የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አር ረሕማን   አንቀጽ:

සූරා අර් රහ්මාන්

ከመዕራፉ ዓላማዎች:
تذكير الجن والإنس بنعم الله الباطنة والظاهرة، وآثار رحمته في الدنيا والآخرة.
අල්ලාහ්ගේ අභ්යන්තර හා බාහිර ආශිර්වාදයන් පිළිබඳ මිනිස් වර්ගයා හා ජින් වර්ගයාට මෙනෙහි කිරීම. මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඔහුගේ ආශිර්වාදයේ බලපෑම.

اَلرَّحْمٰنُ ۟ۙ
විශාල කරුණා ගුණයෙන් යුත් මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلَّمَ الْقُرْاٰنَ ۟ؕ
අල් කුර්ආනය පාඩම් කිරීමට හා එහි තේරුම වටහා ගැනීමට පහසු අයුරින් මිනිසාට ඔහු එය ඉගැන්වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خَلَقَ الْاِنْسَانَ ۟ۙ
මනා සැකැස්මකින් හා අලංකාර ස්වරූපයකින් යුතුව මිනිසා ව ඔහු මැව්වේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلَّمَهُ الْبَیَانَ ۟
ඇතුළත ඇති දෑ පැහැදිලි කරනුයේ කෙසේදැ?යි කතාවෙන් හා ලිවීමෙන් ඔහු ඔහුට ඉගැන්වීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ ۟ۙ
හිරු හා සදුට නියමිත ගණන් පිළිවෙතක් ඇති කළේය. වර්ෂ ගණන් හා කාලවේලාවන් මිනිසා හඳුනා ගනු පිණිස ඒ දෙක ඉතා සූක්ෂම ගණන් විලාසයකට අනුව ගමන් කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّالنَّجْمُ وَالشَّجَرُ یَسْجُدٰنِ ۟
කඳන් නොමැති පැළෑටි (හේ තරු) හා ගස් ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ට අවනතව යටහත්ව සුජූද් - සිරස නමස්කාර - කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ الْمِیْزَانَ ۟ۙ
අහස මහපොළොවට ඉහළින් එහි වියනක් සේ ඔසවා තැබුවේය. මහපොළොවේ යුක්තිය ස්ථාපිත කළේය. එය තම ගැත්තන්හට නියෝග කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّا تَطْغَوْا فِی الْمِیْزَانِ ۟
අහෝ ජනයිනි! නුඹලා වැරදි නොකරනු පිණිසත් කිරුම් මිණුම්වල වංචා නොකරනු පිණිසත් ඔහු යුක්තිය ස්ථාපිත කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَقِیْمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِیْزَانَ ۟
නුඹලා අතර සාධාරණ අයුරින් තුලනය ක්රියාත්මක කරනු. නුඹලා වෙනත් අයට කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ එම කිරුම් මිනුම් හි අඩුපාඩු නොකරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْاَرْضَ وَضَعَهَا لِلْاَنَامِ ۟ۙ
මහපොළොව මත ඇති මැවීම් පවතිනු පිණිස එය සූදානම් කර තබා ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهَا فَاكِهَةٌ وَّالنَّخْلُ ذَاتُ الْاَكْمَامِ ۟ۖ
පලතුරු හට ගන්වන ගස් ද එහි ඇත. ඉඳි හටගන්නා කොපු සහිත ඉඳි ගස් ද එහි ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّیْحَانُ ۟ۚ
තවද එහි බාර්ලි හා තිරිඟු වැනි පිදුරු සහිත ධාන්යය ද නැවුම් සුවද ලබා දෙන පැළෑටි ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
خَلَقَ الْاِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ ۟ۙ
පුච්චන ලද මැටි මෙන් දඟලන හඩක් ඇසෙන වියළි මැටියෙන් ඔහු ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَخَلَقَ الْجَآنَّ مِنْ مَّارِجٍ مِّنْ نَّارٍ ۟ۚ
පිරිසිදු ගිනි දැල්ලෙන් ඔහු ජින්නුන්ගේ පියාව මැව්වේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبُّ الْمَشْرِقَیْنِ وَرَبُّ الْمَغْرِبَیْنِ ۟ۚ
ශීත ඍතුවෙන් හා ග්රීෂ්ම ඍතුවෙන් හිරු උදාවන නැගෙනහිරවල් දෙකෙහි හා එය අවරට යන බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
•ක්රියාවන් අතරින් සුළු හා මහා සියලු ක්රියාවන් ක්රියා ලේඛනයන්හි සටහන් කෙරේ.

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
•අල් කුර්ආනයේ මහිමය පෙන්වා දෙන පරිදි හා ඔහු තම මැවීම්වලට පිරිනමා ඇති දායාදවල ඉමහත්කම පෙන්වා දෙන පරිදි අල් කුර්ආනය තුළින් එම ආශිර්වාද හා දායාද මෙනෙහි කරමින් මහා කාරුණිකයාණන් ආරම්භ කර ඇත.

• مكانة العدل في الإسلام.
•ඉස්ලාමය තුළ සාධාරණත්වයේ ස්ථාවරය.

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඒවා මැනවින් වටහා ගෙන ඒවාට කෘතවේදී වන ලෙසත් ඒවා බොරු කර ප්රතික්ෂේප නොකරන ලෙසත් අපගෙන් ඉල්ලා සිටියි.

مَرَجَ الْبَحْرَیْنِ یَلْتَقِیٰنِ ۟ۙ
දෑසට පෙනෙන සේ කරදිය හා මිරිදිය සාගර දෙක එකිනෙකට එකතු වන සේ අල්ලාහ් යා කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَیْنَهُمَا بَرْزَخٌ لَّا یَبْغِیٰنِ ۟ۚ
කරදිය ලුණු ද්රාවණයෙන් හා මිරිදිය මිහිරි බවින් තිබෙන්නට හැර එකක් අනෙක ඉක්මවා නොයන පරිදි ඒ දෙකින් සෑම එකක්ම වළක්වාලන බාධකයක් ඒ දෙක අතර පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ ۟ۚ
සමස්ත මුහුදු දෙකින්ම ලොකු කුඩා මුතු හා පබළු මතු වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَهُ الْجَوَارِ الْمُنْشَاٰتُ فِی الْبَحْرِ كَالْاَعْلَامِ ۟ۚ
සාගරයේ යාත්රා කරන, කඳු මෙන් වූ නැවු සක්මන් කරවීම ශුද්ධවන්තයාණන් වූ ඔහුට පමණක් සතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟۠
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُّ مَنْ عَلَیْهَا فَانٍ ۟ۚۖ
මහපොළොව මත පවතින සියලු මැවීම් කිසිදු සැකයකින් තොර ව විනාශ වී යනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّیَبْقٰی وَجْهُ رَبِّكَ ذُو الْجَلٰلِ وَالْاِكْرَامِ ۟ۚ
අහෝ දූතය! තම ගැත්තන් හට භාග්ය පිරිනමන, උපකාර කරන, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතියාණන්ගේ මුහුණ පමණක් ශේෂව පවතී. එහෙයින් ඔහුට කිසිවිටෙක විනාශයක් අත් වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَسْـَٔلُهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— كُلَّ یَوْمٍ هُوَ فِیْ شَاْنٍ ۟ۚ
අහස්වල සිටින සෑම මලක්වරයකු ම, මහපොළොවේ සිටින ජින්නුන් හා මිනිසුන් ද ඔවුන්ගේ අවශ්යතාවන් ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ජීවය ලබා දීම, මරණයට පත් කිරීම, පෝෂණ සම්පත් ලබා දීම හා ඒ හැර ඔහුගේ ගැත්තන්ගේ වෙනත් කටයුතු අතරින් යම් කටයුත්තක ඔහු නිරතවෙමින් සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَنَفْرُغُ لَكُمْ اَیُّهَ الثَّقَلٰنِ ۟ۚ
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! නුඹලාගේ විනිශ්චය සඳහා (කාල වේලාවක්) අපි වෙන් කර ඇත්තෙමු. එවිට ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු කුසල් හෝ දඬුවම් අපි පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰمَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوْا مِنْ اَقْطَارِ السَّمٰوٰتِ وَالْاَرْضِ فَانْفُذُوْا ؕ— لَا تَنْفُذُوْنَ اِلَّا بِسُلْطٰنٍ ۟ۚ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හා ජින්නුන් ඒකරාශී වන විට අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: ‘අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! අහස් හා මහපොළොවේ පැතිකඩවලින් එක් පැත්තකින් පිවිසුම් මාර්ගයක් නුඹලා ලබන්නට හැකි නම් එසේ සිදු කර ගනු. දැඩි බලයකින් හා ශ්රමයකින් මිස එසේ සිදු කිරීමට නුඹලාට නොහැකිය. නුඹලාට එසේ විය හැක්කේ කෙසේ ද?'
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُرْسَلُ عَلَیْكُمَا شُوَاظٌ مِّنْ نَّارٍ ۙ۬— وَّنُحَاسٌ فَلَا تَنْتَصِرٰنِ ۟ۚ
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! දුමෙන් තොර ගිනි ජාලයක් ද එහි ගිනි ජාලාවක් නැති දුමක් ද ඔහු නුඹලා දෙපළ වෙත එවනු ඇත. එයින් වැළකෙන්නට නුඹලා දෙවර්ගයටම නොහැකිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا انْشَقَّتِ السَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ ۟ۚ
මලක්වරුන් එයින් පහළවීම සඳහා අහස පැළී ගිය විට, එහි වර්ණ දීප්තිය තෙල් මෙන් රතුපැහැ ගැණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَیَوْمَىِٕذٍ لَّا یُسْـَٔلُ عَنْ ذَنْۢبِهٖۤ اِنْسٌ وَّلَا جَآنٌّ ۟ۚ
ඒ මහත් දිනයේ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා බැවින් කිසිදු ජින්නුවෙකු හො මිනිසෙකු හෝ ඔවුනොවුන්ගේ පාපකම් පිළිබඳ විමසනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُعْرَفُ الْمُجْرِمُوْنَ بِسِیْمٰهُمْ فَیُؤْخَذُ بِالنَّوَاصِیْ وَالْاَقْدَامِ ۟ۚ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වැරදිකරුවන් ඔවුන්ගේ සළකුණු තුළින් හඳුනා ගනු ලබති. එය කළු වී ගිය මුහුණු හා නිල්වී ගිය ඇස් තුළිනි. ඔවුන්ගේ ඉදිරි නළල් රෝම ඔවුන්ගේ පාද සමග අමුණා නිරය වෙත වීසි කරනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجمع بين البحر المالح والعَذْب دون أن يختلطا من مظاهر قدرة الله تعالى.
•මිරිදිය හා කරදිය මුහුදු එකිනෙක මිශ්ර නොවන පරිදි ඒවා සම්බන්ධ වී තිබීම උත්තරීතර අල්ලාහ්ගේ බලය හා ශක්තිය විද්යාමාන කරන්නකි.

• ثبوت الفناء لجميع الخلائق، وبيان أن البقاء لله وحده حضٌّ للعباد على التعلق بالباقي - سبحانه - دون من سواه.
•සියලු මැවීම් විනාශ වී යෑම ස්ථීරය. සැබැවින්ම අල්ලාහ් පමණක් ඉතිරි ව සිටීම ඔහු හැර වෙනත් දෑ අත්හැර දමා එසේ ඉතිරිව සිටින ශුද්ධවන්තයාණන් වන ඔහු සමග බැදීම් ඇති කර ගන්නට ගැත්තන් උනන්දු කරවන්නක් බව පැහැදිලි කිරීම.

• إثبات صفة الوجه لله على ما يليق به سبحانه دون تشبيه أو تمثيل.
•අල්ලාහ්ගේ මුහුණ කිසිදු සමානකමක් හෝ ආදේශ කිරීමක් කළ නොහැකි ඔහුට අදාළ සුදුසු ස්වරූපයකින් පිහිටා ඇති බව තහවුරු කිරීම.

• تنويع عذاب الكافر.
•දේව ප්රතික්ෂේපකයාගේ දඬුවම වර්ගීකරණය.

فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذِهٖ جَهَنَّمُ الَّتِیْ یُكَذِّبُ بِهَا الْمُجْرِمُوْنَ ۟ۘ
ඔවුන් හෙළා දකිමින් ඔවුනට, ‘මෙලොවෙහි වැරදිකරුවන්ගේ දෑස් ඉදිරිපිට එය පිළිකුල් කිරීමට නොහැකි ඔවුන් බොරු යැයි පවසා සිටි නිරය මෙය වේ’ යැයි පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَطُوْفُوْنَ بَیْنَهَا وَبَیْنَ حَمِیْمٍ اٰنٍ ۟ۚ
ඒ අතර හා දැඩි උෂ්ණත්වයෙන් යුත් ලෝදිය අතර ඔවුන් තටමති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟۠
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهٖ جَنَّتٰنِ ۟ۚ
මතුලොවෙහි තම පරමාධිපති ඉදිරියේ සිට ගැනීමට බිය වී ඔහුව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට ස්වර්ග උයන් දෙකක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۙ
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذَوَاتَاۤ اَفْنَانٍ ۟ۚ
මේවා සාරවත් පලදෙන අති විශාල අතු සහිත උයන් දෙකකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهِمَا عَیْنٰنِ تَجْرِیٰنِ ۟ۚ
එම උයන් දෙකෙහි ඒ දෙක අතරින් ජලය ගලා යන උල්පත් දෙකක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجٰنِ ۟ۚ
හට ගන්නා සෑම පළතුරු වර්ගයකින්ම ජොඩුවක් වශයෙන් ඒ දෙකෙහි ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُتَّكِـِٕیْنَ عَلٰی فُرُشٍ بَطَآىِٕنُهَا مِنْ اِسْتَبْرَقٍ ؕ— وَجَنَا الْجَنَّتَیْنِ دَانٍ ۟ۚ
ඇතුළත ඝන සේද රෙද්දෙන් යුත් ඇතිරිලි මත ඔවුන් හාන්සි වී සිටිති. එම උයන්වලින් ඔවුන් නෙළන පළතුරු සිටගෙන ද වාඩිවී ද හාන්සිවී ද පරිහරනය කළ හැකි තරමට ඉතා සමීපයෙන් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهِنَّ قٰصِرٰتُ الطَّرْفِ ۙ— لَمْ یَطْمِثْهُنَّ اِنْسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ ۟ۚ
ඒවායෙහි ඔවුන්ගේ සහකරුවන් දෙස දමිත බැල්මෙන් බලන කන්යා කුමරියන් වෙති. ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන්ගේ කන්යාභාවය බිද දමා නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَاَنَّهُنَّ الْیَاقُوْتُ وَالْمَرْجَانُ ۟ۚ
ඔවුන් පිවිතුරභාවයෙන් හා අලංකාරයෙන් මුතු මැණික් හා පබළු මෙන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَلْ جَزَآءُ الْاِحْسَانِ اِلَّا الْاِحْسَانُ ۟ۚ
තම පරමාධිපතිට අවනත වීමෙන් අලංකාර ලෙස කටයුතු කළ අයට හිමි ප්රතිඵලය අල්ලාහ් අලංකාර ලෙස පිරිනමන ප්රතිඵලයක් මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنْ دُوْنِهِمَا جَنَّتٰنِ ۟ۚ
සඳහන් කරන ලද එම උයන් දෙකට අමතරව තවත් උයන් දෙකක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۙ
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُدْهَآمَّتٰنِ ۟ۚ
ඒ දෙකෙහි සාරවත් කොළ පැහැය ඝණ ව පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهِمَا عَیْنٰنِ نَضَّاخَتٰنِ ۟ۚ
ජලය ඉමහත් සේ උතුරා ගලා යන උල්පත් දෙකක් එම උයන් දෙකෙහි ඇත. උතුරා ගලා යන එම ජලය කප්පාදු නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْهِمَا فَاكِهَةٌ وَّنَخْلٌ وَّرُمَّانٌ ۟ۚ
එම උයන් දෙකෙහි අධික වශයෙන් පලතුරු ද විශාල වශයෙන් ඉඳි, දෙළුම් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية الخوف من الله واستحضار رهبة الوقوف بين يديه.
•අල්ලාහ් ගැන බියෙන් පසුවීමේ මහිමය හා ඔහු ඉදිරියේ බැතිමත්ව පෙනී සිටීම.

• مدح نساء الجنة بالعفاف دلالة على فضيلة هذه الصفة في المرأة.
•ස්වර්ග කාන්තාවන්ගේ පතිවත්භාවය අගය කරමින් කාන්තාවගේ පතිවත්භාවයේ මහිමය පෙන්වා දෙයි.

• الجزاء من جنس العمل.
•ප්රතිඵලය අදාළ ක්රියාවට අයත් වර්ගයෙන්ම පිහිටයි.

فِیْهِنَّ خَیْرٰتٌ حِسَانٌ ۟ۚ
රූ සපුවෙන් පිරි දැහැමි ගුණාංගයෙන් යුත් කාන්තාවන් එම උයන්හි වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
حُوْرٌ مَّقْصُوْرٰتٌ فِی الْخِیَامِ ۟ۚ
ඔවුනට ආරක්ෂාව සලසන කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَمْ یَطْمِثْهُنَّ اِنْسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ ۟ۚ
ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසකු හෝ ජින්නුවකු හෝ ඔවුනට සමීප වී නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُتَّكِـِٕیْنَ عَلٰی رَفْرَفٍ خُضْرٍ وَّعَبْقَرِیٍّ حِسَانٍ ۟ۚ
අලංකාර මෙට්ට හා කොළ පැහැති ඇතිරිල්ලෙන් ආවරණය කරන ලද කොට්ට මත හාන්සි වී සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَبٰرَكَ اسْمُ رَبِّكَ ذِی الْجَلٰلِ وَالْاِكْرَامِ ۟۠
තම ගැත්තන්හට භාග්යය පිරිනමා, උපකාර කළ, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතිගේ නාමය ශ්රේෂ්ට විය. උදාර විය. උත්කෘෂ්ට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
•අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ සංඥාවන් නිරන්තරයෙන්ම මෙනෙහි කර සිටීම, අල්ලාහ්ව ගරුත්වයට පත් කිරීමත්, ඔහුට නියම අයුරින් අවනත වීමත් අනිවාර්යය කරනු ඇත.

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශන දෑසින් දැකීමෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ බොරු කිරීම නතර වී යාම.

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
•ස්වර්ගවාසීන්ගේ තාරතිරම් ඔවුන්ගේ ක්රියාවන් අනුව අඩු වැඩි වීම.

የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አር ረሕማን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት