Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አስ ሷፋት   አንቀጽ:
فَكَذَّبُوْهُ فَاِنَّهُمْ لَمُحْضَرُوْنَ ۟ۙ
ඔහුගේ ජනයා ඔහු ව බොරු කර සිටියා මිස නැත. ඔවුන් බොරු කළ හේතුවෙන් ඔවුහු දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِیْنَ ۟
නමුත් අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඔහුට අවංක විශ්වාසියෙකු ලෙස සිටි අයකු හැර. සැබැවින්ම ඔහු දඬුවමට ඉදිරිපත් කිරීමෙන් මිදෙන්නෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَكْنَا عَلَیْهِ فِی الْاٰخِرِیْنَ ۟ۙ
පසු පැමිණෙන සමූහයන් අතර ඔහු වෙත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَلٰمٌ عَلٰۤی اِلْ یَاسِیْنَ ۟
අල්ලාහ්ගෙන් වූ පිළිගැනීමක් හා පැසසුමක් ඉල්යාස් මත විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا كَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
සැබවින්ම අපි ඉල්යාස්ට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම අපගේ ගැත්තන් අතර සිටින දේව විශ්වාසී දැහැමි ගැත්තන්හටත් ප්රතිඵල පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُؤْمِنِیْنَ ۟
සැබැවින්ම ඉල්යාස් ඔවුන්ගේ පරමාධිපතිව ඔවුන් විශ්වාස කිරීමේදී සත්යවාදීන් ලෙස හා සැබෑ විශ්වාසීන් ලෙස සිටි අපගේ ගැත්තන් අතරින් කෙනෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ لُوْطًا لَّمِنَ الْمُرْسَلِیْنَ ۟ؕ
සැබැවින්ම ලූත් ඔහුගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ نَجَّیْنٰهُ وَاَهْلَهٗۤ اَجْمَعِیْنَ ۟ۙ
ඔහුගේ සමූහයා වෙත එවනු ලැබූ දඬුවමින් අපි ඔහු හා ඔහුගේ පවුලේ උදවිය ආරක්ෂා කළ අවස්ථාව මෙනෙහි කර බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا عَجُوْزًا فِی الْغٰبِرِیْنَ ۟
ඔහුගේ බිරිය හැර. ඇය ද ඇයගේ සමූහයාට අත් වූ දඬුවමින් ආවරණය වූ කාන්තාවක් විය. ඊට හේතුව ඇය ද ඔවුන් මෙන් දෙවියන් ප්රතික්ෂේප කළ එකියෙකු වූ බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ دَمَّرْنَا الْاٰخَرِیْنَ ۟
පසු ව ඔහුගේ සමූහයා අතර ඔහු කවර කරුණක් ගෙන ආවේ ද, එය සැබෑවක් ලෙස පිළිනොගෙන ඔහු ව බොරු කළ ඉතිරි අය විනාශ කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّكُمْ لَتَمُرُّوْنَ عَلَیْهِمْ مُّصْبِحِیْنَ ۟ۙ
අහෝ මක්කා වැසියනි! සැබැවින්ම නුඹලා උදෑසන කාලයේ සිරියාවට ගමන් කරන මාර්ගයේ ඔවුන්ගේ නිවාස අසළින් ගමන් කරන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبِالَّیْلِ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟۠
එමෙන්ම රාත්රී කාලයේ ද ඒ හරහා නුඹලා ගමන් කරන්නෙහුය. ඔවුන්ගේ බොරු කිරීම, ඔවුන්ගේ ප්රතික්ෂේපය හා මීට පෙර සිදු නොකළා වූ අශීලාචාර පාපකම් සිදු කිරීමෙන් පසු ඔවුන්ගේ කරුණ ඔහු වෙත යොමු වූයේ කෙසේ දැයි යන්න පාඩම් ලබා ඒ ගැන වටහා ගත යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ یُوْنُسَ لَمِنَ الْمُرْسَلِیْنَ ۟ؕ
සැබැවින්ම යූනුස් ඔවුන්ගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ اَبَقَ اِلَی الْفُلْكِ الْمَشْحُوْنِ ۟ۙ
ඔහු ඔහුගේ පරමාධිපතිගේ අවසරයෙන් තොරව ඔහුගේ සමූහයාගෙන් පලා ගොස් මගීන් හා භාණ්ඩ පුරවා ප්රවාහනය කරන නැවක නැග ගමන් ගත් අවස්ථාව මෙනෙහි කර බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِیْنَ ۟ۚ
නැව පිරී පැවතුණු බැවින් එය ගිලෙන්නට විය. එහෙයින් මගීහු ඔවුන්ගෙන් ඇතැමෙකු පිටත හෙළීම සඳහා කුසපත් ඇද්දෝය. එය මගීන්ගේ අධිකත්වය හේතුවෙන් නැවත ගිලී යාමට ඇති බියෙනි. එවිට යූනුස් පරාජිතයින් අතරට පත් විය. ඔවුහු ඔහු මුහුදට හෙළූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَالْتَقَمَهُ الْحُوْتُ وَهُوَ مُلِیْمٌ ۟
ඔවුහු ඔහුව මුහුදට හෙළූ කල්හි මත්සයා ඔහු ඩැහැ ගෙන ගිල දැමීය. තම පරමාධිපතිගේ අවසරයෙන් තොර ව මුහුද දෙසට ඔහු ගිය බැවින් ඔහු දොස් නගනු ලැබූ දෑ සමග පැමිණියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَوْلَاۤ اَنَّهٗ كَانَ مِنَ الْمُسَبِّحِیْنَ ۟ۙ
සැබවින්ම යූනුස් තමන්ට අත් වූ දෑට පෙර අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් නොවී නම් මත්සයාගේ කුස තුළ ඔහු ව සුවිශුද්ධ නොකළේ නම්...
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَلَبِثَ فِیْ بَطْنِهٖۤ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟ۚ
මත්සයාගේ කුස ඔහුට මිනී වළක් වී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් එම මත්සයාගේ කුස තුළම රැදෙන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَنَبَذْنٰهُ بِالْعَرَآءِ وَهُوَ سَقِیْمٌ ۟ۚ
පසු ව මත්ස කුසෙන් අපි ඔහු ගහකොළ ගොඩනැගිලි කිසිවක් නැති පුහු ඉඩමකට හෙළුවෙමු. එවිට ඔහු මත්ස කුසෙහි දීර්ග කාලයක් රැඳී සිටි බැවින් දුර්වල ශරීරයකින් පෙළුණේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْۢبَتْنَا عَلَیْهِ شَجَرَةً مِّنْ یَّقْطِیْنٍ ۟ۚ
එම හිස් භූමියේ ඔහු හෙවණ ලබන්නටත් අනුභව කරන්නටත් වැල් සහිත ගසක් හට ගැන්වීමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَرْسَلْنٰهُ اِلٰی مِائَةِ اَلْفٍ اَوْ یَزِیْدُوْنَ ۟ۚ
අපි ඔහු ඔහුගේ සමූහයා වෙත සේන්දු කළෙමු. ඔවුන්ගේ සංඛ්යාව සිය දහසක් විය. ඔවුහු ඊටත් වඩා වැඩි සංඛ්යාවකින් සිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاٰمَنُوْا فَمَتَّعْنٰهُمْ اِلٰی حِیْنٍ ۟ؕ
පසු ව ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුහු විශ්වාස කළෝය. තහවුරු කළෝය. ඔවුනට නියම වූ ආයු කාලය අවසන් වන තුරුම මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට අල්ලාහ් ඔවුනට ඉඩ දුන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاسْتَفْتِهِمْ اَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُوْنَ ۟ۙ
අහෝ මුහම්මද්! දේව ආදේශකයින් හෙළා දකිමින්, ‘නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් වෙන් කර ගන්නෙහු ද? එය කවර ආකාරයේ වෙන් කිරීමක් ද?’ යැයි විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ خَلَقْنَا الْمَلٰٓىِٕكَةَ اِنَاثًا وَّهُمْ شٰهِدُوْنَ ۟
ඔවුහු ඔවුන්ගේ මැවීම් ඉදිරියේ පෙනී සිටියේ නැත. එය ඔවුන් දෑසින් ද දැක නැති තත්ත්වයේ සැබැවින්ම මලක්වරුන් ගැහැනුන් වෙතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَاۤ اِنَّهُمْ مِّنْ اِفْكِهِمْ لَیَقُوْلُوْنَ ۟ۙ
151-152- දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَدَ اللّٰهُ ۙ— وَاِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
151-152 දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَصْطَفَی الْبَنَاتِ عَلَی الْبَنِیْنَ ۟ؕ
නුඹලා ප්රිය කරන පිරිමි දරුවන්ට වඩා නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් තමන් වෙනුවෙන් තෝරා ගෙන ඇත්තේද? එසේ නොවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سُنَّة الله التي لا تتبدل ولا تتغير: إنجاء المؤمنين وإهلاك الكافرين.
•කිසිදු වෙනස් කිරීමක් හෝ පෙරළීමක් හෝ නැති අල්ලාහ්ගේ පිළිවෙත වනුයේ දේව විශ්වාසීන්ට ජය ලබා දී දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමයි.

• ضرورة العظة والاعتبار بمصير الذين كذبوا الرسل حتى لا يحل بهم ما حل بغيرهم.
•උපදෙස් දීමේ අවශ්යතාව හා දහම් දූතවරුන් බොරු කළවුනට අත් වූ ඉරණම ඔවුනටද අත් නොවනු පිණිස ඔවුන්ගේ ගමන් මග පිළිබඳ අවදානය යොමු කිරීමේ අවශ්යතාව.

• جواز القُرْعة شرعًا لقوله تعالى: ﴿ فَسَاهَمَ فَكَانَ مِنَ اْلْمُدْحَضِينَ ﴾.
•‘එවිට කුසපත් ඇද්දෝය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.’ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය අනුව ආගමික වශයෙන් කුසපත් ඇදීමේ අනුමැතිය.

 
የይዘት ትርጉም ምዕራፍ: አስ ሷፋት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት