Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ፈትህ   አንቀጽ:
وَهُوَ الَّذِیْ كَفَّ اَیْدِیَهُمْ عَنْكُمْ وَاَیْدِیَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ اَنْ اَظْفَرَكُمْ عَلَیْهِمْ ؕ— وَكَانَ اللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرًا ۟
හුදෙයිබිය්යා හි නුඹලාට නපුරක් කිරීමේ බලාපොරොත්තුවෙන් දේව ආදේශකයින්ගෙන් අසූවක් දෙනෙකු පමණ පිරිසක් පැමිණි විට ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වා, නුඹලාගේ අත් ඔවුන්ගෙන් වළක්වා නුඹලා ඔවුන්ව ඝාතනය නොකර, ඔවුනට හිංසාවක් නොකර මුදා හරින්නට සැළැස්වූයේ අල්ලාහ්ය. ඔවුන්ව සිරභාරයට ගැනීමට නුඹලාට බලය ලබා දීමෙන් පසුව නුඹලා ඔවුන් යන්නට ඉඩ හැරියෙහුය. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُمُ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْیَ مَعْكُوْفًا اَنْ یَّبْلُغَ مَحِلَّهٗ ؕ— وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُوْنَ وَنِسَآءٌ مُّؤْمِنٰتٌ لَّمْ تَعْلَمُوْهُمْ اَنْ تَطَـُٔوْهُمْ فَتُصِیْبَكُمْ مِّنْهُمْ مَّعَرَّةٌ بِغَیْرِ عِلْمٍ ۚ— لِیُدْخِلَ اللّٰهُ فِیْ رَحْمَتِهٖ مَنْ یَّشَآءُ ۚ— لَوْ تَزَیَّلُوْا لَعَذَّبْنَا الَّذِیْنَ كَفَرُوْا مِنْهُمْ عَذَابًا اَلِیْمًا ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට නුඹලා ව හරම් දේවස්ථානයෙන් වැළැක්වූයේ ඔවූහය. එවිට එම සත්ව කැපයන් හරම් දේවස්ථානය වෙත ගෙන යාමෙන් වළක්වන ලදී. අල්ලාහ්ව විශ්වාස කළ පිරිමින් හා විශ්වාස කළ කාන්තාවන් මක්කාහ් භූමියේ නොවී නම් මක්කාහ් ජයග්රහණයේ ඒ සඳහා නුඹලාට ඔහු අවසර දෙන්නට තිබුණි. නුඹලා ඔවුන් ගැන නොදැනුවත්වම දේව ප්රතික්ෂේපකයින් සමගම මරා දමනු ඇත. එවිට නුඹලාට නොදැනුවත් කමින් ඔවුන් මරා දැමූ පාපය හා වන්දිය නුඹලාට අත් වනු ඇත. (එසේ සිදු කළේ) අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට මාක්කාවේ සිටි දේව විශ්වාසීන් මෙන් ඔහු අභිමත කරන අය ඇතුළත් කරනු පිණිසය. මක්කාහ්වේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ගෙන් වෙන් ව සිටියේ නම් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළවුනට දැඩි වේදනා සහිත දඬුවමකින් අපි ඔවුන් දඬුවම් කරන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ جَعَلَ الَّذِیْنَ كَفَرُوْا فِیْ قُلُوْبِهِمُ الْحَمِیَّةَ حَمِیَّةَ الْجَاهِلِیَّةِ فَاَنْزَلَ اللّٰهُ سَكِیْنَتَهٗ عَلٰی رَسُوْلِهٖ وَعَلَی الْمُؤْمِنِیْنَ وَاَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوٰی وَكَانُوْۤا اَحَقَّ بِهَا وَاَهْلَهَا ؕ— وَكَانَ اللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟۠
එවිට අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ සිත් තුළ සත්යය සාක්ෂාත් කර ගැනීම හා සම්බන්ධ නොව තම ආශාවන් හා බැඳුණු අඥාන කාලයේ පැවති පිළිකුල මෙන් පිළිකුලක් ඇති කර ගත්තෝය. හුදෙයිබිය්යා වසරේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිවිසුණේ නම් එතුමා ඔවුන් අබිබවා ගිය බවට ඔවුන් අපහාස විඳීමට බියෙන් එතුමා එහි පිවිසීම ඔවුන් පිළිකුල් කළෝය. එවිට අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත තැන්පත්භාවය පහළ කළේය. දේව විශ්වාසීන් වෙතත් එය පහළ කළේය. දේව ආදේශකයින් සිදු කළාක් මෙන් ඔවුන් හමුවීමට ඔවුන් මත වූ කෝපය කිසිවක් කළේ නැත. දේව විශ්වාසීන් වෙත සත්යයේ ප්රකාශය ස්ථාවර කළේය. එය ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත- යන ප්රකාශයයි. එහි උරුමය අනුව කටයතු කිරීමට ද අනිවාර්යය කළේය. එවිට ඔවුහු ඒ අනුව කටයුතු කළෝය. මෙම ප්රකාශයට වෙනත් අයට වඩා දේව විශ්වාසීන් සුදුස්සන් වූහ. ඔවුන්ගේ හදවත් තුළ ඇති යහපත අල්ලාහ් දන්නා බැවින් එයට සුදුස්සන් බවට ඔහු ඔවුන් පත් කළේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී විය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ صَدَقَ اللّٰهُ رَسُوْلَهُ الرُّءْیَا بِالْحَقِّ ۚ— لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ اِنْ شَآءَ اللّٰهُ اٰمِنِیْنَ ۙ— مُحَلِّقِیْنَ رُءُوْسَكُمْ وَمُقَصِّرِیْنَ ۙ— لَا تَخَافُوْنَ ؕ— فَعَلِمَ مَا لَمْ تَعْلَمُوْا فَجَعَلَ مِنْ دُوْنِ ذٰلِكَ فَتْحًا قَرِیْبًا ۟
අල්ලාහ්ගේ දූතයාණන් සිහිනයක් දුටු අවස්ථාවේ එම සිහිනය අල්ලාහ් සැබෑ කළේය. එය තම සගයින්ටත් දන්වා සිටියහ. එනම් සැබැවින්ම එතුමා හා එතුමාගේ සගයින් ඔවුන්ගේ සතුරන්ගෙන් සුරක්ෂිතව අල්ලාහ්ගේ නිවස වන හරම් දේවස්ථානයට පිවිසීමත් වන්දනාව අවසන් කිරීම සනිටුහන් කරමින් ඔවුන් අතරින් තම හිස් මුඩු කර ගත් අයද හිසකෙස් කොට කරගත් අය ද වීමය. අහෝ දෙවියන් විශ්වාස කළවුනි, නුඹලාගේ යහපත අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදනී. එහෙයින් එම වසරයේ මක්කාවට පිවිසීමේ සිහිනය සැබෑ නොකොට ඉතා සමීප ජයග්රහණයක් ඇති කළේය. එනම් හුදෙයිබිය්යා ගිවිසුමේ අල්ලාහ් ක්රියාත්මක කළ ක්රියාන්විතය හා එයට පරව හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගීවූ දේව විශ්වාසීන්ගේ අතට කයිබර් ජයග්රහණ පත්කිරීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْۤ اَرْسَلَ رَسُوْلَهٗ بِالْهُدٰی وَدِیْنِ الْحَقِّ لِیُظْهِرَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ ؕ— وَكَفٰی بِاللّٰهِ شَهِیْدًا ۟ؕ
පැහැදිළි සාධක හා සත්ය දහම වන ඉස්ලාමය සමග මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ධර්ම දූතයෙකු ලෙස එව්වේ අල්ලාහ්ය. එය එම දහමට පටහැනි සියලුම දහම් වලට වඩා එය උසස් කරනු පිණිසය. ඒ ගැන අල්ලාහ් සාක්ෂි දැරුවේය. සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصد عن سبيل الله جريمة يستحق أصحابها العذاب الأليم.
•අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම වරදකි. එයට අදාළ පුද්ගලයින්ට වේදනීය දඬුවම උරුම වනු ඇත.

• تدبير الله لمصالح عباده فوق مستوى علمهم المحدود.
•තම ගැත්තන්ගේ යහපත වෙනුවෙන් සැලසුම් යෙදීම, ඔවුන්ගේ සීමා සහිත දැනුමට වඩා ඉහළින් පිහිටන්නකි.

• التحذير من استبدال رابطة الدين بحمية النسب أو الجاهلية.
•පරම්පරානුගත සිරිතක් මගින් හෝ අඥාන යුගයේ සිරිතක් මගින් දහම හා බැඳුණු යමක් වෙනස් කිරීමෙන් ප්රවේශම් වීම.

• ظهور دين الإسلام سُنَّة ووعد إلهي تحقق.
•ඉස්ලාම් දහම ප්රසිද්ධියට පත් වීම දේව න්යායකි. එමෙන්ම ස්තීර වූ දේව ප්රතිඥාවකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ፈትህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት