የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ዋቂዓህ   አንቀጽ:

සූරා අල් වාකිආ

ከመዕራፉ ዓላማዎች:
بيان أحوال العباد يوم المعاد.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන්ගේ තත්ත්වයන් පැහැදිලි කිරීම.

اِذَا وَقَعَتِ الْوَاقِعَةُ ۟ۙ
කිසිදු සැකයකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ක්රියාත්මක වූ විට,
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ۟ۘ
මෙලොවෙහි ඒ ගැන බොරුකර සිටියාක් මෙන් බොරු කර සිටින කිසිවකු නුඹ එහි නොදකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خَافِضَةٌ رَّافِعَةٌ ۟ۙ
එය අපරාධකාරී දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇතුළත් කිරීමෙන් ඔවුන් පහත් කරවන්නකි. බැතිමත් දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔවුන් උසස් කරවන්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذَا رُجَّتِ الْاَرْضُ رَجًّا ۟ۙ
මහපොළොව දැඩි කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට,
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّبُسَّتِ الْجِبَالُ بَسًّا ۟ۙ
කඳු කැබලි වලට සුනු විසුණු කරනු ලැබූ විට,
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَانَتْ هَبَآءً مُّنْۢبَثًّا ۟ۙ
සුනු විසුනු වීමෙන් එය ස්ථාවරයක් නැති විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّكُنْتُمْ اَزْوَاجًا ثَلٰثَةً ۟ؕ
එදින නුඹලා කණ්ඩායම් තුනක් ලෙස සිටින්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَصْحٰبُ الْمَیْمَنَةِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْمَیْمَنَةِ ۟ؕ
ඔවුන්ගේ දකුණතට ඔවුන්ගේ ලේඛනය අතට ගත් දකුණු පස ජනයා. ඔවුන්ගේ නිලයේ උදාරත්වය හා උසස් බව කොතරම් අගනේද?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَصْحٰبُ الْمَشْـَٔمَةِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْمَشْـَٔمَةِ ۟ؕ
ඔවුන්ගේ වමතින් ඔවුන්ගේ ලේඛනය අතට ගත් වම් පස ජනයා. ඔවුන්ගේ නිලයේ නපුරුකම හා අවමානය කෙතරම් බිහිසුණු ද?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالسّٰبِقُوْنَ السّٰبِقُوْنَ ۟ۙ
මෙලොවෙහි යහපත් ක්රියාවන් සිදු කොට ඉදිරියට ගිය පෙරටුගාමීන් වනාහි මතුලොවෙහි ස්වර්ගයට පිවිසීමේදී ද ඔවුහු පෙරට ගාමීහු වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ الْمُقَرَّبُوْنَ ۟ۚ
ඔවුහු අල්ලාහ් අබියස සමීපතයෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟
සුව පහසකම් සහිත උයන්හි විවිධ සැප විදිමින් සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ
මෙම සමූහයා අතරින් ද පෙර සමූහයන් අතරින් ද පිරිසක් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَلِیْلٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ
අවසන් කාලයේ මිනිසුන් අතරින් සුළු පිරිසක් ද වෙති. ඔවුහු පෙරටුගාමී සමීපතයින් අතරින් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلٰی سُرُرٍ مَّوْضُوْنَةٍ ۟ۙ
රනින් ගොතන ලද ඇඳන් මත වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُّتَّكِـِٕیْنَ عَلَیْهَا مُتَقٰبِلِیْنَ ۟
ඔවුන් එකිනෙකාට මුහුණලමින් එම ඇඳන් මත හාන්සි වී සිටිති. ඔවුන් කිසිවෙකු අනෙකාගේ පසුපස නොදකිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
•අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ සංඥාවන් නිරන්තරයෙන්ම මෙනෙහි කර සිටීම, අල්ලාහ්ව ගරුත්වයට පත් කිරීමත්, ඔහුට නියම අයුරින් අවනත වීමත් අනිවාර්යය කරනු ඇත.

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශන දෑසින් දැකීමෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ බොරු කිරීම නතර වී යාම.

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
•ස්වර්ගවාසීන්ගේ තාරතිරම් ඔවුන්ගේ ක්රියාවන් අනුව අඩු වැඩි වීම.

یَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۟ۙ
ඔවුන්ගේ සේවය සඳහා ඔවුන් වටා දරුවන් සැරිසරති. ඔවුනට වයස්ගත වීමක් හෝ විනාශයක් හෝ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بِاَكْوَابٍ وَّاَبَارِیْقَ ۙ۬— وَكَاْسٍ مِّنْ مَّعِیْنٍ ۟ۙ
ස්වර්ගයේ නිමක් නැතිව ගලා යන මධු පානයෙන් පුරවන ලද අඬු රහිත පාත්ර හා අඬු සහිත කේතල් ද බීම සඳහා භාජන ද තම අතැතිව ඔවුහු ඔවුන් වටා සැරිසරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّا یُصَدَّعُوْنَ عَنْهَا وَلَا یُنْزِفُوْنَ ۟ۙ
එය මෙලොව මත්පැන් මෙන් නොවේ. එය පානය කරන්නාට හිසරදය හෝ බුද්ධි පහවීමක් හෝ ඇති නොවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَفَاكِهَةٍ مِّمَّا یَتَخَیَّرُوْنَ ۟ۙ
ඔවුනට තෝරා ගත හැකි පරිදි පලතුරු සමග එම දරුවෝ ඔවුන් වටා සැරිසරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَحْمِ طَیْرٍ مِّمَّا یَشْتَهُوْنَ ۟ؕ
ඔවුන් කැමති පරිදි භුක්ති විඳින්නට කුරුලු මස් සමග ඔවුහු ඔවුන් වටා සැරිසරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَحُوْرٌ عِیْنٌ ۟ۙ
අලංකාරයේ විහිදුණු නෙත් සහිත කුමරියන් එම ස්වර්ගයේ ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَاَمْثَالِ اللُّؤْلُو الْمَكْنُوْنِ ۟ۚ
ඔවුහු මුහුදු බෙල්ලෝ තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඒවා ඔවුන් මෙලොවෙහි සිදු කරමින් ආ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට තිළිණ වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا تَاْثِیْمًا ۟ۙ
ස්වර්ගයේ අශීලාචාර කතාවට හෝ පුද්ගලයා වෙත පාපය සේන්දු කරවන ප්රකාශයට හෝ ඔවුහු සවන් නොදෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا قِیْلًا سَلٰمًا سَلٰمًا ۟
ඔවුන් වෙත මලක්වරුන්ගේ සලාම් -ශාන්තියේ ආචාරය- හා ඔවුනොවුන්ගේ සලාමය හැර වෙනත් කිසිවකට ඔවුන් සවන් නොදෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَصْحٰبُ الْیَمِیْنِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْیَمِیْنِ ۟ؕ
දකුණු පස ජනයා, - ඔවුන් වනාහි තම දකුණු අතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති- අල්ලාහ් අබියස ඔවුන්ගේ කටයුත්තේ හා ඔවුන්ගේ නිලයේ තරම ඉතා විශාලය!
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ سِدْرٍ مَّخْضُوْدٍ ۟ۙ
ඔවුන් කටු රහිත සිද්ර් හෙවත මසන් ගත් අතරෙහිය. එහි කිසිදු උවදුරක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّطَلْحٍ مَّنْضُوْدٍ ۟ۙ
එකිනෙකටට ඇමුණුනු පෙළින් පෙළට ඇති කෙසෙල් අතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّظِلٍّ مَّمْدُوْدٍ ۟ۙ
දිගු හරින ලද නිරන්තරයෙන්ම පවතින සෙවණැලි අතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّمَآءٍ مَّسْكُوْبٍ ۟ۙ
නතර නොවී ගලා යන ජලය අතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّفَاكِهَةٍ كَثِیْرَةٍ ۟ۙ
සීමාවක් නැති බොහෝ පලතුරු අතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍ ۟ۙ
ඔවුන්ගෙන් කිසිවිටෙක කප්පාදු කරනු නොලැබේ. එයට වාරයක් හෝ කාලයක් නැත. පරිභෝජනය කිරීම සඳහා තමන් සිතන කවර වේලාවක හෝ වේවා එය වළක්වාලන කිසිදු විරෝධියෙකු නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّفُرُشٍ مَّرْفُوْعَةٍ ۟ؕ
ඇඳන් මත උසින් තබන ලද උසස් ඝණයේ ඇතිරිලි අතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءً ۟ۙ
ඉහත සඳහන් කරන ලද කුමරියන් සැබැවින්ම අපි අසාමාන්ය ලෙස නිර්මාණය කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَجَعَلْنٰهُنَّ اَبْكَارًا ۟ۙ
මීට පෙර ස්පර්ශ නොකරන ලද කන්යා කුමරියන් බවට අපි ඔවුන් පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عُرُبًا اَتْرَابًا ۟ۙ
තම සහකරුවන්ට පෙමින් බැඳුණු සම වයසේ කන්යාවියන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّاَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ۠
ඔවුන්ගේ සුව පහසුකම් සංඛේතවත් කරමින් දකුණ දෙසින් ගනු ලැබූ දකුණු පස ජනයා වෙනුවෙන් අපි ඔවුන් නිර්මාණය කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ
ඔවුන් පෙර පැමිණි නබිවරුන්ගේ සමූහයන් අතර සිටි පිරිසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَثُلَّةٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ
තවද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා අතරින් වූ තවත් පිරිසකි. එය අවසන් ප්රජාව වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَصْحٰبُ الشِّمَالِ ۙ۬— مَاۤ اَصْحٰبُ الشِّمَالِ ۟ؕ
වම්පස ජනයා, -ඔවුන් වනාහි තම වමතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති.- ඔවුන්ගේ තත්ත්වය හා ඔවුන්ගේ නවාතැන ඉතා නපුරුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ سَمُوْمٍ وَّحَمِیْمٍ ۟ۙ
දැඩි උණුසුමෙන් යුත් සුළං හා දැඩි උණුසුමෙන් යුත් ලෝ දිය අතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّظِلٍّ مِّنْ یَّحْمُوْمٍ ۟ۙ
කළු පැහැති දුමාරයෙන් යුත් හෙවණක් අතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّا بَارِدٍ وَّلَا كَرِیْمٍ ۟
හමන සුළඟේ නැවුම් බවක් නැත. අලංකාර දර්ශණයක් ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُتْرَفِیْنَ ۟ۚۖ
ඔවුන් දඬුවමට ලක් වීමට පෙර සැබැවින්ම ඔවුහු මෙලොවෙහි භුක්තිවිඳිමින් සිටියෝය. ඔවුන්ගේ ආත්මාශාවන් මිස වෙනත් අරමුණක් ඔවුනට එහි නොවීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَانُوْا یُصِرُّوْنَ عَلَی الْحِنْثِ الْعَظِیْمِ ۟ۚ
අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමේ හා ඔහු හැර වෙනත් පිළිමවලට වන්දනාමාන කිරීමෙහි හිතුවක්කාර ලෙස නිරත ව සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَانُوْا یَقُوْلُوْنَ ۙ۬— اَىِٕذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ
සැබැවින්ම ඔවුන් නැවත නැගිටුවනු ලැබීම හාස්යට ගනිමින් හා ඉන් දුරස් වන්නට බලමින් එය හෙළා දැක, ‘අපි මිය ගොස්; පස් බවට පත්ව; අස්ථි ද දිරා ගිය විට ඉන්පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?’ යැයි විමසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟
අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් යළි අවදි කරනු ලබන්නේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّ الْاَوَّلِیْنَ وَالْاٰخِرِیْنَ ۟ۙ
අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු: "සැබැවින්ම ජනයා අතරින් මුල් කාලීනයන් ද ඔවුන් අතරින් පසු කාලීනයන් ද වෙති."
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَمَجْمُوْعُوْنَ ۙ۬— اِلٰی مِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟
කිසිදු සැකයකින් තොර ව විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එක්රැස් කරනු ලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• العمل الصالح سبب لنيل النعيم في الآخرة.
•දැහැමි ක්රියාවන් මතුලොවෙහි සුවපහසුකම් අත්පත් කර ගැනීමට හේතුවක් වෙයි.

• الترف والتنعم من أسباب الوقوع في المعاصي.
•සුඛෝපභෝගී ජීවිතය හා සැපවත්කම පාපකම්හි වැටීමට හේතු සාධක වන්නේය.

• خطر الإصرار على الذنب.
•පාපකම්වල නිරත වීමෙහි භයානකකම.

ثُمَّ اِنَّكُمْ اَیُّهَا الضَّآلُّوْنَ الْمُكَذِّبُوْنَ ۟ۙ
51-52- පසුව සැබැවින්ම නුඹලා -ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නනි! සැබැවින්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ශාකවලින් ඉතා දරුණු මෙන්ම කිලිටි ශාකයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَاٰكِلُوْنَ مِنْ شَجَرٍ مِّنْ زَقُّوْمٍ ۟ۙ
51-52- -ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ඉතා දරුණු මෙන්ම කිලිටි ගසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَالِـُٔوْنَ مِنْهَا الْبُطُوْنَ ۟ۚ
එම තිත්ත කටුක ගසින් නුඹලාගේ හිස් බඩවල් පුරවා ගන්නන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَشٰرِبُوْنَ عَلَیْهِ مِنَ الْحَمِیْمِ ۟ۚ
දැඩි උණුසුමෙන් යුත් ලෝ දියෙන් ඒ මත පානය කරන්නන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَشٰرِبُوْنَ شُرْبَ الْهِیْمِ ۟ؕ
පිපාසිත රෝගයෙන් පෙළෙන ඔටුවා අධික ලෙස පානය කරන්නාක් මෙන් අධිකව පානය කරන්නෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا نُزُلُهُمْ یَوْمَ الدِّیْنِ ۟ؕ
සඳහන් කරන ලද මේ තිත්ත ආහාරය හා උණුසුම් පානය ප්රතිඵල පිරිනමනු ලබන දියේ ඔවුන් පිළිගනු ලබන ඔවුන්ගේ සංග්රහය වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ خَلَقْنٰكُمْ فَلَوْلَا تُصَدِّقُوْنَ ۟
අහෝ බොරු කරන්නනි! නුඹලා පැවත්මක් නොමැතිව සිටියෝය. පසුව නුඹලාව මැව්වේ අපය. එහෙයින්, නුඹලාගේ මරණයෙන් පසු අප නුඹලාට යළි ජීවය දී, යළි අවදි කිරීම නුඹලා සැබෑවක් ලෙස පිළිගත යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَرَءَیْتُمْ مَّا تُمْنُوْنَ ۟ؕ
නුඹලාගේ කාන්තාවන්ගේ ගර්භාෂයන් තුළ නුඹලා හළන ශුක්රාණු දෙස නුඹලා සිතා නොබැලුවෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاَنْتُمْ تَخْلُقُوْنَهٗۤ اَمْ نَحْنُ الْخٰلِقُوْنَ ۟
එම ශුක්රාණු මවන්නේ නුඹලා ද එසේ නැත්නම් එය මවන්නා වූ අප ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ قَدَّرْنَا بَیْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟ۙ
නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. නුඹලා අතරින් සෑම කෙනෙකුටම නියමිත කාලයක් ඇත. එය කල් ඇතිව හෝ ප්රමාද වී හෝ සිදු වන්නේ නැත. අප දුර්වලයින් නොවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلٰۤی اَنْ نُّبَدِّلَ اَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِیْ مَا لَا تَعْلَمُوْنَ ۟
නුඹලා දන්නා හඳුනන කවර හැඩයක් හා රූපයක් මත වන්නෙහු ද එය වෙනස් කර නුඹලා නොහඳුනන හැඩයක් හා රූපයක් බවට නිර්මාණය කිරීමට අපට ශක්තිය ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ عَلِمْتُمُ النَّشْاَةَ الْاُوْلٰی فَلَوْلَا تَذَكَّرُوْنَ ۟
අප නුඹලාව මැවූ මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. මුල් වරට නුඹලා මැවූ ඔහුට නුඹලාගේ මරණයෙන් පසුව නුඹලාව යළි නැගිටුවීමට ඔහු බලය දරන බව නුඹලා මෙමගින් පාඩම් ලබා ඒ ගැන දැනගත යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَرَءَیْتُمْ مَّا تَحْرُثُوْنَ ۟ؕ
නුඹලා මහපොළොවේ වපුරන දෑ දෙස නොබැලුවෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاَنْتُمْ تَزْرَعُوْنَهٗۤ اَمْ نَحْنُ الزّٰرِعُوْنَ ۟
වපුරන එය හටගන්වනුයේ නුඹලා ද? එසේ නැතහොත් එය හටගන්වන අප ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ نَشَآءُ لَجَعَلْنٰهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُوْنَ ۟
අපි එම වගාවන් වැඩකට නැති මුඩු බවට පත් කරන්නට අභිමත කරන්නේ නම් හොඳින් පැහී වැඩෙන්නට ඔන්න මෙන්න තිබුණායින් පසු එය ඉපැණැලි බවට පත් කරන්නෙමු. පසුව නුඹලා එයට අත්වූ දෑ පිළිබඳ පුදමයට පත් වන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا لَمُغْرَمُوْنَ ۟ۙ
‘අප වියදම් කළ දෑහි විනාශය හේතුවෙන් සැබැවින්ම අපි දඬුවම් කරනු ලැබුවෝ වෙමු’ යැයි පවසන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟
එසේ නොව, අප පෝෂණ සම්පත් තහනම් කරනු ලැබුවෝ වෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَرَءَیْتُمُ الْمَآءَ الَّذِیْ تَشْرَبُوْنَ ۟ؕ
නුඹලා පිපාසයට පත් වූ විට පානය කරන ජලය ගැන සිතා බැලුවෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاَنْتُمْ اَنْزَلْتُمُوْهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلُوْنَ ۟
අහසේ ඇති වළාවෙන් එය පහළ කළේ නුඹලා ද එසේ නැතහොත් එය පහළ කළ අප ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْ نَشَآءُ جَعَلْنٰهُ اُجَاجًا فَلَوْلَا تَشْكُرُوْنَ ۟
බීමට හෝ සැපයීමට හෝ ප්රයෝජනවත් නොවන දැඩි ලුණු ද්රාවණය සහිතව එම ජලය වෙනස් කරන්නට අපි අභිමත කරන්නේ නම් දැඩි ලුණු ද්රාවණය සහිත බවට අපි එය පත් කන්නෙමු. නුඹලාට ආශිර්වාදයක් ලෙස අල්ලාහ් නුඹලා වෙත මිහිරි ජලය පහළ කර තිබීම සඳහා නුඹලා ඔහුට කෘතඥ විය යුතු නොවේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَرَءَیْتُمُ النَّارَ الَّتِیْ تُوْرُوْنَ ۟ؕ
නුඹලාගේ ප්රයෝජන සඳහා නුඹලා දල්වන ගින්න ගැන නුඹලා සිතා නොබැලුවෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاَنْتُمْ اَنْشَاْتُمْ شَجَرَتَهَاۤ اَمْ نَحْنُ الْمُنْشِـُٔوْنَ ۟
දැල්වීම සඳහා ගනු ලබන ගස් නිර්මාණය කළේ නුඹලා ද එසේ නැතහොත් නුඹලා වෙත පවතින ලෙන්ගතු කම නිසා එය නිර්මාණය කළ අප ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ جَعَلْنٰهَا تَذْكِرَةً وَّمَتَاعًا لِّلْمُقْوِیْنَ ۟ۚ
මෙම ගින්න නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කළෙමු. එය මතුලොව ගින්නෙහි ස්වරූපය ගැන නුඹලාට මතක් කර දෙයි. නුඹලා අතරින් ගමන් යන මගීන් සඳහා ප්රයෝජනය ලබන්නක් බවට අපි එය පත් කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟
අහෝ දූතය! සර්වබලාරියාණන් වන නුඹේ පරමාධිපතිට නොගැලපෙන දැයින් මුදවාලමින් ඔහු ව පිවිතුරු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَاۤ اُقْسِمُ بِمَوٰقِعِ النُّجُوْمِ ۟ۙ
තාරකාවන්හි ස්ථාන හා ඒවායෙහි නවාතැන් මත අල්ලාහ් දිවුරමින්
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ لَقَسَمٌ لَّوْ تَعْلَمُوْنَ عَظِیْمٌ ۟ۙ
එම ස්ථානවල මහඟු බව නුඹලා දන්නෙහු නම්, එහි ඇති ප්රාතිහාර්යයන් හා සීමා කළ නොහැකි පාඩම් හේතුවෙන් ඒවා මත දිවුරා සිටීම අති මහත් කරුණක් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دلالة الخلق الأول على سهولة البعث ظاهرة.
•යළි අවදි කරනු ලැබීම පහසු කාර්යයක් යන්නට මුල් මැවීම පෙන්වා දෙන පැහැදිළි සාධකයකි.

• إنزال الماء وإنبات الأرض والنار التي ينتفع بها الناس نعم تقتضي من الناس شكرها لله، فالله قادر على سلبها متى شاء.
•ජලය පහළ කිරීම, මහපොළොවේ පැල හටගැන්වීම, මිනිසා ප්රයෝජනයට ගන්නා ගින්න යනාදිය අල්ලාහ්ට කෘතඥවීම සඳහා මිනිසාට බල කර සිටින යහපත් ආශිර්වාදයන් වන්නේය. අල්ලාහ් තමන් අභිමත කරන විටෙක ඒවා වෙනස් කිරීමට බලය ඇත්තාය.

• الاعتقاد بأن للكواكب أثرًا في نزول المطر كُفْرٌ، وهو من عادات الجاهلية.
•වර්ෂාව පහළවීමේ දී තාරකාවලට බලපෑමක් ඇතැයි යන විශ්වාසය ප්රතික්ෂේප කිරීම. එය අඥාන යුගයේ පැවති චාරිත්රයකි.

اِنَّهٗ لَقُرْاٰنٌ كَرِیْمٌ ۟ۙ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලා වෙත පාරායනය කරනු ලැබූ අල් කුර්ආනය වනාහි එහි ඇති අතිමහත් ප්රයෝජන හේතුවෙන් එය ගෞරවනීය පාරායනයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ كِتٰبٍ مَّكْنُوْنٍ ۟ۙ
මිනිස් දෑසට නොපෙනන සේ ආරක්ෂා කරන ලද ලේඛනයෙහි විය. එය ‘ලව්හුල් මහ්ෆූල්’ හෙවත් ආරක්ෂක පුවරුවයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَّا یَمَسُّهٗۤ اِلَّا الْمُطَهَّرُوْنَ ۟ؕ
අඩුපාඩු හා පාපකම්වලින් පිවිතුරු මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු එය ස්පර්ශ කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
සියලු මැවීම්හි පරමාධිපති වෙතින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද්දකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَبِهٰذَا الْحَدِیْثِ اَنْتُمْ مُّدْهِنُوْنَ ۟ۙ
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! මෙම දිව්යමය වදන නුඹලා තහවුරු නොකරන, බොරු කරන්නන් ලෙස සිටින්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَجْعَلُوْنَ رِزْقَكُمْ اَنَّكُمْ تُكَذِّبُوْنَ ۟
අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදයන් සඳහා ඔහුට නුඹලා කරන කෘතවේදීත්වය සැබැවින්ම නුඹලා ඔහුව බොරු කරන්නක් බවට පත් කර ගත්තෙහුය. වර්ෂාව වෙනත් යම් දෙයකට ආරෝපණය කරමින් මේ හේතුවෙන් අපට වර්ෂාව ලැබුණි මේ නිසා අපට වර්ෂාව ලැබුණි යැයි නුඹලා පවසන්නෙහුද?.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَوْلَاۤ اِذَا بَلَغَتِ الْحُلْقُوْمَ ۟ۙ
ප්රාණය උගුරු දණ්ඩ දක්වා ලඟා වූ විට, එහි තත්ත්වය කෙසේ නම් විය හැකි ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَنْتُمْ حِیْنَىِٕذٍ تَنْظُرُوْنَ ۟ۙ
එම වේලාවෙහි නුඹලා අතර සම්මුඛ වන දෑ නුඹලා දැක ගන්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْكُمْ وَلٰكِنْ لَّا تُبْصِرُوْنَ ۟
අපගේ දැනුමෙන් අපගේ බලයෙන් හා අපගේ මලක්වරුන්ගෙන් අපි නුඹලා අතර මිය යන පුද්ගලයාට වඩාත් සමීපයෙන් සිටින්නෙමු. නමුත් නුඹලා එම මළක්වරුන් දකින්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَوْلَاۤ اِنْ كُنْتُمْ غَیْرَ مَدِیْنِیْنَ ۟ۙ
නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනැමීමට නුඹලා යළි අවදි කරනු නොලබන්නේ යැයි නුඹලා විශ්වාස කරන පරිදි නුඹලා සිටියේ නම්, තත්ත්වය කෙසේ නම් වනු ඇත් ද!
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَرْجِعُوْنَهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
නුඹලා සත්යවාදීන් නම් නුඹලා අතර මිය ගිය තැනැත්තාගෙන් බැහැර වූ ප්රාණය නුඹලා නැවත ගෙන එනු. එයට නුඹලා ශක්තිය නොදරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُقَرَّبِیْنَ ۟ۙ
මිය ගිය තැනැත්තා යහපත් දේ වෙත පෙරටුගාමීව කටයුතු කළවුන් අතරින් වී නම්,
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرَوْحٌ وَّرَیْحَانٌ ۙ۬— وَّجَنَّتُ نَعِیْمٍ ۟
ඉන් පසු ඔහුට වෙහෙසක් නැති සැනසුම ද යහපත් ආහාර ද ආශිර්වාදය ද ඇත. එමෙන්ම ඔහු කැමති පරිදි භුක්ති විඳින ස්වර්ග උයන් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّاۤ اِنْ كَانَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟ۙ
මිය ගිය තැනැත්තා දකුණු පස සගයින් අතරින් කෙනෙකු වී නම්, ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු නැත. හේතුව සැබැවින්ම ඔවුනට සැනසුම හා ආරක්ෂාව හිමිවන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَلٰمٌ لَّكَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟
මිය ගිය තැනැත්තා දකුණු පස සගයින් අතරින් කෙනෙකු වී නම්, ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු නැත. හේතුව සැබැවින්ම ඔවුනට සැනසුම හා ආරක්ෂාව හිමිවන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُكَذِّبِیْنَ الضَّآلِّیْنَ ۟ۙ
මිය ගිය තැනැත්තා, දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කොට; ඍජු මාර්ගයෙන් නොමග ගිය අයකු වී නම්,
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَنُزُلٌ مِّنْ حَمِیْمٍ ۟ۙ
ජලයෙන් පිළිගන්වනු ලබන ඔහුගේ සත්කාරය දැඩි උණුසුම් සහිත ලෝ දියයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّتَصْلِیَةُ جَحِیْمٍ ۟
නිරා ගින්නෙන් පිළිස්සීම ඔහු සතු වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذَا لَهُوَ حَقُّ الْیَقِیْنِ ۟ۚ
අහෝ දූතය! සැබැවින්ම නුඹ වෙත අප පවසා සිටි මේ කතාව කිසිදු සැකයකින් තොර ස්ථීර සත්ය කතාවකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠
එහෙයින් සර්වබලධාරියාණන් වූ නුඹේ පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු. සියලු අඩුපාඩුවලින් ඔහු ශුද්ධ කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
•‘සක්රාතුල් මව්ත්’ හෙවත් මරණ මංචකයේ බිහිසුණුකම හා එය වැළක්වීමට මිනිසාගේ නොහැකියාව.

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
•යම් කිසි ප්රඥාවක් හේතුවෙන් අල්ලාහ් අභිමත කළහොත් මිස මිනිසා විසින් මලක්වරුන් දැකිය නොහැකිවීම මූලික ධර්මතාවකි.

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
•(අල් අව්වල් -මූලාරම්භකයා, අල් ආකිර් -අවසානයා, අල් ළාහිර්- විද්යාමානයා, අල් බාතින් -අභ්යන්තරයා) යනාදී අල්ලාහ්ගේ නාමයන් අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමටත් බාහිර හා අභ්යන්තර කටයුතුවලදී ඔහු ගැන මතකයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යය කරයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ዋቂዓህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት