Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
اِنَّ هٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ— وَمَا مِنْ اِلٰهٍ اِلَّا اللّٰهُ ؕ— وَاِنَّ اللّٰهَ لَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
ඊසා (අලය්හිස් සලාම්) පිළිබඳ අප නුඹට මෙනෙහි කළ මෙය කිසිදු ව්යාජත්වයක් හෝ බොරුවක් නැති සත්ය පුවතකි. අල්ලාහ් පමණක් හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නොමැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ රාජ්ය තුළ සර්ව බලධාරීය. ඔහුගේ සැලසුම විධානය හා මැවීම යනාදියෙහි ඔහු සියුම් ඥානය ඇත්තාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِنْ تَوَلَّوْا فَاِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِالْمُفْسِدِیْنَ ۟۠
නුඹ කවර දෙයක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුදකිමින් නුඹ ව අනුගමනය නොකළේ නම් එය ඔවුන්ගේ කලහකාරිත්වයේ විපාකයයි. මහපොළොවේ කලහකාරී ව හැසිරෙන අර්බුදකාරීන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ یٰۤاَهْلَ الْكِتٰبِ تَعَالَوْا اِلٰی كَلِمَةٍ سَوَآءٍ بَیْنَنَا وَبَیْنَكُمْ اَلَّا نَعْبُدَ اِلَّا اللّٰهَ وَلَا نُشْرِكَ بِهٖ شَیْـًٔا وَّلَا یَتَّخِذَ بَعْضُنَا بَعْضًا اَرْبَابًا مِّنْ دُوْنِ اللّٰهِ ؕ— فَاِنْ تَوَلَّوْا فَقُوْلُوا اشْهَدُوْا بِاَنَّا مُسْلِمُوْنَ ۟
අහෝ! දූතය,: ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, අප සියලු දෙනාට පොදු වූ සාධාරණ ප්රකාශයක් වෙත අපි එකතු වෙමු. එනම් නැමුදුම් සියල්ල අල්ලාහ්ට පමණක් සිදු කිරීමය. ඔහු එම නිලයේ සිටිය දී ඔහුගේ ස්ථානය උත්තරීතර ව තිබිය දී ඔහු හැර වෙනත් කිසිවකු අපි නොනමදිමු. අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු විසින් වන්දනාවට ලක් කරමින් ඔවුනට යටහත් වෙමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට දේවත්වය පුද නොකරමු” යැයි පවසනු. ‘අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා කවර සත්යයක් හා සාධාරණයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටින්නෙහුද එයින් ඔවුන් හැරී යන්නේ නම් “සැබැවින්ම අපි අල්ලාහ්ට යටහත් වූවන් බවටත් ඔහුට අවනතභාවයෙන් යුතු ව කීකරු වූවන් බවටත් නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් සිටිනු” යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تُحَآجُّوْنَ فِیْۤ اِبْرٰهِیْمَ وَمَاۤ اُنْزِلَتِ التَّوْرٰىةُ وَالْاِنْجِیْلُ اِلَّا مِنْ بَعْدِهٖ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිබඳ තර්ක කරනුයේ මන්ද? සැබැවින්ම ඉබ්රාහීම් තමන්ගේ කෙනෙකු බව යුදෙව්වන් සිතති. එමෙන්ම එතුමා තමන්ගේ කෙනෙකු බව කිතුනුවන් සිතති. එතුමාගේ මරණයෙන් පසු ව දීර්ඝ කාලයක් ගතවූවායින් පසු ව මිස යුදෙව්වන් හා කිතුනුවන් බිහි නොවූ බව නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා පවසන ව්යාජ ප්රකාශ හා නුඹලා සිතන වැරදි අදහස් පිළිබඳ නුඹලා බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰۤاَنْتُمْ هٰۤؤُلَآءِ حَاجَجْتُمْ فِیْمَا لَكُمْ بِهٖ عِلْمٌ فَلِمَ تُحَآجُّوْنَ فِیْمَا لَیْسَ لَكُمْ بِهٖ عِلْمٌ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ හි සඳහන් හා නුඹලාගේ දහම තුළ දැනුවත් කර ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ ව නුඹලා තර්ක කරන්නෙහුය. එසේ තිබියදී ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් පිළිබඳ ව හා ඔහුගේ පිළිවෙත පිළිබඳ ව නුඹලාට කිසිදු දැනුමක් නැති දෑ පිළිබඳ නුඹලා තර්ක කරනුයේ මන්ද? එය නුඹලාගේ පුස්තක වල නැත. එමෙන්ම නුඹලාගේ දූතවරුන් ගෙන ආවේ ද නැත. අල්ලාහ් සියලු කරුණු වල යථාර්ථය හා ඇතුළාන්තය දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا كَانَ اِبْرٰهِیْمُ یَهُوْدِیًّا وَّلَا نَصْرَانِیًّا وَّلٰكِنْ كَانَ حَنِیْفًا مُّسْلِمًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා යුදෙව් හෝ කිතුනු පිළිවෙත් මත සිටියේ නැත. නමුත් ඔහු ව්යාජ දහම් වලින් ඉවත් ව අල්ලාහ්ට පමණක් අවනත ව සිටියේය. සැබැවින්ම එතුමා තමන්ගේ පිළිවෙත මත සිටින බවට දෙවියන්ට ආදේශ තැබූ අරාබිවරුන් සිතනවාක් මෙන් ඔහු ආදේශ තැබූ අය අතුරින් කෙනෙකු ද නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ اَوْلَی النَّاسِ بِاِبْرٰهِیْمَ لَلَّذِیْنَ اتَّبَعُوْهُ وَهٰذَا النَّبِیُّ وَالَّذِیْنَ اٰمَنُوْا ؕ— وَاللّٰهُ وَلِیُّ الْمُؤْمِنِیْنَ ۟
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග සම්බන්ධකම් පවසන්නට වඩාත් සුදුස්සන් වනුයේ එතුමාගේ කාලයේ එතුමා ගෙන ආ දෑ පිළිපැද්දා වූ ජනයා වෙති. එසේම මෙම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා හා මෙම සමූහයා අතර එතුමාණන් විශ්වාස කළ ජනයා ද වෙති. තමන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් උදව් කරන්නාය. ඔහු ඔවුන් ආරක්ෂාකරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدَّتْ طَّآىِٕفَةٌ مِّنْ اَهْلِ الْكِتٰبِ لَوْ یُضِلُّوْنَكُمْ ؕ— وَمَا یُضِلُّوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَشْعُرُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ් නුඹලාට මග පෙන්වූ සත්යය දහමින් නුඹලා මුළා කරන්නට ආගම් ලත් යුදෙව් හා කිතුනු ආගමික නායකයන් ආශා කරති. ඔවුන් ඔවුන්වම මිස මුළා කර ගත්තේ නැත. ඊට හේතුව දෙවියන් විශ්වාස කරන්නන් මුළාවට පත් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය ඔවුන්ගේ මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි අවසානය පිළිබඳ ඔවුන් නොදනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَهْلَ الْكِتٰبِ لِمَ تَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَاَنْتُمْ تَشْهَدُوْنَ ۟
අහෝ! ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් හා එහි සඳහන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය තහවුරු කරන සාධක නුඹලාගේ පුස්තක වල තිබියදී එය සැබෑවක් බව නුඹලා සාක්ෂි දරමින්ම නුඹලා එය ප්රතික්ෂේප කරනුයේ මන්ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن الرسالات الإلهية كلها اتفقت على كلمة عدل واحدة، وهي: توحيد الله تعالى والنهي عن الشرك.
•දේව පණිවිඩ සියල්ල එකම සාධාරණ ප්රකාශයක් මත එකඟ වන්නේය. එනම් අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුට ආදේශ තැබීමෙන් වැළකීමය.

• أهمية العلم بالتاريخ؛ لأنه قد يكون من الحجج القوية التي تُرَدُّ بها دعوى المبطلين.
•ඉතිහාසය හා සම්බන්ධ දැනුම පිළිබඳ ඇති වැදගත්කම. ඊට හේතුව ව්යාජ මිථ්යා දෘෂ්ටිකයින් සමග වාද කිරීමේදී පිළිතුරු සපයන්නට එය බලවත් සාක්ෂියක් වන බැවිණි.

• أحق الناس بإبراهيم عليه السلام من كان على ملته وعقيدته، وأما مجرد دعوى الانتساب إليه مع مخالفته فلا تنفع.
•ඉබ්රාහීම් තුමාගේ සම්බන්ධකම ඈඳා කතා කිරීමට වඩාත් සුදුසු ජනයා වනුයේ ඔහුගේ පිළිවෙත හා ඔහුගේ ප්රතිපත්ති මත සිටි ජනයාය. ඔහුගේ පිළිවෙතට හා ප්රතිපත්තියට විරුද්ධ ව සිටිමින් ඔහු වෙත සම්බන්ධකම් පමණක් ඈඳා කතා කිරීම කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ නැත.

• دَلَّتِ الآيات على حرص كفرة أهل الكتاب على إضلال المؤمنين من هذه الأمة حسدًا من عند أنفسهم.
•ආගම් ලත් ජනයා අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඊර්ෂ්යාව පදනම් කර ගනිමින් දෙවියන් විශ්වාස කරන්නන් නොමග හැරීමට ආශා කරන බව මෙම පාඨ පෙන්වා දෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት