Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሐዲድ   አንቀጽ:
هُوَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ؕ— یَعْلَمُ مَا یَلِجُ فِی الْاَرْضِ وَمَا یَخْرُجُ مِنْهَا وَمَا یَنْزِلُ مِنَ السَّمَآءِ وَمَا یَعْرُجُ فِیْهَا ؕ— وَهُوَ مَعَكُمْ اَیْنَ مَا كُنْتُمْ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
දින හයකින් අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. එය ඉරු දින ආරම්භ වී සිකුරාදා දින අවසන් විය. ඇසි පිළි ගැසීමටත් වඩා අඩු කාලයකින් ඒ දෙක මවන්නට ඔහු බලය ඇත්තා විය. පසු ව ඉහළට ආරෝහණය වී ඔහුට ගැළපෙන පරිදි අර්ෂ් මත ඉහළින් ස්ථාපිත විය. මහපොළොවට ඇද හැළෙන වර්ෂාව, එහි සිටුවනු ලබන බීජ හා ඒ තුළට බසින දෑ එයින් හට ගන්නා භෝග, ඛණිජ හා වෙනත් දෑ අහසින් පහළ වන වර්ෂාව, දේව පණිවිඩ හා වෙනත් දෑ ඒ තුළට ආරෝහණය වන මලක්වරුන්, ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ප්රාණ යනාදී සියලු දෑ ගැන ඔහු දනී. අහෝ ජනයිනි! නුඹලා කොතැනක සිටියත් ඔහුගේ දැනුමෙන් ඔහු නුඹලා සමගම සිටී. නුඹලා අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟
අහස්හි ආධිපත්යයත් මහපොළොවේ ආධිපත්යයත් ඔහුට පමණක් සතුය. සියලු කරුණු නැවත හැරී යන්නේ ඔහු වෙතට පමණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් විනිශ්චයට භාජනය කොට ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ ؕ— وَهُوَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
දහවල මත රාත්රිය පිවිසෙන්නට ඉඩ හරියි. එවිට අඳුර පැමිණෙනු ඇත. මිනිසුන් නින්දට යනු ඇත. එමෙන්ම රාත්රිය මත දහවල පිවිසෙන්නට ඉඩ හරියි. එවිට ආලෝකය පැමිණෙනු ඇත. මිනිසුන් තම රාජකාරී කටයුතු වෙත පියනගති. තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ඔහු සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَاَنْفِقُوْا مِمَّا جَعَلَكُمْ مُّسْتَخْلَفِیْنَ فِیْهِ ؕ— فَالَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ وَاَنْفَقُوْا لَهُمْ اَجْرٌ كَبِیْرٌ ۟
නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරනු. අල්ලාහ් නුඹලාව නියෝජිතයින් බවට පත් කළ ධනයෙන් නුඹලා වියදම් කරනු. නුඹලාට ආගමානුගත කළ පරිදි එහි නුඹලා ගනුදෙනු කරනු. එහෙයින් නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට තම ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළවුන් වනාහි, ඔවුනට ඔහු අබියස අති මහත් තිළිණ ඇත. එය ස්වර්ග උයනයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا لَكُمْ لَا تُؤْمِنُوْنَ بِاللّٰهِ ۚ— وَالرَّسُوْلُ یَدْعُوْكُمْ لِتُؤْمِنُوْا بِرَبِّكُمْ وَقَدْ اَخَذَ مِیْثَاقَكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
නුඹලා දේව විශ්වාසීන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ව විශ්වාස කිරීමෙන් නුඹලාව වළක්වනුයේ කවර කරුණක් ද? නුඹලාගේ පරමාධිපතියාණන්ව නුඹලා විශ්වාස කරනු ඇතැයි යන යහපත් අපේක්ෂාවෙන් දූතයාණන් අල්ලාහ් වෙතට නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ පියවරුන්ගෙන් නුඹලාව පිට කරන අවස්ථාවේ නුඹලා ඔහුව විශ්වාස කරන මෙන් නුඹලාගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගෙන ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ یُنَزِّلُ عَلٰی عَبْدِهٖۤ اٰیٰتٍۢ بَیِّنٰتٍ لِّیُخْرِجَكُمْ مِّنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ ؕ— وَاِنَّ اللّٰهَ بِكُمْ لَرَءُوْفٌ رَّحِیْمٌ ۟
ඔහුගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැහැදිළි පාඨ පහළ කරනුයේ ඔහුය. එය දේව ප්රතික්ෂේපයේ හා අඥානකමේ අඳුරෙන් දේව විශ්වාසය හා දැනුමේ ආලෝකය වෙත නුඹලාව බැහැර කරනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් මඟපෙන්වන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු සේ නුඹලා වෙත එවූ අවස්ථාවේ සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණික හා දායලු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا لَكُمْ اَلَّا تُنْفِقُوْا فِیْ سَبِیْلِ اللّٰهِ وَلِلّٰهِ مِیْرَاثُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— لَا یَسْتَوِیْ مِنْكُمْ مَّنْ اَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقٰتَلَ ؕ— اُولٰٓىِٕكَ اَعْظَمُ دَرَجَةً مِّنَ الَّذِیْنَ اَنْفَقُوْا مِنْ بَعْدُ وَقَاتَلُوْاؕ— وَكُلًّا وَّعَدَ اللّٰهُ الْحُسْنٰی ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟۠
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් නුඹලාව වළක්වනුයේ කුමක් ද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ් සතුය. අහෝ දේව විශ්වාසී අයවලුනි! අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මක්කා ජයග්රහණයට පෙර ඔහුගේ මාර්ගයේ තම ධනය වියදම් කොට ඉස්ලාමයේ ජයග්රහණය උදෙසා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සමග සටන් කළවුන් වනාහි, මක්කා ජයග්රහණයට පසු වියදම් කොට දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කළවුන් සමඟ සමාන වන්නේ නැත. මක්කා ජයග්රහණයට පෙර වියදම් කොට අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් මක්කා ජයග්රහණයෙන් පසු ඔහුගේ මාර්ගයේ තම ධනය වියදම් කොට දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කළවුනට වඩා අල්ලාහ් අබියස තරාතිරමෙන් වඩාත් උසස්ය. නමුත් අල්ලාහ් ඔවුන් දෙපිරිසටම ස්වර්ගය හිමි බව ප්රතිඥා දී ඇත්තේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් අල්ලාහ්ට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ ذَا الَّذِیْ یُقْرِضُ اللّٰهَ قَرْضًا حَسَنًا فَیُضٰعِفَهٗ لَهٗ وَلَهٗۤ اَجْرٌ كَرِیْمٌ ۟
කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා තම සිතට එකඟව තම ධනයෙන් වියදම් කරන්නේ ද, ඔහු වියදම් කළ ධනය සඳහා කුසල් අල්ලාහ් ගුණ කර ඔහුට පිරිනමයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට ගෞරවණීය තිළිණයක් ඇත. එය ස්වර්ග උයනයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المال مال الله، والإنسان مُسْتَخْلَف فيه.
•ධනය යනු අල්ලාහ්ගේ සම්පතයි. මිනිසා එහි නියෝජිතයින් පමණයි.

• تفاوت درجات المؤمنين بحسب السبق إلى الإيمان وأعمال البر.
•දේව විශ්වාය වෙත පෙරටුගාමී වීම හා දැහැමි ක්රියාවන් අනුව දේව විශ්වාසීන්ගේ තරාතිරිම් එකිනෙක වෙනස්වනු ඇත.

• الإنفاق في سبيل الله سبب في بركة المال ونمائه.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම ධනය සමෘද්ධිමත් වීමට හා එහි වර්ධනය ඇති වීමට හේතුවක් වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሐዲድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት