Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— وَاُولٰٓىِٕكَ هُمْ وَقُوْدُ النَّارِ ۟ۙ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා නොකරනු ඇත. මෙවන් ගති ලක්ෂණ වලින් වර්ණනා කරනු ලැබූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවුලනු ලබන ගින්නේ ඉන්ධන වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَدَاْبِ اٰلِ فِرْعَوْنَ ۙ— وَالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ— فَاَخَذَهُمُ اللّٰهُ بِذُنُوْبِهِمْ ؕ— وَاللّٰهُ شَدِیْدُ الْعِقَابِ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්ගේ විෂය ෆිර්අවුන් පැළැන්තියගේ හා ඔවුනට පෙර අල්ලාහ් ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළ අයගේ විෂයයට සමානය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කළේය. ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් ඔවුනට ඵලක් නොවීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළවුනට ඔහු දැඩි ලෙස දඬුවම් කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ لِّلَّذِیْنَ كَفَرُوْا سَتُغْلَبُوْنَ وَتُحْشَرُوْنَ اِلٰی جَهَنَّمَ ؕ— وَبِئْسَ الْمِهَادُ ۟
අහෝ! දූතයනි, ඔවුන්ගේ දහම් පිළිබඳ ව ඔවුන් මතභේද ඇති කර ගනිමින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුනට නුඹ මෙසේ පවසනු. ‘දෙවියන් විශ්වාස කරන්නන් නුඹලා අබිබවා යනු ඇත. නුඹලා දේව ප්රතික්ෂේපයේම මරණයට පත් වනු ඇත. අල්ලාහ් නුඹලා නිරා ගින්න වෙතට එක්රැස් කරනු ඇත. නුඹලාට එම යහන වඩාත් නපුරුදායක වනු ඇත.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ كَانَ لَكُمْ اٰیَةٌ فِیْ فِئَتَیْنِ الْتَقَتَا ؕ— فِئَةٌ تُقَاتِلُ فِیْ سَبِیْلِ اللّٰهِ وَاُخْرٰی كَافِرَةٌ یَّرَوْنَهُمْ مِّثْلَیْهِمْ رَاْیَ الْعَیْنِ ؕ— وَاللّٰهُ یُؤَیِّدُ بِنَصْرِهٖ مَنْ یَّشَآءُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّاُولِی الْاَبْصَارِ ۟
බද්ර් යුද දිනයේදී එකිනෙකා හමු වූ කණ්ඩායම් දෙක තුළ නුඹලාට සාධක හා ආදර්ශ ඇත. එම කණ්ඩායම් දෙකින් එක් කණ්ඩායමක් දෙවියන් විශ්වාස කළ උදවියයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන් යුත් පිරිසයි. ඔවුන් අල්ලාහ්ගේ වදන ඉහළින් වැජඹෙනු පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ වදන පහත දමනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අය වෙති. අනෙක් කණ්ඩායම දෙවියන් ප්රතික්ෂේප කළ කණ්ඩායමයි. ඔවුන් උදම් අණමින් හිතුවක්කාර ලෙස පිටත් ව ආ මක්කාහ් ප්රතික්ෂේපකයින් වෙති. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් තම දෑසින්ම තමන්ගේ දුබලකම මැනවින් දුටුවේය. එවිට අල්ලාහ්ට සමීපයෙන් කටයුතු කළ මොවුනට ඔහු උදව් කළේය. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ උපකාරය තහවුරු කරන්නේය. මනා දැක්මක් ඇති උදවියට මෙහි පාඩමක් හා උපදෙසක් ඇත. එනම් දෙවියන් විශ්වාස කරන්නන් සංඛ්යාවෙන් අඩු වුවද ඔවුන්හට සැබැවින්ම ජයග්රහණය හිමි බවත් අපරාධකරුවන් සංඛ්යාවෙන් වැඩි වුව ද ඔවුන් පරාජයට පත්වන බවත් යන සත්යයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
زُیِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوٰتِ مِنَ النِّسَآءِ وَالْبَنِیْنَ وَالْقَنَاطِیْرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَیْلِ الْمُسَوَّمَةِ وَالْاَنْعَامِ وَالْحَرْثِ ؕ— ذٰلِكَ مَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَاللّٰهُ عِنْدَهٗ حُسْنُ الْمَاٰبِ ۟
සැබැවින්ම මිනිසුන් පරීක්ෂාවට භාජනය කරනු පිණිස කාන්තාවන් දරුවන් රන් හා රිදියෙන් ගොඩ ගසා ගත් ධනය සලකුණු තබන ලද අශ්වයින් ඔටු එළු හා ගවයින් යන ගොවිපළ සතුන් මහපොළොවේ වගාවන් යනාදියෙන් ලෞකික ආශාවන් අල්ලාහ් ඔවුන්හට අලංකාරවත් කර ඇත. ඒවා කෙටි කලක් භුක්ති විද පසුව නැති වී යන ලෞකික ජීවිතයේ භුක්ති විදින වස්තු වෙති. එහි එල්ලී සිටීම දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සුදුසු නොවන්නේය. නැවත යොමු වන යහපත් ස්ථානය ඇත්තේ අල්ලාහ් අබියස පමණය. එය අහස් හා පොළොව තරම් වූ උදාර ස්වර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اَؤُنَبِّئُكُمْ بِخَیْرٍ مِّنْ ذٰلِكُمْ ؕ— لِلَّذِیْنَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا وَاَزْوَاجٌ مُّطَهَّرَةٌ وَّرِضْوَانٌ مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِالْعِبَادِ ۟ۚ
අහෝ! දූතයනි, මෙම ආශාවන්ට වඩා යහපත් දෑ කුමක් ද යන්න නුඹ ඔවුනට පවසා සිටිනු. අල්ලාහ්ට අවනතභාවය දක්වන ක්රියාවල නිරත වී පාපය රැස් කරන දෑ අතහැර දමා අල්ලාහ්ට බිය බැතිමත්කමින් යුතු ව කටයුතු කරන්නන්හට ස්වර්ග මාලිගාවන් හා ගස් වලට පහළින් ගලා යන ස්වර්ග උයන් ඇත. කිසිදු මරණයක් හෝ විනාශයක් හෝ ඔවුනට ඇති නොවී එහි ඔවුන් සදාකල් වෙසෙනු ඇත. හැඩ අලංකාරයෙන් හා ගතිගුණ වලින් යුත්, සියලුම නපුරුකම්වලින් පිරිසිදු වූ කළත්රයන් ඔවුනට එහි ඇත. ඒ සමගම ඔවුන් වෙත පහළ වන අල්ලාහ්ගේ තෘප්තියද ඇත. ඔහු කිසිවිටෙක ඔවුන් කෙරෙහි කෝප නොවන්නේය. තම ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒවායින් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن غرور الكفار بأموالهم وأولادهم لن يغنيهم يوم القيامة من عذاب الله تعالى إذا نزل بهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම වස්තුවට හා දරුවන්ට වහල් වී රැවටී සිටිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පහළ වන විට ඉන් ආරක්ෂා වන්නට ඒ කිසිවක් ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

• النصر حقيقة لا يتعلق بمجرد العدد والعُدة، وانما بتأييد الله تعالى وعونه.
•ජයග්රහණය යනු යථාර්ථයයි. සංඛ්යාව හෝ කාලය පදනම් කර ගනිමින් එය සිදුවන්නේ නැත. එය අල්ලාහ් තහවුරු කිරීමෙන් හා ඔහුගේ උදව්වෙන් පමණක් සිදුවන්නකි.

• زَيَّن الله تعالى للناس أنواعًا من شهوات الدنيا ليبتليهم، وليعلم تعالى من يقف عند حدوده ممن يتعداها.
•අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා නොගොස් ඒ තුළ රැඳි සිටිනුයේ කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහාත් මිනිසා පරීක්ෂණයට ලක් කිරීම සඳහාත් මෙලොව විවිධ ආශාවන් අල්ලාහ් ඔවුනට අලංකාරවත් කර දී ඇත.

• كل نعيم الدنيا ولذاتها قليل زائل، لا يقاس بما في الآخرة من النعيم العظيم الذي لا يزول.
•මෙලොව ඇති සියලු සැප සම්පත් ඉතා අල්පය, පහත්ය. මතු ලොවෙහි සදා පවතින සැප සම්පත් සමඟ ඒවා සසදා බැලිය නොහැකිය.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት