیْهِمْ یَوْمَ الْقِیٰمَةِ وَلَا یُزَكِّیْهِمْ ۪— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ් තම පුස්තකයේ පහළ කරනු ලැබූ දෑ හා ඔහු විසින් එවනු ලැබූ දූතවරුන් පිළිපැදීම සම්බන්ධයෙන් ද ඔවුන් කඩ කළා වූ ඔවුන්ගේ දිව්රීම් සම්බන්ධයෙන් ද ඔහු ඔවුන් සමග ඇතිකර ගත් ගිවිසුම මෙලොව සතුට සඳහා කවරෙකු සුළු මුදලක් වෙනුවෙන් වෙනස් කරන්නේ ද මතු ලොවෙහි ඔවුනට කිසිදු කොටසක් හිමි නොවන්නේය. ඔවුන් සතුටු වන දැයින් ඔවුන් සමග අල්ලාහ් කතා නොකරන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ කරුණා බැල්මෙන් ඔවුන් දෙස නොබලන්නේය. තවද ඔවුනට වේදනීය දඬුවම ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من علماء أهل الكتاب من يخدع أتباع ملتهم، ولا يبين لهم الحق الذي دلت عليه كتبهم، وجاءت به رسلهم.
•ආගම් ලත් විද්වතුන් අතර තම පිළිවෙත අනුගමනය කළවුන් මුළාවට පත් කළවුන්ද සිටියහ. තම පුස්තක වල සඳහන් මෙන්ම ඔවුන්ගේ දූතවරුන් තමන් වෙත ගෙන ආ පණිවිඩය ඔවුහු ඔවුනට පැහැදිලි නොකළහ.

• من وسائل الكفار الدخول في الدين والتشكيك فيه من الداخل.
•දහම තුළට පිවිස එහි අභ්යන්තරයේ සැක ඇති කිරීම දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ මාධයයකි.

• الله تعالى هو الوهاب المتفضل، يعطي من يشاء بفضله، ويمنع من يشاء بعدله وحكمته، ولا ينال فضله إلا بطاعته.
•උත්තරීතර අල්ලාහ් භාග්යයන් පිරිනමන මහත් ත්යාගශීලීය. අභිමත කරන අයට ඔහුගේ භාග්යය පිරිනමනු ඇත. ඔහුගේ යුක්තිය හා ප්රඥාව තුළින් ඔහු අභිමත කරන අයට එය වළක්වනු ඇත. ඔහුට අවනත වීමෙන් මිස ඔහුගේ භාග්යය කිසිවකු නොලබනු ඇත.

• كل عِوَضٍ في الدنيا عن الإيمان بالله والوفاء بعهده - وإن كان عظيمًا - فهو قليل حقير أمام ثواب الآخرة ومنازلها.
•අල්ලාහ් විශ්වාස කිරීම වෙනුවට ඔහුගේ ගිවිසුම ඉටු කිරීම වෙනුවට මෙලොවෙහි යම් ලාභයක් ලබා ගන්නේ නම් එය කෙතරම් විශාල වුවද මතු ලොවෙහි කුසල් හා තරාතිරම් ඉදිරියේ වඩාත් පහත් මෙන්ම අල්ප වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት