Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
لَقَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ فَقِیْرٌ وَّنَحْنُ اَغْنِیَآءُ ۘ— سَنَكْتُبُ مَا قَالُوْا وَقَتْلَهُمُ الْاَنْۢبِیَآءَ بِغَیْرِ حَقٍّ ۙۚ— وَّنَقُوْلُ ذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟
“සැබැවින්ම අල්ලාහ් අපගෙන් ණය ඉල්ලා සිටීමෙන් පැහැදිලි වනුයේ ඔහු දිළිඳු බවය. අප ළඟ ඇති ධනය හා වස්තුව හේතුවෙන් අපි පොහොසතුන් වෙමු” යැයි යුදෙව්වන් පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ එම ප්රකාශයට අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් ගෙතූ බොරුව හා අසත්යය ගැනත් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නබිවරුන් ඔවුන් ඝාතනය කිරීම ගැනත් අපි සටහන් කරගෙන ඇත්තෙමු. ‘දැවෙන ගින්නේ දඬුවම නුඹලා විදිනු’ යැයි අපි ඔවුනට පවසන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِمَا قَدَّمَتْ اَیْدِیْكُمْ وَاَنَّ اللّٰهَ لَیْسَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟ۚ
අහෝ! යුදෙව්වනි, මෙම දඬුවම නුඹලාගේ දෑත් ඉදිරිපත් කළ පාපකම් හා ද්රෝහිකම් හේතුවෙනි. එසේ පැවසීමට හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කිසිදු ගැත්තෙකුට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ قَالُوْۤا اِنَّ اللّٰهَ عَهِدَ اِلَیْنَاۤ اَلَّا نُؤْمِنَ لِرَسُوْلٍ حَتّٰی یَاْتِیَنَا بِقُرْبَانٍ تَاْكُلُهُ النَّارُ ؕ— قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌ مِّنْ قَبْلِیْ بِالْبَیِّنٰتِ وَبِالَّذِیْ قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوْهُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පුස්තකයේ මෙන්ම ඔහුගේ නබිවරුන්ගේ කටින් ඔහු පවසන දෑ තහවුරු කරන යමක් අප වෙත පැමිණෙන තෙක් කිසිදු දූතයකු අප විශ්වාස නොකළ යුතු යැයි ද එය අල්ලාහ් වෙත සමීප කරවන අහසින් පහළ වන ගින්නක් තුළින් පිළිගනු ලබන දානයක් වැනි දෙයක් විය යුතු යැයි ද අපට උපදෙස් දී ඇතැයි ව්යාජ ලෙස පවසා සිටියෝය. ඔවුහු එය අල්ලාහ් දුන් උපදෙසක් යැයි ඔහු සමග සම්බන්ධ කරමින් ඔහු කෙරෙහි බොරු පවසති. ඔවුන් සඳහන් කළ අයුරින් රසූල්වරුන් තහවුරු කරන සාධක මීට පෙර පැමිණ තිබිණ. එබැවින් අල්ලාහ්, තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට මෙසේ පවසන මෙන් අණ කර සිටියේය: ‘මට පෙර ද තම සත්යය භාවය තහවුරු කරන පහැදිලි සාධක සමගත් නුඹලා පවසන පරිදි අහසින් ගින්නක් පහළ වී එය දවාලමින් දෙවිඳුන්ගේ පිළිගැනීමට ලක්වන ආකාරයේ සාධක සමගත් දූතවරුන් නුඹලා වෙත පැමිණියහ. නමුත් නුඹලා පවසන දෑහි නුඹලා සත්යවාදීහු නම් නුඹලා ඔවුන් බොරු කරමින් ඝාතනය කළේ මන්ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ كَذَّبُوْكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّنْ قَبْلِكَ جَآءُوْ بِالْبَیِّنٰتِ وَالزُّبُرِ وَالْكِتٰبِ الْمُنِیْرِ ۟
අහෝ! නබිවරය, ඔවුන් නුඹ ව බොරු කර සිටියේ නම් ඒ ගැන නුඹ දුක් නොවන්න. එසේ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ සිරිතකි. පැහැදිලි සාධක උපදෙස් හා සියුම් කරුණු ඇතුළත් පුස්තක හා නීතිරීති හා ආගමික පිළිවෙත් සහිත මාර්ගෝපදේශන සමග නුඹට පෙර පැමිණි දහම් දූතවරු බොහෝමයක් ද බොරු කරනු ලැබූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُّ نَفْسٍ ذَآىِٕقَةُ الْمَوْتِ ؕ— وَاِنَّمَا تُوَفَّوْنَ اُجُوْرَكُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَاُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ؕ— وَمَا الْحَیٰوةُ الدُّنْیَاۤ اِلَّا مَتَاعُ الْغُرُوْرِ ۟
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳිය යුතුමය. මෙලොව පවතින කිසිදු මැවීමක් මුළාවට පත් නොවිය යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ කම් සඳහා කිසිදු අඩුවකින් තොර ව නුඹලාට පූර්ණ ලෙස ප්රතිඵල පිරිනමනු ලැබේ. එහෙයින් අල්ලාහ් කවරෙකු නිරයෙන් දුරස් කොට ස්වර්ගයට ඇතුළත් කළේ ද එවැන්නන් කවර යහපතක් බලාපොරොත්තු වූයේද එය හිමි කර ගනු ඇත. කවර නපුරක් පිළිබඳ බියෙන් සිටියේ ද එයින් ජය ලබනු ඇත. මෙලොව ජීවිතය ඉතා අල්ප භුක්ති විඳීමක් මිස වෙනෙකක් නොවේ. ඒ සමග බැඳී ඇත්තේ රැවටීම පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَتُبْلَوُنَّ فِیْۤ اَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ ۫— وَلَتَسْمَعُنَّ مِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِیْنَ اَشْرَكُوْۤا اَذًی كَثِیْرًا ؕ— وَاِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا فَاِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُوْرِ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාගේ වස්තුවෙහි නුඹලා අනිවාර්යයෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ද එමගින් ඇති වන පරීක්ෂණ සම්බන්ධයෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. එමෙන්ම, ආගමික වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලාට විවිධාකාරයේ දුෂ්කරතා පහළ කිරීමෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. නුඹට පෙර ආගම් දෙනු ලැබූවන්ගෙන් ද දෙවියන්හට ආදේශ තැබූවන්ගෙන්ද නුඹලාටත් නුඹලාගේ දහමටත් දොස් නගා නුඹලා වේදනාවට පත් කරන බොහේ දෑට නුඹලාට සවන් දෙන්නට සිදු වනු ඇත. නමුත් නුඹලාට අත්වන එවන් විවිධ පරීක්ෂණ හා දුෂ්කරතා මත නුඹලා ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ් අණ කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දෑ අතහැර දමමින් ඔහු ගැන මතකයෙන් කටයුතු කළේ නම් සැබැවින් එය ස්ථාවරභාවයට අවශ්ය වන තරඟ වදින්නන් තරඟ වැදිය යුතු කරුණු අතුරින් එකක් බව දැන ගත යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من سوء فعال اليهود وقبيح أخلاقهم اعتداؤهم على أنبياء الله بالتكذيب والقتل.
•අල්ලාහ්ගේ නබිවරුන් කෙරෙහි බොරු ගෙතීමත් ඔවුන් ඝාතනය කිරීමත් යුදෙව්වන්ගෙන් නපුරු ක්රියාවන් හා ඔවුන්ගේ පිළිකුල් සහගත ගතිපැවතුම් වලින් එකකි.

• كل فوز في الدنيا فهو ناقص، وإنما الفوز التام في الآخرة، بالنجاة من النار ودخول الجنة.
•මෙලොව පවතින සෑම ජයග්රහණයකම කිසියම් හෝ අඩුපාඩුවක් ඇත. පූර්ණ ජයග්රහණය ඇත්තේ මතු ලොවෙහිය. එනම් නිරයෙන් ආරක්ෂා වී ස්වර්ගයට ඇතුළත් වීමෙනි.

• من أنواع الابتلاء الأذى الذي ينال المؤمنين في دينهم وأنفسهم من قِبَل أهل الكتاب والمشركين، والواجب حينئذ الصبر وتقوى الله تعالى.
•ආගම් ලත් ජනයින් හා දෙවියන්ට ආදේශ තබන්නන් විසින් දෙවියන් විශ්වාස කරන මුඃමින්වරුන්හට ඔවුන් සම්බන්ධයෙන්ද ඔවුන්ගේ දහම සම්බන්ධයෙන්ද සිදු වන විවිධ පරීක්ෂණ හා පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වන්නේය. එවන් අවස්ථාවක ඉවසීමෙන් කටයුතු කිරීමත් අල්ලාහ් පිළිබඳ බැතියෙන් කටයුතු කිරීමත් අනිවාර්යය වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት