Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቀመር   አንቀጽ:
وَنَبِّئْهُمْ اَنَّ الْمَآءَ قِسْمَةٌ بَیْنَهُمْ ۚ— كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ ۟
සැබැවින්ම ඔවුන්ගේ ළිං ජලය, ඔටු දෙනට දිනක් හා ඔවුනට දිනක් වශයෙන් ඔවුන් අතර හා එම ඔටු දෙන අතර බෙදා වෙන්කර ඇති බව ඔවුනට දන්වා සිටියේය. සෑම කොටසක්ම නියම කරන ලද දිනයේ දී අදාළ පාර්ශවය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطٰی فَعَقَرَ ۟
එම ඔටු දෙන මරා දැමීම සඳහා ඔවුහු ඔවුන් අතර සිටි සගයකු ඇරයුම් කළෝය. ඔහු ඔහුගේ ජනයාගේ නියෝගය පිළිපදිමින් කඩුව අමෝරා ගොස්, ඌ මාරා දැමීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
එවිට ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَرْسَلْنَا عَلَیْهِمْ صَیْحَةً وَّاحِدَةً فَكَانُوْا كَهَشِیْمِ الْمُحْتَظِرِ ۟
සැබැවින්ම අපි ඔවුන් වෙත බිහිසුණු මහා හඬක් එව්වෙමු. එය ඔවුන් විනාශ කර දැමීය. එළුවන් ගාල් කරන එළු කොටුවෙන් ගන්නා ලද පෑගුණු වියළී ගිය ගස් මෙන් ඔවුහු පත්වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ قَوْمُ لُوْطٍۭ بِالنُّذُرِ ۟
ලූත්ගේ ජනයා වෙත ලූත් (අලයිහිස් සලාම්) තුමා කළ අවවාදය ඔවුන් බොරු කර සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَرْسَلْنَا عَلَیْهِمْ حَاصِبًا اِلَّاۤ اٰلَ لُوْطٍ ؕ— نَجَّیْنٰهُمْ بِسَحَرٍ ۟ۙ
සැබැවින්ම අපි ඔවුන් වෙත සුළඟක් එව්වෙමු. ලූත්ගේ පවුල හැර සෙසු අය වෙත එය ගල් ගෙනැවිත් හෙළීය. ඔවුනට එම දඬුවම අත් වූයේ නැත. සැබැවින් අපි ඔවුන් එයින් මුදවා ගත්තෙමු. එවිට රාත්රිය අවසන් භාගයේ දඬුවම ඇති වීමට පෙර රාත්රියේම ඔවුන්ව පිටත් ගියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نِّعْمَةً مِّنْ عِنْدِنَا ؕ— كَذٰلِكَ نَجْزِیْ مَنْ شَكَرَ ۟
ඔවුනට අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් අපි ඔවුන් දඬුවමින් මුදවා ගත්තෙමු. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයට කෘතඥ වූයේ ද ලූත්ට පිරිනැමූ මෙන් ප්රතිඵලයක් අපි ඔහුට පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ اَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ ۟
සැබැවින්ම අපගේ දඬුවම ගැන ලූත් (අලෙයිහිස් සලාම්) තුමා ඔවුනට බිය ගැන්වීය. නමුත් මාගේ අවවාදය ගැන ඔවුන් තර්ක කරන්නට වුහ. එය ඔවුන් බොරු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ رَاوَدُوْهُ عَنْ ضَیْفِهٖ فَطَمَسْنَاۤ اَعْیُنَهُمْ فَذُوْقُوْا عَذَابِیْ وَنُذُرِ ۟
ලූත්ගේ ජනයා ඔහුට, අශීලාචාර ක්රියාවෙහි නිරත වීම සඳහා ඔවුන් අතර හා ඔහුගේ ආගන්තුක මලක්වරුන් අතර තනි වෙන්නට ඉඩ හරින්නැයි සැල කළෝය. එවිට ඔවුන්ගේ ඇස් අපි අන්ධ කළෙමු. එහෙයින් ඔවුන් දෙස බලන්නට නොහැකි විය. එවිට අපි ඔවුනට: ‘නුඹලා මාගේ දඬුවම හා මා නුඹලාට කළ අවවාදයේ ප්රතිඵලය නුඹලා භුක්ති විඳනු’ යැයි පැවසුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ ۟ۚ
උදෑසන කාලයේ ඔවුන් මතුලොවට සේන්දු වී ඔවුනට එහි දඬුවම පැමිණෙන තරමට ඔවුන් සමග වෙළුණු දඬුවම ඔවුන් වෙත පැමිණියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذُوْقُوْا عَذَابِیْ وَنُذُرِ ۟
‘නුඹලා වෙත මා පහළ කළ මාගේ දඬුවම හා නුඹලාට ලූත් තුමා කළ අවවාදයේ ප්රතිඵලය නුඹලා භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟۠
මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ جَآءَ اٰلَ فِرْعَوْنَ النُّذُرُ ۟ۚ
මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාගේ මුවින් සැබැවින්ම අපගේ අවවාදය ෆිර්අවුන් පැළැන්තියට පැමිණියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبُوْا بِاٰیٰتِنَا كُلِّهَا فَاَخَذْنٰهُمْ اَخْذَ عَزِیْزٍ مُّقْتَدِرٍ ۟
අප වෙතින් ඔවුන් වෙත පැමිණි සාක්ෂි හා සාධක ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් කිසිවකු විසින් ජය ගත නොහැකි සර්ව බලධාරීයාණන්ගේ දඬුමකින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු. ඔහු කිසිදු නොහැකියාවක් නැති බලධාරියාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَكُفَّارُكُمْ خَیْرٌ مِّنْ اُولٰٓىِٕكُمْ اَمْ لَكُمْ بَرَآءَةٌ فِی الزُّبُرِ ۟ۚ
අහෝ මක්කා වැසියනි! සඳහන් කරන ලද නූහ්, ආද් හා සමූද් සමූහයා, ලූත්ගේ සමූහයා, ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වැනි ප්රතික්ෂේපකයින්ට වඩා නුඹලා අතර සිටින ප්රතික්ෂේපකයින් උතුම් ද? එසේ නැතහොත් අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් බව සඳහන් දිව්යමය ග්රන්ථයක් නුඹලා වෙත තිබේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ یَقُوْلُوْنَ نَحْنُ جَمِیْعٌ مُّنْتَصِرٌ ۟
එසේ නැතහොත්, මක්කා වාසීන් අතර සිටින මෙම දේව ප්රතික්ෂේපකයෝ: ‘නපුරක් කරන්නට අපේක්ෂා කරන, අපගේ එකමුතුකම වෙන් කරන්නට බලන අයගෙන් අපි ජය ලබන්නන් වෙමු’ යැයි පවසන්නෝද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَیُهْزَمُ الْجَمْعُ وَیُوَلُّوْنَ الدُّبُرَ ۟
දෙවියන් ප්රතික්ෂේප කළ මෙම පිරිස පරාජයට පත් වනු ඇත. දේව විශ්වාසීන් හමුවේ ඔවුන් පසුපස හැරී පළා යනු ඇත. සැබැවිම් බද්ර් දිනයේ එය සිදු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ اَدْهٰی وَاَمَرُّ ۟
ඔවුන් බොරු කරමින් සිටි අවසන් හෝරාව වනාහි ඔවුන් දඬුවම් විඳින ඔවුනට ප්රතිඥා දෙන ලද්දකි. බද්ර් දිනයේ ඔවුන් මුහුණ දුන් මෙලොව දඬුවමට වඩා එම හෝරාව වඩාත් කුරීරුය. දරුණුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الْمُجْرِمِیْنَ فِیْ ضَلٰلٍ وَّسُعُرٍ ۟ۘ
දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් සැබැවින්ම අපරාධකළවුන් වනාහි, ඔවුහු සත්යයෙන් පෙරළුණු මුළාවෙහි ද වේදනා හා වධහිංසා තුළ ද පසුවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یُسْحَبُوْنَ فِی النَّارِ عَلٰی وُجُوْهِهِمْ ؕ— ذُوْقُوْا مَسَّ سَقَرَ ۟
එය ඔවුන්ගේ මුහුණු මතින් නිරා ගින්න වෙත ඇදගෙන යනු ලබන දිනයකි. ඔවුන් හෙළා දකිමින් ‘නුඹලා නිරා ගින්නේ දඬුවම විඳවනු’ යැයි ඔවුනට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا كُلَّ شَیْءٍ خَلَقْنٰهُ بِقَدَرٍ ۟
විශ්වයේ ඇති සෑම දෙයක්ම සැබැවින්ම අපි අපගෙන් වූ පූර්ව නිර්ණයකින් යුතුව ද අපගේ දැනුම හා අපගේ අභිමතයට අනුකූලව ද අපි මවා ඇත්තෙමු. එය අපි ආරක්ෂිත පුවරුවේ කුමක් සටහන් කළේ ද ඒ අනුවය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• شمول العذاب للمباشر للجريمة والمُتَمالئ معه عليها.
•අපරාධයට ඍජු ව සම්බන්ධවූ අයට හා ඔහු සමග එයට නැඹුරු වූවන්හට දඬුවම පොදු වන්නේය.

• شُكْر الله على نعمه سبب السلامة من العذاب.
•අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වීම දඬුවමෙන් ආරක්ෂා වීමට හේතුවකි.

• إخبار القرآن بهزيمة المشركين يوم بدر قبل وقوعها من الإخبار بالغيب الدال على صدق القرآن.
•බද්ර් දිනයේ දේව ආදේශකයින්ට අත්වන පරාජය ගැන තොරතුරු එය සිදුවීමට පෙරම අල් කුර්ආනය දන්වා සිටීම අල්කුර්ආනයේ සත්යතාව පෙන්වා දෙන ගුප්ත තොරතුරුවලින් එකකි.

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቀመር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት