Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
رَبَّنَاۤ اٰمَنَّا بِمَاۤ اَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُوْلَ فَاكْتُبْنَا مَعَ الشّٰهِدِیْنَ ۟
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මිතුරු අනුගාමිකයින්ද එලෙසම පවසා සිටියහ. එනම්: ‘අහෝ! අපගේ පරමාධිපතියාණනි, ඉන්ජීලයේ (බයිබලයේ) ඔබ පහළ කර ඇති දෑ අපි විශ්වාස කළෙමු. ඊසා (අලය්හිස් සලාම්) තුමා ව අපි පිළිපදින්නෙමු. ඔබ ව විශ්වාස කළ ඔබේ දූතයාණන් ව විශ්වාස කළ සත්යය පිළිබඳ සාක්ෂිදරන්නන් අතරට අපවද පත් කරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَكَرُوْا وَمَكَرَ اللّٰهُ ؕ— وَاللّٰهُ خَیْرُ الْمٰكِرِیْنَ ۟۠
ඉස්රාඊල්වරුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ඝාතනය කිරීමට කුමන්ත්රණ කළෝය. එවිට අල්ලාහ්ද උපක්රමශීලී ව ඔවුන් සමග කටයුතු කළේය. ඔවුන් නොමග යෑමට ඉඩ හැරියේය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වෙනුවට එතුමාණන්ට සමාන පුද්ගලයකු ඔවුනට ප්රදර්ශනය කර පෙන්වීය. කුමන්ත්රණකරුවන් අතුරින් අති විශිෂ්ට කුමන්ත්රණකරු අල්ලාහ්ය. ඊට හේතුව ඔහුගේ සතුරන් කෙරෙහි පිළියම් යොදන කුමන්ත්රණවලට වඩා දැඩි වෙනත් කුමන්ත්රණයක් නොමැති බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ اللّٰهُ یٰعِیْسٰۤی اِنِّیْ مُتَوَفِّیْكَ وَرَافِعُكَ اِلَیَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِیْنَ كَفَرُوْا وَجَاعِلُ الَّذِیْنَ اتَّبَعُوْكَ فَوْقَ الَّذِیْنَ كَفَرُوْۤا اِلٰی یَوْمِ الْقِیٰمَةِ ۚ— ثُمَّ اِلَیَّ مَرْجِعُكُمْ فَاَحْكُمُ بَیْنَكُمْ فِیْمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟
අල්ලාහ් ඔවුන් මුළාවට පත් කළේය. එය ඔහු ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාවේ දීය. එනම්: “අහෝ! ඊසා, මරණයකින් තොරව මම නුඹ ව අත්පත්කර ගනිමි. නුඹේ ශරීරය හා නුඹේ ප්රාණය මා වෙත ඉහළට ඔසවා ගනිමි. නුඹ ව ප්රතික්ෂේප කළවුන්ගේ කිලිටෙන් පිවිතුරු කරමි. ඔවුන්ගෙන් නුඹ ව දුරස් කරමි. සැබෑ දහම අනුව නුඹ ව පිළිපදින (මුහම්මද් තුමාණන් විශ්වාස කිරීමද ඉන් එකකි) පිරිසක් මම පත් කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ ව ප්රතික්ෂේප කළවුන්ට ඉහළින් සංකේතාත්මක ව හා ගෞරවයෙන් යුතු ව වැජඹෙන්නට හරිමි. අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත පැමිණෙනුයේ මා වෙතමය. නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මතභේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන යුක්ති සහගත ලෙසින් නුඹලා අතර තීන්දු කරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا الَّذِیْنَ كَفَرُوْا فَاُعَذِّبُهُمْ عَذَابًا شَدِیْدًا فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؗ— وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මෙලොවෙහි මරණ දඬුවමට සිරගත වීමට අවමානයට හා වෙනත් කාරණාවන්ට ලක් කරමින් මම දඬුවම් කරන්නෙමි. මතු ලොවෙහි නිරා ගින්නේ දඬුවම ඔවුනට හිමිය. එම දඬුවමින් ඔවුන් මුදවා ගන්නට ඔවුනට උදව්කරුවන් නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُوَفِّیْهِمْ اُجُوْرَهُمْ ؕ— وَاللّٰهُ لَا یُحِبُّ الظّٰلِمِیْنَ ۟
නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ විශ්වාස කොට සලාතය සකාතය උපවාසය ඥාතී සම්බන්ධකම් රැකීම හා වෙනත් දැහැමි කටයුතු වල නිරතවූවන් වනාහි ඔවුන්ගේ කටයුතු වලට සරිලන පරිදි අල්ලාහ් ඔවුනට කුසල් පිරිනමනු ඇත. ඉන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. මෙම ප්රකාශය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඔහු ගැන ශුභාරංචි දන්වා සිටි ඊසා (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළවුන් ගැන විය. අල්ලාහ් අපරාධකරුවන් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් වෙත ආදේශ කිරීම හා ඔහුගේ දූතවරු බොරු කිරීමට වඩා මහත් අපරාධකරුෙවෝ කවුරුන් විය හැකිද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ نَتْلُوْهُ عَلَیْكَ مِنَ الْاٰیٰتِ وَالذِّكْرِ الْحَكِیْمِ ۟
මෙය නුඹ වෙත කියවා පෙන්වන ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරුය. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑහි සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක හා සංඥා වේ. එය දෙවියන් කෙරෙහි බැතිමත්කම පෙන්වන අයට මෙනෙහි කිරීමක් මෙන්ම කිසිදු ව්යාජත්වයක් නොමැති තීරණාත්මක ප්රකාශයක් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ مَثَلَ عِیْسٰی عِنْدَ اللّٰهِ كَمَثَلِ اٰدَمَ ؕ— خَلَقَهٗ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමේ උපමා ව කිසිදු පියෙක් හා මවක් නොමැති ව මවනු ලැබූ ආදම් (අලය්හිස් සලාම්) තුමාගේ මැවීමට සමානය. අල්ලාහ් ඔහුට: ‘නුඹ මිනිසෙකු වනු’ යැයි පැවසූ වහාම අල්ලාහ් සිතූ පරිදිම එය විය. එසේනම්, සැබැවින්ම ආදම් පියෙකු හා මවක නොමැති ව මවනු ලැබ තිබියදී ඔහු සැබැවින්ම මිනිසෙකු යැයි පවසා සිටින ඔවුන් පියකු නොමැතිව ඊසා මවනු ලැබ තිබීම සාධකයක් ලෙස ගෙන ඔහු දෙවියකු යැයි සිතන්නේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُنْ مِّنَ الْمُمْتَرِیْنَ ۟
ඊසා සම්බන්ධයෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ නුඹේ පරමාධිපති වෙතින් පහළ වූවක් බවට කිසිදු සැකයකට ඉඩක් නැත. එය සැබෑවක්ම වන්නේය. එහෙයින් නුඹ සැක කරන්නන් අතරින් නොවනු. නුඹ කවර කරුණක් මත සිටින්නේද ඒ මත ස්ථාවර ව සිටීම නුඹගේ වගකීමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ حَآجَّكَ فِیْهِ مِنْ بَعْدِ مَا جَآءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ اَبْنَآءَنَا وَاَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَاَنْفُسَنَا وَاَنْفُسَكُمْ ۫— ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَّعْنَتَ اللّٰهِ عَلَی الْكٰذِبِیْنَ ۟
අහෝ! දූතය, ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ නිවැරැදි තොරතුරු නුඹ වෙත පැමිණීමෙන් පසුව ද සැබැවින් ඔහු අල්ලාහ්ගේ ගැත්තකු නොවන බවට සිතා නජ්රාන් වාසී කිතුනුවන් අතුරින් කවරෙකු නුඹ සමග වාද කරන්නේද ඔවුනට නුඹ මෙසේ පවසනු: “එන්න, අප ඉදිරියට අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ බිරියන් හා නුඹලාගේ බිරියන් ද කැඳවා අප හා නුඹලා සියලු දෙනා ද එකට එක් වී අප අතර හා නුඹලා අතර කවරෙකු බොරුකියන්නේ ද ඔවුන්හට ශාපය පහළ වේවා යැයි ප්රාර්ථනා කර ගනිමු.”
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من كمال قدرته تعالى أنه يعاقب من يمكر بدينه وبأوليائه، فيمكر بهم كما يمكرون.
•අල්ලාහ්ගේ දහමට හා ඔහුගේ සමීපතයින්හට කවරෙකු කුමන්ත්රණ කරන්නේද සැබැවින්ම ඔහු ඔවුනට දඬුවම් දීමෙහි පූර්ණ ශක්තිය ඇත්තාය. එබැවින් ඔවුන් කුමන්ත්රණ කරනවාක් මෙන් ඔහුද ඔවුනට විරුද්ධව කුමන්ත්රණ කරනු ඇත.

• بيان المعتقد الصحيح الواجب في شأن عيسى عليه السلام، وبيان موافقته للعقل فهو ليس بدعًا في الخلقة، فآدم المخلوق من غير أب ولا أم أشد غرابة والجميع يؤمن ببشريته.
•ඊසා (අලය්හිස් සලාම්) තුමා සම්බන්ධයෙන් විශ්වාස කිරීමට අනිවාර්යය නිවැරැදි කරුණු පිළිබඳ විස්තරය හා ඔහුගේ මැවීම නව සිදුවීමක් නොව පියකු හෝ මවක නොමැති ව මවනු ලැබූ ආදම් හා සමාන මැවීමකි. එසේත් නැතහොත් ඊටත් වඩා අසාමාන්යය මැවීමකි. එසේ තිබියදීත් සියලු දෙනා ඔහු මනුෂ්යයකු බව විශ්වාස කරති යැයි අවධාරණය කරමින් බුද්ධියට වැටහෙන පරිදි කෙරෙන ලද විස්තරය.

• مشروعية المُباهلة بين المتنازعين على الصفة التي وردت بها الآية الكريمة.
•අල් කුර්ආන්හි පැමිණි ඇති පාඨ වල අර්ථ ස්වරූපය සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කරන්නන් අතර බැගෑපත් ව එකිනෙකා ශාප කර ගැනීම ආගමානුගත කොට ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት