Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
وَلَىِٕنْ مُّتُّمْ اَوْ قُتِلْتُمْ لَاۡاِلَی اللّٰهِ تُحْشَرُوْنَ ۟
නුඹලාගේ මරණය කවර තත්ත්වයකින් සිදු වුවද එය මියැඳීමෙන් හෝ ඝාතනය කරනු ලැබීමෙන් හෝ සිදු වුවද නුඹලා සිදු කළ ක්රියාවන්ට කුසල් පිරිනැමීම සඳහා නුඹලා සියලු දෙනා යා යුත්තේ අල්ලාහ් වෙත පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِمَا رَحْمَةٍ مِّنَ اللّٰهِ لِنْتَ لَهُمْ ۚ— وَلَوْ كُنْتَ فَظًّا غَلِیْظَ الْقَلْبِ لَانْفَضُّوْا مِنْ حَوْلِكَ ۪— فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِی الْاَمْرِ ۚ— فَاِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ یُحِبُّ الْمُتَوَكِّلِیْنَ ۟
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ අතිමහත් කරුණාව හේතුවෙන් ඔබේ ගුණදම් ඔබගේ සගයින් සමග පහසුවෙන් කටයුතු කරන අයුරින් පිහිටුවා ඇත. ඔබේ ප්රකාශයේ හෝ ක්රියාවේ දැඩි බවක් හෝ හදවතේ දෘඪ බවක් පැවතුණේ නම් ඔවුන් ඔබගෙන් වෙන් ව යනු ඇත. ඔවුන් ඔබේ අයිතියේ යම් අඩුවක් සිදු කර ඇත්නම් ඔබ ඔවුනට සමාව දෙන්න. ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාව අයැද සිටින්න. සාකච්ඡාවට අවශ්ය ඔවුන්ගේ අදහස් පතන්න. සාකච්ඡාවෙන් පසු ඔබ යම් ගිවිසුමකට එළැඹුණේ නම් එම කරුණ මත විශ්වාසයෙන් සිට ඒ අනුව කටයුතු කරන්න. අල්ලාහ් වෙත සියල්ල භාරකරන්න. සැබැවින් තමන් වෙත සියල්ල භාරකරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය. ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන් ස්ථාවර ව කටයුතු කිරීමට ඉඩ සලසනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ یَّنْصُرْكُمُ اللّٰهُ فَلَا غَالِبَ لَكُمْ ۚ— وَاِنْ یَّخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِیْ یَنْصُرُكُمْ مِّنْ بَعْدِهٖ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
අල්ලාහ් තම උදව් හා උපකාරය නුඹලා වෙත පිරිනැමීම ස්ථීර කළේ නම් පොළෝවාසීන් සියලු දෙනා එක් ව නුඹලාට එරෙහි ව කටයුතු කළද නුඹලා අබිබවා යන්නට කිසිවකු හැකියාව නොදරනු ඇත. එමෙන්ම නුඹලාට උදව් කිරීමට හෝ වගකීම් භාර ගැනීමට නුඹලාටම පවරා ඔහු නුඹලා ව අතහැරියේ නම් ඔහුගෙන් පසු ව නුඹලාට උදව් කිරීමට වෙනත් කිසිවකු හැකියාව නොලබනු ඇත. උදව් උපකාරය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ් කෙරෙහිම තම විශ්වාස තැබිය යුතුය. ඔහු හැර වෙනත් කිසිවකු වෙත තම වගකීම් පැවරිය නොයුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ لِنَبِیٍّ اَنْ یَّغُلَّ ؕ— وَمَنْ یَّغْلُلْ یَاْتِ بِمَا غَلَّ یَوْمَ الْقِیٰمَةِ ۚ— ثُمَّ تُوَفّٰی كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
යුද්ධයේදී සතුරන් විසින් දමා ගිය භාණ්ඩ විෂයයෙහි අල්ලාහ් කවර කරුණක් විශේෂ කොට පෙන්වා දුන්නේද ඒ හැර වංචා සහගත ලෙස ඒවා තමන් සතු කර ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. එම භාණ්ඩ කිසිවක් ලබා ගැනීමේදී නුඹලා අතර කවරෙකු හෝ වංචාවක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය ප්රසිද්ධියට පත් කොට ඔහු දඬුවමට ලක් කරනු ඇත. තමන් වංචා සහගව ලබා ගත් දෑ උසුලා ගෙන ඔහු මිනිසුන් අතරට එනු ඇත. පසු ව සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් දෑ සඳහා කිසිදු අඩුවක් සිදු නොකොට සම්පූර්ණ වශයෙන් ප්රතිඵල පිරිනමනු ඇත. ඔවුන්ගේ පාපකම් වැඩි කිරීමෙන් හෝ ඔවුන්ගේ කුසල් අඩු කිරීමෙන් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට සිදු නොකරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّٰهِ كَمَنْ بَآءَ بِسَخَطٍ مِّنَ اللّٰهِ وَمَاْوٰىهُ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන්ගෙන් කවර කරුණක් ගැත්තෙකු ලබා එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා අනුගමනය කරන්නා හා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට නපුරු කියාවන් සිදු කොට ඒ හේතුවන් අල්ලාහ්ගේ දැඩි කෝපයට ලක් ව නිරය තම නවාතැන බවට පත් වූ අය හා සමාන වන්නේ නැත. එසේ ඔහු හැරී ගොස් නවතින තැන ඉතා නපුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُمْ دَرَجٰتٌ عِنْدَ اللّٰهِ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا یَعْمَلُوْنَ ۟
මෙලොව හා මතු ලොව නිලයන් හි අල්ලාහ් අභියස ඔවුන් විවිධ තරාතිරම් වලට අයත් වූවෝ වෙති. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. සෑම කෙනෙකුටම ඔවුන් කළ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ مَنَّ اللّٰهُ عَلَی الْمُؤْمِنِیْنَ اِذْ بَعَثَ فِیْهِمْ رَسُوْلًا مِّنْ اَنْفُسِهِمْ یَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِهٖ وَیُزَكِّیْهِمْ وَیُعَلِّمُهُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ ۚ— وَاِنْ كَانُوْا مِنْ قَبْلُ لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් ආශිර්වාද කළේය. ඔවුන් වෙත යහපත සැලසුවේය. එය ඔවුන් අතරට ඔවුන්ගේම ජාතියේ දූතයකු එවීමෙනි. ඔහු ඔවුන්හට අල්කුර්ආනය කියවා පෙන්වයි. ආදේශ කිරීමෙන් හා නින්දිත ගතිපැවතුම් වලින් ඔවුන් පිරිසිදු කරයි. කුර්ආනය හා තම පිළිවෙත ඔවුනට උගන්වයි. මෙම දූතයාණන් පැමිණීමට පෙර නුඹලා යහමගින් ඉවත් ව පැහැදිලි නොමගෙහි පසු වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمَّاۤ اَصَابَتْكُمْ مُّصِیْبَةٌ قَدْ اَصَبْتُمْ مِّثْلَیْهَا ۙ— قُلْتُمْ اَنّٰی هٰذَا ؕ— قُلْ هُوَ مِنْ عِنْدِ اَنْفُسِكُمْ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඝාතනය කරනු ලැබ නුඹලා පරාජයට පත් වූහ. එසේම බද්ර් දිනයේ නුඹලා විසින් මීට වඩා දෙගුණයකින් නුඹලාගේ සතුරන් ඝාතනය කරනු ලැබ සිරභාරයට ගනු ලැබීය. නමුත් නුඹලා මේ ගැන නොසිතා "අපි මුස්ලිම්වරුන් ලෙස සිටියදීත් නබිවරයාණන් අප අතර සිටියදීත් අපට මේ විපත්තිය සිදු වූයේ කොහින්දැ?"යි විමසා සිටියෙහුය. අහෝ! නබිවරය, නුඹලාට මෙම විපත්තිය අත් වූයේ නුඹලා දූතයාණන්ට පිටුපා නුඹලා අතර මත ගැටුම් ඇති කරගත් බැවිණි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහු අභිමත කරන අයට උදව් කරනු ඇත. ඔහු අභිමත කරන අය අවමානයට පත් කරනු ඇත. යැයි පවසන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• النصر الحقيقي من الله تعالى، فهو القوي الذي لا يحارب، والعزيز الذي لا يغالب.
•සැබෑ උදව් උපකාරය යනු අල්ලාහ් වෙතින් පැමිණෙන්නකි. ඔහු සටන් නොකරන බලවතාය. පරාජයට පත් නොවන සර්ව බලධාරීය.

• لا تستوي في الدنيا حال من اتبع هدى الله وعمل به وحال من أعرض وكذب به، كما لا تستوي منازلهم في الآخرة.
•අල්ලාහ්ගේ මාර්ගය අනුගමනය කරමින් ඒ අනුව කටයුතු කරන්නාගේ තත්ත්වයත් ඔහුට පිටුපා බොරුකරන්නන්ගේ තත්ත්වයත් මෙලොවෙහි එක සමාන නොවන්නේය. එය ඔවුන්ගේ තරාතිරම් මතු ලොවෙහි එක හා සමාන නොවන්නාක් මෙනි.

• ما ينزل بالعبد من البلاء والمحن هو بسبب ذنوبه، وقد يكون ابتلاء ورفع درجات، والله يعفو ويتجاوز عن كثير منها.
•ගැත්තාහට විභාගයක් හා පරීක්ෂණයක් පහළ වනුයේ ඔහුගේම පාපකම් හේතුවෙනි. පරීක්ෂණ ඇති වනවාක් මෙන්ම තරාතිරම් ද උසස් වනු ඇත. එමෙන්ම අල්ලාහ් සමාව දෙන්නේය. පාපකම් බොහෝමයක් මකා දමන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት