Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አስ ሷፋት   አንቀጽ:
وَجَعَلْنَا ذُرِّیَّتَهٗ هُمُ الْبٰقِیْنَ ۟ؗۖ
ඔහුගේ පවුල හා ඔහු ව අනුගමනය කළ දේව විශ්වාසී අනුගාමිකයින් පමණක් අපි මුදවා ගත්තෙමු. ඔවුන් හැර ඔහුගේ ජනයා අතරින් සෙසු දේව ප්රතික්ෂේපකයින් සැබැවින්ම අපි දියේ ගිල්වීමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَكْنَا عَلَیْهِ فِی الْاٰخِرِیْنَ ۟ؗۖ
පසු සේන්දු වන ජන සමූහයා අතර ඔවුන් ඔහු පැසසුමට ලක් කරන පරිදි යහපත් පැසසුමක් අපි ඔහුට ඉතිරි කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَلٰمٌ عَلٰی نُوْحٍ فِی الْعٰلَمِیْنَ ۟
පසු සේන්දු වන ජන සමූහයා අතර නූහ් ගැන නපුරක් කතා කරනු ලැබීමෙන් ඔහුට ආරක්ෂාව හා ශාන්තිය අත්වේවා! ඔහු වෙනුවෙන් ප්රශංසාව හා යහපත් මෙනෙහි කිරීම ඉතිරි ව පවතිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا كَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) තුමාට කවර ප්රතිඵලයක් අප විසින් පිරිනමනු ලැබුවේ ද ඒ හා සමාන ප්රතිඵල අල්ලාහ්ට පමණක් අවනත වී ඔහු නැමදුම් කරමින් දැහැමි ලෙස කටයුතු කරන්නන්හට පිරිනමමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُؤْمِنِیْنَ ۟
සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) අල්ලාහ්ට අවනත වෙමින් දැහැමි ක්රියාවන් සිදු කළ අපගේ විශ්වාසී ගැත්තන් අතරින් කෙනෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَغْرَقْنَا الْاٰخَرِیْنَ ۟
පසු ව අපි ඔවුන් මත එවූ ජලගැල්මෙහි ඉතිරි අය ගිල්වීම. ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි වූයේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ مِنْ شِیْعَتِهٖ لَاِبْرٰهِیْمَ ۟ۘ
සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) ද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමෙහි දී ඔහුට අනුගත වී ඔහුගේ පිළිවෙත පිළිපැද්දාවූ ජනයා අතරින් කෙනෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ جَآءَ رَبَّهٗ بِقَلْبٍ سَلِیْمٍ ۟
අල්ලාහ්ගේ මැවීම් අතර අල්ලාහ් වෙනුවෙන් උපදෙස් දෙමින් ආදේශ කිරීමෙන් ඉවත් ව ශාන්තමය සන්සුන් හදවතකින් ඔහුගේ පරමාධිපති වෙත ඔහු පැමිණි අවස්ථාව මෙනෙහි කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ قَالَ لِاَبِیْهِ وَقَوْمِهٖ مَاذَا تَعْبُدُوْنَ ۟ۚ
ඔහු තම පියාණන් ආසර් හා දෙවියන්ට ආදේශ තැබූ ඔහුගේ ජනයා දෙස බලා ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?'යි ඔවුන් හෙළා දකිමින් විමසා සිටි අවස්ථාවේ...
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَىِٕفْكًا اٰلِهَةً دُوْنَ اللّٰهِ تُرِیْدُوْنَ ۟ؕ
අල්ලාහ් හැර නුඹලා නමදින ව්යාජ දෙවිවරුන් සිටිත් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعٰلَمِیْنَ ۟
අහෝ ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නුඹලා නමදිමින් සිටිය දී නුඹලා ඔහු මුණ ගැසෙන විට ලොවැසියන්ගේ පරමාධිපති ගැන නුඹලා හට ගැනෙන සිතුවිලි කුමක් වනු ඇත් ද? නුඹලාට ඔහු සිදු කරන්නට යන දෑ දැක නුඹලා කුමක් අදහස් කරන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَنَظَرَ نَظْرَةً فِی النُّجُوْمِ ۟ۙ
ඉබ්රාහීම් තම ජනයා සමග පිටත් වීමෙන් නිදහස් වීම සඳහා සැලසුමක් යොදමින් තාරකාවන් දෙස අධීක්ෂණයෙන් බැලුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَالَ اِنِّیْ سَقِیْمٌ ۟
ඔවුන්ගේ උත්සවයට ඔවුන් සමග පිටත්වීමෙන් වැළකී සිටීමට හේතු දක්වමින් ඔවුනට ‘සැබැවින්ම මම රොගීයෙකි’ යැයි පැවසුවේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِیْنَ ۟
පසු ව ඔහු ව ඔවුන් පසුපස අතැහැර දමා ගියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرَاغَ اِلٰۤی اٰلِهَتِهِمْ فَقَالَ اَلَا تَاْكُلُوْنَ ۟ۚ
අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් වෙත යොමු වී ඔවුන්ගේ දෙවිවරුන් හාස්යයට ගෙන ‘නුඹලා වෙනුවෙන් දේව ආදේශකයින් සාදා ඇති ආහාර නුඹලා අනුභව නොකරන්නෙහු ද? යැයි විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا لَكُمْ لَا تَنْطِقُوْنَ ۟
නුඹලා කතා නොකරන්නට නුඹලාට කුමක් වීද? නුඹලාගෙන් ඉල්ලා සිටින්නන්හට නුඹලා පිළිතුරු නොසපයනුයේ මන් ද? අල්ලාහ් හැර නැමදුම් ලබනුයේ මෙවන් දෑ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرَاغَ عَلَیْهِمْ ضَرْبًا بِالْیَمِیْنِ ۟
පසු ව ඔහු ඔවුන් වෙත නැඹුරු වී ඒවා කඩා දමන්නට තම දකුණතින් ඒවාට පහර දුන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَقْبَلُوْۤا اِلَیْهِ یَزِفُّوْنَ ۟
මෙම පිළිමවලට වන්දනාමාන කළවුන් ඔහු වෙත වේගයෙන් පැමිණියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَتَعْبُدُوْنَ مَا تَنْحِتُوْنَ ۟ۙ
ඉබ්රාහීම් ස්ථාවර ව ඔවුන් දෙස හැරී ඒවා හෙළා දකිමින්, ‘නුඹලා අල්ලාහ් හැර දමා නුඹලාගේම අත්වලින් නිර්මාණ කළ දෙවිවරුන්ට නුඹලා නැමදුම් කරන්නෙහුදැ?’යි ඔවුන්ගෙන් විමසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاللّٰهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُوْنَ ۟
සුවිශුද්ධයාණන් අල්ලාහ් නුඹලාව මැව්වේය. නුඹලාගේ ක්රියාව ද මැව්වේ ය. මෙම පිළිම නුඹලාගේ ක්රියාවන්ගෙන් බිහි වූවක්ය. ඔහුට පමණක් නැමදුම් ලබන්නටත්, වෙනත් දෑ ඔහුට ආදේශ නොකිරීමටත් ඔහුම සුදුස්සා වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوا ابْنُوْا لَهٗ بُنْیَانًا فَاَلْقُوْهُ فِی الْجَحِیْمِ ۟
ඔහු සමග තර්ක කොට තරඟ වදින්නට ඔවුන් අපොහොසත් වූ කල්හි බලය යෙදවීමට ඔවුහු යොමු වූහ. ඉබ්රාහීම්ට සිදු කරන දෑ පිළිබඳ ඔවුන් අතරම ඔවුහු සාකච්ඡා කළෝය. ඔවුහු ‘ඔහු වෙනුවෙන් නුඹලා ගොඩනැගිල්ලක් තනනු. එහි දර පුරවා එයට ගිනි තබා පසු ව ඔහු ව එහි නුඹලා විසි කරනු.’ යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَرَادُوْا بِهٖ كَیْدًا فَجَعَلْنٰهُمُ الْاَسْفَلِیْنَ ۟
ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම්ව විනාශ කොට ඔහුගෙන් නිදහස් වන පරිදි ඔහුට නපුරක් කිරීමට සිතුවෝය. ඔහුට එම ගින්න සිසිලක් හා ආරක්ෂාවක් බවට පත් කිරීමෙන් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ اِنِّیْ ذَاهِبٌ اِلٰی رَبِّیْ سَیَهْدِیْنِ ۟
මාගේ ජනයාගේ ප්රදේශය අතහැර දමා මාගේ පරමාධිපතිට මා නැමදුම් කළ හැකි පරිදි ඔහු වෙත සැබැවින්ම මම නික්ම යමි. මාගේ පරමාධිපති මෙලොවෙහි හා මතුලොවෙහි මට යහපතක් වන දෑ ඔහු මට පෙන්වා දෙනු ඇත’ යැයි ඉබ්රාහීම් පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبِّ هَبْ لِیْ مِنَ الصّٰلِحِیْنَ ۟
මාගේ පරමාධිපතියාණනි! මා රට හැර දමා යාමේ දී මාගේ සමූහයා වෙනුවට මට උදව් වන දැහැමි දරුවකු නුඹ මට පිරිනමනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبَشَّرْنٰهُ بِغُلٰمٍ حَلِیْمٍ ۟
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. රිස්සීමෙන් කටයුතු කරමින් වැඩෙන පිරිමි දරුවකු පිළිබඳ සුභාරංචිය දන්වමින් ඔහු ව සතුටු කරවන පුවතක් අපි ඔහුට සැල කර සිටියෙමු. එම දරුවා ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْیَ قَالَ یٰبُنَیَّ اِنِّیْۤ اَرٰی فِی الْمَنَامِ اَنِّیْۤ اَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرٰی ؕ— قَالَ یٰۤاَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ؗ— سَتَجِدُنِیْۤ اِنْ شَآءَ اللّٰهُ مِنَ الصّٰبِرِیْنَ ۟
ඉස්මාඊල් තරුණ වියට පත් ව ඔහුගේ පියාණන්ගේ ගමන්මග ගමන් කළ හැකි තත්ත්වයට පැමිණි කල්හි, ඔහුගේ පියාණන් ඉබ්රාහීම් අලයිහිස් සලාම් සිහිනයක් දුටුවේය. නබිවරුන්ගේ සිහින දිව්ය පණිවිඩ වේ. එම සිහිනයේ අන්තර්ගතය තම පුතණුවන්ට ඉබ්රාහීම් තුමා දන්වමින් මෙසේ පැවසීය. ‘මාගේ පුතණුවනි! සැබැවින්ම මම නුඹ ව සිඳලන මෙන් සිහිනයක් දුටුමි. ඒ සම්බන්ධයෙන් නුඹ අදහස් කරන්නේ කුමක් දැ?යි බලනු. ඉස්මාඊල් තම පියාණන්ට පිළිතුරු දෙමින් ‘මාගේ පියාණනි! මා සිදලීම ගැන අල්ලාහ් ඔබට කවර නියෝගයක් කර ඇත්තේ ද එය ඔබ ඉටු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි අල්ලාහ්ගේ තීන්දුව පිළිගත් ඉවසිලිවන්තයින් අතර ඔබ මාව දකිනු ඇතැ’යි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من مظاهر الإنعام على نوح: نجاة نوح ومن آمن معه، وجعل ذريته أصول البشر والأعراق والأجناس، وإبقاء الذكر الجميل والثناء الحسن.
•නූහ් තුමා හා ඔහු සමග විශ්වාස කළවුන් ව්යසනයෙන් මුදවා ගැනීම. ඔහුගේ පරම්පරා ව මිනිස් වර්ගයාගේ හා මිනිස් ජාතීන්ගේ මූලාරම්භයකයින් බවට පත් කිරීම යහපත් පැසසුමක් හා අලංකාර මෙනෙහි කිරීමක් ඉතිරි කිරීම යනාදිය නූහ් තුමාට ආශිර්වාද කළ විද්යාමාන කරුණ අතරින් වේ.

• أفعال الإنسان يخلقها الله ويفعلها العبد باختياره.
•මිනිස් ක්රියාකාරකම් වනාහි ඒවා මැව්වේ අල්ලාහ්ය. ගැත්තන් ඒවා සිදු කරනුයේ ඔහුගේ කැමැත්ත පරිදිය.

• الذبيح بحسب دلالة هذه الآيات وترتيبها هو إسماعيل عليه السلام؛ لأنه هو المُبَشَّر به أولًا، وأما إسحاق عليه السلام فبُشِّر به بعد إسماعيل عليه السلام.
•මෙම වදන් පෙන්වා දී ඇති පරිදි ඒවා පිහිටා ඇති පිළිවෙලට අනුව සිඳලන්නට නියම වූ කැපය ඉස්මාඊල් අලයිහිස් සලාම් තුමා වන්නේය. ඊට හේතුව පළමු ව සුභාරංචි දන්වනු ලැබුවේ ඔහු ගැනය. ඉස්හාක් අලයිහිස් සලාම් තුමා ගැන සුභාරංචි දන්වනු ලැබුවේ ඉස්මාඊල් අලයිහිස් සලාම් තුමාගෙන් පසුවය.

• قول إسماعيل: ﴿سَتَجِدُنِي إِن شَآءَ اْللهُ مِنَ اْلصَّابِرِينَ﴾ سبب لتوفيق الله له بالصبر؛ لأنه جعل الأمر لله.
•“අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතුරින් දැක ගනු ඇතැයි” ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමා කළ ප්රකාශය අල්ලාහ් එතුමාට ඉවසීම ආශිර්වාද කර තිබීමේ හේතු සාධකයක් විය. සැබැවින්ම එතුමා එම කරුණ අල්ලාහ් වෙනුවෙන් පත් කළහ.

 
የይዘት ትርጉም ምዕራፍ: አስ ሷፋት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት