የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (130) ምዕራፍ: ሱረቱ አል-አንዓም
یٰمَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اَلَمْ یَاْتِكُمْ رُسُلٌ مِّنْكُمْ یَقُصُّوْنَ عَلَیْكُمْ اٰیٰتِیْ وَیُنْذِرُوْنَكُمْ لِقَآءَ یَوْمِكُمْ هٰذَا ؕ— قَالُوْا شَهِدْنَا عَلٰۤی اَنْفُسِنَا وَغَرَّتْهُمُ الْحَیٰوةُ الدُّنْیَا وَشَهِدُوْا عَلٰۤی اَنْفُسِهِمْ اَنَّهُمْ كَانُوْا كٰفِرِیْنَ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුනට මෙසේ පවසන්නෙමු. අහෝ මිනිස් හා ජින් වර්ගයනි! ඔබේ වර්ගයා අතුරින් එනම් මිනිස් වර්ගයා අතුරින් පහළ කළ කුර්ආනය ඔබ වෙත පාරායනය කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන ඒ භයානක දිනයේ හමුව පිළිබඳ ඔබ ව බියවද්දන දේව දූතවරු ඔබ වෙත නොපැමිණියේද? එවිට ඔවුහු එසේය, සැබැවින්ම ඔබේ දූතවරුන් අපට දන්වා සිටි බවට අද දින අප විසින්ම පිළිගනිමු. එමෙන්ම මේ දිනයේ හමුව පිළිබඳත් අපි පිළිගනිමු. නමුත් අපි ඔබේ දූතවරුන් බොරු කර සිටියෙමු. මෙම දිනයේ හමුව පිළිබඳ බොරු කර සිටියෙමු. මෙලොව ජීවිතයේ ඇති නින්දිත අලංකාරය, ලස්සන, ආකාර්ෂණය හා සුව පහසුකම් ඔවුන් රවටා දැමීය. මෙලොව ජීවිතයේ තමන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කරමින් සිටි බව ඔවුන් පිළිගනිති. කාල අවකාශය හමාර වී ඇති බැවින් එම පිළිගැනීමත් විශ්වාසයත් ඔවුනට කිසිවිටෙක පල දෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سُنَّة الله في الضلال والهداية أنهما من عنده تعالى، أي بخلقه وإيجاده، وهما من فعل العبد باختياره بعد مشيئة الله.
නොමග යන්නට ඉඩ හැරීම හා යහමග යන්නට ඉඩ හැරීම අල්ලාහ්ගේ පිළිවෙතකි. සැබැවින්ම ඒ දෙකම උත්තරීතර අල්ලාහ්ගෙනි. එය බිහිකිරීමත් එය ඇති කිරීමත් ඔහු සතුය. අල්ලාහ්ගේ අභිමතයෙන් පසුව එය තෝරා ගැනීමේ නිදහස ගැත්තා සතු ක්රියාවලියකි.

• ولاية الله للمؤمنين بحسب أعمالهم الصالحة، فكلما زادت أعمالهم الصالحة زادت ولايته لهم والعكس.
දෙවියන් විශ්වාස කරන්නන්ගේ දැහැමි ක්රියාවන්ට අනුව ඔවුන්ගේ භාරකාරත්වය අල්ලාහ් දරනු ඇත. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් වැඩිවෙන සෑම අවස්ථාවකම ඔවුන් සතු වගකීම ඔහු වැඩි කරයි. එමෙන්ම එයට පටහැනිවද එසේම සිදු වනු ඇත.

• من سُنَّة الله أن يولي كل ظالم ظالمًا مثله، يدفعه إلى الشر ويحثه عليه، ويزهِّده في الخير وينفِّره عنه.
සෑම අපරාධකරුවකුටම ඔහු හා සමාන තවත් අපරාධකරුවෙක් භාර කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි. අයහපත වෙත ඔහු යොමු කොට එය සිදු කිරීමට ඔහු පොළඹවයි. යහපතින් ඔහුව දුරස් කොට එයින් ඔහු පලවා හරියි.

 
የይዘት ትርጉም አንቀጽ: (130) ምዕራፍ: ሱረቱ አል-አንዓም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት