Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል-ማኢዳህ   አንቀጽ:
قَالُوْا یٰمُوْسٰۤی اِنَّا لَنْ نَّدْخُلَهَاۤ اَبَدًا مَّا دَامُوْا فِیْهَا فَاذْهَبْ اَنْتَ وَرَبُّكَ فَقَاتِلَاۤ اِنَّا هٰهُنَا قٰعِدُوْنَ ۟
ඉස්රාඊල් දරුවන් අතරින් මූසාගේ සමූහයා තම නබිවරයාගේ නියෝගයට විරුද්ධ ව නැගී සිටිමින් "එහි එම බලවතුන් සිටින තාක්කල් අපි නගරයට නොපිවිසෙමු. අහෝ මූසා! ඔබ හා ඔබේ පරමාධිපති එහි ගොස් එම බලවතුන් සමග සටන් කරනු. අපි ඔබ දෙපළ සමග සටන් කිරීමෙන් ඉවත් ව අපේ මේ ස්ථානයේම රැඳී සිටින්නෙමු." යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ رَبِّ اِنِّیْ لَاۤ اَمْلِكُ اِلَّا نَفْسِیْ وَاَخِیْ فَافْرُقْ بَیْنَنَا وَبَیْنَ الْقَوْمِ الْفٰسِقِیْنَ ۟
මූසා තම පරමාධිපති දෙස බලා "මාගේ පරමාධිපතියාණනි, මා හා මාගේ සහෝදර හාරූන් මත හැර වෙනත් කිසිවෙකු පාලනය කිරීමේ හැකියාව මට නැත. එබැවින් අප අතර හා ඔබට අවනත වීමෙන් හා ඔබේ දූතයාට අවනත වීමෙන් බැහැර වූ ජනයා අතර වෙන් කරනු මැනව" යැයි ප්රාර්ථනා කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ فَاِنَّهَا مُحَرَّمَةٌ عَلَیْهِمْ اَرْبَعِیْنَ سَنَةً ۚ— یَتِیْهُوْنَ فِی الْاَرْضِ ؕ— فَلَا تَاْسَ عَلَی الْقَوْمِ الْفٰسِقِیْنَ ۟۠
අල්ලාහ් තම නබිවරයා වන මූසා (අලය්හිස් සලාම්)තුමාහට "සැබැවින්ම අල්ලාහ් වසර හතළිහක කාලයක් මෙම ශුද්ධ වූ භූමියට ඉස්රාඊල් දරුවන් ඇතුළු වීම තහනම් කළේය. මෙම කාලය තුළ යහමග නොලබා කාන්තාරයේ මුළාවී යනු ඇත. අහෝ මූසා! අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ මෙම සමූහයා පිළිබඳ ඔබ දුක් නොවනු. මෙසේ ඔවුනට අත් වූ දඬුවම ඔවුන්ගේ පාපකම් හා නපුරුකම් හේතුවෙන් සිදු වූවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ ابْنَیْ اٰدَمَ بِالْحَقِّ ۘ— اِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ اَحَدِهِمَا وَلَمْ یُتَقَبَّلْ مِنَ الْاٰخَرِ ؕ— قَالَ لَاَقْتُلَنَّكَ ؕ— قَالَ اِنَّمَا یَتَقَبَّلُ اللّٰهُ مِنَ الْمُتَّقِیْنَ ۟
අහෝ දූතය, මෙම අපරාධකාරී ඊර්ෂ්යා සහගත යුදෙව්වන්හට ආදම්ගේ දරුවන් දෙනොගේ පුවත පවසනු. ඔවුන් දෙදෙනා කාබීල් හා හාබීල්ය. එය කිසිදු සැකයක් නොමැති සත්ය කතාවකි. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකු ම තම භාරය අල්ලාහ් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ හාබිල් ඉදිරිපත් කළ භාරය අල්ලාහ් පිළිගත්තේය. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු වූ බැවිණි. නමුත් කාබිල්ගේ භාරය ඔහු පිළිගත්තේ නැත. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු නොවූ බැවිණි. පසු ව හාබිල්ගේ භාරය පිළිගැනීම ගැන ඊර්ෂ්යාවෙන් පෙළුණු කාබීල්, ප්රසිද්ධියේ චෝදනා කර 'අහෝ හාබීල්! සැබැවින්ම මම ඔබ මරමි.' යැයි පැවසීය. එවිට හාබිල් සැබැවින්ම අල්ලාහ් භාරයන් පිළිගනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින පුද්ගලයාගේ යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَىِٕنْۢ بَسَطْتَّ اِلَیَّ یَدَكَ لِتَقْتُلَنِیْ مَاۤ اَنَا بِبَاسِطٍ یَّدِیَ اِلَیْكَ لِاَقْتُلَكَ ۚ— اِنِّیْۤ اَخَافُ اللّٰهَ رَبَّ الْعٰلَمِیْنَ ۟
මා මරන්නට සිතා ඔබේ දෑත් මා වෙත දිගු කළ ද ඔබ සිදු කරන්නාක් මෙන් මා ද ඉක්මවා කටයුතු නොකරමි. එය මගේ බියසුලුකම නොවේ. එනමුත් මම සියලු මැවීම්හි පරමාධිපතිට බිය වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنِّیْۤ اُرِیْدُ اَنْ تَبُوَْاَ بِاِثْمِیْ وَاِثْمِكَ فَتَكُوْنَ مِنْ اَصْحٰبِ النَّارِ ۚ— وَذٰلِكَ جَزٰٓؤُا الظّٰلِمِیْنَ ۟ۚ
ඔහු ඔහු ව බියවද්දමින් මෙසේ පැවසීය. සතුරුකම හා අපාරාධකාරී ව මා ඝාතනය කිරීමේ පාපය සමග ඔබේ පෙර පාපය වෙත යොමු වීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසෙන සගයින් අතර ඔබ ද පත්වීම ගැන මම ප්රිය කරමි. නමුත් මා ද ඔබ ව ඝාතනය කිරීමේ වරද සමග ඔවුන් අතුරින් කෙනෙකු වීම සම්බන්ධයෙන් මම ප්රිය නොකරමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَطَوَّعَتْ لَهٗ نَفْسُهٗ قَتْلَ اَخِیْهِ فَقَتَلَهٗ فَاَصْبَحَ مِنَ الْخٰسِرِیْنَ ۟
කාබීල්ට ඔහුගේ නපුරු ආශාවන්ගෙන් යුත් ආත්මය තම සහෝදරයා ආපරාධකාරී ලෙස ඝාතනය කිරීම අලංකාරවත් කරන ලදී. පසු ව ඔහු තම සහෝදරයා ව ඝාතනය කළේය. ඒ හේතුවෙන් තම මෙලොව ජීවිතය හා මතු ලොව ජීවිතයේ තමන්ට නියමිත කොටස් අහිමි වූවන් අතරට ඔහු ද පත්විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبَعَثَ اللّٰهُ غُرَابًا یَّبْحَثُ فِی الْاَرْضِ لِیُرِیَهٗ كَیْفَ یُوَارِیْ سَوْءَةَ اَخِیْهِ ؕ— قَالَ یٰوَیْلَتٰۤی اَعَجَزْتُ اَنْ اَكُوْنَ مِثْلَ هٰذَا الْغُرَابِ فَاُوَارِیَ سَوْءَةَ اَخِیْ ۚ— فَاَصْبَحَ مِنَ النّٰدِمِیْنَ ۟
තම සහෝදරයාගේ දේහය ආවරණය කළ යුතු ආකාරය දැන ගනු පිණිස ඔහු ඉදිරියේ මිය ගිය කපුටෙකු වළ දමන තවත් කපුටෙකු අල්ලාහ් එව්වේය. එම අවස්ථාවේ තම සහෝදරයාව ඝාතන කළ තැනැත්තා: අහෝ විනාශය! මියගිය කපුටාව වල දැමූ කපුටා මෙන් වීමට තරම් මට නොහැකි විය. මාගේ සහෝදරයාගේ දේහය මම වල දමමි යැයි පවසා පසුව ඔහුව වල දැමීය. අවසානයේ ඔහු අලාභවන්තයින් අතරට පත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مخالفة الرسل توجب العقاب، كما وقع لبني إسرائيل؛ إذ عاقبهم الله تعالى بالتِّيه.
•දූතවරුන්හට විරුද්ධ ව කටයුතු කිරීම දඬුවම අනිවාර්යය කරනු ඇත. තියාහ් නම් මුළාවට පත් ස්ථානයේ අල්ලාහ් ඔවුන් දඬවම් කළ විට එවැන්නක් ඉස්රාඊල් දරුවන්ටද සිදු විය.

• قصة ابني آدم ظاهرها أن أول ذنب وقع في الأرض - في ظاهر القرآن - هو الحسد والبغي، والذي أدى به للظلم وسفك الدم الحرام الموجب للخسران.
•ආදම්ගේ දරුවන්ගේ කතා වස්තුවෙන් හෙළිවන කරුණක් නම් අල් කුර්ආනයේ සඳහන් පරිදි මහපොළොවේ සිදු වුණු පළමු පාපය ඊර්ෂ්යාව හා සීමාව ඉක්මවීම විය. එය අපාරධ කිරීමටත් ලේ වැගිරීමටත් විනාශය වෙත තල්ලු කිරීමටත් කටයුතු කර ඇත.

• الندامة عاقبة مرتكبي المعاصي.
•පාපකම් සිදුකළ පාපතරයා සතු දඬුවම පසුතැවිල්ලයි.

• أن من سَنَّ سُنَّة قبيحة أو أشاع قبيحًا وشجَّع عليه، فإن له مثل سيئات من اتبعه على ذلك.
•කවරෙකු අවලස්සන පිළිවෙතක් අනුගමනය කරන්නේ ද එසේ නැතහොත් අවලස්සන කටයුත්තක් පතුරුවා හැර එයට උනන්දු කරවන්නේද සැබැවින් එය සෙස්සන් විසින් අනුගමනය කරනු ලැබූ විටෙක ඒ හා සමාන පාපකම් ඔහුට ද හිමි වනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት