Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ፈትህ   አንቀጽ:
قُلْ لِّلْمُخَلَّفِیْنَ مِنَ الْاَعْرَابِ سَتُدْعَوْنَ اِلٰی قَوْمٍ اُولِیْ بَاْسٍ شَدِیْدٍ تُقَاتِلُوْنَهُمْ اَوْ یُسْلِمُوْنَ ۚ— فَاِنْ تُطِیْعُوْا یُؤْتِكُمُ اللّٰهُ اَجْرًا حَسَنًا ۚ— وَاِنْ تَتَوَلَّوْا كَمَا تَوَلَّیْتُمْ مِّنْ قَبْلُ یُعَذِّبْكُمْ عَذَابًا اَلِیْمًا ۟
අහෝ දූතය! නුඹ සමග මක්කාහ්ව වෙත යෑමට ප්රමාද වූ ගැමි අරාබිවරුන්හට පරීක්ෂණයක් වශයෙන් නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘යුද්ධයේදී බලවත් පිරිසක් සමග සටන් වදින්නට ඉදිරියේ දී නුඹලා කැඳවනු ලබන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු ඇත. එසේ නැතහොත් කිසිදු යුද්ධයකින් තොරවම ඔවුන් දහම තුළට පිවිසෙනු ඇත. ඔවුන් සමග යුද වදින්නට නුඹලාට ඇරයුම් කරන විට නුඹලා අල්ලාහ්ට අවනත වනු. අල්ලාහ් නුඹලාට දැහැමි කුසල් පිරිනමනු ඇත. එය ස්වර්ගයයි. මක්කාහ්ව වෙත නබි තුමාණන් සමග යෑමට නුඹලා ප්රමාද වූ අවස්ථාවේ එයින් නුඹලා හැරුණාක් මෙන් මෙවර ද නුඹලා ඔහුට අවනත වීමෙන් හැරී යන්නෙහු නම් අල්ලාහ් නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ عَلَی الْاَعْمٰی حَرَجٌ وَّلَا عَلَی الْاَعْرَجِ حَرَجٌ وَّلَا عَلَی الْمَرِیْضِ حَرَجٌ ؕ— وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ یُدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۚ— وَمَنْ یَّتَوَلَّ یُعَذِّبْهُ عَذَابًا اَلِیْمًا ۟۠
නිදහසට කරුණු කිව හැකි අන්ධ, ආබාධිත හා රෝගී අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් ප්රමාද වූ විට එවැන්නන් කෙරෙහි පාපයක් නැත. කවරෙකු අල්ලාහ්ට අවනත වී ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වෙත ඔහුව ඇතුළත් කරනු ඇත. එමෙන්ම කවරෙකු ඔවුන් දෙදෙනාට අවනත වීමට පිටුපාන්නේ ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ رَضِیَ اللّٰهُ عَنِ الْمُؤْمِنِیْنَ اِذْ یُبَایِعُوْنَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِیْ قُلُوْبِهِمْ فَاَنْزَلَ السَّكِیْنَةَ عَلَیْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِیْبًا ۟ۙ
ගස යට සිට හුදෙයිබියාහි රිල්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් දේව විශ්වාසීන් අල්ලාහ්ගේ පිළිගැනීමට ලක්විය. ඔවුන්ගේ සිත් තුළ පවතින දේව විශ්වාසය, අවංකත්වය හා සත්යතාව ඔහු දැන සිටියේය. ඔවුන්ගේ හදවත් මත තැන්පත්භාවය ඔහු පහළ කළේය. ඒ සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඉතා සමීපයෙන් ඇත. එය කයිබර් ජයග්රහණයයි. එය ඔවුන් මක්කාවට පිවිසීමට අතපසු වූ හෙයින් ඒ වෙනුවට ලබා දුන් ජයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّمَغَانِمَ كَثِیْرَةً یَّاْخُذُوْنَهَا ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
කයිබර් වාසීන්ගෙන් ගනු ලබන (සතුරා විසින් යුද පිටියේ හැර දමා ගිය) අධික වස්තු සම්භාරයක් ඔහු ඔවුනට පිරිනැමීය. අල්ලාහ් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් විය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعَدَكُمُ اللّٰهُ مَغَانِمَ كَثِیْرَةً تَاْخُذُوْنَهَا فَعَجَّلَ لَكُمْ هٰذِهٖ وَكَفَّ اَیْدِیَ النَّاسِ عَنْكُمْ ۚ— وَلِتَكُوْنَ اٰیَةً لِّلْمُؤْمِنِیْنَ وَیَهْدِیَكُمْ صِرَاطًا مُّسْتَقِیْمًا ۟ۙ
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! ඉදිරියේදී ඉස්ලාමීය ජයග්රහණයන් තුළ නුඹලා බොහෝ ඝනීමත් (සතුරා විසින් දමා පළා ගිය) වස්තුව ලබන බව අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන්නේය. ඒ අනුව කයිබර්හි ඝනීමත් වස්තුව නුඹලාට ඇති කළේය. නුඹලාගෙන් පසුව නුඹලාගේ දරුවන්ට පීඩා කිරීමට යුදෙව්වන් සිතූ විට ඔවුන්ගේ එම අත් වැළැක්වීය. ඉක්මණින්ම මෙම ඝනීමත් වස්තුව නුඹලාට අතට පත්වීම අල්ලාහ්ගේ උපකාරය හා ඔහුගේ ස්ථාවරත්වය නුඹලා වෙත පිරිනමා ඇති බවට සළකුණකි. කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත අල්ලාහ් නුඹලාට මඟ පෙන්වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاُخْرٰی لَمْ تَقْدِرُوْا عَلَیْهَا قَدْ اَحَاطَ اللّٰهُ بِهَا ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرًا ۟
මේ වේලාව වන විටත් ඒ මත නුඹලා බලය නොදැරූ තවත් ඝනීමත් වස්තුද අල්ලාහ් නුඹලාට ප්රතිඥා දී ඇත. එයට බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. එය ඔහුගේ දැනුමෙහි හා සැලසුමෙහි ඇත්තකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ قَاتَلَكُمُ الَّذِیْنَ كَفَرُوْا لَوَلَّوُا الْاَدْبَارَ ثُمَّ لَا یَجِدُوْنَ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළවුන් සමග නුඹලා යුධ වදින්නේ නම් ඔවුන් නුඹලා ඉදිරියේ පරාජයට පත් ව පළා දුවනු ඇත. පසුව ඔවුන්ගේ කටයුතු භාරව කටයුතු කරන කිසිදු භාරකරුවකු ඔවුන් නොලබනු ඇත. නුඹලාගේ ප්රහාරයට එරෙහිව ඔවුනට උදව් කරන කිසිදු උදව් කරුවකු ඔවුන් නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سُنَّةَ اللّٰهِ الَّتِیْ قَدْ خَلَتْ مِنْ قَبْلُ ۖۚ— وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِیْلًا ۟
දේව විශ්වාසීන්ගේ ජයග්රහණය හා දේව ප්රතික්ෂේපකයින්ගේ පරාජය සෑම කාලයකම හා ස්ථානයකම ස්ථීර විය. මෙය මෙම බොරුකාරයින්ට පෙර ඉකුත් වී ගිය සමූහයන් අතර ද පැවති අල්ලාහ්ගේ පිළිවෙතයි. අහෝ ධර්ම දූතය! අල්ලාහ්ගේ න්යායයෙහි කිසිදු පෙරළීමක් නුඹ නොදකින්නෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إخبار القرآن بمغيبات تحققت فيما بعد - مثل الفتوح الإسلامية - دليل قاطع على أن القرآن الكريم من عند الله.
• -ඉස්ලාමීය ජයග්රහණයන් මෙන්- පසු කාලයේ තහවුරු වූ ගුප්ත දෑ පිළිබඳ තොරතුරු අල්කුර්ආනය කල් ඇතිව දන්වා සිටීම සැබැවින්ම ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පැමිණි එකක් බව තරයේ සනාථ කරන සාධයක් විය.

• تقوم أحكام الشريعة على الرفق واليسر.
•ආගමික නීතිරීති පහසුවෙන් හා සැහැල්ලුවෙන් ක්රියාමක වීම.

• جزاء أهل بيعة الرضوان منه ما هو معجل، ومنه ما هو مدَّخر لهم في الآخرة.
•රිළ්වාන් ගිවිසුම් වැසියන් සඳහා වූ ප්රතිඵල කල් ඇතිවම හිමි විය. එමෙන්ම මතුලොවෙහි ද ඔවුන් සඳහා එය එක්රැස් කරනු ලැබ ඇත.

• غلبة الحق وأهله على الباطل وأهله سُنَّة إلهية.
•සත්යය හා එහි වැසියන්, අසත්ය හා එහි වැසියන් අබිබවා ගොස් ජයග්රහණය කිරීම දේව න්යාය විය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ፈትህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት