Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሷድ   አንቀጽ:
اِصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَاذْكُرْ عَبْدَنَا دَاوٗدَ ذَا الْاَیْدِ ۚ— اِنَّهٗۤ اَوَّابٌ ۟
අහෝ දූතය! නුඹ තෘප්තියට පත් නොවන දැයින් මෙම බොරුකාරයින් පවසන දෑ මත ඉවසා දරා ගනු. සතුරන්ට එරෙහිව සටන් කිරීමෙහි ඉතා බලවත් මෙන්ම අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසිලිමත් වූ අපගේ ගැත්තෙකු වන දාවූද් ගැන මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් තෘප්තියට පත්වන ක්රියාවන් ඉටු කර ඔහු වෙත අධික ලෙස යොමු වන්නෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهٗ یُسَبِّحْنَ بِالْعَشِیِّ وَالْاِشْرَاقِ ۟ۙ
දහවල අවසානයේ හා හිරු උදාව ආරම්භයේ දාවුද් තුමා අල්ලාහ්ව සුවිශුද්ධ කරන විට ඔහු සමගම එක්ව අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම සඳහා සැබැවින්ම අපි කඳු වසඟ කර දුනිමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالطَّیْرَ مَحْشُوْرَةً ؕ— كُلٌّ لَّهٗۤ اَوَّابٌ ۟
ගුවනේ රඳවා තබන ලද පක්ෂීන් ද වසඟ කර දුනිමු. ඒ සෑම දෙයක්ම ඔහු ව අනුගමනය කරමින් අල්ලාහ්ව සුවිශුද්ධ කරන ඔහුට අවනත වූවන් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَشَدَدْنَا مُلْكَهٗ وَاٰتَیْنٰهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ ۟
ඔහුගේ සතුරන්ට එරෙහි ව උදව් උපකාර මෙන්ම බලය හා බිය අපි ඔහුට පිරිනමමින් ඔහුගේ රාජ්යය බලය බලවත් කළෙමු. එමෙන්ම නබිත්වය හා ඔහුගේ කටයුතුවල සාර්ථකත්වය අපි ඔහුට පිරිනැමුවෙමු. සෑම අපේක්ෂිත කරුණකම පැහැදිලි ව කතා කිරීමේ හැකියාව හා කතාව හා තීන්දුව තුළ වෙන්කර හඳුනාගැනීමේ හැකියාව අපි ඔහුට පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَهَلْ اَتٰىكَ نَبَؤُا الْخَصْمِ ۘ— اِذْ تَسَوَّرُوا الْمِحْرَابَ ۟ۙ
අහෝ දූතය! දාවූද් (අලයිහිස් සලාම්) වෙත (නඩු කියන) වාදියා ප්රතිවාදියා ඔහු නැමදුම් කරන ස්ථානයට ඉහළින් නැග පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ පුවත ඔබ වෙත පැමිණියේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ دَخَلُوْا عَلٰی دَاوٗدَ فَفَزِعَ مِنْهُمْ قَالُوْا لَا تَخَفْ ۚ— خَصْمٰنِ بَغٰی بَعْضُنَا عَلٰی بَعْضٍ فَاحْكُمْ بَیْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَاۤ اِلٰی سَوَآءِ الصِّرَاطِ ۟
දෙදෙනාම දාවූද් වෙත පිවිසු විට ඔහු වික්ෂිප්ත විය. ඔහු වෙත සාමාන්ය අයුරින් ඇතුළු නොවී මෙම මාර්ගය ඔස්සේ ඔවුන් දෙදෙනා එකවර පිවිසීම ගැන ඔහු භීතියට පත් විය. ඔහුගේ බියවීම ගැන ඔවුන් දෙදෙනාට පැහැදිළි වූ කල්හි ඔවුන් දෙදෙනා, ‘නුඹ බිය නොවනු. අපි අපගෙන් කෙනෙකු අනෙකාට කළ අපරාධයක් සම්බන්ධයෙන් වාද විවාද කරන දෙදෙනෙකි. අප අතර නුඹ තීන්දු තීරණ ගත්තේ නම් අප වෙත එය වරදක් නොවන්නේය. නිවැරදි මග කුමක් ද, ඒ ඍජු මග වෙත අපට මග පෙන්වනු’ යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذَاۤ اَخِیْ ۫— لَهٗ تِسْعٌ وَّتِسْعُوْنَ نَعْجَةً وَّلِیَ نَعْجَةٌ وَّاحِدَةٌ ۫— فَقَالَ اَكْفِلْنِیْهَا وَعَزَّنِیْ فِی الْخِطَابِ ۟
වාදකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු දාවූද් (අලයිහිස් සලාම්) තුමාට, ‘සැබැවින්ම මෙම පුද්ගලයා මාගේ සහෝදරයා වේ. ඔහුට බැටළුවන් අනූ නව දෙනෙකු සිටිති. මට ඇත්තේ එකම එක් බැටළුවෙකු පමණි. එය ද ඔහුට පිරිනමන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. තර්ක කිරීමෙහි ඔහු මා අබිබවා ගියේය' යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ اِلٰی نِعَاجِهٖ ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ الْخُلَطَآءِ لَیَبْغِیْ بَعْضُهُمْ عَلٰی بَعْضٍ اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَقَلِیْلٌ مَّا هُمْ ؕ— وَظَنَّ دَاوٗدُ اَنَّمَا فَتَنّٰهُ فَاسْتَغْفَرَ رَبَّهٗ وَخَرَّ رَاكِعًا وَّاَنَابَ ۟
ඔවුන් දෙදෙනා අතර දාවූද් තුමා තීන්දු පිරිනැමුවේය. ඔහු වාද කළ තැනැත්තා සමග කතා කරමින්, ‘සැබවින්ම ඔබේ සහෝදරයා ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළුවන් සමග එක් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අපරාධයක් සිදු කර ඇත. සැබැවින්ම හවුල්කරුවන් බොහෝ දෙනා ඔවුන් එකිනෙකා අනෙකාගේ උරුමය පැහැර ගනිමින් සාධාරණ ලෙස කටයුතු නොකරමින් සීමාව ඉක්මවා ක්රියා කරති. නමුත් දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හැර. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ හවුල් කරුවන් සමග සාධාරණව කටයුතු කරති. ඔවුනට අසාධාරණයක් නොකරති. මෙවන් කරුණුවලින් විස්තර කරනු ලැබූවන් සුළු පිරිසකි. සැබැවින්ම මෙම වාදය තුළින් අපි දාවූද්ව පරීක්ෂණයකට භාජනය කර ඇතැයි දාවූද් (අලයිහිස් සලාම්) තුමා ස්ථීර ගර ගත්හ. පසුව ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිට ඔහුට සමීප වීමක් ලෙස ‘සජදා’ සිරස නමා නමස්කාර කළේය. ඔහු ඔහුට සමාව දානය කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَغَفَرْنَا لَهٗ ذٰلِكَ ؕ— وَاِنَّ لَهٗ عِنْدَنَا لَزُلْفٰی وَحُسْنَ مَاٰبٍ ۟
ඒ අනුව අපි ඔහුට පිළිතුරු දී ඒ සඳහා අපි ඔහුට සමාව දුනිමු. සැබැවින්ම ඔහු අප ඉදිරියේ සමීපතයින් අතර කෙනෙකු විය. එමෙන්ම මතු ලොවෙහි ඔහුට යහපත් නවාතැනක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰدَاوٗدُ اِنَّا جَعَلْنٰكَ خَلِیْفَةً فِی الْاَرْضِ فَاحْكُمْ بَیْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوٰی فَیُضِلَّكَ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنَّ الَّذِیْنَ یَضِلُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ لَهُمْ عَذَابٌ شَدِیْدٌۢ بِمَا نَسُوْا یَوْمَ الْحِسَابِ ۟۠
අහෝ දාවූද්! ආගමික මෙන්ම ලෞකික තීන්දු තීරණ මිනිසුන් අතර ක්රියාත්මක කිරීම සඳහා මහපොළොවේ පාලකයකු බවට සැබවින්ම අපි ඔබව පත් කළෙමු. එහෙයින් මිනිසුන් අතර යුක්ති ගරුක ව තීන්දු දෙනු. ජනයා අතර ඔබ දෙන තීන්දුවෙහි ඥාතීත්වය හෝ සමීපත්වය පදනම් කර ගෙන වාදී ප්රතිවාදී යන දෙදෙනා අතරින් එක් අයකු වෙතට නැඹුරු වීම හෝ සතුරුකම හේතුවෙන් ඔහුගෙන් වෙනතට යොමු වීම වැනි කාරණා තුළින් ආශාවන් අනුගමනය නොකරනු. එවිට එම ආශාවන් අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ඔබව නොමග යවනු ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් නොමග යන්නේ ද ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කර දැමූ හේතුවෙන් බලවත් දඬුවමක් හිමි වනු ඇත. ඔවුන් ඔහු සිහිපත් කරමින් හා ඔහුට බියෙන් පසුවන්නේ නම් ඔවුන්ගේ ආශාවන් සමග ඔවුන් නැඹුරු නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان فضائل نبي الله داود وما اختصه الله به من الآيات.
•අල්ලාහ්ගේ නබිවරයකු වූ දාවූද් තුමා ගැන හා අල්ලාහ් ඔහුට විශේෂයෙන් තෝරා පිරිනැමූ සාධක පිළිබඳ විස්තරය.

• الأنبياء - صلوات الله وسلامه عليهم - معصومون من الخطأ فيما يبلغون عن الله تعالى؛ لأن مقصود الرسالة لا يحصل إلا بذلك، ولكن قد يجري منهم بعض مقتضيات الطبيعة بنسيان أو غفلة عن حكم، ولكن الله يتداركهم ويبادرهم بلطفه.
•නබිවරුන් වනාහි (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!) ඔවුන් උත්තරීතර අල්ලාහ් පිළිබඳ දන්වා සිටින දෑහි වැරදි කිරීමෙන් ආරක්ෂා කරනු ලැබූවෝ වෙති. ඊට හේතුව සැබවින්ම දූත පණිවිඩයේ අපේක්ෂාව එමගින් මිස වෙනත් ආකාරයකින් සිදු නොවන බැවිණි. තීන්දුව පිළිබඳ අමතක වීම, එය මග හැරීම වැනි මිනිසාගේ සහජ ගතිගුණ ඔවුන් අතර ද පවතී. නමුත් අල්ලාහ් ඔවුන් නිවැරදි කර, ඔහුගේ කරුණාවෙන් ඔවුනට ප්රබෝධය ඇති කරයි.

• استدل بعض العلماء بقوله تعالى: ﴿ وَإِنَّ كَثِيرًا مِّنَ اْلْخُلَطَآءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَى بَعْضٍ ﴾ على مشروعية الشركة بين اثنين وأكثر.
•‘එකට එකතු වී ජීවත්වන ජනයාගෙන් බහුතරයක්, ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට අසාධාරණකම් කරති.’ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය පදනම් කර ගනිමින් ඇතැම් විද්වත්හු දෙදෙනෙකු හෝ ඊටත් වැඩි සංඛ්යාවක් අතර හවුලේ කටයුතු කිරීම ආගමානුගත කරනු ලැබ ඇතැයි සාධක කර ගනිති.

• ينبغي التزام الأدب في الدخول على أهل الفضل والمكانة.
•ගෞරවය හා නිලය ඇත්තන් අතරට ප්රවේශවීමේ දී විනය පිළිපැදීමේ අවශ්යතාවය.

 
የይዘት ትርጉም ምዕራፍ: ሷድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት