Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
اِذْ هَمَّتْ طَّآىِٕفَتٰنِ مِنْكُمْ اَنْ تَفْشَلَا ۙ— وَاللّٰهُ وَلِیُّهُمَا ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟
අහෝ! නබිවරය, බනූ සලිමා හා බනූ හාරිසා යන දෙවියන් විශ්වාස කළ කණ්ඩායම් දෙක දුර්වලතාවට පත් වූ අවස්ථාවේ ඇති වූ සිදුවීම ගැන මෙනෙහි කර බලනු. කුහකයින් හැරී යන මොහොතේ මොවුන්ද හැරී යන්නට තැත් කළෝය. යුද පිටිය මත ඔවුන් ස්ථාවරව සිටීමෙන් හා ඔවුන් කවර දෙයක් සිතුවේ ද එයින් හැරීමෙන් අල්ලාහ් ඔවුනට උදව් කරනු ඇත. එය අල්ලාහ්ට පමණක් හැකිය. එහෙයින් සියලු තත්ත්වයන් තුළ දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර ව සිටිය යුතුයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ نَصَرَكُمُ اللّٰهُ بِبَدْرٍ وَّاَنْتُمْ اَذِلَّةٌ ۚ— فَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
නුඹලා දුර්වල ව සිටියදී බද්ර් සටනෙහි දෙවියන්ට ආදේශ කළවුන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උදව් කළේය. එවිට නුඹලා මිනිස් බලයෙන් හා අයුධ බලයෙන් ඉතා අඩු ප්රමාණයකින් සිටියහ. එහෙයින් නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයට නුඹලා කෘතගුණ සලකනු පිණිස නුඹලා අල්ලාහ්ට බැතිමත් ව ඔහු ගැන මතකයෙන් කටයුතු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ تَقُوْلُ لِلْمُؤْمِنِیْنَ اَلَنْ یَّكْفِیَكُمْ اَنْ یُّمِدَّكُمْ رَبُّكُمْ بِثَلٰثَةِ اٰلٰفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُنْزَلِیْنَ ۟ؕ
ආදේශ කරන්නන්ගේ උදව්වට අමතර කණ්ඩයමක් පැමිණෙන බවට තමන් සවන් දුන් පසු ව බද්ර් පිටියේ දෙවියන් විශ්වාස කරන්නන් ශක්තිමත් කරමින් ‘යුදපිටියේ නුඹලා ව ශක්තිමත් කරනු පිණිස අල්ලාහ් අබියසින් පහළ වූ මලක්වරුන් තුන්දහසක පිරිසක් මගින් නුඹලාට උදව් කර තිබීම ප්රමාණවත් නොවේදැයි අහෝ! නබිවරය, ඔබ දෙවියන් විශ්වාස කරන්නන්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلٰۤی ۙ— اِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا وَیَاْتُوْكُمْ مِّنْ فَوْرِهِمْ هٰذَا یُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ اٰلٰفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُسَوِّمِیْنَ ۟
එසේය. සැබැවින්ම එය නුඹලාට ප්රමාණවත් විය. අල්ලාහ්ගෙන් වූ තවත් උපකාරයක ශුභාරංචියක් නුඹලාට විය. නුඹලා යුද පිටියේ ඉවසීමෙන් යුතු ව අල්ලාහ් පිළිබඳ බැතිමත් ව කටයුතු කර තිබුණු අවස්ථාවක සතුරන් නුඹලා වෙත කඩා පනින වේලාවේ ඔවුන් වෙත අමතර පිරිසක් පැමිණියේ නම් සැබැවින්ම සලකුණු තබන ලද ඔවුන් ව හඳුනා ගත හැකි මලක්වරුන් පන්දහසක පිරිසක් මගින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی لَكُمْ وَلِتَطْمَىِٕنَّ قُلُوْبُكُمْ بِهٖ ؕ— وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟ۙ
මෙම උපකාරය හා මලක්වරුන්ගේ සහය නුඹලාගේ සතුට හා යහපත වෙනුවෙන් මිස අල්ලාහ් පිරිනැමුවේ නැත. එමගින් නුඹලාගේ හදවත් සන්සුන් විය. එසේ නොමැති ව සැබෑ ජයග්රහණය මතුපිටින් දකින සාධකවලින් පමණක් සිදු නොවීය. සැබෑ ජයග්රහණය පැමිණියේ සර්ව බලධාරී අල්ලාහ් අබියසිනි. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමේ හා නීතිගත කිරීමේ මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِیَقْطَعَ طَرَفًا مِّنَ الَّذِیْنَ كَفَرُوْۤا اَوْ یَكْبِتَهُمْ فَیَنْقَلِبُوْا خَآىِٕبِیْنَ ۟
මෙම උපකාරය බද්ර් යුද්ධයේදී අල්ලාහ් නුඹලාට තහවුරු කළේය. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් එහි දී මරුමුවට පත් කොට ඔවුන් විනාශ කිරීමටත් තවත් පිරිසක් අවමානයට පත් කරන්නටත් ඔවුන්ගේ පරාජය හේතුවෙන් ඔවුනට කෝපය ඇති කරන්නටත් අල්ලාහ් අභිමත කළේය. එවිට ඔවුන් පරාජයට පත් ව අවමානයෙන් යුතු ව හැරී ගියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ لَكَ مِنَ الْاَمْرِ شَیْءٌ اَوْ یَتُوْبَ عَلَیْهِمْ اَوْ یُعَذِّبَهُمْ فَاِنَّهُمْ ظٰلِمُوْنَ ۟
උහද් යුද්ධයේදී සිදුවුණු සිදුවීමෙන් පසු විනාශයට පත් වූ දේව ආදේශකයින්ගේ නායකයින්ට එරෙහි ව අල්ලාහ්ගේ දූතයාණෝ ප්රාර්ථාන කළ අවස්ථාවේ අල්ලාහ් එතුමාට මෙසේ පැවසීය: ඔවුන් ගැන කිසිදු අයිතියක් ඔබට නැත. සියලු කරුණු අල්ලාහ් සතුය. නුඹලා අතර අල්ලාහ් තීන්දු කිරීම හෝ ඔවුනට සමාව දී ඔවුන් ඉස්ලාමය තුළට පිවිසීම හෝ ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේප මත රැදී සිට ඔහු ඔවුන්ට දඬුවම් දීම යනාදී කරුණු මත ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. හේතුව සැබැවින්ම ඔවුන් දඩුවම් ලැබීමට සුදුසු අපරාධකරුවෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— یَغْفِرُ لِمَنْ یَّشَآءُ وَیُعَذِّبُ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමත්, ඒවා සැලසුම් කිරීමත් අල්ලාහ් සතු කාර්යයකි. ඔහු කැමැති ගැත්තන්හට ඔහුගේ කරුණාව තුළින්, කළ පාපයන් සඳහා සමාව දෙනු ඇත. ඔහු අභිමත කළ අයට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතුරින් කවරෙකු පශ්චාත්තාප වී සමාව අයැද සිටින්නේද ඔවුනට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් විෂයයෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَاْكُلُوا الرِّبٰۤوا اَضْعَافًا مُّضٰعَفَةً ۪— وَّاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟ۚ
අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කළවුනි! අඥාන ජනයා සිදු කළාක් මෙන් නුඹලා දුන් ණය මුදලට අමතර ව ඊට වඩා වැඩියෙන් පොලී ගැනීමෙන් වැළකෙනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බියවනු. මෙලොව හා මතු ලොව කවර යහපතක් නුඹලා පතන්නේද එය නුඹලාට හිමි විය හැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتَّقُوا النَّارَ الَّتِیْۤ اُعِدَّتْ لِلْكٰفِرِیْنَ ۟ۚ
නුඹලා හා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති නිරා ගින්න අතර ආරක්ෂාවක් සලසා ගනු. එය දැහැමි ක්රියාවන් සිදු කිරීමෙන් හා තහනම් දෑ අතහැරීමෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَطِیْعُوا اللّٰهَ وَالرَّسُوْلَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟ۚ
නියෝග පිළිපැද තහනම් දැයින් වැළකී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු. නුඹලා මෙලොව හා මතු ලොව කරුණාව ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية التذكير بالنعم والنقم التي تنزل بالناس حتى يعتبر بها المرء.
•පුද්ගලයකු ඒ ගැන අවධානය යොමු කරන තෙක් මිනිසාට හිමි වූ ආශිර්වාද හා අත් වූ විනාශය පිළිබඳ සිහිපත් කිරීම ආගමානුගත කටයුත්තක් බවට පත් කිරීම.

• من أعظم أسباب تَنَزُّل نصر الله على عباده ورحمته ولطفه بهم: التزامُ التقوى، والصبر على شدائد القتال.
•අල්ලාහ්ගේ ගැත්තන්හට ඔහුගේ උපකාරය, ඔහුගේ කරුණාව හා ඔහුගේ ආදරය ඇති වීමට මුල් වූ ප්රධානතම හේතු සාධක වනුයේ තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ මතකයේ රැඳීම හා දරුණු යුදමය වාතාරණයකදී ඉවසීමෙන් යුතු ව කටයුතු කිරීම වේ.

• الأمر كله لله تعالى، فيحكم بما يشاء، ويقضي بما أراد، والمؤمن الحق يُسَلم لله تعالى أمره، وينقاد لحكمه.
•සියලු කරුණු අල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ නීතිගත කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. සැබෑ දේව විශ්වාස කරන්නා ඔහුගේ සියලු කරුණු අල්ලාහ් වෙත භාර කරයි. ඔහුගේ තීන්දු තීරණ පිළිපදියි.

• الذنوب - ومنها الربا - من أعظم أسباب خِذلان العبد، ولا سيما في مواطن الشدائد والصعاب.
•පාපකම් වනාහි පොලිය ද ඉන් එකකි. එය ගැත්තෙකු පසුබෑමට බලපාන මහත් සාධකයකි. විශේෂයෙන්ම දුෂ්කරතා හා අවශ්යතා වැඩියෙන් දැනෙන අවස්ථාවන්වලදී මහත් සේ බලපානු ඇත.

• مجيء النهي عن الربا بين آيات غزوة أُحد يشعر بشمول الإسلام في شرائعه وترابطها بحيث يشير إلى بعضها في وسط الحديث عن بعض.
•උහද් යුද්ධය පිළිබඳ සඳහන් කරන පාඨ අතරවාරයේ පොලිය පිළිබඳ තහනම පැමිණ ඇත. එය ආගමානුගත කිරීමෙහි දී ඉස්ලාමය සියල්ල අන්තර්ගත වන අයුරින් ආගමානුගත කර ඇති බව වටහා දෙනු පිණිසය. කතාවක් අතරවාරයේ කරුණක් තවත් කරුණක් සමග සම්බන්ධ කොට පවසා තිබීමෙන් එය මනා ලෙස වැටහෙන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት