Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (24) ምዕራፍ: አሽ ሹራ
اَمْ یَقُوْلُوْنَ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا ۚ— فَاِنْ یَّشَاِ اللّٰهُ یَخْتِمْ عَلٰی قَلْبِكَ ؕ— وَیَمْحُ اللّٰهُ الْبَاطِلَ وَیُحِقُّ الْحَقَّ بِكَلِمٰتِهٖ ؕ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම කුර්ආනය ගොතා, ඔහුගේ පරමාධිපතිට ආරෝපණය කර ඇති බව පැවසීම දේව ආදේශකයින්ගේ විශ්වාසයයි. ඔවුනට ප්රතිචාර වශයෙන් අල්ලාහ්,‘සැබැවින්ම නුඹ බොරුවක් ගොතා, නුඹ වෙනුවෙන් කතා කර ඇත්නම්, නුඹේ හදවත මත මම මුද්රා තබමි. ගොතන ලද අසත්යය මකා දමමි. සත්ය ඉතිරි කරමි' යැයි අල්ලාහ් පවසයි. එම කරුණ එසේ නොවී නම් සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සත්යතාව එය පෙන්වා දෙනු ඇත. එනම් සැබැවින්ම එය ඔහුගේ පරමාධිපති විසින් ඔහු වෙත එවන ලද දේව පණිවිඩයක් යන වගය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ඔහු දනී. ඔහුට ඉන් කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الداعي إلى الله لا يبتغي الأجر عند الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුලියක් පතන්නේ නැත.

• التوسيع في الرزق والتضييق فيه خاضع لحكمة إلهية قد تخفى على كثير من الناس.
•පෝෂණ සම්පත්හි විස්තීරණය හා එහි සීමා කිරීම මිනිසුන්ගෙන් බහුතරයක් දෙනාට රහසක් වූ යම් දේව ප්රඥාවක් සඳහා වෙන් වූ විෂයකි.

• الذنوب والمعاصي من أسباب المصائب.
• අභාග්යයන් අත්වීමට, පාපකම් හා අපරාධ හේතු වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (24) ምዕራፍ: አሽ ሹራ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት